Explanation

Part 1

"....................."

" ඔව් ඔම්මා මන් ගෙදර ආවා"

"....................."

" ඔව් මන් ගැන හිතුවා "

"....................."

" අකැමැත්තක් නෑ "

"....................."

" හ්ම්ම්....සුභ රාත්‍රියක් ඔම්මා"

පාර්ට් 1 එකේ ටේහ්‍යුන්ගේයි ඔම්මාගෙයි දුරකථන සංවාදය. මෙතනදී ටේහ්‍යුන් අකැමැත්තක් නෑ කියලා කියන්නේ ඔම්මා ටේහ්‍යුන්ට arranged marriage එකක් කතා කරලා තිබුණ නිසා.
__________________________________________

Part 5

" අදයි හෙටයි නිවාඩුයි ඔම්මා "

" ඔව් හෙට උල්සාන් යනවා "

" ම්ම්ම් මන් ඊළග සතියේ හම්බවෙන්නම් "

" හරි ඔම්මා සුභ රාත්‍රියක් "

ටේහ්‍යුන් නැවතත් පොත අතට නොගත්තේය. දෑස් පියාගත් ඔහු පරිසරයෙන් වැයෙන බැලඩ් ගීතයට සම වැදීමට උත්සාහ කළේය. එහෙත් එය අසාර්ථක විය.
ඔහුගේ සිත නොසන්සුන් . ගැඹුරු සුසුම් හෙළමින් ඔහු සන්සුන් වීමට උත්සාහ දෑරීය.

ටේහ්‍යුන්ග් ඊළග සතියේ හම්බවෙන්නම් කියලා කියන්නේ ඒ වෙදිදිත් ටේහ්‍යුන් engaged වෙලා හිටිය නිසා. ඔම්මා එක්ක දුරකථන සංවාදයෙන් පස්සේ ටේහ්‍යුන් නොසන්සුන් වුණේ ඒ ගැන හිතට ආ නිසා.
_________________________________________

Part 8

සුළගෙන් තැන තැන විසිරුණු කාඩ්පත් අහුලාගත් ජන්කුක් කාඩ්පත් නැවත මේසය උඩින් තැබුවේය. කවරයකින් පිටතට එක් කාඩ්පතක් ජන්කුක්ගේ නෙත ගැටිණි.

ජන්කුක් ප්‍රැක්ටිස් වලට ටේහ්‍යුන්ගේ ගෙදර ගිහින් හිටිය වෙලාවේ සුළගත් එක්ක බිම වැටුණේ ටේහ්‍යුන්ගේ වෙඩින් එකේ ඉන්විටේශන්ස්. ටේහ්‍යුන්ව දැක්කම ජන්කුක් කලබලයෙන් ඒවා මේසයෙන් තිබ්බේ ජන්කුක් ඒ ගැන දැනගත්තා කියලා ටේහ්‍යුන් දැනගන්න ඕනෙ වුණේ නැති නිසා.

" එයාලාව පිටතට පේන්නේ ගොඩක් සන්සුන් අය විදියට. ඒත් ඇත්තටම එයාලාගේ හිත් ගොඩක් නොසන්සුන්. හරියට සෑඩ් බැලඩ් එකක ගෙතුණු වචන පේළියක් වගේ"

" ජන්කුක් දන්නවාද මට ඔයාව හම්බවුණ දවසට වඩා අද ඔයා ගොඩක් ශක්තිමත්. ඔයා උත්සාහ කළා, වගේම ඔයාගේ උත්සාහය සාර්ථකවයි. මට ගැන ගොඩක් සතුටුයි. වගේම ඩෙබියුට් එකෙන් පස්සෙත් ඔයා තවත් ශක්තිමත් වෙන්න ඕනා තේරුණාද ජන්කුක් "

ටේහ්‍යුන්ගේ මේ වාක්‍ය දෙක කියන්නේ ටේහ්‍යුන්ගේ හිත එයාගේ විවාහය ගැන නොසන්සුන් බව හා ජන්කුක්ව තමන්ගෙන් ඈත් වුණත් ජන්කුක්ට වැටෙන්න එපා කියන එක.

_________________________________________

Part 9

ටේහ්‍යුන් සමග කාරය අසලටම පැමිණි ජන්කුක්ට මදක් නවතින්නැයි ටේහ්‍යුන් පැවසුවේය. තම සාක්කුවෙන් ගත් රිදී පැහැ කඩදාසි කවරක් ටේහ්‍යුන් ජන්කුක් වෙත දිගු කළේය.

" මන් ඔයාව බලාපොරොත්තු වෙනවා ජන්කුක් "

ටේහ්‍යුන්ග් ජන්කුක්ට විවාහ ආරාධනා පත්‍රය දෙන අවස්ථාව
_________________________________________

Part 10

ඉන් පසු ජන්කුක් පියනැගුවේ සියුමැලි බවක් හා වෙලුණු ඔහු වෙතට.
ඔහුගේ කළු පැහැ ගැන්වූ කොණ්ඩය ඔහුගේ කෝටය හා හොදින් ගැළපී තිබුණේය. ඔහු චාම් වූ කඩවසම් බවකින් පිරී සිටියේ .

පියවරෙන් පියවර ඔහු වෙතට ළං වූ ජන්කුක්ගේ දෑස් ඔහුගේ දෑස් හා මොහොතකට බැදුණි. සිනහවක් සංග්‍රහ කළ ජන්කුක් බැදීමෙන් මිදුණේය.

" සුභ පැතුම් හ්‍යුන්ග් "

සියුමැලි බවක් හා වෙලුණු ඔහු කියලා දක්වලා තියෙන්නේ ටේහ්‍යුන් එයාගේ අනාගත සහකාරිය හා අත් පටලවා සිටි බව.
ඒ වගේම ජන්කුක් ගියේ ටේගේ වෙඩින් එකට.

මේකේ අවසානය ටිකක් අපැහැදිලි වගේ නේද. ඒත් මුල ඉදන්ම මම කතාව හිතුවේ මේ විදියට .

ටේට ජන්කුක්ව හම්බවෙද්දි ජන්කුක් සාමාන්‍ය කෙනෙක්. ටේගේ පවුලේ අය ජන්කුක්ට කොහොමවත් කැමති නොවෙන්න ඉඩ තිබ්බා.
ජන්කුක් හොද තැනකට එද්දි ටේහ්‍යුන් පරක්කු වැඩියි.ටේගෙ ඔම්මා ටිකක් strict කෙනෙක් කියලා ටේගෙයි ඔම්මාගෙයි conversations වලින් තේරෙන්න ඇති කියලා හිතනවා. මෙතන කාලය හා සමාජ තත්වය කියන දේ ගොඩක් බලපාලා තියෙනවා.

එයාලාගෙ දෛවය එයාලව මුණගැස්සුවත් දෛවය විසින්ම එයාලව ඈත් කළා.

මේ පැහැදිලි කිරීම ඔයාලට පැහැදිලි ද දන්නේ නෑ.

සෑඩ් එන්ඩින් නිසා දුකට පත් අයගෙන් සමාව භාජනය කරමි.💔

මේක දැම්මේ ගොඩක් අයට අවසානය අපැහැදිලි නිසා.

~ Chipissi ~

Bạn đang đọc truyện trên: AzTruyen.Top