#2

"අනේ සේරි.ඔයාලා ආවද? ටේහ්‍යුන්! කොල්ලා ටිකක් කෙට්ටු වෙලාද මන්දා? දේහියුන් බඩ ඇවිල්ලා ඈ" ඉස්සරහට ආපු අපේ ඉමෝ කියෝගෙන කියෝගෙන යද්දි මගෙ අප්පගෙ මූන අසරණ වෙනවා මන් දැක්කා.පව් හැබැයි.දැක්ක ගමන් බඩ ඇවිල්ලා කියලා අහගන්න කවුද කැමති.

"ටේහ්‍යුනා....!!!" එකපාරටම බෙල්ලෙ එක අස්ථියක් ඇඹරෙනවා දැනෙනවත් එක්කම ටකරං හඩක් කණ ළගින් ඇහුනා.

"ආහ්හ්..ජිමින් හියුන් බෙල්ල.....බෙල්ල අතාරින්න." අමාරුවෙන් හියුන්ගේ කොට ඇගිලිවලින් මගෙ බෙල්ල මුදගත්තු මන් හියුන්ව බදාගත්තා.

"ටේ...ඔයා කෙට්ටු වෙලා හැබැයි ලස්සන වෙලා."ජිමින් හියුන් කිව්වේ මගේ කම්මුලක් මිරිකන ගමන්.

"ඔයත් හියුන්.ගොඩක් කියුට් වෙලා.හැබැයි තව ටිකක් කොට වෙලාද මන්දා?" මන් හිනාවෙද්දි බලාපොරොත්තු නොවුනු විදිහට මන් දෙකට නැවුනේ ජිමින් හියුන් දෝං ගාලා මගෙ පිට මැද්දට ගහද්දි.

"ආආආආයියාආආආ" පිට පුපුරු ගහද්දි කෙදිරි ගාපු මන් හියුන්ව කොනිත්තලා ඔම්මලා ඉන්න පැත්තට හැරුනා.

"ජින් පුතා කෝ?" ඔම්මා ඉමෝගෙන් ඇහුවේ ජින් හියුන් පේන්න හිටපු නැති නිසා.

"එයා සර්වේ එකකට ඉල්සාන් ගියා.අද රෑ බස් එකේ එනවා කිව්වා.එද්දි රෑ වෙයි." ඉමෝ කිව්වේ ඔම්මගෙ අති බෑග් එකක් ගන්න ගමන්.

හම්මේ ඇති යාන්තන් රෑ වෙනකන් නිදහසේ හිටතැහැකි.නැත්තන් මගේ පිටයි,කන් දෙකයි ඉවරයි.මන් එහෙම හිතුවට කියන්න ගියේ නැහැ.

"මින්ජේ ගේ යොදොන්සෙන්ලත් හවස එනවා කිව්වා.යමු ඇතුළට." ඉමෝ අපිවත් එක්කන් ඇතුළට ගියා.

.....................................................................

මුහුද අයිනේ පිහිටලා තිබුනු ඒ ක්වාටස් එක හරිම ලස්සනයි.වෙනදට වඩා මේ පාර වින්ටර් සීසන් එක උනුසුම් වුනු නිසා හැමතැනම ලස්සනට පෙනුනා.අප්ස්ටෙයා එකේ තිබුනු මගෙ රූම් එකට ගිහින් බඩු ටික අස් කරපු මන් සැහැල්ලු ඇදුමකට චේන්ජ් වෙලා බැල්කනි එකට ආවේ ටිකක් වටපිටාව රසවිදින්න.

වටපිටාවේ තිබුනේ හරිම සන්සුන් බවක්.මුහුද පැත්තෙන් ආපු හුළග මාව සිපගනිද්දි මන් අත් දෙක දෙපැත්තට විහිදුවේ ඒක තව ටිකක් විදගන්න ආස හිතුනු නිසා.පහළ තට්ටුවේ ඔම්මලා අප්පලගේ හිනා හඩ දෝංකාර දුන්නේ ජිමින් හියුනුත් මොනවා හරි කියද්දි.

රැලි පිට රැලි නගමින් ගීත ගයන මුහුදේ ෆොටෝස් කීපයක් ගත්තු මන් පහළට බැස්සේ මුහුදු හුළගේ ගැබ් වෙලා තිබුනු ලුණු රස මගෙ බඩගින්න ඇවිස්සුව නිසා.

........................................................................

"හියුන් මොකද අනේ කරන්නේ.කම්මැලීනේ?" ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගයක් කටේ ඔබාගන්න ගමන් මම ෆෝන් එක දිහා බලන් තනියෙන් හිනාවෙන ජිමින් හියුන්ගේ ෆෝන් එකට එබුනත් එයා ටක් ගාලා ෆෝන් එක හංගත්තේ මොකක් හරි හොර වැඩක් කළා වගේ.

"මොනාද බලන්නේ?"ජිමින් හියුන්ගේ මූන රතු වුනා.

"ආපෝ බලන්නම වැඩේ.හොර වැඩක් නේද?" මන් කට කොණින් හිනාවෙමින් ඇහුවත් ආපහු පාරක් ඒකට වන්දි ගෙව්වෙ මගෙ පිට.

"ගහන්න එපා ඉබ්බො." මන් හියුන්ගේ කොන්ඩෙන් ඇද්දත් ඒක ගනන් ගත්තේ හියුන් නෙමේ.

"ඒක නෙමේ හියුන් අද එන හියුන්ලා කවුද?" මන් ඇහුවේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සීයක් විතර එක පාර කටේ ඔබන් ෆෝන් එකත් එක්ක හිනාවෙන හියුන්ගෙන්.

"මාත් හරියට දන්නෙ නැහැ ටේයා.දෙන්නෙක් නම් මට හම්බෙලා තියෙනවා. හෝසොක් හියුනුයි,නම්ජුන් හියුනුයි.ඒත් ගොඩක් පොඩි කාලේ.හෝසොක් හියුන්ට හියුන් කෙනෙක් ඉන්නවලු.නම්ජුන් හියුන්ට නම්දොන්සෙන්ග් කෙනෙක්ලු ඉන්නේ.ඒ දෙන්නව මට හම්බෙලා නැහැ.කොහොම හරි නම්ජුන් හියුනුයි එයාගේ නම්දොන්සෙන්ග්නුයි දෙන්නම නේවි එකේ.එයාලා සේරමලා ගොඩක් පොඩි කාලේ කැනඩා ගියා.මේ ළගදි තමා කොරියා ආවේ." ෆෝන් එක පැත්තකට දාපු ජිමින් හියුන් ලොකු විස්තරයක් කිව්වා.

"ම්ම්හ්හ්...එයාලා කොහොම අයද දන්නෑ නෙහ්?" එයාලව අදුරගන්න ආස වුනත් මගෙ හිතේ පොඩි බයකුත් තිබ්බා.

"එහෙම නම් දන්නෑ ටේ.මටත් ඒ දෙන්නව ගොඩක් පොඩි කාලෙනෙ හම්බුනේ.දැන් නම් කොහොමද දන්නෑ.ඔම්මල නම් එයාලා ගැන කියද්දි කියන්නේ ඒ වගේ වෙන කවුරුත් මේ ලෝකේ නැහැ වගේ.කවුද දන්නේ ඔය කිව්වට ආඩම්බර මොනරු හතර දෙනෙක්ද කියලා.ඔන්න.මට එහෙම පාට් එක දාන් ආවොත් මන් දෙන්නේ මෙන්න මෙහෙම"ජිමින් හියුන් නහයත් පුම්බන් කියද්දි මන් හිනාව තද කරන් හිටියේ හියුන්ට පල් එක දාලා ආපහු පාරක් ගුටි කන්න බැරි නිසා.

......................................................................

හියුන් එක්ක කියෝ කියෝ ඉදලා කරන්න දෙයක් නැතිකොට මන් ටීවී එක දාගත්තේ හියුන්ට නිදිමතයි කියලා උඩට ගියපු නිසා.ශිට් කන්ජරින් එක යන්නේ.වැඩක් නැහැ.ඒවා හොදයි බබ්බු බය කරන්න.එකක ඇවෙන්ජර්ස්.අනිත් එකේ ට්වලයිට් සාගා.ඕහ් ශිට්!මේකේ බලන්න දෙයක් නැහැනේ.

රිමෝට් එකෙන් සෝෆා එකට ගහපු මන් ෆොක්ස් ලයිෆ් දැම්මා(A/N; One of author's fav. channels🌚).
ඔම්මා!!!! ඔන්න චැනල්.බලන් හිටියත් මහත් වෙනවා.

ඩෙන්මාර්ක්වල ෆේමස් රෙස්ටුරන්ට් එකක කරපු ඩොකියුමන්ටරි එකක් දිහා කෙළ හල හල බලන් හිටපු මට ඉබේම සෝෆා එකේ නින්ද ගිහින් තිබ්බේ ටීවී එක බලලම බඩ පිරිලා තිබුන නිසා වෙන්නඇති.

................................................................

ජීප් එකක් ඇවිත් නවත්තන සද්දෙත් එක්ක මන් ඉක්මනට ඇහැරුනේ මින්ජේ අබොජිගේ කසින්ස්ලා ආවා කියලා තේරුනු නිසා.

ඔහ් ශිට්! කටේ කුණු කෙළත් බේරෙනවද මන්දා?

දඩිබිඩි ගාලා සෝෆා එකෙන් නැගිටපු මන් එයාලා ගේ ඇතුළට එන්න කලින් මගෙ රූම් එකට දිව්වේ මූන පොඩ්ඩක් සෝදගෙන ජිමින් හියුන්වත් ඇහැරවන් එන්න.

.........................................................

මන් ජිමින් හියුන්ටත් එන්න කියලා මූන සෝදන් පහළට ගියා.

යනකොට ඔම්මයි,අප්පයි,ඉමොයි,කෙඋන් අබොජියි ඇවිත් හිටපු අජුස්සියි,අජුම්මයි ඒක බර කතාවක.ඔම්මලා හිටපු සෝෆා එකට ඉස්සරහ සෝෆා එකේ ගොඩක් උස හියුන් කෙනෙකුයි,එයා තරමට උස හැබැයි ටිකක් කෙට්ටු හියුන් කෙනෙකුයි,බාගෙට නිදාගෙන ඉන්නවා වගේ පේන ගොඩාක් සුදු හියුන් කෙනෙකුයි හිටියා.

හතරදෙනෙක් කිව්වට මෙතන ඉන්නේ තුන්දෙනයිනේ කියලා කල්පනා කරපු මම ඉස්සරහට යන්නත් හදලා ආපහු හැරුනේ ජිමින් හියුන් එක්කම යනවා කියලා හිතලා.

ඒත් මන් ආපහු හැරෙනවත් එක්කම ස්ටෙයාකේස් එක සෝෆා එක දිහාවිනුයි එකපාර හඩක් නැගුනා.

"ඔයා!!!!!!"

T.B.C.__________________________🌊⚓

කවුද කෑගහන්න ඇත්තේ?😌
ඔට්ටුයි ඔයාලට ගෙස් කරන්න බ්ලෑ😎

මේකේ වුන සමහර දේවල් ඇත්ත වෙන්නත් පුලාම්🌚💔
හී හී😅😌🔥

ඉතිම් ඉතිම්?
ආසද මේකට?☹️
කතාව තාම පටන් ගත්තේ නැහැ😗

කැමතිද නැද්ද කියන්න?🥺❤️

අදහස් කියන් යන්න.
කමෙන්ට් කරන්න, වෝට් කරන්න, ශෙයා කරන්න 🥺❤️

Bye bye
Stay safe ya'll
LYSM ❤️
~Fayette~

Bạn đang đọc truyện trên: AzTruyen.Top