02
ශීත ඍතුවෙ අවසන් දවස් කිහිපය.
හිස වටා ස්කාෆයක් බැදගත් ටේහ්‍යුන් වෙනදා මෙන්ම තම පියෝනි වගාවෙන් පිපී සුවද හමන පියෝනි මලක් කඩාගෙන චෙස්නට් ගස්වලින් වටවූ උද්‍යානය වෙත දිව ගියේ අදවත් ජන්කුක්ව මිතුරු කරගැනීමේ අදහසින්.බිම දැමීමට නොදී ජන්කුක් අදවත් ඔහුගේ පියෝනි මල පිළිගනීවී යැයි ඔහු බලා වූවා.
නමුත්,
වෙනදා ජන්කුක්ගෙ කුඩා සුරතල් රුවින් පිරී තිබුනු බංකුව හිස්ව පැවතුනා.දිලිසී වැටෙන හිම පියළි බංකුවේ තනි අයිතිය ලබාගෙන ටේහ්‍යුන් දෙස බලමින් සමච්චල්සහගතව සිනාසුනේ ටේහ්‍යුන්ගේ සිත තවත් රිදවමින්.
බොහෝ වෙලාවක් තිස්සේ ජන්කුක් බලාපොරොත්තුවෙන් එහි රැදී සිටි ඔහු නැවත නිවස වෙත ගෑටුවේ කනස්සල්ලෙන්.
නමුත් නිවසට ඇතුළුවීමට පෙර ඇසුනු පියාගේ වදන් ටේහ්‍යුන්ව තවත් අධෛර්යමත් කළා.
"ජොන්ලා අද බර්මිංහැම්වලට යනවා කිව්වා.එයාට ට්‍රාන්ස' එකක් හම්බෙලා.අද උදේම එයාලා ගියා." පියා තම මවට පවසන වදන් සවන් වැකුනු සැණින් කුඩා ටේහ්‍යුන්ගේ දෑස් කදුළින් පිරී ගියේ ඔහුටත් නොදැනීමයි.
✿✼:*゚:.。..。.:*・゚゚・**・゚゚・*:.。..。.:*゚:*:✼✿
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top