61 • 𝚃𝚘𝚐𝚎𝚝𝚑𝚎𝚛 •
" බේබි..!"
ටේහ්‍යුන් කදුලු වලින් බොද වුනු ඇස් වලින් බැලුවේ එයාට ඇහුනු ගැඹුරු කටහඩේ අයිතිකාරයා දකින්න ආසාවෙන් කොල්ලා ඇස් දෙක බෝල කරගෙන ජින්ගෙන් ඈත් වෙලා බලද්දී දැක්කේ කට්ටිය අතරින් පුංචි කෙල්ලවත් වඩාගෙන එයාගේ පැත්තට එන ජන්කූක්ව
" ජන්කුකී..!"
වෙව්ලන හඩින් කොල්ලා මිමිනුවා ටේහ්‍යුන්ට ජන්කූක්ගේ ලගට යන්න ඕන වුනා ඒ නිසා කොල්ලා කකුල් දෙක බිමින් තියලා නැගිටින්න හැදුවේ ඒත් කොල්ලාගේ කකුල් පන නැතුව වැටෙන්න යද්දී ඉක්මන් වුනු ජන්කූක් කොල්ලව අල්ලගත්තා ජන්කූක්ගේ ශක්තිමත් අතක් ටේහ්‍යුන්ගේ ඉන වටේ එතෙද්දී අනිත් අතින් වඩාගෙන හිටපු පුංචි යූහා බබා ජින් වඩාගත්තා ටේහ්‍යුන් ආපහු wheelchair එකේ වාඩි කරවපු ජන්කූක් කොල්ලාගේ ඉස්සරහින් දන ගහගත්තා ටේහ්‍යුන් තාමත් අඩනවා
" ශ්ශ්ශ්...! ඇති බේබි ඇඩුවා මම ඔයාගේ ලග ඉන්නවා නේ "
ජන්කූක් කොල්ලාගේ කදුලු වලින් තෙත් වුනු කම්බුලක් පිරිමදින ගමන් කිව්වා
" ජන්කුකී.."
ටේහ්‍යුන් කොල්ලව වැලදගනිද්දී ජන්කූක් ටේහ්‍යුන්ව තුරුල් කරගෙන කොල්ලාගේ ඔලුව අතගෑවා ඔලුව පොඩ්ඩක් හරවපු ජන්කූක් කොල්ලාගේ කොන්ඩේ මතින් හාදුවක් තැවරුවා ටේහ්‍යුන් කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා ටේහ්‍යුන් දැන් ඉතින් මුලු ලෝකෙම ලැබුනා වගේ තමයි
ටික වෙලාවකින් ටේහ්‍යුන්ගේ ඉකි ගැසීම් අඩු වෙද්දී ජන්කූක් කොල්ලව ඈත් කරලා ඒ කම්බුල් තෙමා ගිය කදුලු බිදු පිසදාලා ටේහ්‍යුන්ගේ මූන පුරා පුංචි පුංචි හාදු තැවරුවේ ලෝභකමින්
" මගේ බේබි...! බය වුනා ද මම ගියා කියලා ම්ම්"
ජන්කූක් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් අහද්දී ටේහ්‍යුන් ඔව් කියන්න ඔලුව වැනුවා ටේහ්‍යුන්ගේ උත්තරේ එක්ක යාන්තම් හිනා වුනු ජන්කූක් කොල්ලාගේ අත් දෙක අල්ලාගෙන ඒ මතින් හාදු කිහිපයක් තැවරුවා
" ආපහු ඔයාව දාලා යන්නේ නැ බේබි යන තැනකට යන්නේ... ආපහු ඔයාව දාලා යන්නේ නැ කියලා හිතාගත්තේ මෙහෙදී ඔයාව දැක්ක මුල්ම දවසේ.."
" එහෙනම් ඊයේ කිව්වේ යනවා කියලා "
ටේහ්‍යුන් නහය උඩට අදින ගමන් තොල් පිටපෙරලගෙන කියද්දී ජන්කූක් හිනා වෙලා කොල්ලාගේ කම්බුලකට තොල් තද කලා
" ඇත්තටම අද යන්න තමයි හිටියේ...ඒත් එනකොට flight එක ගිහින් "
ජන්කූක් උරහිස් අකුලවමින් කියද්දී ටේහ්‍යුන් කොල්ලාගේ පපුවට අතමිට මොලවලා ගැහුවා
" ඔයා නම් බොරුකාරයෙක් ජන්කුකී හූම්.."
ටේහ්‍යුන් රවාගෙන කියද්දී කොල්ලාගේ නහය මතින් පෙක් එකක් තිබ්බා
" අපි යමු නේ.."
ටේකුක් දෙන්නා දිහා බලාගෙන හිටපු ජින් කිව්වේ තව හිටියොත් යූහා බබා ඉස්සරහ මේ දෙන්නා අසභ්‍ය දර්ශනයක් පෙන්නයි කියලා හිතුනු නිසා ජින් යූහා බබා වඩාගෙන ඉස්සරහින් යද්දී පුංචි කෙල්ල ජින්ගේ උරහිසෙන් එබිලා ඇගිල්ලක් කටේ ගහගෙන එයාගේ අප්පා එක්ක එන තේතේ අන්කල් දිහා බලාගෙන හිටියා
ඔක්කොම ජින්ගේ නිවසට පිටත් වුනා ඒ අතරේ ජන්කූක් කෝල් කරලා යුංගිටත් එහෙට එන්න කිව්වා ජන්කූක්ට ඕන වුනා යූන්මින් දෙන්නා දැන් එකතු කරන්න කා එකේ පිටිපස්සේ ශිට් එකේ පුංචි කෙල්ලවත් තියාගෙන ටේකුක් දෙන්නා වාඩිවුනා ජින් ඒ පුංචි පවුල දිහා සතුටින් බලාගෙන හිටියා
ජින් කා එකෙන් බැහැලා යූහා බබා වඩාගත්තා ජන්කූක් කා එකෙන් බැහැලා ඇවිත් ටේහ්‍යුන්ව වඩාගත්තාම කොල්ලා ඇස් ලොකු කරගත්තා
" මොනාද කරන්නේ...? අප්පාත් ඉන්නවා මෝඩයෝ.."
ටේහ්‍යුන් හිමින් මිමිනුවාම ජන්කූක් හිනා වෙලා කොල්ලාගේ තොල් මතින් පෙක් එකක් තිබ්බා
" අප්පා හිටියාම මොකද..? මම වඩාගත්තේ මගේ හස්බන්ව මිසක් අප්පාගේ හස්බන්ව නෙවෙයි නේ "
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් හුස්මක් පහත හෙලුවේ එයාගේ හිතුවක්කාර ආදරවන්තයාට කියලා වැඩක් දන්න නිසා ජන්කූක් ටේහ්‍යුන් වඩාගෙන ඇතුලට යද්දී living room එකේ නම්ජූන් ජිමින් වගේම යුංගිත් හිටියා යුංගි නම් ඉන්න කවුරුවත් ගනන් නොගෙන ෆෝන් එක ඔබන ගමන් හිටියා ටේහ්‍යුන්ව සෝෆා එකේ ඉන්දුව ජන්කූක් කොල්ලාගේ ලගින් කොල්ලාගේ අතක් අල්ලාගෙන වාඩිවුනා ජින්ගේ අතින් බැහැපු පුංචි කෙල්ලත් ජන්කූක් ලගට ගියාම ජන්කූක් කෙල්ලව උකුලට ගත්තාම ටේහ්‍යුන් පුංචි කෙල්ලගේ ඔලුව අතගෑවා
කවුරුවත් කතා කලේ නැ හැමෝම නිශ්ශබදව හිටියා පුංචි කෙල්ල නම් ජන්කූක් පපුවට තුරුල් වෙලා ඇගිල්ලක් උරමින් හිටියා
" ජන්කූක්....!"
නිහඩතාවය බිදමින් නම්ජූන් හඩ අවදි කලා
" මතක ද මම කිව්වා බෙයාට දුකක් දුන්නොත් ආපහු කවදාවත් එයාව තමුන්ට දකින්න ඉඩ තියන්නේ නැ කියලා "
නම්ජූන් ගැඹුරු හඩකින් අහද්දී ජන්කූක් ඔව් කියන්න ඔලුව වැනුවා
" ජූන්..!"
" ඉන්න ජින්.."
කතා කරන්න හදපු ජින්ව නවත්තපු නම්ජූන් ජන්කූක් දිහා බැලුවේ කේන්තියෙන් ජන්කූක්ගේ අතේ පොඩි කෙල්ල නොහිටියා නම් ජන්කූක් මේ වෙනකොට නම්ජූන්ගෙන් හොද පාරවල් දෙක තුනක් කාලා
" තමුන් මගේ අහිංසක කොල්ලව ගොඩක් රිද්දුවා ජන්කූක් ඉස්සර කොයිවෙලෙත් හිනාවෙන් පිරිලා තියෙන මූනේ හිනාවක් දකින්න අපිට ගොඩක් කල් බලාගෙන ඉන්න වුනා මාත් එක්ක හැමදේම බෙදාගත්ත කොල්ලා කාටවත් මුකුත් නොකියා හැමදේම තනියම දරාගත්තා උබ ගැන කිය කිය හැමදේම රෑට හැමෝටම හොරා මේ අහිංසකයා ඇඩුවා ජන්කූක් මම ඒ හැමදේම දිහා බලාගෙන හිටියා මගේ බෙයාට ඕන වුනේ උබේ ආදරේ විතරයි ජන්කූක් එයාට වෙන කිසිදෙයක් ඕන වුනේ නැ උබ මොන දේ කලත් ටේ උබට ආදරේ කලා උබ මගේ අහිංසකයාට කරපු අපරාදේ දැනගත්ත දවසේ මම උබව හොයාගෙන එන්න හැදුවේ ඒත් බෙයා මට එන්න දුන්නේ නැ උබට මුකුත් කරන්න එපා කියලා මගේ කොල්ලා මගේ අතේ එල්ලිලා ඇඩුවා යකෝ එදා මම ආවා නම් උබ පනපිටින් ඉතුරු වෙන්නේ නැ ජන්කූක්
මගේ බෙයාට ඉස්සර වගේ තනියෙන් දෙයක් කරගන්න අමාරුයි එයාට කාගේ හරි උදව් ඕන එයාව පරිස්සම් බලාගන්න ඕන එයාට වෙලාවට බෙහෙත් දෙන්න ඕන හොස්පිටල් එක්කන් යන්න ඕන ඒ දේවල් උබට කරන්න බැරි නම් අන්න දොර තියෙනවා උබට බැහැලා යන්න පුලුවන් ජන්කූක් මට තාමත් මගේ කොල්ලව බලාගන්න පුලුවන් මට කවුරුවත් ඕන නැ "
අවුරුදු ගානක් හංගගෙන හිටපු දුක වේදනාව නම්ජූන් ඒ විදියට පිට කරද්දී ඇහුනේ ටේහ්‍යුන්ගේ සිහින් ඉකියක් විතරයි කදුලු පුරවගෙන හැමදේම අහගෙන හිටපු ජින්ව තමන්ගේ පපුවට තුරුල් කරගත්ත නම්ජූන් ජන්කූක් දිහා බැලුවේ එයාගේ තීරණය දැනගන්න වගේ
" මට ටේව ඕන අප්පා... මම වෛරයෙන් අන්ධ වෙලා මෝඩයෙක් වගේ එදා වැඩ කරේ ටේ මගේ ලග නැති වෙද්දී තමයි මට එයාගේ අගය තේරුනේ එයාට වගේ මට ආදරේ කරන්න කාටවත් බැ අප්පා.. මගේ වැරදි මට තේරෙනවා ආපහු කවදාවත් මම එයාට දුකක් දෙන්නේ නැ මම ටේව පරිස්සමින් බලාගන්නවා එයාව ඉක්මනට සනීප කරගන්න මම ඕන දෙයක් කරනවා මම එයාට ආදරෙයි අප්පා.."
ජන්කූක් අන්තිම ටික ටේහ්‍යුන් දිහා බලාගෙන කියද්දී ටේහ්‍යුන් කදුලු පුරවගෙන ජන්කූක්ට තුරුල් වුනා ජන්කූක් එක අතකින් කොල්ලවත් අනිත් අතින් එයාගේ පපුවට තුරුල් වෙලා අඩ නින්දේ ඉන්න කෙල්ලවත් තුරුල් කරගත්තා ඒ පුංචි පවුල් දිහා නම්ජින් දෙන්නා බලාගෙන හිටියේ සතුටින් ආපහු එයාලාගේ බෙයා එයාගේ ආදරේ එක්ක සතුටින් ඉදියි කියන බලාපොරොත්තුව ඒ හිත් වල තිබුනා යුංගි ලා හිනාවක් එක්ක ටේකුක් දෙන්නා දිහා බලාගෙන ඉදිද්දී ජිමින්ගේ ඇස් නම් තිබුණේ යුංගි ලග
" ප්‍රශ්නේ විසදුනේ නේ තොපි දෙන්නා ඔය කෙල්ල ඉස්සරහ ලව් කරන්න තියාගන්න එපා පොඩි එකීගේ ලමා මනස දූසනය වෙයි "
මෙතෙක් වෙලා කට වහගෙන හිටපු යුංගි කිව්වාම ජන්කූක් රැව්වා
" උබේ රැවිලි වලට බය නැ යකෝ මම යනවා.."
යුංගි එහෙම කියාගෙන නැගිට්ටා
" උබ කොහෙද යන්නේ..?"
" යකෝ උබට කොල්ලා සෙට් වුනු ගමන් මෙමරි ලොස්ට් වුනා ද..? මම තොට ඊයේ කිව්වේ ආපහු කොරියාවට යනවා කියලා "
" අපි එක්ක යමන් මොකද්ද තොට ඔච්චර හදිස්සිය කොරියාවට යන්න "
ජන්කූක් ඇහිබමක් උස්සගෙන ඇහුවා
" මෙහේ හිටියා කියලා කවුරු බලන්න ද බන් "
ඇස් කොනින් ජිමින් දිහා බලපු යුංගි කිව්වා
" එහෙනම් ගයිස්... ආපහු කොරියාවේ දී සෙට් වෙමු.."
යුංගි එහෙම කියාගෙන යද්දී ටේහ්‍යුන් හැරුණේ ජිමින් දිහාට කොල්ලා අතේ ඇගිලි එකට ගුලි කරගෙන බිම බලාගෙන ඉන්නවා
" ජිමින් ගිහින් එයා එක්ක කතා කරන්න "
ටේහ්‍යුන් කිව්වාම ජිමින් කොල්ලා දිහා බැලුවා
" ඔව් කොටෝ... තවුසේ පරක්කු වුනොත් අරු වෙන එකෙක් දාගනින් ඕකා උපාසක බලලා වගේ හිටියාට හෙනම ඇබලයා උබට මේවා කියලත් බැ නොකිය්ත් බැ ඕකාගේ සෙකට්‍රි එක්ක ඕකා ක්ලබ් අස්සේ පවා රිංගලා තියෙනවා තව ඕක්----"
ජන්කූක් ඉතුරු ටික කියන්න කලින් ජිමින් නැගිටලා යද්දී ජන්කූක් ජයග්‍රාහී හිනාවක් එක්ක ටේහ්‍යුන්ගේ කර වටේ අතක් දාගත්තා
" කුක්... ඔයා කියපුවා ඇත්ත ද...?"
ටේහ්‍යුන් ජන්කූක් දිහා බලාගෙන ඇහුවා
" පිස්සු ද බබා උගේ සෙකට්‍රි පපා වගේ වයසක ඩයල් එකක්.."
" ජියොන් ජන්කූක්....!"
_______________________________
ජන්කූක් කියපු දේවල් එක්ක කේන්ති ගියපු ජිමින් ඉක්මනට ගෙදරින් එලියට ආවා මොන කෙසෙල් ඇවරිය වුනත් යුංගිව වෙන කෙනෙක්ට දෙන්න නම් ජිමින්ගේ තුන් හිතකවත් අදහසක් තිබුණේ නැ ඒ නිසා ජිමින් ඉක්මනට ගිහින් කා එකේ දොර අරිමින් හිටපු යුංගිගේ අතින් ඇදලා තමන්ගේ පැත්තට හරවගත්ත ජිමින් යුංගිගේ කම්බුලට අත දිග ඇරලා පහරක් ගැහුවා නොසිතපු වෙලාවක ලැබුනු කම්බුල් පහර නිසා කම්ෆියුස් වුනු යුංගි කම්බුලත් අල්ලාගෙන කේන්තියෙන් ඉන්න ජිමින් දිහා බලාගෙන හිටියා
" ජිමින්....!"
" අහ්... මම දැන් ජිමින් ද..? කියුටී නෙවෙයි ද..? තමුසේ මහ බොරුකාරයෙක් යුංගි තමුසේ මොනාද තමුසෙගේ සෙකට්‍රි එක්ක ක්ලබ් අස්සේ රිංගගෙන කරේ ආ කතා කරනවා යුංගි තමුසේ එච්චර ඉක්මනට මාව අමතක කරා ද..?"
ජිමින් යුංගිගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලාගෙන අදින ගමන් කියවද්දී යුංගි තාමත් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා ජිමින්ට එකපාරට වැහුනු යකා මොකාද කියලා හිතාගන්න බැරුව යුංගි අසරණ වෙලා හිටියේ
" මොනාද ජිමින් කියන්නේ..? මම කවද්ද සෙකට්‍රි කෙනෙක් එක්ක ක්ලබ් ගානේ ගියේ..?"
යුංගි කිව්වාම ජිමින් සමච්චලේට වගේ හිනා වුනා
" ආපහු තමුසේ ජිමින් කිව්වා ඔව් ඉතින් දැන් සෙකට්‍රි එක්ක හුරතල් වෙවී ඇති නේ ජන්කූක් කිව්වේ ඇත්ත තමුසේ මහ ඇබලයෙක් යුංගි"
දැන් තමයි යුංගිට මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරුනේ ජන්කූක්ගේ හත්මුතු පරම්පරාවම ආදරෙන් සිහිපත් කරන ගමන් කේන්තියෙන් කෑගහන තාර පැටියාගේ අත් දෙකින් අල්ලගත්තා
" කේන්ති ගන්නේ නැතුව අහන්නකෝ කියුටී ඔය ජන්කූක් කියන විදියට මම ක්ලබ් ගිහින් තියෙනවා හැබැයි මගේ සෙකට්‍රි එක්ක නෙවෙයි ඔය කතාව කියපු අමු බේබද්දා එක්ක අනික කියුටී මගේ සෙකට්‍රිට ඉන්නේ අන්කල් කෙනෙක් ඒ අන්කල් අප්පා හොදටම අදුරන කෙනෙක් ම්ම්ම්.."
යුංගි සන්සුන් විදියට කියද්දී ජිමින් තාමත් සැකෙන් වගේ කොල්ලා දිහා බලාගෙන හිටියා
" ඔහොම මගේ දිහා බලන්න එපා කියුටී මම ඇත්ත කිව්වේ..."
" මට කියුටී කියන්න එපා ජිමින් කියන්න "
යුංගිට රැව්ව ජිමින් කිව්වා
" ඒ යකාගේ කතාවක් නේ දැන් ටිකකට කලින් කිව්වේ කියුටී කියන්න කියලා "
ජිමින් මුකුත් නොකියා අහක බලාගෙන ඉදිද්දී යුංගි කොල්ලාගේ ඉන වටේ අත් යවලා එයාගේ ලගට ගත්තා
" මගේ කියුටී තවත් ලස්සන වෙලා කියුට් වෙලා "
යුංගි කොල්ලාගේ කම්බුලක් තොල් අතරට අරගෙන අදිමින් කිව්වා
" නිකන් ඉන්නවකෝ.."
යුංගිගේ පපුවට පාරක් ගහපු ජිමින් කිව්වා
" අපි ඈත් වෙලා හිටියා ඇති නේද කියුටී ඒ දෙන්නත් එකතු වුනා ම්ම්.. මට තවත් මෙහෙම ඉන්න බැ "
යුංගි කිව්වාම ජිමින් මුකුත් නොකියා කොල්ලාගේ පපුවට තුරුල් වුනා
" එදා කෑගැහුවාට සමාවෙන්න මට කේන්ති ගියා "
ජිමින්ව තුරුල් කරගෙන යුංගි කියද්දී ජිමින් ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා
" මටත් සමාවෙන්න ඔයාට බැන්නාට.."
ජිමින් තොල් උල් කරගෙන කියද්දී යුංගි හිනා වෙලා කොල්ලාගේ තොල් මතින් පෙක් එකක් තිබ්බා
" මං ආදරෙයි කියුටී...!'
යුංගි කිව්වාම ජිමින්ගේ දෙතොලතර ලස්සන හිනාවක් මැවුනා
" මාත් ආදරෙයි "
ජිමින් කිව්වාම කොල්ලාගේ නලලට කිස් එකක් දීපු යුංගි කොල්ලව තුරුල් කරගෙන ඇස් පියාගත්තා ජිමින් හරි ආසාවෙන් යුංගිගේ උනුසුම් පපුවට තුරුල් වුනා
" මේ පස්ස තවත් බෝල වෙලා.."
ජිමින්ගේ පශ්චාත් භාගයට ස්ලැප් කරපු යුංගි කිව්වා
" මොනාද කරන්නේ...?"
ජිමින් අහද්දී කට කොනින් හිනා වුනු යුංගි කොල්ලාගේ බට්ස් තදින් මිරිකුවා
" ඕවා රබර් නෙවෙයි ම්හ්.."
ජිමින් කට ඇද කරගෙන කියද්දී යුංගි කොල්ලාගේ කම්බුලට කිස් එකක් දුන්නා
" ඔයා යන්නේ නැ නේ යූන්.."
" ම්හ්...! දැන් බලාගන්න කෙනෙක් ඉන්නවා නේ එයාව දාලා යන්න බැ "
යුංගි ජිමින් දිහා බලාගෙන කියනකොට ජිමින් කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගත්තා
" කියුටී ඇතුලට යමු සීතලයි නේ එලිය.."
යුංගි එහෙම කියන ගමන් ජිමින් එක්කගෙන ඇතුලට ගියා
_________________________
අද හැමෝම හිටියේ ගොඩක් සතුටින් කාලෙකට පස්සේ හැමෝගෙම මුනු හිනාවකින් හැඩ වෙලා තිබුනා කාලෙකට පස්සේ ආපහු එකතු වුනු ආදරවන්තයොන්ගේ ආදරනීය රහස් කතා වගේම පුංචි සිගිත්තියගේ පන්ඩිත හුරතල් කතාවලින් mansion එක පිරිලා ගියා ජින් හරි සතුටින් පුංචි බෝනික්කිව හුරතල් කරන ටේහ්‍යුන් දිහා වගේම ඒ දෙන්නා දිහා ආදරනීය ඇස් වලින් බලාගෙන ඉන්න ජන්කූක් දිහා බලාගෙන හිටියේ ලොකු සැනසීමකින්
කාලෙකට පස්සේ එයාගේ බෙයා සතුටින් හිනා වෙලා ඉන්නවා දකිනවා තරම් සතුටක් තවත් ජින්ට තිබුණේ නැ ඒ වගේම සෝෆා එක උඩ වාඩිවෙලා ඉන්න ජිමින්ගේ උකුලේ ඔලුව තියාගෙන ජිමින් එක්ක ලොකු කතාවක ඉන්න යුංගි දිහාත් ජින් බැලුවේ සතුටින් හැමෝම සතුටින් ඉන්නවා දකිද්දී ජින්ට දැනුනේ කියලා නිම කරන්න බැරි සැනසීමක්
ඒ වෙලාවේ ජින්ට දැනුනේ එයාගේ ඉන වටේ ශක්තිමත් අතක් එතෙනවා ජින් ඒ කවුද කියන්න හොදටම දන්න නිසා නිහඩවම හිටියා
" ජිනීට සතුටුයි ද..?"
" ම්ම්ම්... ගොඩක්..!"
ජින් හිනාවක් එක්ක කියද්දී නම්ජූන් ජින්ගේ නලලට හාදුවක් තැවරුවා
" ඔය දෙන්නා සතුටින් නම් මමත් සතුටින් "
නම්ජූන් ටේහ්‍යුන් දිහා බලලා ආපහු ජින් දිහා බලාගෙන කිව්වාම ජින් හිනාවක් එක්ක නම්ජූන්ට තුරුල් වුනා
" මම ඔයාට ගොඩක් ආදරෙයි ජූන් හැමදාම වගේ ඔයා අදත් අපිව තේරුම් ගත්තා "
ජින් සතුටින් කියද්දී නම්ජූන් ජින් තුරුල් කරගෙන ජින්ගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා
" මමත් ඔයාට ආදරෙයි ජිනී..!"
නම්ජූන් කිව්වාම ජින් නම්ජූන් දිහා බැලුවේ යමක් බලාපොරොත්තුවෙන් ජින් ඉල්ලන දේ තේරුනු නම්ජූන් හිනා වුනා කොයිතරම් කාලයක් ගියත් නම්ජූන්ගේ ආදරේ ලග ජින් අදටත් පොඩි දරුවෙක් වගේ හුරතලේ වෙනවා නම්ජූන් වුනත් ඒ හුරතලේට ගොඩක් ආදරේ කලා
තවත් කාලය නාස්ති නොකරපු නම්ජූන් ජින්ගේ තොල් වලට බර වුනා ඇස් පියාගත්ත ජින් නම්ජූන්ගේ උනුසුම් හාදුවට අවනත වෙමින් නම්ජූන්ට තුරුල් වෙද්දී නම්ජූන් ජින්ගේ ඉනෙන් තදින් අල්ලමින් හාදුව රලු කලා ඉන්නේ ලිවින් රූම් එකේ තවත් හතර දෙනෙක් ඉස්සරහ කියලා අමතක වුනු නම්ජින් දෙන්නා එයාලගේම ලෝකෙක තනිවුනා
" බේබි ඔයාගේ රූම් එකට යමු යූහා බබාත් නිදි නේ "
නම්ජින් දෙන්නාගේ කිස් එක දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් අමතමින් ජන්කූක් කිව්වාම එයාගේ උකුලේ නිදාගෙන ඉන්න පුංචි රෝස මල දිහා බලමු ටේහ්‍යුන් ඔලුව වැනුවා ටේකුක් දෙන්නා ටේහ්‍යුන්ගේ රූම් එකට යද්දී යූන්මින් දෙන්නා මූනට මූන බලාගත්තා
" කියුටී...!'
" මොකද..?"
" නිදිමතයි.."
ජිමින්ගේ බඩට මූන තද කරපු යුංගි කියද්දී ජිමින් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා
" අපි නිදාගන්න යමු.."
යුංගිව නැගිට්ටවගෙන ජිමින් ගියේ වෙනදාට මෙහේ ආවාම එයා ඉන්න රූම් එකට
මේ අතරේ රූම් එකට ආපු ජන්කූක් ටේහ්‍යුන්ගේ උකුලේ නිදාගෙන හිටපු යූහා බබාත් ඇදෙන් තියලා කොට්ට වටේට තිබ්බා ඊට පස්සේ පුංචි කෙල්ලගේ ඔලුව අතගාලා හාදුවක් තැවරුවා ටේහ්‍යුන් ජන්කූක් කරන දේවල් දිහා බලාගෙන හිටියා
" ජන්කුකී ගිහින් වොෂ් එකක් දාගෙන එන්න මගේ ක්ලෝසෙට් එකෙන් ඇදුමක් ගන්න.."
ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් කොල්ලා දිහා බැලුවා
" බේබි වොෂ් දාලත් නැ නේ අපි දෙන්නාම එකට වොෂ් දාමු.."
ටේහ්‍යුන්ට ඇහැක් ගහපු ජන්කූක් කොල්ලාට තවත් මුකුත් කියන්න ඉතුරු නොකර කොල්ලව වඩාගත්තා
" ජන්කුකී..."
" බය වෙන්න එපා මම මුකුත් කරන්නේ නැ"
ජන්කූක් එහෙම කියලා හිනා වෙලා ටේහ්‍යුන්ගේ ඇදුම් එකින් එක පරිස්සමින් ගලවලා කොල්ලව සම්පූර්ණයෙන් නිරුවත් කලා
" ඔයා ගොඩක් ලස්සනයි පැටියෝ..!"
ටේහ්‍යුන්ගේ නිරුවත් සිරුර පුරා ඇස් අරගෙන ගිය ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් චෙරි ගෙඩියක් වගේ රතු වුනා ටේහ්‍යුන්ගේ රතු වුනු කම්බුලක් සිපගත්ත ජන්කූක් බොක්සර් එක විතරක් ඉතුරු වෙද්දී අනිත් ඇදුම් ඔක්කොම ගලවලා කොල්ලව වඩාගෙන බාත් රූම් එකට ගියා ටේහ්‍යුන් පරිස්සමින් බාත් ටබ් එකෙන් තියපු ජන්කූක් කොල්ලව පරිස්සමින් පිරිසිදු කලා ටේහ්‍යුන් දිගටම ජන්කූක් දිහා බලාගෙන හිටියා
ජන්කූක්ගේ සම්පූර්ණයෙන් ටැටූ කරලා තිබුණු අත ශක්තිමත් අත් සික්ස් පැක් දකිද්දී ටේහ්‍යුන්ගේ හිතට dirty අදහස් ගොඩක් ගලාගෙන ආවා ටේහ්‍යුන් යටි තොල හපාගෙන හොර පූසෙක් වගේ සැරින් සැරේ ජන්කූක් දිහා බැලුවා ජන්කූක් ටේහ්‍යුන් තමන් දිහා හොරාට බලනවා දැක්කත් කොල්ලා මුකුත් නොකියා හිටියා මොකද මේ වෙනකොට ජන්කූක් හර්ඩ් වෙලා හිටියේ
ටේහ්‍යුන් සෝදලා පිසදලා අලුත් ඇදුමක් අන්දපු ජන්කූක් කොල්ලව ඇදෙන් ඉන්දවලා තොල් වලට පෙක් එකක් දීලා බාත් රූම් එකට ගියා ජන්කූක් යන දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් තොල් පිට පෙරලගෙන පුංචි කෙල්ල දිහා බැලුවා මොකද ටේහ්‍යුන් හිතුවා ජන්කූක් ඉස්සර වගේ එයාගෙන් උදව් ගනියි කියලා
ටිකකින් වොෂ් එකක් දාගෙන ටේහ්‍යුන්ගේ ක්ලෝසෙට් එක අනිත් පැත්ත ගහලා කොල්ලාට හරියන්න ශෝටක් හොයාගෙන ඇදගත්ත ජන්කූක් රූම් එකට ආවා
" අපි නිදාගමු.."
පුංචි කෙල්ලගේ පැත්තකින් හාන්සි වුනු ටේහ්‍යුන් කිව්වාම ඔලුව වනපු ජන්කූක් කොල්ලා ලගින් හාන්සි වුනා පුංචි කෙල්ලව තුරුල් කරගත්ත ටේහ්‍යුන් ඇස් පියාගත්තා ජන්කූක් කොල්ලාගේ ඉන වටේ අතක් යවලා ටේහ්‍යුන්ට තුරුල් වුනා
" බේබි...!"
" ම්ම්ම්.."
" අහ්.. මුකුත් නැ "
ටික වෙලාවක් ගත වෙද්දී ටේහ්‍යුන් ජන්කූක්ගේ අත් අතරේ නින්දට වැටුනා
___________________________
මධ්‍යම රාත්‍රිය උදා වෙලා තිබුනා හදිස්සියේම ටේහ්‍යුන්ට දැනුනු හිස් බවක් නිසා කොල්ලා ඇස් පියාගෙනම එයාගේ එහා පැත්ත අතගාලා බැලුවා එයාගේ ඇදේ එහා පැත්ත හිස් කියලා දැනුනාම කොල්ලා ඇස් ඇරියා
ජන්කූක් කොහේ ගිහින් ද..?
කොල්ලාගේ ඔලුවට ආපු පලවෙනි ප්රශ්නය වුනේ ඒක ටේහ්‍යුන් නැගිටලා හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ටේබල් ලෑම්ප් එක ඔන් කලා රූම් එක ඇතුලේ කවුරුවත් පේන්න නොහිටපු නිසා කොල්ලා බැලුවේ ඇගිල්ලක් උරන ගමන් සැපට නිදාගෙන ඉන්න පුංචි රෝස මල දිහා
ටේහ්‍යුන් ඇදෙන් පහලට කකුල් දාලා ටිකක් ඈතට වෙන්න තිබුනු wheelchair එක ඇදලා ගන්න හැදුවේ ඒත් කොල්ලාගේ අත දිග වුනේ නැ හුස්මක් පහත හෙලපු ටේහ්‍යුන් තව පොඩ්ඩක් ඇදේ ඉස්සරහට wheelchair එක ලගට ඇදලා ගත්තා කොල්ලා wheelchair එකට බර දීලා යාන්තම් wheelchair එකෙන් ඉදගත්තා
Wheelchair එකත් තල්ලු කරගෙන කොල්ලා රූම් එකෙන් එලියට ආවේ ජන්කූක් කොහෙද කියලා බලන්න මුලු living room එකම අදුරේ ගිලිලා තිබුනා කොල්ලා ඒත් එක්කම දැක්කේ main door එක ඇරලා තියෙනවා ඇහිබම රැලි කරගත්ත ටේහ්‍යුන් ඒ පැත්තට ගියා
එතකොට තමයි ටේහ්‍යුන් දැක්කේ ඉස්සරහ pond එක වාඩිවෙලා සිගරට් බොන ජන්කූක්ව garden එකේ තාමත් කහ පැහැති විදුලි බුබුලු වල ආලෝකයෙන් වගේම මුදුන් වෙලා තිබුණු සද කිරනෙන් මුලු garden එකම ආලෝකමත් වෙලා තිබුනා ටේහ්‍යුන් ටික ටික ජන්කූක්ට ලං වුනා සිගරට් දුම වාතලයට මුසු කරන ජන්කූක් වගේම එතැන බිම තිබුණු තවත් සිගරට් කොට කිහිපයක් ටේහ්‍යුන්ගේ ඇස ගැටුනා
" ජන්කූක්...!"
ටේහ්‍යුන්ගේ කටහඬ ඇහුනාම ජන්කූක් ගැස්සිලා ගියා කොල්ලාගේ අතේ තිබුණු භාගෙට බීලා අවසන් කරපු සිගරට් එක බිම දාපු ජන්කූක් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන්ගේ ඇස් නම් තිබුණේ garden එකේ තනකොල අතරේ තියෙන බීලා අවසන් කල සිගරට් කොට වලට යොමු වෙලා ටේහ්‍යුන්ගේ ඇස් දැකපු ජන්කූක් වරදක් කරලා ඔම්මාට අහුවුනු පුංචි දරුවෙක් වගේ බිම බලාගත්තා
" මොකද්ද මේ දේවල් වල තේරුම ජන්කූක්.."
ටේහ්‍යුන් ඇහුවාම ජන්කූක් බිම බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නැ
" තමුන් වෙනදාටත් ඔහොම ද..? සිගරට් බීලා අර පුංචි කෙල්ල ලගටත් තමුසේ යනවද..?"
ජන්කූක් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" හහ්..! තමුසේ මේ විදියට කොහොම පොඩි කෙල්ලව බලාගත්තා ද දන්නේ නැ "
ටේහ්‍යුන් ඒ කිව්වත් ජන්කූක් මුකුත් කිව්වේ නැ කොල්ලා බිම බලාගෙන හිටියා
" යුංගි කිව්වා තමුසේ ඩ්‍රග්ස් ගත්තා කියලා ක්ලබ් ගානේ ගිහින් පිස්සු නැටුවා ඒත් දරුවා හම්බුනාම වෙනස් වුනා කියලා ඒත් එහෙම වෙනසක් වෙලා නැ වගේ තමුසේ මහ බේබද්දෙක් ජන්කූක් "
" ඔව් මම බේබද්දෙක් තමයි ක්ලබ් ගානේ ගිහින් ගෑනු බදාගෙන හිටියා ඩ්‍රග්ස් ගත්තා ඔව් මම කලා තමයි ඒත් එකෙක්වත් මම එහෙම කරන්න හේතුවක් ඇහුවා ද..? නැ කවුරුවත් නැ "
ටේහ්‍යුන්ට වඩා හයියෙන් ජන්කූක් කෑගහලා කියද්දී ටේහ්‍යුන් ගැස්සිලා ගියා ඊට වඩා කොල්ලාගේ ඇස් ගැස්සුනේ ජන්කූක්ගේ රතු වුනු කදුලින් තෙත් වුනු ඇස් දැක්කාම
" මේ අවුරුදු ගානට මම සිහියෙන් නිදාගත්ත දවසක් නැතුව ඇති ඇස් පියාගත්තාම උබව මැවිලා පේන නිසා මම කකුල් දෙකෙන් හිටගන්න බැරි වෙන්න බිව්වා සමහර දවසට ඩ්‍රග්ස් ගත්තා යූ ඉපදුනාට පස්සේ sleeping tablets ගත්තා මට හරි නින්දක් තිබුණේ නැ සමහර දවස් එලි වෙනකම් අඩලා උදේට කිසිම ප්‍රශ්නයක් නැ වගේ ඔෆිස් ගියපු දවසක් තිබුනා යූ අඩද්දී නලවගන්න බැරුව අසරණ වෙලා එයත් එක්කම අඩපු දවස් තිබුනා උබට කරපුවාට මම ඇති වෙනකම් විදෙව්වා ටේහ්‍යුන් මේ දැනුත් නින්දක් නැතුව විදවනවා මට මැරෙන්න හිතුනත් මම නැති වුනොත් අර අහිංසකී තනිවෙන නිසා මම ජීවත් වුනා "
ජන්කූක් කියවද්දී ටේහ්‍යුන් කදුලු පුරවගෙන අහගෙන හිටියා ටේහ්‍යුන් හිතුවේ නැ ජන්කූක් මේ තරම් විදවන්න ඇති කියලා කොල්ලා හිතුවේ ජන්කූක් සතුටින් ලීනා එක්ක ඇති කියලා ඒත් ටේහ්‍යුන් හිතුවාට වඩා හැමදේම වෙනස්
" මට සමාවෙන්න..!"
" උබ වරදක් කරේ නැ බේබ් මමයි වැරදි කරේ උබ හැමදාම හරි බේබි "
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් කොල්ලාගේ අත් දෙකින් අල්ලගත්තා
" මගේ ලගට එන්නකෝ.."
ටේහ්‍යුන් කතා කලාම ජන්කූක් කොල්ලා ලගට ලං වුනා ජන්කූක්ගේ කම්බුල් මතින් අත් තියපු ටේහ්‍යුන් කොල්ලාගේ නලලට තොල් තද කලා
" දැන් මම ඉන්නවා නේ ම්ම්.... අපි හැමදේම මුල ඉදන් පටන් ගමු අපි අලුත් ලස්සන මතක ගොඩක් හදාගමු අතීතය අමතක කරන්න ජන්කුකී ඒ අතීතය මතක් කරන්න වෙන්නේ අපේ හිත් පෑරෙන එක විතරයි "
ටේහ්‍යුන් හරි ආදරෙන් ජන්කූක්ගේ ඔලුව අතගාන ගමන් කියද්දී කොල්ලා ටේහ්‍යුන්ගේ උකුලෙන් ඔලුව තියාගත්තා ජන්කූක් හිටියේ ශර්ට් එකක්වත් නැතුව අනික සීත කාලයේ ආරම්භය නිසා පරිසරය සීතලයි
" ජන්කූකී.. අපි ඇතුලට යමු එලිය සීතලයි නේ ඔයා ශර්ට් එකක්වත් ඇදගෙන නෙවෙයි ඉන්නේ "
ටේහ්‍යුන් කිව්වාම කොල්ලාගේ උකුලෙන් ඔලුව උස්සපු ජන්කූක් කොල්ලාට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර ටේහ්‍යුන්ගේ කලවා යටින් අත් යවලා වඩාගත්තාම ටේහ්‍යුන් කොල්ලාගේ බෙල්ල වටේ අත් ඔතාගත්තා ජන්කූක් කොල්ලව වඩාගෙන ඇතුලට ඇවිත් කකුලෙන් දොරත් වහගෙන ගියා
ටේහ්‍යුන්ගේ රූම් එකට ආපු ජන්කූක් කොල්ලව ඇදෙන් හාන්සි කරලා නිදාගෙන ඉන්න පුංචි කෙල්ලගේ ඔලුව අතගාලා ටේහ්‍යුන් ලගින් හාන්සි වුනා කොල්ලාගේ ඉන වටේ අතක් යවපු ජන්කූක් ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා ටේහ්‍යුන් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා
" ගුඩ් නයිට් ජන්කුකී.."
" ගුඩ් නයිට් බේබි.."
ජන්කූක් සිහින් හඩින් මුමුනන ගමන් ටේහ්‍යුන්ට තුරුල් වුනා ජන්කූක්ගේ උනුසුම් අත් අතරේ ටේහ්‍යුන්ගේ සතුටින් ඇස් පියාගත්තේ අලුත් දවසක නැවුම් බලාපොරොත්තු හිතේ ගුලි කරගෙන
____________________________
ජන්කූක් ටේහ්‍යුන් එක්ක කාලෙකට පස්සේ ඩේට් එකකට ආවා ටේහ්‍යුන්ගේ මූන සතුටින් පිරිලා තිබුනා ජන්කූක් සතුටින් හිනා වෙලා ඉන්න එයාගේ බේබි දිහා ලෝභකමින් බලාගෙන හිටියා දවසෙම පැරිස් නගරය වටේම ඇවිදපු ටේකුන් දෙන්නා අවසානෙට ටේහ්‍යුන්ට යන්න ඕන කිව්ව පාක් එකට ආවා
පාක් එක පුරා එහෙ මෙහෙ දුවමින් සෙල්ලම් කරන පුංචි පැටව් අතරින් ජන්කූක් කොල්ලව වඩාගෙන පාක් එකේ වැඩිය කවුරුවත් ගැවසෙන්නේ නැති තැනකට ආවේ ජන්කූක්ට ටේහ්‍යුන් එක්ක තනිවෙන්න තදින්ම ඕන කරපු නිසා
ටේහ්‍යුන්ව බෙන්ච් එකෙන් පරිස්සමින් වාඩි කරපු ජන්කූක් කොල්ලාගේ එහා පැත්තෙන් වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා සන්ධ්‍යා කාලය නිසාවෙන් තැඹිලි පැහැති හිරු කිරන අහස පුරා විහිදිලා තිබුනා ඒත් එක්කම ජන්කූක්ගේ ඇස් නැවතුනේ එයාගේ අසලින් වාඩිවෙලා ඉන්න පුංචි සුරදූතයා ලග තැඹිලි පැහැති හිරු කිරන ටේහ්‍යුන්ගේ හනි ස්කින් එක මතට වැටිලා කොල්ලාගේ සම දිලිසෙන දිහා ජන්කූක් බලාගෙන හිටියා ටේහ්‍යුන් ජන්කූක් දිහා බලද්දී ඒ කෝපි පැහැති ඇස් ජන්කූක් කලු පැහැති ඇස් එක්ක පැටලුනා කියන්න දේවල් දහසක් තිබුනත් ඒ හැමදෙයක්ම හිත් වල හිර කරගත්ත ඔවුන් ඇස් වලින් දොඩමලු වුනා
" තමුසේ තවත් ලස්සන වෙලා බේබි...!"
ජන්කූක් කොල්ලාට ලං වෙන ගමන් හීන් හඩින් මුමුනද්දී ටේහ්‍යුන්ට හිනාවක් ගියා
" මම විතර ද..? ඔයත් තවත් හැන්සම් වෙලා ජන්කුකී.."
ටේහ්‍යුන් කියද්දී කට කොනින් හිනා වුනු ජන්කූක් කොල්ලාගේ නලලෙන් හාදුවක් තැවරුවා ටේහ්‍යුන් ආසයි ජන්කූක් එයාගේ නලලට දෙන ආදරනීය උනුසුම් හාදුවට ටේහ්‍යුන් කොල්ලාගේ උරහිසෙන් හිස තියාගෙන බැස යන හිරු දෙස බලාගෙන හිටියේ හිත ඇතුලින් සතුටට පිනුම් ගහද්දී ජන්කූක්ගේ ශක්තිමත් අතක් කොල්ලාගේ ඉන වටේ එතෙද්දී එදා වගේම අදත් ටේහ්‍යුන්ට ඒ අත් අතරේ ලොකු ආරක්ෂාවක් දැනුනා
" මට මෙතනට ඇවිත් ඔයත් එක්ක මෙහෙම තුරුල් වෙලා ඉන්න ඕන වුනා ජන්කුකී...! ඉස්සර ජිමින් එක්ක හරි ලියා එක්ක හරි මෙතනට ඇවිත් අහස දිහා බලාගෙන මම ප්‍රාර්ථනා කරේ මට මෙතනට ඇවිත් ඔයාගේ තුරුලේ ඉන්න දවසක් උදා වෙන්න කියලා ඒත් මම හිතුවේ නැ එහෙම දවසක් උදා වෙයි කියලා "
අන්තිම ටික කැඩි කැඩී ඇහෙද්දී එයාගේ තුරුලේ ඉන්න කොල්ලාගේ උරහිස් ගැස්සෙද්දී ජන්කූක්ට තේරුනා කොල්ලා අඩනවා කියලා
" අඩන්න එපා ඕයි..! දැන් තමුසෙගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුනා නේ දැන් මොන මගුලකට ද අඩන්නේ..?"
" ස්..සතුට..ට.."
ටේහ්‍යුන් හැඩුම් පාලනය කරගෙන කියද්දී ජන්කූක් ඇස් කරකැව්වා
" මොන විකාරයක් ද..? තමුසේ අඩන එක නවත්තනවා නැත්නම් තමුසෙව මම උස්සගෙන යනවා."
" හලි හලි මම අඩන්නේ නැ "
ටේහ්‍යුන් ඉක්මනට කදුලු පිහිදගත්තේ ජන්කූක්ගේ හැටි හොදටම දන්න නිසා
" තමුසේ අඩනකොට මටත් රිදෙනවා බේබි...! මම දකින්න අකමැති දේ තමුසෙගේ ඇස් වල කදුලු පිරිලා තියෙනවා ආපහු අඩන්න එපා බේබි.. තමුසෙගේ කදුලු මාව ගොඩක් රිද්දනවා..!"
ජන්කූක් කොල්ලව තුරුල් කරගෙන කියද්දී ටේහ්‍යුන් කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා
" ආපහු අඩන්නේ නැ "
ටේහ්‍යුන් හීන් හඩින් මුමුනලා කොල්ලාගේ බෙල්ලේ තිබුණු බර්ත් මාර්ක් එක මතින් හාදුවක් තැවරුවා වසර ගනනාවකට පසු ලැබුනු ටේහ්‍යුන්ගේ තොල් වල ස්පර්ශය නිසා ජන්කූක්ගේ මුලු ඇගම උනුසුම් වෙලා ගියා ටේහ්‍යුන්ගේ උනුසුම් සුසුම් තාමත් කොල්ලාගේ බෙල්ලට දැනෙද්දී ජන්කූක් ඇස් පියාගෙන හුස්මක් ගත්තා
" ජන්කුකී...!"
" ම්ම්හ්.."
" මාත් එක්ක හැමදාම ඉන්න මාව ඈත් කරන්න එපා "
" මැරෙනකම් තමුසේ එක්ක ඉන්නවා බේබි.."
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් එයාගේ රෝස පැහැති දෙතොල් කොල්ලාගේ කම්බුලකට තද කලා ටේහ්‍යුන් ඈත් වුනාම ජන්කූක් අමනාපයෙන් කොල්ලා දිහා බැලුවා
" මෙතනටත් ඕන "
ජන්කූක් එයාගේ වම් කම්බුලට තට්ටුවක් දාන ගමන් කිව්වාම ටේහ්‍යුන් ජන්කූක්ගේ වම් කම්බුල මතින් හාදුවක් තැවරුවා
" මෙතනට.."
ජන්කූක් නලල ඇගිල්ලෙන් පෙන්නුවාම හුරතල් විදියට හිනා වුනු ටේහ්‍යුන් කොල්ලාගේ කම්බුල් වලින් අල්ලාගෙන ජන්කූක්ගේ නලලට දීර්ඝ හාදුවක් තැවරුවා එතැනින් නොනැවතුනු ටේහ්‍යුන් කොල්ලාගේ මුලු මූන පුරාම පුංචි පුංචි හාදු තැවරුවේ ඒ හැම හාදුවකින් තමන්ගේ ආදරේ ජන්කූක්ට දැනෙන්න සලස්වමින්
" හාදු වැස්සක්.."
ටේහ්‍යුන් හුරතල් විදියට හිනා වෙද්දී ජන්කූක් කොල්ලා දිහා ආදරෙන් බලාගෙන හිටියා මේ හුරතලේ එයාගේ වැඩ නිසා කොයිතරම් මගහැරුනා ද එයාගේ වැඩ නිසා එයාගේ බේබි කොයිතරම් අඩන්න ඇද්ද කියලා හිතෙද්දී ජන්කූක්ට තමන් ගැනම ලොකු කේන්තියක් ඇති වුනා
ඒත් දැන් ජන්කූක්ට තමන් කලින් කරපු දේවල් ගැන හිතනවාට වඩා කොල්ලාට ඕන වුනේ මොන ලෝකෙක හරි ගිහින් ටේහ්‍යුන්ව සනීප කරගන්න ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ජන්කූක් සූදානමින් වුන්නා
තමන්ගේ ශර්ට් එකේ බටන් එක්ක සෙල්ලම් කරමින් ඉන්න කොල්ලා දිහා බැලුව ජන්කූක් ඒ පුංචි අත අරගෙන තමන්ගේ තොල් තද කලේ ටේහ්‍යුන් දිහා ඇස් කොනින් බලන ගමන් ටේහ්‍යුන්ගේ කම්බුල් ලැජ්ජාවක් රත් පැහැයට හැරෙන අයුරු බලාගෙන හිටපු ජන්කූක් තත්පරයක් නාස්ති නොකර ඒ රත් පැහැයට හැරුනු කම්බුල් මත තමන්ගේ තොල් පතිත කලේ ටේහ්‍යුන්ගේ කම්බුල් තවත් රත් පැහැයට හරවමින්
" අපි යමු බේබි..."
ජන්කූක් එයාගේ රතු රෝස මලක් වගේ ඉන්න බේබිට කිව්වාම කොල්ලා ඔලුව වැනුවා ජන්කූක් ටේහ්‍යුන්ව අත් අතරට ගනිද්දී කොල්ලා ජන්කූක්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා
To be continue.................♡︎
වෙඩින් කේක් කෑල්ලක් කමු ද ලමයි🌝🖐️
Bạn đang đọc truyện trên: AzTruyen.Top