~09~

පසුදින උදයේම අවදිවුනු ටේහ්‍යුන් කුමරු තම සයනයේ ඒ මේ අත පෙරලෙන්නට වුනේ අලසකමින් මෙන්.

සයනයෙන් නැගිට ඒ අසල මේසය මත තබා තිබූ ජල බදුන පානය කළ කුමරුන් නිදිමතෙන්ම සදලුතය වෙතට ගෑටුවා.

උදෑසනම හමා ආ පිනි බිදු තැවරුනු සුළග කුමරුගේ නිදිබර මුහුණට සුවයක් ගෙන ආවේ නිතැතින්මයි.

"හාආආආආආආආ" දෑත් දෙපසට දිගු කොට මහත් හඩින් ඈනවිල්ලක් යැවූ කුමරුන් එක්වරම තම ඈනවිල්ල ගිලගත්තේ ඔහුගේ පසෙකින් ඇසුනු සිනාහඩ නිසා.

ජලාධිපති මහරජුන්!

කුමරුන් දෙස සිනාවෙමින් බලාසිටිනවා!

අඩනින්දේ සිටි කුමරුන් තමා දකින්නේ සිහිනයක් යැයි සිතා නැවත වරක් දෑස් පිසදා බැලුවත් පෙර ලෙසටම මහරජු ඔහු දෙස බලමින් සිනාසෙමින් සිටියා.

කුමරුන්ට දැනුනේ පොළව පලාගෙන යාමට තරම් ලැජ්ජාවක්.

ඔහු මහරජු ඉදිරියේ
එයත් නිදන ඇදුමෙන් සැරසී
මොන නින්දාවක්ද?

ඇත්තෙන්ම ජලාධිපති මහරජුන් තම යාබද කුටියේ සිටින බව කුමරුන්ට අමතක වී තිබුනා.එමෙන්ම ඔහු මෙතරම් උදයෙන් අවදි වන්නෙක් වේයැයි කුමරුන් සිතා තිබුනේ නැහැ.

තම උගුර තුළ සිරවූ යමක් ගිලගත් කුමරුන් හීන් සීරුවේ අත යවා
තම හිසකෙස් සකසා ගත්තා.

"ස්-සුභ උදෑසනක් උ-උතුමාණෙනි" ගොත ගසමින් පැවසූ කුමරු බිම බලාගත්තේ රජු දෙස බැලීමට තරම් ශක්තියක් ඔහු තුළ නොවූ නිසාවෙන්.මහරජු ඒ වනවිටත් සම්පූර්ණ ඇදුමෙන් සැරසී සිටියා.

"ඔබටත්.සුභ උදෑසනක් කුමරුනි.මා සිතනවා මා ඔබව බිය ගන්වන්නට නැතැයි කියා" තමා දෙස නොබලා බිම බලාගෙන සිටින කුමරුන් වෙත සුහද සිනාවක් පාමින් රජු පැවසුවා.

"එ-එසේ න්-නෑ රජතුමනි. ඔ-ඔබතුමා සුවසේ සැතපුනා නොවේද?" කලබලය නිසා ඇසීමට යමක් මතක් නොවුනු කුමරුන් ඉක්මනින් විමසා සිටියා.

"ම්හ්හ්...සැතපුනා නම් තමා.නමුත් වසර හයක පමණ තිස්සේ සිහිනෙන් පැමිණෙන රුවක් මගේ නින්දට බාධා කරනවා." රජු පැවසුවේ දුක්මුසු බවක් මුහුණේ රදවාගෙන.නමුත් ඔහු යටිසිතින් සිනාසෙමින් සිටියා.

රජුගේ කතාව ඇසූ සැනින් කුමරුගේ මුහුනත් දුකෙන් බරවුනා.

"ඉදින් ඔ-ඔබතුමා එයට ප්‍රතිකාරයක් ලබා ගත්තේ නැතිද?යකැදුරන් ලවා හෝ?" ප්‍රශ්නාර්ථ බැල්මකින් කුමරු විමසද්දි සිත යටින් සිනාසෙමින් සිටි රජුගේ සිනාව දෙගුණ තෙගුණ වුනේ කුමරුගේ සුරතල් හැසිරීම දුටු නිසයි.

"ඒ රෝගයට යකැදුරන්ට හෝ ප්‍රතිකාරයක් සොයාගත නොහැකි වුනා කුමරුනි.අනෙක එම රුව නින්දෙන් දර්ශනය වනවාට මා සිතේත් අකමැත්තක් නැහැ." පැවසූ රජු සිනහව වළක්වා ගැනීමට යටිතොළ සපා ගත්තා

"කමක් නැහැ???" විස්මයෙන් දෙනෙත් මහත් කළ කුමරුන් දෙස බැලූ රජු සදලුතලයෙන් පැනගොස් කුමරුන්ව වැලදගැනීමට එන ආශාව අපහසුවෙන් මැඩගත්තා.

"ඔව්....මන්ද මා ඒ රුවට ප්‍රේම කරනවා" රජු ඔහුගේ ඇස් එක එල්ලේ තමා වෙත යොමු කරගෙන "ප්‍රේමය" යන වදන පවසද්දි කුමරුගේ සිත එක්වරම තිගැස්මටත් දුකටත් පත්වුනා.

එහි අර්ථය මහරජු යමෙක්ට ප්‍රේම කරන බවද?

සිතේ හටගත් දුක්මුසු කුතුහලය මැඩගත් කුමරුන් රජු හා සුන්දරව සිනාසුනා.

"එය ඇසීමත් සතුටක් උතුමාණෙනි.ම්-මා දැන් පිටව යන්නද?උදෑසන ආහාරය සදහා සූදානම් විය යුතුයි."එක්වරම සිතට දොම්නස් සහගත හැගීමක් දැනුනු නිසා කුමරුට තවත් මහරජු හා එතන රැදී සිටිය නොහැකිවුනා.

"හොදයි කුමරුනී.එසේනම් භෝජන ශාලාවේදී මුණ ගැසෙමු."කුමරුගේ අපහසුතාවය මෙන්ම ඔහුගේ හදිසි වෙනස්වීම වටහාගත් රජු පැවසුවා.

"අවසර" රජුට හිස නැමූ කුමරුන් ඉක්මනින් එතනින් ඉවත්වූයේ දෙපසට සැලෙන ඒ සිහින් ඉග දෙස බලා රජු තමා සමගම සිනාසෙද්දි.

"ඔහු යවන ඈනවිලි පවා සුරතල්"

TO BE CONTINUED

හනෙ අම්මේ😂😂😂😂

යවමුද ඈනුමක්???🥱🥱🥱

😂😂😂😂💔💔💔

ටොප් ටේ නේද බබාලා?😌
ඊයේ කන්ෆර්ම් වුනා වගේ දැනෙනවා?

ඒ ගැන කතා නොම්කම්‍ර ඉම්මු🙂🙂🙂🙂🙂💔

[There should be a GIF or video here. Update the app now to see it.]

ඕක රිවයින්ඩ් කර කර බල බල හිටියා හවස් වරුවම🙂🙂🙂💔

හම්මේ
ඉදිරිය අවිනිස්සිතයි😩😩😩❤️

කතාව කෝමද?🙂🙂🙂
ඉස්සරහට මොකක් වෙයිද?😏

වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස් 😚❤️

Stay safe ya'll
LYSM ❤️
~Fayette~

Bạn đang đọc truyện trên: AzTruyen.Top