#3

"ඔයා!!!!" සෝෆා එකේ වාඩිවෙලා හිටපු පූසෙක් වගේ හියුන් පුදුමෙන් වගේ කෑගැහුවේ මටත් නොදැනිම මගෙ පිටිපස්සෙන් ලිවින් රූම් එකට ඇවිත් හිටපු ජිමින් හියුන් මගේ කර්ණ පටහ පටලය හර්ඩ්ස් විසිදාහකට එහා සංඛ්‍යාතයකට කම්පනය කරලා,ඒ හියුන්ට නොදෙවෙනිව බෙරිහන් දෙද්දි.

"ජිමින් මොකද කෑගහන්නේ ළමයෝ?"

"යුන්ගී...මොකද කෑගහන්නේ ළමයෝ?" මගේ ඉමොයි මින්ජේ අබොජිගෙ යොදොන්සෙනුයි දෙන්නම එකපාර කෑගහුවේ අනිත් හැමෝමත් ඒ දෙන්නා දිහාබලද්දි.

"ආහ් න්-නෑ මේ ඔම්මා...මට මේ යුන්ගි හ්‍යුන්ව ළගදි දවසක් හම්බුනා...හී හී" ජිමින් හියුන් ගොත ගගහා කියද්දි යුන්ගි හියුනුත් උගුර පෑදුවා.

"ඔ-ඕ ඔම්මා.මන් දැනන් හිටියේ නැහැ මේ අබොජිගේ පුතා කියලා." යුන්ගි හියුන් කිව්වේ අපි ඉන්න පැත්ත දිහා හොරෙන් බලමින්.

"ඕ ඒක මිසක්.මන් බැලුවා මොකෝ මේ කියලා.ටේහ්‍යුන් පුතා එන්න.මේ ඉන්නේ අපේ මින්ජේගේ යොදොන්සෙන්."ඉමෝ කිව්වේ මාත් එක්ක හිනාවෙවී.

නොකිව්වට මොකද එක පැම්පස් එක දෙකට බෙදන්,එක සූප්පුව දෙකට කඩන් උරපු ජිමින් හියුන්ගේ හොර බැල්මට් එක මට හොද.................ට පෙනුනා.අල්ලගන්නම්කෝ මන්.

හිතින් හිතුවට කටින් පිට නොකරපු මන් අහිංසක හිනාවකුත් දාන් ලිවින් රූම් එකට ගිහින් ඔම්මලා හිටපු තැනින් වාඩිවුනා.

"ඔහ්...මේ ටේහ්‍යුන් පුතාද?පොඩීම කාලෙනේ දැක්කේ.දැන් නම් මාව අදුරන්නැතුව ඇති."මින්ජේ අබොජිගේ යොදොන්සෙන් කියද්දි මන් ලාවට හිනාවක් දැම්මා.

"මට පොඩ්ඩක් මතකයි අජුම්මා."

" ඒකනේ.දැන් නම් හෙන හැන්සම් පොරක් ආ" ඒ අජුම්මා කියද්දි මන් හිනාවෙලා බිම බලාගත්තා.

"ඔහොම හිටියට මොකද මෙයා හෙන ලැජ්ජකාරයා" අපේ ඔම්මා අජුම්මට කියද්දි ජිමින් හියුන් "බකස්" ගාලා හිනාවෙලා පස්සේ බොරුවට කැස්සේ එයාට හිනා ගියා කියන එක හංගන්න.

හියුන් මට නක්කලේ දැම්මේ කියලා තේරුනු මන් හියුන්ට රැව්වේ පස්සේ රිටර්න් එක ගන්නම්කෝ කියලා හිතන ගමන්.

"පුතා අදුරගන්න.මේ ඉන්නේ මගේ ලොකු පුතා යුන්ගි.දෙවනියා හෝසොක්,තුන්වෙනියා නම්ජුන්" මින්ජේ අබොජිගේ යොදොන්සෙන් මට පිළිවෙලින් පූස් හියුන්වයි,හිනාවේගන හිටපු කෙට්ටු හියුන්වයි,ගොඩාක් උස හියුන්වයි පෙන්නුවේ එයාලා මට අතට අත දීලා හිනාවෙද්දි.

"මගේ පොඩි එකා තාම ආවේ නැහැ.කොහෙද මේ කොල්ලට නිවාඩුවක් ගන්න බෑනේ හදිස්සියකටවත්" අජුම්මා බුම්මන් කියද්දි ඉමෝ හිනාවුනා.

"එහෙම තමා අරා.මෙයාලට කොහෙත්ම නිවාඩුවක් නැහැ.හෙට එයිනේ ජ.........." ඉමෝ කියාගෙන ආපු එක නැවතුනේ කෙඋන් අබොජිගේ CA ( Catering Assistant) එතනට ආපු නිසා.

"සර් ඩිනර් එක රෙඩි" CA අන්කල් අබොජිට කියද්දි අබොජි නැගිට්ටේ අපිටත් නැගිටින්න කියමින්.

"යමු යමු කට්ටිය කාලා ඉමු.පුතාලට බඩගිනිත් ඇතිනේ." අබොජි කියද්දි අපි ඔක්කොම අබොජිත් එක්ක ඩයිනින් ටේබ්ල් එකට ගියා.

................................................

කෑම කන අතරෙදි ඔම්මලයි අජුම්මලයි එක එක දේවල් ගැන කතා කලත් මන් නම් සද්ද නැතුව කෑම කෑවා. ඒවගේම සැරින් සැරේට ජිමින් හියුන්ගේ යුන්ගි හියුන්ගෙයි උකුලු මුකුලුව දිහාටත් මන් පොඩ්ඩක් බෙල්ල දැම්මා.

"මෙතන නම් මොකක් හරි හොරයක් තියෙනවා! " මන් හිතුවේ ජිමින් හියුන්, යුන්ගි හියුන් දිහා බලන් ප්ලේට් එක උඩ තිබ්බ චිකන් කෑල්ල කියලා හිතලා එයාගේ අතටම ඇන ගනිද්දි.

"අම්මෝඕඕඕ" ඊළග මොහොතේ හියුන් මරලතෝනී දෙද්දි කකා හිටපු නූඩ්ල්ස් එක මගෙ නහයෙන් ආවේ මන් හිරකරන් හිටපු හිනාව එළියට පැන්න නිසා.

"අයිගො ජිමින් මොකද මේ.අත සීරිලා හොදටම.ටේහ්‍යුන් පුතා ඔයා හොදින් නේද?" ඉමෝ නැගිටලා කලබලෙන් අහද්දි මගෙ එහා පැත්තේ හිටපු හෝසොක් හියුන් ඉක්මනට මට වතුර වීදුරුවකුයි,ටිශූ එකකුයි දුන්නේ කැස්සට අමතරව හිනාව නිසාම මගේ ඇස්වලින් කදුලු බේරෙමින් තිබුන නිසා.

හෝසොක් හියුන්ට තෑන්ක් කරපු මන් කැස්ස අඩුවුනාට පස්සෙ කෑම එක දිහාවට හැරුනේ ඉමෝ ජිමින් හියුන්ගේ අතට බෙහෙත් දානවා බලාගෙනමයි.

යුන්ගි හියුනුත් අවුලෙන් වගේ ඒ දිහා බලන් ඉන්නවා මන් දැක්කත්,අනිත් එක්කෙනෙක්ටවත් ඒක නෝට් වුනා කියලා මට පෙනුනේ නැහැ.

කලබලේ ඉවරවුනාට පස්සේ කොමලේ නතර කරපු ජිමින් හියුන් කෑම පිගානට අවදානේ දෙමින් කන්න ගත්තේ ඒක ඇගට ගුණ නිසා කියලා හිතුනු නිසා වෙන්නැති.

කාලා ඉවර වෙනකොට මන් හිටියේ වැටෙන්න ඔන්න මෙන්න.එච්චර නිදිමතක් ආවා මට.

අනිත් අය ටේබ්ල් එකෙන් නැගිටින්නත් කලින් හැමෝටම ගුඩ් නයිට් කියපු මම මගේ රූම් එකට ආවේ ඩෙසර්ට් කන්නවත් නතර නොවී.

ඔම්මල නම් ඇහැරලා ඉදී ජින් හියුන් එනකන්.නිදිමතෙන්ම හිත හිත ඇදට ආපු මම ජින් හියුන් රෑ එනවා කියලා මතක් වුනු නිසා ආපහු නැගිටලා ගිහින් දොර ලොක් කළේ ජින් හියුන්ගේ " ආගමනය " මට භයානක මතකයක් කරගන්න ඕනේ නැති නිසා.

ඒ මනුස්සයා ගිය අවුරුද්දෙ අපි ගියපු ට්‍රිප් එකේදි මහ රෑ මුලු ඇගේම ටොයිලට් පේපර්ස් ඔතන් මගෙ කාමරේට ඇවිත් හෙන විජ්ජුම්බරයක් නැටුවා.

මුලින්ම ඒ ගැන ගානක් නොගිය මන් එයාට "මන් දැන් නිදි.පස්සේ එන්න.ගුඩ් නයිට් " කියලා කිව්වට හියුන් කාමරෙන් එළියට ගියාට පස්සේ තමා මට මීටර් වුනේ ඒ හිටියේ හොල්මනක් නේද කියලා.

අන්තිමට ඔම්ම මාත් එක්ක මගෙ කාමරේ නිදාගන්න ආවා.

පරණ ඒවා මතක් කර කර හිටපු මට ඉබේම නින්ද ගිහින් තිබුනා.

T.B.C._______________________🌊⚓

අලෝ😌

ඔන්න දුම්නා🙈❤️

කට්ටිය කලින් චැපියේ ගෙස් කරලා තිබ්බා නේ යුන්මින් කියලා😏
මගේ රීඩර්ලා දස්සයි.හුම්ම්ම්😌🔥

අද එක කොහොමද?😁

මේ මේකේ තියෙන ගොඩක් ඒවා ඇත්ත සිද්දි ඈ😂🙈
ඔය ගොඩක් දේවල් ඇත්තට සිද්ද වුනු,මන් මුහුන දුන්නු ඒවා🙂🙂🙂💔
(ටේහ්‍යුන් = මා නොවන මම🙈😂)

හිකි හිකි හිකි

ඔයාලා ආසද මේකට?🥺💜️

වෝට් කමෙන්ට් කලම් යම්න

හා හා යුන්ගියා අත බලාගෙන අත!!!!🙈🙈🙈😂😂😂😂😂💔
මේ පික් එක දකින හැමවෙලේම මන් ලෙප්ට්😂🙂🙈💔

ඒනම්.....තවත් අනන්ත කාලයකට පසු මුනගැසෙමු😌🔥

Stay safe ya'll
LYSM ❤️
~Fayette~

Bạn đang đọc truyện trên: AzTruyen.Top