4

" ඔම්මා මන් අද කලින් ආවා "

" ඔව් චුසෝක් නිසා කස්ටමර්ස්ලා නෑ "

" චුසෝක් වලට එන්න බැරි වුණත් ඔම්මාව බලන්න ඉක්මනටම එනවා "

" මට අද හ්‍යුන්ග් කෙනෙක්ව හම්බවුණා. එයා හරි හොදයි. එතන සින්දු කියන්නේ එයා"

" හරි ඔම්මා. මතක් කරලා බෙහෙත් ටික බොන්න "

" තියන්නම් ඔම්මා. සුභ රාත්‍රියක් "

ජන්කුක්ගේත් ඔම්මාගේත් මේ දුරකථන සංවාදය සෑම රැයකම අනිවාර්යයෙන් සිදුවිය. කුඩා කල දීම පිය සෙනෙහස අහිමි වූ ජන්කුක්ගේ හැමදෙයක්ම වුණේ ඔහුගේ ඔම්මා.
ඇයව ඉන්චොන්වල තනි කිරීමට හිතක් නොවුණද ඇයට හොද ජීවිතයක් දීමේ බලාපොරොත්තුවෙන් ඔහු නව රැකියාවක් සොයාගත්තේය.

තැන තැන වැටී තිබූ ඇදුම් ඔහුගේ කාමරයට නුපුරුදු දෙයක් නොවිය. පිටත ගල් ගැහෙන්නට තරම් සීතලක් තිබුණද ඔහු වායුසමීකරණය ක්‍රියාත්මක කළේ දවසම සුළං පොදක්වත් නොලැබුණ කාමරය බොහෝ උණුසුම් වී තිබූ නිසාය. වේලාසන නවාතැනට පැමිණි ඔහු අලුතෙන් ගෙනා කැන්වස් කඩදාසියක් කුරුටු ගෑමට පටන් ගත්තේය.

ඔහුගේ ගායනය මෙන්ම කතා බහද සිත නිවනවා. ඔහුගේ රූපය ද ලැසි ගීයක පද පෙළක් වගේ, අංගසම්පූර්ණයි. ඒ ගැඹුරු ඇස්, කැරලි ගැසුණු කොණ්ඩය, ලා රතු පැහැ තොල් දකින ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්නවා.

මිනිරන් තුඩ රටා අදින අතරේ ජන්කුක් සිටියේ ටේහ්‍යුන් ගැන වූ කල්පනාවක ය.
ඔරලෝසුව දෙස බැලූ ඔහු සුදු රෙදි කඩකින් කැන්වස් කඩදාසිය වසා දැමුවේ බොහෝ රෑ වී ඇති බව වැටහුණු හෙයිනි.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°•

දවස් ගත වීමත් සමග ටේහ්‍යුන් හා ජන්කුක් කතාබහින් බොහෝ සමීප වූහ. ජන්කුක්ට ටේහ්‍යුන්ව වෙනස් නොවන උද්‍යෝගිමත් අයෙකු ලෙස පෙනුණද ටේහ්‍යුන් ජන්කුක්ව නිතරම දුටුවේ වරක සතුටු ද වරෙක හිස් වූ අයෙකු ද ලෙසිනි.

ගායනයෙන් අනතුරුව පියානෝ වාදකයා වෙත අවස්ථාවක් ලබා දුන් ටේහ්‍යුන් විවේකාගාර කාමරය වෙත පිය නැගුවේය.
ජල කරාමයෙන් ජල දෝතක් ගත් ටේහ්‍යුන් මුහුණ සෝදාගත්තේ ඔහු අසල වූ නිදිමත බැහැර කිරීමට.

ඔහු එතැනින් යන්නට සැරසෙත්ම ඔහුගේ සවනට වැටුණේ ගීයක මිමිණුම් හඩක්.

That faint voice of yours that grazed me
Please call my name one more time
I'm standingstillunder the frozenlight, but
I will walk towards you,step by step
Still with you

A pitch dark room
I shouldn't get used to it
But I'm used to it again
The low-pitched sound of the air conditioner
If I don't have this, I might just fall apart

ඔබගේ ක්ලාන්ත හඩ මා දෙස බැලුවා
කරුණාකර මගේ නමින් තවත් වරක් අමතන්න
මම තවමත් සීතලෙන් ගල් වූ ආලෝකය යට සිටගෙන සිටිමි, නමුත්
පියවරෙන් පියවර මම ඔබ දෙසට ඇවිද යන්නෙමි
තවමත් ඔබ සමඟ

තාර අඳුරු කාමරයක්
මම එයට පුරුදු නොවිය යුතුයි
නමුත් මම නැවත එයට පුරුදු වී සිටිමි
වායු සමීකරණයේ පහත් හඩ
මට මෙය නොමැති වූයේ නම්, මම කඩා වැටෙනු ඇත

සංගීතය පිළිබඳව ද බොහෝ දැනුම් තිබූ ඒ ගී මිමිණීම මදින් මද ශ්‍රැතියෙන් ඈත් වන බව ටේහ්‍යුන්ට වැටහුණේ ඒ අතරින් ඇසුණු ඉකි ගැසීම් නිසාවෙනි.
ටේහ්‍යුන් මිමිණුම් හඩ පැමිණෙන දෙසට ළං වූයේ ඒ කවුරුන්දැයි කියා බැලීමට.

මීට කෙටි කාලයකට පෙර එතැනදීම හමුවූ තරුණයා අදත් ඒ ලෙසින්ම. දණිස් අතරේ හිස් සගවා ගෙන ඔහු ඉකිගසමින් හඩන්නට විය. ඔහු වෙතට ළං වූ ටේහ්‍යුන් ඔහු අසලින් හිදගත්තේය.

" ජන්කුක් ඇයි මේ අඩන්නේ "

පෙරදා මෙන්ම හිස ඔසවා ටේහ්‍යුන් දෙස බැලූ ජන්කුක් කලබලයට පත් නොවීය.
ඔහුගේ දෑස් රතු වී ගොසින්‍ ය. සිහින් තොල් රත් පැහැයට හැරී ගොසිනි.
කම්මුල් සිපගනිමින් කදුළු කැට දිගින් දිගටම රූරා වැටෙන්නට විය.

ජන්කුක් හඩන්නේ ඇයි දැයි කියා ටේහ්‍යුන්ට උත්තරයක් නොලැබුණි. ටේහ්‍යුන් දෙස හිස් බැල්මකින් බලා සිටි ජන්කුක් හැඩීමෙන් ගොරහැඩි වූ හඩින් ටේහ්‍යුන්ට කතා කළේය.

" හ්..හ්‍යුන්ග් ම..මට හ්‍යුන්ග්ව ටික වෙ..වෙලාවක් ඔ.ඔයාව වැළදගන්න පුළුවන් ද "

ටේහ්‍යුන් ඔහුට හඩින් පිළිතුරක් නොදුන්නේය. තම දෑත් දිගහැර පැවසූයේ ඔහුට තමාව වැළදගැනීමට අවසරයක් ය. තම සියුමැලි අත් ටේහ්‍යුන් වටා යැවූ ජන්කුක් ටේහ්‍යුන්ව වැළදගත්තේය. ටේහ්‍යුන් පළල් උරහිස මත හිස තබා ගත් ජන්කුක්ගේ කදුළු ටේහ්‍යුන්ගේ උරහිස තෙත් කරන්නට විය.

සාමාන්‍ය වැළදගැනීමකට වඩා ජන්කුක් ටේහ්‍යුන්ව තදින් වැළදගෙන සිටියේ මෙතෙක් සිරවී තිබුණු දුක සම්පූර්ණයෙන් තුනී කරගැනීමට වූ උත්සාහයක් මෙන් ය. තම ශක්තිමත් දෑත් ජන්කුක්ගේ වැළගැනීමට සහායක් දෙමින් ඔහුගේ පිටට තට්ටු කළේ එය ඔහුගේ සිතට සහනයක් ගෙන දේ යැයි කියා ඔහු විශ්වාස කළ නිසාය. කාලයක් ගත් වුවත් පළමු දින මෙන් ඔහු මෙසේ හඩන්නේ ඇයි කියා නොදැන සිටීම ගැන ටේහ්‍යුන් වද වූවේය.

" ශක්තිමත් වෙන්න. හැමදේම හරියයි ජන්කුක් "

ජන්කුක් සෙවූයේ මෙයයි. කඩා වැටෙන මොහොතක වැළදගෙන ඔහුට හැඩීමට ඉඩදෙන අයෙක්. ' ශක්තිමත් වෙන්න ' මේ වදනින් සිත සනසන අයෙක්. ජන්කුක්ට ටේහ්‍යුන්ගේ ඈත් වීමට උවමනා වූවද ඔහුගේ සිත පැවසුවේ මෙයයි ආරක්ෂිතම ස්ථානය කියාය.

හෝරා භාගයක් පමණ ටේහ්‍යුන්ගේ උණුසුම වැළදගෙන සිටි ජන්කුක් ඔහුගෙන් ඈත් විය. තම දිගු ඇගිලි වලින් ජන්කුක්ගේ කම්මුල් වලින් ගලායන කදුළු බිදු ටේහ්‍යුන් පිසදමන්නට විය.

" දැන් අඩන එක නවත්තන්න කෝ. මෙහෙම වැඩකරන්න බෑනේ. මන් මෙතන බොස්ට කියන්නම්. ඔයා ගෙදර යන්න ලෑස්ති වෙන්න "

" නෑ....ක..කමක් නෑ...හ්‍යුන්ග් "

" මාත් දැන් යන්න ඕනා. යනගමන් ඔයාව ඇරලවන්නම්. ඔයා යන්න ලෑස්ති වෙන්නකෝ"

ටේහ්‍යුන්ට නිවෙසට යාමට අවැසියක් නොවුණද ඔහු යාමට සැරසුණේ ජන්කුක්ට මේ ලෙසින් වැඩ කිරීමට අපහසු බව වටහා ගත් නිසාය. තැබෑරුම්හල් අයිතිකරුට දන්වා ටේහ්‍යුන් ජන්කුක් හා පිටත් වූයේ ඔහුගේ නිවෙස කරාය.

කාරයට නැගි මොහොතේ පටන් ජන්කුක්ගේ වූයේ නිහැඩියාවක් පමණි.

.
.
.

මද වේලවකින් පසුව ටේහ්‍යුන්ගේ කාරය නැවතුණේ පැරණි නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිරිපිට ය. ජන්කුක්ගේ තාවකාලික නිවෙස ද වූයේ එහිය. ජන්කුක් තම නිවෙස වෙත යනතුරුම ටේහ්‍යුන් ඔහු හා ගියේය.

ඔහු නිවසේ දොර විවෘත කළේය. කාමරයක්, එයට ඔබිනම වචනය වූයේ නිවස නොවේ කාමරය යන වචනයයි. කාමරයට ඇතුළු වුණ ජන්කුක් කලබලයෙන් තැන තැන වැටී තිබූ ඇදුම්,පොත්, පත්තර ,බීම කෑන් එක් තැනකට එක් හසු කරන්න වූයේය.

" හ්‍යුන්ග් එන්න ඇතුළට "

" නෑ ජන්කුක් මන් දැන් යන්න ඕනා. ඔයා විවේක ගන්න "

ටේහ්‍යුන් යාමට සැරසුණත් ආයෙමත් හැරුණේ ජන්කුක්ගේ හඩ ඇසුණු නිසාවෙන්.

" හ්‍යුන්ග් සමාවෙන්න. "

" ඒකට කමක් නෑ. සුභ රාත්‍රියක් "

මද සිනහවක් පෑ ටේහ්‍යුන් තම නිවෙස කරා පිටත් වූවේය.

…………………………………………………………………………………………………

මේක දාලා දෙවෙනි දවසේම ranks ලැබිලා............තැන්ක් යූ සෝ මච් කස්ටිය
😘😘😘😘😘😘😘😘😘😘
#3 in Ballad 💜️💜️💜️💜️💜️

මං ඊයේ ඩබල් අප්ඩේට් දුන්නේ නෑ නේද.💔
ඊයේ මගෙ ඔලුව රිදෙන්න ගත්ත නිසා කලින් නිදාගන්න ගියා. චැප්ටර් අඩුපාඩු මොනවත් චෙක් කරලා තිබුනේ නෑ.

කතාව බෝරින් විදියට ගලාගෙන යනවා නේ...කොහොමත් මේක ටිකක් බෝරින් තමා 😀💔

හැමදාමත් කියන්වා වගේ ගොඩක් පරිස්සමෙන් ඉන්න. දැන් තත්වය දරුණුයි. අපේ ගෙදර වටේ ගෙවල් තුනක්ම පොසිටිව් වෙලා.
ගෙදරට වෙලාම ඉන්න.
stay safe lovelies ❤️
luv you 💜️

~ Chipissi ~

Bạn đang đọc truyện trên: AzTruyen.Top