Chapter 12
❤️AFTER ALL I'M ALONE ❤️
Taehyung's POV
ඇහැරුන ගමන් කාමරේ ජනෙල් තිරරෙදි අතරින් මූණට වැටුන ඉරඑලිය නිසාම මම ආපහු ඇස් පියාගත්තා. ෆෝන් එකේ වෙලාව උදේ 9 කියලා තිබුනත් ඇහැරින්න කිසිම උවමනාවක් තිබුනේ නැති නිසාම මම ඇඳේ අනිත් පැත්තට හැරුණත් කාමරේ දොර ඇරෙන සද්දේ නිසා ඔලුව උස්සලා බැලුවා .
"Saengil chukkahae soulmate " හිතාගන්නත් කලින් ජීමිනා මගේ ඇඟට පැනලා මාව බදාගත්තා . චිම් කෝලා කෙනෙක් වගේ මාව බදාගත්තේ . මම ඇක්සිඩන්ට් උනා කියලා දැනගත්තට පස්සේ ජීමිනා සති දෙකකට ආපහු ආවා , එයා ආව එක මගේ හිතට යව් විදිහකට පොඩි හරි සහනයක් ඇති කළා.
"යාහ්... අඩුම තරමින් හිනාවෙන්නෙවත් නැද්ද ටේ????" ජීමින් මාව අතෑරලා ඇඳේ පැත්තකින් වාඩිවෙන ගමන් කිව්වේ . ඔම්මත් හෙමින් සැරේ කාමරේ ඇතුලට ආවා.
"Saengil chukkahae adeul " ඔම්මත් මාව බදාගත්තා .මම මොකුත් නොකියා ඔම්මා දිහයි ජීමිනා දිහයි බලාගෙන හිටියා.
"ටේ... බැරිවෙලාවත් මම ... ඔයාගේ කකුලට මොකුත් උනේ නෑ නේද මම ඇඳට පැනපු වෙලාවේ ??? " ජීමින්ගේ මූණේ තිබුන හිනාව නැති වෙලා එයා මගේ තාමත් බැන්ඩේජ් කරලා තිබුන කකුල දිහා බැලුවේ කණස්සල්ලෙන් වගේ .
"අනියා... " මම එහෙම කිව්වත් ජීමිනාගේ මූණේ තිබුනේ දුකක් වගේ . ඒත් මම මොකුත් කියන්න කලින් කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා. හෙමින් සැරේ කාමරේ ඇතුලට ආපු ගෙදර සේවිකාවක් මගේ දිහා බැලුවේ කාමරේ ඇතුලට ආවට කමක් නැද්ද අහන්න වගේ . ඒත් මම මොකුත් නොකිව් නිසා ම කාමරේ පිරිසිදු කරන්න ගෙනාපු දේවල් පැත්තකින් තියලා ජනෙල් තිරරෙදි සම්පූර්ණයෙන්ම පැත්තකට කරලා ජනෙල් පියන් ඇරියා . කාමරේ ඇතුලට සම්පූර්ණයෙන්ම එලිය වැටෙනවත් එක්කම එයාට ඔම්මාට වගේ ම ජීමිනාටත් එකපාරටම කෑගැස්සුනා .
"ටේ...ටේ...." ඔම්මා මගේ දිහා බැලුවේ ඇස් දෙක ලොකු කරගෙන . ඊයේ රෑ මම හැමදේම විනාස කරලා කඩලා බිඳලා දාපු කාමරේ දිහා බලද්දී මට දැනුනේ සෑහීමකට පත් බවක්. ඔම්මත් ඇඳේ පැත්තකින් වාඩිවෙලා මගේ අත අල්ලාගත්තා. ඔම්මා දිහා බලපු ජීමිනා bathroom එකට ගිහින් firstaid kit එක ගෙනැත් දීලා එලියට ගියා . බිත්තියේ තිබුන කණ්ණාඩියට වාස් එකෙන් ගැහුව වෙලාවේ අතේ ඇඟිල්ලකින් කැපිලා තිබුනත් මට ඒක දැනුනෙත් නෑ . බෙහෙත් දාලා ඉවර වෙලා ඔම්මා මගේ දිහා බැලුවේ ඇස්වල ලොකු වේදනාවක් එක්ක වගේ .
"අදල්.. ඇයි ඔයා තවත් ඔයාටම රිද්දගන්නේ??? " ඔම්මා එහෙම අහද්දී මම එකපාරටම හිනාවෙන්න ගත්තා. ඒත් හිනාවෙන එක නවත්තලා මම ඔම්මා දිහා බැලුවේ මගේ ඇස්වලටත් කඳුළු පිරෙද්දී .
"රිද්දගන්න???? මට වටින අය මගේ ජීවිතෙන් මැකිලා යනකොට මට ඊට වඩා රිදුනා , මේක දැනෙන්නෙවත් නෑ "
.......Before 3 weeks........
Taehyung's POV
එකපාරටම දැනෙන වේදනාවත් එක්ක මට සිහිය ආවත් අඩුම තරමින් ඇස් දෙකවත් ඇරගන්න බෑ වගේ මට දැනුනේ . ටිකක් වෙලා ඉද්දී යන්තමට වගේ කවුරුහරි කතා කරන සද්දෙකුත් ඇහෙන්න ගත්තා. මම දෙතුන් සැරයක් උත්සාහ කළාට පස්සේ බර ගතියක් දැනුන ඇහිපිය යන්තමට විවර කරගන්න පුලුවන් උනා . එකපාරටම ඇස් ගැටුනේ නුහුරු පරිසරයක් උනත් මම හිටිය ඇඳේ පැත්තකින් තිබුන මොනිටර් එක වගේ ම මම ඇඳගෙන හිටිය ඇඳුම් නිසා අන්තිමට මම ඉන්නේ හොස්පිටල් එකේ කියලා තේරුම් යන්න ගත්තා . පෙනුන විදියට ඒ වෙද්දිත් ඩොක්ටර්ස්ලා දෙතුන් දෙනෙක් මාව පරීක්ෂා කරකර හිටියේ. පැත්තකට වෙලා නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු ඔම්මා , අප්පා වගේ ම ජින් හ්‍යුන්ග්ගෙත් චායාවල් වගේ මට පෙනුනා. මුළු ඇඟට ම දැනෙන්නේ දරාගන්න බැරි වේදනාවක් , මට දැනෙන්නේ , මාව සංවේදී වේදනාවට විතරක් වගේ, ඒත් අතපය මගේ පාලනයෙන් මිදිලා වගේ මට දැනෙන්නේ. මම ඔලුව ටිකක් උස්සලා බලන්න හැදුවත් ඒත් එක්කම වගේ මෙච්චර වෙලා ඔලුවෙන් දැනුන වේදනාව තවත් වැඩිඋනා. ඇඟෙන්ම දැනුන වේදනාව නිසා මම මොහොතක් නිසොල්මන් උනා.
"ඔය විදිහට ම ඉන්න දරුවෝ හෙළවෙන්නේ නැතුව, relax වෙන්න . තව ටිකකින් examination එක ඉවරයි " එතන හිටිය මැදි වයසේ ඩොක්ටර් කෙනෙක් කිව්වා . එයාලා මට එහාපැත්තෙන් තිබුන මොනිටර් එක දිහා බලන ගමන් සාකච්ඡා කරලා අන්තිමට ඔම්මලා දිහාට හැරුනා. තාමත් ඇස් සම්පූර්ණයෙන්ම කාමරයේ තිබුන ආලෝකයට හුරුවෙලා නොතිබුණත් එයාලා කතාකරන දේවල් මට පැහැදිලි ව ඇහෙනවා. මම ආපහු සැරයක් ඇස් පියාගත්තා .
"තෙප්‍යෝනිම්. සමොනිම් "
"පුතාට කොහොමද ??? එයාට දැන් සිහිය ආවට පස්සේ හැමදේම හොඳින් නේද ???" අප්පා අහද්දී එයාගේ කටහඬේ තිබුනේ නොසන්සුන් බවක්.
"අපි මගේ office එකට ගිහින් කතා කරමු. " එහෙම කිව්වට පස්සේ කාමරේ දොර ඇරෙන සද්දේ ඇහුනා, මම හිතන්නේ එයාලා හැමෝම එලියට යන්න ඇති .
"ටේහ්‍යුන්ගා" එකපාරටම ඇඳ ළඟින් ම ඇහුන ජින් හ්‍යුන්ග්ගේ කටහඬ නිසා මම ඇස් ඇරියා. ජින් හ්‍යුන්ග් එයාගේ අතේ තිබුන සිරින්ජර් එක පෙන්නලා මගේ දිහා බැලුවේ සමාව අයදින බැල්මකින් .
"ඔයාට වේදනාව නිසා දැන් නිදාගන්න අමාරු වෙයි , ඒත් ඔයා තව රෙස්ට් කරන්න ඕන , ඒ නිසා හ්‍යුන්ග් ඔයාට morphine එකක් ඉන්ජෙක්ට් කරනවා. ඉක්මනට නින්ද ගියාට පස්සේ ඔයාට වේදනාවක් දැනෙන්නේ නැති වෙයි ." හ්‍යුන්ග් එහෙම කියලා මගේ අත අල්ලාගනිද්දිම මම ආපහු සැරයක් ඇස් පියාගත්තා. අතට ඉඳිකටු තුඩකින් අනිනවා වගේ දැනුනත් මට කතාකරගන්න බෑ වගේ දැනුනේ . ටික වෙලාවක් යද්දී මගේ ඇස් හෙමින් සැරේ පියවෙන්න ගත්තා.
.
.
.
කාලය ගතවෙනවා දැනෙන්නෙවත් නැතුව ගතවෙන නින්ද අතරේ මම සැරින් සැරේ අවදි උනත් ගොඩක් වෙලාවට ආපහු වේදනානාශක දුන්නට පස්සේ නින්ද යනවා .ඔම්මා ගොඩක් වෙලාවට මගේ ළඟ හිටියා , නැත්නම් ජින් හ්‍යුන්ග් . අප්පා , හ්‍යුන්ග්ලා , ඩොක්ටර්ස්ලා රූම් එකට එනවා අපැහැදිලි හීනයක් වගේ යන්තමට දැක්කත් ඒ කිසිම දෙයක් ගැන හරි විදිහට හිතන්න බැරි තරමට මාව මත් වෙලා වගේ . ඒත් ඇහැරලා ඉන්න ටික වෙලාවට උනත් ඔලුවේ වගේ ම කකුලකින් දැනෙන වේදනාව නිසා ආපහු නින්දට යන එක මට සහනයක් උනා. හරි සිහියක්, මතකයක් නැතුව ගෙවුන දවස් ගානකට පස්සේ දවසක උදේ ඇහැරුනාට පස්සේ ඩොක්ටර්ස්ලා මාව චෙක් කළාට පස්සේ ආපහු sedatives දුන්නේ නැති නිසා මට වෙනදා වගේ ආපහු නින්ද ගියේ නෑ .
දවස් ගානකට පස්සේ මගේ ඇද ටිකක් උස්සලා මම හිටිය විදිහ වෙනස් කළාට පස්සේ මට දැනුන මත්වුණ ගතිය අඩු උනා වගේ . වේදනාව දැනුන කකුලේ දණිස්ස ළඟ ඉඳන් පහළට ම cast එකක් දාලා තිබුනේ කකුල හොලවන්නවත් බැරි වෙන්න . ඔලුවේ දැනුන තද ගතිය නිසා cannula එක ගහලා නැති අතින් ඔලුව අල්ලලා බලන්න හැදුවත් අත උස්සන එක එච්චර ලේසි නෑ වගේ . මෙච්චර වෙලා ඇඳ ළඟට වෙලා බලාගෙන හිටිය ඔම්මා හෙමින් සැරේ මගේ අත අතගාන්න ගත්තා.
"ඔයාට දැන් කොහොමද අදල් ???? " ඔම්මාගේ ඇස්වල කඳුළු පිරිලා . මම කතාකරන්න උත්සාහ කළත් උගුර සම්පූර්ණයෙන්ම වේලිලා වගේ . මගේ මූණ වෙනස් වෙනවා දැකපු නිසා ඔම්මා ඉක්මනට වතුර එකක් අරගෙන මට ටිකක් පෙව්වා .
"මො... මොකද්ද සි...සිද්ද උනේ????අද කවදද???" මම අමාරුවෙන් උනත් ඇහුවා. ඔම්මා එයාගේ ඇස් පිහදාලා අමාරුවෙන් උනත් මගේ දිහා බලලා හිනාවෙන්න හැදුවා .
"ඔයා ඇක්සිඩන්ට් උනා.... සතියකට කලින් " ඔම්මා කිව්වේ ටිකක් පහත් හඬකින් .
"ඇක්සිඩන්ට් උනා??? සතියකට කලින් ???" මම ඇහුවේ සිද්ද උන දේවල් මතක් කරගන්න උත්සාහ කරග ගමන් . ඔම්මා ඔලුව වැනුවේ මට ඇහුන විදිහ හරි කියලා .
' ඇක්සිඩන්ට් වෙන්න ??? මම ??? අන්තිමට මම .... මි....මින්හී ... මම මින්හී එක්ක හිටියේ ... ඒත් .... එයා..... මට එකපාරටම දැනුනේ මගේ හුස්ම හිරවෙනවා වගේ ...
මින්හීව වාහනේක හැප්පුන හැටි , එයා පැත්තකට විසිවෙලා ගිය විදිහ මතක් වෙද්දී එකපාරටම මට බයක් දැනෙන්න ගත්තා. මාව බිම වැටුනට පස්සේ මින්හී හිටිය තැන ලේවලින් පෙඟුන හැටි මට ආපහු මැවිලා පේන්න ගත්තා . එදා සිද්ද උන හැමදේම මගේ මතකෙට ගලාගෙන එන්න ගත්තා. මින්හීට මොකද්ද සිද්ද උනේ??? එයා හොඳින් ද???
"ඔ.... ඔම්මා ..... මින්හී ." මම ඔම්මා දිහා බලලා හදිස්සියෙන් වගේ කිව්වත් ඔම්මට තේරුම් ගන්න අමාරු උනා.
"මින්හියා කෝ??" අතේ ගහලා තිබුන සේලයින් එක අනිත් අතින් ඇදලා දාලා මම හැදුවේ ඇඳෙන් නැගිටින්න . ඒත් ඔම්මා එකපාරටම මගේ වෙනසට කලබල උනා.
"ටේ.. ටේහ්‍යුන්ගා.... අදල්.. ඔහොම ඉන්න .. ඔයාට ඇඳෙන් නැඟිටින්න බෑ තාම ..."
"අනියා.... මට මින්හියාව හොයාගන්න ඕන ." මම ඇඳේ වාඩිවෙද්දිම එකපාරටම කාමරේ දොර ඇරගෙන ජින් හ්‍යුන්ග්නුයි නර්ස්ලා දෙන්නෙකුයි ආවා .
"ටේ.... නවත්වන්න ... ඔයාට තවම ඇඳෙන් බහින්න බෑ ... ඔය දැනටමත් අතෙන් ලේ එනවා .... " ජින් හ්‍යුන්ග් මාව නවත්වාගන්න පුලුවන් තරම් මහන්සි උනා. සේලයින් කටුව ගලවපු තැනින් ලේ විදිනවා, ඒත් මට ඒ ගැන ගානක්වත් නෑ . අන්තිමට ජින් හ්‍යුන්ග් කොහොම හරි මගේ අත් දෙකින්ම තද කරලා අල්ලාගත්තේ මගේ දැඟලිල්ල තාවකාලිකව පාලනය කරගෙන
Jin's POV
ටේහ්‍යුන්ගා හොස්පිටල් ඇඩ්මිට් කරලා සතියකුත් උනා. සතියකට කලින් එකපාරටම නර්ස් කෙනෙක් ඇවිත් ටේහ්‍යුන්ග් ඇක්සිඩන්ට් වෙලා අරගෙන ආවා කිව්වම මම හොඳටම බය උනා. ටේ සම්පූර්ණයෙන්ම ලේ වලින් වැහිලා හිටිය විදිහ මතක් වෙද්දී තවමත් ඇඟ හිරි වැටෙනවා . ඔලුව වැදිලා තිබුන නිසා වගේ ම සිහි නැතුව හිටිය නිසා ටේව කෙලින්ම ETU (Emergency Treatment Unit) එකට ඇඩ්මිට් කලේ. එයාගේ තත්ත්වය බරපතළ නිසා ඉක්මනට ම Operation theatre එකට ගත්තා . Head injury නිසා මොළයේ අභ්‍යන්තර ලේ වහනයක් වෙලා තිබුන නිසා පළවෙනි ඔපරේෂන් එකට පැය තුනක් විතර ගියා. ඊට පස්සේ කකුල . ටේගේ දකුණු කකුලේ tibia , fibula අස්ථි දෙකම බිඳිලා තිබුන නිසා ඒ ඔපරේෂන් එකටත් පැය 4ක් විතර ගියා. ඔපරේෂන් දෙක ම ඉවර වෙලා එයාගේ අනිත් පොඩි පොඩි තුවාල වලටත් treat කළාට පස්සේ අන්තිමට එයාව ICU එකේ ම තිබ්බේ සිහිය එන්න කල් ගතවෙන නිසා . දවස් 3කට පස්සේ ටේට සිහිය ආවත් එයාගේ තත්ත්වයත් එක්ක ලොකු වේදනාවක් දරාගෙන පියවි සිහියෙන් ඉන්න එක එයාට අපහසු නිසාම තවත් දවස් 4ක් විතර යනකල් morphine දීලා එයාව සම්පූර්ණයෙන්ම විවේකී තත්ත්වයෙන් තිබ්බා . අන්තිමට එයාගේ තත්ත්වය සාපේක්ෂව stable උන නිසාම හිතට ලොකු සහනයක් දැනුනේ . ඒත් මම මගේ කාමරේට ගිහින් විනාඩි පහක් යන්නත් කලින් කාමරේ තිබුන emergency alarm එක වදින්න ගත්තා. මම ඉක්මනට ටේගේ කාමරේට දුවගෙන ගියා. ටේ දැනටමත් අතේ තිබුන සේලයින් එක ගලවලා දාලා , අතෙන් ලේ ගලනවා. ඒත් එයාට ගානක්වත් නෑ ,එයා හදන්නේ ඇඳෙන් නැඟිටින්න .
"ටේ.... නවත්වන්න ... ඔයාට තවම ඇඳෙන් බහින්න බෑ ... ඔය දැනටමත් අතෙන් ලේ එනවා .... " මම කොච්චර කිව්වත් ටේ ඇහුවේ නැති නිසාම මම අන්තිමට ටේගේ අත් දෙකම තද කරලා අල්ලාගත්තා. වාසනාවකට වගේ ඇක්සිඩන්ට් එකෙන් ටේගේ මොළයට ලොකු හානියක් වෙලා නොතිබුණත් , ඒ ඇතිවුණ trauma එකත් එක්ක එයාගේ ආවේගශීලීත්වය වගේ ම හැඟීම් පාලනයත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න කාලයක් ගතවෙනවා කියලා පරීක්ෂණ ප්‍රතිඵල අනූව තීරණය කරලා තිබුනේ . ටේ කලින් හිටියාටත් වඩා ගොඩක් ආවේගශීලී විදිහට දැන් හැසිරෙන්නේ .
"ටේ ප්ලීස් දඟලන එක නතර කරන්න නැත්නම් හ්‍යුන්ග්ට අකමැත්තෙන් උනත් ඔයාට ආපහු sedatives ඉන්ජෙක්ට් කරන්න වෙන්නේ " මම එහෙම කියලා ටික වෙලාවක් යනකල් ටේගේ අත් දෙක අල්ලාගෙන ම හිටියා . ටේගේ ඔම්මා පැත්තකට වෙලා නිහඬවම අඩනවා . ටේ හුස්ම ගන්න වේගේ සාමාන්‍ය තත්ත්වයට පත් උනා කියලා දැනුනට පස්සේ මම හෙමින් සැරේ මගේ අත්වල ග්‍රහණය ලිහිල් කළා.
"හ්‍යුන්ග්... " ටේ මට කතා කළේ අඩන්න ඔන්න මෙන්න වගේ හඬකින් , එයාගේ ඇස්වල කඳුළු . මට එකපාරටම හිතාගන්න බැරි උනා මොකද්ද කරන්න ඕන කියලා .
"මින්හියා කෝ????නේ මින්හී ඔදින්දේ??? (where is my Minhee ???)" ටේ ඇහුවේ මගේ අතකුත් අල්ලාගන්න ගමන් . මින්හී ... ටේ කලින් දවසකත් කිව්වේ මේ ගෑණු ලමයා ගැන නේද ?? චෝයි මින්හී .... එතකොට ඇක්සිඩන්ට් වෙන වෙලාවේ මෙයාලා එකටද ඉදලා තියෙන්නේ ???
"ටේ එයත් හොස්පිටල් එකට අරගෙන එන්න ඇතිනේ. මම එයා ගැන පුලුවන් ඉක්මනට හොයාගන්නම්... දැන් හොඳ ළමයා වගේ ආපහු දඟලන්නේ නැතුව හාන්සි වෙන්න " මම කොහොම හරි මගේ dongsaeng ව සන්සුන් කරලා , අන්තිමට reception එකට ගියා.
"ගුඩ් මෝර්නින් කිම් සොන්සෙන්නිම් ."
"ගුඩ් මෝර්නින් ... සතියකට කලින් ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකට ඇඩ්මිට් කරපු පේෂන්ට් කෙනෙක් ඉන්නවද චෝයි මින්හී කියලා ?? අවුරුදු දහ අටක ගෑනු ලමයෙක් . මට දැන්මම විස්තර දැනගන්න ඕන ."
"මිනිත්තුවක් ඉන්න සර්" receptionist එහෙම කිව්වට පස්සේ මම නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ . ඒත් ටික වෙලාවකට පස්සේ receptionist මගේ දිහා බැලුවේ ඒතරම් හොඳ මුහුණකින් නෙවෙයි .
"හොයාගත්තාද??? කාමර අංකේ කීයද?? එයාගේ තත්ත්වය කොහොමද ???"
"සොන්සෙන්නිම්.... එහෙම පේෂන්ට් කෙනෙක් ඇඩ්මිට් කරලා තියෙනවා . ඒත් එයා ...." receptionist කියන්න හදපු දේ නවත්තලා ආපහු සැරයක් කම්පියුටර් එක දිහා බැලුවේ යටි තොළත් හපාගෙන , ඇයි එයා මේ ගැන කියන්න මේ තරම් පැකිලෙන්නේ ???
"ඒත් එයා ම්වෝ??? මට දවසම මෙතන බලාගෙන ඉන්න බෑ ... ඉක්මනට කියන්න " මම කිව්වේ ටිකක් කේන්තියෙන් වගේ .
"ඒ පේෂන්ට් ඊයේ suddenly death වෙලා ..."
"මොකක්???" මගේ අතේ තිබුන පෑන ඉබේටම අතෑරුනා. මම receptionist දිහා බලාගෙන හිටියේ එයා කියපු දේවල් තේරුම් ගන්න උත්සාහ කරන ගමන් .
"මොකද්ද මරණයට හේතුව? එයාව ඇඩ්මිට් කරලා සතියකින් විතර එයා නැති උනේ කොහොමද ??
"Cause of death කියලා තියෙන්නේ ASD ( atrial septum disease ) වගේ ම ඇක්සිඩන්ට් එක නිසා ඇතිවුණ සංකූලතා හේතුවෙන් ඇතිවුණ ක්ෂණික මරණයක් කියලා , වැඩිදුර විස්තර මොකුත් නෑ සොන්සෙන්නිම් . චෙසුහම්නිදා "
තවදුරටත් හිටගෙන ඉන්න පණ නෑ වගේ මට දැනුනේ . මම දැන් ටේට මොකද්ද කියන්නේ ??? ඒ එයා කැමති ගෑනුළමයා. අවුරුදු ගානකට පස්සේ ටේ සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා හිටියේ පසුගිය දවස්වල, මින්හී කියන්නේ යාලුවෙක් විතරයි කියලා කිව්වත් කොල්ලා එහෙම කියලා ලැජ්ජාවෙන් වගේ ඇඹරී ඇඹරී හිටිය හැටි මට තාමත් මතකයි . ඒත් දැන් ???? ටේ මේ ඇත්ත දනගත්තට පස්සේ එයා මොකක් කරයිද කොහොම හැසිරෙයි ද කියලා මට හිතාගන්න බෑ . ඒත් එයාට මේක නොකියා ඉන්නේ කොහොමද ?? මම නොකියා ඉන්න හැදුවත් ටේ කොහොම හරි දැනගනියි...
.....back to present ......
Taehyung 's POV
"ටේහ්‍යුන්ගා චේබල්... " ඔම්මා ආපහු මගේ අතින් අල්ලාගන්න හැදුවේ .
"කෝජෝ (get lost ) " මම night stand එකේ තිබුන වීදුරුවෙන් බිත්තියට දමලා ගැහුවා. කඳුළු පිහදදා ඔම්මා අන්තිමට කාමරයෙන් එලියට ගියේ servant කාමරේ අස්කරලා ඉවර කලාට පස්සේ , බිඳිලා තිබුන වීදුරුව දිහා බලද්දී මට මතක් උනේ මීට කලින් දවසක මම මෙහෙම හැසිරුන වෙලාවේ එක වචනයකින් , පොඩි මැසේජ් එකකින් උනත් මාව නවත්වාගන්න පුලුවන් කෙනෙක් හිටියා නේද කියලා ... මින්හී.... මින්හී ඇක්සිඩන්ට් වෙලා ලේ විලක් මැද්දේ වැටිලා හිටිය හැටි ආපහු ආපහු ඇස් ඉදිරිපිට මැවිලා පේනකොට මගේ හිත සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා දාපු ජින් හ්‍යුන්ග්ගේ වචන ආපහු ඇහෙන්න ගත්තා වගේ .
"එයා තවදුරටත් මේ ලෝකේ නෑ ටේහ්‍යුන්ගා. මියානේයෝ ...."
.
.
.
"Saengil chukkha habmnida
saengil chukkha habmnida
Saranghanan uri Taehyung-ah
Saengil chukkha habmnida "
හැමෝම සිංදුව කියලා ඉවර වෙලා බලාගෙන හිටියේ මම ඉටිපන්දම් නිවයි කියලා , ඒත් මගේ මූණේ තිබුනේ හැඟීම් විරහිත පෙනුමක් වගේ ම ඇස්වල තිබුන සීතල බැල්ම විතරයි . හැමදේකට ම පස්සේ , මෙච්චර කාලෙකට පස්සේ ද එයාලාට මාව මතක් වෙලා තියෙන්නේ ??? දැන් මම වෙනුවෙන් , මගේ උපන්දිනේ වෙනුවෙන් වැය කරන්න කාලයක් එයාලාට තියෙනවද??? ඒත් දැනටමත් කිසිම හැඟීමක් දැනීමක් නැති ඉඩෝරයකට අහු වෙලා ඉරි තැලිලා ගිහින් තියෙන මගේ හිත එයාලාට වතුර බිංදුවකින් දෙකකින් හොඳ කරන්නවත්, පරණ තත්ත්වෙට ගේන්නවත් බෑ . ඔම්මා මට විෂ් කරලා මාව බදාගන්න හැදුවත් මම ඔම්මව නැවැත්තුවා . එයාලා දැන් මට ළං වෙන්න හදන්නේ මට එයාලා කවුරුවත් ම ඕන නැති උනාම.
"අපි කේක් එක කපමු " ඔම්මා ආපහු සැරයක් මට කේක් කෑල්ලක් කවන්න හදද්දී මගේ ඉවසීම මොහොතෙන් නැති වෙලා ගියා වගේ ම මගේ කේන්තිය දුක හැමදේම බුරබුරා නැඟෙන ගිනිදළු වගේ මාව ගිලගන්නවා වගේ මට දැනුනේ .
"ඉජෙ කමන්හේ (now stop )නවත්තගන්න මේ විකාරේ " ඔම්මාගේ අතේ තිබුන කේක් කෑල්ල වගේ ම මේසය උඩ තිබුන කේක් එකත් බිමට සමතලා වෙන්න ගියේ තත්ත්පරයයි. ඩොක්ටර්ස්ලා දැන්ම කකුල් වලට බර දීලා ඇවිදින්න එපා කියලා තිබුනත් මම wheelchair එකේ පැත්තකට හේත්තු කරලා තිබුන crutches දෙක අරගෙන හෙමින් සැරේ නැඟිට්ටා , ඉස්සෙල්ලාම ටිකක් සමබර නැති ගතියක් දැනුනත් අන්තිමට මම කොහොම හරි දවස් ගාණකට පස්සේ ආපහු හිටගත්තා. ජීමින් , ජින් හ්‍යුන්ග් හැර අනිත් හැමෝම පුදුම වෙලා බලාගෙන හිටියේ . මම එහෙම්මම හැරිලා කාමරේට යන්න හැදුවත් අඩියක් දෙකක් යද්දී කවුරුහරි ඇවිත් මගේ අතින් අල්ලාගත්තා , මම හෙමින් සැරේ ආපහු හැරුනා . මගේ අතින් අල්ලාගෙන හිටියේ ඔම්මා . ඔම්මා , අප්පා දෙන්නම මගේ දිහා බලාගෙන හිටියේ සමාව අයදින විදිහේ බැල්මකින් . ඔම්මා මගේ අත එයාගේ අත් අතරට මැදි කරගත්තා.
"පුතා.... දන්නවා ඔයා අපිත් එක්ක තරහින් කියලා , ඒත් ඔම්මාටයි අප්පාටයි එක අවස්තාවක් දෙන්න , අපි ඔයාට ඕන විදිහේ දෙමව්පියෝ වෙන්නම් . " ඔම්මා එහෙම කියලා මගේ දිහා බලාගෙන හිටියේ බලාපොරොත්තු සහගත විදිහට . ඒත් මම මගේ අත ඇදලා ගත්තා.
"මම එදා කියපු දේවල් ගැන හිතන්න එපා , ඒ කිසිදේකින් දැන් වැඩක් නෑ . ඒවගේම අදින් පස්සේ මගෙන් ඔයාලාට තවත් කරදරයක් නෑ " මම එහෙම කියද්දි ඔම්මා මගේ දිහා බැලුවේ මම කියන දේවල් තේරුම් ගන්න බෑ වගේ .
"මට තවත් මෙහේ ඉන්න බෑ , ඉන්න හේතුවකුත් නෑ . මම US යනවා. ඔයාලා හෙට ඉදන් ඔයාලා හිටියා වගේ ම ඉන්න "
"ටේ....ටේහ්‍යුන්ගා... ඔයා මොනාද කියන්නේ මේ??? අපිට ඔයාව නැති කරගන්න බෑ , චේපල් ...."
"ඔයාලාට මාව දැනටමත් නැති වෙලා ඉවරයි ඔම්මා . ගොඩක් කාලෙකට කලින්. ඔයාලා මාව දාලා ගිය තැන ඉදන් මම ගොඩක් කල් බලාගෙන හිටියා ඔයාලා ආපහු මං වෙනුවෙන් එතනට එනකල් ඒත්...ඒත් දැන් මම ඒ බලාපොරොත්තුව අතෑරලා ඉවරයි, මම තවදුරටත් ඔයාලා වෙනුවෙන් බලාගෙන ඉන්නේ නෑ , ඔයාලාගේ ආදරේ , අවධානය බලාපොරොත්තු වෙන්නෙත් නෑ , තවදුරටත් මට කවුරුවත් ඕන නෑ මට වටින හැමෝම මාව දාලා ගියාට පස්සේ ."
"ටේ....
"හැල්මොනි මාව දාලා ගියා , ඔයාලාට මොකුත්ම කරන්න බැරි උනා. අවුරුදු ගානක් අඳුරේ හිටියට පස්සේ ආපහු මගේ ජීවිතේට එලියට ආවා. මින්හී .... අප්පා එදා ඔයා ඇහුවා නේද මට සල්ලි ඕන මොකටද කියලා ???"
"ටේ ඔයාට ඕන දෙයක් කරන්න ඒවායෙන් , මම මොකුත් කියන්නේ නෑ ..."
"අනී ඒ මුදල්වලින් මට බේරගන්න ඕන උන කෙනා දැන් මේ ලෝකේ නෑ . මින්හීගේ heart surgery එක කරන්න උදව් කරන්න මට ඕන උනා. මම එයාව බේරගන්නවා වගේ ම එයාව දාලා යන්නේ නෑ කියලා එයාට දුන්න පොරොන්දුව රැකගන්න මට ඕන උනා . ඒත් එක මොහොතකින් ඒ හැමදේම නැති උනා. ඔයා එදා මාව සල්ලි දෙන එකෙන් නැවැත්තුවේ නැත්නම් , මම අන්තිම දවසේ තනියෙන් මින්හී හම්බවෙන්න ගියා නම් සමහරවිට මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා . ඒත් දැන් කිසිම දේකින් වැඩක් නෑ . මාව තවදුරටත් නවත්වන්න කවුරුත් නෑ . ඔයාලාට මාව නැති වෙනවා නෙවෙයි ඔයාලා මාව නැතිකරගත්තා. "
ඔම්මාවත් අප්පාවත් මොකුත් කියන්න කලින් මම එයාලාගෙන් ඈත් උනා. ඔම්මා ඉකිගගහා අඬනවා ඇහුනත් මම ආපහු හැරිලා බැලුවේ නෑ . මගේ හිත දැනටමත් ගල්වෙලා ඉවරයි . සමහරවිට මින්හී තනියෙන් යනවා වෙනුවට මාවත් එක්කරගෙන ගියා නම් මට මේ තරම් දුකක් තනියෙන් අත්නොවිඳින්න තිබුනා . ඒත් දැනටමත් ඒ හැමදේම වෙලා අවසන්. සමහරවිට සතුට කියන්නේ මට කවදාවත් උරුම දෙයක් නෙවෙයි වෙන්න ඇති. දෛවය මම ආදරය කරන හැමෝම මගෙන් ඈත්කරලා මගේ සතුට මගෙන් උඳුරගන්න දක්ෂයි, එකසැරයක් නෙවෙයි දෙසැරයක් ම .ඒත් තවදුරටත් මේ හැමදේම දරාගෙන හැමදාටම දෛවයේ සෙල්ලමේ ඉත්තෙක් වෙලා හැමදාටම දුක්විදින්න, විඳවන්න මට තවත් ශක්තිය ඉතුරු වෙලා නෑ .
.....Unknown part....
"අප්පා... "
"දුක්වෙන්න එපා පුතා අපි කොහොම හරි එයාව බේරගනිමු. අප්පා මිදෝ (trust your father )" අප්පා එහෙම කියලා මගේ පිටට පොඩි තට්ටුවක් දැම්මට පස්සේ මම ආපහු සැරයක් වීදුරු දොරෙන් එහාපැත්තේ ඇඳ උඩ මැෂින් ගොඩකට මැදි වෙලා තිබුන නන්නාඳුනන රුව දිහා බලාගෙන හිටියා .
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : කතාවේ එක පරිච්ඡේදයක් ඉවරයි දැන්නම්, ඊළඟට අලුත් කොටසක් පටන් ගන්නේ . ටේට දැනෙන්නේ කොහොමද කියලා ඔයාලාටත් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා . අන්තිම කොටස කවුරු කියලාද ඔයාලා හිතන්නේ ???
හෙට ඉදන් නම් වැඩ ටිකක් වැඩිවෙනවා , සමහරවිට ටිකක් පරක්කු වෙයි , ඒත් කොහොමහරි කතාව දෙන්නම්. සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️💜️💜️
P/S : Edited and republished on 24/03/2023
Bạn đang đọc truyện trên: AzTruyen.Top