3

ඔහු නිවසට පැමිණ දින තුනක් පමණ ගතවුවද මව වෙත ගෙනා කැමීලියා කළඹ විසිත්ත කාමරයේ වූ මල් බදුනක රැදී තිබුණා.

ඔහුගේ දිනයන් ගත වන්නට වූයේ කාමරයට සීමා වෙමින්‍ ය. ඔහුගේ නව ඇල්බමයේ කටයුතු නිසාවෙන් ඔහුට බලාපොරොත්තු වූ විවේකයවත් ලබාගැනීමට නොහැකි විය.

නිවසේ සීනුව නාදවෙමින් පැමිණියේ ඔහුගේ මිතුරා, හොසෝක් ය. මිතුරාගේද සහාය ඔහුගේ කටයුතු වලට ලැබීය.

පරිගණකයෙන් සිහින් ලෙස නැගෙන සංගීත නාදය අතරින් මිතුරා හඩ අවදි කළේය.

" යුන්ගියා අර කැමීලියා බොකී එක වෙනුවෙන් ඔයා ස්තුතියි කළාද. එයාගේ ගාර්ඩ්න් එකෙන් ඒ බොකී එක හදලා දුන්නේ"

කිසිදු ප්‍රතිචාරයක්වත් දැක්වීමට උත්සුක නොවූ ඔහුගේ අවධානය පරිගණක තිරයේ රැදී තිබුණේය. මිතුරා නිහඩ වූයේ නැවතත් ඔහුගේ අවධානය බිද දැමීමට අවැසි නොවූ නිසාය.

සවස නිමා වනවාත් සමග හොසෝක් ඔහුගේ නිවසින් පිටවීය. පැයක් පමණ ස්නානයට ගත කළ ඔහු නැවත පැමිණ මේසයෙන් ඉදගත්තේ උණුසුම් තේ පානයක්ද සමගයි.

එයින් උගුරක් පානය කළ ඔහු කෝප්පය මේසය මත තැබුවේ මේසය මත වූ යමක් දුටු නිසා. හොසෝක් තබා ගිය කාඩ් පත, ඔහු එයට අතට ගත්තේය.

එහි වු නමට ඔහුගේ අවධානය යම් මොහොතක් වෙන්විය. ඔහුගේ සිත මදකට කලබල වූයේ කාඩ්පතෙහි වූ යමක් ඔහුගේ මතකයේද සියුම් ලෙස රැදී තිබුණු හෙයින්.

.

.

.

.

.

රාත්‍රියේ දී සහයිකාවට සමුදුන් ඔහු නිවෙස වෙත පියනැගුවේය. මව හා පියා සමග රාත්‍රී කෑමට එක්වූ ඔහු කෑමෙන් පසුව කාමරය වෙත ගියේය.

ඇදෙහි වාඩි වී කියවීමට අතට ගත් පොත පසෙකට විසිකළේ ඔහුට එක වරම කැස්සක් පැමිණි නිසා. ඔහු මුළු දෑතින්ම මුව වසාගත්තේය.

කැමීලියා පෙති,

ඔහුගේ මුවින් නැවතත් පිටවීය. වසර හතරක සිට ඔහුගේ සිතෙහී ලැගුම් ගත් ඒක පාර්ශ්වික ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පෙනහැලිවල කැමීලියා පැළයක් හට ගන්නට විය.

නැවතත් කැස්සක්. ඔහුගේ ඇද පුරාම කැමීලියා පෙති විසිරී ගියේය.

........................................................................................

-wind_road-

Bạn đang đọc truyện trên: AzTruyen.Top