~10~
උදෑසන භෝජන සංග්‍රහය පුරාවටම ටේහ්‍යුන් කුමරුන් මහරජුගේ බැල්ම මගහැරියා. ජලාධිපති රජුන් ඉන් කනස්සල්ලට පත් වුනේ නිතැතින්මයි.
කුමරුන් පවා තමන් රජුගේ බැල්ම මගහරින්නේ ඇයිදැයි දැන සිටියේ නැහැ.
ඒ මහරජු යමෙක්ට ප්‍රේම කරන බව දැනගත් නිසාද?
ඉදින් ඒ පිළිබදව කුමරුන් පසුතැවිලි වන්නේ ඇයි?
තම හිස ගිනිගන්නාක් මෙන් දැනෙද්දි සමාව ඉල්ලූ කුමරුන් භෝජන සංග්‍රහය නිමාවීමටත් පෙර තම කුටියට ගියා.කුමරුගේ මෙම ආගන්තුක හැසිරීම කිම් රජ පවුලේ අය තුළ පවා ඇතිකළේ ප්‍රශ්නාර්තයක්.
නමුත් කුමරුන් භෝජන ශාලාවෙන් පිටවෙද්දි ඔහු දෙසට යොමුවී තිබූ දුක්බර දෑස් යුග්මය කුමරුන්ගේ ඇස ගැටුනේ නැහැ.
තම කුටියට පිවිසුනු කුමරුන් එය අගුළු දමා දුවගෙන ගොස් සයනය මතට පැන්නේ එය මත තිබූ කොට්ටයක් වැළදගනිමින්.
හේතුවක් නොමැතිවද ඔහුගේ දෑසින් කදුළු කැට ඇද හැලුනා.
කොට්ටයේ කෙළවර තදින් සපාගත් කුමරුන් හැඩුම වළක්වා ගැනීමට උත්සහ කළද ඔහුගේ මුවින් සිහින් කෙදිරියක් පිටවීම වැළක්වීමට ඔහුට හැකිවුනේ නැහැ.
"ඇයි?ඇයි මහරජු මා හා කුළුපගු ලෙස හැසිරුනෙ.ඔබ...ඔබ තමා මීට වග කිව යුත්තේ." තම දබරැගිල්ල තම හදවත දෙසට එල්ල කළ ඔහු තම හදවතට තරවටු කළා.
"ඔබ කුමටද ආගන්තුක හදවතක් හා බැදුනේ ආහ්??? අඥාන හදවත."කුමරු තම හදවතට තරවටු කළේ සුරතල් අයුරින්.
"න්-නමුත්...මොහොතක් ඉන්න.ඔබ කෙදිනද ඔහුගේ හදවත හා බැදුනේ?" තමා කලින් පැවසූ දෙයෙහි අර්ථය වැටහෙද්දි කුමරුගේ දෑස් විසල් වුනා.
"ම්-මා ජලාධිපති මහරජුට ප්-ප්‍රේම කරනවාද?" හදවතට තරවටු කිරීමට දිගහැරි දබරැගිල්ලම සපාගත් කුමරුන් මොහොතක් කල්පනා කළා.
ප්‍රේමය...
කුමරුන්ට ආගන්තුක වදනක්.
පවුලේ අයට දක්වන ප්‍රේමය නොවේ
සංකීර්ණ බැදීමක් උදෙසා හදවතෙහි හටගන්න ප්‍රේමය.එය කුමරුන්ට අලුත්.
"ඇත්තෙන්ම මා ඔහුට ප්‍රේම කරනවාද?"තම දෙකොපුල් තම දෑත් අතරට ගත් කුමරුන් ලැජ්ජාවෙන් මෙන් තනිවම මිමිනුවා.
"න්-නමුත් මහරජු වෙනත් යමෙක්ට ප්‍රේම කරනවා නොවේද?" උදෑසන මහරජු පැවසූ දෙය යළි සිහිවෙද්දි කුමරුගේ සිනහව අතුරුදහන් වුනේ නිතැතින්මයි.
"නැහැ හෙදර්වරයෙක් වන මා හට වෙනත් ලොවක අයෙක්ට ප්‍රේම කළ නොහැකියි.විශේෂයෙන් ජල ලොව අයෙක්ට.මා ප්‍රේම කළ යුත්තේ අග්නි ලොව අයෙකුටම පමණයි.එයයි ස්වභාවයධර්ම.
නැහැ.මා ඔහුට ප්‍රේම කරන්නේ නැහැ.එය විය නොහැකියි.එය විය නොහැකියි!!!!!" තම සිත රවටාගැනීමට මෙන් හයියෙන් කෑගැසූ කුමරුන් නැවත අලුත් වූ කදුළුවැල්වලට ගලා යාමට ඉඩ දී ඔහුගේ ඇද වියන දෙස බලා සිටියා.
කුමරුගේ කුටියෙන් පිටත මාළිගයේ උද්‍යානයේ කැමීලියා ගසක් යට ආලයෙන් වෙළුණු සමනලයෙක් සහ ලේඩිබග් කුරුමිණියෙක්,දෙපාර්ශවයේ දෙමාපිය ආශිර්වාදය මැද විවාහ වෙමින් සිටියා.
TO BE CONTINUED
හා හා අන්තිමට කිව්වේ විරුද්ධ ලෝක දෙකක දෙන්නෙක් ආදරය කළාට වැරැද්දක් නැහැ කියන එක🙂🙂🙂
මොන වෙඩිමක්ද කිව්වේ කියලා බැලුවා නේද?😂💔

කවදහරි එඩිට් එකක් දැකීමෙන් සිදුවූ මරණයක් කියලා මරණ සහතිකේ ලියවෙන්න තියෙන සම්භාවිතාවය හෙන වැඩී🙂🙂🙂💔
හිකිස්😂💔
වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස්
Stay safe ya'll
LYSM ❤️
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top