Chapter 37


❤️Half Of The Hidden Truth  ❤️

Taehyung's POV
මැදියම් රැයත් පහුවෙලා හොස්පිටල් එකේ තිබුනේ සම්පූර්ණයෙන්ම නිහඬතාවයක්. නිදහසේ දවස් දෙකක් එක දිගට නොනිදා පහන් කරපු රැයවල්. ඒත් හිතේ තවමත් තියෙන්නේ බයක්, නොසන්සුන්තාවයක්.  අප්පාගේ තත්ත්වය ගැන කිසිම තොරතුරක් නැතුව ගෙවෙන මොහොතක් පාසා හිතේ බය තවත් වැඩි වෙනවා . අප්පා හිටපු කාමරේ දොර ඇරෙනවත් එක්කම මාව නැඟිට්ටුනේ ඉබේටම . ජින් හ්‍යුන්ග් මගේ උරහිසෙන් අත තිබ්බේ කලබල වෙන්න එපා කියන්න වගේ .

"හ්‍යු...හ්‍යුන්ග්...."

"සම්චූන්ට දැනට ප්‍රශ්නයක් නෑ ටේහ්‍යුන්ගා , ඒත් සම්චුන් හොයන්නේ ඔයාව . ඔයා ගිහින් ඇතුලෙන් ඉන්න , සම්චුන්ට කලබල වෙන්න දෙන්න එපා . මේ තත්ත්වය එක්ක අපිට දවසක් දෙකක් ඇතුළත bypass surgery එක කරන්න වෙනවා . ඒ නිසා සම්චුන්ට කිසිම පීඩනයක් දැනෙන්නේ නැති වෙන්න ඔයාලා පරෙස්සම් වෙන්න . " හ්‍යුන්ග් ආපහු සැරයක් මගේ උරහිසට තට්ටුවක් දාලා ගියේ විඩාබර විදිහට .

ඔම්මාට එකදිගට නිදිමරන්න එපා කිව්වත් ඔම්මා ගෙදර යන්න අකමැති උන නිසා අන්තිමට ඔම්මාව හොස්පිටල් එකේම VIP රූම් එකකට යැව්වේ පොඩි හරි විවේකයක් ගන්න ඕන උන නිසා . මම ඔම්මා එක්ක යන්න හදද්දී මින්හී ඔම්මා එක්ක යන්නම් කිව්වේ ජීමිනා මාත් එක්ක ඉන්නම් කියද්දි . අප්පාගේ කාමරේ ඇතුලට යන්න කලින් මම හැරිලා බැලුවේ ටික වෙලාවකට කලින් මාත් එක්ක කතා කරකර හිටිය ජීමිනා දිහා , ජීමිනාට නින්ද ගිහින් නිසා මම හෙමින් සැරේ ඇතුලට ගිහින් අප්පාගේ ඇඳ ළඟින් ඉඳගත්තා .

අප්පාගේ හදවත ගැහෙන වේගයට අනුකූලව හෘදස්පන්දන යන්ත්‍රයෙන් ඇහුන බීප්බීප් හඬ ඇරෙන්න කාමරේ ම තිබුනේ නිහඬතාවයක් . සන්සුන් වෙන්න බෙහෙත් එන්නත් කරලා තිබුන නිසා අප්පාගේ රිද්මයානුකූල හුස්ම ගැනීමට  පපුව ඉහළ පහළ යාම හැර වෙනත් චලනයක් නැති තරම් .

මම හෙමින් සැරේ , දැනෙන නොදැනෙන තරමට අප්පාගේ අත අල්ලාගත්තා. කාමරේ ඇතුලේ වායුසමනය නිසා අප්පාගේ අතින් යන්තමට දැනුන සීතල ඇත්තටම හිතට බයක් , චකිතයක් ඇති කළා.

අප්පා ගැන මම හිතපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නැති උනත් මම කරපු සමහර දේවල් ගැන මට සෑහීමකට වඩා තියෙන්නේ කළකිරීමක් , පසුතැවීමක් ... ජින් හ්‍යුන්ග් අප්පාගේ තත්ත්වය බරපතලයි කියලා කියද්දි හිතේ තිබුන ඒ පසුතැවීම තවත් වැඩි උනා... බැ... බැරිවෙලාවත් අප්පා අපිව දාලා ගියොත් මට  ජීවිතේ ඉස්සරහට යන්න වෙන්නේ ඒ පසුතැවීම එක්ක හිතින් මැරි මැරි.

මොන තරම් ධනවාදී විදිහට හිතන්න හැදුවත් අප්පා කිසිම හැලහොල්මනක් නැතුව මැෂින් ගොඩක් අතරට මැදි වෙලා ඉන්නවා දකිනකොට හිතට එන්නේ අසුභවාදී සිතුවිලි විතරයි . ඒ මම ගොඩක් කලබල වෙලා ඉන්න නිසා ද?? නැ..නැත්නම් අප්පාගේ තත්ත්වය අපි හිතනවට වඩා බරපතලයි කියලා යටි හිත දන්න නිසාද ???

"හැල්මොනි කියන්නෙම නැතුව මාව දාලා ගියා, ඔයත් මම සමාවෙන්න කියන්න කලින් මාව දාලා යන්න ද හදන්නේ අප්පා ? " අප්පාට මම කියන දේ ඇහෙන්නේ නෑ කියලා මම දන්නවා උනත් මම එහෙම ඇහුවේ අප්පා උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තුවෙන් වගේ.
හිතටත් ඇඟටත් දැනුන මහන්සිය එක්ක මම අප්පාගේ අත අල්ලාගෙන ම ඇඳට ඔලුව තියාගත්තා.
.
.
.
"ටේ..ටේහ්‍යුන්ගා ......." කෙඳිරිල්ලක් වගේ ඇහුන ගොරෝසු ඒත් හුරුපුරුදු කටහඬත් එක්ක මාව අඩ නින්දෙන් අවදි උනා. සම්පූර්ණයෙන්ම ඇහැරෙන්නත් කලින් මට දැනුනේ කවුරුහරි මගේ ඔලුව අතගානවා. මම ඉක්මනට ඔලුව ඉස්සුවේ ඒ ඔම්මා කියලා හිතාගෙන . ඒත් ...

"අ...අප්පා...." අප්පාගේ මලානික වෙලා තිබුන ඇස් යොමු වෙලා තිබුනේ මගේ දිහාවට , අප්පාගේ අත තාමත් රැඳිලා තිබුනේ මගේ ඔලුවේ .

"අප්පා.... නෝ ක්වෙන්චනායෝ (are you ok?) ??? " මම ඇහුවේ කලබලයෙන් , ඒත් උත්තර දෙනවා වෙනුවට අප්පාගේ මූණේ හිනාවක් මැවුනේ ඉබේටම . අප්පා මොකුත් කියන්නේ නැතුව මගේ දිහා බලාගෙන ඉන්න අතරේ මෙච්චර වෙලා මගේ ඔලුව අතගාපු අතින් මගේ අතක් අල්ලාගත්තා .

"නේ අදල් නේ යොප්පේ ඉස්න්නිකා නා වන්ජොන්  ක්වෙන්චනා අදල් . (As my son is beside me, i'm totally fine son ) "

"අ..අප්පා...." මාව සම්පූර්ණයෙන්ම ගොලු උනා වගේ මට දැනුනේ . ජීවිතේ මෙච්චර කාලෙකට දැකපු දැඩි නීති රීති වලින් මාව පාලනය කරන්න උත්සාහ කරපු හෙජන්නිම් වෙනුවට අද මගේ අප්පාගේ කටෙන් ඒ පිටවුණේ ඇත්තටම අප්පාගේ සිතුවිලි , ජීවිතේ පළවෙනි වතාවට ඇත්තටම මට මගේ අප්පාව ලැබුනා වගේ මට දැනුනේ . මම විතරක් නෙවෙයි මානසික ව අප්පත් හිටියේ ගොඩක් සංවේදී වෙලා .

"මි...මියානේයෝ අප්පා ....... හැමදේකට ම මට සමාවෙන්න ......" මට කියාගන්න පුලුවන් උනේ ඒ වචන ටික විතරයි .

අප්පාගේ මූණේ තිබුන හිනාව යන්තමින් මැකිලා ගියා. අප්පා මගේ අතින් අල්ලාගෙන ම මට තවත් අප්පා ළඟට ළංවෙන්න කිව්වා . අප්පා හෙමින් සැරේ මගේ කම්මුලෙන් අත තිබ්බා. අප්පාගේ අතින් දැනුන උණුසුම ... අප්පාගේ හදවතින්ම නැඟුන මගේ හදවතටම දැනුන උණුසුමක් ඒක.

"අනී... නේගා මියානෙත්තා අදල් (i'm sorry son) . ඔයාගේ හැල්මොනි ඔයා වෙනුවෙන් බේරගන්න බැරි උනාට සමාවෙන්න ..... ඔම්මා මම දෙන්නම ....."

"අනී හැල්මොනි අපිව දාලා ගියේ ඔයාලාගේ වැරැද්දක් නිසා නෙවෙයි , හැ... හැල්මොනිට ඔපරේෂන් එකෙන් පස්සේ සිහිය ආ...ආවේ නැති එක....... එ...ඒක... ඔයාලාගේ වැරැද්දක් නෙවෙයි " අප්පා ආපහු සමාවෙන්න කියන්න කලින් මම කිව්වේ අප්පාගේ මූණ දිහා බලාගෙන ම. අප්පා මගේ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් .

"අ...අදල්...."

"නා තා අරායෝ (i know everything ) අප්පා, මම දැන් ඇත්ත දන්නවා ....සමාවෙන්න කිසිම වැරැද්දක් නැතිව ඔයාලාට හැල්මොනිගේ මරණේ ගැන දොස් කිව්වට... ඔයාලාට වෛර කළාට....."

°°°°°°°°Flashback°°°°°°°
චටාස් ....

කම්මුලට දැනුන පුපුරු ගහන වේදනාවත් දරාගෙන මම බලාගෙන හිටියේ ඔම්මා දිහා . ඔම්මා ආපහු මට ගහන්න අත ඉස්සුවත් ඒ වෙනුවට මාව බදාගත්තේ හැඬුම් හඬකින් මට දොස් කියන අතරේ.

"නෝ වේ ක්(අ)රොක්කේ හෙස්සොයෝ අදල්... (why did you do that son?)
ඔයාලා දෙන්නටම මාව දාලා යන්නද ඕන???" ඔම්මා ඇහුවේ ගොඩක් අසරණ විදිහට . මමත් ඔම්මාව බදාගත්තා. ටික වෙලාවකට පස්සේ ඔම්මා සන්සුන් උනාට පස්සේ මම මහන්සි සාක්කුවේ තිබුන හැල්මොනිගේ මරණ සහතිකේ පිටපත, ඒ කොළ මිටියම ඔම්මාගේ අතින් තිබ්බා. ඔම්මා මගේ දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමයෙන් . හිතට දැනුන බලාපොරොත්තු සුන් උන හැඟීම් එක්ක මාව දණින් වැටුනේ ඉබේටම , ඒත් මම ඔම්මා දිහා බැලුවේ බලාපොරොත්තු සහගත ව, ඒ මේ හැමදේකට ම උත්තර බලාපොරොත්තුවෙන් .

"වේ ඔම්මා ... වේ නාන්තේ කොජිමල්හෙස්සෝයෝ??? වේ?? (Why mom? Why did you lie to me? Why?)" මම  ඇහුවේ ඇහෙන නෑහෙන හඬින් උනත් ඔම්මාට ඒ වචනයක් පාසා පැහැදිලිව ඇහෙන්න ඇති.

"අ..අදල්..."

"ඇයි මේ තරම් කාලයක් මට බොරු කළේ?? ඇයි මට මෙච්චර කාලයක් බොරුවක ජීවත් කෙරෙව්වේ??? ම..මම හැල්මොනිගේ ජී..ජීවිතේ , ඔ...ඔයාලගේ ජීවිතේ කි...කිසිම කෙනෙක් නෙවෙයි නිසා ද ම...මට මෙච්චර කල් බොරුවක් විශ්වාස කරගෙන මට ඔයාලට , මට මට ම  වෛර කරන්න දීලා ඔයාලා බලාගෙන හිටියේ ?? " මම කිව්වේ මෙච්චර කාලයක් හැල්මොනි වෙනුවෙන් හිතේ හිර කරගෙන තිබුන වේදනාව වචන වලට පෙරළන්න උත්සාහයක් ගන්න අතරේ. ඔම්මා මාව නැඟිට්ටවන්න හැදුවත් මම  ඔම්මාගේ අතින් ගසලා දැම්මා.

"ඔයාලා එක්ක සෝල් එනවා වෙනුවට හැල්මොනි එන්නම මටත් මේ ලෝකේ දාලා යන්න තිබුනා නම් මට කවදාවත් මේ වේදනාව විඳින්න වෙන්නේ නැති වෙයි ඔම්මා" මම කිව්වේ ඔම්මාගේ ඇස් දිහා බලාගෙන . හිතට දැනෙන හැඟීම් හංඟාගෙන ඉන්නවා වෙනුවට අද හිතේ තිබුන කළකිරීම, බය, දුක, වේදනාව මේ හැමදේම මගේ මූණෙන් නිර්ව්‍යාජ ව හැමෝටම පේන තරමට මගේ හිත දුර්වල වෙලා ... මම ඔම්මා දිහා බලාගෙන හිටියේ ඒ අසරණකම නැති කරගන්න තියෙන එකම ක්‍රමය , මගේ එක ම බලාපොරොත්තුව දිහා බලාගෙන ඉන්නවා වගේ ... ඒ මගේ හැම ප්‍රශ්නෙකට ම උත්තර ඔම්මා මට දෙයි කියන අහිංසක බලාපොරොත්තුවෙන් . ඔම්මා මගේ දිහා බලාගෙන ඉඳලා අන්තිමට ඔම්මත් බිමට නැමිලා මගේ ඇස් මට්ටමට පහත් උනා.

"මම ඒ හැමදේම කියන්නම් අදල් ... ඔයා තවත් ඔයාගේ හැල්මොනි ගැන හිතලා ජීවිතේ විඳවන්න ඕන නෑ .. මම ඒ හැමදේම කියන්නම්.... ඒත් .. ඒත් අපිව දාලා යන එක ගැන විතරක් කතා කරන්න එපා .. ඔයාගේ අප්පාට .... මට... අපි දෙන්නටම ඉන්නේ ඔයා විතරයි පුතා....." ඔම්මා මාව බදාගත්තේ ඇස්වල කඳුළු පුරවගෙන
.
.
.
මින්හී , ජීමිනා , නම්ජූන් හ්‍යුන්ග් එයාලා හැමෝම ඔම්මාටයි මටත් නිදහසේ කතා කරන්න ඉඩ දීලා ඈතට වෙලා හිටියේ .  ලොකු හුස්මකට පස්සේ ඔම්මා කටහඬ අවදි කරනකල් මම බලාගෙන හිටියේ නොයිවසිල්ලෙන් .

"ඔයාගේ හැල්මොනිට කාලයක් තිස්සේ හදවත් රෝගයක් තිබුනා පුතා. ඔයා දන්නවානේ හැල්මොනිගේ හැටි , ඔම්මා කැමති උනේ නෑ ඒකට බෙහෙත් ගන්න, එයා කිව්වේ බටහිර බෙහෙත් මොකුත් ඕන නෑ මේ ඉන්න විදිහට ඔයා ලොකු වෙනකල් ඉන්න ලැබුනොත් එයාට හොඳටම ඇති කියලා . ඒත් ඔයාට අවුරුදු අටක් විතර වෙද්දී , හරියට ම කිව්වොත් ඔයාව ආපහු සෝල්වලට එක්කරගෙන එන්න මාස තුනකට විතර කලින් ඔම්මාට ටිකක් වැඩිපුර මහන්සියක් දැනෙන්න, මානසික ව ටිකක් ව්‍යාකූල ගතියක් දැනෙන්න උන නිසා ඔම්මා අන්තිමට මට ඒ ගැන කිව්වා . ඊට පස්සේ අපි  ඔම්මාව අන්තිමට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. ඒත් ඒ වෙද්දී ඔයාගේ හැල්මොනිගේ තත්ත්වය ටිකක් බරපතළ වෙලා . ඔයාගේ අප්පාට වගේ ම MI ඔම්මාටත් ඇවිත් තිබුනා , ඒත් ඒ ක්ෂණික ඒවා, හොයාගන්නත් අමාරුයි. ඒක cardiogenic shoke එකක් වෙනකල් ම වර්ධනය වෙලා කියලා ඩොක්ටර් කිව්වේ . මාසයක් විතර බෙහෙත් වලින් තත්ත්වය පාලනය කරන්න හැදුවත් ඒකත් අසාර්ථක උන නිසා  අන්තිමට හදිසියේ ම හෘද සැත්කමක් කරන්න තීරණය කළා. අකමැත්තෙන් උනත් ඔම්මා ඒකට කැමති උනා. ඊට පස්සේ තමයි මම ඔයාව සෝල්වලට එක්කරගෙන ආවේ, ඔයා නොදැන ඔයාගේ හැල්මොනිත් සෝල්වලට ආවා ප්‍රතිකාර වලට." ඔම්මා ටික වෙලාවකට නිහඬ උනා. මේ හැමදේම පළවෙනි පාරට ඇහෙද්දී මට දුක හිතුනේ එයාලා මගෙන් ගොඩක් දේවල් හංඟලා කියලා තේරෙද්දී .

"හැ..හැල්මොනි දැනගෙන හිටියාද සමහරවිට එයාට සිහිය එන්නේ නැති වෙයි කියලා ??? ඒක දැනගෙන ද එයා ඒකට කැ....කැමති උනේ????"

"දන්නවාද ඔයාගේ හැල්මොනි එයාගේ අසනීපේ ගැන දැනගත්ත ගමන් එයා කිව්වේ මට මගේ මුණුබුරාව දැන්මම මේ ලෝකේ තනි කරලා යන්න බෑ කියලා . කොච්චර වෛද්‍ය විද්‍යාව තාක්ෂණය දියුණු උනත් cardiogenic shoke තියෙන අයගෙන් 60%ක් විතර මැරෙන්න පුලුවන් . හෘද සැත්කමෙන් පස්සේ ප්‍රශ්නයක් වෙලා සැත්කම සාර්ථක නොවෙන්න තිබුනේ 50%ක වගේ අවස්තාවක් . ඉතින් ඔම්මා ඒකට කැමති උනා , අපිත් ඔපරේෂන් එකට කැමති උනා, ඒත් 50%ක් සාර්ථක වෙන්න පුලුවන් කියන්නේ  ඉතුරු 50% අසාර්ථක වෙන්න පුලුවන් කියන එක කියලා අපිට හරියට ම තේරුණේ එදා පුතා. ඩොක්ටර්ස්ලා ගොඩක් උත්සාහ කළා ඔම්මාව බේරගන්න ... ඒත් .. එදා දෛවය අපිට හරස් උනා."

"මේ හැමදේම ඇ..ඇයි මගෙන් හැංඟුවේ ඔම්ම?? ම...මම එතකොට පොඩි නිසාද????? ඒත් මම දැනුම් තේරුම් තියෙන වයසකට ආවට පස්සේ හරි මට ඒ ගැන කියන්න තිබුනා ඔයාලට... එහෙම නේද ???"

"ඔපරේෂන් එක සාර්ථක වෙන්න වගේ ම අසාර්ථක වෙන්නත් ඉඩකඩ තියෙනවා කියලා අපිට වඩා ඔයාගේ හැල්මොනි හිතුවා. ඔම්මා ඔපරේෂන් එකට කලින් මට ලියුමක් දුන්නා , බැරිවෙලාවත් ඔම්මාට මොකක් හරි උනොත් ඒ ලියුම බලන්න , ඒකේ තියෙන දේ ඔම්මාගේ අවසන් ඉල්ලීම විදිහට ඉටු කරන්න කියලා . මම ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඔම්මාගෙන් ලියුම අරගත්තා.

ඔම්මා නැති උනාට පස්සේ මම ඒක දිගෑරලා බැලුවේ . ඔම්මාට ඔපරේෂන් එක අතරේ මොකක් හරි වෙලා එයා නැති උනොත් ඔයා කවදාහරි ඒකට අපිට ඇඟිල්ල දික්කරනවා දකින්න ඔම්මා කැමති උනේ නෑ . ඔයා ඔම්මා එක්ක එක්කරගෙන ගිය එකෙන් ඔයා අපෙන් ඈත් උන නිසා ඒක තවත් වැඩි කරන්න ඔම්මාට ඕන උනේ නෑ . ඒ නිසා ඔපරේෂන් එකේදී වැරදීමක් උනොත් ඔයාට ඇත්ත කියන්න එපා කියලා ඔම්මා ඉල්ලලා තිබුනා . ඉතින් මෙච්චර කල් ඔයා වෙනුවෙන් මම ඔම්මාගේ ඒ ඉල්ලීම ඉටු කළා, ඒත් අද අවුරුදු 17කට පස්සේ ඔයා වෙනුවෙන් ම මම ඒ පොරොන්දුව ම බින්ඳා පුතා." ඔම්මා කිව්වට පස්සේ මොහොතකට මම විතරක් නෙවෙයි මගේ වටේට හැමදේමත් එක තැන නතර වෙලා , කාලයත් ගත වෙනවා නතරවෙලා වගේ දැනෙන්න ගත්තේ මට .

"මී...මීට කලින් ම...මට ඇත්ත කිව්වා නම් හැමදේම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා ඔම්මා...." මම කිව්වේ ඇත්තටම පසුතැවීමකින්, මේ ඇත්ත මීට කලින් දැනගත්තා නම් මම , ඔම්මලා අතරේ හැමදේම මෙහෙම නොවෙන්න තිබුනා . එයාලා බිස්නස් නිසා මං වෙනුවෙන් කාලය වැය කළේ නැති උනත් , මම මේ තරම් එයාලාට වෛර කරන්නේ නැති වෙන්න තිබුනා .

ඔම්මා හෙමින් සැරේ මගේ අත් දෙකෙන් අල්ලාගෙන මාව ඔම්මාගේ පැත්තට හරවාගත්තා.

"මේ අවුරුදු දාහතට ම මට  දසදහස් වාරයක් හිතිලා තියෙනවා ඔයාට ඇත්ත කියන්න , ඒත් ... ඒත් ඒ දේ කරන්න මගේ හිත මට ඉඩ දුන්නේ නෑ පුතා. ඔ...ඔයා එදා මාත් එක්ක ආපහු සෝල්වලට එනකොට ඔයාගේ ඇස්වල තිබුන අහිංසක බලාපොරොත්තු , ඔයාගේ ඇස්වලින් ඔයා ඉල්ලුවේ ආදරේ රැකවරණය විතරයි ...ඒත් ...ඒත් ඒ කිසිම දෙයක් ඉෂ්ට කරන්න ඔයාට ඕන විදිහේ ඔම්මා කෙනෙක් වෙන්න මට බැරි උනා. ඔයාගේ අප්පා මම දෙන්නම ඔයාට  වැරැද්දක් කළේ, ඒත් ඒත් ඔයාට බොරු බලාපොරොත්තු දීලා ඒ බලාපොරොත්තු නැති වෙලා යනකල් බලාගෙන හිටිය මම තමයි ලොකුම වැරැද්ද කළේ. අන්තිමට ඔයා ඇත්ත නොදැන උනත් ඒ විදිහට අපිට වෛර කරන එක සාධාරණයි කියලා මම හිතුවෙ. ඒත් .. ඒත් අපිට වෛර කරනවට වඩා ඒකෙන් ඔයා ඔයාට ම තවත් වෛර කරගන්නවා , රිදවාගන්නවා කියලා තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා අදල්

ඔම්මාගා මියානේයෝ අදල් . මේ තරම් කාලයක් ඔයාට විඳවන්න දුන්නට සමාවෙන්න , ඔයා වෙනුවෙන් ඔයාට ඕන විදිහේ ඔම්මා වෙන්න බැරි උනාටත් සමාවෙන්න " ඔම්මා හැඬුම් අතරින් ම මාව වැළඳගත්තා.
හිතට දැනුන හැඟීම් පොදියත් එක්ක ගොලු උන මමත් නිහඬවම ඔම්මාගේ ඒ උණුසුමට තුරුල් උනා.

°°°°°°°End of flashback °°°°°°
"ඔ..ඔයා සමාව ගන්න තරම් වැරැද්දක් කළේ නෑ පුතා. ඊට වඩා ගොඩක් වැරදි මගේ අතින් වෙලා තියෙනවා...."

"අප්පා අපි ඒ ගැන පස්සේ කතා නොකර ඉමු... මම තවත් කිසිම දේකට ඔයාට දොස් පවරන්නේ නෑ , ඔයා පරණ දේවල්වලින් මතක තියාගන්න ඕන ඒ දේ විතරයි ."

"අනී... අදල්.... මට මේ දේ කියලා හිත නිදහස් කරගන්න දෙන්න ... මේ මගේ ජීවිතේ  අන්තිම දවස උනත් මට නිදහසේ අවසන් හුස්ම ගන්න නම් මගේ හිත හිදහස් වෙන්න ඕන ...."

"අ..අප්පා ඔයා මොනාද මේ කියවන්නේ ??? "

"ටේ...ටේහ්‍යුන්ගා මට කතා කරන්න දෙන්න පුතා . ජීවිතේ මම ගොඩක් සාර්ථක මනුස්සයෙක් ඒත් සම්පූර්ණයෙන්ම අසාර්ථක අප්පා කෙනෙක් ඔයාට , ඉ...ඉතින් අඩුම තරමින් එහෙම වෙන්න හේතුව දැනගන්න තරම් අයිතියක් ඔයාට තියෙනවා . " අප්පා කිව්වට පස්සේ මම නිහඬව ඉන්න තීරණය කලා .
.
.
.
අප්පාට මහන්සි වෙන්න හොඳ නැති නිසා ටික වෙලාවකට විවේකයක් ගන්න නිදාගත්තට පස්සේ මම කාමරෙන් එලියට එන්න ආපහු හැරුනා . යන්තමට  ඇරිලා තිබුන දොර අරිද්දිම දොරට එහා පැත්තෙන් හිටියේ ඔම්මා . ඔම්මා බිත්තියට හේත්තු වෙලා අඬපු විදිහට මට එකපාරටම බය හිතුනා .

"ඔ...ඔම්මා වේ උරෝ??? (Why are you crying ?)" මම අහද්දී ඔම්මා එකපාරටම  මාව බදාගත්තා .

"ගුමාවොයෝ අදල් , ඔයාලා දෙන්නා මෙහෙම එකට කතා කරන දවසක් එනකල් මම බලාගෙන හිටියා , ගුමාවොයො අද අප්පා කියපු හැමදේම අහගෙන හිටියාට " කඳුළු අතරින් ඔම්මාගේ ඇස්වල තිබුනේ සතුටක්, සැනසිල්ලක් . මමත් ඔම්මාව බදාගෙන ඔම්මා සන්සුන් වෙනකල් නිහඬවම හිටියා.

"ටේ .... අජුම්මොනි වේ උරෝ??? (Why aunt is crying ??) " ඔම්මා අඬනවා දැකපු ජීමිනා ඇහුවේ කලබලයෙන් වගේ , මින්හීත් මගේ දිහා බැලුවේ ඇයි අහන්න වගේ .

"අමුගොතො අනියා ජීමිනා ... ඉජෙ තා ක්වෙන්චනා ..,(nothing . Now everything is fine )." මම කිව්වේ මෙච්චර කාලයක් හිතේ තිබුන ලොකු බරකින් නිදහස් උන සතුට හදවතින්ම අත්විඳිමින්..

ටික වෙලාවකට පස්සේ ඔම්මා සන්සුන් උනේ ලොකු උත්සාහයකට පස්සේ .

"ඔම්මා.. ඔම්මා ගෙදර ගිහින් එන්න , මම අප්පා ළඟ ඉන්නම් . " ඔම්මා එයාට මහන්සි නෑ , නිදිමත නෑ කියලා කොච්චර කිව්වා උනත් එයාගේ මූණෙන් ඔම්මා කොච්චර තෙහෙට්ටුවෙන් ද හිටිය  කියලා ඕන ම කෙනෙක්ට තේරෙනවා .

"අනියා ටේහ්‍යුන්ගා ...."

"ඔම්මා මේ අහන්නකෝ අප්පාට බොහෝ දුරට bypass surgery එකත් කරලා තමයි ගෙදර යන්න වෙන්නේ , ඔම්මා සතියක් විතර හොස්පිටල් එකට වෙලා ඉන්නද???  ඒ නිසා ඔම්මා ගිහින් ටිකක් නිදාගෙන මහන්සිය අඩු උනාට පස්සේ එන්න ."

"ඒත් ඔයාටත් මහන්සියිනේ අදල් ... මම කොහොමද ..."

"ඔම්මා මුලින් ගිහින් එන්න , ඊට පස්සේ මමත් ගිහින් එන්නම්. අප්පා වෙනුවෙන් මට සතියක් නෙවෙයි ඕන තරම් කාලයක් හොස්පිටල් එකේ අප්පා ළඟින් ඉන්න පුලුවන් . ඔම්මා තවත් හැමදේම තනියෙන් දරාගන්න ඕන නෑ  මීට පස්සේ ඕනම දේකට ඔම්මා , අප්පා වෙනුවෙන් මම ඉන්නවා. " මම කිව්වට පස්සේ ඔම්මා නිහඬවම මගේ දිහා බලාගෙන හිටියා , ඒත් එයාගේ ඇස්වල තිබුන මහන්සි පාට වෙනුවට පෙනුනේ සතුටක්.

"වේ????" මම ඇහුවේ මොකුත් හිතාගන්න බැරුව .

"මොකුත් නෑ පුතා.... මම එහෙනම් ගෙදර ගිහින් පුලුවන් ඉක්මනට එන්නම් ... හදිසියක් උනොත් මට අනිවාර්යයෙන්ම කතා කරන්න ." ඔම්මා ගෙදර යන්න එකඟ උන එක ලොකු දෙයක් කියලා මට හිතුනේ.
ජීමිනා , මින්හී දෙන්නාම හිටිය විදිහට එයාලා මාත් එක්කම ඉන්නවා කියලා මම දැනගත්තා, ඒත් එයාලත් මේ තරම් මහන්සි වෙන්න හොඳ නෑ කියලා මගේ හිත මට කිව්වේ . ජීමිනා මින්හී දෙන්නම ඊයේ උදේ ඉදන් මාව හොයලා අන්තිමට ඩේගුවලට ම ගියා මාව එක්කරගෙන එන්න . කොච්චර මහන්සි වෙලා හිටියත් එයාලාට ඕන උනේ මාත් එක්ක ඉන්න . ජීමිනාට ගානක් නැති උනත් මින්හී හිටියේ ගොඩක් තෙහෙට්ටුවෙන් . මම හෙමින් සැරේ මින්හීගේ අතෙන් අල්ලාගෙන එයාගේ අවධානය මගේ පැත්තට හරවාගත්තා .

"මින්හියා....ඔයත් යන්න ඔම්මා එක්කම."

"වේ??? ඔම්මා ගිහින් එනකල් මම ඉන්නම්..." මින්හී කිව්වේ මුරණ්ඩු විදිහට . මේ කෙල්ලත් මට දෙවැනි නෑ එහෙම වෙලාවට නම්

"මේ අහන්නකෝ... ඔයා කිව්වේ නැති උනාට ඔයා ගොඩක් මහන්සියෙන් ඉන්නේ කියලා මම දන්නවා . ඒ නිසා දැන් ගෙදර ගිහින් ටිකක් නිදාගන්න මගේ හොඳ මින්හියා වගේ . ....
ජීමිනා ඔයත් යන්න ....." මම කිව්වේ කට්ටියම ගෙදර යවන බලාපොරොත්තුවෙන් .
.
.
.
.
"ටේහ්‍යුන්ගා සම්චූන්ට හදිසියේ angiogram එකක් කරන්න හදන්නේ . දැන් සම්චූන්ව catheterization lab  එකට ගන්නවා . ඔයාටත් ඇතුලට එන්න පුලුවන් ඕන නම්. " උදේ 7ට විතර ජින් හ්‍යුන්ග් මගේ ළඟට ඇවිත් කිව්වේ එකපාරටම .

"ඒත් හ්‍යුන්ග් ... angiogram එකක් කරන්න අප්පාව කිසිම විදිහකින් සූදානම්  කළේ නැහැනෙ , අප්පා blood pressure වලට බෙහෙත් බොන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?? තව අප්පා මොනාහරි බෙහෙත් බොනවද කියලා මම ඇත්තටම දන්නෙත් නෑ ..... "

"මම දන්නවා . ඒත් cardiology unit එකේ specialist ලා හැමෝම එකතුවෙලා මේ තීරණය ගත්තේ. සම්චූන්ගේ තත්ත්වයේ හැටියට පුලුවන් ඉක්මනට එයාට surgery එක කරන්න වෙනවා . ඒත් ඒකට එයාගේ heart එකේ අවහිර වෙන තැන් ඉක්මනට හොයාගන්න වෙනවා . ඒ නිසා තමයි emergency angiogram එකක් කරන්නේ .බයවෙන්න එපා සම්චූන් antoplatelets, anticoagulants මොකුත් ගන්නේ නැති නිසා එහෙම අවධානමක් නෑ  , යම් විදිහකින් අවධානම් තත්ත්වයක් ආවොත් ඒකටත් සූදානම් වෙලා තමයි අපි මේක කරන්න  හදන්නේ . ඔයාලගේ කැමැත්ත ඕන මේකට." හ්‍යුන්ග් කිව්වේ බැරෑරුම් විදිහට .

අප්පාගේ තත්ත්වය බරපතළයි කියලා දන්නවා උනත් හදිසියේ angiogram එකක් කරනවා කියද්දි හිතට දැනුනේ පොඩි තිගැස්මක් . ඒත් හ්‍යුන්ග් දිහා බලාගෙන ඉඳලා ටික වෙලාවකින් මම ඔලුව වැනුවේ තීරණයක් අරගෙන .

"මම අත්සන් කරන්නම් හ්‍යුන්ග් ."

ජින් හ්‍යුන්ග් කිව්ව විදිහට අප්පාගේ angiogram test එකට කැමැත්ත දීලා consent form එක අත්සන් කළාට පස්සේ මම ආපහු අප්පා හිටිය  කාමරය ඇතුලට ගියා. රෑ නිදාගත්තට පස්සේ අප්පාගේ pressure , නාඩි බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා නිසා බය වෙන්න හේතුවක් නැහැ කියලා ජින් හ්‍යුන්ග් කිව්වේ . ඒත් මම අප්පා දිහා බලාගෙන හිටියේ හිතේ කොණක තිබුන බයක් එක්ක.

"අදල්...." අප්පාගේ කටහඬින් මම පියවි සිහියට ආවා.

"මොනවද ඔය තරම් කල්පනා කරන්නේ ????" අප්පා ඇහුවේ මගේ ඇස් දිහා බලාගෙන . අප්පාට උත්තරයක් දෙන්න ඕන උනත් මම කළේ දිගටම අප්පා දිහා බලාගෙන හිටිය එක.

ඒ වචන ... අප්පා අහපු පුංචි ප්‍රශ්නයක් උනත් ඒක මගේ හදවතට ම දැනුනා , මේ තරම් කාලයක් කවදාවත් නොදැනුන තරම් ආදරයක් ඒ වචනවලින් හිතට දැනෙනවා .

"මොකුත් නෑ අප්පා ...." මම කිව්වේ යන්තමට හිනාවෙලා .

"එහෙනම් කමක් නෑ ... කිසිම දෙයක් ගැන වදවෙන්න එපා , හැමදේම ඉක්මනට හරියයි " අප්පා කිව්වේ හරිම සන්සුන් විදිහට .

"මට අප්පාට කියන්න තියෙන්නෙත් ඒකම තමයි , දැන් හොඳ උනාට පස්සේ ආපහු කිසිම දෙයක් ගැන නොහිතා ඉන්න , ආපහු ලෙඩ වෙන්නේ නැතුව මේ වගේ " මම කියද්දි අප්පත් මාත් එක්කම හිනා උනා.
.
.
.
අප්පාව පැය බාගෙකින් විතර පස්සේ angiogram එක කරන්න laboratory එක ඇතුලට ගත්තා. මමත් ටික වෙලාවකට පස්සේ ඇතුලට ගියා. ඩොක්ටර්ස්ලා පරීක්ෂණය පටන් ගන්න අතරේ ජින් හ්‍යුන්ග්නුත් මම හිටිය තැනට ආවා , ඒත් හ්‍යුන්ග් බලාගෙන හිටියේ අප්පාව සම්බන්ධ කරලා තිබුන cardiac monitor එකේ තිබුන අගයන්වලට.

අප්පාට වේදනානාශක දීලා ඊට පස්සේ අතට ඇතුල් කරපු catheter එකෙන් dye එක ඇඟට ඇතුල් කළා. Dye එක හාර්ට් එක  පුරාම තිබුන රුධිරයේ පැතිරුණාට පස්සේ ඩොක්ටර්ස්ලා x-ray ගන්න පටන් ගත්තා. විනාඩි විස්සකට විතර පස්සේ එයාලා x-ray ගන්න එක නතර කලේ පරීක්ෂණය කරලා අවසන් කරලා කියලා තේරුණු නිසා මම එලියට යන්න හැරුණත් එකපාරටම උස් හඬින් ඇහෙන්න ගත්ත නොනවතින 'beep been ' හඬ නිසා මාව හිටිය තැනම නතර උනා. මාව අප්පා හිටිය දිහාවට හැරුනේ ඇසිල්ලකින්. Cardiac monitor එකෙන් එක දිගටම ඇහෙන්න ගත්ත අනතුරු ඇඟවීම් සංඥාවත් එක්කම මෙච්චර වෙලා සිහිසුන්වෙලා වගේ නිශ්චල ව හිටිය අප්පාව එකපාරටම ගැස්සෙන්න ගත්තේ අපස්මාරය හැදුන කෙනෙක් වගේ .

කාමරේ ඇතුලේ හිටිය ඩොක්ටර්ස්ලා , තව එලියෙන් ආව ඩොක්ටර්ස්ලා අප්පා වටේට වට වෙද්දී මාව ඉබේටම බිත්තියට හේත්තු උනා. උදේ ඉදන් හිතේ තිබුන නන්නාඳුනන  බය ඇස් ඉදිරියේ ඇත්ත වෙද්දී උදේ ඉදන් මොකක් හරි නරක දෙයක් වෙයි කියලා හිත පතුලේ තිබුන බය තවත් වැඩි උනා .

"ජින් හ්‍යුන්ග් .. මො...මොකද්ද වෙන්නේ ?????" මම ඇහුවේ ජින් හ්‍යුන්ග්ගේ කලබල උන මූණ දකිද්දී තවත් නිහඬව ඉන්න බැරි නිසා  . හ්‍යුන්ග් මොකුත් නොකියා මාව එලියට ඇදගෙන ආවේ බලෙන් වගේ .

"හ්‍යු...හ්‍යුන්ග් ...." මම හ්‍යුන්ග් දිහා බැලුවේ ආයාචනාත්මක විදිහට . ඒත් හ්‍යුන්ග් ඊළඟට ඇහෙන නෑහෙන තරමට පහත් හඬින් කිව්ව වචන එක්ක මගේ මුළු ඇඟම පණ නැතුව යනවා වගේ මට දැනුනේ .

"සම්චූන්ට inject කරපු dye එක allergy වෙලා sudden anaphylactic shock එකක් ආවා ටේහ්‍යුන්ගා "

"හ්‍යු...හ්‍යුන්ග්.... ඔයා ඔය විහිලුවක් නේද ක...කරන්නේ ???? කො...කොහොමද ????"

"අපි දැන්මම සම්චූන්ව ආපහු ICU එකට ගන්නවා ටේහ්‍යුන්ගා , හැමදේම හොඳට වෙන්න තරම් අපි වාසනාවන්ත වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. " හ්‍යුන්ග් එහෙම කියලා ආපහු ඇතුලට ගියා.

"අ..අප්පා... ඔයා පොරොන්දු උනා ආයෙත් මාව තනි කරන්නේ නෑ කියලා කවදාවත් ම , ඔයා ඒ පොරොන්දුව රකිනවා නේද ???" මම ඇහුවේ ඇතුලේ ජීවිතයත් මරණයත් අතර පොරබදින අප්පා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ කියලා දැනගෙන උනත් කවුරු හරි මට උත්තරයක් දෙයි කියලා හිත ඇතුලේ තිබුන පොඩි ම පොඩි බලාපොරොත්තුවකින්.

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

Just wanted to let you know
Coronary artery bypass ඒ කියන්නේ bypass surgery එකක් ගැන සරලව ම කිව්වොත් හෘදයට රුධිරය සපයන කිරීටක ධමනියක් ස්ථාන කිහිපයකින් අවහිර වෙලා තියෙද්දි කකුලේ ශිරාවකින් කොටසක් අරගෙන ඒ කිරීටක ධමනියට සමාන්තර ව සම්බන්ධ කරලා ඒ මඟින් හෘදයේ රුධිර සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමක් සිද්ද වෙන්නේ. මේක විවෘත හෘද සැත්කමක්, ඒ කියන්නේ උරස් කුහරය විවෘත කරලා කරන සැත්කමක් .

Cardiac monitor කියන්නේ රෝගියෙක්ගේ හෘද ස්පන්ධන වේගය , රුධිර පීඩනය , ශ්වසනය , රුධිරයේ ඔක්සිජන් සංතෘප්ත ප්‍රතිශතය මේ හැමදේම මනින machine එකට. හෘද රෝගවලින් පෙලෙන රෝගීන් , සැත්කම් වලට ලක් කරපු රෝගීන්, වගේ ම බැරෑරුම් තත්ත්වයක ඉන්න අයවත් cardiac monitor වලට සම්බන්ධ කරලා තමයි ප්‍රතිකාර කරන්නේ .

Angiogram එකකදි හෘදයේ රුධිර නාලවල තියෙන අවහිරතා හඳුනගන්න එක කරන්නේ. අතේ හෝ කකුලේ රුධිර නාලයකට catheter එකක් සරලව ම කිව්වොත් නම්‍යශීලී බටයක් ඇතුල් කරලා ඒකෙන් රුධිරයට ඩයි එකක් ඇතුල් කරනවා. මේකට contrast dye කියලත් කියනවා ඒ කියන්නේ x-ray එකකදි මේක ජායාරූප පටලයේ සටහන් වෙනවා.
සාමාන්‍යයෙන් angiogram එකක් කරන්න කලින් නිරාහාරව සිටීම , aspirin වගේ බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒවා ගන්න එක තාවකාලිකව නතර කරන එක කරනවා . පරීක්ෂණයෙන් පස්සේ ඒ ඩයි එක ඇඟෙන් ඉවත් වෙන්න හොඳට වතුර බීලා , ඩයි එකට ස්වභාවික විදිහට ඇඟෙන් ඉවත් වෙන්න දෙන්න ඕන .

Anaphylactic shock කියලා කියන්නේ ආසාත්මිකතාවයක් ඒ කියන්නේ ඇලර්ජි එකක බැරෑරුම් අවස්තාවෙදි ඇතිවෙන කම්පන තත්ත්වය . නිසි ප්‍රතිකාර නොකළොත් මේක මාරාන්තික තත්ත්වයක් බවට පත්වෙන්න පුලුවන් . Anaphylactic shock එකකදි epinephrine තමයි මූලිකව ම ප්‍රතිකාර සඳහා යොදාගන්නේ . කෑම , බෙහෙත් වර්ග, සත්ත්ව විෂ වගේ දේවල් වලට ඇතිවෙන ආසාත්මිකතාවයක් උනත් anaphylactic shock එකක් බවට පත්වෙන්න පුලුවන් .

🤗🤗🤗🤗🤗🤗

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : සති ගානකට පස්සේ පොඩි update එකක් කරන්න පුලුවන් උනා අද නම්. ගොඩක් පරක්කු උනා යාලුවනේ ඒත් සමාවෙන්න කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ . හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරමට උදේ රෑ nts එකේ දේවල් එක්ක කාලය ගෙවෙනවා හොයාගන්න බෑ . මම ඔයාලාට කරන්නේ ලොකු අසාධාරණයක්, ඒත් පුලුවන් විදිහට ගොඩක් කල් අරගෙන උනත් කතාව ලියන්නම් . දැනට තියෙන කතා ඉක්මනට ඉවර කරන්න , අලුත් එකක් පටන් ගන්න හිතේ ගොඩක් දේවල් තිබ්බත් කාලය ඒකට හරස් වෙනවා වගේ . ඒත් ලියන එක මට ගොඩක් වටින දෙයක් අතාරින්න බැරි තරමට  ,කොච්චර කල් ගියත් කොහොම හරි කතාව continue කරන්න උත්සාහ කරන්නම් . ආදරෙයි ඔයාලා හැමෝටම , තෑන්ක්යූ කොච්චර කල් ගියත් කතාව කියවන්න බලාගෙන ඉන්නවාට.
❤️❤️❤️❤️

Edited and republished on 16/04/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top