3
රාත්‍රී තැබෑරුම්හල ජනශුන්‍ය වීමට ඉඩකඩක් පැවතියේ වසරේම එක් දිනයක දී පමණි.
ඒ චුසෝක් දිනය. පවුලේ සතුට විදගන්නා ඒ දිනයේ තැබෑරුම්හල වෙතට පැමිණියේ තනිවූවන් පමණයි.
මේ වසරේ චුසෝක් දිනය.
පෙර අවුරුදු වලදී තම මිතුරා හා එක්ව චුසෝක් සමරන ටේහ්‍යුන් අද තැබෑරුම වෙත පැමිණ සිටියේ ජිමින් ඔහුගේ සැමියා වන යුන්ගි හා ජපන් සංචාරයකට ගොස් සිටි බැවිනි.
වෙනදා මෙන්ම කහ පැහැ ආලෝකයන් තැබෑරුම්හල පුරාම විහිදී තිබුණි. හමා යන සීතලේ උණුසුම සොයමින් වීදී වැදුණු පූසන් තිදෙනෙකු තැබෑරුම ඉදිරියේ වූ විශාල මල් පෝච්චිය අසලට ගුලි වී නින්දේ පසු වූවා.
වියෝවකින් කඩා හැලෙන කදුළු දරාගත් මැදි වයසේ පසු වූ මිනිසුන් දෙදෙනෙකු පමණක් තනිවූ මේස දෙකක සිට බියර් පානයකින් දුක නිවාගැනීමේ උත්සාහයක යෙදී සිටියහ.
පියානෝ , ගිටාර් වාදකයන් දෙදෙනා ද පැමිණ නොසිටියේය. සේවකයින් ද බොහෝ පිරිසක් නිවාඩු ලබා ගෙන තිබූහ.
වේදිකාවේ වූ පුටුවක ඉදසිටි ටේහ්‍යුන් එතැනින් නැගිට අසල වූ මේසයක් වෙත ගියේය. තම සාක්කුවට අත දමා එළියට ගත් ඔහුගේ දුරකථනයෙන් ඔහු මද ශබ්දයෙන් ගීයක් වැයෙන්නට ඉඩ හැරියේය.
ඔහු සේවකයෙකු හෝ පැමිණෙන තුරු හෝ බලා සිටියේ වයින් පානයක් රස විදීමේ බලාපොරොත්තුවෙනි.
මද වේලාවකින් සේවකයෙකු පැමිණෙයේය. ඔහු මේ දිනයේ ඔහුව බලාපොරොත්තු නොවීය. එහෙත් ඔහු මෙදින ද සේවයට පැමිණ සිටියේ ය.
ඔහුට අතින් සන් කළ ටේහ්‍යුන් ඔහුට තම ඇනවුම භාරදුන්නේය.
ඔහු අද සන්සුන් බවකින් පිරිලා. ටේහ්‍යුන් ඔහුගේ සිතට පැවසීය. වයින් බෝතලය රැගෙන නැවතත් ඔහු පැමිණියේ ය.
" මෙන්න සර් ඕඩර් කරපු වයින් එක "
" තැන්ක් යූ. "
ටේහ්‍යුන් පහළ කළ මද සිනහවට ඔහුද මද සිනහවකින් ප්‍රතිචාර දැක්වුවේය. ටේහ්‍යුන් මදක් ඔහු හා කතා කිරීමට අවශ්‍ය විය.
" චුසෝක් දවසේ නිවාඩු ගත්තේ නැද්ද "
" නැහැ සර්. තාම ඇවිල්ලා දවස් තුනයි. දැන්ම නිවාඩු ලැබෙන්නෙ නෑ "
ඔහු සිටගෙන සිටි තැනම සිට ටේහ්‍යුන්ට පිළිතුරු දුන්නේය. ඔහු සිටගෙන සිටීමත් තම ඉදගෙන සිටීමත් පිළිබඳව අපහසුතාවක් දැනුණු හෙයින් ටේහ්‍යුන් ඔහුට ටේහ්‍යුන් හා ඉදගැනීමට පැවසුවේය.
" ඒත් සර් එහෙම හරි නෑ නේද "
" නෑ ප්‍රශ්නයක් නෑ. ඔයා ඉදගන්න "
" ඒ වගේම මන් කැමතියි මට සර් කියලා නොකියනවා නම් "
අතැතිව වූ වයින් බෝතලයෙන් වීදුරුවට වයින් වත්කෙරෙන අතරතුර ටේහ්‍යුන් ඔහුට පැවසුවේය.
" මම ටේහ්‍යුන්. කිම් ටේහ්‍යුන්. වයස විසිහයයි "
ටේහ්‍යුන්ට ඉදිරියෙන් වූ පුටුවෙහි ඉදගත් ඔහු බිම බලාගෙන සිටියේ ඔහු නව පිරිස් ඉදිරියේ බොහෝ ලැජ්ජාශීලි අයෙකු වූ නිසාය.
" එතකොට ඔයා "
නිහඩ ඔහුගෙන් ටේහ්‍යුන් විමසීය.
" මම ජන්කුක්. අවුරුදු විස්සයි "
" ම්ම්...වයින් වීදුරුවක් බොනවද "
" නැහැ සර් මම වයින් බොන්නේ නෑ "
" ජන්කුක් මට සර් කියන්න එපා. ටේහ්‍යුන් හ්‍යුන්ග් කියලා කියන්න "
" හ..හරි..හ්.හ්‍යුන්ග් "
" එහෙනම් කොක්ටේල් එකක් "
" නෑ හ්‍යුන්ග් මොනවත් ඕනේ නෑ "
ටේහ්‍යුන් ඔහු හා බොහෝ වේලාවක් සංවාදයේ යෙදුණේය. එහෙත් ඔහු ඇසීමට බලාපොරොත්තුව සිටි කරුණ නොඇසුවේ තවමත් හදුනාගත්තා පමණක් වූ හෙයින්. සංවාදයෙන් ඔවුන් දෙදෙනා මදකට නිහඩ විය.
" බැලඩ් "
තම වයින් වීදුරුව කලතමින් සිටි ටේහ්‍යුන් ජන්කුක් දෙස බැලුවේය. ජන්කුක්ගේ දීප්තිමත් දෑස් පළමුවරම ටේහ්‍යුන් හා ගැටිණි.
" ඇයි බැලඩ් ගීත විතරක් කියන්නේ "
ජන්කුක්ගේ සිත තුළ නිතරම කැකෑරුණු කුතුහලය පිළිබඳව ඔහු ටේහ්‍යුන්ගෙන් විමසීය.
" බැලඩ්...ඒ නම අහද්දිත් නිවෙනවා වගේ දැනෙන්නෙ නැද්ද. කනට රිදුම් දෙන රොක් සංගීතයට වඩා, වේග රිද්ම ක්ලැසික්වලට වඩා බැලඩ් හරිම සෞම්‍යයි. ඒ වගේම මන් බැලඩ් වලට ගොඩක් ආදරය කරනවා "
ජන්කුක් හට පිළිතුරක් ලැබුණි. ටේහ්‍යුන් නිවැරදියි, බැලඩ් ගීතයක් වේග රිද්මයකට ගලා යන ජීවිතයට සෞම්‍ය නිදහසක් වාගෙයි. බොහෝ දෙනෙක් ඒ නිදහස සිතාමතාම මග හැරගන්නවා. එහෙත් බැලඩ් ගීතයන්ට ඇලුම් කරන්නන් හට එය දැනෙන්නේ වෙනස්ම ආකාරයකිනි.
ලැසි සංගීතය හා ගැයෙන කුඩා පද පෙළක වූව ද ගැඹුරු බව, එහි ගැබ්ව ඇති හැගීම අසන්නන්ගේ සිතේ ඇතුළාන්තය තෙක්ම රැගෙන යනවා. බැලඩ් වල තියෙන ඒ ඒ මොහොතට අනුව හැගීම් ඇති කරනවා. කෙටියෙන්ම බැලඩ් යනු වෙනස්ම වින්දනයක්.
" ඇයි ජන්කුක් මගෙන් එහෙම දෙයක් ඇහුවේ "
" මමත් බැලඩ් වලට ගොඩක් කැමතියි "
ටේහ්‍යුන් ජන්කුක් වෙත සිනහවක් පෑවේය. ඔහුද බැලඩ් ප්‍රියයෙක් වීම ටේහ්‍යුන් තුළ සතුටක් ඇති කළේය. එහෙත් දින දෙකකට පෙර හමුවූ ඔහු පිළිබඳව එසේ සතුටක් ඇති වන්නේ ඇයි දැයි ටේහ්‍යුන්ට පැනයක් විය.
" හ්‍යුන්ග් ඇයි චුසෝක් දවසේ තනියම "
ඒ ප්‍රශ්නය නොඅසන ලෙස ජන්කුක්ගේ සිත පැවසූවත් ඔහු චුසෝක් දිනයේ තනිවම සිටීමට හේතුව දැනගැනීමට ජන්කුක් අවැසි විය.
" මගේ පවුලේ අය ඉන්නේ පැරිස්වල. ඉතින් මම විතරයි සෝල්වල ඉන්නේ "
ජන්කුක්ට තවත් කිසිම දෙයක් ඇසීමට අවශ්‍ය නොවීය. හදුනාගෙන හෝරා දෙකක්වත් නොගිය අයෙකුගේ පෞද්ගලිකත්වය ගැන ඇසීම පිළිබඳව ජන්කුක් තුළ වූයේ අපහසුතාවයකි.
එතැනින් නැගිටි ජන්කුක් ටේහ්‍යුන් ආචාර කළේ යාමට බලාපොරොත්තුවෙන්.
" කතාබහ කරන්න ලැබුණු එක ගැන සතුටුයි ජන්කුක් "
කතා බස් කිහිපයකට ජන්කුක්ට ලැබුණු පළමු ප්‍රතිචාරය. එය ඔහුව සතුටින් පිරෙව්වේය. කුඩා වේලාවකට වූවත් කතාබහකින් ටේහ්‍යුන්ට සමීප වීම ගැන ජන්කුක්ගේ සිත සතුටු විය.
" මටත් සතුටුයි හ්‍යුන්ග් "
" අපිට හැමදාමත් වගේ හමුවෙන්න පුළුවන් වෙයි නේ "
" ඔව් හ්‍යුන්ග් "
ජන්කුක් එතැනින් පිටවූයේ ය. ගීතයක් රස විදීමට කවුරුත් නොවුණු බැවින් ටේහ්‍යුන් ද නිවෙස වෙත පිය නැගුවේය.
.
.
.
සීතල සුළං මුළු පරිසරයම වෙලා ගෙන තිබුණි. ඇදට වැටුණු ටේහ්‍යුන් විනාඩි කිහිපයක්ම සිතුවේ ජන්කුක් හා ගත කළ මොහොත පිළිබඳව. ආගන්තුකයෙකු වුවද ටේහ්‍යුන්ගේ ජීවිතයට ඔහු කැපී පෙනෙන අයෙක් වන්නේ ඇයි දැයි ඔහුට දැන ගැනීමට උවමනා විය.
කල්පනාවන් අතරේ ඔහු නොදැනිම නින්දට පිවිසීණේය.
……………………………………………………………………………………………
ඔයාලා බැලඩ් ගැන දන්නවා නේද...
Ballad is a
any light, simple song, especially one of sentimental or romantic character, having two or more stanzas all sung to the same melody.
Eg : The truth untold
Film out
Blue & Grey
You are the reason - Calum Scott -
If the world was ending - JP Saxe and Julia Michaels-
මේ වගේ ඒවා.
අදහස් කියාගෙන යන්න 💜
හැමෝම පරිස්සමෙන් ඉන්න
stay safe lovelies
luv you 💜️
~ Chipissi ~
Bạn đang đọc truyện trên: AzTruyen.Top