04

ආදරවන්තයින්ගේ දිනය පුරාවට ටේහ්‍යුන් කාර්‍යබහුල වුනා.තම පෙම්වතියන් ,පෙම්වතුන් වෙනුවෙන් සියගණනක් පෙම්වතුන් පෙම්වතියන් ටේහ්‍යුන්ගෙන් මල් මිලදී ගැනීමට පැමිනියේ බ්‍රිස්ටල්වල සිටි හොදම හා දක්ශතම මල් සැකසුම්කරු ඔහු වූ නිසාවෙන්.

මල් සැකසීමේ මෙන්ම සේවකයින්ට උපදෙස් දීමේ යෙදී සිටි ටේහ්‍යුන් තිගැස්සුනේ වෙළදසල තුලට පැමිනි පුද්ගලයා දුටු විටයි.

වසර කීයක් ගත වූවත් ඔහුට ඒ දෑස් තදින්ම මතක තිබුනා.

ඔව් ඒ ඔහුයි.

මාස ගණනාවක් පුරාවට ටේහ්‍යුන්ගේ පියෝනි මල් ප්‍රතික්ෂේප කළ, වසර ගණනාවක් පුරා ටේහ්‍යුන්ගේ හද තුළ පැළවූ ආලය නමැති බීජයන්ගේ පූමාංගය මෙන්ම ජායාංගය ද වූ ඒ බීයජන්ගේ අවසාන ඵලය ලෙස ටේහ්‍යුන්ගේ පෙනහළු මධ්‍යයේ හටගත් පියෝනි ගසේ උරුමකරු වූද පුද්ගලයා ඔහුයි;

ජොන් ජන්කුක් !

✿✼:*゚:.。..。.:*・゚゚・**・゚゚・*:.。..。.:*゚:*:✼✿  

~Fayette~

Bạn đang đọc truyện trên: AzTruyen.Top