~01~
"පියාණෙනි ඔබ පවසන ඕනෑම දෙයකට මා එකග වන බව දන්නවා නොවේද? මන්ද මගෙන් අවසර පතන්නේ?."ටේහ්‍යුන් කුමරුන් විමසා අග්නි ලොවට අධිපති මෙන්ම තම පියාණන් වූ දේහියුන් රජුගෙන්.
රක්ත වර්ණ කමිසයකින් හා සුදු පැහැ සිල්ක්වලින් තැනූ කලිසමකින් ආවරණය වී සිටි කුමරුන් ඉතා සුන්දරව දිස් වුනා.තම උද්‍යානයට වී තම සොහොයුරු වූ නම්ජුන් කුමරුගේ කුඩා පුතු ජින්‍යොන්ට ගිනි දැල්වලින් විවිදාකාරයේ රටා මවා පෙන්වමින් ඔහුව සතුටු කරමින් සිටි ටේහ්‍යුන් කුමරු වෙත පැමිණි සේවිකාවක් රජු ඔහුව කැදවාගෙන එන ලෙසට පැවසුවා.
සුරතල් කුඩා ජින්‍යොන් කුමරුන් සමග එක්ව තම නිදහස් කාලය රසවිදිමින් සිටි කුමරුන්ට තම පියාගේ කැදවීම නිසා මාළිගයට යෑමට සිදු වුනා.
කුමරුගේ පියාණන්,අග්නි ලොව රජු දේහියුන් සැබවින්ම ජනතාවට හිතැති පාලකයෙක් වූනා.ඔහුගේ කරුණාවන්තබාවය නිසාම මහජනයා නිතරම ඔහුට සහයෝගී හා පක්ෂපාති වුනා.තම බලයන් නිරන්තරයෙන්ම යහපත් දේ සදහා යොදාගත් ඔහුගේ පුතුන් දෙදෙනාම පියාගේ අඩිපාරේ යන්නන් වූවා.
එමෙන්ම ඔහු තම පුතුන් දෙදෙනා වූ ටේහ්‍යුන්ට හා නම්ජුන්ට දයාබර පියෙකු වූවා.හෙපාස්ටස් හා හෙදර් නමින් වංශ දෙකක් පැවති අග්නි රාජදානිය තුළ හෙදර්වරුන්ට ලැබුනේ ඉතා අඩු සැලකිල්ලක්.
හෙපාස්ටස්වරුන් අග්නි ලොව පාලනය,අනෙක් ලෝකයන් සමග යුධ ගැටුම් ආදී වගකීම් දරද්දි, හෙදර්වරුන්ට පැවරුනු රාජකාරිය වූයේ දරුවන් දැරීමයි.ඔවුන්ගේ තත්වය වෘක රාජදානිය තුළ ඔමෙගාවන්ගේ තත්වයට සමාන වූවා.
ටේහ්‍යුන් කුමරුන්ද අංග ලක්ෂණ,ගතිගුණ අතින් හෙදර්වරයෙක්ට සමාන වුනත්, ඔහුට ලැබී තිබුනු අග්නි බලයන් හෙපාස්ටස්වරයෙක්ට සමාන වුනා.
එනිසාම දේහියුන් රජු හා රැජින පමනක් දන්නා රහසක් ටේහ්‍යුන් කුමරු තුළ සැගව තිබුනා.
එය නම්, ටේහ්‍යුන් කුමරුන් හෙපාදර් නම් අග්නි ලොව වසර කල්ප ගණනකට පමණක් බිහිවෙන බලගතු ආත්මයක් වන බවයි.
හෙපාස්ටර් හා හෙදර්වරුන්ගේ බලයන් මෙන්ම අංග ලක්ෂණයන් එකිනෙක සුසංයෝජනයෙන් නිර්මිත හෙපාදර්වරුන් බිහිවූයේ අග්නි ලොව යම් විපතකින් ගලවා ගැනීම උදෙසායි.
අග්නි ලොව හා තවත් ලොවක් අතර ගැටුම් උත්සන්න සමයක බිහි වන හෙපාදර්වරයෙක්,දුර්භික්ෂ සමයක ගසක හටගන්නා එක් කුඩා ඵලයක් මෙන් අග්නි ලොවට වටිනා කෙනෙකු වූවා.
එය දැන සිටි දේහියුන් රජු උපන් දා සිට තම පුතුව ආරක්ශා කළේ බිදෙනසුලු යමක් ප්‍රවේශම් කරන්නාක් මෙන්.
එනිසාම රජු හා රැජින ටේහ්‍යුන් කුමරුගේ උප්පත්තියෙන් පසු තවත් දරුවන් සෑදීම කෙරෙහි අවදානය යොමු කළේ නැහැ.ඔවුන්ට අවශ්‍ය වුනේ තමන්ගේ පුර්ණ ආදරය,අවදානය,මෙන්ම ආරක්ෂාවද ටේහ්‍යුන් කුමරුන් වෙත යෙදවීමටයි.
තම බලය පිළිබදව කිසිදු අවබෝධයක් නොතිබූ කුමරුන් තම දෙමාපියන් මෙන්ම,සොහොයුරා තුරුළේ හැදී වැඩුනේ ඉතා සුරතල් අන්දමට.
නම්ජුන් කුමරු මෙන් නිර්භීත නොවූ කුමරුන් කුඩා දෙයකින් වුවද තැති ගත්තා.
එනිසාමයි පවුලේ සැමගේ අවදානය කුමරුන් වෙතම නිරන්තරයෙන්ම යොමු වී තිබුනේ.
TO BE CONTINUED
ඊයේ ලයිව් එක ගැන මන් කතා කරන්නේ නැහැ🙂
ඒ ගැන කතා නොකර මේක ලිව්වා🙂
ගින්දරයි වතුරයි😏
ආසතේ?😏
අද උදේ පාන්දර Human louvre ගේ එඩිට් එක දැක්කහම සුටු පුටු ගාලා අයිඩියාස් පාරක් ආවා😁
නොලියා බැරි වුනා හත්තික්කේ 😭

මගෙ දරාගැනීමේ සීමාව අන්තිම අඩියේ තියෙන්නේ🙂...*ගිනිගන්න ස්පොන්ජ් බොබ්ගේ ඉස්ටිකරේ *💔💔💔
මේක ලියලා අහවරයි😁
එඩිට් කර කර දෙන්න විතරයි තියෙන්නේ.😌
තඩී පාර්ට්ස් දෙකකට ලිව්වේ.🙂
එකක වචන 3000 ගානේ වගේ🙂💔
එහෙම කියවන්න ගියොත් ඔයාලට එපාවෙයි
ඒ නිසා මෙහෙම දෙන්නම්😁❤️
ඩේලි දෙනවා.අනිවාර්යයෙන් 😌🔥

කවර පොඩ්ඩ😌🙂🔥
හම්මේ.කතාවක් කම්ප්ලීට් කරාම දැනෙන සනීපේ😮💨
කොහොමද හෙපාස්ටස්වරුන් හෙදර් ලැපටුනේ නෑනේ?😂
හෙපාස්ටස්' කියන්නේ ග්‍රීක් මිත්වල ගින්දරට අධිපති දෙවියන් ඈ😁
මන් ඉතිම් එහෙන් මෙහෙන් කරකෝලා නම් දෙකක් හදාගත්තා.
හෙදර් කියන්නේ මගෙ ඔලුවට ආපු නමක්
(විම්පි කිඩ් එකේ හෙදර් හිල්ස් මතකතේ?😂😂😂😂💔 රොඩ්‍රික් හෙදර්ගේ ලයිෆ් සේවින් සර්විස් එක ගන්න ට්‍රයි කරන පාර්ට් එකට තමා මන් ආසම😂😂😂😂💔
හම්මූ
ඒක නම්.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ😂😂😂💔)
ආස හිතුනද?🥺
ඉස්සරහට තව ආස හිතෙයි😏😏😏🔥
කුක්කා තාම නෑ නේ?🙂
බය වෙන්න එපා😌
කුක්කා දිය රැල්ලක පාවී ඒවී 🌊😂😂😂
මේ කොපි කරන්න හිත කොණකවත් ආසාවක් තියෙනවා නම් කරුනාකරලා අයින් කරගන්න හොදේ...🙂
මන් මාර මහන්සියක් වෙලා මේක ලිව්වේ.කොපි කරලා අහුවෙන්න එපා
තේරුනානේ?👍
එහෙනම් වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස් 😘
ආහ් මේ මගෙ unconditionally එක මතකද?🙂
මන් ඒකේ නම home කියලා වෙනස් කළා.😂
Unconditionally එක ගැලපෙන්නේ හිස්ටොරිකල් ස්ටෝරි එකකට.👍
ඒකයි ඒක මේකට දැම්මේ😌🔥
කමෙන්ට්ස් නම් ඕනෙමයි.
නැත්තන් දෙන්නේ නෑ මේක😐
Stay safe ya'll
LYSM ❤️
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top