08
ජන්කුක් කීප පාරක් ටේහ්‍යුන්ට කෝල් කළා.
බලන් ඉදලා බැරිම තැන ටේහ්‍යුන්ගේ ගෙදරට ගියත් ආපහු එතනින් ආවේ ලොකු හදිස්සියකින්.
......................................................
"ප්ලීස් ටේ...අපි ස'ජරි එක කරමු.ප්ලීස් කැමති වෙන්න" ජිමින් පැවසුවේ ටේහ්‍යුන්ගේ අතක් අල්ලගනිමින්.
"සොරි චිමී.ඒක නම් කරන්න බැහැ.මට එයාගේ මතකයන් එක්ක ජීවත් වෙන්න බැරි නම් ඒ මතකයන් මාත් එක්කම වැළලුනාවේ.මට බැහැ ඒ මතකයන් ඒ හැගීම් නැතුව ජීවත් වෙන්න.ප්ලීස් මාව තේරුම්ගන්න උත්සහ කරන්න." උගුර හිරවෙවී ටේහ්‍යුන් අපහසුවෙන් කිව්වේ පියෝනි පෙති වැස්සක් වාතලයට මුදාහරිමින්.
ආරම්භයේදී පිරිසිදු සුදු පැහැයෙන් යුතුවූ පියෝනි පෙති මේ වනවිට ටේහ්‍යුන්ගේ රුධිරයෙන් පෝෂණය ලබා තනිකරම රත් පැහැ ගැන්වී තිබුණා.
"එහෙනම් කියන්න ටේ ඔයා කාටද ආදරය කරන්නේ ආහ්?" ජිමින් අසලම සිටගෙන දෑස්වල කදුලු පුරවගත් ජින් තම පෙම්වතා වූ නම්ජුන්ගේ දෑත් අතර දෑත් රදවාගෙන ඇසුවේ කදුලු කැටවලට අවසර නොදෙමින්.
එහෙත් ඊට පිළිතුරු නොදුන් ටේහ්‍යුන් කදුලු පිරුනු දෑසින් යුතුව හිස සලා අපහසුවෙන් සිනාසුනේත් , ඔහුගේ සිරුර මත මෙන්ම අවට සෑම තැනකම විසිරී තිබූ ක්‍රිම්සන් රතු පැහැති පියෝනි පෙති දසත විසිරී යන සේ ඔහු සිටි කාමරයේ දොර විවර වූයේත් එකම මොහොතක....
✿✼:*゚:.。..。.:*・゚゚・**・゚゚・*:.。..。.:*゚:*:✼✿
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top