~04~
අවසානයේ ඒ දිනය එළඹුණා.එදින උදයේ සිටම ටේහ්‍යුන් කුමරුන් සිටියේ දැඩි නොසන්සුන් බවකින්.උදෑසනින්ම මැග්නෝලියා පෙති හා මුසු වූ උනුසුම් ජලයට බැස ගත් කුමරුන් දීර්ඝ වේලාවක් ස්නානය කළා.හෝරා දෙකක පමණ ස්නානයෙන් පසු කුටියට පැමිණි කුමරුන් ඇගලා ගැනීම සදහා වස්ත්‍රයක් සෙවීමට තවත් බොහෝ කාලයක් ගත කළා.
ඔහු අවසානයේ තෝරා ගත්තේ අතිශය අලංකාර වස්ත්‍රයක්.
එය ඇගලා ගන්නා අතරේම තමා මෙලෙස දැඩි වුවමනාවෙන් ජොන් රජුව පිළිගැනීමට සූදානම් වන්නේ මන්දැයි කුමරුන් කල්පනා කළා.
ඒ ඔහුට රජුගේ අවදානය දිනා ගැනීමට අවශ්‍ය නිසාද?
කවුරුන් ඒ පිළිබද දනීද?
"මගේ කුමරුනී,රැජිණිය ඔබතුමාට සූදානම් වන ලෙසට දැනුම් දෙන්නැයි පැවසුවා.ජල ලොව මහරජු සම්ප්‍රාප්ත වන හෝරාව එළඹිලා."කුමරුගේ පෞද්ගලික සේවිකාව වුනු අමීලියා පැවසුවේ ඉතා විනීත අන්දමින්.
එය ඇසූ කුමරුගේ හදගැස්ම වැඩි වුනා.මද වේලාවකින් තමන්වම සන්සුන් කරගත් කුමරුන් හිස සැලුවා.
වස්ත්‍රයන් ඇගලා ගත් පසු ඔහු කැඩපත ඉදිරියේ අසුන් ගත්තේ අමීලියා ඔහුව හැඩගැන්වීම ආරම්භ කරද්දියි.
ගිනිදැල් මෙන් නොයෙක් අතට කැරලි ගැසීගිය කුමරුගේ හිසකෙස් ප්‍රවේශමෙන් පීරූ සේවිකාව ඉන්පසු ඔහුගේ මුව හැඩගැන්වීම ආරම්භ කළා.විශාල වශයෙන් ආලේප ගැල්වීම ප්‍රිය නොකළ කුමරුන්ගේ මුහුණ සරල අන්දමින් ආලේපයන්ගෙන් හැඩ කළ ඇය තම කටයුත්ත අවසන් කළා.
එහි අවසානයේදී කුමරුන්ව අදහා ගත නොහැකි අයුරින් දිස් වුනා.
අග්නි පැහැයෙන් දිදුලන කළු පැහැ දෑස් මතට වැටුනු කෙහෙ රැලි නොඉවසිල්ලෙන් මෙන් එහා මෙහා සැලෙද්දී, කුමරුගේ කහ පැහැ ගත් වස්ත්‍රයන් ඒ නැටුමට එක්වුනා.ආලේපයන් නිසා මදක් රත් පැහැ ගත් දෙතොල් , නොදන්නා හැගීමක් නිසා උනුසුම් වී තිබූ කුමරුගේ දෙකොපුල් හා හොදින් ගැලපුනේ ඔහුගේ සුන්දරත්වය තව තවත් වැඩි කරමින්.
"මගේ කුමරුනී.එය අවසන්" කියූ අමීලියා පියවරක් පසුපසට ගියා.කැඩපත තුළින් තම ප්‍රතිබිම්බය දුටු ටේහ්‍යුන් එය හා සිනාසුනා.ඔහු ඇත්තෙන්ම සුන්දරව දිස් වුනා.
"ඔබට ස්තූතියි අමීලියා" කුමරු ස්තූති කරද්දි ආපිට ඔහුට ආචාර කළ අමීලියා කුටියෙන් පිටව ගියේ තම වස්ත්‍රයන් චලනය වන සේ කුමරුන් කැඩපත ඉදිරියේ වටයක් කැරකෙද්දි.
හේතුවක් නොදන්නවා වුවද ඔහුට සැබවින්ම කුල්මත් හැගීමක් ඇතිව තිබුනා.
මද වේලාවකට පසු රැජිනිය කුමරුන්ගේ කාමරයට පැමිණ තම පුතුන්ගේ පිටුපසින් සිට ගත්තා.ඇගේ හදවත ආදරයෙන් පිරී ගියේ තමා ඉදිරිපස සිටින තම සුන්දර පුතුන් දැකීමෙන්.
"ඔහ්! මගේ මැණික.ඔබ අද බොහෝම සුන්දරයි." පැවසූ රැජින කුමරුගේ හිස ආදරයෙන් සිප ගත්තා.
ලැජ්ජාවෙන් රතු වූ කුමරුන් තම හිස පහළට නමා එය සගවා ගත්තේ මව් රැජිණ ඔහුගේ හැසිරීම දෙස බලා සිනාසෙද්දි.
"ඔබ සූදානම් නේද පුතනුවනි.ජලාධිපති රජුන් ඉක්මනින් පැමිණේවී.පිය රජු පැවසුවා මට ඔබව කැදවාගෙන එන ලෙස."
ටේහ්‍යුන් කුමරු ඉක්මනින් තම හිස සැලුවේ කලිනුත් ඔහුට දැනුනු අපහසුතාවයක් මෙන්ම තිගැස්මක්ද ඇතිකරවන හැගීම නැවත වරක් ඔහුගේ සිත වෙළාගනිද්දියි.
කුමරුගේ අතින් අල්වා ගත් ඔහුගේ මව ඔහුත් සමග කුටියෙන් පිටතට ගියා.
TO BE CONTINUED
ඔන්න අදත් ඩබල් අප්ඩේට් 😌🔥
මොනා හරි දීගෙන යන්න ඉතිම්😌😌😌
කාස් එකේ බ්‍රේක් එක මැද්දේ ආවේ🙂💔
යන්නාම්😘❤️
වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස්
Stay safe ya'll
LYSM ❤️
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top