65 • 𝙷𝚊𝚙𝚙𝚢 𝙵𝚊𝚖𝚒𝚕𝚢 •

දින සති ගෙවිලා ගියේ ඇස් පිල්ලම් ගහන වේගෙන් මේ ගත වුනු කාලය ඇතුලත ටේහ්‍යුන්ට නම් වැඩ වැඩි වුනා මිස අඩුවක් නම් වුනේ නැ මොකද ටේහ්‍යුන්ගේ ආඩම්බරකාර හස්බන් වගේම දගකාර පුංචි කෙල්ල නිසා ටේහ්‍යුන්ගේ වැඩ ඩබල් වුනා පුංචි යූහා දැන් නර්සරි යනවා කෙල්ලව උදේට නැගිට්ටවන්න එක තරම් අමාරු වැඩක් ටේහ්‍යුන්ට ඇත්තෙම නැ ලෝක යුද්ධයක් වුනත් කෙල්ල නම් සෝක් එකට නිදාගනියි

උදේ නැගිටලා කිචන් එකේ මේඩ්ලාට උදව් කරපු ටේහ්‍යුන් ගියේ එයාගේ දවසේ ලොකුම රාජකාරිය වුනු එයාගේ පුංචි හුරතලේවයි ආඩම්බරකාර හස්බන්වයි ඇහැරවන්න රූම් එකට ඇතුල් වුනු ටේහ්‍යුන්ගේ මූනේ ආදරනීය හිනාවක් ඇදුනා

ඇගිල්ලකුත් උරන ගමන් ජන්කූක්ගේ උනුසුමට සනීපෙට ගුලි වෙලා සුවදායි නින්දක පසුවන එයාලගේ පුංචි හුරතලේව කොල්ලත් හරි පරිස්සමින් පුංචි කෙල්ලව තුරුල් කරගෙන හිටියා ඒ දර්ශනය හරි ආදරනීයයි

තුරුල් වෙලා නිදාගෙන ඉන්න අප්පාවයි දූ පොඩිත්තයි ඇහැරවන්න ලෝභ හිතුනත් උදේ හතත් පසු වී ඇති නිසාවෙන් ටේහ්‍යුන් එයාලව ඇහැරවන්න තීරණය කලා ඇදේ කොනකින් වාඩිවුනු ටේහ්‍යුන් ඉස්සෙල්ලාම පුංචි කෙල්ලව ඇහැරවන්න තීරණය කලා

" කෝ කෝ මගේ චූටි මැනික් කැටේ නැගිටින්න දැන් දෝ ගත්ත ඇති නේ ම්ම් නර්සරි යන්න මගේ බබාට පරක්කු වෙයි.."

පුංචි කෙල්ලගේ අතකින් අදින ගමන් කිව්වාම යූහා බබා ඇස් පොඩි කරන ගමන් තොල් පිට පෙරලගෙන කෙදිරිල්ලක් පිට කරලා ආපහු ඇගිල්ලත් කටේ ගහගෙන නිදාගන්න ලෑස්ති වුනා

" හනේ හනේ මේ කෙල්ල අප්පාටම ගැලපෙනවා දෙන්නා තකට තක.."

ටේහ්‍යුන් පුංචි හිනාවක් එක්ක මුමුනලා කෙලි පොඩිත්තගේ පස්සට පහරක් දුන්නා

" දෝ ගන්න දෙල්ලකූ අලේ.."

මූනත් බෙරි කරගත්ත කෙල්ල ඇස් පියාගෙනම කියද්දී ජන්කූක්ගේ තුරුලේ හිටපු කෙල්ල ඇදලා අරගෙන කිති කවන්න ගත්තාම පුංචි කෙල්ලගේ හිනා හඩින් රූම් එක පිරිලා ගියා

" අලේ එපා පපා...බබාත කිතියි.."

පුංචි කෙල්ල කියද්දී කිති කවන එක නවත්තපු ටේහ්‍යුන් යූහා බබාව වඩාගෙන නලලට පුංචි හාදුවක් තැවරුවා ඒක ටේහ්‍යුන්ගේ පුරුද්දක් හැමදාම උදේට පුංචි දග මල්ලව ඇහැරවලා ඒ නලල මතින් පුංචි හාදුවක් තැවරුවා දැන් පුංචි යූහා බබාත් ඒකට පුරුදු වෙලා හදිස්සියේවත් ටේහ්‍යුන්ට උදේට පුංචි කෙල්ලගේ නලලට කිස් එකක් දෙන්න බැරි වුනොත් එදාට යූහා බබාගේ මූන හොද නැ

" මගේ දග මල්ල...! මගේ මැනික් කැටේ නර්සරි යන්න ඕන නේ දැන් ඉක්මනට ගිහින් රෙඩි වෙන්න කෝ කෝ ඔහොම කම්මැලි වෙලා හරි යන්නේ නැ හූම්.."

ටේහ්‍යුන් පුංචි කෙලි පොඩිත්තව උකුලේ තියාගෙන දෙපැත්තට පැද්දෙන ගමන් කිව්වා

" හලි හලි අලේ බබා ගීන් තෙදි වෙල්ලම්.."

පුංචි කෙල්ල තොල් උල් කර කර හුරතලේට කියද්දී ඒ පිරුනු කම්බුල් හපලා හපලා දාන්න හිතුනා

" මගේ පන්ඩිත හැල්මොනි..! බාත් රූම් එකට යන්න මම අප්පාවත් නැගිට්ටවලා එවන්නම්.."

ටේහ්‍යුන් යූහා බබාගේ කම්බුල් මිරිකලා බිමින් තිබ්බාම කෙල්ල බාත් රූම් එකට ගියා පුංචි එකී ගියාට පස්සේ ටේහ්‍යුන් හැරුණේ එයාගේ ලොකු බබා දිහාට

" ඒයි හොර ගෙඩියා බොරුවට හිටියා ඇති ඇස් අරිනවා "

ජන්කූක්ගේ ඉනට ඇගිල්ලෙන් අනින ගමන් ටේහ්‍යුන් කිව්වාම එකපාරට කොල්ලා ඇදිලා ගිහින් නැවතුනේ ජන්කූක්ගේ පපුවේ

" යාහ්හ්.... මෝඩ කුක්කෝ මොකද කරන්නේ ආ පරක්කු වෙනවා මාව අතහරිනවා පිස්සෝ"

ටේහ්‍යුන් ජන්කූක්ගේ ශක්තිමත් අත් වලින් බේරෙන්න ට්‍රයි කරන ගමන් කිව්වා

" සුදු බබාට වගේ කිස් එකක් දුන්නොත් නැගිටින්නම්.."

ජන්කූක් ඇස් පියාගෙනම කිව්වා

" මෙතන ලොකු එකත් බබා වෙන්න හදනවා නේ "

" කෝ මගේ කිස් එක "

ටේහ්‍යුන් ඇස් පියාගෙන හුස්මක් පහත හෙලුවා දැන් ජන්කූක්ට කිස් එකක් නොදුන්නොත් මෙතනින් යන්න වෙන්නේ නැ වගේම ජන්කූක් නැගිටින්නෙත් නැ කියලා දන්න ටේහ්‍යුන් කොල්ලාගේ තොල් මතින් පෙක් එකක් තියලා ජන්කූක්ගේ පපුව හැපුවේ කොල්ලාට හීක් ගෑවෙන්නම

" ආව්..! යක්ස කොල්ලා.."

ජන්කූක්ගේ අතින් ටේහ්‍යුන් අතහැරෙද්දී ටේහ්‍යුන් හිනා වුනා ජන්කූක් පපුවත් අල්ලාගෙන කොල්ලාගේ දිහා රවාගෙන බලාගෙන ඉදිද්දී ටේහ්‍යුන් හිනා වුනා

" යනවා මෝඩ හාවා වොෂ් එකක් දාගෙන ඔෆිස් යන්න රෙඩි වෙන්න සූටි මැනිකත් ගියා බාත් රූම් එකට "

ජන්කූක්ට කොට්ටෙකින් ගහපු ටේහ්‍යුන් එහෙම කියාගෙන රූම් එකෙන් එලියට ගියා කොල්ලා ටේහ්‍යුන් හපපු පපුවත් අතගාන ගමන් හිනා වෙවී බාත් රූම් එකට ගියේ එයාලගේ සූති මැනික් කැටේ වොෂ් කරලා නර්සරි යන්න රෙඩි කරන්න

ටික වෙලාවකින් පුංචි යූහා බබාවත් රෙඩි කරගෙන ජන්කූක් කෙල්ලවත් වඩාගෙන dinning room එකට ආවා ටේහ්‍යුන් හිනාවක් එක්ක කෑම පිරුනු දීසියක් අරගෙන ඇවිත් dinning table එක මතින් තිබ්බා

" අනෙව්... මගේ චූටි පැටියාගේ හැඩ රෝස මලක් වගේ "

ජන්කූක්ගේ අතේ හිටපු පුංචි කෙල්ලගේ කම්බුලක් මිරිකුව ටේහ්‍යුන් හරි ආදරෙන් කිව්වා ජන්කූක්ගේ අතේ හිටපු කෙලි පොඩිත්ත වඩාගත්ත ටේහ්‍යුන් dinning table එකෙන් වාඩිවුනා

" කුක් කන්න..! මම චූටි මැනිකට කවන්නම්."

ටේහ්‍යුන් කිව්වාම ඔලුව වනපු ජන්කූක් එයාගේ උදෑසන ආහාර වේල ගන්න පටන් ගත්තා ඒත් කොල්ලාගේ ඇස් තිබුණේ පුංචි කෙල්ලව හුරතල් කරන ගමන් පුංචි කෙල්ලට කවන ටේහ්‍යුන් ලග පුංචි කෙලි පොඩිත්තත් හිනා වෙවී ටේහ්‍යුන් කවන කටවල් හරි සතුටින් කෑවා

ඉස්සර කොයිවෙලෙත් මූන බෙරි කරගෙන අඩන කෙල්ල දැන් කොයිවෙලෙත් හිනා වෙලා ඉන්නවා තොරතෝංචියක් නැති හුරතල් පන්ඩිත කතා වලින් එයාලා හිනස්සනවා ඉතින් ඒ හැමදේම වුනේ පුංචි කෙල්ලට ටේහ්‍යුන් ලං වුනු දවසේ ඉදන් පුංචි හිත් වලට ආදරේ කියන දේ ගොඩක් දැනෙනවා

ටේහ්‍යුන් යූහා බබාට මිල්ක්ශේක් එක පොවන ගමන් ජන්කූක් දිහා බැලුවා කොල්ලා තමන් දිහා බලාගෙන ඉන්නවා දැක්ක ටේහ්‍යුන් ඇස් වලින් ඇයි කියලා ඇහුවාම කොල්ලා මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" ඔන්න හරි මගේ චූටි මැනිකගේ බන්ඩි ෆුල්.."

ටේහ්‍යුන් චූටි බන්ඩිය පුංචි තට්ටුවක් දාලා කිව්වාම පුංචි කෙලි පොඩිත්ත ගුඩුස් එකක් යැව්වේ හුරතල් විදියට හිනා වෙන ගමන්

" ඕමෝ මෙයාගේ හුරතලේ.."

පුංචි කෙල්ලව වඩාගත්ත ටේහ්‍යුන් ජන්කූක්ගේ කොන්ඩේ අවුල් කරමින් ලිවින් රූම් එකට ගියා

මද වේලාවකින් ෆෝන් එකත් කා කී එකත් අරගෙන ජන්කූක් ලිවින් රූම් එකට එනකොට ටේහ්‍යුන් පුංචි කෙල්ලගේ බෑග් එක රෙඩි කරලා කෙල්ලට බෑග් එල්ලගන්න දුන්නා

" මගේ චූටි මැනික ගන්න හවසට පපා එන්නම් හරි ද..? නෝටි වැඩ නොකර ගුඩ් ගර්ල් කෙනෙක් වගේ මිස්ලා කියන දේ අහගෙන ඉන්න ඕන යාලුවෝ එක්ක රන්ඩු වෙන්න එපා හරි ද..?"

" හලි හලි අලේ බබා ගුත් ගර්ල් කලෙක් වගේ ඉල්ලම්.."

පුංචි කෙල්ල හුරතලේට තොල් උල් කර කර කියද්දී ටේහ්‍යුන් හිනා වෙලා ඒ පුංචි කම්බුලක් සිපගත්තා

" අප්පා එක්ක පරිස්සමින් යන්න "

ටේහ්‍යුන්ගේ බෙල්ල බදාගත්ත යූහා බබා කොල්ලාගේ කම්බුලකට කිස් එකක් දුන්නා

" දූගෙයි පපාගෙයි සාකච්ඡාව අවසන් නම් අපිට යන්න පුලුවන් ද..?"

ජන්කූක් ඇහුවාම ටේහ්‍යුන් ඇස් හීනි කරගෙන බැලුවා

" ලේ ලේ අපේ සාකත්තාව ඉවලයි.."

පුංචි යූහා බබා කියද්දී ටේහ්‍යුන් හිනා වුනා

" යන් යන් මගේ පන්ඩිත හැල්මොනි නර්සරි යන්න ලේට් වෙනවා.."

" හලි හලි අලේ බබා එලියට යල්ලම් කෙලින්ම අප්පාට පපාත කිත් එකක් දෙල්ල ඕන කිව්වා නම් ඉවරයි නේ හූම්.."

පුංචි කෙල්ල එහෙම කියලා දුවලා යද්දී ටේහ්‍යුන් ඇස් බෝල කරගෙන බලාගෙන හිටියා ජන්කූක් නම් පොඩි එකී යන දිහා හිනා වෙවී බලාගෙන හිටියා

" මොකද හිනා වෙන්නේ...?"

ටේහ්‍යුන් රවාගෙන ඇහුවා

" මගේ චූටි මැනිකට මාව තේරෙන තරම්වත් මගේ හස්බන්ට මාව තේරෙන්නේ නැ නේ "

ජන්කූක් උඩ බලාගෙන කියද්දී ටේහ්‍යුන් රැව්වා

" තේරෙන හස්බන් කෙනෙක්ව හොයාගත්තා නම් ඉවරයි "

ටේහ්‍යුන් අහක බලාගෙන කියද්දී ජන්කූක් ඇස් කොනින් කොල්ලා දිහා බැලුවා

" ඒ වුනාට මට ඕන මේ කියුට් සෙක්සි හස්බන්ව විතරයි නේ "

ටේහ්‍යුන්ගේ ඉන වටේ අත් යවපු ජන්කූක් කිව්වා කොල්ලා ජන්කූක්ට රවන ගමන් ජන්කූක්ගේ ටයි එක හරියට හැදුවා ජන්කූක් නම් එයාගේ මුලු ජීවිතේම සතුටින් පුරවපු එයාට සැනසීම ලං කරපු එයාගේ ආදරනීය හස්බන් දිහා බලාගෙන මනෝපාරක් ගහන ගමන් හිටියා

" මිස්ටර් ජියොන් කොහෙද අතරමං වුනේ..?"

කොල්ලා ඇහිබමක් උස්සගෙන ජන්කූක්ගේ බෙල්ල වටා අත් ඔතාගෙන ඇහුවා

" මගේ ඉස්සරහ රෝස මලක් වගේ ඉන්න කොල්ලාගේ ලෝකේ.."

ටේහ්‍යුන්ගේ කම්බුලක් පිරිමදින ගමන් ජන්කූක් කිව්වා ජන්කූක්ගේ වචන එක්ක හිනා වුනු ටේහ්‍යුන් කොල්ලා දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා ඉස්සර හිටපු වගකීම් විරහිත සෙල්ලක්කාර කොල්ලා වෙනුවට දැන් හිටියේ වගකීමෙන් වැඩ ආදරනීය අප්පා කෙනෙක් ටේහ්‍යුන් ලග දී විතරක් සෙල්ලක්කාර වෙන හස්බන් කෙනෙක්

" පරිස්සමින් ගිහින් එන්න හබි.. employers ට කේන්ති අරගෙන කෑගහන්න එපා හරි ද..?පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න ඔයා මගේ හොද හබී ම්ම්ම්.."

ජන්කූක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් කිව්වා

" උන් හරියට වැඩ කරනවා නම් මම කේන්ති ගන්නේ නැ නේ බේබි.."

" හරි හරි දැන් යන් අර පුංචි බටු ඇටේ මොනවා කරනවාද දන්නේ නැ "

ටේහ්‍යුන් එහෙම කියලා ඈත් වෙන්න හැදුවත් ඊට කලින් ජන්කූක් කොල්ලාගේ තොල් අල්ලගත්තා පුංචි හාදුවක් දෙතොලතර රදවපු ජන්කූක් කොල්ලාගේ නලලත් සිපගත්තේ හරි ආදරෙන්

" පරිස්සමින් ඉන්න බේබි.."

ජන්කූක් කිව්වාම හිනා වුනු ටේහ්‍යුන් ඔලුව වැනුවා ජන්කූක් ටේහ්‍යුන් අතහැරලා එලියට යද්දී කොල්ලත් ජන්කූක්ගේ පස්සෙන් ගියා බෑග් එකත් එල්ලගෙන garden එකේ ගස් වලට වැටිලා තිබුණු පිනි බිදු එක්ක සෙල්ලම් කරන ගමන් හිටපු පුංචි යූහා වඩාගෙන ගිහින් කා එකෙන් ඉදපු ජන්කූක් අනිත් පැත්තෙන් ගිහින් කා එකට නැග්ගා

" බායි පපා... අලාවියෝ.."

ශටර් එකෙන් එලියට ඔලුව දාපු පුංචි කෙල්ල අතත් වනන ගමන් කෑගහලා කිව්වා මේ පුංචි කෙල්ලගේ වැඩ වලට හිනා වුනු ටේහ්‍යුන් අතක් වැනුවා

" බායි මගේ මැනික අයි ලව් යූ ටූ.."

කා එක ගේට් එකෙන් එලියට යනකම් දොරකඩට වෙලා බලාගෙන හිටපු ටේහ්‍යුන් mansion එක ඇතුලට ආවේ හොස්පිටල් එකට යන්න රෙඩි වෙන්න බබාගේ ජන්කූක්ගේ වැඩ ඔක්කොම බැලන්ස් කරගෙන ටේහ්‍යුන් ජොබ් එකත් කරගෙන ගියා

__________________________

අද කාලෙකට පස්සේ කට්ටිය සෙට් වෙන්න හදන්නේ ජන්කූක්ගේ mansion එක ලෝක යුද්ධයක් මේ වෙලාවේ ඔක්කොටම වඩා ජන්කූක් අන්තයි කොල්ලා යූහා බබාටත් වඩා අන්ත විදියට හැසිරෙන්නේ

" බේබි..."

" ඒ ගමන මොකද මනුස්සයෝ..?"

ටේහ්‍යුන් කේන්තියට කිචන් එකේ ඉදගෙන කෑගැහුවා

" අනියා මුකුත් නැ "

ටේහ්‍යුන්ගේ කේන්තියෙන් පිරුණු කටහඬ ඇහුනාම ජන්කූක් එහෙම කිව්වේ තව මොනාහරි කිව්වොත් ටේහ්‍යුන් සෝස්පන් එක උස්සගෙන ඇවිත් එයාගේ පශ්චාත් භාගේ ලෙෆ්ට් වෙන්න ගහනවා කියලා ජින්ගෙන් ලැබුනු දායද වශයෙන් ටේහ්‍යුන් අරගෙන ආවේ ඔය සෝස්පන් එක තමයි කොල්ලත් ඉතින් දැන් ජින්ට දෙවැනි නැ ජන්කූක්ගේ ඕනම වැරැද්දකට හනුමන්තා වගේ සෝස්පන් එක උස්සගෙන ඇවිත් නෙලලා යන්නේ පව් අහිංසක ජන්කූක් සියලු වේදනාවල් දරාගෙන අසරනව ජීවත් වෙනවා

ටේකුක් එයාලගේ garden එක ලස්සනට සරසලා dinner එකට රෙඩි කරලා තිබුනා කාලෙකට පස්සේ යාලුවෝ ටික සෙට් වෙන හින්දා කට්ටියම හිටියේ මාර සතුටකින්

" පිටසක්වලයෝ....! මා පිටසක්වලයෝ..! උබ ඉංගේ..?"

ලිවින් රූම් එක පැත්තෙන් ඇහුනු කන් කලු වෙන ආමන්ත්‍රණය හේතුවෙන් කිචන් එකේ වැඩ මේඩ්ස්ලාට බාර දීලා ලිවින් රූම් එක පැත්තට ගියා

" අඩෝ... මගේ කොට තාරාවෝ.."

ටේහ්‍යුන් අත් දෙක දෙපැත්තට කරගෙන කෑගහගෙන එද්දී ජිමිනුත් කෑගහගෙන ඇවිත් ටේහ්‍යුන්ගේ ඇගට පැන්නා තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් දෙන්නාම පොලොව සිපගන්නවා යුංගි මේ දිහා හිනා වෙවී බලාගෙන හිටියා ටේමින් දෙන්නාගේ සද්දේ නිසා ජන්කූක් පුංචි යූහා බබාත් පඩිපෙළ බැහැගෙන ආවා

" යුගී සම්තොන්..!"

යුංගිව දැක්ක ගමන් ජන්කූක්ගේ අතේ හිටපු යූහා කෑගහලා කොල්ලාගේ අතින් බැහැලා දිව්වා

" මයි ප්‍රින්සස්..."

යුංගි ලොකු හිනාවක් එක්ක පුංචි යූහා බබාව වඩාගෙන වටයක් කැරකුනා පුංචි එකීට නම් හරි හරියට හිනා ඉතින් කෙල්ලගේ හිනාවෙන් mansion එක පිරිලා ගියා යුංගි පුංචි කෙල්ලගේ කම්බුලට හාදුවක් තැවරුවාම පුංචි එකීත් කොල්ලාගේ බෙල්ල බදාගෙන පුංචි කිස් එකක් යුංගිගේ කම්බුලෙන් තැවරුවා පුංචි යූහා බබා තමයි එයාලා හැමෝගෙම පුංචි හුරතලී වුනේ හැමෝම පුංචි කෙල්ලට ගොඩක් ආදරෙයි

",යුගී සම්තොන් කෝදේ ගියේ..? බබාව බලන්න ආවෙත් ලැ හූම්.."

පුංචි යූහා තොල් පිට පෙරලගෙන යුංගිගේ කම්බුලට ඇගිල්ලෙන් අනින ගමන් කිව්වා යූහා කියන්නේ හුරතල් ලෝකයක්

" ඔහ්... චූටි ප්‍රින්සස්ට සම්චොන්ව ගොඩක් මිස් වෙලා වගේ "

යුංගි හිනාවක් එක්ක කිව්වාම කෙල්ල තාමත් තොල් පිට පෙරලගෙන ඉන්නවා යුංගි දන්නවා මේ හුරතලේව යාලු කරගන්න නම් මොනාහරි දෙන්න වෙනවා කියලා

" ඔහොම ඉන්නකෝ සම්තොන් බබාට චොකෝ එකක් ගෙනාවා.."

කොල්ලා කිව්වාම පුංචි එකීගේ මූන මලක් වගේ පිපිලා ආවා

" කූ ඒක.."

" හබුන් කෑවාම දෙන්නම් නැත්නම් ඔයාගේ නපුරු පපා යුගී සම්චොන්ට ගහලා පන්නයි.."

යුංගි කිව්වාම ඇස් ලොකු කරගත්ත කෙල්ල ඔලුව වැනුවා යූහා බබා යුංගි එක්ක ගොඩක් එකතුයි මොකද ජන්කූක් නැති වෙලාවට පුංචි කෙල්ල හිටියේ යුංගි එක්ක යුංගිගේ තුරුලේ ඕන තරම් යූහා නිදාගෙන ඇති ඉතින් පුංචි එකීට ජන්කූක්ව දැනෙනවා වගේම තමයි යුංගිව දැනෙන්නෙත්

ටේමින් දෙන්නාත් බලාගෙන හිටියේ යූහා බබා හුරතල් කරන යුංගි දිහා ජන්කූක් හිනා වෙවි බලාගෙන හිටියා පුංචි කාලේ ඉදන් යූහාට යුංගි ලග පාත ඉන්නවා කියන්නේ රටක් රාජ්‍යයක් හම්බුනා වගේ තමයි ජන්කූක් දන්නවා පුංචි එකී යුංගිට ගොඩක් ආදරෙයි කියලා

" යුංගි බබාට ගොඩක් ආදරෙයි නේද ටෙයියෝ "

යුංගිගේ හිනාව දිහා බලාගෙන ජිමින් කිව්වාම ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවා

" ම්ම්ම්... ඉස්සර කුක් නැති වෙලාවට යුංගි ලග තමයි යූහා බබා ඉදලා තියෙන්නේ කෙල්ලටත් ඉතින් යුගී සම්චොන් කිව්වොත් ඊට වඩා දෙයක් නැ "

ටේහ්‍යුන් හිනා වෙවී කියද්දී ජිමින් හිනා වුනා

" හේයි ගයිස්...අයිම් බැක්.."

ඒ කටහඩත් එක්ක හැමෝම බැලුවේ mansion එකේ මේන් ඩෝ එක දිහා mansion එකට ඇතුල් වුනු ඒ කටහඩේ අයිතිකාරයා ගැම්මෙන් තවත් කොල්ලෙක්ගේ අතකින් අල්ලාගෙන එද්දී ජන්කූක් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා ටේහ්‍යුන් ඇවිත් හිටපු කොල්ලෝ දෙන්නාගේ උඩ ඉදලා යටට ස්කෑන් කලා ජිමින් කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා යුංගි නම් ඩෝන්ට් කෙයා ලුක් එකකින් බලාගෙන ඉදලා එයාගේ අතේ ඇගිල්ලකුත් කටේ ගහගෙන ඉන්න පුංචි කෙල්ල එක්ක කතාවට වැටුනා

" හොබී හියුන්ග්...!"

" ජැකියා...!"

" හේ හේ කුක්සන් "

හෝසොක්ගේ අතේ එල්ලිලා ජන්කූක් දිහා බලාගෙන ඇබරෙන ජැක්සන් දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියා කොල්ලා වේගෙන් ඇස් පිය ගැහුවා

" කොහොමද ජන්කූක් ඉතින්.."

හෝසොක් එයාගේ එලිය විහිදුවන ලස්සන හිනාව ප්‍රදර්ශනය කරමින් ඇහුවා

" අපි නම් හොදින් ඉන්නවා හියුන්ග්... ඒක නෙවෙයි හොබී හියුන්ග් ඔය අතේ ගැරඩියෙක් වගේ වෙලිලා ඉන්න ට්‍රැක් ඩයල් එක හොයාගත්තේ කොහෙන්ද..?"

ජන්කූක් ඇහුවාම හෝසොක් අතේ එල්ලිලා හිටපු ජැක්සන් කොල්ලාට රවාගෙන හෝසොක්ගෙන් ඈත් වුනා

" උබට කිව්වා කියලා හිතාගනින් බේසික කුක්සන්.."

" එහෙම හිතාගන්න බැ බන් "

" උබේ පොඩි එකා උබ වගේ අපත කුපාඩි අසභ්‍ය වචන දන්න එකෙක් වෙන්න ඕන නැති නිසා මම කට වහගෙන ඉන්නේ "

ජැක්සන් ජන්කූක්ට ඇගිල්ල දික් කර කර බනිද්දී ජන්කූක් නම් තමන්ට නෙවෙයි වගේ හිටියා

" ඔච්චර කේන්ති ගන්න එපා බබා.."

" තමුසේ කට වහගෙන ඉන්නවා "

හෝසොක්ටත් කෑගහපු ජැක්සන් හිනා වෙවී තමන් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන් ලගට ගියා

" කොහොමද ටේටේ කොල්ලා තවත් හැඩ වෙලා "

ජැක්සන් කියද්දී ටේහ්‍යුන් හිනා වුනා

" ඔයත්..."

" මාත් මෙතන ඉන්නවා "

ඇස් දෙක හීනි කරගත්ත ජිමින් කිව්වා

" සමාවෙන්න ජිමින්... උබ කොට හින්දා පෙනුනේ නැ "

ජැක්සන් එහෙම කියලා හිනා වෙද්දී ටේහ්‍යුනුත් ඒ හිනාවට එකතු වුනා ජිමින් රවාගෙන ඒ දෙන්නා දිහා බලාගෙන ඉදියා කට්ටිය කතා කරමින් garden එකේ රෙඩි කරලා තිබුනු ටේබල් එක පැත්තට ගියා ටේහ්‍යුන් ජිමින් මේඩ්ස්ලාගේ උදව් ඇතුව කෑම ටික පරිස්සමින් ගෙනත් මේසේ මතින් තිබ්බා මේ වෙනකොට නම්ජින් දෙන්නා vacation එකකට ඕස්ට්‍රේලියා ගිහින් තිබුනා

කාලෙකට පස්සේ සෙට් වුනු කට්ටිය පරන දේවල් මතක් කරමින් සතුටු වුනා ස්කූල් එකේ කට්ටිය කරපු නසරානි කුපාඩි වැඩ හැමෝගෙම මුහුනට හිනාවක් එක් කලා

" ඉස්සර ජන්කුකාට සතියකට සැරයක් පිනා බලන්න නොගියොත් සාංකාව වගේ මොකක් හරි කුපාඩි වැඩක් කරලා ඒ මනුස්සයාගේ ලගට ගිහින් ඒ මනුස්සයාගේ පෙශර් වැඩි කරලා මේ යකා එන්නේ.."

හෝසොක් ඒ විදියට කතාවට මුල පිරුවා

" මේ යකාගේ හැම කුපාඩි වැඩකම අගක මුලක මැදක අනිවාර්යයෙන් මෙන්න මේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ ඉන්න පූස් තඩියාත් හිටියා "

හෝසොක් එහෙම කියද්දී යුංගි ලාවට හිනා වෙන ගමන් ජිමින් දිහා බැලුවා ඒ වෙනකොටත් ජිමිනුත් යුංගි දිහා බලාගෙන හිටියේ එයාලා හම්බුනු මුල්ම දවසේ සිදු වුනු දේවල් මතකයට නැගෙද්දී

" එතකොට මූ ජිමින් හම්බුනු මුල්ම දවසේ ජිමින්ගේ ඔලුවේ ඩස්බින් එක දැම්මේ මම කියලා වෙන්න ඇති "

ජන්කූක් රවාගෙන කියද්දී යුංගි එයාගේ එහා පැත්තේ හිටපු ජිමින්ගේ අතකින් අල්ලගත්තා

" තමුසේ හරි සුදනා වගේ නේ කතා කරන්නේ තෝ ටේහ්‍යුන්ගේ ඔලුවට මිල්ක්ශේක් එකක් හැලුවා පන්තිය ඉස්සරහ නෝන්ඩි කරපුවා.."

යුංගිත් අනිත් පැත්තට කියද්දී යූහා බබාට කවන ගමන් හිටපු ටේහ්‍යුන් යුංගි දිහා බලලා ජන්කූක් දිහා බැලුවා කොල්ලාට ඉස්සර ස්කූල් එකේ සිද්ධ වුනු දේවල් මතක් වුනා එච්චර නපුරුකම් කරපු කොල්ලා අද තමන්ට පන වගේ ආදරේ කරයි කියලා ටේහ්‍යුන් එදා හිතුවේ නැ

" එදා කොච්චර නපුරුකම් කරත් කොච්චර රිද්දුවත් අද ඒ කොල්ලාට මම පනටත් වඩා ආදරෙයි "

ජන්කූක් ටේහ්‍යුන් දිහා බලාගෙන කියද්දී කොල්ලා හිනාවක් එක්ක එයාගේ තුරුලේ ඉන්න ඇස් බෝල කරගෙන ඉන්න පුංචි කෙල්ල දිහා බැලුවා

" ඕඕඕ... කුක්සන් දියුණු වෙලා තියෙන තරමක්.."

ජැක්සන් හිනා වෙවී කිව්වා

" එහෙම තමයි ජීවිතේට හරිම කෙනා ආවාම හැමදේම හරි යනවා කාලයක් අවුල් ජාලයක් වෙලා තිබුණු මගේ ජීවිතේ හරි ලස්සනට හැදුවේ මගේ බේබි තමයි එයා නැති වුනොත් ඔක්කොම අවුල් වෙනවා "

ජන්කූක් කියන දේවල් ටේහ්‍යුන් පුංචි යූහාට කවන ගමන් අහගෙන හිටියේ සිහින් සිනාවක් රදවගෙන

" කුක් රොමෑන්ටික් වෙලා "

හෝසොක් කිව්වා යුංගි ජිමින්ගේ අත පිරිමදින ගමන් ජන්කූක් කියන දේවල් අහගෙන හිටියා ජන්කූක්ට වගේ සමහර දේවල් වචන වලට පෙරලලා කියන්න යුංගි දන්නේ නැ ඒ නිසා කොල්ලා කරේ ජිමින්ගේ අතක් තදින් අල්ලාගෙන හිටියේ කවදාවත් මේ අත අතහරින්නේ නැ කියන්න වගේ යුංගිගේ හැගීම් හොදින් අදුරන ජිමින් කොල්ලා දිහා බලලා හිනා වුනා යුංගි දිලිසෙන ඇස් ජිමින් එක්ක හරි හරියට කතා කලා

Dinner එකෙන් පස්සේ හෝසොක් ජැක්සන් දෙන්නා පිටත් වෙලා යද්දී යූන්මින් දෙන්නා mansion එකේ නැවතුනා ටේමින් දෙන්නා භාජන අස් කරද්දී යුන්කුක් garden එකට වෙලා හිටියා

" පුදුමයි නේද බන් "

ජන්කූක් තරු පිරුනු අහස දිහා බලාගෙන කිව්වා

" ම්ම්ම්.."

" බේබිව දැක්ක පලවෙනි දවසේ මම කවදාවත් හිතුවේ නැ මේ කොල්ලාට මම මෙච්චර ආදරේ කරයි කියලා මට එයා නැතුව ඉන්න බැරි තරමට මම බේබිට ඇබ්බැහි වෙයි කියලා "

ජන්කූක් කිව්වාම යුංගි අහස දිහා බලාගෙන හිනා වුනා

" මමත්...! කියුටි ලග ඉන්නකොට දැනෙන නිදහස ඒ උනුසුම එයාගේ ඇස් දකිනකොට වේගෙන් හැගෙන හදවත මට කා ගාවදීවත් එහෙම වෙලා නැ මට මගේ හැගීම් තේරුම් ගන්න බැරි වුනා මම කියුටීට ආදරෙයි කියලා පස්සේ තේරුනත් ඒක පිලිගන්න කැමති වුනේ නැ ඒත් අන්තිමේ දී මම කියුටීට ආදරෙයි කිව්වාම මම හිතුවේ එයා එකපාරට මාව රිචෙක්ට් කරයි කියලා ඒත් එයා එහෙම කරේ නැ කියුටී මගෙන් කාලය ඉල්ලුවා මට අදටත් එයා එහෙම කියපු එක ගැන පුදුමයි කුක්..! එයා මට ප්‍රපෝස් කරා නම් මම එයාව හැමෝම ඉස්සරහ අපහසුතාවට පත් කරයි ඒත් මගේ කියුටී එහෙම කරේ නැ කුක්...! මම ඌට ආදරෙයි බන් හැබැයි ඒ ආදරේ උබට වගේ මට කියන්න තේරෙන්නේ නැ "

යුංගි කිව්වාම ජන්කූක් කොල්ලාගේ පිටට තට්ටුවක් දැම්මා

" උබ වචනෙන් ආදරෙයි කියන්න ඕන නැ බන් ජිමින් දන්නවා උබ කොයිතරම් ඌට ආදරෙයි ද කියලා ලස්සන වචන දාලා ආදරෙයි කියලා කොච්චර වචනෙන් කිව්වත් වැඩක් නැ බන් ඒ ආදරේ හදවතට දැනෙන්නේ නැත්නම් උබේ ආදරේ ජිමින්ට දැනෙනවා ඒ ආදරේ ඌ විදිනවා බන් "

ජන්කූක් කිව්ව දේවල් අහගෙන හිටපු යුංගි ඔලුව වැනුවා

" අන්න උබේ කියුටී එනවා එහෙනම් අපි ගියා "

ජිමින් එනවා දැකපු ජන්කූක් එහෙම කියලා යුංගිගේ පිටට තට්ටුවක් දාගෙන ගියා ජන්කූක්ට හිනාවකින් සංග්‍රහ කරපු ජිමින් ගිහින් යුංගිගේ ඉස්සරහින් ඉනටත් අත් දෙක තියාගෙන හිටගත්තා

" මෙච්චර වෙලා මෙතන ද හිටියේ මම හැමතැනම හෙව්වා හූම්.."

ජිමින් තොල පිට පෙරලගෙන කිව්වාම යුංගි හිනාවක් එක්ක කොල්ලාගේ ඉන වටේ අත් යැව්වා

" මගේ කියුටී මොකද මාව හෙව්වේ...?"

ජිමින්ගේ බන්ඩියේ නහය ඇතිල්ලුව යුංගි ඇහුවාම කොල්ලා රැව්වා

" මට තමුසෙව හොයන්න දැන් හේතුත් ඕන ද ආ..? මට හිතුනා අර තොරොම්බල් කරත්තේ ඔෆිස් එක ඇතුලේ දාගෙන නලවනකොට මට මෙහෙම වෙයි කියලා අහුවෙයන්කෝ ඔය ගෑනි ඉහේ ඉදලා පට්ට ගහන්නේ..? මොකද තමුසේ හිනා වෙන්නේ..? මාව ජෝකර් කෙනෙක් වගේ ද පේන්නේ..? ඔය හිනාව නවත්තගන්නවා මෝඩ පූස් තඩියෝ "

ජිමින් කියන දේවල් වලට හිනා වෙවී හිටපු යුංගිගේ හිනාව නැවතුනේ හිස ප්‍රදේශයට ලැබුනු පහරක් හේතුවෙන් කොල්ලා ඔලුවත් අතගාන ගමන් ජිමින් දිහා බැලුවා ජිමින් රවාගෙන කොල්ලාගේ එහා පැත්තෙන් වාඩිවුනා

" කියුටී..! මෙහෙ බලනවකෝ ඕයි..!"

ජිමින්ව තමන්ගේ පැත්තට හරවගන්න ට්‍රයි කරන ගමන් යුංගි කතා කලා

" මම තමුසේ එක්ක තරහයි එහාට වෙනවා.."

යුංගිගේ අත් ගසලා දාපු ජිමින් කිව්වා

" මොකද ඕයි මේ..? මම කලිනුත් තමුසෙට කිව්වා ඒකි කම්පැනි එකේ අනිත් employers ලා තවත් එක employer කෙනෙක් විතරයි කියුටී..! තමුසේ හිතනවා වැඩියි නැත්නම් තමුසෙට මාව විශ්වාස නැ "

යුංගි හුස්මක් පහත හෙලලා ජිමින්ගෙන් ඇස් අරගෙන අහස දිහා බලාගෙන කිව්වා

" මට ඔයාව විශ්වාසයි පූස්..! ඒත් ඒකි ඔයා දිහා බලන විදියට මට මරාගෙන මැරෙන්න හිතෙනවා ඒකි විතරක් විතරයි ඔෆිස් එකේ ඉන්න ගොඩක් අය එහෙමයි මට එතකොට ඉවසන්න බැ උයා මගේ නේ.."

ජිමින් ටික වෙලාවක් නිහඩව ඉදලා කොල්ලාගේ අතක අත් පටලවාගෙන යුංගිගේ උරහිසට ඔලුව තියාගෙන තොල් උල් කරගෙන මිමිනුවා ජිමින් මේ කියන්නේ යුංගිගේ ඔෆිස් එකට අලුතින් ආපු ගර්ල් ගැන කෙල්ල යුංගිගේ ලග දැවටෙනවා වැඩි නිසා ජිමින් හිටියේ ඒකිට ඊශ්‍රායලයෙන් රොකට් එකක් ණයට ඉල්ලගෙන ගහන්න

" මරාගෙන මැරෙන්න තමුසේ සහරාන් ද..? පිස්සු නොකියා ඉන්නවා කියුටී උන් මගේ දිහා බලනවා තමයි ඒ වුනාට කවදාවත් ඒ විදියට මං උන් දිහා බලනවා දැකලා තියෙනවා ද..?"

යුංගි ඇහුවාම ජිමින් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" මිනිස්සුන්ව අපිට වෙනස් කරන්න බැ කියුටී.. කොහෙවත් තියෙන ප්‍රශ්න අපි අතරට ඇදලා ගන්න එපා අපිට ඊට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා අපි දෙන්නාට අනාගතයක් තියෙනවා කියුටී..ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන ඔයා එක්ක මට ලස්සනට ජීවත් වෙන්න ඕන කියුටී..."

යුංගි කියද්දී ජිමින් කොල්ලා දිහා බලාගෙන හිටියා මේ ඉන්නේ ජිමින් මුලින්ම ස්කූල් එකේ දී දැක්ක සෙල්ලක්කාර වගකීම් විරහිත කොල්ලා නෙවෙයි හොදට හිතලා තීරණයක් ගන්න වගකීමෙන් වැඩ කරන වෙනස්ම යුංගි කෙනෙක්

" මොකද..?"

තමන් දිහා බලාගෙන ඉන්න ජිමින්ගෙන් යුංගි ඇහුවා

" ආදරේ හිතුනා "

ජිමින් කොල්ලා දිහා බලාගෙන කියනකොට යුංගිගේ මූනේ හරි ලස්සන හිනාවක් මැවුනා ජිමින් හරි ආදරෙන් ඒ හිනාව දිහා බලාගෙන හිටියා

" ඔයා වෙනස් වෙලා යුගී.. මම හයිස්කූල් එකේදී දැකපු කොල්ලාට වඩා ගොඩක් වෙනස් වෙලා "

යුංගි කොල්ලාගේ කර වටේ අතක් යවලා ලගට ගත්තා

" තමුසෙගේ ආදරේ නිසා තමයි "

යුංගි කිව්වාම කොල්ලා යුංගිගේ පපුව අස්සේ මූන හංගගත්තා

" මගේ කියුට් කෝලම...! කවුරු මගේ දිහා බැලුවත් මම බලන්නේ තමුසෙගේ දිහා විතරයි මෙච්චර ලස්සන කියුට් කොල්ලෙක් ඉදිද්දී මම මොකටද වෙන උන් දිහා බලන්නේ..? මොන මගුල වුනත් මම තමුසෙට ආදරෙයි කියුටී ඒක අමතක කරන්න එපා "

ජිමින් ඔලුව උස්සලා යුංගි දිහා බැලුවා කොල්ලා ආදරේ පිරුනු ඇස් වලින් තමන්ගේ තුරුලේ ඉන්න පුංචි කියුට් කොල්ලා දිහා බලාගෙන හිටියා

" මාත් ගොඩාලියක් ආදලෙයි හූම්.."

හුරතල් විදියට ජිමින් තොල් උල් කරගෙන කිව්වාම හිනා වුනු යුංගි කොල්ලාගේ නලලට ආදරේ පිරුනු හාදුවක් තැවරුවා යුංගි ජිමින්ව තුරුල් කරගෙන රාත්‍රි අහස ආලෝකමත් කරමින් පායලා තිබුණු පූර්ණ චන්ද්‍රයා දිහා බැලුවේ සැනසීම සතුටු මුසු සිනාවකින්

යුංගිගේ සතුට සැනසීම හැමදේම වුනේ එයාගේ කියුටී..! ඔෆිස් එකේ මහන්සි වෙලා mansion එකට එනකොට ජිමින් ඉස්සරහට දුවගෙන ඇවිත් එයාගේ කම්බුලට කිස් එකක් දුන්නාම යුංගිගේ මහන්සිය තුරන් වෙලා යනවා ජිමින්ගේ කිස් එකක් නොලැබුණු දවසට කොල්ලා භාගෙට මැරිලා වගේ යුංගිට දැන් ජිමින්ව එයාගේ ජීවිතේ නැතුව බැරි කෙනෙක් වෙලා ජිමින් එක්ක තමයි කොල්ලාගේ හැමදේම බැදිලා තියෙන්නේ

ඉතින් එයාලා ඉස්සරහටත් මේ වගේ ආදරෙන් එකට ඉදියි එයාලගේ ජීවිත වලට ප්‍රශ්න එයි ඒ හැම ප්‍රශ්නයක්ම දෙන්නා එකට එකතු වෙලා විසදගෙන ටිකෙන් ටික ඉස්සරහට යයි යූන්මින් දෙන්නාට ඉස්සරහටත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු..!

යූන්මින් දෙන්නාට තනි වෙන්න ඉඩ හැරපු ජන්කූක් රූම් එකට යනකොට ටේහ්‍යුන් පුංචි යූහා බබාගේ ඔලුව අතගාන ගමන් කෙල්ල දිහා ආදරෙන් බලාගෙන ඉන්නවා කෙල්ල නම් සැපට නිදි ජන්කූක් දොර ලගට වෙලා එයාගේ හස්බන් දිහායි එයාගේ පුංචි රෝස මල දිහායි ආදරේ පිරුනු ඇස් වලින් බලාගෙන හිටියා

" හබී..."

ටේහ්‍යුන්ගේ කටහඩින් මේ ලෝකෙට ආපු ජන්කූක් කොල්ලා ලගට ගියා

" නිදි ද..?"

" ම්ම් දගලලා දගලලා මහන්සියට නින්ද ගියා "

ජන්කූක් පුංචි කෙල්ලගේ අතක් සියුම්ව පිරිමැදලා නලලට කිස් එකක් දුන්නා

" ගිහින් වොෂ් එකක් දාගෙන එන්න හබී.."

ටේහ්‍යුන් කිව්වාම ඈනුමක් යවපු ජන්කූක් කම්මැලිකමේ වොෂ් රූම් එකට ගියා එයා දැන් වොෂ් නොදා නිදාගන්න හැදුවොත් වෙන්නේ couch එකේ නිදාගන්න කියලා අත්දැකීමෙන් දන්න ජන්කූක් වාද නොකර බාත් රූම් එකට ගියා

ටිකකින් වොෂ් එකක් දාගෙන ආපු ජන්කූක් ටේහ්‍යුන්ව රූම් එකේ පේන්න නොහිටිය හින්දා බැල්කනියට පැත්තට ගියා ටේහ්‍යුන් බැල්කනිය අත්වැටට හේත්තු වෙලා garden එකේ තුරුල් වෙලා ඉන්න යූන්මින් දිහා බලාගෙන ඉන්නවා

" ලැජ්ජ නැද්ද බේබි අනුන් ලව් කරන දිහා බලාගෙන ඉන්නේ..."

ටේහ්‍යුන්ට එහා පැත්තෙන් අත්වැටට හේත්තු වෙන ගමන් ජන්කූක් කිව්වාම කොල්ලා රැව්වා

" ලැජ්ජ වෙන්නේ මොකටද ඒ මගේ යාලුවා නේ "

ටේහ්‍යුන් කට ඇද කරලා කිව්වා

" ඒ දෙන්නා ලස්සන කපල් එකක්...!"

ටේහ්‍යුන් යූන්මින් දිහා බලාගෙන කියද්දී ජන්කූක් කොල්ලාගේ මූන දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන්ගේ මූනේ තිබුණේ අව්‍යාජ හිනාවක් ටේහ්‍යුන් හැමදාම ජිමින්ගේ සතුටකදී සතුටු වුනා වගේම ජිමින්ගේ දුකේ දී දුක් වුනා කොල්ලා හැමතිස්සේම ජිමින් එක්ක හිටියා ජිමින් හොදින් සතුටින් ඉන්නවා නම් හොදම යාලුවෙක් විදියට ටේහ්‍යුන්ට ඊට වඩා සතුටක් නැ

" එතකොට අපි දෙන්නා..?"

ජන්කූක් කොල්ලාගේ දිහා බලාගෙන ඇහුවා

" අපි දෙන්නා මොකද්ද..?"

ජන්කූක්ගේ ප්‍රශ්නයට පිලිතුරක් නොදී ටේහ්‍යුන් තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කලා

" අපි දෙන්නා ගැලපෙන්නේ නැද්ද..?"

" අපි මුල ඉදන් ගැලපුනේ නැ කුක්.."

ටේහ්‍යුන් කිව්වාම කොල්ලාගේ මූන අදුරු වුනා

" ඒක තමයි කුක් ඇත්ත අපි ගැලපුනේ නැ ඒත් අපි ගලපගන්න උත්සාහ කලා අපේ අදහස් එකිනෙකට පරස්පර වෙද්දී අපි අපේ අදහස් ගලපගත්තා මුල දී අපි දෙන්නා අහසයි පොලොවයි වගේ කුක් ඒත් දැන් අපි අහසයි තරුයි වගේ අපි අපේ අදහස් ගලප්පගෙන තමයි ජන්කූක් මේ තරම් දුර ආවේ ඔව් අපි දෙන්නා ගැලපෙනවා හැමෝටම වඩා "

ටේහ්‍යුන් ජන්කූක්ගේ අතින් අල්ලාගෙන විස්තර කලා

" අපේ ජීවිත හරි පුදුමයි නේද බේබි මම කවදාවත් හිතුවේ නැ මෙච්චර ලස්සන ආදරනීය හස්බන් කෙනෙක් රෝස මලක් වගේ පුංචි දුවෙක් එක්ක ලස්සන පවුලක් විදියට ජීවත් වෙන්න ලැබෙයි කියලා මම ඉස්සර ආසයි ඔම්මා අප්පා එක්ක එකට ඉදගෙන කන්න එකට සෙල්ලම් කරන්න පවුලේ අය එක්ක ට්‍රිප් යන්න සතුටු වෙන්න විනෝද වෙන්න මම කවදාවත් ඒ හැගීම විදලා තිබුණේ නැ බේබි ඔය දෙන්නා මාව සම්පූර්ණ කලා බේබි "

ජන්කූක් ආදරෙන් ටේහ්‍යුන් දිහා බලාගෙන කිව්වා

" මම දන්නේ නැ බේබි මම කොහොමද ඔයාට මේ තරම් බැදුනේ කියලා තමුසේ නැති ජීවිතයක් ගැන හිතන්න බැරි තරමට මම තමුසෙට හිතින් බැදිලා බේබි මට ඒක හොදටම තේරුනේ තමුසේ ලග නැතුව තනි වුනු අවුරුදු හයට ඒ අවුරුදු හයේ එක දවසක් කියන්නේ මට කල්පයක් වගේ ඔය දිලිසෙන ඇස් මගේ දිහා ආදරෙන් බලාගෙන ඉන්න විදියට මගේ දිහා බලාගෙන ලස්සනට හිනා වෙන විදිය මට මැවිලා පේනවා මට ජන්කුකී කියලා කතා කරනවා මට ඇහෙනවා ගෙවුණු හැම තත්පරේකම මගේ ඇස් ඔය රූපේ බලාපොරොත්තු වුනා ආපහු එක සැරයක් හරි ඔය කටහඬ අහන්න ආසාවෙන් බලාගෙන හිටියා ආපහු තමුසෙව මගේ තුරුලට ගන්න හීන දැක්කා හැම දවසක්ම තමුසෙගේ මතක එක්ක ගෙවලා දැම්මා ඒක හරි අමාරුයි බේබි මේ හදවත වේදනාවෙන් අඩනවා "

ටේහ්‍යුන්ගේ අත තමන්ගේ පපුවට තද කරගත්ත ජන්කූක් කිව්වා කොල්ලාගේ ඇස් වල කදුලු පිරිලා

" දවසට මිනිස්සු දහස් ගානක් මුන ගැහෙද්දී මගේ ඇස් හෙව්වේ තමුසෙව විතරයි එදා පැරිස් වල දී තමුසෙව දැක්කාම මට තමුසෙව බදාගෙන ඉබගෙන ඉබගෙන යන්න හිතුනා ඔයා නැතුව මම කොච්චර පාලුවෙන් ද හිටියේ ඔයාව මට කොයිතරම් මතක් වුනා ද ඔයා ගොඩක් ලස්සන වෙලා මගේ පැටියෝ කියලා මට කියන්න ඕන වුනත් වචන පිට වුනේ නැ මට ආපහු මගේ මුලු ලෝකෙම ලැබුනා වගේ ඒත් ඒ සතුටට වැඩි ආයුශ තිබුණේ නැ ඔයා ලියාව ඔයාගේ වයිෆ් කියද්දී මගේ ඇස් ඉදිරියෙම මගේ මුලු ලෝකෙම කඩාගෙන වැටුනා වගේ  මගේ හිත ගොඩක් රිදුනා බේබි තුවාල වෙලා ඇදුම් දෙන මගේ හිත තවත් පෑරුවා බේබි ඊට පස්සේ ඔයාට ඇවිදින්න බැ කියලා දැනගත්තා ඒ මම නිසා කියලා දැනගත්තාම මට මැරෙන්න හිතුනා රත්තරං මගේ අහිංසක කොල්ලව මම කොයිතරම් රිදවලා ද කියලා මට තේරුනා මම කොහොමද දෙවියනේ මට පන වගේ ආදරේ කරපු මගේ මැනිකට එහෙම කරේ..? මගේ හිත මටම ගොඩක් දොස් කිව්වා මට මගේ වැරදි හදාගන්න ඕන වුනා ඔයා වෙන කෙනෙක්ගේ වුනත් කමක් නැ මට අයිතියක් නැති වුනත් කමක් නැ මම ආදරෙයි නේ කියලා හිතාගත්තා මොන ලෝකේ හරි එක්කගෙන ගිහින් බේබිව සනීප කරගන්න ඕන වුනා දුරින් ඉදගෙන හරි ඔය අහිංසක මූන දිහා බලාගෙන ඉන්නවා හිතාගත්තා

දවසක් ලියා හම්බුනාම මට ඔක්කොම විස්තරේ කිව්වා දන්නවා ද බේබි මට සතුටු හිතුනා මගේ බේබි තාමත් අයිති මට නේද කියලා හිතෙද්දී මට රටක් රාජ්‍යයක් හම්බුනා වගේ සතුටක් ඇති වුනා මගේ අතින් වුනු හැම වැරැද්දකටම මගේ වස්තුවගෙන් වැද වැටිලා හරි සමාව ඉල්ලනවා කියලා හිතාගත්තා මට සමාව නොදුන්නත් කමක් නැ ඒත් ඔයාගේ ලගින් ඉන්නවා තියෙනවා නම් මට ඒ හොදටම  ඇති  මේ අත ආපහු කවදාවත් අතහරින්නේ නැ කියලා මම මටම පොරොන්දු වුනා ආදරේ කියන්නේ මොකද්ද කියලා නොදන්නා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු මාව ආදරනීය මනුස්සයෙක් කරේ තමුසේ තමයි මගේ වස්තුව...!

මට කියන්න තියෙන්නේ මෙච්චරයි බේබි මම තමුසෙට ඇබ්බැහි වෙලා බේබි තමුසේ නැති හෙටක් ගැන හිතන්නවත් මම බයයි අදටත් හෙටත් මේ ජිවිත කාලේ පුරාවටත් ලබන ආත්මෙටත් සදහටම මම තමුසෙව ඕන බේබි තමුසේ නැතුව මම අසම්පූර්න මිනිහෙක් ජන්කූක් සම්පූර්ණ වෙන්න නම් ටේහ්‍යුන් ඕන ඒ වගේම අපේ චූටි මැනිකත් ඔය දෙන්නා තමයි මගේ පන ඔයාලාට මොනාහරි වුනොත් මට ජීවිත් වෙලා වැඩක් නැ ආදරෙයි මගේ මැනිකට මං...!"

ජන්කූක් කතාව ඒ විදියට අවසන් කරද්දී දෙන්නාගේම ඇස් කදුලු වලින් තෙත් වෙලා තිබුනා ටේහ්‍යුන් ජන්කූක්ගේ කම්බුල් මතින් අත් තියලා කොල්ලාගේ නලලට තොල් තද කලා ටේහ්‍යුන්ගේ තොල් වල ස්පර්ශය නිසාවෙන් ජන්කූක්ගේ ඇස් පියවුනා ජන්කූක්ගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු පිසදාපු ටේහ්‍යුන් කොල්ලාගේ කම්බුල් මතින් හාදු කිහිපයක් තැවරුවා

" මාත් ඔයාට ගොඩක් ආදරෙයි ජන්කුකී...! මටත් ඔයාව ගොඩක් මතක් වුනා මටත් ඔයා එක්ක හැමදාටම ඉන්න ඕන මේ විදියට ඔයාගේ අතක් අල්ලාගෙන ඔයාගේ ලගට වෙලා ආදරෙන් ඉන්න ඕන දැන් නම් කොහොමටවත් මගෙන් ඈතට යන්න දෙන්නෙත් නැ නීතියෙන් මම ලියවගත්තා මගේ නපුරා..!"

ටේහ්‍යුන් අඩන ගමන් කියද්දී ජන්කූක් කොල්ලව තුරුල් කරගත්තා ටේහ්‍යුන් අඩනවා ටික වෙලාවකින් කොල්ලව ඈත් කරපු ජන්කූක් ඒ කම්බුල් පුරා විසිරිලා තිබුණු කදුලු බිදු පිසදැම්මා වෙව්ලන ටේහ්‍යුන්ගේ පීච් පැහැති දෙතොල් දිහා බලාගෙන හිටපු ජන්කූක් කොල්ලාගේ තොල් වලට බර වෙන්න හදද්දී ටේහ්‍යුන් කොල්ලාගේ තොල් වලට ඇගිල්ලක් තියලා නැවැත්තුවා

" මෙච්චර කාලයක් අපේ කතාව කියවපු බබාලට මුකුත් නොකියාම යන්න ද හදන්නේ..?"

ටේහ්‍යුන් ඇහුවාම ජන්කූක් හිනා වෙලා කොල්ලාගේ කරට අතක් දාගත්තා

" ම්ම්ම්... කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා මම කෙටියෙන් කියන්නම් ඔයාට ආදරේ කරන අයව ඔයාගේ ලගින්ම තියාගන්න ඔයාට එයාලගේ වටිනාකම සමහරවිට තේරෙන්නේ එයාලා ඔයාගේ ලග නැති වුනා ඒ වෙනකොට ඔයා ගොඩක් පරක්කු ඇති ඒ නිසා ඔයාට ආදරේ කරන අයට වටිනාකමක් දෙන්න ආදරේට ආදරේ කරන්න "

ජන්කූක් කිව්වාම කොල්ලව හැමදාම උමතු කරපු ටේහ්‍යුන්ගේ ආදරේ පිරුණු ඇස් වලින් අදත් ජන්කූක් දිහා බලාගෙන හිටියා

" ඒ වගේම ජීවිතේ අමාරු දුෂ්කර කාල එනවා ඒ කාල වලදී ජීවිතේ අතහරින්නේ නැතුව දරාගෙන ජීවිතේ හයියෙන් අල්ලාගෙන ඉන්න හැමදාම සීත ඍතුව පවතින්නේ නැ වසන්තය එනවා සත්තයි ඉතින් ලමයෝ බලාපොරොත්තු නැති කරගන්න එපා මොකද ඔයාගේ ජීවිතේ ලස්සනම දවස් එන්නේ ඉදිරියට වෙන්න පුලුවන්....! එහෙනම් මෙතෙක් කාලයක් පුරාවට අපේ කතාව කියවපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.."

" දැන් ඇති බේබි ඔය කියෙව්වා ඉතුරු ටික ඕතර් බලාගනියි.."

ජන්කූක් රවාගෙන කිව්වා

" යසයි යසයි..."

" ඔය ආවේ අඩුපාඩුව.."

" යාහ්හ් ජන්කුකී රන්ඩු වෙන්න නම් එපා "

" මම නෙවෙයි බේබි මේකි තමයි පටන් ගන්නේ.."

" අනේ මට හරි අමාරුව නේ මේ කොහෙවත් ඉන්න හාවෝ ෆෝම් කරන්න "

" මේ ඕයි තවුසේ මට කියලා කෘන්තක දතක් ආමාශගත කරගන්න කලින් මේ මගුල ඉවර කරනවා මට පාඩුවේ බේබිව කිස් කරන්නවත් නැ "

" තමුසේ කවුද හලෝ මගේ දත් ආමාශගත කරන්න..? ජිම් පිටි ගහලා ඌරෙක් වගේ ඇග හදාගෙන කියවන්න එනවා අනික කරන්න ඕන ඔක්කොම කරලා දැන් එලිපිට කීස් කරන්න බැ ආව්...!
ගහන්න එපා මිනිහෝ රිදෙනවා තනිකඩ හින්දා නේ මේ ඔක්කොම ඉහිම් ඉහිම්.... හිටාම්කො තොපි ඔක්කොටම හීක් ගෑවෙන්න මාත් සුදු මාත්තයෙක් හොයාගන්නකම් "

" ඕයි ඕතර්...! කියවිල්ල නවත්තගනින් ගෑනියේ..! මට මගේ මිනිහා එක්ක නිදහසේ මුකුත් කරගන්න නැ නේ "

" ජෙයියනේ අහිංසක මගේ සවනට---- රිදෙනවා යකෝ ඔලුවටමයි කෙලින්නේ...යකඩ ගිලලා ඇගවල් හදාගත්තා කියලා අපි පලිද..? "

ඕතර්ගෙයි ජන්කුක්කාගේ වලිය එසේ continue වෙද්දී සසර කලකිරුනු ස්වභාවයකින් සිටි ටේහ්‍යුන් සූදානම් වුයේ වසරකට ආසන්න කාලයක් එයාලගේ කතාව එක්ක රැදිලා සිටි පාඨක ජනයාට සමු දී කතාවේ සමාප්තිය සිදු කිරීමටයි

" හරි නම් මේක ඕතර්ගේ වැඩක් ඒකිටත් ඉතින් වලියක් කිව්වොත් ඊට වඩා දෙයක් නැ එසේ නම් මා ප්‍රිය පාඨක සික්ක සික්කාවනි මාස ගනනාවක් පුරා ඇදුනු His Obsession කතා මාලාව මෙසේ නිමාවට පත් වූ වගයි.."

දඩාආආආආස්...!

" කවුද යකෝ මගේ අලුත්ම මල් වාස් එක බින්දේ..?  පපා මට ඒක වෙඩින් ගිෆ්ට් එක වශයෙන් දුන්නේ.. තොපි දන්නවා ද මේකේ වටිනාකම කිසිදෙයක් පරිස්සම් කරන්න දන්නේ නැ විනාස කරන්න විතරයි දන්නේ...ජන්කූක් තමුසෙට අද රෑට කන්න නැ එතකොට ඕතර් තවුසේ මේ රෙදි කන්ද හෝදනවා..!"

" මොකා..?"

" බේබි...!"

ඉතින් අදටත් හෙටත් අනාගතේ දීත් ජන්කූක්ව උමතු කරවන්න පුලුවන් පුද්ගලයා ටේහ්‍යුන් විතරක්ම වේවි...! ඔහුගේ උමතුව ගැන ලියවූනු කතාව මෙතැනින් අවසානයි

𝚃𝚑𝚎 𝙴𝚗𝚍
♡'・ᴗ・'♡

එහෙනම් ලමයි his obsession කතාවට බායි කියන්න

ඉතින් අවුරුද්දකට ආසන්න කාලයක් පුරාවට කතාවක් එක්ක රැදිලා ඉදලා වෝට් කරපු කමෙන්ට් කරපු ඔයාලා හැමෝටම ගොඩ ගොඩාරියක් ස්තූතියි

මම කතා ලියන එක තාවකාලිකව නවත්තනවා මොකද 24 A/L නිසා වැඩ වැඩියි කතාවක් ලියන්න තරම් වෙලාවක් නැ හැබැයි හිතේ අදහස් නම් ගොඩක් තියෙනවා තව request ගොඩකුත් තියෙනවා ටික කාලයක් දෙන්න ලමයි මම අනිවාර්යයෙන් ඔයාලා request කරපු කතා ටික ලියනවා

හරි හරි මගේ සංකුටු පැටව් ටික පරිස්සමින් ඉන්න ඕන ස්කූල් යන අය ඉගෙනගන්න අය තමන්ගේ අධ්‍යාපනික වැඩ වලට මුල් තැන දීලා වැඩ කරන්න මේ රටේ ගේමක් ගහන්න නම් අනිවාර්යයෙන් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන අනිත් අයත් තමන්ගේ වැඩ කරගෙන සතුටින් පරිස්සමින් ඉන්න

අද නම් හැමෝගෙන්ම පුංචි හරි කමෙන්ට් එකක් ඕනි මම ආසයි නේ කතාව ගැන ඔයාලාගේ අදහස් දැනගන්න අහිංසක මගේ හිත වේදනාවට පත් නොකර හැමෝම කමෙන්ට් එකක් දායි කියලා බලාපොරොත්තු වෙනවා

මම උයාලා ඔක්කොටම ගොඩ ගොඩාලියක් ආදලෙයි...!
උම්මාහ්..

මාව අමතක කරන්න එපා හරිත..?

ඔයාලාගේ  අහිංසක ඕතර් බබා
මම
Min__Kookie__

Bạn đang đọc truyện trên: AzTruyen.Top