01

ගිම්හානයේ එක් සොදුරු සවස් යාමයක චෙස්නට් ගස් පෙළකින් ආවරනය වූ කුඩා විල අසල පිහිටි උද්‍යානයට චෙස්නට් ගස් අතරින් පෙරී ආ තඹ පැහැ හිරු රැස් පතිත වී තිබුණා.උද්‍යානයේ එක් පසෙක කුඩා ළමුන් පිරිසක් ක්‍රීඩාවේ යෙදී සිටියද උද්‍යානයේ අනෙක් පස බංකුවේ වාඩිවී සිටි එක් කුඩා දරුවෙක් පමණක් තනිවම පොතක් කියවමින් සිටියා.

විටින් විට උද්‍යානයේ එහා කෙළවර ඝෝෂා නගන දරුවන් දෙස බැල්මක් හෙලූ ඔහු එතනට යාමට ඇතිවූ ආශාව යටපත් කරගත් ඔහු මුවට නපුරු පෙනුමක් නගාගෙන තවදුරටත් පොත කියවීමෙහි යෙදුනා.පිරුණු කම්මුල්වලින් යුතුවූ ඔහුගේ රෝස මුහුණට නපුරු පෙනුමක් ආරූඪ කරගෙන සිටියා වුවද එහි තිබුනේ අතිශය සුරතල් බවක්.

මද වේලාවකට පසු ඔහු ඉදිරියේ නැවතුනු කුඩා සපත්තු යුගලක් ඔහුගේ අවධානය වෙනතකට හැරවූවා.හිස ඔසවා බැලූ ඔහු දුටුවේ දෑත් පසුපසට තමන් දෙස සුරතල් සිනහවකින් යුතුව බලා සිටින හුරුබුහුටි කුඩා පිරිමි දරුවෙක්.

මද වේලාවක් ඒ පිරිමි දරුවා දෙස බලා සිටි ඔහු තම සුපුරුදු ආඩම්බර විලාශය මවා ගනිමින් නැවත පොත වෙත නැඹුරු වූවා.

"හායි! මම ටේහ්‍යුන්.උයාගේ නම මුකද්ද?" සුරතල් ලෙසට ඇසූ ඔහුගේ වදන් ඉවතලිය නොහැකි වූ නිසාම පොත වෙතින් මොහොතකට තම දෑස් ඉවතට ගත් ඔහු මිමිනුවා.

"ජන්කුක්"

"ඕහ්! හායි ජන්තුත්.උයා මෙහෙට අලුතින්ද ආවේ?" පිළිතුරු දීම මගහැරි ජන්කුක් ප්‍රශ්නය නෑසුනාක් මෙන් පොත දෙසට නැඹුරු වූවත් ටේහ්‍යුන් තම උත්සහය අත් හැරියේ නැහැ.

ඔහු තවත් පියවරක් ජන්කුක් දෙසට ගත්තා.

"ජන්කුක් මේ මල මන් උයාට ගෙනාවේ.මන් හිතවපු පාත්තියෙන්." පිටුපසට කර බැදගත් දෑත් ඉදිරියට ගෙන ආ ටේහ්‍යුන් වෙත තම ගුලි කරගත් දෑත පෑවා.එහි තිබුනේ සුදු පැහැති පියෝනි මලක්.ටේහ්‍යුන් එය තදින් ගුලි කරගෙන සිටියා වුවද ඔහුගේ සියුමැලි දෑත් නිසා මලට කිසිදු හානියක් සිදුවී තිබුනේ නැහැ.

ජන්කුක් දෙස බලාපොරොත්තු සහගතව බල සිටි ටේහ්‍යුන්ගේ බලා කඩවූයේ මොහොතකට පියෝනි මල දෙසත් , ටේහ්‍යුන්ගේ මුහුණ දෙසත් බැලූ ඔහු අහක බලා ගත් විටයි.

"උයා දන්නෝද?මන් තලා වුනාමත් ඔම්මා මට මලක් දීලා ලාලු කලගන්නෝ.අපිත් ලාලුවෝ වෙමුද ජන්තුත්.?" සුරතල් බසින් පැවසූ ටේහ්‍යුන් අවසානයේ තම සිතේ තිබූ සිතුවිලි හෙළි කලමුත් ඔහුට ජන්කුක්ගෙන් ලැබුනේ බලාපොරොත්තු නොවුනු ප්‍රතිචාරයක් .

වේගයෙන් බංකුවෙන් නැගී සිටි ජන්කුක් ටේහ්‍යුන්ව තල්ලු කර දැමූයේ තරහින්."යනවා යන්න මෙතනින්.මට යාලුවෝ එපා.මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න." කෝපයෙන් කෑගැසූ ජන්කුක් දෙස කදුළු පිරුණු දෑසින් බැලූ ටේහ්‍යුන් වෙන කිසිවක් නොකියාම අත තිබූ පියෝනි මල බිම දමා හඩමින්ම එතනින් දිව ගියේ ජන්කුක් කෝපයෙන් මෙන්ම දුකෙන් පිරුණු කදුළින් යුතුව නැවත බංකුවේ වාඩි වෙද්දි.

මද වේලාවක් දෑස් පියාගෙන හුස්මක් ගත් ඔහුගේ අවධානය යොමු වූයේ ඔහු ඉදිරිපස වැටී තිබුනු සුදු පැහැ පියෝනි මල වෙත.

✿✼:*゚:.。..。.:*・゚゚・**・゚゚・*:.。..。.:*゚:*:✼✿  


Hii😁

ේක Hanahaki Disease එක තීම් කරගත්තු ff එකක්😁💜️

Hanahaki ගැන කිව්වොත්,

Hanahaki Disease (花吐き病 (Japanese); 하나하키병 (Korean); 花吐病 (Chinese)) is a fictional disease where the victim of unrequited or one-sided love begins to vomit or cough up the petals and flowers of a flowering plant growing in their lungs, which will eventually grow large enough to render breathing impossible if left untreated. There is no set time for how long this disease lasts but it may last from 2 weeks to 3 months, in rare cases up to 18 months, until the victim dies unless the feelings are returned or the plants are surgically removed.[5] There is also no set flower that blossoms in the lungs but it may be the enamoured’s favourite flower or favourite colour.[6] Hanahaki can be cured through surgical removal of the plants' roots, but this excision also has the effect of removing the patient's capacity for romantic love. It may also erase the patient’s feelings for and memories of the enamoured. It can also be cured by the reciprocation of the victim's feelings. These feelings cannot be feelings of friendship but must be feelings of genuine love. The victim may also develop Hanahaki Disease if they believe the love to be one-sided but once the enamoured returns the feelings, they will be cured.[7] In some literature, other symptoms can be fever, uncontrollable shaking, loss of appetite, low body temperature, and hallucinations. Even after curing, with or without surgery, there can be irreversible damage to the lungs and, although very rare, in some cases the disease cannot be cured.


Translation ;

හනාහකි රෝගය ( 花吐き病 (ජපන්); 하나하키병 (කොරියානු); 花吐病 (චීන)) යනු ප්‍රබන්ධ රෝගයකි, එහිදී බලාපොරොත්තු නොවූ හෝ ඒකපාර්ශ්වික ආදරයකට ගොදුරු වූ තැනැත්තා වමනය හෝ මල් පෙති කැස්සට පටන් ගනී.  ඔවුන්ගේ පෙණහලුවල වැඩෙන සපුෂ්ප ශාකය, අවසානයේ ප්‍රතිකාර නොකළහොත් හුස්ම ගැනීමට නොහැකි තරම් විශාල වනු ඇත.  මෙම රෝගය කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සඳහා නිශ්චිත කාලයක් නොමැත, නමුත් එය සති 2 සිට මාස 3 දක්වා, දුර්ලභ අවස්ථාවන්හිදී, මාස 18 දක්වා, හැඟීම් නැවත ලබා නොදෙන්නේ නම් හෝ ශාක ශල්‍යකර්මයෙන් ඉවත් නොකළහොත් වින්දිතයා මිය යන තෙක් පැවතිය හැකිය.[5]  පෙණහලුවල පිපෙන මල් කට්ටලයක් ද නැත, නමුත් එය සිත් ඇදගන්නා අයගේ ප්‍රියතම මල හෝ ප්‍රියතම වර්ණය විය හැකිය.[6]  ශාක මුල් ශල්‍යකර්මයෙන් ඉවත් කිරීම හරහා හනාහකි සුව කළ හැකි නමුත් මෙම ඉවත් කිරීම රෝගියාගේ ප්‍රේමනීය ආදරය සඳහා ඇති හැකියාව ඉවත් කිරීමේ බලපෑමක් ඇති කරයි.  එය රෝගියාගේ හැඟීම් සහ වින්දිතයින් පිළිබඳ මතකයන් ද මකා දැමිය හැකිය.  වින්දිතයාගේ හැඟීම් ප්‍රතිනිර්මාණය කිරීමෙන් ද එය සුව කළ හැකිය.  මෙම හැඟීම් මිත්රත්වයේ හැඟීම් විය නොහැකි නමුත් සැබෑ ආදරයේ හැඟීම් විය යුතුය.  ආදරය ඒකපාර්ශ්වික යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් වින්දිතයාට හනහකි රෝගය ද ඇති විය හැක, නමුත් වින්දිතයා හැඟීම් නැවත ලබා දුන් පසු, ඔවුන් සුව වනු ඇත.[7]  සමහර සාහිත්‍ය වලදී, වෙනත් රෝග ලක්ෂණ උණ, පාලනය කළ නොහැකි සෙලවීම, ආහාර රුචිය නැතිවීම, අඩු ශරීර උෂ්ණත්වය සහ මායාවන් විය හැකිය.  ශල්‍යකර්මයකින් හෝ රහිතව සුව කිරීමෙන් පසුව වුවද, පෙනහළු වලට ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවිය හැකි අතර, ඉතා දුර්ලභ වුවද, සමහර අවස්ථාවලදී රෝගය සුව කළ නොහැක.

ඔන්න Wikipaedia එකේ definition එක.තේරෙන්න ඇතිනේද?😊❤️

එතකොට පියෝනීස් දන්නැති අය පහළ තියෙන්නෙ white peony එකක්.පියෝනීස් කල'ස් ගොඩකින් තියෙනවා💜️

[ White Peony ]

හරිනේ? නොතේරුනු තැන් තිබ්බොත් අහන්න😊

~Fayette~

Bạn đang đọc truyện trên: AzTruyen.Top