~08~
රාත්‍රී භෝජන වේලාව එළඹුනු විට ටේහ්‍යුන් කුමරු නැවත හැද පැලැද ගත්තා.
කුටියේ දොර විවර කළ කුමරුන් තමන් ඉදිරිපිට සිටගෙන සිටින ජොන් මහරජුන්ට දැක මහ හඩින් කෑගැසීමට ගියත් කෙසේ හෝ එය වළකා ගත්තා.
"කෙසේද මාගේ අසල්වැසියානෙනි?"
ටේහ්‍යුන් බියෙන් සිහින් හඩක් නැගුවා.
මහරජු ඔහු එනතුරු බලා සිටියාද?
"උ-උතුමානෙනි ඔබතු-මා මා වෙනුවෙන් රැදී ස්-සිටියාද?"ටේහ්‍යුන් කුමරුන් ඇසුවේ බියෙන් මෙන්.
"ඔව් මගේ කුමරුනී." මහරජු පැවසුවේ බැරෑරුම් මුහුනක් මවාගෙන.
"ඔ-ඔබට මගේ ක්-කුටියට පැමිනීමට ත්-තිබුනානේ උතුමාණෙනි.මා හිතනවා ම්-මා ඔබතුමාට බොහෝ ව්-වේලාවක් බලා සිටීමට සලවන්නට නැතැයි කියා" ටේහ්‍යුන් පැවසුවේ වෙව්ලමින්.
"නැහැ මගේ කුමරුනී.මට ඔබ වෙනුවෙන් සදාකාලිකවම වුවද...- ආහ් මා පැවසුවේ එය ගැටලුවක් නොවන බවයි ." පැවසීමට ආ දෙය ගිලගත් ජොන් රජු කතාව වෙනතකට හැරෙව්වා. හිස ඔසවා මහරජු දෙස බැලූ කුමරුන් රජුගේ මුහුණේ ලියවී තිබූ හැගීම් හොදින්ම දුටුවා.
මහරජු ඉදිරියේ රත් පැහැ ගැන්වී නොසිටීමට උත්සහ කළත් තම මුහුන රතුවීම වළකා ගැනීමට කුමරු අපොහොසත් වුනා.රාත්‍රී බෝජනය සංග්‍රය පුරාවටම ඔහු එය කෙසේ දරාගනීවිද?
කුමරුන්ට ඇත්තෙන්ම උමතු බවක් දැනුනා.නමක් ලබාදිය නොහැකි හැගීමක්.එය තෘප්තිමත් මෙන්ම ආකර්ශනීයද වුනා.
ඒ සිතුවිල්ල දැනෙත්ම ටේහ්‍යුන්ව නිතැතින්ම වෙව්ලා ගියා.
"මගේ කුමරුනී, ඔබ හොදින්ද?"ජන්කුක් ඇසුවේ ටේහ්‍යුන් දෙස බලමින්.තමා අවට සිටිද්දි කුමරු යම් අපහසුබවකින් සිටින බව දුටු මහරජුගේ සිත වේදනාවෙන් බර වුනා.
"න්-නැත උතුමාණෙනි.මම හොදින්.ඒ පිළිබදව කරදර නොවන්න.අපි දැන් යමුද?"ටේහ්‍යුන් අසද්දි ජන්කුක් ඉක්මනින් තම හිස සැලුවා.
ඔවුන් භෝජන ශාලාව වෙත ගමන් කළා.ඔවුන් ඇතුල්වෙද්දි රජු හා රැජින ඇතුලු සැවොම නැගී සිටියේ මහරජුට ආචාර කිරීමටයි.
"රජතුමනි අසුන් ගන්න" නම්ජුන් කුමරු පවසද්දි මහරජු අසුන් ගත්තේ ඔහු අනුව යමින් සියලු දෙනාම අසුන් ගද්දි.
"ඔහ්!මගේ ප්‍රියතම භෝජනයන්.ඔබට ස්තූතියි රජතුමනි." සකසා තිබූ භෝජන දුටු ජන්කුක්ගේ මුහුන දීප්තිමත් වුනා.එමෙන්ම එය ටේහ්‍යුන් කුමරුන්ව මොහොතකට පුදුමයට පත් කළේ මහරජු කුඩා දරුවෙක් මෙන් පෙනුනු නිසයි.
මහරජුට භෝජන පිළිගැන්වීම කුමරුන් විසින්ම භාරගත්තේ මහරජු ඒ දෙස සිනාමුසුව බලා සිටිද්දි.කුමරු විසින් පිළිගැන්වූ ආහාර මහරජු ඉතා ඇල්මකින් යුතුව පිළිගත්තා.
"රසවිදින්න උතුමාණෙනි" ටේහ්‍යුන් පැවසුවේ ජන්කුක් සමග සුන්දර ලෙස සිනාසෙමින්.ජන්කුක් නැවතත් ඒ වෙත ආකර්ශනය වුනා.
ටේහ්‍යුන්ගේ සෑම දෙයක්ම ඔහුව උමතු කළා.ඔහුගේ කෙටි කතාබහේ සිට ඔහුගේ ලැජ්ජාශීලී බැල්මන් දක්වා.හැමදෙයක්ම ආකර්ශනීයයි.
මුලු භෝජන සංග්‍රහය පුරාවටම මහරජු හා කුමරුන් අතර බැල්මන් හුවමාරු වුනා.ඔවුන්ගේ දෑස් එකිනෙක හමුවුන කීප විටෙකම මහරජු යනතමින් සිනාවක් පෑ අතර කුමරුන් ලැජ්ජාවෙන් රත් පැහැ ගැන්වුනු තම මුහුන පහත් කරගත්තා.
භෝජන සංග්‍රහය ඉතා හොදින් පැවැත්වුනා.එහි අවසානයේදී දේහියුන් රජු ඔවුන් හා රාත්‍රී භෝජනයට එක්වීම පිළිබදව ජන්කුක්ට ස්තුති කළේ ජන්කුක්ද ආපිට තම සතුට පළ කරද්දි.
භෝජනාවසානයේ එකිනෙකාට ශුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කළ කුමරුන් හා මහරජු උඩුමහළට පිවිසියේ තම තමන්ගේ කුටීන් වෙත යාම සදහායි.
තම කුටිය තුළට පිවිසුනු ටේහ්‍යුන් කුමරුන් තම වස්ත්‍රයන් ගලවා දමා ස්නානය කළා.
ස්නානයෙන් අනතුරුව නිදන වස්ත්‍රයන්ගෙන් සරසුනු කුමරුන් තම කුටියෙ සදලුතලයට පිවිසියේ නින්ද ඔහුගෙන් ඈතට ගොස් ඇති සෙයක් දැනෙද්දියි.
සදලුතලයේ දොරටු විවර කළ පිටතට පිවිසි කුමරුන් එහි අත්වැටට බර වුනේ අහස වසා පායා තිබුනු චන්ද්‍රයා වෙත නෙත් යොමමින්.
ශීතල සුළං රැල් තරගයට මෙන් දුවවිත් කුමරුන්ව සිප ගනිද්දි තම දෙවුර වටා දෑත් යවා තමාවම වැළදගත් කුමරුන් දෑස් පියාගත්තේ හදවතට දැනෙන නිර්නාමික සොදුරු හැගීම් නිහඩව විදගැනීමට මෙන්.
ජල රජුගේ කඩවසම් මුව,තමාව දකින සෑමවාරයකම ඔහුගේ මුවේ සිතුවම් වන සොදුරු සිනහව නැවත නැවත තම වැසුනු ඇස් ඉදිරියේ මැවී පෙනෙද්දි දෑස් වසා ගත් කුමරුන් එලෙසම සිට තමා හා සිනාසුනා.
නමුත් කුමරුන් එක්වරක් තම වසාගත් දෑස විවර කළා නම්,ඔහුගේ මනසෙහි ඇදී තිබූ ඒ සොදුරු සිනහව ඒ මොහොතේත් තමා වෙත යොමුවී ඇති බව දැකගන්නට තිබුනා.
TO BE CONTINUED
ඒ මොකද්ද ඒ වුනේ?🙂💔
ටේයා කල්පනා ලොව මල්වනේ😏😂
හම්මේ ඉතිම්🙂💔💔💔
කොමඩු කෑල්ලක් දෙන්නතේ?🍉🍉🍉😋
මන් මේ ඉන්න බැරි රස්නෙට කොමඩු මගින් විසදුම් හොයනවා🙂🙂🙂
මැරෙන්න එනවා අප්පා.දාඩියයි ඉන්න බෑ😪😪😪💔
කතාව කෝමතේ?
වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස්
Stay safe ya'll
LYSM❤️
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top