2
කවුළුව අතරින් පැමිණි හිරු රැස් ඔහුව අවදි කළේය. වෙහෙසින් විවෘත කළ ඔහුගේ දෑස්වල ගැටුණේ ඔහුගේ කොට්ටය අසල වූ මල් පෙති කිහිපය ය. රත් පැහැ ගැන්වූ ඇගිලි වලින් ඒ මල් පෙති ස්පර්ශ කළ ඔහු,
"කැමීලියා "
ඔහු මිමිණුවේය. අවදිව කෝපි කෝප්පය ද රැගෙන ඔහු ඔහුගේ සතුටු ස්ථානය වෙතට පියනැගීය. එහි දොර විවෘත වන විට නැගුණු සීනු හඩ ඇතුළින් ගලා ආ මල් සුවද හා එක්විය. පැළද ගත් ඒප්‍රනය ද සමග ඔහු රෝස පොකුරු නවාතැන් ගන්වා තිබූ භාජනවලට නව ජලය එකතු කළේය.
මද වෙලාවකින් පැමිණි ඔහුගේ සහයිකාව ඔහුට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කළාය.
" ගුඩ් මෝර්නින් මිස්ට ජිමින් "
ඔහුද ඇය හා එක්ව දවසේ වැඩ කටයුතු ඇරඹුවේය.
.
.
.
" කැමීලියා බොකී එකක් "
අලුතෙන් පැමිණි පුද්ගලයෙක් සහයිකාවට පවසන විට ඔහු නැවත නිවස වෙත දිව්වේය. ඔහු නැවතුණේ නිවසේ කුඩා උද්‍යානයේ වූ කැමිලස් ගස අසලය. එයින් කපා ගත් මල් කිහිපයක් ඔහුගේ අතෙහි ප්‍රවේශමෙන් රදවා ගත්තේය.
රන් පැහැ කඩදාසියකින් එතූ කැමීලියා කළඹ ජිමින් එම පුද්ගලයා වෙත ලබා දුන්නේය. ඔහුගේ ස්තුතිය ජිමින් වෙත මහත් සතුටක් ගෙන ආවේය.
ඔහුගේ මුදල ජිමින් විසින් ප්‍රතික්ෂේප වූයේ ඔහුගේ කැමැත්තෙන් ඔහුගේ උද්‍යානයේ මල් පුද්ගලයාට ලබා දුන් නිසාය.
ඔහුගේ නැවත ස්තුතියෙන් පසු ජිමින්ගෙන් කාඩ් පතක් රැගෙන ඔහු ඔවුන්ට සමු දුන්නේය.
...........................................................................................
-wind_road-
Bạn đang đọc truyện trên: AzTruyen.Top