#1
"හෙලෝ ඔන්නි.ඔව් ඔව් අපි මේ ළග ඉන්නේ.ඩ්‍රයිවර්ව එවන්න පුලුවන්නේ ගේට් එක ළගට?ඕකේ...ඕකේ" ඉස්සරහා සීට් එකෙන් ඔම්මගේ කටහඩ ඇහෙද්දි දිග නින්දක හිටපු මම ඇහැරුනා.
නිදිගැට කඩලා ඇස් ඇරපු මම ඉස්සරහින් වටපිට බැලුවා.
ඔහ් අපි ඇවිල්ලත් ඉවරද?මන් හිතන්නේ මම සෑහෙන්න වෙලා නිදාගෙන!
"ඔහ් පුතා නැගිට්ටද?ඉන්න තව ටිකකින් ක්වාටස් එකට ගියාම ඔයාට හොදට නිදාගන්න පුලුවන්.ඔයාගේ ඉමෝ ("imo" means mother's sister in Korean ) කතා කළා.ඩ්‍රයිවර් ගේට් එක ළගට එයි කිව්වා." ඔම්මා කියපු ඔක්කොටම ඔහේ ඔලුව වනපු මම දැක්කේ එන්න එන්න ළං වෙන කෑම්ප් එකේ ගේට් එක.ඉමෝලගේ ඩ්‍රයිවර් වුනු හන්ජේ අන්කලුත් ගේට් එක ළගට ඇවිත් හිටියේ අපිව එක්කන් යන්න.
ගේට් එකට අයිඩෙන්ටිටීස් පෙන්නුවට පස්සේ අක්කර දහස් ගානක් විශාල වුනු ඒ කෑම්ප් එක ඇතුළේ වැඩිලා තිබුනු,හිම පිරුනු විශාල ගස් වේගයෙන් මාව පහු කරන් යන හැටි මන් ඔහේ බලන් හිටියා.
අපි මේ යන්නේ මගේ කෙඋන් අබොජිගෙ, (keun appa means father's / mother's older brother in Korean) අලුත් ක්වාටස් එකට.නේවි ඔෆිසර් කෙනෙක් වුනු කෙඋන් අබොජි කියන්නේ මගෙ ඔම්මාගේ ඔන්නි,එහෙමත් නැත්තන් මගෙ ඉමෝගෙ හස්බන්ඩ්.එයාට මේ මාසේ මුල චින්හේ කෑම්ප් එකට ට්‍රාන්ස එකක් ලැබුනා.ඉතින් ඉමෝ මෙහෙට ආව දවසේ ඉදන් අපිටත් එහෙ නතර වෙන්න එන්න කියලා බේරුමක් නැහැ.
මට නිවාඩු ගන්න පුලුවන් කමක් තිබුනෙම නැහැ.මොකද වින්ටර් සීසන් එක නිසා හොස්පිට්ල් එකේ පේශන්ට්ස්ලා වැඩී.මන් අපොයින්ට්මන්ට් අරගෙනත් වැඩි කාලයක් නැති නිසා නිවාඩු ගන්න එච්චර කැමැත්තක් නොතිබුනත් ඔම්මගෙ බල කිරීම නිසාම මන් මේ ගමන ආවා.
ඊයේ රෑ නයිට් ශිෆ්ට් එක කරලා පාන්දර ගෙදර ආපු මම කොච්චර එන්න බෑ කිව්වත් ඔම්මා මගෙ බෑග්ස් ටිකත් එක්කම මාව කා එකට තල්ලු කරපු නිසා මන් ඉතින් ආවා.
මුලු ගමන් පුරාවටම මන් කළේ නිදාගත්තු එක.
හැබැයි ඉතින් යන්න අකමැති කියලා කිව්වට , මන් යන්න අකමැතිමත් නැහැ.ඉමෝගෙ පොඩි පුතා ජිමින් තමා පොඩි කාලෙ ඉදන් මගෙ හොදම යාලුවා.පොඩි කාලේ පොඩි දේටත් මරාගත්තු එක වෙනම දෙයක්.එයා මට හියුන් කෙනෙක් වුනාට අපි දෙන්නා එක වයසේ වගේ හැසිරුනේ.වෙලාවකට මන් එයාගේ හියුන් වගේ හිටියේ.ඉතින් එයාවත් අල්ලන් පිස්සුවක් නටන්න මගෙ හිතේ අකමැත්තක් නොතිබුනාම නෙමේ.
එතකොට ඉමෝගෙ ලොකු පුතා ජින්.ඉන්ජිනියර් කෙනෙක් වුනාට පිස්සු හටනක්.එයත් එක්ක කතාවට ගියොත් අපිව චොර කරලාම ඉවර කරනවා.ඒ කටට කොහෙන් වචන එනවද කියලා දෙයියෝ තමා දන්නේ.
කෙඋන් අබොජිගේ නම් වැඩි කතාබහක් නැතිවුනාට අපි හැමෝටම ගොඩක් ආදරෙයි.ඉමෝ ගැනනම් කතා කරලා වැඩක් නැහැ.අපේ ඔම්මගෙම කපාපු පලුව.නන්ස්ටොප් රේඩියෝ චැනල් එකක් වගේ තමා.
කට්ටියගේ පිස්සු වැඩ මතක් කර කර තනියෙන් හිනාවුනු මම ඉයර් පොඩ්ස් දෙක ගලවලා ෆෝන් එක අරන් මැසේජස් කියෙව්වා.ජිමින් හියුන්ගෙන් මැසේජස් 99+. උදේට කෑවද කියන එකේ ඉදන් වොශෲම් ගියාද කියන එක දක්වා එයා අහලා තිබ්බා.හිනාවෙවී ඒවට රිප්ලයි කරපු මන් බැලුවේ ක්වාටස් එක මෙච්චර දුරක තිබ්බේ ඇයි කියලා.යනවා යනවා ඉවරයක් නැහැ.
කෙඋන් අබොජිගේ පැත්තේ කසින්ස්ලා වගේකුත් එනවා කියලා ජිමින් හියුන් මැසේජ් එකක් දාලා තිබ්බා.ජිමින් ඒ කියලා තිබ්බ හියුන්ලා ගැන මම කලින් අහලා තිබ්බත් කවදාවත් එයාලව දැකලා තිබ්බේ නැහැ.ඒ හියුන්ලා හතර දෙනාගෙන් දෙන්නෙක් ෆෝස් ඔෆිසර්ස්ලා කියලා තමා ජිමින් හියුන් කිව්වේ.ඔව් ඉතින් කෙඋන් අබොජිගේ කසින්ස්ලා කියන්නේ ඒ වගේම වෙන්න එපැයි.
කෑම්ප් එකේ සෑහෙන ඇතුළට ආපු මම දැක්කා අපේ ඉස්සරහින් ගියපු ඉමෝලගේ කා එක ඇතුල් පාරකට හරවනවා.ඒත් එක්කම එතන තිබ්බ ලොකු ගේට් එකේ හිටපු සෙන්ට්‍රි කෙනෙක් ඇවිත් ගේට් එක ඇරියා
ගේට් එකේ ඉදනුත් ටික දුරක් ඇතුලට ගියපු හන්ජේ අන්කල් කා එක නැවැත්තුවෙත් ඉමෝලා එළියට ආවෙත් එකටම වගේ.
T.B.C____________________ 🌊⚓
හැලූ😗
අලුත් කතාව😗
මහා පතරංග ජාතකේ වගේ දිග කතාවක් ඈ මේක😌🙂💔
මන් අසරන වෙලා වගේ හිතට දැනෙනවා..........
අනේ දෙවියනේ මට වුනු වියෝයා
මගේ පොඩි හිතත් ෆෝස් ඔෆිසර් කෙනෙක් අරගෙන ගියෝයා😗😂💔
#අසරණ බවේ උපරිම😗💔

කවර් එක කෝමද?😎
මන් හැදුවේ😌🔥
හිකි හිකි හිකි ස්වයං වර්ණනා😂💔
එනිවේ අදහස් කියන් යන්න.
සෙකන්ඩ් එප් එක හවසට දෙන්නම් 😎🔥
අදහස් කියන් යන්න
වෝට් කරන්න , කමෙන්ට් කරන්න, ශෙයා කරන්න ප්ලීස්🥺❤️
#හිතේ_ගැබ්ව_ඇති_දැඩි_ආතතිය_පිට_කරගැනීම_පිණිස_රචනා_කරන_ලද්දකි😗🙂💔
ටටා
Stay safe ya'll
LYSM❤️
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top