~03~

ජල ලොව මහරජුගේ ඇස් තුළ ඔහුගේ මහජනයා වෙනුවෙන් ඇති කරුණාව දයාව වටහා ගත් රැජිනට අවශ්‍ය නොවුනද,ඔහුගේ පුතු මහරජුගේ පසෙකින් සිටින අයුරු මනස තුළ මැවීම වළකා ගත නොහැකි වුනා.හේතුවක් නොමැතිව.

"මහරජුන් මෙහි පැමිණෙනෙන්නේ කවදාද?" ටේහ්‍යුන් කුමරුන් විමසා සිටියේ රත් පැහැ ගැන්වෙන කම්මුල් යුග්මයත් සමගයි.ජොන් රජු පිළිබද ඇසූ ක්ෂනයේ සිට තමාට කුමක් සිදුවී ඇත්දැයි කුමරු වික්ෂිප්ත වුනා.

මේ තරම් කාලයකට ඔහුට ජන්කුක් රජුව එක්වරක් හෝ මුණගැසී තිබුනේ නැහැ.ඉදින් එක්වරක්වත් මුණ නොගැසුනු තමා පිළිබදව රජු අසා එවා ඇති දැනගත් මොහොතේ සිට ටේහ්‍යුන් කුමරුට දැනුනේ නොසන්සුන් බවක්.

එය ආලය නම් හැගීම...?

නැහැ. නැහැ.කුමක්ද මා මේ සිතන්නේ. සිතට නැගෙන නුහුරු සිතුවිලි යටපත් කරගැනීමට මෙන් හිස දෙපසට ගැසූ කුමරුන් පියවි සිහිය්ට ආවා.

ඔහුගේ දෙමාපියන් සමග ජීවිතාන්තය දක්වා සිටීමට අවශ්‍ය දැයි කවුරුන් හෝ විමසුවොත් පැකිලීමකින් තොරව කුමරුන් ඔව් යනුවෙන් පිළිතුරු දීමට තිබුනා.

එය සත්‍යක්.

නමුත් ඇතැම් විටෙක ඔහු තම අනාගත සහකරු සමග වාසය කරන අයුරු මනසින් මවාගන්නා බවද සත්‍යයක්.ඔහුත් සමග සයනයේ සුරතල් වන අයුරු,එක්ව උදෑසන ආහාරය ගන්නා අයුරු,කිසිවෙකුටත් ඔවුන්ව සොයාගත නොහැකි තැන්වලට ඔහු හා විනෝද ගමන් යන අයුරු,සොදුරු කුඩා පවුලක් ඇති කරගන්නා අයුරු...

සාමාන්‍ය හෙදර්වරයෙක් ලෙසටම.

සෑම හෙදර්වරයෙක්ටම මෙවන් සිහින තිබුනා.ඔහුටත් එය එලෙසම වුනා.
නමුත් ජොන් රජු , තම ලොවට සිටින විශාලම විරුද්ධවාදියා පිළිබද ඇසූ වෙලේ සිට එම සිතුවිලි තම මනස අරක් ගැනීම පිළිබදව නම් කුමරුන් තුළ තිබුනේ කැළඹුනු සිතුවිලි ගොන්නක්.

"ඔහුට ලබන සතියේ රිවි දින මෙහි පැමිණීමට නියමිතයි පැටියෝ.අපගේ වාර්ෂික අග්නි සැණකෙලියත් එම සතියේම යෙදී තිබෙන නිසා ඔහුට ඊටද සහභාගී විය හැකි බව අප දන්වා සිටියා."රැජිණ පැවසුවා.

"න්-නමුත් මෑණියනි ඔහු මාව කෙදිනකවත් දැක නැහැනේ.ඉතින් ක්-කොහොමද ඔහු...?"

කුමරුන්ගේ ප්‍රශ්නය ඇසූ රැජිණ සිනාසුනා.

"නෑ ඔබට වැරදී මැණික.වසර හයකට පෙර ඔහු අපේ රාජධානියට පැමිණියා.ඒ සමයේ ඔහු කුමරෙක් එමෙන්ම ඔවුන් පැමිණ සිටියේ දෙලොව අතර ඇති ගැටුම් පිළිබදව සාම සාකච්ඡාවක් සදහායි.එසමයෙහි එම සාකච්ඡා සාර්ථක වූයේ නැහැ.
එවිට ඔබට වයස පහළවක් වූවා මෙන්ම ඔහු පැමිණි දිනයේ ඔබ වැඩිවිය පත්වීම හේතුවෙන් සිටියේ නිවාස අඩස්සියේ රැදී සිටියා.එදින ඔහු කෙලෙසක හෝ ඔබව දැක ඇති හැඩයි. රැජිණ පැවසුවේ කුමරුන්ගේ දෙකොපුල් දීපතිමත්ව රත්පැහැ ගැන්වෙද්දියි.

TO BE CONTINUED

හායි හායි😘

ඔන්න අද එක😌🔥

ඉක්මනට ඉවර කරන්නත් ඕනේ මේක🙂💔💔💔

ඩ්‍රාෆ්ට් තියෙද්දි කසනවා වගේ😮‍💨💔

Unlimited dad jokes😂😂😂😂😂😂💔

වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස් 😚❤️

ටටා!
Stay safe ya'll
LYSM ❤️
~Fayette~

Bạn đang đọc truyện trên: AzTruyen.Top