2
අන්ධකාරය ඇලුම් කරන තාවකාලික නවාතැනක්. තැන තැන දැමූ හිස් බීම කෑන් වලින් හැඩිවුණ බිම. පොඩි වී ගිය ඇදුම් හා ඇද ඇතිරිලි. එක අතකින් බිම රටා අදිමින් ඇදේ දිගාවී සිටි ඔහුගේ කදුළුවලින් ඇද ඇතිරිල්ල පෙගී තිබුණි. තනිකම තුරුල් කරගත් කදුළු බිදු, එහෙත් ඔහුගේ දෑස් දීප්තිමත් ය.
ඔහු තවමත් පෙර හැද සිටි ඇදුමෙන් ය.
මුදල් සොයාගැනීමට අවශ්‍යතාවෙන් තම මවද ඉන්චොන් හි තනිකර සෝල් නගරයට ආ ඔහු ජන්කුක් නම් විය. ළපටි බව අර්ථ දැක්වීමට මේ විසි වියැති තරුණයා හොදම උපහැරණයක් විය. එහෙත් එහි පිටුපස වූ පරිණත වීමට උත්සාහය දරන තරුණයා ගැන දැනසිටියේ ඔහුම පමණි.
ඔහු වෛර කළේය, තනිකම යන වචනයට, ඒ හැගීමට.
එහෙත් තනිකම ඔහුට ආගන්තුක දෙයක් නොවීය. ඔහුගේ දිලිසෙන කදුළු කැට නිතරම සෙවූයේ සවන් දෙන්නෙක්, ඔහුගේ හැගීම් බෙදාගැනීමට.
ඔහු නිතරම තම සිත හා කතා කරන්නේ ඔහුගේ දුක තුනී කරගැනීමටය. එහෙත් එයින් සිදුවූයේ තනිකමෙන් තුවාල වුණු ඔහුගේ හැගීම තවත් පෑරීම පමණයි.
නව සේවයේ පළමු දිනය ඔහු සිතූ පරිදිම මදක් අදුරු දවසක් විය. ඔහුට දැනෙනා පාළුවෙන්ම හට ගත් සෘණාත්මක අදහස් ඔහු නොදැනෙන ලෙසින් ඔහුව දුර්වල කරන්නට වූවා.
ඇදේ කොණක වූ නාද වූ දුරකථනය අතට ගත් ඔහුට කුඩා සිනහවක් පහළවූයේ දුරකථන තිරයේ දිස්වුණේ ඔහුට සහනයක් ගෙන දෙන අයෙක් වූ නිසා.
" ඔම්මා "
" නෑ ඔම්මා මන් ඇඩුවේ නෑ "
" ම්ම් ඔව් ගියා. ප්‍රශ්නයක් නෑ ඒ තැන හොදයි"
" හ්හ්ම් ඔම්මා නිවාඩුවක් ලැබුණු ගමන් ඔම්මාව බලන්න එන්නම්"
" ඔම්මාත් පරිස්සමෙන් ඉන්න. ඔම්මා නැතිව පාළුයි "
" සුභ රාත්‍රියක් ඔම්මා "
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°•
ළා හිරු කිරණක් වීදුරු ජනේලයෙන් පැමිණ ටේහ්‍යුන්ගේ මුහුණ හා ගැටුණි. පැය තුනකවත් නින්දක් නොලැබුණු ඔහු ඇද ඇතිල්ලෙන් මුහුණ වසාගත්තේ නින්දට තවත් කුඩා හෝ වෙලාවක් බලාපොරොත්තුවෙන්.
ඔහුගේ ගතට නින්ද දිගු කරගැනීමට අවැසි වුවද අවදී වී සිටි ඔහුගේ සිත එයට ඉඩ නොදෙන්නට විය.
මුහුණ සෝදාගත් ඔහු සීතල වුණ ටයිල් මතින් මුළුතැන්ගෙය වෙතට ඇදෙන්නට විය. දුරකථනයෙන් නාද වන්නට ඉඩ හැරුණු ලැසි ගීයක රිද්මය සමග ඔහු සාදාගත් කෝපි පානයද සමග ඔහු රූපවාහිනිය ඉදිරියේ වූ සෝෆාවෙන් ඉදගත්තේය.
විවෘත කර තිබූ කර්ටනය අතරින් ආ හිරු කිරණත් සමග කෝපි කෝප්පයෙක් නැගෙන උණුසුම් දුමාරය හොදින් පෙනෙන්නට විය.
වාතයේ රටා මවමින් ඉහළට ඇදෙන කෝපි සුවදැති දුමාරය දෙස බලාසිටි ටේහ්‍යුන් තම සිත ගෙන ගියේ පෙර දින රාත්‍රිය වෙතට.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°•
අද දිනද කිසිදු වෙනසක් නොවීය. තැබෑරුම්හල විනෝදවන්නන්ගෙන් පිරී ඉතිරී ගොසින් ය. විනෝදවන්නන් හට එය කිසිදු ගාණක් නොගියද එම දර්ශනය දෙස බලා සිටින්නෙකුට නිතැතින්ම පෙනෙන්නේ මහත් කාර්යබහුලත්වයකි.
එහි වූ කාර්යබහුලත්වය නිතිපතා නිවා දමන්නේ ටේහ්‍යුන්ගෙන් ගැයෙන ගැඹුරු ලැසි ගීතයයි. එකතු වූ ආගන්තුක ගිටාර් වාදනය හා සුපුරුදු පියානෝ ස්වරයන් හා ලැසි ගී රටාවක් මැවෙන්නට විය.
ගායනය අතරතුර ඔහුගේ දෑස් තැබෑරුම්හල පුරාම සැරිසැරුවේය. ඔහු බලාපොරොත්තු වූ තැනැත්තා ඔහුගේ නෙත ගැටිණි.
පෙරට වඩා ශක්තිමත් බවක්, එහෙත් ඇයි ද ඒ දෑස්වල චකිතයක් පෙනෙන්නට තියෙන්නේ.
ඒ පිළිබඳව තැවෙන හැගීමක් දැනෙන්නේ ඇයි දැයි කියා ටේහ්‍යුන් හට නොවැටහුණි. විවේකයට හෝ කිසිවෙකු නොමැති වූ බැවින් ඔහුගේ ගායනය ලැසි රටා මතුකරමින් දිගින් දිගටම සවන් පිනවන්නට විය.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°•
අදත් ඒ ගායනය. ඔහු මෙහි ගායකයා විය යුතුයි. ඒ තරම් ගැඹුරු හඩකින් මෙතරම් ලැසි ගායනයක්. ඔහු ඒ ගායනය පිළිබඳව ඔහුගේ සිත හා එක්ව වර්ණනා කළේය.
ඔහු ලැදි වූවේය, ඒ නිවන කටහඩ වෙත.
ආහාරයන් , පානයන් එහෙ මෙහෙ ගෙන යන අතරේ ඔහුගේ දීප්තිමත් දෑත් නිතරම ඔහු වෙතට ඇදගත්තේ ඔහුගේ ගායනයේ වූ මිහිරි බවයි.
.
.
.
ටේහ්‍යුන්ට අවශ්‍ය විය පෙර දින කදුළු වල හේතුව දැනගැනීමට. එහෙත් තමා ප්‍රමාදයි කියා ටේහ්‍යුන් හට තේරුම් ගියේ ඒ වන විටත් ඔහු පිටත් ව ගොසි සිටි බැවිනි.
…………………………………………………………………………………………………
පොඩි චැප්ටර් එකක් 😄
ඔයාලට සූටි රහසක් කීන්නද..
මම මේක ලියලා ඉවරයි😌
එක දවසකට ඩබල් අප්ඩේට්ස් ඕනාද?එපාද?
පරිස්සමෙන් ඉන්න
stay safe lovelies ❤️
luv you 💜️
~ Chipissi ~
Bạn đang đọc truyện trên: AzTruyen.Top