Chapter 4

One month later

එදා ඇතිවුනු කතාබහින් පස්සෙ ඔම්මට කියල කොහොමහරි ගැලරි එකේ වැඩ කරන්න අප්පගෙන් ප'මිශන් ගත්තු ජන්කුක්ගෙ මුලු කාලෙම ගතවුනේ ඔෆිස් එකෙයි ගැලරි එකෙයි වැඩවලට...
මැරේජ් එක ගැන කතාව අප්පට අමතක වෙයි කියලා හිතපු ජන්කුක් උදේ වරුවම ඔෆිස් එකේ වැඩ කරලා හවස ගැලරි එකට ගිහින් ඇවිත් ආයෙ මහ රෑ වෙනකනුත් ඔෆිස් එකේ වැඩ කම්ප්ලීට් කළා...
මුලු දවසම නැහිලා නැහිලා ඇදෙට වැටෙනවා ඇරෙන්න ජන්කුක්ට වෙන දේකට හිත යොමුකරන්න කාලයක් හම්බුනේ නෑ...ජන්කුක් කියන්න තරම් වැරැද්දක් නොකරන නිසා මිස්ටර් ජොනුත් ජන්කුක් පස්සෙ වැඩිය පැන්නුවෙ නෑ...

ඉතින් මාසෙකට විතර පස්සෙ ඔන්න අද තම ජන්කුක් දෙයියනේ කියලා ගෙදර ඉන්නේ...සෙනසුරාදටත් ඔෆිස් යන්න තිබ්බත් ජන්කුක්ට විවේකයක් ඕනේ කියලා හිතුව නිසාම අප්පා බලෙන්ම ලීව් එකක් දීලා තිබ්බා...

ගැලරි එක කොහොමත් වීකෙන්ඩ් එකේ වහන නිසා ජන්කුක් ප්ලෑන් කරලා තිබ්බෙ මුලු දවසම නිදියන්න...මොකද ඔම්මයි අප්පයිත් උදේම කොහෙද යනවා කිව්ව නිසා...
හැබැයි අපි බලාපොරොත්තු වෙන හැමදේම එහෙමම වෙන්නෙ නෑනෙ නේද...? විශේෂෙන් ප්ලෑන් කරලා නිදාගන්න හදනවා කියන්නෙ අනිවාරෙන් එදාට මොකක් හරි වැඩක් වැටෙනවා...

යන්තන් උදේ දහය විතර වෙනකන් පස්ස උඩ දාන් නිදාගත්තු ජන්කුක් ඇහැරුනේ මහ හයියෙන් ෆෝන් එක රින්ග් වෙද්දි...ඕන යකෙක්ට කතා කරන්න කියලා ෆෝන් එක එහෙම්මම තියෙන්න ඇරලා නිදාගත්තු ජන්කුක්ගෙ මූණ ඇද වුනේ පළවෙනි පාර රින්ග් වෙලා කට් වුනු ෆෝන් එක ආපහු පාරක් රින්ග් වෙද්දි...

කතා කරන එකාගෙ අම්ම මුත්තා සිහි කරපු ජන්කුක් ෆෝන් එක අරන් කෝල' අයිඩි එක නොබලම කනේ තියාගත්තා...

"හෙලෝ...මොන -..." කතා කළේ බනින්න වුනත් ජන්කුක් ඉතිරි ටික ගිල ගත්තෙ එහා පැත්තෙන් කතා කරපු කෙනා නිසා...

"හෙලෝ...මිස්ටර් ජන්කුක් නේද?..." ආපහු කෝල් එක ආපු නම්බර් එක දිහා බලපු ජන්කුක් කතාකලේ කතාකරන්නෙ කවුද කියලා අදුරගන්න බැරි නිසා...

"ඔව්... කවුද මේ කතාකරන්නෙ?..."

"මම ඔෆිසර් චෝයි...එදා මිස්ටර් ජන්කුක්ගෙ වයිෆ්ගෙ ඩිලිවරි එක දවසෙ අපි හම්බුනේ..."

"මොන වයිෆ්ද්- අ-ආහ් ඔව් මතකයි මතකයි..." කලබලේට කියන්නෙ මොකද්ද කියලා ජන්කුක්ට ප්‍රොසෙස් වුනේ නෑ...

අම්මටසිරි පිල්ලි පොර නේත...මූ මගෙ නම්බර් එකත් හොයාගෙන...පොඩ්ඩක් කන්ෆියුස් වුණ ජන්කුක් උගුර පාදලා කතා කරන්න ගත්තා...

"සර් හදිස්සියෙම කතා කළේ...?"

"මේකයි අද දවල් මම ටවුන් එකට යන වෙලේ එකපාරට ටිකක් ඈත පාර පැනපු කෙනෙක් බයික් එකක හැප්පෙන්න ගියා... මන් ගිහින් බලනකොට ඒ මිස්ටර් ජන්කුක්ගෙ වයිෆ්...මම අදුරගත්තෙ ටිකක් වෙලා ගිහින්..." ඔෆිසර් කියද්දි ජන්කුක්ගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ එයාටත් නොදැනිමයි...

"ස්-සර්...එයා කොහෙද ඉන්නේ...එ-එතකොට දරුවා...? " ජන්කුක්ට දැනුනෙ හැමදේම නතර වෙලා වගේ...

"කාල්ම් ඩවුන් මිස්‍ටර්... දෙන්නටම ප්‍රශ්නයක් නෑ...වයිෆ්ගෙ කකුල නම් පොඩ්ඩක් උලුක් වෙලා වගේ...බබා පරිස්සමින් ඉන්නවා... මන් ඇහුවාම මිස්ටර් ජන්කුක් වැඩට ගිහින් කිව්වා...එන්න පුලුවන් ළග තැනකද මිස්ටර් ජන්කුක් මේ වෙලාවෙ ඉන්නෙ...? " ඔෆිසර් අහද්දි ජන්කුක් ඇදෙන් නැගිටලා බාතෲම් එකට දිව්වෙ ෆෝන් එක කනේ ගහගෙනමයි...

"ඔ-ඔව් ඔෆිසර්...පුලුවන්නම් මට ලොකේශන් ශෙයා කරනවද...මන් ඉක්මනට එන්නම්..."

"හරි මම දාන්නම්...මිස්‍ටර් ජන්කුක් කලබල නොවී පරිස්සමින් එන්නකො...මම මෙතන ඉන්නවා..."

"හරි ඔෆිසර්...තැන්ක් යූ-තැන්ක් යූ සෝ මච්..." එහෙම්මම ෆෝන් එක කට් කරපු ජන්කුක් අතට අහුවුනු ඇදුමක් දාගෙන පහළට ගියේ පුරුද්දට බයික් එකේ කී එක අරගෙන වුනත් ආපහු පොඩ්ඩව මතක් වුන හැටියෙ කා කී එකක් අතට ගත්තා...

ඔෆිසර් චෝයි එවලා තිබ්බ ලොකේශන් එක ඕන් කරන් ජන්කුක් ඉක්මනට එතනට ඩ්‍රයිව් කළේ හිතට විවිදාකාරයේ හැගීම් පොදියක් ගලාගෙන එද්දි...

***

"එහෙනම් ආපහු පාරක් තෑන්ක් යූ ඔෆිසර්. ඔයා ලොකු උදව්වක් කළේ..." නැවත නැවතත් ඔෆිසර්ට තෑන්ක් කරපු ජන්කුක් හිස නැවුවේ ඔෆිසර් චෝයි එතනින් පිටත් වෙද්දි...

ඔෆිසර් යනකන් බලන් හිටපු ජන්කුක් ගියෙ එතනම පිහිටලා තිබුනු සෝල් ටවුන් පාර්ක් එක ඇතුලට...පාර්ක් එකේ බෙන්ච් එකක වාඩිවෙලා හිටපු ටේහ්‍යුන් දරුවවත් තුරුල් කරන් බිම බලන් හිටියෙ අඩියෙන් අඩිය එයා ළගට එන ජන්කුක් දිහා යටි ඇහින් බලන ගමන්...

ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක් හුස්මක් හෙලලා ටේහ්‍යුන්ගෙ එහා පැත්තෙන් වාඩිවුනා...

"ඇයි බබාව දැන්මම එළියට අරන් ආවේ...අසනීප වුනොත්..." ටේහ්‍යුන්ගෙ පපුවෙ උනුහුමට ගුලි වෙලා නිදන් ඉන්න පොඩ්ඩි දිහා බලපු ජන්කුක් අහද්දි ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් දිහා බලලා බිම බලාගත්තා...

"දාලා එන්න කෙනෙක් නැහැ..."

"හදිස්සියකටද ආවේ..." ජන්කුක් අහද්දි ටේහ්‍යුන් හිස වැනුවා...

"ගෙදර බඩු වගයක් ඉවර වෙලා...ඒකයි මන්..." ටේහ්‍යුන් තව ටිකක් දරුවව තුරුල් කරගත්තා...

"එදා මම කිව්වා නේද මොනවහරි ඕනෙ නම් මට කතා කරන්න කියලා..." ජන්කුක් ඇහුවේ ටේහ්‍යුන් දිහාට බර වෙලා...

"එ-එහෙම ඕනේ නෑ සර්... ම්-"

"ශ්ශ්!..." ටේහ්‍යුන්ට කතා කරන්න නොදී ජන්කුක් මැද්දෙන් පැන්නා..."ඉස්සෙල්ලම මට ඔය සර් කියන එක නවත්තන්න... මගෙ නම ජන්කුක්..." ජන්කුක් කියද්දි ටේහ්‍යුන් ලාවට ජන්කුක් දිහා බැලුවා...

"හ්ම්ම්ම්..."

" හරි දැන් මොනවද ගන්න ඕනෙ කිව්වෙ...යමු මන් අරන් දෙන්නම්..." ජන්කුක් බංකුවෙන් නැගිටිද්දි ටේහ්‍යුන් එයා දිහා බැලුවේ ඇස් ලොකු කරන්...

"එ-එපා...මන් ඒ ටික ගන්නම්...ස්තූතියි උදව් කරන්න ඇහුවට..." ටේහ්‍යුන් කලබලෙන් කියලා නැගිටින්න ගියත් කකුල උලුක් වෙලා නිසා එයාව බැලන්ස් නැතුව වැටෙන්න ගියේ ජන්කුක් ඉක්මනට අල්ලගනිද්දි...ඒත් මොහොතක්වත් ජන්කුක්ගෙ තුරුලෙ නොරැදුනු ටේහ්‍යුන් ඉක්මනින් එහාට වුනා...

"පේනවනෙ ඔයා කොහොමද තනියම යන්නෙ...අනික දරුවවත් වඩාගෙන...කියන දේ අහලා මාත් එක්ක එන්න..." ජන්කුක් කියද්දි විනාඩි ගානක් හැගීම් මිශ්‍ර වුනු මුහුනකින් එයා දිහා බලන් හිටියෙ අවසානෙ එකග වෙමින්...

"බබාව මට දෙන්න..." ජන්කුක්ගෙ ඇස් දිහාම බලන් ටේහ්‍යුන් හොදටම නිදන් ඉන්න බබාව එයාගෙ අතට දෙද්දි ජන්කුක්ට අමුතු හැගීමක් දැනුනත් ඒ ගැන හිතන්න අවස්තාවක් නොලැබුණේ ටේහ්‍යුන්ට ඇවිදින්න අමාරුයි කියල දැකපු නිසා...

ජන්කුක්ගෙ එක අතකට දරුවව සම්පූර්ණයෙන් දරන්න පුලුවන් වෙද්දි ජන්කුක් අනික අත ටේහ්‍යුන්ගෙ කර වටේට යැව්වෙ එයාට පහසුවක් වෙන්න... මුලදි පුදුමෙන් වගේ බැලුවත් ටේහ්‍යුන් ඒක ප්‍රතික්ෂේප නොකරපු නිසා ජන්කුක්ට දැනුනේ සතුටක්...

පැසෙන්ජර් සීට් එක පැත්තෙ දොර ඇරපු ජන්කුක් ටේහ්‍යුන්ට වාඩිවෙන්න උදව් කරලා දරුවවත් එයාගෙ අතට දුන්නෙ කාරෙක ස්ටාට් කරගන්න ගමන්...

***

"මේ ඔක්කොම උස්සන් යන්න බෑනෙ...කියන්න මම ගෙදරට ගිහින් දාන්නම්..." ජන්කුක් දිගින් දිගටම ඇවිටිලි කළේ ඒක ප්‍රතික්ෂේප කරන්න ටේහ්‍යුන්ගෙ හිත ඉඩ නොදෙද්දි...

සුපර්මාකට් එකකට ගියපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ බලෙන්ම වගේ ඕනකරන බඩු මොනවද කියලා අහගෙන ඇතුල්ට ගියත් එලියට ආවේ කිව්වා වගේ හතරපස් ගුණේක බඩු ගොඩක් උස්සන්...
ටේහ්‍යුන් කොච්චර තනියෙන් යන්න හැදුවත් ඒකට ඉඩ නොදුන්නු ජන්කුක් ටේහ්‍යුන්ගෙන් පාර අහන් ටේහ්‍යුන්ගෙ ගේ ගාවට ආවා...

ගේ ගාවට කිව්වට කාර් එකේ යන්න පුලුවන් වුනේ ඒ ගෙවල් තියෙන පාර ගාවට විතරයි... ඒ අයිනෙන් කාර් එක නතර කරලා බඩු බෑග් ටික අතට ගත්තු ජන්කුක් ටේහ්‍යුන්ගේ පස්සෙන් ඒ පාරේ ඉස්සරහට ගියා...

එකට එකක් සම්බන්ධ වෙලා වගේ හැදිලා තිබුනු ගොඩනැගිලි කීපයක් අතරින් ගියපු ටේහ්‍යුන් අවසානෙ ආවෙ පොඩි ගෙයක් ගාවට. ගෙයක් කිව්වට ඒක තනි කාමරයක් විතරයි...

යන්තම් දෙන්නෙක්ට නිදාගන්න පුලුවන් ඇදක්... එක මේසයක්...පොඩි ගෑස් ලිපක් එක්ක තිබ්බ කාමරේ පැත්තකින් බාතෲම් එකක වගේ දොරක් තිබ්බා...කාමරේ සිවිලිමේ ඉදන් පහලට ලොකු රෙද්දක් ගැටගහලා දරුවව නලවන්න තොටිල්ලක් වගේ එකක් හදලා තිබ්බෙ ජන්කුක්ට ටේහ්‍යුන් ගැන වගේම දරුවා ගැන ලොකු දුකක් දැනෙද්දි. ඒ කාමරේ ඇතුලේ ටේහ්‍යුනුයි දරුවයි ඇරෙන්න වෙන කෙනෙක් ඉන්න පාටක් පෙනුනේ නැහැ...ඒ කාමරේ පෙනුනේ මුලු ලෝකෙන්ම හැංගුනු තැනක් වගේ...

"ඔයා මොනවා හරි බොනවද...?" වටපිට බලමින් හිටපු ජන්කුක් පියවි සිහියට ආවේ ටේහ්‍යුන්ගෙ කටහඩින්....ඒ වෙද්දි ටේහ්‍යුන් දරුවව ඇදෙන් තියලා තිබ්බා...

"ආහ්- දැන් එපා..." ටේහ්‍යුන් එක්ක හිනාවුනු ජන්කුක් එකපාරට දෙයක් මතක් වුනා වගේ තමන් අරන් ආපහු බඩුමලු දිහාවට ගියේ ඒක ඇතුලෙන් පොඩි බාම් ටියුබ් එකක් ගන්න ගමන්...ඒකත් අරන් ටේහ්‍යුන් ගාවට ගියපු ජන්කුක් ටේහ්‍යුන් ගාව දණගැහුවත් බය වුනු ටේහ්‍යුන් පස්සෙන් පස්සට ගියා...

"ඔ-ඔයා මොකද කරන්නෙ..." පපුව මැද්දට අතක් ගුලි කරගත්තු ටේහ්‍යුන් ගොත ගහද්දි බලෙන්ම වගේ ටේහ්‍යුන්ව ඇදෙන් ඉන්දපු ජන්කුක් ටේහ්‍යුන් ඇදන් හිටපු කලිසමේ කකුල උඩට කරල රතු වෙලා ඉදිමිලා තිබුන හම වටේට බාම් එක ගෑවා...

ජන්කුක්ගෙ ඇගිලි තමන්ගෙ ඇගේ ගෑවෙනවත් එක්කම ගැස්සිලා ගියත් ජන්කුක් තමන්ගෙ වැඩේ ඉවර කරනකන්ම ටේහ්‍යුන් ජන්කුක්ගේ මූන දිහා බලන් හිටියෙ කිසිම හඩක් නොනගා...හිතේ නලියන හැගීම් එකක්වත් පිටට නොපෙන්නුවත් ඇස්වල ලාවට බැදුනු කදුලු පටලෙ හංගන්න ටේහ්‍යුන් අපොහොසත් වුනා...

බාම් ගාලා ඉවර වෙලා තමන් ගෙනාපු ස්ට්‍රෙච් බැන්ඩේජ් එක ටේහ්‍යුන්ගෙ කකුල වටේට ඔතපු ජන්කුක් එතනින් නැගිටින්න හැදුවේ යමක් කියමින් වුනත් දිලිසෙන ලොකු ඇස්වලින් තමන් දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ව දැක්කහම ජන්කුක්ගෙ වචන හිර වුනේ ඉබේටමයි...

දෙන්නට දෙන්නා එකිනෙකා දිහා හැගීම් විරහිත මුහුණවලින් බලන් හිටපු මොහොතකට පස්සෙ පියවි සිහියට ආපු ටේහ්‍යුන් අහක බලාගත්තෙ උගුර පාදපු ජන්කුක් එතනින් නැගිටිද්දි...

"ම්-මන් එහෙනම් ගිහින් එන්නම්...මොනවහරි ප්‍රශ්නයක් නම් අනිවාරෙන් මට කතා කරන්න..." බෙල්ල පිටිපස්ස අතගාන ගමන් ජන්කුක් කියද්දි ටේහ්‍යුන් බිම බලාගෙනම හිස වැනුවේ ජන්කුක් සැපට නිදන් ඉන්න පොඩ්ඩි ගාවට යද්දි...

රස්නෙම රස්නෙ රෝස කම්මුලක් යාන්තමට ඇගිලි වලින් ස්පර්ශ කරපු ජන්කුක් ඒ පුංචි හිස අතගාලා නැගිටින්න ගියත් ආපහු දෙයක් මතක් වුනා වගේ ඒ නළලත මත පුංචි හාදුවක් තිබ්බෙ හිත ඇතුලේ හැගීම් පොරකද්දි...තත්පර ගානක් ඒ හුරතලේ දිහා බලන් හිටපු ජන්කුක් ටේහ්‍යුන් තමන් දිහා බලන් ඉන්නවා කියලා දන්න නිසාම ටේහ්‍යුන් දිහා නොබලම එතනින් නැගිට්‍ටෙ දොර දිහාවට යන ගමන්...

"ම්-මන් යන්නම්...දුවත් එක්ක පරිස්සමින් ඉන්න..."ඉක්මනින් කියපු ජන්කුක් දොරත් වහන් එතනින් පිටවුනෙ තව දුරටත් එතන රැදිලා ඉන්න තරම් හිත ශක්තිමත් නෑ කියලා තේරෙද්දි...

දුවගෙන ඇවිත් කාරෙකට නැගපු ජන්කුක් ස්ටීරින් වීල් එකට ඔලුව ගහගත්තෙ අවුල් වුනු මනස නිරවුල් වෙනකන්...
විනාඩි ගානකට පස්සෙ හොද හුස්මක් ගත්තු ජන්කුක් කාරෙක ස්ටාට් කරන් එතනින් එන්න ආවේ උඩුහිත යටිහිත එක්ක ලොකු වාදෙක පැටලෙද්දි...

දරුවයි ටේහ්‍යුනුයි ඒ වගේ තැනක තනියම දාලා එන්න හිත හදාගන්න ජන්කුක්ට බැහැ...ඒත් ඒ දෙන්නව රකින්න තරම් මොකද්ද ජන්කුක්ට ඒ දෙන්නත් එක්ක තියෙන බැදීම...ටේහ්‍යුන් එක්ක තියෙන බැදීම....එහෙම බැදීමක් තිබ්බත් කොහොමද ජන්කුක් ආපහු පාරක් තමන්වම විශ්වාස කරන්නේ...අච්චර වැරැද්දක් කළාටත් පස්සේ...කලින් පාර වුනු වැරැද්ද හදා නොගෙන තව කෙනෙක් ගැන හිතන්නෙ කොහොමද?...

මුලු ඔලුවම අවුල් වෙලා වගේ දැනෙද්දි ජන්කුක්ගෙ කා එක සුපුරුදු විදිහට සෙමෙට්‍රි එකට යන පාර දිහාවට හැරුණා...

මොහොතකට කලින් ජන්කුක් ටේහ්‍යුන් එක්ක ගේ පැත්තට යන විදිහ...ජන්කුක් ආපහු වාහනේට එන විදිහ...එතනින් යන විදිහ...මේ හැමදේම බලන් හිටපු වාහනයක් ජන්කුක් එතනින් පිටත් වුනු හැටියෙම ජන්කුක්ගෙ වාහනේ නවත්තලා තිබ්බ තැනින්ම නතර කළේ හතර පස් දෙනෙක්ම ඒ වාහනෙන් බහිද්දි...

•••••••••••••••••••••••••••••

හායි ළමයිනේ... Paraccu wunaata mee paucaarita camawenna හොදත? 😓
හරි බිසී මේ ටිකේ... 😪

කජාව කෝමත ඉතිම් 🌚
නිකන් ඉන්න එකේ ඔන්නොහේ බාල්දියක් පෙරලමුත 👉👈
හරි හරි නිකන් කිව්වෙ... මෙයාලා සීරියස් ගන්නවනෙ ම්හුක් 😓👉👈

බැයිත හලෝ? 😪
වට්ටියක් හොයාගන්න බැරිවුන නිසානෙ මේ සේරම 😒👉👈
නැත්තන් අපිත් මෙලාකට මල් කඩන මිනිස්සු...😓මොකෝ නෑ කියනවද?😪
#තනිකඩඅපිටකැස්සක්වත්හැදෙන්නඑපා 🤧

ගිහින් එන්නම් cuddalaa! 😘❤️

Stay safe
LYSM
_Fayette_
080424

Bạn đang đọc truyện trên: AzTruyen.Top