8
ටේහ්‍යුන් හා ජන්කුක් නිතරම හමුවිය, තැබෑරුම්හලේදි මෙන්ම හඩ පුහුණුවීම් වලින් පසුවද. ඔවුන් දෙදෙනා මේ හමුවීම් කතාබහ සමග තව තවත් සමීප වන්නට විය.
ටේහ්‍යුන් හා සමීප වූ කාලයේ පටන් ඔහුගේ දෑස් සිපගැනීමට කදුළක් හෝ උත්සාහ නොදැරුවේය.
සෑම දිනකම පාසා ටේහ්‍යුන් ජන්කුක්ව හමුවූවද පෙර දින ඔහු ජන්කුක් හමුවීමට නොගියේය. ඔහුටවත් නොකියා ලබා ගත් නිවාඩු දිනයේ ටේහ්‍යුන් ජන්කුක්ට දුරකථන ඇමතුමක්වත් නොගත්තේය.
ඊළග දිනයේ උදෑසනම අවදි වූ ටේහ්‍යුන් රිබනයකින් සැරසූ කුඩා පෙට්ටියක් ද රැගෙන සැරසුණේ ජන්කුක්ගේ නිවස වෙත යාමට.
අවුල් වූ කොණ්ඩය ද සමග පැමිණි ජන්කුක් ටේහ්‍යුන්ව පිළිගත්තේය. ජන්කුක් හා සිනාවුණු ටේහ්‍යුන් ඔහුගේ ඇදෙන් ඉදගත්තේය. තම අතැතිව තිබූ බෑගයෙන් ගත් කුඩා පෙට්ටිය ටේහ්‍යුන් ජන්කුක්ට දුන්නේය.
" සුභ උපන්දිනයක් ජන්කුක් "
විශාල වූ දෑස් හා ජන්කුක් ටේහ්‍යුන් දෙස බලාසිටියේ ය.
" හ්‍යුන්ග් කොහොමද දැනගත්තේ "
" ඔයාගේ හයිස්කූල් රිපෝර් බුක් එකක තිබිලා දැක්කේ. ඕක ඇරලා බලන්න "
පෙට්ටිය ඔතා තිබූ ලා නිල් පාට කවරය ගැලවූ ජන්කුක් පෙට්ටිය විවෘත කළේය. එක වරම ටේහ්‍යුන් වෙතට යොමු වූ ඔහුගේ දෑස් පැවසූවේ ඔහු පුදුමයකට පත්ව ඇති බවයි.
" පොලරොයිඩ් කැමරාවක්. ඒත් හ්‍යුන්ග් ඇයි මේ තරම් වියදම් කළේ "
" ඒක මගෙ කැමැත්ත ජන්කුක්. ඔයා කැමති නිසයි මන් ඒක ගත්තේ "
ජන්කුක්ගේ දෑස් කදුළින් දිලිසුණි.
" ස්තුතියි හ්‍යුන්ග් "
ඔහු ටේහ්‍යුන්ව වැළදගත්තේය, ඔහුගේ උණුසුම. ඒ උණුසුමෙහි දැවටී සිටීමට ජන්කුක්ගේ සිත බොහෝ ඇලුම් කළේය.
ජන්කුක්ගේ උරහිසින් මෘදු ව අල්ලා ඔහුව වැළගැනීමෙන් ඈත් කළ ටේහ්‍යුන් ජන්කුක්ගේ රෝස පැහැ වූ කම්මුල් සිපගත්තේය. ජන්කුක්ගේ කම්මුල්වල රෝස පැහැය රත් පැහැයට හැරෙන්නට ඒ සිපගැනීම් බොහෝ දක්ෂ වූවා.
ජන්කුක්ගෙන් ඈත් වුණ ටේහ්‍යුන් ජන්කුක්ට කතා කළේය.
" ජන්කුක් ඔයා මේ ටිකේ වෝකල් ට්‍රේනින්වලට ගියේ නැද්ද. මට කෝච් කතා කරලා කිව්වා"
" නෑ හ්‍යුන්ග් "
" ඇයි ඒ ජන්කුක්. ඔයාගේ ඩෙබියුට් එකට තව තියෙන්නෙත් මාසයක් වගේ පොඩි කාලයක් නේ "
" ඒ කෝච් පොඩි වැරදීමකටත් ගහනවා හ්‍යුන්ග්. "
" ගහනවා .....මන් එයත් එක්ක කතා කරන්නම් කෝ. ඊළග දවසේ ඉදන් ප්‍රැක්ටිස් එමු හරිද "
" ඒත් හ්‍යුන්ග් "
" ඇයි ඒත් කියලා කිව්වේ ජන්කුක් "
ජන්කුක්ගේ ඇස් කදුළින් පිරෙන්නට ගත්තේය. ඔහු මේ දෙය ටේහ්‍යුන්ට පැවසීමට බලාපොරොත්තු වූවේය.
" හ්‍යුන්ග් එයා කවුරුත් නැතිවෙලාවට මට කරදර කරන්න හදනවා. මම හැම වෙලේම අනික් අයත් එක්කම හිටියේ එයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනා නිසා"
" ඇයි මැණික මට කලින් කිව්වේ නැත්තේ "
ටේහ්‍යුන් සිතින් තමාටම බැණගත්තේය. ඔහු ජන්කුක් පිළිබඳව නිසිලෙස සොයා නොබැලීම ගැන ඔහු බොහෝ පසුතැවිලි වන්නට විය. ජන්කුක්ව තම තුරුලට ගත් ටේහ්‍යුන් ඔහුගේ හිස සිපගත්තේය.
" මැණික ඔයාට මොනාහරි වුණාද. මට කියන්න. මට සමාවෙන්න ජන්කුක් "
" නෑ හ්‍යුන්ග්. මට හ්‍යුන්ග්ට මේ ගැන ඊයේ කියන්න හිටියේ. හ්‍යුන්ග් ආවේ නෑ"
" ඔයා ආයේ එතනට යන්නේ නෑ. මම හිතුවේ නෑ ඒ මිනිහා ඒ වගේ එකෙක් කියලා. ඔයා ඩෙබියුට් එකට අනිවාර්යයෙන්ම යනවා. මන් ඔයාව ප්‍රැක්ටිස් කරවන්නම්. මම ඔයාව අනිවාර්යයෙන්ම හොද තැනකට ගේනවා ජන්කුක් "
.
.
.
.
ටේහ්‍යුන්ගේ නිවස ඉදිරිපිට සිටගෙන සිටි ජන්කුක් නිවසේ විදුලි සීනුව නාද කළේය. විශාල දොර විවෘත කළ ටේහ්‍යුන් නිවසෙන් පිටතට පැමිණෙයේය.
" ඇතුළට එන්න ජන්කුක් "
ටේහ්‍යුන් පැවසූ පසු ජන්කුක් නිවසට ඇතුළු විය. සීතල ගැන්වුණු ටයිල් පොළව මත පියවර තබමින් ජන්කුක් ටේහ්‍යුන් පිටුපසින් ඇදුණේය.
විසිත්ත කාමරයේ කෙළවරක වූ විශාල වීදුරු කවුළුව අසල තිබූ පියානෝව ඉදිරියේ ඉදගත් ටේහ්‍යුන් ඔහුගේ දිගු ඇගිලිවලින් මිහිරි තාලයක් මවන්නට වූවේය.
ජන්කුක් ඔහු හා පුහුණු වීම ආරම්භ කළේය.
පෙර පුහුණුවීම්වලට වඩා ජන්කුක්ගේ සිත සෞම්‍ය බවකින් පිරි තිබුණේය. ටේහ්‍යුන් හා ගෙවන ඔහුගේ හැම මොහොතකම සැහැල්ලුව යන දැනීම ගැබ් ව තිබුණි.
.
.
.
හෝරාවක පමණ පුහුණුවීම් වලින් පසුව ටේහ්‍යුන් මුළුතැන්ගෙය වෙතට ගියේ ජන්කුක්ට හා ඔහුට කෝපි පානයක් රැගෙන ඒමටය. ඉදසිටි තැනින් නැගිටි ජන්කුක් පියානෝව ඉදිරියේ වූ වීදුරු කවුළුව වෙතට ළං වූයේය.
නාගරික පරිසරයක වූ නිවෙසක් වූවද කවුළුව පිටතින් පෙනුණේ හරිත වර්ණයෙන් පිරි විශාල ගස් කිහිපයකි. ගස් පේළියට ඉහළින් වර්ණ රටා ඇදි සවස් අහසද පැහැදිලිව දිස්විය. අඩවන් වන සේ විවෘත කර තිබූ කවුළුවක් අතරින් හමා ආ සුළගක් හා ගැටී අසල මේසයක වූ කාඩ්පත් කිහිපයක් බිමට වැටුණේය.
සුළගෙන් තැන තැන විසිරුණු කාඩ්පත් අහුලාගත් ජන්කුක් ඒ කාඩ්පත් නැවත මේසය උඩින් තැබුවේය. කවරයකින් පිටතට ආ එක් කාඩ්පතක් ජන්කුක්ගේ නෙත ගැටිණි.
" ජන්කුක් එන්න මේක බීලා ඉන්න"
උණුසුම් කෝපි පිරුණු කෝප්ප දෙකක්ද රැගෙන ටේහ්‍යුන් පැමිණියේ ය. අතෙහි වූ කාඩ්පත කලබලයෙන් මේසය මත තැබූ ජන්කුක් නැවත පියානෝව අසලට ගියේය.
ටේහ්‍යුන් දුන් කෝපි කෝප්පය අතටගත් ජන්කුක් ඔහු අසලින් ඉදගත්තේය.
" ජන්කුක් දන්නවාද බැලඩ්වලට ආදරය කරන අය අනිත් අයගෙන් ගොඩක් වෙනස් කියලා "
තමන්ගේ අනික් පසින් සෝෆාවේ හිදසිටි ජන්කුක්ගෙන් ටේහ්‍යුන් විමසුවේය. කෝපි පානය කරන ගමන් ජන්කුක් එයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ටේහ්‍යුන් දෙස බැලුවේය.
" එයාලාව පිටතට පේන්නේ ගොඩක් සන්සුන් අය විදියට. ඒත් ඇත්තටම එයාලාගේ හිත් ගොඩක් නොසන්සුන්. හරියට සෑඩ් බැලඩ් එකක ගෙතුණු වචන පේළියක් වගේ"
" හ්‍යුන්ග් නොසන්සුන් වෙලාද "
" ම්ම්ම් ඒ වගේ "
අත තිබූ කෝප්පය මේසය මතින් තැබූ ටේහ්‍යුන් ජන්කුක් දෙසට හැරුණේය.
" ජන්කුක් දන්නවාද මට ඔයාව හම්බවුණ දවසට වඩා අද ඔයා ගොඩක් ශක්තිමත්. ඔයා උත්සාහ කළා, ඒ වගේම ඔයාගේ උත්සාහය සාර්ථකයි. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ඩෙබියුට් එකෙන් පස්සෙත් ඔයා තවත් ශක්තිමත් වෙන්න ඕනා තේරුණාද ජන්කුක් "
ජන්කුක්ගේ කම්මුල් වටා මෘදු ව තම දෑත් යවා ටේහ්‍යුන් ඇසූ දෙයට ජන්කුක් හිස සොලවා පිළිතුරු දුන්නේය. ජන්කුක් වෙතට ළංවූ ටේහ්‍යුන් ජන්කුක්ගේ සිනිදු තොල් සිපගන්නට වූවා. දෑස් පියාගත් ජන්කුක් පළමු වතාවට සිපගැනීමට ප්‍රතිචාර දැක්වුවේය. ඔවුන් දෙදෙනාගේ තොල් මතින් වැයෙන ඒ රෝමාන්තික බැලඩ් ගීතය විනාඩි කිහිපයක් යනතුරු වැයෙන්නට විය.
.
.
.
" මේ හැමදේකටම ගොඩක් ස්තුතියි හ්‍යුන්ග් "
ටේහ්‍යුන්ගේ නිවසේ දොර අසලට පැමිණි ජන්කුක් ටේහ්‍යුන්ගේ රන් පැහැයට හුරු කම්මුලක් සිපගනිමින් පැවසුවේය. ටේහ්‍යුන්ට සමු දුන් ජන්කුක් අදුරු වූ රැයේ ඔහුගේ නිවස වෙත පියනැගුවේය.
.........................................................................................................
ඊයේ තව එකක් දෙන්න හිටියේ.....පබ්ලිෂ් වෙන්නේ නැතිව ගියා. මේකට මොනව වෙලාද මන්දා. ඩිලිට් කරලා ආයෙමත් install කළා.💔
ඊළග කොටසින් හමුවෙමු
stay safe lovelies
luv you 💜️
~ Chipissi ~
Bạn đang đọc truyện trên: AzTruyen.Top