7

උද්‍යානය පුරාම පිපී තිබුණු දම් හා නිල් පැහැ ලැවැන්ඩර් මල් වල සුවද මුළු උද්‍යානයම වෙලා ගෙන තිබුණි. ලා රතු , තැඹිලි , නිල් පැහැයෙන් වර්ණ මිශ්‍ර වූ අහසේ සැරිසරන කුඩා කුරුල්ලන් අහස තවත් හැඩ කරන්නට විය.

ජන්කුක්ගේ හා අත් පටලවා ගත් ටේහ්‍යුන් උද්‍යානයේ මදක් ඉදිරියට ඇදුණි.

" ජන්කුක් ඔයාගෙ අද දවස ගැන මොකද හිතන්නේ "

" ගොඩක් හොදයි හ්‍යුන්ග්. ලොකු කාලයකින් පස්සේ ලොකු සහනයක් "

" මටත් සතුටුයි ඔයාට එහෙම දැනෙන එක ගැන "

ජන්කුක් ටේහ්‍යුන් හා කුඩා මාවතක් දිගේ ඉදිරියට පියවර තැබුවේය.
මද නිහැඩියාවකින් පසු ටේහ්‍යුන් ඔහුගේ හඩ අවදි කළේය.

" ජන්කුක් මට කියන්න දෙයක් තියෙනවා "

" හ්‍යුන්ග් "

" මම ඔයාට කැමතියි ජන්කුක් "

ජන්කුක්ගේ දෑස් දීප්තියකින් දිලිසී ගියේය. ටේහ්‍යුන් ඔහුගේ සිත පැවසූ හැගීම ජන්කුක් වෙත පැවසීය.
හිතෙහි සිරකර තබාගන්නවාට වඩා එය පැවසීම සිතට සැහැල්ලුවක් බව ටේහ්‍යුන් දැන සිටියේ ය.

අල්ලා සිටි ජන්කුක්ගේ අතින් ජන්කුක්ව සෙමෙන් තමා දෙසට ළංකරගත් ටේහ්‍යුන් තම දිගු ඇගිලි ජන්කුක්ගේ කම්මුලක් වෙතට ගෙන ගියේය. ටේහ්‍යුන් තම ඇගිලි වලින් කම්මුල සියුම් ලෙස පිරිමදින විට ජන්කුක් තම දෑස් පියා ගත්තේ ටේහ්‍යුන්ගේ ඒ පිරිමැදීමට ඉඩ දෙමින්.

තම අතක් ජන්කුක්ගේ බෙල්ල වටා යැවූ ටේහ්‍යුන් ඔහුගේ සිනිදු දෙතොල් සිපගත්තේය. වසාගත් දෑසින්ම ජන්කුක් ඔහුගේ පළමු හාදුවේ අයිතිය ටේහ්‍යුන් හටම ලබාදුන්නේය.

ග්‍රීෂ්මයේ උණුසුමෙන් බැට කෑ ජන්කුක්ගේ ජීවිතය වසන්තය වෙත ගෙන යන්නාවූ මද සුළග ටේහ්‍යුන් ම විය. ගල් හැගෙන සීතලේ ඔහුට උණුසුම ගෙන ආ ආගන්තුකයා ටේහ්‍යුන් ම විය.
ජන්කුක් නෙතින් නොදැක සිතින් බලාපොරොත්තු වූ ඒ සැනසීම ටේහ්‍යුන්ම විය.

විනාඩි කිහිපයකට දිව ගිය ඒ සිනිදු සිපගැනීමෙන් ටේහ්‍යුන් ඈත් විය.
' සමාවෙන්න ' ටේහ්‍යුන්ගේ සිත මිමිණුවේය.

ජන්කුක් තම වසා සිටි දෑස් විවෘත කළේය. දීප්තිමත් දෑස්වලින් ටේහ්‍යුන් දෙස බලාසිටි ජන්කුක් සිනහවක් පෑවේය.
.

.

.

.

.

දුම්රියෙන් බැස ටේහ්‍යුන් හා ජන්කුක් ගියේ හඩ පුහුණුකරු හමුවීමට. ඔහු හා කතා කරගත් පරිදි ජන්කුක්ට ඊළග දිනයේ සිට පුහුණුවීම් වලට පැමිණෙන්න යැයි ඔහු පැවසුවේය.

ජන්කුක්ව ද ඇරලවා ටේහ්‍යුන් ඔහුගේ නිවස වෙත පිටත් විය. කාමරය වෙත ගිය ජන්කුක් වැසී තිබුණු කැන්වසය මතින් රෙදි කඩ ඉවත් කෙරුවේය. වර්ණයන් වෙලා ගත් පින්සල කැන්වසය මත තෙත් හාදු තියන්නට විය.

පින්සල මේසය මත තැබූ ජන්කුක් දුරකථනය අතට ගත්තේ මවට ඇමතුමක් ගැනීමටය.

" ඔව් ඔම්මා උල්සාන් ගිහින් එන ගමන් වෝකල් කෝච්ව හම්බවෙන්න ගියා "

" ඔම්මා "

" මන් හිතන්නේ මන් හොයපු කෙනාව මට හම්බවුණා "

" ඔව් ඔම්මා මටත් සතුටුයි "

" පරිස්සමෙන් ඉන්න ඔම්මා . සුභ රාත්‍රියක් "

කැන්වසය වේලෙන්නට හැර ජන්කුක් නින්දට වැටුණේය.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°•

රූපවාහිනී තිරයේ ඇදෙන රූප දෙස ටේහ්‍යුන් නෙත් යොමා සිටියද ඔහුගේ සිත සිටියේ ගැඹුරු කල්පනාවක කිමිදෙමින් ය.

අර්ථය සිත තුළටම කිදා බස්වන බැලඩ් ගීත, රොමාන්තිකත්වයෙක් පිරුණු බැලඩ් ගීත ඒ රොමාන්තික බව හදවතටම දැනෙන්නෙට සලස්වනවා. එය අසන්නන් හට උත්පාදනය කරන්නේ සොම්නසක්, ඒ රෝමාන්තිකය විදගැනීමට ආශාවක්.

සෑඩ් බැලඩ් එයට පරස්පරයකින් නිර්මාණය වූවකි. සෑඩ් බැලඩ් ගීතයක සිදුවීමක් අත්නොදැක්කා වූවද එහි පද පෙළ සිත්වල ඇති කරන්නේ වේදනාවක්.

බැලඩ් ගීතයක් දොම්නස් වූ කල්හි එය සිතේ හැගීම් අතරට එක් වන්නේ ඉතා සංවේදි ආකාරකිනි.

ටේහ්‍යුන් හට අවැසි වූයේ ඔහුගේම බැලඩ් ගීතයක් ජීවිතයට එක් කරගැනීමට.
එය සතුටු රෝමාන්තිකයක් වේදැයි දුක් බැලඩ් ගීතයක් වේදැයි නිතරම අසමින් ටේහ්‍යුන්ගේ සිත ඔහුව බියවද්දන්නට විය.

සාදාගත් කෝපි කෝප්පයක් සමග ඔහු කාමරයට පියවර තැබුවේය. උණුසුම් කෝපි පානයෙන් සිත සනහාලන්නට වූ ටේහ්‍යුන් ඔහුගේ දුරකථනයෙන් ගීයක් වැයෙන්නට ඉඩ හැරියේය.

You can't leave me
Don't go far away from me

Just one more day, just one more day, stay with me
The more I love you, the more it hurts
I long for your embrace

Even if it's a short encounter like the passing wind
I won't regret it

Like a thorn of ecstasy, you dig deep into me
And it keeps hurting me

Like a dream, once I wake up, it'll all disappear
It's sad, only hot tears flow down my cheeks

You can't leave me
Don't go far away from me

Just one more day, just one more day, stay with me
The more I love you, the more it hurts
I long for your embrace

Lalala lalala
Lalala lalalala

Only good memories remain deep in my heart
I keep thinking of them

Like a dream, once I wake up, it'll all disappear
It's sad, only hot tears flow down my cheeks

You can't leave me
Don't go far away from me

Just one more day, just one more day, stay with me
The more I love you, the more it hurts
Please hold me once more

Love is like a petal, it blooms then withers
I long for you
I miss you

I won't ever be able to say this again but I love you
Our love is like a flower petal

දුරකථනය ක්‍රියාවිරහිත කළ ටේහ්‍යුන් නින්දට වැටුණේ ය.

............................................................................................................

boring boring නේ...........

Love is like a petal - by ~ Hong Jinyoung
මේක තමා ටේහ්‍යුන් අහපු සින්දුව. කැමති අය අහලා බලන්න.

ඔයාලට අද තව අප්ඩේට් එකක් ඕනද
හැබැයි තව චැප්ටර්ස් තුනයි තියෙන්නේ

හරි එහෙනම් ඕනේ නෑනේ
හෙටම දෙන්නම් 😀

හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.
stay safe lovelies 💜️
luv you ❤️

මීට අදහස් නොලැබීමෙන් හාටුව දෙකඩ වී සිටින 💔
~ Chipissi ~

Bạn đang đọc truyện trên: AzTruyen.Top