03
පියෝනි මලක රොන් බී බඩ පුරවාගෙන මල මතම නිදාසිටින කුඩා ලේඩිබග් කුරුමිනියාව ටේහ්‍යුන් ඇගිලි මතට ගත්තේ සතුටින් සිනාසෙමින්.
මුව වටා පරාග තවරාගෙන සිටි කුරුමිනියා සැප නින්දකට වැටී සිටියා.ඔහුගේ නින්දට බාදා නොවන පරිදි සෙමින් ඔහුව අසල තන පදුර මත සැතපවූ ටේහ්‍යුන් පියෝනි ගස් දෙස බැලුවේ පැරණි මතකයන් සිත තුල තම බීජ වපුරද්දී.
වසර දහයකට පසු තම සුදු පියෝනි ගසේ පුශ්පයක් හටගෙන තිබෙනු දුටු ටේහ්‍යුන්ගේ මුව විශ්මයෙන් විවර වුවත් ඒහා ක්ෂණයෙන් ඔහු තම ගෙල තදින් අල්ලා ගත්තේ උගුර සිරවෙනවාක් මෙන් දැනුනු නිසයි.
ආයාසයෙන් හුස්ම ගත් ඔහු එක්වරම කැස්සක් පිට කළා.නමුත් නොසිතූ ලෙස කැස්සත් සමග ඔහුගේ මුව තුළින් ආකර්ශනීය සුවදත් තවරාගත් සුදු පැහැ පියෝනි පෙති පිට වූයේ ටේහ්‍යුන් කදුළින් පිරුනු දෑසින් යුතුව සුදු පියෝනි ගස අසළ වාඩිවී මුහුණ සගවාගෙන හැඩුම් වළකන්නට උත්සහ කරද්දි.
ඔව්,ටේහ්‍යුන් වසර දහයක් පුරාවට තම සිත තුළ පැළ කළ ඒකපාර්ශ්වික ආදරයේ සිතුවිලි බීජ පියෝනි පැළයක් ලෙස උපත ලබා දළු ලා තිබුණා.
✿✼:*゚:.。..。.:*・゚゚・**・゚゚・*:.。..。.:*゚:*:✼✿
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top