06

ඉද හිට දවසක ජන්කුක් පැමිණ ටේහ්‍යුන්ව හමුවී ගියා.
උත්සව අලංකරණ සමාගමක ප්‍රධානියා වුනු ඔහු නොයෙක් විට මල් සැකසුම් සදහා ටේහ්‍යුන්ගේ සහයද ලබා ගත්තා.

නමුත් කුඩා කලට වඩා කොපමණ මිත්‍රශීලී වුවත්,කොපමණ ළං වූවත් ජන්කුක් කෙරෙහි තම හැගීම් පවසා ගත නොහැකිවූ ටේහ්‍යුන් ඊට යත්න දැරුවේද නැහැ.

යම් යම් දේ පවසනා තමන් දෙස දිදුලන දෑසින් යුතුව බලා සිටින ජන්කුක්ගේ බැල්ම විටෙක ටේහ්‍යුන්ගේ නෙත ගැටුනත් තම හදවතේ වේදනාව ඔහු ඉදිරියේ පිට නොකළ ටේහ්‍යුන් ජන්කුක් පිටවූ සැණින් තම කාමරය වෙත දිව ගියේ මුව තුළ සිරවී පිටතට පැනීමට වෙර දරන පියෝනි පෙතිවලට ගිලිහී යාමට ඉඩ ලබා දීමටයි.

ටේහ්‍යුන්ගේ පෙනහළුවල රුධිරයෙන් පෝෂණය ලද පියෝනි ගස තව තවත් ශක්තිමත්ව හා සුන්දරව ටේහ්‍යුන්ගේ පෙනහළු මධ්‍යයේ වැඩෙද්දි , ඒ හා සමානව ටේහ්‍යුන් මදින් මද දුර්වල වීමට වූවා.

✿✼:*゚:.。..。.:*・゚゚・**・゚゚・*:.。..。.:*゚:*:✼✿ 

~Fayette~ 

Bạn đang đọc truyện trên: AzTruyen.Top