🥀 මතකයන්ගේ සිහිකැදවීම්

නැවත අතීතයටම......................

.

.



සුදු පූසා එයා දඩයම් කරපු මීයගේ නැට්ටෙන් අල්ලගෙන සෙල්ලන් කරන්න ගනිද්දී ඩීමන් එයාගේ කැමතිම අදුරු පුටුවක හාන්සිවෙලා පූසා දඩයම් කරන දිහා බලන් හිටියා. සැරින් සැරේ මතක් වෙන පහර දීම් නිසා ඩීමන්ව පිස්සුවෙන් වියරු වැටුනා. හෝසොක් එල්ල කරපු පහර මතක් වෙන තප්පරයක් පාසා ඩීමන් හැමදේම පොලෙවේ ගහලා කුඩු පට්ටම් කලා.

පිස්සුවෙන් වගේම තරහෙන් වියරු වැටිච්ච ඩීමන් චිමී හිටිය තැනට ගියේ ආයෙත් ලේ ඔනි වෙලා වගේම එයාලගෙ පලිය චිමීගෙන් ගන්න බලාගෙන. ඩීමන් හපා කාපු තැන ඒ විදිහටම චිමී වැටිලා හිටියා හරියට මලකදක් වගේ.

චිමීගේ ලගට ගිහින් චිමී දිහා බලන් හිටපු ඩීමන් කට කොනට හිනාවෙවී චිමී ලගින් දන ගහගත්තා.
චිමීගේ ඇස් වලින් නොකඩවා හැලෙන කදුලු දිහා පුදුම කෘර සතුටකින් ඩීමන් බලන් හිටියා.

ඒත් චිමී කිසිම විදිහකට හෙල්ලුනේවත් නෑ.

.................⏳

ඩීමන් නොදැනම එක දිගට දැන් හුගාක් වෙලා චිමීගේ මූන දිහා බලන් හිටියා. චිමීගේ අහින්සක පියවෙලා තියෙන ලස්සන ඇස් හිමීට හෙලවෙන්න ගත්තා.

ඒ ක්ෂනයෙන් ආයිමත් ඩීමන් එයාගේ සුපුරුදු තැනටම ගියා. තද අදුර අතරින් තියුනු ඇස් වලින් උඩට වෙලා බලන් හිටියා. චිමීට සිහිය එනවාත් එක්කම චිමීගේ තොල් ගැහෙන්න ගත්තා වගේම එයා මොනා හරි මිමිනුවා ඒත් එක්කම චිමීගේ කටට ආයිමත් කොහෙන්දෝ මන්දා වතුර වැටුනා. ඒත් ටිකවෙලාවක් යද්දී පොඩ්ඩ පොඩ්ඩ වැටෙන වතුර බිංදු මහා ගොඩාක් වෙලා චිමීගේ මුලු ඇගම තෙමුනා. පොලවෙන් දැනෙන අධික සීතලත් නිසා චීමීට ඒ සීතල දරා ගන්න බැරි උනා. හුරතල් මූන තවත් සුදු මැලි උනා. රෝස මැලවුනු තොල් සීතල නිසා ගල් වෙන්න ගත්තා.

චිමී දැන් හොදින්. ඒත් ටිකක් විතර. එයාට කෝමත් වතුරෙන්නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. පොඩි සීතලත් අමුතුවිදිහට එයාගේ ඇගට අල්ලන එකයි දැනට තිබ්බ අමාරුව. ඒකයි එයා ටේ එක්ක ඉද්දී උනත් ග්ලවුස් පාවිච්චි කලේ. මොකද එයා සීතල, හිම වැටෙන දවස් වලට අමුතු විදිහට සීතල් ගල් කුට්ටියක් වගේ වෙනවා.

දවසින් අඩක්ම චිමී ගැහී ගැහී වතුරටම වෙලා හිටියා. චිමීව දැක්කම ඩීමන්ට එයාගේ පුංචි කාලේ මතක් වෙනවා. ඩීමනුත් එයා වගෙයි. ඒ නිසාම ඩීමන්ට අහිංසකකම පේන්න බෑ, කාරුණාවන්තකම ආදරණීය අයව එයාට පෙන්න බෑ. ඒ අය නිසා එයාගේ අදුරු අතීතය එයාට මතක් වෙනවා. ඒ වගේම චිමී නිසා එයාගේ අතීතෙට එයාව ආයිමත් යැවුවා.

ඩීමන්ට එයාගේ අප්පා දරුණු විදිහට පහර දුන්නූ හැටි මතක් උනා. එයාගේ කාරුණික ගති ගුන යටපත් කරලා දාලා කිසිම හැගීමක් නැති කෙනෙක් කරන්න අප්පට ඔනි උන හැටි ඒ නිසා එයා ගොඩාක් වද වේදනා වින්ෆ්හ හැටි මතක් වෙන්න ගත්තා. ලෝධියත් එක්ක ගින්දරත් එක්ක විස එක්ක එයාව හැදුවා.
කිසිම විදිහකින් ඇගට හිරු එලිය වැටුනේ නෑ එයාව අදුරේමයි තිබ්බේ. ඒන්ජල් යටපත් වෙලා ඩීමන් එලියට එනකොට එයාට පුලුවන් උනා මිනිස්සුන්ව එයාගේ අත් දෙකෙන්ම මරන්න කිසිම හිතක් පපුවක් නැති අමනුස්සයෙක්ටත් වඩා අන්ත කෙනෙක් විදිහට.
මුලදී එකින් එක්කෙනා මරපු ඩීමන් අන්තිමට ගම්මාන නගර පිටින් විනාස කලා. එයා හුගාක් දරුනු කෙනෙක් උනා. එයා තේරුම් ගත්තා මේකයි එයාගේ ජිවිතේ කියලා. අප්පට ඔනේ විදිහටම එයා වෙනස් උනා. අන්තිමට අපායේ රජ්ජුරුවෝ වෙන්න ඩීමන් සුදුසුකම් ලැබුවා.

ඩීමන් චිමීට වද දුන්නේ නෑ එයාට රිද්දුවාවගේම , ඇති තරම් ලේ බිව්වා ශක්තිය ලබා ගන්න.
ඒත් දැන් එයාගේ අතීතේ ආයෙත් උඩට එන්න අරම්. එයාගේ මතකයන් ඇවිස්සෙන්න අරන්. ඩීමන් එයාගේ පුංචි කාලේ මතකෙක හිර උනා. එයාව යකඩ කාමරේක හිරකරලා දස වද දෙන හැටි. එයා රෑ එලි වෙනකල් අඩන හැටි එයාට මතක් උනා. ඒ වේදනාව දරා ගන්න බැරුව අන්තිමට අප්පා කියන විදිහට පලවෙනිම වතාවට අසරණ මිනිහෙක්ගේ බෙල්ල කඩපු හැටි.

අප්පාගේ දඩුවල විදවීම දරා ගන්න බැරිව එයා මනුස්සයෙක්ව මැරුවා..
ඒ නපුරු මතකය එතනම නතර උනා. ඩීමන් අදුරේ කනුව උඩ ඉදගෙන දත්මිටි කාගෙන චිමී දිහා බලන් හිටියා. එයාට දැනුනු වේදනාව එයාට කාගේ හරි පිටින් යවන්න ඔනේ උනා.

අදුර කපාගෙන චිමී ලගට ඇදුනු ඩීමන් චිමීගේ ඇග උඩට නැගලා චිමීගේ උර හිසින් අල්ලලා චිමීගේ මූනට එබුනා. පන නැති චිමීගේ බෙල්ල කඩා වැටුනා බිමට. වතුරට තෙමුනු කන්ඩේ බිම ගැවුනා. ඩීමන්ට ඔනේ උනා චිමීට ඇති වෙනකල් ගහන්න. මැරෙනකල්ම.
එයාගේ අත් වෙව්ලනවා තරහා වැඩිකමටම. ඒත් එක්කම චිමීගේ තොල් ආයෙම මතුරන්න ගත්තා.

"ඔ..ඔයා... න..පු..රු...යි.....ඉන්න...දෙ..න්න මට.... රාක්...ෂ..යා.... "

වෙව්ලන තොල් එක දිගටම මැතුරුවේ එච්චරයි.

'රාක්ෂයා...'

ඒ වචන ඇහෙද්දී ඩීමන්ගේ මුලු ඔලුව ඇතුලෙන්ම ඉදිකටු අනිනවා වගේ වේදනාවක් දැනෙන්න ගත්තා. ඒත් එක්කම චිමීගෙ ඇගෙන් අයින් වෙලා නැගිටලා ඔලුව දෑතීන්ම බදා ගත්තා. ඩීමන්ට මැවි මැවි පේන්න ගත්තා එයාගේ අතින් මැරුනු මිනිස්සු අන්තිම මොහොතේ එයාගේ අත් අතරේ ඉදන් අන්තිම වතාවට කිව්ව දේවල්.
මහ භයානක යකෙක් දිහා බලනවා වගේ එ අය එයා දිහා බැලුවේ. සාප කර කර ඒ අය ඩීමන්ගේ අතින් මැරුම් කෑවා. මුර්ගයෙක් දිහා බලනවා වගේ හැමෝම එයා දිහා බැලුවේ. ඒ බැල්මෙන්ම ඩීමන් තවත් හැගීම් නැති කෙනෙක් උනා. ඔලුව ඇතුලෙන් දැනෙන වේදනාවත් නොනවතින් මතක සිහිකැදවීමුත් නිසා ඩීමන් එතනම දනගහගත්තා. ඒත් එක්කම එතන ඇල උනා. උඩුබෙලි අතට ඩීමන් ඔලුවත් අල්ලගෙන දත් මිටි කන්න ගත්තා. වේදනාව තවත් වැඩි උනා එකදිගටම එකම හැගීමෙන් එයා දිහා බලන් ඉන්න මිනිස්සුන්ව විතරක්ම පේන්න ගත්තා. ඩීමන් එහෙමම ඇස් පියා ගත්තා. එයා මතකයන් ඇතුලෙම හිරවෙලා නින්දට ගියා.

සිහියක් නැති මත් උනුකෙනෙක් වගේ.




...................⏳.....................





.



.




චිමීගේ ඇගිලි අතරින් වතුර බිංදු එකට එකතු වුනා. ඒත් එක්කම චිමී ඇස් ඇරියා. චිමීගේ බෙල්ලේ තිබුනු තුවාලය ආයිමත් හා උනා. චිමී හැදුවේ හිමීට නැගිටින්න ඒත් එයාගේ උර හිසලගින් ලොකු වෙදානාවක් දැනුනා. ඒ වගේම මුලු ඇගම සීතලට තාමත් ගල්වෙලා. චිමී හිමීට නැගිටලා ඉද ගත්තා.

අහිංසක චිමී ඇස් ඇරියම ආයෙමත් බය උනා. චිමීට වෙච්ච දේවල් මතක්වෙන්න ගත්තා. එයාගේ බෙල්ල හපාකන ඩීමන්ව චිමීට අදුර අතරින් එයා දිහා බලාගෙන නපුරු විදිහට හිනාවෙනවා වගේ පෙනුනා. කකුල් එකට ලන් කරන් චිමී බයෙන් දනිස් අතරේ මූන හන්ගගෙන හයියෙන් ඇඩුවා.

"ම..ට...යන්න... දෙ...න්....න.... "

චිමීගේ කට හඩ හරිම හිමින් පැතිර ගියා.
අදුර අතරින් ඒ අහිංසක වේදනාබර කටහඩ මහ නපුරු විදිහට එහා මෙහා දිව්වා. චිමී හුගාක් වෙලා ඇඩුවා. චිමී හිමීට ඔලුව උස්සලා වටපිට බැලුවා.
තද අදුර විතරයි.
ඒත් එක්කම චිමීගේ කකුල ලගින් චිමී දැක්කේ සුදු මැලු ලස්සන අතක්.
ඒක දැක්කා විතරයි චිමී දෑතින්ම ඔලුව අල්ලගෙන කෑ ගැහුවා. එයා හිතුවේ ඒ මිනියක් කියලා. ඒ අත ඒ තරම්ම සුදුයි. චිමී එක දිගටම කෑ ගැහිවා.
මහ හයියෙන් ඇඩුවා. අහක බලාගෙන මහ හයියෙන් ඇඩුව චිමී එයාගේ කකුල් දෙක බදාගෙන උදව් ඉල්ලුවා. ඒත් කිසිම වැඩක් නෑ. ඛැමදාම වගේ එයාට කවුරුත් උදව් කරන්න ආවේ නෑ.

ටිකක්වෙලා යද්දී ඒ අතේ ඇගිලි හිමීට හෙල්ලුනා. ඒත් ආයිමත් මැරිලා වගේම නැවතුනා. ඒ කෙනාට පන තියෙනවා. චිමි පුදෙමෙන් ඒ ඇගිලි දිහා බැලුවා. ඒ දේ දැකලා චිමී ඉක්මන්ට වතුර බදුන ලගට බිම දිගේ ඇදුනා. මේ වෙලාවේ එයාට හිතුනේ එයා වගේම තව කෙනෙක් වෙන්නැති කියලා. සමහර විට මරන්න ගෙනාපු මනුස්සයෙක් වෙන්නැති කියලා.

චිමී ඉක්මන්ට බදුනෙන් අතට වතුර ටිකක් අරගෙන ආයිමත් අරකෙනා ලගට ගියා. චිමී අදුර අතරින් ඒ කෙනාගේ මූන හොයා ගත්තා. සීතලයි. ශක්තිමත්. හදවතත් ගැහෙනවා ඒත් හරිම හිමින්. චිමී එයාගේ අතේ තිබ්බ වතුර අදුර අතරින් බොදවෙලා පේන මූනට ඉස්සා. ඒ කෙනාගේ අත ආයිමත් හෙල උනා. එයා හොදින් කියලා චිමීට තේරුනා. චිමී එ කෙනාගේ පපුවට කන තියලා හොදින් ඒ හදවතේ සද්දේ අහන්න ගත්තා.
මැරිච්ච කෙනෙක් වගේ මේ කෙනා.
ඒත් හදවත ගැහෙනවා ඒත් ඒක ඇහෙන්නෙම නැති තරම්.

චිමී එහෙම කන තියන් අහන් ඉන්නකොට චිමීට තේරුනා ඒ කෙනාට සිහි එනවා කියලා. චිමී ඉක්මන්ටම කෙලින් වෙලා එයාගේ අතින් තදින් අල්ල ගත්තා හරියට මම ඔයා එක්ක ඉන්නවා කියන්න වගේ.
සිහිය ආපු කෙනා කෙලින් වෙලා ඉදගත්තා වගේම එයා දැක්කේ කීයටවත් හිතන්නේ නැති දෙයක්. ඒ එයාගේ අත අල්ලගෙන ඉන්න කෙනාව. ඒ පුංචි අත එයාගේ අත තදින්ම අල්ලන් ඉන්නවා. කෙලින්වෙලා ඉදගෙන එයා එකපාරටම චිමී දිහා බැලුවා එතකොටයි චිමී ඒ කෙනාගේ මූන අදුර ගත්තේ. හොදටම බය උනු චිමී ගැස්සුනා ඒත් එක්කම ගැහෙන කකුල් වලට පන දීලා චිමී බිත්තිය මුල්ලට ගිහින් ගුලිවෙලා

"මි..මියා...නේ....මි..මි..මියානේ....අනේ මට රිද්...ද...න්න එපා.... මියානේ... හෙ.....යො... න්.... අනේ.........."

චිමී ඉකි ගගහා බයෙන් වෙවුල වෙවුල අඩන්න ගත්තා.
ඩීමන් තාමත් එතනම ඉදගෙන චිමී අල්ලන් හිටපු අත දිහා බලන් ඉන්නවා.. ඒ හැගීම මොකක්ද කියන්න එයා දන්නේ නෑ.. දැනුනු වේදනාව නැතිවෙලාම ගිහින්.. කිසි හැගීමක් නොතිබ්බ ඒ මූනේ දැන් දුකක් ඇදිලා.

ටිකක්වෙලා යද්දී ඩීමන් හරි සිහියට ආවා. මේ වෙනකල් උනු හැමදේම අමතක වෙලා වගේ එතනින් අතුරුදහන් උනා.

චිමී එකදිගටම අඩන්න ගත්තා.





.



.






.

නිහැඩියාව බිදගෙන පටන් ගත්ත පියානෝ සංගීතය හැමතැනම දෝංකාර දෙන්න පටන් ගත්තා. වෙනදා වගේ ඒ සංගීතය භයංකාර උනේනම් නෑ. ඒත් ඒ සංගීතය ඇහෙද්දී තවත් අඩන්න හිතෙනවා මිසක් වෙන දෙයක් හිතෙන්නෙම නැති තරම්. මතකයන් තුලට කිදා බහිනවා වගේම වේදනාකාරී මතකයන් නිසා දැනෙන දුක ඒ සංගීතය නිසා හොදින් දැනුනා. ඒත් චිමීගේ ඇඩිල්ල හිමීට ඉකියකින් නතර උනා. එයා හිමීට ඒ සංගීතයට කන් දුන්නා. කෙනෙක්ගේ වේදනාව හොදින්ම දැනෙන කෙනෙක් චිමී. සිනිදු කම්බුල් වල තිබුනු කදුලු ඔහේ රූටලා බිමට වැටෙන්න දීලා චිමී බිත්තියට ඔලුව බර කරගෙන තවත් හොදින් ඇහුන්කන් දුන්නා.

තාලයකට එක දිගට කියන වචන වගයක් කවුරුහරි හරි අපූරුවට මුමුනනවා. ඒ පියානෝ සංගීතයත් එක්ක ඒ වචන හොදින්ම ගැලපුනා. මිනිස් දුව කියාදුන්නූ ලස්සන කවියක් ඩීමන් මුමුනන්න ගත්තා. එයාගේ මතකයන් වල එයා හිරවෙලා. ඩීමන් එයාගේ ඇගින් ඒ මතකයන් විනාස කරල දාන්න හැදුවත් ඒක ඉවර උනේ වේදනාවකින්. එයා ඒක පාඩමකට අරගෙන කාවවත්ම ලන් කර ගන්නේ නැතුව ඉන්න පුරුදූ උනා.

කලකිරුනු අතීතය නැවත නැවත මතක් කරන්නේ එයා විදවපු හැටිම විතරයි. ඒත් එක්කම එයාට දැනුනේ පුදුම තරහවක්. පියානෝවේ කී එකදිගට නොනවත්වාම ප්ලේ කරගෙන ගියා. කිසිම තාලයක් නැතුව. ඒත් එක්කම සුදු පූසා අඩන්න ගත්තා. ඒ මූසල ඇඩියාව චිමීගේ සංවේදී කන් පුපුරන තරමටම සද්දයි වගේම වේදනාකාරීයි. පියානෝවත් මූසල ඇඩියාවත් එක දිගට හොරාවන් කීපයක්ම අල්ලගෙන එකට සටන් කලා. චිමී බිම ඇලවිලා අලුත්වෙන කදුලු බිමට වැටෙන හැටි දුකින් කලකිරීමෙන් බලන් හිටියා.

හොරාවෙන් හෝරාවට කී එකින් එක කැඩෙන සද්දය චිමීට ඇහුනා. ඒ හැම වෙලාවක චිමී ගැස්සුනා. චිමී බයෙන්මයි ඉන්නේ කොයිවෙලාවක ආයිමත් එයාට ඩීමන් පහරදෙයිද කියලා.

මේ දේවල් මේ හැගීම් හුගාක් වේදනාකාරීයි.

ඩීමන්ගේ මතකයන් ඉස්සෙල්ලා වගේම ආයිමත් වේදනාකාරී විදිහට මැවි මැවි පේන්න ගත්තා..
මේ පාරනම් ඒක හුගාක් දරුනුයි මේ වෙනකල් හැන්ගිලා තිබුනු කහා ඇස් කලු ඇස් විනාස කරගෙන වගේ එලියට ආවා. පියානෝව උස්සලා අනික්පැත්තට බිම දැම්ම ඩීමන් ආවේසවෙලා වගේ හැසිරුනා. අහුවෙන හැමදේම කුඩුපට්ටම් කලා.

අන්තිමට ඩීමන් චිමී ඉන්න තැනට ආයිමත් ගියා. බිත්තිය කොනේ ගුලිවෙලා බයෙන් ගැහෙන චිමී ඩීමන්ගේ කහා ඇස් දැකල පුදුම වේගෙකින් ගැහෙන්න ගත්තා. රෝස් තොල් එකිනෙකට වැදෙන තරම් හයියෙන් ගැහෙන්න ගත්තා. ඒ ලස්සන හිනාවෙන ඇස් වල කදුලු පිරිලා ලොකු කරගෙන ඩීමගේ ආවේස උනු ඇස් දිහා බලන් හිටියා. ඒ තප්පරයක් යන්නත් කලින් ඩීමන් චිමීගේ ඇස් ඉස්සරහා නතර උනා. චිමී ඩීමන්ගෙන් පුලුවන් තරම් හැංගෙන්න හැදුවා එයාගේ කකුල් අස්සේ,
පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා බේර ගන්න කියලා හැමදාම වගේ,
ඒ කිසිම දෙයක් අහන් නැතුව කිසි හිතක් පපුවක් නැති විදිහට ඩීමන් චිමීගේ බෙල්ල ශක්තිමත් අත් දෙක අතරට මැදි කර ගත්‍තා.
අන්තිම මොහොතේ පන අල්ලගෙන ඉන්න පුංචි කුරුලු පැටියෙක් වගේ චිමින් දැගලුවා. චිමී ඩීමන්ගේ රතුපාටටත් අදුරුපාටටත් හුරු ඇදුමෙන් හයියෙන් ඇදගෙන අමාරුවෙන් දැගලුවා.






_______________________________________


Hi gyz 🙈

හම්බෝ දැන්නම් අප්ඩේට් දෙන්න පුලුවන් කරදරයක් නැතුව... මන් ඩුකින් ඉටියේ....

ප්‍රශ්න තිබේද..... 🤗

Enjoy 🙉

Ishki 🙈

Bạn đang đọc truyện trên: AzTruyen.Top