9
මාස 11කට පසු
. . . . . . . . . . . . . . . . . . . .
මීට මාස දහයකට පෙර පැවැත්වූ ජන්කුක්ගේ ඩෙබියුට් එකෙන් පසු ජන්කුක් සෝලෝ ආර්ටිස් කෙනෙක් විදියට තම සංගීත ජීවිතය ආරම්භ කළේය. ඔහු ඔහුගේ පළමු ගීතය ලෙස රිලීස් කළ still with you ගීතය ලොව පුරාම ප්‍රසිද්ධයට පත් විය.
ඉතාමත් කුඩා කාලයකින් ජාත්‍යන්තරයේම ආදරය දිනාගත් ජන්කුක්ට අද විශේෂ දිනයක් විය. ලාබාලතම ගායකයා වෙත ලබාදෙන ජනාධිපති සම්මාන උත්සවය බොහෝ උත්කර්ෂ ලෙස සංවිධානය කර තිබුණි.
ටේහ්‍යුන් හා ජන්කුක් ඔහුගේ කාර්ය මණඩලයේ වාහනයක නැගී සම්මාන උත්සවය වෙත පැමිණෙමින් සිටියේ ය.
" හ්‍යුන්ග් මන් කලබල වෙලා "
එක් අතක්ද තම පපුවෙහි තබා ගෙන උත්සවය වෙත ඇදෙන වාහන දෙස බලමින් ජන්කුක් ටේහ්‍යුන්ට පැවසීය.
" කලබල වෙන්නේ මොකටද ජන්කුක්. මේ ඔයාගේ පළවෙනි අවෝර්ඩ් සරමනි එක නෙවෙයි නේ "
ටේහ්‍යුන් සිනහවක් ද සමගින් එසේ පැවසූවේ ජන්කුක්ව සැනසීමේ බලාපොරොත්තුවෙන්. මද වේලාවකින් පසු ඔවුන් සම්මාන උත්සවය පවත්වන ශාලාව වෙත පැමිණියහ.
.
.
.
.
' මේ වසරේ ලාබාලතම ගායකයා ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන්නේ ජොන් ජන්කුක් !!!"
ශාලාවම වෙලාගත් අත්පොළසන් හඩවල් හා ප්‍රීතිඝෝෂාවන් අතරින් ජන්කුක් වේදිකාව වෙතට පිය නැගුවේය. ඔහු සැරසී සිටි කළු පැහැ කෝටය ඔහුගේ කඩවසම් බව වැඩි කරන්නට විය. සම්මානය ලබාගත් ජන්කුක් පනවා තිබූ මයික්‍රොෆෝනය වෙතට ගියේ ඔහුගේ කතාව පැවැත්වීමට.
" මුලින් ම මේ සම්මානය වෙනුවෙන් ස්තුති කරන්න ඕන විශේෂ කෙනෙක් ඉන්නවා. ඇත්තටම එයා නැත්නම් අද මෙතන ජොන් ජන්කුක් කෙනෙක් නොහිටින්න තිබුණා.
කිම් ටේහ්‍යුන් , හ්‍යුන්ග් ඔයාට මගෙ මුළු හදවතින්ම ස්තුති කරනවා. මේ සම්මානයේ නියම අයිතිකාරයා තමයි හ්‍යුන්ග්. මම හැමදාමත් ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම මට ආදරය කරන මගේ ෆෑන්ඩම් එකටත් මන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ලබා දීම ගැන මන් ගොඩක් සතුටු වෙනවා. ස්තුතියි "
සම්මානයද අතැතිව වේදිකාවෙන් බැස ආ ජන්කුක් නැවත ටේහ්‍යුන් අසලින් හිදගත්තේය. සම්මාන පිරිනැමීම් කිහිපයකට පසුව උත්සාහ අවසන් විය.
.
.
ශාලාවේ ජන්කුක් සදහා වූ විවේකාගාරය වෙත පැමිණි ජන්කුක් ටේහ්‍යුන් හා කතා බහක යෙදී සිටියේය.
" හ්‍යුන්ග් ඇත්තටම හැමදාමත් ඔයාට ස්තුතියි මේ හැමදෙයකටම "
" හ්‍යුන්ග් ඔම්මාව බලන්න ඕනේ කිව්වා නේ. අද යමුද "
" යමු ජන්කුක්. මට අද වෙන වැඩකුත් නෑ "
.
.
පෙර ගරාවැටුණු නේවාසිකාගාර ගොඩනැගිල්ලක දිවිගෙවූ ජන්කුක් අද ඔහුගේම අනර්ඝ නිවසකට හිමිකම් කීවේය. ටේහ්‍යුන් හා නිවසට ඇතුළු වූ ජන්කුක් ඔහුගේ මවට කතා කර සිටියේය. මුළුතැන්ගෙයි සිට පැමිණි ජන්කුක්ගේ මව ටේහ්‍යුන්ව සුහද ලෙසින් පිළිගත්තේය.
" මගෙ ජන්කුක්ට ඔයා ලොකු හයියක් ටේහ්‍යුන්. හැමදාමත් ස්තුතියි පුතේ "
ඇගේ අතින් පිළියෙළ කළ රාත්‍රි ආහාරය පිළිගන්වමින් ජන්කුක් ගේ මව පැවසුවාය.
" අනේ ආන්ටි හැමදාම මාව අගය කරන්න එපා. ලැජ්ජ හිතෙනවා නේ"
ටේහ්‍යුන්ගේ හුරතල් හැසිරීම ජන්කුක්ටත් මවටත් සිනහවක් ගෙන ආවේය. රාත්‍රී ආහාරයෙන් පසුවද ටේහ්‍යුන් ජන්කුක් හා ඔහුගේ මව සමග ද බොහෝ වේලාවක් කතා බහේ රැදීසිටින්නට විය.
තම අත් ඔරලෝසුව දෙස බැලූ ටේහ්‍යුන් නිවසට යාමට සූදානම් වූයේ ඒ වන විටත් මධ්‍යම රාත්‍රිය පසු වී හෝරාවක් පමණ ගත් වී තිබූ නිසා.
ටේහ්‍යුන් සමග කාරය අසලටම පැමිණි ජන්කුක්ට මදක් නවතින්නැයි ටේහ්‍යුන් පැවසුවේය. තම සාක්කුවෙන් ගත් රිදී පැහැ කඩදාසි කවරක් ටේහ්‍යුන් ජන්කුක් වෙත දිගු කළේය.
" මන් ඔයාව බලාපොරොත්තු වෙනවා ජන්කුක් "
කඩදාසි කවරය විවෘත කළ ජන්කුක් එහි වූ කාඩ්පත පිටතට ගෙන කියෙව්වේය.
" අනිවාර්යයෙන්ම "
මුවේ ඇදුණු සිනහවක් සමග ජන්කුක් පැවසුවේය. ටේහ්‍යුන් ඔහුගේ සිනහවක් මේ මොහොතේදී බලාපොරොත්තු නොවීය. ඔහුගේ සිත බියෙන් පසු වූයේ ජන්කුක් මෙයට කෙසේ ප්‍රතිචාර දෙයිද යන චකිතයත් සමග.
" මේ ගැන කලින් දැනගෙන හිටියාද ජන්කුක් "
සිනහවකින් පිළිතුරු දෙමින් ජන්කුක් ඔහු අත තිබූ කාඩ්පත නැවත කවරය තුළට දැමුවේය. ටේහ්‍යුන්ගේ දෑස් පොළව වෙත හැරී තිබුණි. තමා පිළිබඳව මෙන්ම ජන්කුක් පිළිබඳව ද ටේහ්‍යුන් පසුතැවීමෙන් පසු වූවා.
" මට සමාවෙ"
ටේහ්‍යුන්ගේ රත් පැහැ තොල්මත නැවතුණු ජන්කුක්ගේ සියුමැලි ඇගිලි ඔහුගේ වදන හරස් කරන්නට විය. ටේහ්‍යුන්ගේ දෑස් හා බැදී සිටි ජන්කුක් ටේහ්‍යුන්ව තම තුරුලට ගත්තේය.
ටේහ්‍යුන් ජන්කුක්ගේ උණුසුම් තුරුලට වී කෙතරම් කාලයක් සිටියාද කියා ටේහ්‍යුන්ටවත් ජන්කුක්ටවත් නොතේරිණි.
............................................................................................................
මන් අද කතාව ඉවර කරනවා😀
අවසාන කොටසින් හමුවෙමු
Bạn đang đọc truyện trên: AzTruyen.Top