~02~
ටේහ්‍යුන් කුමරුන් වුවද ඉතා විනය ගරුක මෙන්ම තම දෙමාපියන්ට දැඩිව ආදරය හා ගෞරව කරන කුමරෙකු වූවා.දෙමාපියන් වෙනුවෙන් ඔහුට නොකළ හැකි යමක් තිබුනේ නැහැ.
ඉදින් දැන්,මෙතෙක් කාලයකට බිහිවී ඇති බලවත්ම,මෙන්ම ශ්‍රේෂ්ඨතම ජලයට අධිපති වන ජන්කුක් අග්නි ලොව වෙත පැමිණෙන බවද,ඔහු ටේහ්‍යුන් කුමරු පිළිබදවද අසා එවා ඇති බව දේහියුන් රජු පවසද්දි කුමරුන් ඒ සදහා කුමක් පවසන්නද?
අග්නි ලොව හා නිටන්තරයෙන්ම සටන් වැදුනේ ජල ලොවයි. අග්නි රාජධානිය බලගතු වුවද,ඔවුන්ගේ මහා ගිනිදැල් නිවා දැමීමට ජල ලොවින් ආ එක් දිය බිදුවක් ප්‍රමාණවත් වූවා.
දෙලොව අතර සටන්වලින් මනුශ්‍ය ඝාතන සිදු නොවූවද දෙපිරිසම තම තමන්ගේ බලයන් අනෙකාට වඩා වැඩි කරගැනීම කෙරෙහි උනන්දු වූවා.ඔව්, ඔවුනොවුන් අතර පැවතුනේ ශීතල යුද්ධයක්.
තම ලොවට සිටින ප්‍රධානතම සතුරා මෙසේ එක්වරම තම රාජදානියට පැමිණෙන බවත්, ඔහු තමා පිළිබදවත් අසා ලිපියේ සදහනක් කර ඇති ඇති බව ඇසූ සැණින් ටේහ්‍යුන් කුමරු පුදුමයට පත්වූයේ එනිසායි.
නමුත් කුමරුන් තම දෙමාපියන්ව විශ්වාස කළා.ඔවුන් කරන කුමක් වුවද සිදුකරන්නේ තමාගේ හා අන් සැමගේ සුභසිද්ධිය උදෙසාම බව ඔහු දැන සිටියා.
"පුතනුවනි මා දන්නවා.මෙය අනපේක්ෂිත දෙයක්.මෑණියන් මෙන්ම මාද ඔහුගේ මේ හදිසි සංචාරය නිසාවෙන් විශ්මයට පත්වයි සිටින්නේ.ඔහු අපේ විරුද්ධ ලොවක අයෙක් බව මා දන්නවා.එනමුත් අප රාජදානිය හා වැඩිවශයෙන් ගැටුම් ඇති කරගත්තේ ජන්කුක් රජුගේ පියාණනුයි.ජන්කුක් බොහෝ සාමකාමී පුද්ගලයෙක්.ඇතැම් විට රාජදානි දෙක අතර සාමය ඇතිකිරීමට වුවමනා ඇති.එනිසයි මා ඔබගෙන් සහාය පතන්නේ." රජු පවසද්දි පසෙක සිටි රැජිණ හිස සලා එය අනුමත කළා.
කුමරුන් වෙත පැමිණි රැජින ඔහුගේ අතක් අල්වා ගත්තා.
"මහරජ ජන්කුක් ශ්‍රේෂ්ඨ රජෙක් ටේ...ඔහු හා අප අග්නි ලොව අතර ගැටුම් ඇතිවූ බව සත්‍යක්.නමුත් මෙසේ වසර ගණනාවකට පසු ජල ලොව පාලකයා අප හමුවට පැමිණෙද්දි අප ඔහුට ප්‍රියජනක ලෙස සැලකිය යුතුයි.ඔහු ඔබගේ අග්නි ශිල්පයන් දැකීමට ප්‍රිය බව ඔහුගේ හසුනේ විශේෂයෙන් සදහන් කර තිබුනා.එනිසා පියාණන් හට සහය වන්න ටේ.අපටත් අවශ්‍ය සාමයයි.ඔබට පියරජු හා එක්ව එය සිදු කළ හැකියි." මෘදු සිනහවකින් මුව සරසා ගත් රැජින සියුම් කටහඩකින් පැවසුවා.
රැජිණට එක් වරක් මහරජ ජොන්ව මුණගැසීමට අවස්තාවක් ලැබී තිබුනා.එනිසාම ඇයට කිව හැකි වූවා ඔහු ප්‍රියජනක හා සාමකාමී පුද්ගලයෙකු බව.ඔහු ඇත්තෙන්ම කඩවසම් මෙන්ම ප්‍රසන්න පෞරෂයකින් හිමි අයෙක්.
එමෙන්ම ජොන් රජු ටේහ්‍යුන් කුමරු තුළ විශේශෙන් විමසා බැලීම තුළ යම් ආකාරයට සැගවුනු අර්ථයක් ඇති බවත් ඇයට වැටහී තිබුනා.
ඇතැම් විට මහරජු තුළ කුමරුන් පිළිබදව යම් හැගීමක්වත්??...
සිතට නැගුනු සිතුවිල්ල පසෙකට කළ ඇය තීරණය කළා ඊට ඉඩ සලසා දීමට.
මන්ද එකිනෙකට සමාන ගතිගුණ දරන්නන්ට වඩා , එකිනෙකට විරුද්ධ ගතිගුණ දරන්නන් සෑමවිටෙකම එකිනෙකාට ගැලපුනා.
TO BE CONTINUED
ඔන්න දෙවනි එක😉
ආයි දෙන්නේ හෙට ඈ😁
නැත්තන් ඔයැයිලගේ කුතුහලය අවුසන්න බෑනේ😏🔥
මන් නනෝ.
වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස් 😘❤️
Stay safe ya'll
LYSM ❤️
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top