6
හරිත වර්ණ, රත් වර්ණ රටාවන් උරුම කරගත් විශාල ගස් පෙළන් එක දිගටම දිස්විය. අතු පතර වලින් රිංගා එක හිරු කිරණන් දුම්රිය කවුළු අතරින් පැමිණියේ ය.
පළමු පන්තියේ පනවා ගත් ආසන වෙන්කරවා ගත් ටේහ්‍යුන් හා ජන්කුක් උල්සාන් වෙත ඇදෙන්නට විය.
දුම්රිය කාර්ය මණ්ඩල සේවකයෙකු සංග්‍රහ කළ උදෑසන ආහාරයෙන් පසු ටේහ්‍යුන් නින්දට වැටුණේ උල්සාන් දක්වා තවත් බොහෝ දුරක් යාමට තිබූ හෙයිනි.
වටපිට බැලූ ජන්කුක්ට දකින්නට ලැබුණේ මිල අධික අනර්ඝ ඇදුම් පැළදුම් වලින් සැරසුණු පිරිස් ය.
ඔහු ඇද සිටි කළු පැහැ හූඩිය ඔහු සතු වූ හොදම ඇදුම විය.
ඔවුන් හා තමාව සසදන විට අපහසුතාවක් ඇති වුවද ඔහු ටේහ්‍යුන් හා සිටින විට එවැන්නක් නොදැනෙන්නේ ඇයි දැයි ඔහුට විශ්මයක් විය.
නින්දට වැටුණු ටේහ්‍යුන්ගේ තද දුඹුරු පැහැ කෙහෙරැලි ඔහුගේ නළල සිපගත්තේය. දිගු ඇස්පිහාටු ඔහුගේ කම්මුල් හා සංවාදයක යෙදී සිටියේය.
සුන්දරත්වය අර්ථ දක්වනවා නම් ඒ ටේහ්‍යුන්ම විය. ජන්කුක් ටේහ්‍යුන් දෙස බලා සිටියේ වශී වූවෙක් මෙන් ය.
මවගෙන් පසුව මෙතරම් කාලයකට ඔහුට සමීප වූයේ ටේහ්‍යුන් පමණි. ටේහ්‍යුන් වැන්නෙක් හා සමීප විමට ලැබීම ගැන ජන්කුක් බොහෝ සතුටට පත්විය.
ඔහුගේ නිහතමානී බවට ජන්කුක් බොහෝ ගරු කළේය. වැටෙන මොහොතකදී නැගිටවන, සිත සනසන බස් ඇති, ටේහ්‍යුන් ජන්කුක් සෙවූ කෙනාම විය.
එහෙත් ඔහු එය පිළිගනී ද....ඔහුගේ සිත ජන්කුක් හා වාද කරන්නට විය.
ආසනයේ හිස තබාගත් ජන්කුක්ද නින්දට වැටුණි.
.
.
.
.
ටේහ්‍යුන් අවදි වන විට ජන්කුක් නින්දේ පසු වූවෙව් ය. ජන්කුක්ගේ හිස ටේහ්‍යුන්ගේ උරහිස මත වැටී තිබුණි.ඔහුගේ නින්දට ඉඩ හැරිය ටේහ්‍යුන් තම පොලරොයිඩ් කැමරාව අතට ගත්තේය.
ඔහු කැමරාවෙන් නිදාසිටි ජන්කුක්ගේ පින්තූරයක් ගත්තේ ඔහු සමග ගත කරන මේ මතකයන් ආරක්ෂා කරගැනීමට වූ උවමනාවෙන් ය.
කැමරාවෙන් පිටතට පැමිණි පින්තූරය දෙස බලා සිටි ටේහ්‍යුන්ගේ මුව සිනහවක් නැහැවී ගියේ ඔහුටත් නොදැනිවමය.
ඒ ඡායාරූපය ප්‍රවේශමෙන් ඔහුගේ පසුම්බියෙහි තැන්පත් කළ ටේහ්‍යුන් දුම්රිය කවුළුවෙන් එහා පෙනෙන පරිසරයේ දසුන් කැමරා කාචයට හසුකරගන්නට විය.
පියවුණ දෑස් හෙමින් විවෘත කළ ජන්කුක් තිගැස්සී ඔහුගේ හිස එසවූයේ ඔහු නිදාගෙන සිටියේ ටේහ්‍යුන්ගේ උරහිස මත බව වැටහුණු නිසාය.
" සමාවෙන්න හ්‍යුන්ග් "
" ඒකට කමක් නෑ ජන්කුක්. හොදට නිදාගත්තද "
" හ්හ්ම්ම් "
ටේහ්‍යුන්ගේ වදන ජන්කුක් වෙත සතුටක් ගෙන ආවේය. ජන්කුක්ගේ පිරුණු කම්මුල් රෝස පැහැ ගැන්වී තිබුණේ ඔහුට ඇතිවූ ලැජ්ජාව නිසාවෙනි.
" මේ පොලරොයිඩ් කැමරාවක් නේද "
" ඔව්. ඔයා කැමතිද "
ජන්කුක් සිනහ වී ඔහුගේ හිස වැනුවේ පිළිතුරක් වශයෙනි.
" එහෙනම් පින්තූරයක් අරන් බලන්න. "
ටේහ්‍යුන් ඔහු අතැතිව තිබූ කැමරාව ජන්කුක් වෙත දිගු කළේය.
තම අතට ගත් කැමරාවෙන් ජන්කුක් පින්තූරයක් ගත්තේය. කැමරාවෙන් මුද්‍රණය වී පැමිණි පින්තූරය ජන්කුක් ඔහුගේ සියුමැලි ඇගිලිවලින් අල්ලාගත්තේය.

" හ්‍යුන්ග් මන් මේ පින්තූරය තියාගන්නද "
" අහන්න දෙයක් ද. තියාගන්න "
ටේහ්‍යුන් ජන්කුක්ට සිනහවක් පෑවේය. සිනහවකට හැරුණු ස්තුතියක් ජන්කුක් ටේහ්‍යුන් වෙතට සංග්‍රහ කළේය.
තම අතැගිලි වලින් ගත් පොලරොයිඩ් පින්තූරය ජන්කුක් ඔහුගේ බෑගයේ වූ පොතක පිටු අතරින් තැබුවේය.
" මන් ළගත් කැමරාවක් තියෙනවා. ඒත් ඊට වඩා මේ පොලරොයිඩ් පින්තූර ගොඩක් ලස්සනයි "
" ඒක ඇත්ත. මතකයන්වලට ගැළපෙන්නේ ම පොලරොයිඩ් කැමරාවක් "
ජන්කුක් හා ටේහ්‍යුන්ගේ කතා බහ අතරේම ඔවුන් උල්සාන නැවතුම වෙතට ළගා වූවේය. දුම්රියෙන් බැස ගත් ඔවුන් බසයක් නැගී වයලීන සාදන්නාගේ නිවෙස වෙත ගමන් කළේය.
ලා පාට දැවයෙන් තනා තිබූ වයලීන සාදන්නාගේ කුඩා කඩය තුළද ටේහ්‍යුන් ජන්කුක් ද සමග ඇතුළු විය. එහි බිත්තිවල විවිධ ප්‍රමාණයේ වයලීන් රදවා තිබුණේය.
" ඔහ් ටේහ්‍යුන් ඔයා කලින්ම ඇවිත් නේ "
ඇතුළත සිට පැමිණි වයලීන නිර්මාණයකරුවා සුහද කතා බහකින් ටේහ්‍යුන්ව පිළිගත්තේය.
" ඔව් නම්ජුන් හ්‍යුන්ග්. උදෙන්ම සෝල්වලින් පිටත් වුණා. "
" එහෙමද.....කවුද මේ හුරතල් කොල්ලා "
ජන්කුක් වෙත සිනහවක් දුන් නම්ජුන් ටේහ්‍යුන්ගෙන් විමසීය.
" මගේ සමීපතම කෙනෙක් "
ටේහ්‍යුන් වෙත කටකොනින් සිනහ වී නැවත ඇතුළට ගිය නම්ජුන් පැමිණියේ වයලීනයක් ද අතැතිවයි. ඈත සිටම දිස්නයෙන් බැබලුණු එහි තද දුඹුරු පැහැයෙන් මල් රටා පින්තාරු කර තිබුණි.
" මෙන්න ටේහ්‍යුන් වයලීන් එක, ඔයා කියපු විදියට ම "
" ගොඩක් ස්තුතියි නම්ජුන් හ්‍යුන්ග්. මම හිතුවාටත් වඩා ඔයා හොදටම කරලා "
ටේහ්‍යුන් තම දිගු දෑගිලි වලින් වයලීන ස්පර්ශ කරමින් නම්ජුන්ට පැවසුවේය.
" ඕක මොකක්ද ටේහ්‍යුන් "
" හ්‍යුන්ග් කෝ ජින් හ්‍යුන්ග්. පැටියා ලැබුණට පස්සේ බලන්න ආවට පස්සේ ආයෙ එන්නත් බැරි වුණා නේ "
" ජින් ගෙදර ටේහ්‍යුන්. පැටියාගෙ දග වැඩ මෙතන පාලනය කරන්න අමාරුයි."
නම්ජුන් සිනහ මුසු මුහුණකින් යුතුව ටේහ්‍යුන්ට පැවසුවේය. ටේහ්‍යුන් සමග සිටි ජන්කුක්ගේ මුවට සිනහවක් ආවේ නම්ජුන්ගේ පැවසීමය.
" ජින් හ්‍යුන්ග්ව මතක් කළා කියන්න. අපි යන්නම් හ්‍යුන්ග්. මේ උදව්වට ගොඩක් ස්තුතියි "
" දැන් ම යනවාද ටේහ්‍යුන්. අපේ ගෙදරට ගිහින් ටිකක් වෙලා ඉදිමු "
" බෑ හ්‍යුන්ග්. පරක්කු වුණොත් යද්දී ගොඩක් රෑ වෙන්න පුළුවන් "
" හරි එහෙනම් ටේහ්‍යුන්. දෙන්නා පරිස්සමෙන් යන්න "
ටේහ්‍යුන් නම්ජුන්ට සමු දී පිටත් වූයේ සෝල් වලදී ජන්කුක්ව හඩ පුහුණුකරුවෙකුට හදුන්වාදීමේ අදහසද සිතේ තිබුණු නිසාය.
.
.
ජන්කුක් හා පැමිණි ටේහ්‍යුන් කුඩා ආපනශාලවක් වෙත ගොඩ වී ආහාර ගත්තේය.
යම් වේලාවක් ඉතිරිව තිබූ හෙයින් ටේහ්‍යුන් ජන්කුක් හා ගියේ කුඩා මාවත් වලින් පිරුණු උද්‍යානයක් වෙතට.

උද්‍යානය පුරාම පිපී තිබුණු දම් හා නිල් පැහැ ලැවැන්ඩර් මල් වල සුවද මුළු උද්‍යානයම වෙලා ගෙන තිබුණි. ලා රතු , තැඹිලි , නිල් පැහැයෙන් වර්ණ මිශ්‍ර වූ අහසේ සැරිසරන කුඩා කුරුල්ලන් අහස තවත් හැඩ කරන්නට විය.
ජන්කුක්ගේ හා අත් පටලවා ගත් ටේහ්‍යුන් උද්‍යානයේ මදක් ඉදිරියට ඇදුණි.
" ජන්කුක් මට දෙයක් කියන්න තියෙනවා "
............................................................................................................
මම දැනුයි දැක්කේ😭😭😭😭😭😭😭
මේක Ballad ranking #1 වෙලා💜️💜️💜️💜️💜️
කියවන වෝට් කමෙන්ට් කරන නොකරන හැමදෙනෙක්ටම ගොඩක් ස්තුතියි 😘😘😘😘😘💜️💜️💜️💜️💜️

ටිකක් පරක්කු වුණා නේද 😅
මන් චූටි වැඩක් කර කර හිටියේ
ටිකක් අවුල්
ඒත් තෑග්ගක් කියලා හිතාගන්න 😀
මෙන්න 😘

ඊළග චැප්ටර් එකෙන් හමුවෙමු. බායි 👋👋💜️
stay safe lovelies
luv you 💜️
~ Chipissi ~
Bạn đang đọc truyện trên: AzTruyen.Top