Chapter 6
"තමුන්!!!"
"තමුසේ!!!"
ඇවිත් හිටපු කෙනා දැක්ක හැටියේ ජන්කුක්ට ඉදගෙන හිටපු තැනින් නැගිටලා කෑගැස්සුනේ ඉබේටමයි...ඒ කෙනත් ඊට නොදෙවෙනිව කෑගැහුවා...
ඇවිත් හිටියෙ පාක් ජිමින්...කෙටියෙන් කිව්වොත් ජන්කුක්ගෙ නැපි අදින කාලෙ ඉදන් හතුරා...ජන්කුකුයි ජිමිනුයි කියන්නෙ හරියට නයයි
මුගටියයි වගේ...දැක්ක තැනක් ඇතොත් එල්ලෙනවා...
පාක් ෆැමිලි එක කියන්නෙ ගොඩ කාලෙක ඉදන් ජොන් ෆැමිලි එකේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා...දෙගොලොන්ගෙම ජොයින්ට් වෙන්චර්ස් ගොඩක් තිබුනා...ඉතින් ජන්කුක් පොඩි කාලෙ ඉදන්ම ජිමින්ව අදුරනවා...දෙන්නම එක වයසෙ...පවුල් දෙකේ හිතවත්කම නිසාම දෙන්නම කින්ඩගාඩ්න් එකේ ඉදන් කොලේජ් යනකන්ම එකම ස්කූල්ස්වලට තමා ගියෙ...
ඔම්මලා අප්පලා අතරෙ මොන යාලුකම් තිබ්බත් ජන්කුක්ට ජිමින්වත්...ජිමින්ට ජන්කුක්වත් පේන්න බෑ... ජන්කුක්ට ජිමින් එක්ක පොඩි කාලෙ ඉදන්ම තිබ්බෙ ඉරිසියාවක්...
ජිමින්ගෙ හුරතල් පෙනුම නිසා හැමෝම ජිමින්ට ආදරේ කළා... කොටින්ම ජිමින් එයාලගෙ ගෙදර ආවාම ජන්කුක්ට තැනක් තිබ්බෙ නෑ...
ජන්කුක් ඉරිසියයි කියලා දන්න නිසාම ජිමින් කලේ ජන්කුක්ගෙ ගෙදර ආපු වෙලේ ඉදන් එක එක මායම් දාලා මිසිස් ජොන් එක්ක හුරතල් වුනු එක... ඉතින් ඇච්චො කාලෙ ඉදන්ම දෙන්නම ඔම්මව බෙදාගන්න බැරුව රණ්ඩුවුනා...
කොහොමහරි ජන්කුක්ට ජිමින් එක්ක තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වුනේ ජන්කුක්ගෙ හොදම යාලුව වුනු යුන්ගිව ජිමින් දැලේ දාගත්තු එක...
පවුලෙ සල්ලි බලය නිසා ජන්කුක්ට යාලුවො නම් මදි නොකියන්න හිටියා...හැබැයි ජන්කුක්ට ඇත්තටම යාලුවෙක් කියලා දැනුනෙ යුන්ගිව විතරයි...මොකද අනික් හැමෝම ජන්කුක් එක්ක හිටියෙ එයාගෙ සල්ලි නිසා...
යුන්ගිගෙ ෆැමිලි එක වුනු මින් ෆැමිලි එකත් ජොන් ෆැමිලි එකත් එක්ක ක්ලෝස් වුනු නිසා දෙන්නගෙ යාලුකමට පවුල්වලින් බාධාවක් තිබ්බෙ නෑ...
ජන්කුක් එක්ක තිබ්බ යාලුකම නිසා යුන්ගි නිතරම ජොන් මැන්ශන් එකට ආවා ගියා වගේම මිසිස් ජොන් එක්ක ඕපදූප කියවන්න ජිමිනුත් නිතරම එහෙ ආවා...ඕකෙන් මේකෙන් අන්තිමට හයිස්කූල් එකේ ලාස්ට් ඉයර් එකේදි යුන්ගි ජිමින්ට කන්ෆෙස් කළා...
ජිමින්ට අකමැති වුනත් ජන්කුක් යුන්ගිගෙයි ජිමින්ගෙයි රිලේශන්ශිප් එකට බාධා කළේ නෑ...
හැබැයි ඒ දෙන්නගෙ රිලේශන්ශිප් එක නිසා ජන්කුක්ට නොදැනිම එයා යුන්ගිගෙන් ඈත්වුනා...යුන්ගි හිතලා නොකලා වුනත් එයාටත් ජන්කුක්ව මගඇරුනා...යුන්ගි වැඩි කාලයක් ජිමින් එක්ක ගත කරනකොට ජන්කුක්ට අලුත් යාලුවෝ වගයක් හම්බුනා...
ජන්කුක් හැමදේම වරද්දගන්න පටන් ගත්තෙ එතනින් කිව්වොත් හරි...
යුන්ගිගෙයි ජිමින්ගෙයි රිලේශන්ශිප් එක තිබ්බෙ අවුරුදු දෙකක් විතරයි...ජන්කුක් හරියට නොදන්න හේතු ගොඩක් නිසා ඒ දෙන්නා බ්‍රේක් අප් වුනා වගේම යුන්ගි ඇතුලු මින් ෆැමිලි එකම ඇමරිකා වල පදිංචියට ගියා...පාක් ෆැමිලි එක කොරියාවලම හිටියා වුනත් ජිමිනුත් හයර් ස්ටඩීස්වලට රශියා ගියා...ජන්කුක්ගෙ මුලු ජීවිතේම විනාස වෙන්න පටන් ගත්තෙ එතන ඉදන්...ජන්කුක් යුන්ගි වෙනුවට හොයාගත්තු අලුත් යාලුවො ජන්කුක්ගෙ ජීවිතේ ටික ටික විනාස කළා...
ජිමින් ගැන කිව්වොත් ජිමින්ට නම් ජන්කුක් එක්ක තිබ්බෙ එකම ලොකු තරහයි...එයා ජන්කුක්ව ඉරිසියා කරවන්න පුලුවන් හැමදේම කලෙත් ඒ හේතුව නිසා...
ඒ තමයි ජිමින් ගොඩාක් ආස කරපු දොඩම් සුවද මකනෙ ජන්කුක් මොන්ටිසෝරියෙදි හොරකන් කරපු එක...
ජන්කුක් නොදන්නව වුනත් ජිමින් පොඩි කාලෙ ඉදන් යුන්ගිට කැමැත්තෙන් හිටියා...ඔය මකනෙත් ජිමින්ට පොඩි කාලේ යුන්ගි දීපු බර්ත්ඩේ ප්‍රසන්ට් එකක තිබිලා හම්බුනු එකක්...ඒත් පොඩි කාලෙ ඉදන් මැර වැඩ පුරුදු ජන්කුක් ජිමින්ට රිද්දන්න ඕන නිසාම ඒක හොරකන් කළා...හොරකන් කරලා නිකන් හිටියෙ නෑ...ඒක කෑවා...මකනෙ හොරකන් කළේ ජන්කුක් කියලා ජිමින් දැනගත්තෙ ජන්කුක්ගෙ කටේ තිබුනු මකන කුඩු ටීචර්ට අහුවුනු නිසා...
ඉතින් දැන් මැරේජ් ප්‍රපෝසල් එකක් බලන්න ආපු ජන්කුක්,ජිමින්ව දැක්කහම යකා නගින එක පුදුමයක් නෙමේනෙ...මොකද පවුල් දෙකම ලගින්ම ආශ්‍රය කළා... ඔම්මා කිව්වෙත් ප්‍රපෝසල් එක අප්පගෙ යාලුවෙක්ගෙන් කියලා... ඉතින් ජන්කුක්ට සැකයක් තිබ්බෙ නෑ තමන්ට බන්දන්න හදන්නෙ ජිමින්ව කියලා...
ජන්කුකුයි ජිමිනුයි ගහගන්න වගේ මූනට මූන බලන් ඉද්දි මිසිස් ජෝන් ජන්කුක්ට රවලා ජන්කුක්ගෙ අතින් ඇද්දෙ වාඩිවෙන්න කියන්න...හැබැයි ජන්කුක් නෙමේ හෙල්ලුනෙවත්...
"ඔම්මා ප්ලීස්...මට නම් කියන්න එපා ඔයාල මට ප්‍රපෝස් කළේ මේ කොටාව කියලා...ආයේ අහන්න එපා මන් මේකට කැමති නෑ..." ජන්කුක් අඩි පොළවෙ ගහද්දි අත් දෙක බැදගත්තු ජිමින් ජන්කුක්ට ගැස්සුවා...
"පුතා මේ බොරුවට කෑගහන්න එපා...මන් කියන දේ-..."
"ඔම්මා මට මොනවත් අහන්න ඕනේ නෑ...මන් මෙයාව නම් බදින්නෙ-..."
"ජන්කුක් පිස්සෙක් නොවී වාඩිවෙනවා..." මෙච්චර වෙලා මුකුත් නොකියා ජන්කුක්ගෙ කෑගැහිල්ල බලන් හිටපු මිස්ටර් ජෝන් සද්දෙන් කිව්වත් වාඩිනොවුනු ජන්කුක් අප්පගෙ දිහාවට හැරුනා...
"ඒත් අප්පා ම-..."
"එකපාරක් දෙයක් කිව්වහම අහනවා ජන්කුක්..." අප්පගෙ දරදඩු මූන දිහා බලන්ම ජන්කුක් සෝෆා එකෙන් වාඩිවුනේ අත් දෙක මිටමොලව ගන්නකමන්...
"දැන් අපි කවුරුහරි තමුන්ට කිව්වද තමුන් මැරි කරන්නෙ ජිමින්ව කියලා..." ජන්කුක් වාඩිවුනු හැටියේ මිස්ටර් ජොන් ඇහුවේ ජන්කුක්ගෙ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි...මෙතන සිද්ද වෙන දේ අගක් මුලක් තෝරගන්න ජන්කුක් අපොහොසත් වුනා...
"එතකොට මෙයා මොකද මෙතන කර-..."
"ජිමින් පුතා....එයාව එක්කන් එන්න..." ජන්කුක්ට කතා කරන්න නොදී මිස්ටර් ජොන් කියද්දි ජන්කුක්ට රවපු ජිමින් ලිවින් රූම් එකෙන් එළියට ගියා...
"අප්පා කාවද මට ප්‍රපෝස් කළේ...ප්ලීස් මගෙ ඔලුව අවුල් කරන්නෙ නැතුව ඔය දෙන්නගෙන් කවුරුහරි මට කියනවද මොකද්ද මෙතන වෙන්නෙ කිය-..." ඔම්මයි අප්පයි දෙන්නම ජන්කුක්ව නොසලකා හැරලා ලිවින් රූම් එකට එන කා දිහාහරි බලන් ඉන්නව කියලා තේරුනාම ජන්කුක් කිය කිය හිටපු එක නවත්තලා ජන්කුක් ඔම්මලා බලන් හිටපු දිහා බැලුවත් මේ පාර නම් එයාට තරහ ගියෙ නෑ...
මොකද එතන හිටියෙ එයා කීයටවත් දකින්න බලාපොරොත්තු වුනු කෙනෙක් නෙමෙයි...
"ටේහ්‍යුන්!!!..."
***
"එහෙනම් ටේහ්‍යුන් පුතා...මම වෙඩින් ඇරේන්ජ්මන්ට්ස් කරනවා...ඔයාට ඕනකරන මොනවාහරි තිබුනොත් මට කියන්න...ජිමින් පුතා ඔයා පොඩ්ඩක් ටේහ්‍යුන් ළගින් ඉන්න..." මිස්ටර් ජෝන් කියද්දි ටේහ්‍යුන් බිම බලාගෙන ඔලුව වැනුවේ හිමින් සැරේ අහක බලන් ඉන්න ජන්කුක් දිහා බලන ගමන්...
ටේහ්‍යුන්ව දැක්ක වෙලාවේ ඉදන් ජන්කුක් හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව...කොටින්ම එයා කීපපාරක් එයාවම කොනිත්තන් බැලුවා එයා දකින්නෙ හීනයක්ද කියලා...ඒතරමටම මේ සිද්දවෙන දේවල් වල අගක් මුලක් ගලපගන්න ජන්කුක් අපොහොසත් වුනා...
එක සතියට මෙච්චර දේවල් වෙනස් වුනේ කොහොමද කියලා ජන්කුක්ට අදහසක් තිබුනේ නෑ...සතියකට කලින් හිටපු ටේහ්‍යුන් නෙමේ දැන් හිටියෙ...ඇදුම් පැලදුම් ගොඩක් වෙනස් වෙලා...එයාගෙන් අහන්න ගොඩක් දේවල් තිබ්බත් ජන්කුක්ට ඉස්සෙල්ලම අහන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිවුනා...
ටේහ්‍යුන් ජන්කුක්ගෙ ඔම්මයි අප්පයි එක්ක කතා කළේ හොදට අදුරන දෙන්නෙක් එක්ක කතා කරනවා වගේ...වෙන එකක් තියා ජිමින් ටේහ්‍යුන්ගෙ ලගම යාලුවෙක් කියලයි ජන්කුක්ට පෙනුනේ...ඒත් එදා ටේහ්‍යුන් කිව්වෙ තමන්ට කවුරුත් නෑ කියලනෙ...එතකොට ටේහ්‍යුන් එදා කළේ බොරුවක්ද...ටේහ්‍යුන් දැන් ඉන්න විදිහ මොකක් වුනත් එදා කළේ බොරුවක් කියලා පිළිගන්න ජන්කුක්ගෙ හිත එකග වුනේ නෑ...
ඔක්කොටමත් වඩා ජන්කුක්ට තිබුනු ප්‍රශ්නෙ ටේහ්‍යුන්ගෙ දරුවා...ඔම්මයි අප්පයි මේ දේවල් දන්නවද...ටේහ්‍යුන්ගෙ ඇත්ත තත්වෙ දැනගෙනද මේ ප්‍රපෝසල් එක ගෙනාවෙ...ජන්කුක්ට කිසිම දේකට උත්තර තිබුනෙ නෑ...ඒ දරුවා බාරගන්න එක ජන්කුක්ට කොහෙත්ම ප්‍රශ්නයක් නෙමෙයි...මොකද ඒ වෙද්දිත් එයා ඒ පොඩි කෙල්ලට ආදරේ කරන්න පටන් අරන් තිබ්බා...ඒත් දෙමාපියො දරුවෙක් ඉන්න කෙනෙක්ට තමන්ගේ පුතාව දෙයිද?...අප්පා කෙසේ වෙතත් ඔම්මත් මේකට එකග වුනේ කොහොමද කියන එකයි ජන්කුක්ට තිබුන ප්‍රශ්නෙ...
කීපපාරක් අප්පගෙයි ඔම්මගෙයි කතාවට මැදි වෙන්න උත්සහ කළත් අප්පා ඒකට ඉඩ නොදුන්නු නිසා ජන්කුක් කට වහන් පැත්තකට වුනා...කොහොමත් එයාට ඕනකරලා තිබ්බෙ ටේහ්‍යුන් එක්ක තනියම කතා කරන්න...
අන්තිමේදී පැයක විතර කතාවෙන් පස්සෙ අප්පයි ඔම්මයි ආපහු යන්න ලෑස්ති වුනත් ජන්කුක්ට ඕනේ වුනේ ටේහ්‍යුන් එක්ක තනියම කතා කරන්න...
"අප්පා මම ටේහ්‍යුන් එක්ක-..."
" ඒ දේවල් පස්සෙ කතා කරගමු පුතා...දැන් මට හදිස්සියි..." ඔම්මා ගිහින් ටේහ්‍යුන්ව හග් කරද්දි අප්පා අපාට්මන්ට් එකෙන් එලියට ගියෙ ඔම්මත් ඒ පස්සෙන් ජිමින් එක්ක කතා කරමින් එලියට යද්දි...
"දොර ගාවට ගිහින් කියෝන ඔම්මයි ජිමිනුයි දිහා බලපු ජන්කුක් තවමත් සෝෆා එක ගාව හිටන් තමන් දිහා නොබලන්න උත්සහ කරන ටේහ්‍යුන් ළගට කිට්ටු වුනා...
අහන්න ප්‍රශ්න දාහක් තිබ්බත් ජන්කුක් ඇහුවේ ටේහ්‍යුන් කොහෙත්ම බලාපොරොත්තු නොවුනු ප්‍රශ්නයක්...
"දුව කෝ?..." ජන්කුක්ගෙ ප්‍රශ්නෙත් එක්ක ඇස්වල කදුලු පිරුනත් ඒවා හංගගත්තු ටේහ්‍යුන් කෙලින්ම ජන්කුක්ගෙ ඇස් දිහා බැලුවා...
"දූ කාමරේ...නිදි..." ටේහ්‍යුන් ඇහෙන නෑහෙන ගානට කියද්දි ජන්කුක් යන්තම් ඔලුව වැනුවා...
"හ්ම්ම්...පරිස්සමින් ඉන්න..." ටේහ්‍යුන්ට කතා කරන්න ඉඩක් නොතියපු ජන්කුක් දොර ගාව හිටපු ජිමින්ගෙත් ඇගේ හැප්පීගෙන එළියට යන්න ගියේ ජිමින් ජන්කුක් දිහාවට ඇද කරද්දි...
ටේහ්‍යුන්ගෙ ඇස්වල ලියවුනු මොකද්දෝ දෙයක් අහන්න හිටපු ගොඩක් දේවල් ජන්කුක්ට අහන්න අමතක කෙරෙව්වා...හැබැයි ඒ හැමදේකටම උත්තර අනිවාරෙන් ජන්කුක්ට ඕනේ...කාගෙන්හරි...
***
"අප්පා...ටේහ්‍යුන් කියන්නෙ කවුද? මොන සම්බන්දෙකටද ඔයාල මට එයාව ප්‍රපෝස් කළේ..."
"කෑනොගහා වාඩිවෙනවා පුතා...ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම මන් උත්තර දෙන්නම්..."

••••••••••••••••••••••••••••
ආහ් දැන් හැමෝම කෑනොගහ වාඩිවෙන්න...ජොන් අන්කල් උත්තර දෙන්න යන්නෙ 😌😂
එක පූසි පැටියෙක් ඊයෙ උත්‍තරේ ගෙස් කරලා තිබ්බා නේ? 🌚 ජිමිනි කියලා...ඔයාලා දස්සයි හුම්ම් 😌
ඔන්න මන් පොරොන්දු වුනු බෝංචි ඇට තුන 🫘😌🤭 (අරන් ගිහින් පැල කරන්න...මාස තුනෙන් කරල් කන්න 😌)
ඔන්න පොරොන්දු වුනු පරිදි ඉම්මනට දිගඅඅඅඅඅඅඅඅඅ චැපක් දුන්නා...
දැන් මන් යනෝ නැපක් දාන්න

අපි හැමදාම හිටියෙ එක මතේ...
ඒ නිදිමතේ!...😼
ගිහින් එන්නම් බබීස් 🫶
Stay safe
LYSM❤️
_Fayette_
240424
Bạn đang đọc truyện trên: AzTruyen.Top