𝗴𝗶𝗿𝗹𝗳𝗿𝗶𝗲𝗻𝗱🍂


තමන්ගේ රටෙන් පිට වෙලා නොදන්න මුනු ගොඩාක් එක්ක ජීවත් වෙන එක එක්තරා විදිහකින් ලොකු අභියෝගයක්. ශෙහාන්ටත් ඒ වගේම තමයි. ශෙහාන්ගේ තාත්තා හිටියේ අසනීප තත්වයෙන්. ඉතින් ශෙහාන්ට ගෙදර යන්නත් බැරි උනා තිබ්බ වැඩත් එක්ක. ඒ වගේම ශෙහාන්ට එහේ ඉන්න එක එපා කරලයි තිබ්බේ. ගෙදරත් එක්ක කතා කරන හැම වෙලාවෙම ඇහැට කදුලක් ආවා ගෙදර මතක් වෙලා. එහේ ඉන්න එක ශෙහාන්ට පිස්සුවක් වගේ උනා. ඒත් කොහොම හරි ඉවසගෙන මේක ගොඩ දාගන්න ශෙහාන්ට ඔනේ උනා. එයා පුලුවන් තරම් ශක්තිමත් උනා.

ශෙහාන්ලා කරපු ඩිග්‍රි එක හුගාක් අමාරු එකක්. එම්ටනම් ඒ අතින් පුංචි නිදහසක් තිබ්බා එයා කරපු ඩිග්‍රි එකත් එක්ක. එම් පුලුවන් තරම් බැලුවේ එයාගේ රූම්මේට්ස්ලා දෙන්නට කරදරයක් නොවී ඉන්න. ඒ දෙන්නට උදව්වක් වෙන විදිහට ඉන්න එමී හැම දිස්සෙම උත්සාහා කලා. එම් හරි අහිංසක ලස්සන චරිතයක් කියන එක වීර් වගේම ශෙහාන්ට උනත් ඒ පොඩි දවස් ටිකට තේරුනා. එම් එයාගේ යාලුවෝ දෙන්නට කෑම හදලා දෙනවා වගේම ඔන දේකට උදව් කරනවා. එම් හරිම සුහදශීලි. වීර් උනත් හැම දිස්සෙම පොඩි එකෙක්ට වගෙයි එම්ට සැලකුවේ.

තුන්දෙනාම ඉන්න වෙලාවටනම් ශෙහාන්ගේ කට වැහිලා. එයා ඉතින් එම් එක්ක වැඩිය කතා කරන්න එහෙම යන්නේ නෑ. වීර්ට යාලුවෝ එහෙම හුගාක් හිටියා. ඉතින් එ කොල්ලා හුගාක් දවසට එපාර්ට්මන්ට් එකට එන්නේ නෑ. එලියෙම තමා ඉන්නේ. ඔන්න ඔය වගේ දවසට ශෙහාන් එම් එක්ක හොදට කතා කරනවා. ශෙහාන්ට දැනුනේ දෙන්නා හස්බන් n වයිෆ් වගෙයි.

එම් වීර්ට එහෙම උදව් කරනවා හරියට. ඉතින් ඕන දෙයක් කරලා දුන්නම වීර් හරි සතුටෙන් තෑන්ක් කරනවා වගේම ඔන දෙයක් කරලා දුන්නම ඒක පිලිගන්නවා. ඒත් ඒකට ශෙහාන්. එයා එයාගේ වැඩ කර ගත්තේ තනියෙම. ඔය වෙලාවට එම්ට හිතුනේ එයා උදව් කරන එක ශෙහාන්ට වදයක් වෙන්න ඇති කියලා.

වීර්ට හිටියා ලස්සන කෙල්ලෙක් සප්නා කියලා. දෙන්නා මෙහෙදිත් එකටම තමයි ඉන්නේ. දවසක් වීර් එම්ට කතා කරලා

" මම අද එද්දි පරක්කු වෙනවා.. ආහ් ඒක නෙවෙයි අද සප්නා එනවා. අදට විතරක් රූම් එක දෙනවද... කමක් නෑ නේද...?"

"අනේ කමක් නෑ... "

එම් කෝල් එක කට් කරලා කල්පනා කලේ කොහෙද යන්නේ කියලා. එම් ලෙච්චස්වලට ගිහින් එපාර්ට්මන්ට් එකට එනකොට, කවුරුත් ඒ වෙනකොට ඇවිත් හිටියෙ එහෙම නෑ. ඉතින් එම් රූම් එක ලස්සනට අස් කරා.

එම් ඩිනර් එක හැදුවේ එයාටයි ශෙහාන්ටයි විතරයි. වීර් එලියෙන් කාලා එනවා කිව්ව නිසා එම් ඒ දෙන්නට කෑම හදන්න ගියේ නෑ. එම් කාමරේ අස් කර කර ඉද්දී දොර අරින සද්දෙ ඇහිලා හැරිලා බැලුවේ කවුද කියලා. ඒ ආවේ ශෙහාන්. ශෙහාන් හිනාවෙවී ඇතුල්ට ඇවිත්

" ඔන්න අදනම් ඔයාට ඉන්න තැනක් නෑ... 😅"

" ඔව් නේද බිම තමයි ඉන්න වෙන්නේ මට අද.. 😐😄"

එම්ට ඇත්තටම හිතුනා එයාට එලියේ ඉන්න වෙයිද දන්නෑ කියලා. නිකන් හරි ශෙහාන් එයාව රූම් එකට ගන්න කැමති උනේ නැත්තන් හේම කොල්ලට එලියෙම තමා නිදා ගන්න වෙන්නේ. එම්ට දැන් අහන්නත් බයයි මන් එන්නද ඔයා එක්ක නිදාගන්න කියලා. ඒම අහන්න තරම් එම්ට ශක්තියක් තිබ්බේ නෑ. ලැජ්ජකාරයනේ ඉතින්. ඕක අහලා නිකන් හරි බෑ ඔයා එලියට යන්න මන් කැමති නෑ කිව්වොත් හේම කාට කියන්නද ඉතින්. (😂)

එම් වගේම ශෙහානුත් දෙන්නා ඩිනර් එකත් එකට අරගෙන ඉද්දී ඔන්න අර ජෝඩුව ආවා රූම් එකට. දෙන්නා හිනාවෙවී ඇවිල්ල කතාවට වැටුනා.

" ඔය දෙන්නා අදට මන් වෙනුවෙන් රූම් එක ශෙයා කරගන්න හොදේ😉.... "

එම්ට හරි සතුටුයි ඉතින් දැන් ඉතින් එයාට ඉන්න තැනක් තියෙනවනේ. කොල්ලට එලියේ නිදාගන්න තියෙන බයත් නැති උනා ඉතින්. වීර් එහෙම කියපු නිසා ඒක එමීට උදව්වක් උනා. අහගන්න බැරුව හිටිය එකනේ දෙයියනේ... වීර් ඇවිල්ලා එකපාරින්ම කියලා කරලා දුන්නේ. එම් ඉතින් එයාගේ බඩු ටිකත් උස්සගෙන ශෙහාන්ගේ රූම් එකට ගිහින් අස් කර ගත්තා.

එදා ශෙහාන් මාර හන්ඩ්සම්. එම්ට ශෙහාන්ව දැක්කම හරි අපුරු හැගීමක් දනුනා. එම්ට ශෙහාන් ගාව ඉද්දී දැනුන හැගීම එයාව ශෙහාන්ගේ ලෝකේ අතරමන් කරවන්න පුලුවන් උනා. එම් ආස කලා ශෙහාන්ගේ ලස්සන හිනාව දකින්න.

දෙන්නා නිදාගන්න ඇදට ගියේ ඔක්කොම වැඩ ඉවර කරලා දාලයි. දෙන්නා ඒ වෙද්දී කොච්චර හොද යාලුවෝ උනත් ශෙහාන්ට හරි අවුල් දෙන්නා එකට ඇදේ ඉද්දී. ඒක ඒ දෙන්නටම තිබ්බා. ඒ ඇයි කියන්නනම් ඒ දෙන්නා දැනම් හිටියේ නෑ. කෙලින් නොබලන ඇස් හොරාට කට කොනට එන හිනාව ඒ අතරේ දැනෙන අමුතු හැගීම් ඒවා දෙන්නට හරිම ආගන්තුක උනා.

දෙන්නා ඉතින් එක එක කතා කියවන්න ගත්තා. දෙන්නගෙ පවුල් ගැන රට රටවල් වල ෆැමීලිස් ගැන. ඉතින් ඔය අතරේ එම්

" ඔයාගේ ගර්ල් ලංකාවෙද...?🙄"

එමී එක අහලා අනිත් පැත්තට හිතුවේ ' මම කරන්නේ ඉන්න තියෙන තැනත් නැතිකර ගන්න හදන එකද මන්දා..' කියලා.

" නෑ... මට කලින්නම් කෙනෙක් හිටියා. ඒත්....... මෙහෙට එන්න කලින් ඒක නැති උනා....ඉතිම් දැන් මට ගර්ල් කෙනෙක් නෑ.."

" ඔයාට පාට්න කෙනෙක් එහෙම නැද්ද...?😉"

එම් සීනී බෝලේ වගේ නිසා ශෙහාන් ඉතින් එහෙම ඇහුවා. මොකද ශෙහාන් දැනම් හිටියේ නෑ මේ සීනී බෝලේ straigද gay ද කියලා. ඉතින් ඒ චකිතයත් එක්ක දැනගැනීමේ කුතුහලෙන් එමිගෙන් අහලා දැම්මා.

" තාම නෑහ්... 😄"

එම් එහෙම කියලා හිනා උනා.

ශෙහාන් ඒ පාර ඇහුවා

" මම ලෑම්ප් එක ඕෆ් කරන්නද...😐"

' ඇයි මන් එහෙම ඇහුවේ.. නිකන් කෙල්ලෙක්ගෙන් අහනවා වගේ..' කියලා ශෙහාන්ට නිකන් හිතුනා.

එදා රෑ දෙන්නා නින්දට ගියේ හරි සතුටෙන්. මොනා උනත් එම්ටනම් ශෙහාන්ව හොදටම හිතට දැනුනා.

...................🌤️🌈️...........................

උදේම ශෙහාන් හිරි ඇරලා කම්මැලිකමේ නැගිටිද්දී එම් ඇදේ ඉදගෙන කිරි එකක් බොනවා.

" ඇයි අද පරක්කු...🤔"

ශෙහාන් වෙන්දට නැගිටිද්දි එම්ව දකින්න හම්බෙන්නෑ. එම් එතකොට ජොකින් පාත් එකේනේ. එම් ඇස් දෙකත් ලොකු කරගෙන හරි හුරතල් මූනක් හදාගෙන

" වොශ් දාගන්න රූම් එකට යන්න විදිහක් නෑනේ...🙄"

කියලා. එතකොට තමයි ශෙහාන්ට මතක් උනේ අර කපල් එක තාම රූම් එකේ නේද කියලා. ඉතින් මෙයාට වොශ් දාගන්න යන්න විදිහක් නෑනේ...

දෙන්නට හිනා ඉතින්. එදාත් ඒ දෙන්නා හොදට කතා කලා. දෙන්නටම දැනුනා වෙන්දට වඩා දැන් ඒ දෙන්න හුගක් ලගින් ඉන්නවා කියලා.

ඔහොම කාලය ගෙවෙද්දී එම්ට තේරුනා එයා ශෙහාන් ගැන ඔනාවට වඩා හොයනවා කියලා. එයාට ඔනේ උනේ නෑ ඒක පෙන්නන්න. දෙන්නට දැනෙයි කියන බය නිසාම එයා ඒක හන්ගන් හිටියා. ඒ දෙන්නටනම් ඒක තේරුනේවත් නෑ ඉතින්. ඒත් ශෙහාන් රෑට එන්න පරක්කු උනාම එම්ට වීර්ගෙන් අහන්න හිතුනා ශෙහාන් කෝ කොයලා ඒත් එහෙම අහන එක හරි නෑ කියලා හිතුව එම් ශෙහාන් එනකල් බලන් හිටිය.

දවසක් රෑ එම් තනියෙම කෑම හදද්දී ශෙහාන් ඇවිත්

" හෙල්ප් එකක් ඔනෙද...? 😉"

" කොහෙද ඉතින් පාට්නර් කෙනෙක් හිටියට කිසි වැඩක් නෑනේ.. 🙄"

එම් එහෙම කිව්වේ,
එයා එහෙම කිව්වම ශෙහාන් මොන වගේ උත්තතරයක් දෙයිද කියලා දැන ගන්න තියෙන ආසාවට.

" ආ මම මෙහෙම හරි එනවා.. අනිත් එක්කෙනා එන්නේ කන්න විතරනේ..."

ශෙහාන් ඒක ගත්තේ අනිත් පැත්තටනේ. එයා හිතුවේ උයන්න උදව් වෙන පාට්න ගැන කියනවා ඇති කියලා. එම් ඉතින් හිතින් බැන්නේ 'මෝඩකම.. මෝඩකම.. වෙන මොනාද්..' කියලා. එම් ඉතින් මොකුත් නොකියා හිනා උනා.

එම් දන්නෙම නැතුව පිටිපස්සට අඩිය තියද්දී ශෙහාන්ගේ ඇගේ වැදුනා. එම් ටක්ගාලා හැරිලා බෙල්ලත් නවාගෙම මූනත් හදම්

" සොරි සොරි.."

ගාන්න ගත්තා. එම් හැමදිස්සෙම පොඩි දේටත් ඔය වගේ සොරි කියනවා. මේකා හැමදිස්සෙම ඔහොම කරද්දී ශෙහාන්ට හරි අවුල් ඉතින්. එම් හරි හුරතල් එහෙම කරද්දී.

දෙන්නට දෙන්නා දැන් දැන් උදව් කර ගන්න තරම්ම දෙන්නා ලන් උනා. ඒත් ශෙහාන්ටනම් එම්ව දැනුනේ යාලුවෙක්ව විදිහට.

වීර්ටනම් ලොකු ආසවක් තිබ්බා මේ කොල්ලෝ දෙන්නටත් කෙල්ලෝ දෙන්නෙක් යාලු කරෝලා දෙන්නා. ශෙහාන්ට වගේම එම්ටත් වීර් ඉතින් එකම වගේ ලන්වෙලා හිටියා. ඒ යාලුකම හරි ලස්සන එකක් උනා. ඒත් ඉතින් ශෙහාන්ට ගෙදරින් එනකොට තහන්චි දාලානේ තිබ්බේ එයාගේ අම්මා 'ඔයා යාලුවෙන්ඩෝනේ ලංකාවේ කෙල්ලෙක් එක්ක'... කියලා. ලංකාවේ කෙල්ලෝ එයාලත් එක්ක ගියෙත් නෑ. ඉතින් ශෙහාන් වැඩිය ඒ ගැන හිතන්න ගියේ නෑ.

දවසක් රෑ තුන් දෙනා එකතුවෙලා මැච් එකක් බලන්න ඉද ගත්තා. තුන්දෙනා කිව්වට එම් බැලුවේ නෑ. එයා වැඩිය ආස නෑ මැච් බලන් වැඩේට. එයා දෙන්නට එක එක ඒවා හදලා ලගට ගෙනත් දීලා ශෙහාන් ලගින් ඉදගෙන ශෙහාන්ගේ කකුල්ට උඩින් කකුලකුත් දාගෙන ඉයෆෝන් ගහන් සින්දුවක් අහ අහ හිටියා. එම්නම් හරි ආසාවෙන් එහෙම හිටියේ ඒ උනාට ශෙහාන්ටනම් ගානක්වත් නෑ. ශෙහාන් ඉතින් වීර්ගේ ඇග උඩත් නගිනවනේ එයාට ඕවා ගානක්ම නෑ.

(😂)

ඔය අතරේ වීර් ශෙහාන් එක්ක කෙල්ලෙක් ගැන කතාවෙන්න ගත්තා.

" මේ සප්නගේ යාලුවෙක් ඉන්නවා... එයා ඔයාට කැමති වගේ... මොකෝ කියන්නේ... "

" ඔන් නෑ මචන්..."

ශෙහාන් එකපාරටම එහෙම කියද්දී එම්ට ඉතින් හරි හැපී. ඒත් පස්සේ ශෙහාන්ම ආයේ කිව්වා

" මෙහෙම ඉන්න එකත් එපා වෙනවා. කවදා ලංකාවට ගිහින් කෙල්ලෝ හොයන්නද අනේ. ඔන්න ඔහේ ඔන එකක් බන්.."

එම්ගේ හිත බලාපොරොත්තුවලින් පිරුනා ශෙහාන්ට කෙල්ලොක් ඔන්නෑ කිව්වම. ඒත් ආයෙමත් ශෙහාන් කිව්ව දෙයින් එම්ට හොදටම රිදුනා. එයා සවුන්ඩ් උපරිම වැඩි කරලා සිංදුව ඇහුවා.

එම් හිතුවා මේක එයාගේ වැරැද්ද කියලා. කවුද කොහෙද කිසිම දෙයක් දන්නැති කෙනෙක් ගැන ඇයි මේම හිතන්නේ කියලා එම්ට හිතුනා.

___________________________________

Hi gyz.. 🌈️

අදහස් කියන් යන්න....

😉😉😉😉😉😉😉😉

Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top