07
"ටේහ්‍යුන්ගේ කියන්නේ මේක සෙරමනි එකට මොන මල් ජාතිය හොදයිද?"
"අපි බ්ලූබෙල් යූස් කරමු ජන්කුක්.තීම් එක බ්ලූ කල' නිසා මට හිතෙනවා ඒක ගැලපෙයි කියලා.අනික ඒක ගොඩක් චාම්"
"හොදයි.ඔයාට පුළුවන්ද අනිද්දා වෙද්දි මට මල් ටික ලෑස්ති කරලා දෙන්න."
"පුළුවන්.මේ පාර මගේ ගාඩ්න් එකේ බ්ලූබෙල් මල් ගොඩක් හැදිලා තිබ්බා" සිනාසෙමින් කී ටේහ්‍යුන් හිමින් සීරුවේ තම මුව වසා ගත්තේ කැස්සක් ආ නිසයි.
"ඒක නෙමේ ටේහ්‍යුන් මන් අහන්න හිටියේ.ඔයාට සනීප නැද්ද ? මේ ළගකදි ඉදන් ඔයා ටිකක් සුදුමැලි වෙලා" ජන්කුක් ඇසුවේ අවදානයෙන්.
"න්-නැහැ ජන්කුක්.මේ සීතල කාලේ මට ටිකක් දරාගන්න අමාරුයි.ඒක වෙන්න ඇති" පියෝනි පෙත්තක් උගුරේ සිරවෙද්දි ටේහ්‍යුන් අපහසුවෙන් මුමුනා ගත්තා.
එක්වරම කැස්සක් සමග ටේහ්‍යුන්ගේ මුවෙන් පිටවූ පියෝනි පෙති ජන්කුක්ගේ පාද අසළ බිම පතිත වුවා.
"කොහෙන්ද මේ පියෝනි පෙති ටේහ්‍යුන් ?" වටපිට බලමින් සිටි ජන්කුක් ඇසුවේ එක්වරම ගසාගෙන ආ පියෝනි පෙති දැක.
"ඔහ්-ඒ-ඒ ආහ් අර මන් බොකී එකක් හදන්න කියලා පියෝනීස් වගයක් ගෙනාවා ඒවගෙන් වෙන්න ඇති."බියට පත්වූ ටේහ්‍යුන් ගසමින් කිව්වා.
"හ්ම්ම්...මන් බැලුවා කොහෙන්ද කියලා.එහෙනම් මන් යන්නද ටේහ්‍යුන් "
"හොදයි.පරිස්සමින් යන්න ජන්කුක් ." ජන්කුක් පිටවෙනකන් බලන් හිටපු ටේහ්‍යුන් ඉක්මනින් නාන කාමරයට දුව ගියේ මග දිගට මුවින් පිටවූ , රුධිරයෙන් පෙගුනු පියෝනි පෙති දෙපයට පෑගෙද්දි.
✿✼:*゚:.。..。.:*・゚゚・**・゚゚・*:.。..。.:*゚:*:✼✿
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top