5

ඇදෙහි වැතිරී සිටි ඔහු උත්සාහ කළේ නින්දක් වෙත පිවිසීමට. දින ගණනක් යනතුරුවත් ඔහුට යම් හෝ විවේකයක් ලබා ගැනීමට නොහැකි විය. කෙතරම් උත්සාහ කළද නින්ද ඔහු අසලකටවත් පැමිණියේ නැත.

ඇදෙන් නැගිට ඔහු මේසය වෙත ගමන් කළේය. එහි ලාච්චුව විවෘත කර ගත් කුඩා පෙට්ටිය ද රැගෙන ඔහු නැවත ඇදෙන් වාඩිවිය.

එය විවෘත කළ ඔහු ඒ දෙස බලාසිටියේ එදා මෙන් හිස් හැගීමකිනි. මොහොතක් එය හා සමවැදී සිටි ඔහු එය මේසය මත තබා නැවත ඇදෙහි වැතිරුණේය.

.

.

.

.

යම් යම් දුරකථන සංවාදයන්ගෙන් හා කුඩා හමුවීම් තුළින් ඔවුන් දෙදෙනා සමීප වන්නට වූහ.

යුන්ගි ඔහුගේ ඇල්බමයේ හා නව ප්‍රසංගයේ කටයුතු හා කාර්යබහුල වන අතරතුර ජිමින්ගේ පෙනහලු මතින් තව තවත් පෝෂණය ලබමින් ඔහුගේ ප්‍රේමය නම් කැමීලියා පැළය දළු ලා වැඩෙන්නට විය.

වෙනදා ලා රෝස පැහැ ගත් කැමීලියා පෙති ටිකෙන් ටික රුධිරයේ රත් පැහැය හා මිශ්‍ර වන්නට ආරම්භ වූවා.

ඔහුගේ ආයුෂ සොරාගනිමින් ආයුෂ සපුරාගන්නා කැමීලියා ශාකය ඔහුව ටිකෙන් ටික දුර්වල කරන්නට වූවා.

.....................................................................................

-wind_road-

Bạn đang đọc truyện trên: AzTruyen.Top