05
අනෙක් ආදරවන්තයින් තම ආදරවන්තයින් සමග සතුටින් ඒ රාත්‍රිය ගත කරද්දි තම කුඩා යහනේ ඇල වූ ටේහ්‍යුන්ගේ දෑස්වලින් උණුසුම් වූ කදුළු ගලා ගියා.
ඔව් ජන්කුක් ඔහුව හදුනගත්තා.
කුඩා කලදී මෙන් නොව ඔහු සමග හොදින් කතාබහ කළා.
නමුත් සියල්ල අවසානයේ යම් අයෙකු වෙනුවෙන් මල් කළඹක්ද මිලදී ගත්තා.ජන්කුක්ගේ මුවෙහි නැගී තිබූ සිනහව,ඔහුගේ ඇදුම් , ඔහු වෙතින් හමා ආ හද මනමත් කරවන පියෝනි සුවද , ජන්කුක්ගේ හද දැනටමත් යමෙකු සොරා ගෙන ඇති බව ටේහ්‍යුන්ට දැන්වූවා.
දුකින් මුත් ජන්කුක්ගේ සතුට වෙනුවෙන් තම දෑස් තුල කැටිවූ කදුළැලි දෑස් මධ්‍යයේම සිර කරගත් ටේහ්‍යුන් රාත්‍රිය වනතුරුම ඒවා සගවාගෙන සිටියා.
රැයෙහි ඇදට ගොඩවූ ටේහ්‍යුන් ඒ කදුළැලිවලින් තම දෑස් සෝදා හැරියත් ඔහුගේ තනියට කිසිවෙක් සිටියේ නැහැ.
ඔහු වටා වැටී තිබූ , සුළගට ගසාගෙන ගොස් තිබූ රුධිර බිදු තවරා ගත් සුවද හමනා පියෝනි පෙති හැරුනුකොට!
✿✼:*゚:.。..。.:*・゚゚・**・゚゚・*:.。..。.:*゚:*:✼✿
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top