☠ 12 ☠

දවල්ට කෑම උයල ඉවර වෙලා කිටීටත් කෑම දීල මමයි ජිනුයි කෑම මේසෙන් වාඩි උනා. ඒත් එක්කම තමයි මට කෝල් එකක් ආවෙ. මම phone එක අරගෙන කෑම මේසෙන් නැගිටල යන්න හදනකොට ජින් අතින් ඇදල මාව ආයෙත් වාඩි කරවගත්තා. ඉතින් මම එතන ඉදන්මයි දිනූ ට කතා කලේ.

" ස්පීකර් ඔන් කරන්න..." ජින් කිව්වෙ මට ඔරවලා.

මමත් එයාට ඔරවල ස්පීකර් දැම්ම.

" ඒකිට කියනව මං බැන්ද කියලා..." ජින් මගෙ කනට ලං වෙලා කිව්ව.

" හෙලෝ දිනූ..."

" මේ බං උඹට අද හෙටම ට්‍රාන්සර් ලෙටර් එක ඒවි හොදේ... බය වෙන්න එපා...."

" ආ...ඕකේ දිනූ...තෑන්ක්ස්...ඔයා මට ගොඩක් උදව් කලා..."

මම හෙමීට ජින් දිහා බැලුවා... එයා මට ඔලුවෙන් කිව්වෙ කියන්න කියලා...

" අ...ආහ්...ම්.. මේ...දිනූ...මං මැරි කලා..."

" මොකා...ටේයොන් ගෙ හොල්මනවද..."
කියල දිනූ හිනා උනා.

"  නෑ...මේ...ජින් ව..."

" මොන? " දිනූ ආයෙමත් ඇහුව.

" මේ...ප්‍...පාක් සොක් ජින්..." මම ආයාසයෙන් කිව්ව.

" මොකක්....තමුසෙට පිස්සු හැදිලද සද..."

ඔව් දැන් දිනූ ජින්ට බනින්න හදන්නේ..

" ආ..මේ මෙතන එයා ඉන්නවා..."  මම එහෙම කිව්ව විතරයි ජින් කේන්තියෙන් තොල හපාගෙන අනිප්පැත්ත හැරුණා...

" ආහ් ඉන්නවද මහත්තයා... එහෙනං එයාටත් අහගන්න කියන්න... මගේ පස්සෙන් එන අර හිපියට කියන්න කියනවා මට වදයක් වෙන්නැතුව ඉන්න කියලා...නැත්තන් මං ඌව මරල හිරේ යනවා...." දිනූ ආවේගයෙන් කෑ ගැහුව.

" දි...දිනූ...මේ..." මම කියල ඉවර කරන්න කලින් දිනූ කතා කලා...

" මං තියනව බං.. බුදු සරණයි..." දිනූ කිව්ව.

" බුදු සරණයි..." මම call එක කට් කරල කෙලින්ම හැරුනෙ ජින් දිහාවට...

" කවුද දිනූට වද දෙන හිපියා...." මම ඇහුවෙ ජින්ට මාරාන්තික බැල්මක් දාල...

උඩ බිම බල බල හිටපු ජින්...

" මං දන්නෙ කොහොමද? " ජින් ඇහුව.

" ඒ...ජන්කුක් ද ජිමින් ද..." මම ආයෙත් ඇහුව.

" මං දන්නෙ කොහොමද..." ජින් ඇස් රෝල් කරල කිව්ව.

" ඒ ජන්කුක් නං ඒක වහාම නවත්තන්න කියන්න...ඒ මිනිහට ගෑණු කැමති වෙයි ද... දැක්කත් බය හිතෙනවා..." මම කෑ ගහල කිව්ව.

" ඒ කියන්නෙ ජිමින්ට අවුලක් නෑ නේ..." ජින් ආයෙ ඇහුවා...

"ආ... ඒ කියන්නෙ ඒ ජිමින් ද ....ඔය රස්තියාදුකාරයො එකෙක්වත් දිනූට ඕන නෑ... කරුණාකරල එයාට කියන්න දිනූගෙ boy friend ට තර්ජනය කරන එකයි, දිනූව follow කරන  එකයි නතර කරන්න කියල..."  මම කෑ ගැහුව...

" අනේ මට නං බෑ...ඌ ආපු වෙලාවට ඔයා ම ඔය ටෝන් එකෙන් කියන එකයි ඇත්තේ..." ජින් කිව්ව.

" අනික දිනූට ඔයා එක්ක තරහක් නෑ...මැරයෙක් කිව්වම කවුරුත් අකමැතියි... අපි ගුරුවරු නෙ ජින්... ලමයින්ට ආදර්ශයක් වෙන්න ඕන..."

" එහෙම ද..." ජින් ට දුක හිතුන. එයා කෑම බෙදාගෙන කන්න ගත්තා.

" ඔයාට හිතන්න ජින් පාසල් ගුරුවරියක් පාතාලෙ ලොක්කෙක්ව බැඳලා. මොනවද හිතන්නෙ මිනිස්සු. ඔයාට කොච්චර සල්ලි තිබුණත් පෝසත් උනත් වැඩක් තියෙයි ද. මනුස්සකමක් දන්නෙ නැත්තන්...චරිතෙ හොද නැත්තන්.. මගෙත් පව්කාරකම නමට හරි මේ වගේ කෙනෙක් ගෙ වයිෆ් උන එක... ඒත් මගෙ යාලුවට ඒ වගේ දෙයක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ... ප්ලීස් ජිමින්ට කියන්න ඒ කෙල්ලගෙ ජීවිතේ විනාශ කරන්න එපා කියල..."

අන්තිම ටික කියනකොට මට ඇඩෙන්න වගේ...

ජින් කන එක නවත්තල සදලි දිහා බලාගෙන හිටියෙ හදවත කෑලි වලට කැඩෙනව වගේ හැගීමක් දැනෙද්දි...

" මාව හැමෝම හරියට දන්නෙ නෑ සදලි..ඒක නිසා ඔයාට මා එක්ක පාරෙ යන්න ලැජ්ජ වෙන්න ඕන නෑ.. මිනී මැරුමක් කලත් ඒක මං කලා කියල පත්තර වල , මීඩියාවල ගියෙ නෑ...Colombo වල මිනිස්සු විතරයි ටිකක් හරි දන්නෙ...ඒකත් තමුන්ගෙ ඩැඩ් වගේ බිස්නස්මන් ලා...පොලිටීශියන් ලා... " ජින් කිව්වා..

ජින් කෑම එකේ කටවල් දෙකක් වගේ කාල එතනින් නැගිටල ගියා.

" මම වැරැද්දක් ද කිව්වේ... මෙයාට දුකත් හිතෙනවද... කෑම එක අල්ලලවත් නෑ... අනිත් මිනිස්සුත් ඔහොම තමා...ඔයා මරපු හැමෝටම දුක දැනෙනවා..." මම හිතුව විතරයි. කියන්න ගියෙ නෑ...

ජින් උඩ තට්ටුවට ගියේ.. බැල්කනි එකට හරි අනෙක් room එකට හරි යන්න ඇති...මම අතත් හෝදගෙන කාමරේට ඇවිත් ඇදට වැටිලා කල්පනා කරන්න ගත්ත.

එකපාරටම මට ඇහුනෙ බාත්රූම් එකෙන් කෙදිරි ගාන සද්දයක්. හරියට තුවාල උන මනුස්සයෙක් වගේ. දෙවියනේ...මං තදින් කතා කරපු නිසා ජින් මොනවහරි කරගෙනද... නෑ නෑ එයා එච්චර මෝඩ නෑ... මම එහෙම කියල බාත්රූම් එකේ දොරට කන කියලා බැලුවා. තාමත් කෙදිරි ගානවා. මගෙ හිතට දැනුනෙ අමුත්තක්. ඒත් ඒ ජින් ගෙ කටහඩ නෙවෙයි.

" ජින්... මේ ඔයා ඇතුලෙ ද ඉන්නේ..." මම දොරට තට්ටු කරල ඇහුව. ඒ සැනින් දොර ඇරුණා.

" දෙවියනේ..."

මට කියවුණා...
















































ඇතුලෙ කිසි කෙනෙක් හිටියෙ නෑ. මං හොදට ඔලුව දාල බැලුවා. ජින් තියා ජින් ගෙ හෙවනැල්ලක්වත් නෑ... මගෙ හිතේ ඇදෙන මනස්ගාත. මම එහෙම හිතල බැල්කනි එකට ගියා. ජින් වාහනේ නැගලා වේගෙන් ගියේ ඒත් එක්කමයි. මොනව උනත් මම කතා කරපු විදිහ සැර වැඩි ද මන්ද...නෑ නෑ... මගෙ ආදරේ මරල දාපු තිරිසනාට මොන හොදක් ද...

මගෙ ලගට කිටී ආව නිසා මම එයාව වඩාගෙන හුරතල් කලා.

" අම්මෝ කිටී බෝලේ ඔයාගෙ බර...සුදුම සුදු බරම බර පුලුන් ගොදක් ඔයා..." මම කිව්වෙ චූටි උම්මා එකකුත් දීලා.

මං හිතන්නෙ ජින් මාකට් යන්න ඇති.

රෑ හතට විතර ජින් ආපහු ආව. වාහනේ වත්තට දාපු විදිහෙන් තේරුණා මෙයා බීලා කියල.

" ස්...සදලී..." එයා එහෙම ම ආවෙ මාව තුරුල් කරගන්න.

" යනවා යන්න ජින්...ශිට් ගද විතරක්..." මම එහෙම කියල ජින් ව තල්ලු කලා... ජින් එහෙම ම ගිහිල්ල car එකට හේත්තු උනා.

" අනේ...මගෙ සුදු වයිෆ්ට කේන්ති ගියා ද...ආහ් යතුර...ඇරල ගන්නව බඩු ටික..."

එයා එහෙම කියල වාහනේ යතුර මට දීලා වැනි වැනි ගේ ඇතුලට ගියා. මම බඩු ටික අරගෙන car එක ලොක් කරල කිචන් එකට ආව. ගෙදරට අවශ්‍ය දේවල් ඔක්කොම වගේ ගෙනල්ලා. එලවලු, පලතුරු , මස් මාළු බිස්කට්, කේක්, බීම ...
දෙයියනේ මේ මනුස්සයට පනස්දාහක්වත් යන්න ඇති මේ ටිකට...පුදුමයි...මැරය උනාට මේ වගේ වැඩත් පුලුවන් නේ මෙයාට... මම එහෙම හිතල හිත බඩු ටික ෆ්රිජ් එකෙන් අහුරද්දි එයා මගෙ දෙපැත්තෙන් අත දාල මගෙ පිටට හේත්තු උනා.

" ජින්...අතාරිනවා මාව..." මම කිව්ව. ගද නං ඉවසගන්න බෑ. මල ජරාවක්.. කොහොම හලාගන්නවද මන්දා ඕව බඩට...

" beby...ඔයා දන්නවද...අර කිම් කාරයා මාව නැති කලා.... " ජින් කිව්වෙ මගෙ උරහිසට මූණ තියාගෙන. මම ගැලවෙන්න උත්සාහ කරත් බැරි උනා.

" ටේ හියුන් මාව නැති කලා... මට හැමදේම නැති කලා..." ජින් පිස්සුවෙන් වගේ කියවනවා.

මෙයා ටේ හියුන් ගැන කියන්නේ...එයාගෙ ලගින්වත් තියන්න බෑ... මම හිතුව.

" කෙල්ල මට ගොඩාරියක් බඩගිනී..." ජින් කිව්ව.

බොරු කියන්න ඕන නෑ. මට දුක හිතුනා. දවල්ට හරියට කෑවෙත් නෑ නේ... බිව්වම බඩගිනි නොවී තියෙයි ද...

" ජින් හොද ලමයා වගේ සාලෙන් වාඩි වෙලා ඉන්නකෝ... මං කෑම හදන් එන්නං..."

" ම්හූ....බෑ මම මෙහෙම ඉන්නං..."

" කිරි එකක් හදල දෙන්නද..."

" එපා..."

" මට කරදර නොකර සාලෙට වෙලා ඉන්නකෝ..." මම කිව්ව

ඒ පාර නං වැනි වැනි සාලෙට ගියා. ටිකකින් ඇහුනා ටීවි එක වැඩ කරන සද්දේ... මම ටක් ගාල මාලු බැදලා අරගෙන පරිප්පු හැදුවා. මාලු බදින්න ගත්ත විතරයි ගේ ඇතුලෙන් පුදුම ගදක් ආවේ. විනාඩියක් දෙකක් ඒ ගද තිබිල නැතුව ගියා.

ජින් කිව්ව හරි. අමුතු ගදක් ගේ අවටින් හැමතිස්සෙම එනවා. මම ජින්ට කෑම කන්න කතා කලා. ජින් කිව්වෙ කවන්න කියල. මම ජින්ට කවන්න ගත්ත.

" ඇයි හැමතිස්සෙම මට බනින්නේ..." එයා ඇහුව.

" සොරි...දැන් මේක කන්නකෝ..."

" තමුසෙ දවසක පසු තැවෙයි මාව එපා කියලා..."

ජින් ඔහේ කියවනවා.

" කියවන්නැතුව මේක කන්න ජින්..." මම බලෙන්ම කෑම ටික කටේ එබුවා.

" ඇති..." එයා එහෙම කියල යන්න හැදුවේ...

" මේ ටිකත් කනවා..." මම ඇදලා පුටුවෙන් වාඩි කරවල කොහොමහරි පිගානම කැව්වා.
































__________

හායි ලමයි...

මේ කතාව බෝරින් වගේ නේ... මම මේක නවත්තන්න ද...🥲

අලුත් cover එක ලස්සනයි ද? මේකත් හැදුවේ
KimTaennie2005🥰

Thank u soo much dear...😘❤

Vote කරන්න...❤

Comment කරන්න..❤

බාල්දි ඕතරී...🪣😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top