60 • 𝙴𝚒𝚏𝚏𝚎𝚕 𝚃𝚘𝚠𝚎𝚛 •
දිවා කාලය පුරා පරිසරය ආලෝකමත් කල හිරු බැස යමින් පැවතුන නිසාවෙන් මුලු අහස් තලයම තැඹිලි පැහැයෙන් දිස්වුනා කිචි බිචි හඩ නගමින් කුරුල්ලන් තමන්ගේ කූඩු කරා පියාබමින් සිටියා සැන්දෑ හිරුගේ කිරන මුහුදු ජලයට වැටී හරි ලස්සනට දිස්වුනා සැන්දෑ කාලයේ වෙරලේ සෙල්ලම් කරන පුංචි පැටව් පවුල් පිටින් මුහුදු වතුරේ සෙල්ලම් කරන යන හරි ආදරෙන් තුරුල් වෙලා මුහුදු රැල්ල පාගන කපල් දිහා බලාගෙන හිටපු ටේහ්යුන් එයා එහා පැත්තේ හිටගෙන ඉන්න ලියා දිහා බැලුවා
" අපි යමු නේද..?"
ටේහ්යුන් ඇහුවාම ලියා හා කියන්න ඔලුව වැනුවා ලියා ටේහ්යුන් එක්කගෙන කා එකට ගියා
" දැන් කොහෙද යන්නේ..?"
" Eiffel tower එක ලගට යන්.."
ටේහ්යුන් කිව්වාම ලියා ඔලුව වැනුවා ඒ වෙනකොට සැන්දෑ කාලයේ හිරු බැස යමින් තිබුනු නිසා අදුර පරිසරය වෙලාගනිමින් තිබුනා පැරිස් නගරයේ මං මාවත් වල විදුලි බුබුලු එකින් එක දැල්වෙමින් පැවතුනා ටේහ්යුන් ශටර් එකෙන් එලිය බලාගෙන කල්පනාවක ඉදිද්දී ලියා දිගටම ඩ්රයිව් කරමින් හිටියා ලියා කිසිදෙයක් අහන්න ගියේ නැ
ඈතින් පේන eiffel tower එක දිහා ටේහ්යුන් බලාගෙන හිටියා කොල්ලා පැරිස් වලට ඇවිත් අවුරුදු ගානක් වුනත් තාම කොල්ලා eiffel tower එක ලගට ඇවිත් තියෙන්නේ දෙපාරක් වගේ
" ඔන්න අපි ආවා.."
මද වේලාවකට පස්සේ ලියා කිව්වා ටේහ්යුන් කා එකෙන් බස්ස ගත්ත ලියා කොල්ලව wheelchair එකේ ඉන්දවගත්තා ඊට පස්සේ සෙනග අතරින් ලියා ටේහ්යුන්ව එක්කගෙන ගියා විදුලි බුබුලු වලින් ආලෝකමත් වුනු eiffel tower එක දිහා ටේහ්යුන් බලාගෙන හිටියා
" මම මොකද්ද කරන්න ඕන ලියා.."
ටික වෙලාවක් නිහඩව හිටපු ටේහ්යුන් එකපාරට ලියාගෙන් අහද්දී කෙල්ල ටේහ්යුන් දිහා බැලුවේ මොකක් ගැන ද අහන්නේ කියන්න වගේ
" ජන්කූක් ගැන මම කියන්නේ ලියා එයාට සමාවදෙන්න ද..?"
ලියාගේ බැල්ම තේරුම් ගත්ත ටේහ්යුන් ඇහුවා
" ඔය ප්රශ්නය මගෙන් නෙවෙයි ටේ අහන්න ඕන ඔයාගේ හදවතින් අහන්න "
" එයා කියන්නේ ජන්කූක්ට චාන්ස් එකක් දෙන්න කියලා "
ටේහ්යුන් eiffel tower එක දිහා බලාගෙන කියද්දී ලියා ඔලුව වැනුවා
" ඒත් මට බයයි ලියා...එයා ආපහු---"
" තේ තේ අන්තල්..!"
ටේහ්යුන්ට ඉතුරු ටික කියන්න ලැබුන් නැත්තේ ඇහුනු පුංචි කටහඩක් නිසා ටේහ්යුන්ගේ ලගට දුවගෙන ආව පුංචි කෙල්ල හති අරින්න ගත්තා
" යූහා බබා.."
" උයාගේ කන් ඇහෙල්ලේ නැද්ද අලේ බබා කොත්තල උයාට කතා කලා ද හූම්.."
පුංචි යූහා බබා තොල් පිට පෙරලගෙන හුරතලේට කියද්දී ටේහ්යුන් හිනා වෙලා ඒ පුංචි කම්බුලක් මිරිකුවා
" ඔයාගේ ටේටේ අන්කල්ට සමාවෙන්නකෝ මැනිකේ "
ටේහ්යුන් කිව්වාම පුංචි කෙල්ල හුරතලේට හිනා වුනා
" ඒක නෙවෙයි පැටියෝ ඔයා කා එක්ක ද ආවේ "
" අප්පා එත්ත.."
" කෝ දැන් අප්පා "
" අල ඉල්ලේ.."
පුංචි යූහා බබා අත දික් කරලා පෙන්නපු පැත්ත බලපු ටේහ්යුන් දැක්කේ සැරින් සැරේ මේ පැත්ත බලමින් තව කෙනෙක් එක්ක කතාවක ඉන්න ජන්කූක්ව
" ඒ අප්පාගේ බිත්නත් පාත්නර් කෙනෙක් "
ටේහ්යුන් ඒ දිහා බලාගෙන ඉන්නකොට පුංචි කෙල්ල කිව්ව නිසා ආපහු ටේහ්යුන් එයාගේ අතක් අල්ලාගෙන කෝලම් කරන පුංචි සුරංගනාවි දිහා බැලුවා
" උයාගේ කකුල තාම සනීප වුනේ නැද්ද අනේ.."
පුංචි රෝස බෝලේ දුකින් ටේහ්යුන්ගේ කකුල් දිහා බලාගෙන ඇහුවා කෙල්ලගේ මූන දැක්කාම ටේහ්යුන්ගේ මූනේ පුංචි හිනාවක් මැවුනා
" නැ නේ මැනිකේ.."
" උයා නෝති බෝයි කෙනෙක් වගේ බේත් හොලාට විතික් කලනවා ලේ බබාත ඇත්ත කියල්ල හූම් බේත් විතික් කලාම කූමද සනීප වෙන්නේ.."
පුංචි කෙල්ල තොල් උල් කරගෙන හරි හරියට ටේහ්යුන් එක්ක කතා කරන දිහා ලියා බලාගෙන හිටියා ඒ වගේම පුංචි කෙල්ලගේ ප්රශ්න වලට ටේහ්යුන් හරි ආසාවෙන් හිනා වෙවී උත්තර බදින දිහා කෙල්ල බලාගෙන හිටියා
" හරි හරි පන්ඩිත හැල්මොනී මම ඔක්කොම බෙහෙත් බොන්නම් හරි ද..?"
ටේහ්යුන් පුංචි කෙල්ලගේ නහයට තට්ටුවක් දාලා කිව්වා
" අන්න එහෙම තමයි ගුත් බෝයිත්ලා "
පුංචි යූහා ගැම්මෙන් කියද්දී ටේහ්යුන් කෙල්ලගේ කම්බුලකට කිස් එකක් දුන්නා පුංචි යූහාගේ දගකාර පන්ඩිත කතා වලට හුරතල් හිනාවට ටේහ්යුන් ගොඩක් ආදරේ කලා නොදැනීම වුනත් පුංචි කෙලි පොඩිත්ත ටේහ්යුන්ගේ ජීවිතේට ගොඩක් ලං වුනා කෙල්ලටත් එහෙම තමයි
ඒත් එක්කම එතැනට ජන්කූක් ආවාම පුංචි කෙල්ල කොල්ලාගේ ඇගේ එල්ලුනා ජන්කූක් කෙල්ලව වඩාගෙන ටේහ්යුන් දිහා බැලුවා
" මේ දග මල්ලට එක තැනක ඉන්න බැරි හැටිය දෙන්න තියෙන්නේ දෙකක් විසික් වෙලා ගිහින් මුහුදට වැටෙන්න "
" උයාට එහෙම කරන්න බැ අප්පා.."
" ඇයි බැරි..?"
",අප්පා බබාත ආදලෙයි නේ අප්පාත බැ බබා නැතුව ඉන්න හූම් "
පුංචි යූහා කියද්දී අනිත් අය හිනා වුනා ජන්කූක් කෙල්ලගේ කම්බුලකට හාදුවක් තැවරුවා
" මගේ පන්ඩිත හැල්මොනි "
ජන්කූක් කිව්වාම කෙල්ල හිනා වුනා ජන්කූක් පුංචි කෙලි පොඩිත්තට ගොඩක් ආදරෙයි කියන්න ටේහ්යුන්ට තේරුනා අප්පාගෙයි දුවගෙයි කෝලම් වැඩ දිහා ටේහ්යුන් හිනාවක් දෙතොලතර රදවගෙන බලාගෙන හිටියා
" යූහා බබා අපි eiffel tower එක බලන්න යන්.."
" හලේ අපි යමූ.."
කෙල්ල හරි සතුටින් ජන්කූක්ගේ අත් වලින් බැහැලා ගිහින් ලියාගේ අතක එල්ලුනා
" යූහා ගොඩක් sociable දරුවෙක්.."
යූහා ලියා එක්ක ඈතට යන දිහා ටේහ්යුන් බලාගෙන ඉදලා කිව්වා
" ඔයා දන්න තරම තමයි බේබි ඔයාලා එක්ක ඔහොම හැසිරුනාට අනිත් අය එක්ක ඔහොම ඉන්නේ නැ එයා මාත් එක්ක යුංගි එක්ක නිනී එක්ක ඇරුනාම ලං වුනේ ඔය දෙන්නාට තමයි බේබි "
ජන්කූක් අත් දෙකත් සාක්කුවට දාගෙන ලියා එක්ක ඈතට යන යූහා දිහා බලාගෙන කිව්වා
" එයා හරි හුරතල් දරුවෙක් "
ටේහ්යුන් කිව්වාම ජන්කූක් හිනා වුනා
" බේබි...!"
ටික වෙලාවකින් ජන්කූක් කතා කලා
" කියන්න.."
" අපි හෙට ආපහු යනවා.."
ජන්කූක් කිව්වාම ටේහ්යුන්ට කරන්ට් එක වැදුනා වගේ ඒ හිත දුකින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ටේහ්යුන්ගේ උකුලේ තිබුණු අත් වලින් එයා ඇදගෙන හිටපු හූඩියේ කොනක් තදින් අල්ලගත්තා
" මට යන්න කලින් එක පාරක් ඔයාව දකින්න ඕන වුනා ඒකත් දැන් හරි "
ජන්කූක් ලා හිනාවක් එක්ක විදුලි බුබුලු වලින් ආලෝකමත් වුනු eiffel tower එක දිහා බලාගෙන කිව්වා ඒත් ටේහ්යුන් මුකුත් කිව්වේ නැ කොල්ලාගේ ඔලුවේ වැඩ කරේ ජන්කූක් ආපහු එයාගේ ඇස් පේනමානෙන් ඈතට යනවා කියන එක විතරයි
" ඉක්මනට සනීප වෙන්න බේබි... ඔයාට මං වගේ තිරිසනෙක් ගැලපෙන්නේ නැ මට වඩා ඔයාට ආදරේ කරන ඔයාව පරිස්සම් කරන කෙනෙක් ලැබෙන්න ඕන එයත් එක්ක සතුටින් ඉන්න ම්ම්.... අනිත් දේ ජිමින්ට කියන්න මගේ වැරදි වලට යුංගිගෙන් පලිගන්න එපා කියලා ඌ පව් බේබි...! මම නිසා ඌත් විදවනවා.. මට තවත් ඌ විදවනවා බලන්න ඕන නැ බේබි ජිමින්ට තේරුම් කරන්න "
ටේහ්යුන් කොල්ලා කියන හැමදේම අහගෙන හිටියා ටේහ්යුන්ගේ ඇස් වල කදුලු පිරිලා තිබුණු නිසා කොල්ලා බිම බලාගෙන හිටියා ජන්කූක් කොල්ලාගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යැව්වාම ටේහ්යුන් හිමින් සැරේ ඇස් පිහිදගෙන කොල්ලා දිහා බැලුවා ජන්කූක් හිනා වෙලා ටේහ්යුන්ගේ නලලට තොල් තද කලා
අවුරුදු ගානකට පස්සේ ජන්කූක්ගේ උනුසුම් හාදුවක් නිසා ටේහ්යුන්ගේ ඇස් පියවුනා ටේහ්යුන්ගේ කම්බුල් දෙපැත්තෙන් අත් තිබ්බ ජන්කූක් කොල්ලාගේ මූන පුරා ඇස් අරගෙන ගියා ජන්කූක්ගේ ඇස් වල ටේහ්යුන් වෙනුවෙන් තියෙන ආදරේ අදුරගන්න කොල්ලාට පුලුවන් වුනා ආදරනීය හිනාවක් දෙතොලතර රදවගත්ත ජන්කූක් කොල්ලාගේ පියවුනු ඇස් කම්බුල් නහය පිලිවෙලින් සිපගත්තා
ජන්කූක් කොල්ලාගේ පීච් පැහැති දෙතොල් දිහා බලාගෙන ඉදලා ටේහ්යුන්ගේ ඇස් දිහා බැලුවා ටේහ්යුන් ඔලුව වනලා කොල්ලාට අවසර දුන්නාම අවුරුදු ගානට පස්සේ එයාලගේ දෙතොලත් ආදරෙන් පැටලුනා ටේහ්යුන්ගේ පියවුනු සෝ අගින් පුංචි කදුලු බිදු රූටලා ගියා එදා වගේම අදත් ජන්කූක්ගේ හාදුව ඇතුලේ ලොකු ආදරයක් දැනුනා
පුංචි හිම පියලි එක දෙක බිම පතිත වෙද්දී ආදරයේ නගරය ලෙසින් විරුදාවලිය ලත් පැරිස් නගරයේ කාලෙකට පසු ලැබුනු එකිනෙකාගේ උනුසුම් ස්පර්ශය විදිමින් හිටියා ටේකුක් එයාලගේ ලෝකයක තනිවෙද්දී මේ දිහා ලියා පුංචි යූහාත් වඩාගෙන බලාගෙන හිටියේ ආදරේ පිරුණු ඇස් දෙකකින් එතැන යන අය ඒ දෙන්නා දිහා බලමින් එයාලට හැමදාම එකට ආදරෙන් බැදිලා ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කලා
" I Love You Baby..! මේ හදවත ගැහෙන්නේ ඔයාගේ නමින් විතරයි බේබි ඔයා හිතනවාටත් මම ඔයාට ආදරෙයි...! පුලුවන් නම් මම වගේ තිරිසනෙක් ඔයාට ආදරෙයි කියලා මතක තියාගන්න බේබි.."
ටේහ්යුන්ගේ තොල් වලින් ඈත් වුනු ජන්කූක් හිනාවක් එක්ක කිව්වත් ඒ ඇස් වල තියෙන වේදනාව ටේහ්යුන් හොදටම දැක්කා ඒත් කොල්ලා මුකුත් කිව්වේ නැ දිගටම නිහඩව හිටියා ජන්කූක් කොල්ලගෙන් ඈත් වෙලා කෙලින් හිටගන්නකොට ලියා දැන් ආවා වගේ එතැනට ආවා පුංචි යූහා ලියාගේ උරහිසෙන් ඔලුව තියාගෙන තද නින්දක හිටියා
" හිම වැටෙනවා බේබි ඔයා සීතලට අසනීප වෙයි ඉක්මනට යන්න "
ලියාගේ අතින් යූහාව ඇහැරෙන්නේ නැති වෙන්න ගත්ත ජන්කූක් කිව්වා
" අපි යන්නම් ලියා මෙයාව පරිස්සමින් එක්කගෙන යන්න "
ජන්කූක් ලියාට එහෙම කියලා අවසාන වතාවට ටේහ්යුන් දිහා බලපු ජන්කූක් යන්න හැරුනා ඒත් ටේහ්යුන් තාම මුකුත් කිව්වේ නැ ඇස් දෙක තද කරලා පියාගෙන හුස්මක් ගත්ත ජන්කූක් යූහාවත් පපුවට තුරුල් කරගෙන ඉක්මන් අඩි තියලා එතැනින් ගියේ සීතලේ ඉදලා පුංචි කෙල්ල අසනීප වෙයි කියලා බය වුනු නිසා විතරක් නෙවෙයි කොල්ලාට තනිවෙන්න ඕන වුනු නිසා
ජන්කූක් යන දිහා බලාගෙන හිටපු ටේහ්යුන්ගේ ඇස් වලින් කදුලු බිදු පේලියට කඩාගෙන හැලුනා කොල්ලා ඉකි ගසමින් අඩන්න පටන් ගත්තා
" ලියා... එයා හෙට යනව ලු.."
ටේහ්යුන් ලියාගේ අතක් අල්ලාගෙන කියද්දී ලියා කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා
" අපි ගෙදර ගිහින් කතා කරමු ටේ දැන් සීතලයි නේ "
ලියා එහෙම කියලා කොල්ලාගේ wheelchair එක තල්ලු කරගෙන කා එක ලගට ගියා ලියාගේ උදව් ඇතුව කා එකට නැග්ග ටේහ්යුන් ශිට් එකට ඔලුව බර කරගත්තා කා එකට නැගපු ලියා ටේහ්යුන් දිහා බලලා කා එක ස්ටාර්ට් කලා ඊට පස්සේ ගෙවුණු විනාඩි කිහිපය පුරා ලියාට ඇහුනේ ටේහ්යුන්ගේ ඉකි ගැසීම් හැඩුම් විතරයි
" ඔය තරම් දුක නම් ඇයි එයාට යන්න දුන්නේ ටේ.."
කොල්ලාගේ ඇඩිල්ලේ අවසානයක් නැති තැන ලියා ඇහුවා
" එයාට බරක් වෙන්න මට ඕන නැ ලියා හොදම දේ අපි මෙහෙම ඉන්න එක "
ටේහ්යුන් ඇස් දෙක පියාගෙන කිව්වා එතැනින් එහාට ලියා මුකුත් කියන්න ගියේ නැ කෙල්ල කටවහගෙන ඩ්රයිව් කරද්දී ටේහ්යුන් එයාගෙයි ජන්කූක්ගෙයි අතීත මතක අතරේ තනිවුනා ටේහ්යුන් මුලින්ම ස්කූල් එකට ආපු දවස් වල ජන්කූක් කියපු කතා ඊට පස්සේ කරපු දේවල් ජන්කූක් එයාට මුලින්ම ආදරෙයි කියපු හැටි ජන්කූක් එයාව තැනක් නොතැනක් නැතුව ආදරෙන් සිපගත්ත හැටි එයා ලග ජන්කූක් හුරතල් වුනු හැටි ජන්කූක් එක්ක ආදරෙන් එකතු වුනු මොහොතවල් ජන්කූක්ගේ කලාතුරකින් දකින්න ලැබෙන බනී ස්මයිල් එක ටේහ්යුන්ගේ ඇස් ඉදිරියේ මැවිලා බොද වෙලා යන දිහා කොල්ලා හැගීම් විරහිත ඇස් වලින් බලාගෙන හිටියා
ගෙදරට ආවාම ලියාගේ උදව්වෙන් wheelchair එකේ වාඩිවුනු ටේහ්යුන් ගෙදර ඇතුලට ගියා ඉස්සරහට ආපු ජින්වත් ගනන් නොගෙන wheelchair එක තල්ලු කරගෙන එයාගේ රූම් එකට යන දිහා බලාගෙන හිටපු ජින් දොරෙන් ඇතුල් වුනු ලියා දිහා බැලුවා
" මොකද වුනේ ලියා...?"
ලියා හුස්මක් පහත හෙලලා ජින් දිහා දුකින් බැලුවා
" ජන්කූක් හම්බුනා පපා.."
ඊට පස්සේ සිද්ධ වුනු දේවල් ජන්කූක් ආපහු හෙට යන බවත් ලියා ජින්ට කිව්වා
" මේ ප්රශ්න කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැ "
" ටේට ජන්කූක්ව ඕන පපා ඒක එයත් පිලිගන්නවා ඒත් ටේ කැමති නැ ජන්කූක්ට ලං වෙන්න එයාගේ අසනීපේ නිසා මේ දෙන්නා දෙපැත්තට වෙලා දුක් විදිනවා පපා "
ලියා කිව්වා
" ඒක ඇත්ත ලියා ඒත් ජූන් ආපහු ජන්කූක්ට චාන්ස් එකක් දෙයි කියලා හිතන්න බැ ජූන් කියපු දෙයක් ලේසියෙන් වෙනස් කරන කෙනෙක් නෙවෙයි "
ජින් කිව්වේ එදා ටේකුක් දෙන්නා ගැන දැනගත්තාම ජූන් කියපු කතාව මතකයට නැගිලා
" ජන්කූක් ටේට කරේ ලේසියෙන් සමාවදෙන්න පුලුවන් වරදක් නෙවෙයි තමයි පපා ජන්කූක් කරපු දේ ජන්කූක්ගේ කේන්තිය එක්ක සාධාරණ වෙන්න පුලුවන් මොකද මට ටේ කියලා තියෙනවා ජන්කූක් එයාගේ ඔම්මාට ගොඩක් ආදරෙයි කියලා කතාවක් තියෙනවා නේ පපා ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියලා දැන් ජන්කූක් එයාගේ වරද පිලි අරගෙන එයා කරපු දේවල් ගැන පසුතැවෙනවා මම දැකලා තියෙනවා ජන්කූක්ගේ ඇස් ටේහ්යුන් දිහා බලද්දී ආදරෙන් පිරෙනවා ජන්කූක් ටේට ආදරෙයි පපා ටේත් මොන දේ කිව්වත් අදටත් ජන්කූක්ට ආදරෙයි මේ දෙන්නා දෙපැත්තට වෙලා විදවන්න ඕන නැ පපා ජන්කූක්ට චාන්ස් එකක් දෙන්න බැරි ද පපා..?"
මේ ගෙවුණු දවස් කිහිපය ඇතුලත ලියා නිකන් හිටියේ නැ කෙල්ල ජන්කූක් ගැන හෙව්වා ජන්කූක් ටේහ්යුන් ලග දී හැසිරෙන විදියත් අනිත් අය එක්ක හැසිරෙන විදියත් හොදින් නිරික්ෂණය කලා ඉතින් ජන්කූක් පිලිබදව කරපු පරීක්ෂණයේ අවසාන නිගමනය ලෙස ලියා ඉදිරිපත් කලේ ජන්කූක් ටේහ්යුන්ට ආදරෙයි කියලා
" ලියා කියන දේ ඇත්ත මමත් දැකලා තියෙනවා බෙයා ජන්කූක්ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අඩනවා සමහර වෙලාවට බලාගත්තු අත බලාගෙන කල්පනා කරනවා ඇහුවාම කියන්නේ පේෂන් කෙනෙක් ගැන කියලා මගේ අහිංසකයා මේ ප්රශ්න හින්දා ගොඩක් විදවනවා ලියා මේ දේවල් වල අවසානයක් දකින්න මටත් ඕන මම ජූන් එක්ක මේ ගැන කතා කරන්නම්.."
ජින් කිව්වාම ලියා ඔලුව වැනුවා
" එහෙනම් පපා මම ගිහින් එන්නම් හෙට eun woo එනවා කිව්වා "
ලියා ලස්සන හිනාවක් එක්ක කිව්වා
" ඔහ්..! ඒ කියන්නේ අපිට කෙල්ලව තවය් සතියකින්වත් දකින්න ලැබෙන එකක් නැ වගේ "
ජින් ලියාට ඇහැක් ගහලා කිව්වා
" අයියූ පපා ඔයත් එක්ක බැ අනේ මම යනවා '
තොල් පිට පෙරලගත්ත කෙල්ල එලියට යද්දී ජින් හිනා වෙවී කෙල්ල දිහා බලාගෙන හිටියා
" පරිස්සමින් යන්න ලියා "
ජින් කිව්වාම කෙල්ල අතකුත් වනාගෙන ගියා ලියා ගියාම ජින් හුස්මක් පහත හෙලුවා
" මම ඔය දෙන්නාව ආපහු එකතු කරනවා බෙයා..!"
____________________________
ටේහ්යුන් garden එකට වෙලා හිටියා කොල්ලාගේ හිතේ වැඩ කරේ ජන්කූක් අද පැරිස් වලින් යනවා කියන දේ විතරයි ටේහ්යුන් වත්තේ තියෙන මල් දිහා බලාගෙන කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටියේ ඈත ඉතින් ටේහ්යුන් දිහා බලාගෙන හිටපු ජින් කොල්ලා ලගට ගියා එතැන තිබුණු බෙන්ච් එකෙන් ජින් වාඩිවුනා ඒත් ටේහ්යුන් දන්නේ නැ කොල්ලාගේ ලගින් ජින් වාඩිවුනා කියලවත් මොකද ටේහ්යුන් හිටියේ ඒ තරම් ලොකු කල්පනාවක
" බෙයා..!"
ජින්ගේ කටහඩින් ගැස්සිලා ගිය කොල්ලා හිනාවක් එක්ක ජින් දිහා බැලුවා
" පපා කොයිවෙලේ ද ආවේ..?"
ටේහ්යුන් ඇහුවාම ජින් හිනා වුනා
" දැන් ඇවිත් පැයක් විතර වෙනවා.."
" අහ්..?"
" මම දැන් ආවේ බෙයා මම ආවා කියලවත් දන්නේ නැ නේ ඒ තරම් ලොකු කල්පනාවක හිටියේ "
ජින් කිව්වාම කොල්ලා උකුලේ තිබුණු අත් දෙක දිහා බලාගත්තා
" ජන්කූක් ගැන නේද හිතන්නේ "
ජින් කොල්ලා දිහා බලාගෙනම අහද්දී ටේහ්යුන් ජින් දිහා බලලා ඔලුව වනලා ආපහු ඔලුව දෙපැත්තට වැනුවා ජින් කොල්ලාගේ කලබලකාරී හැසිරීම දැකලා ජින්ට පොඩි හිනාවක් ගියා
" ආදරේ හංගන්න උත්සාහ කලාට වැඩක් නැ බෙයා කොයිවෙලාවක හරි ඒ ආදරේ එලියට එනවා.."
ජින් කිව්වාම ටේහ්යුන් ඇස් කොනින් ජින් දිහා බැලුවා
" බෙයා ඇස් පියාගන්න... මම කියන දේ ගැන විතරක් හිතන්න.."
ටේහ්යුන් ඇස් පියාගත්තා
"ලස්සන වෙඩින් එකක් church එකේ දී ගන්නවා මම අප්පා ජිමින් යුංගි අපි හැමෝම වෙඩින් එකට ඇවිත් ඉන්නවා ජන්කූක් අල්තාරේට වෙලා එයාගේ බේබි එනකම් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඔන්න එතකොට පල්ලියේ දොර ඇරෙනවා අප්පාගේ අතකින් අල්ලාගෙන සුරදූතයෙක් වගේ දොරෙන් මතු වෙද්දී හැමෝගෙම ඇස් මගේ බෙයාට යොමු වෙනවා බෙයා ඇවිදගෙන එද්දී ජන්කූක් ඔයා දිහා කවදාවත් දැකලා නැ වගේ බලාගෙන ඉන්නවා අප්පා ඔයාව එක්කගෙන ගිහින් ජන්කූක්ගේ අත මතින් ඔයාගේ අත තිබ්බාම ජන්කූක් ඔයාගේ අත තදින් අල්ලගන්නවා එදා දවසේ ඔය දෙන්නා නීතියෙන් එක් කෙනෙක් වෙනවා
ඔය දෙන්නා එකට ජීවත් වෙනවා අර පුංචි බෝනික්කිගේ පපා තමයි ඔයා උදේට ඔයාගේ හබීව ඇරවන්න ඕන එයාට ඔෆිස් යන්න ඕන නේ මොකද ඔයාගේ හබී හෙනම කම්මැලියෙක් පුංචි බෝනික්කිවත් තුරුල් කරගෙන ඔයාගේ හබී නිදාගෙන ඉන්න දිහා ආසාවෙන් බලාගෙන ඉදලා ඔයා ගිහින් හබීව ඇරවනවා ඔයාගේ හබී ඔයාගෙන් කිස් එකක් හොරකම් කරගෙන තමයි ඇහැරෙන්නේ පුංචි කෙලි පොඩ්ඩගේ හුරතල් දග වැඩ එක්ක ඔයාගේ හබී ආදරය ආරක්ෂාව මැද්දේ සතුටින් ඉන්න ආසයි නේද බෙයා..?"
ජින් කියද්දී ටේහ්යුන්ගේ මූනේ ඇදුනු ආදරනීය හිනාව දිහා බලාගෙන ජින් ඉදියා ටේහ්යුන් ජන්කූක්ගේ ලගට යන්න ඕන වුනත් කොල්ලා අසනීපේ නිසා එයාගේ ආදරේ හිතේ හංගගෙන ඉන්නවා කියන්න ජින්ට තේරුනා ටේහ්යුන් තවත් දුක් විදිනවා දකින්න ජින්ට ඕන වුනේ නැ ඉස්සර කොච්චර දුකක් දුන්නත් ටේහ්යුන්ගේ සතුට රැදිලා තිබුණේ ජන්කූක්ගේ ලග කියන්න ජන්කූක්ගේ නම ඇහුනත් දිලිසෙන ටේහ්යුන්ගේ ඇස් සාක්ෂි දැරුවා
" ඇස් අරින්න බෙයා මොකද හිතන්නේ..? ඔයාට ජන්කූක් එක්ක ආදරෙන් ඉන්න ඕන නේද..? අර පුංචි කෙලි පොඩිත්තගේ පපා වෙන්න ආසයි නේද..? ම්ම් ඔයා තාමත් පරක්කු නැ බෙයා එයාව ඔයාගේ ලග නවත්තගන්න සදහටම ජන්කූක් ඔයාට ආදරෙයි බෙයා ඔය දෙන්නා දෙපැත්තට වෙලා විදවනවා බලන්න මට බැ ඔයාගේ අසනීපේ නිසා නේ ජන්කූක්ව මගහරින්නේ ම්ම් එයාට ඔයාව කරදරයක් නෙවෙයි බෙයා තව ටික කාලෙකින් ඔයා සනීප වෙයි දැන් එයාව නවත්තගන්න බෙයා.."
ජින් කියන හැමදේම ටේහ්යුන් කදුලු පුරවගෙන අහගෙන හිටියා එයාගේ හිත ඉල්ලන්නේ ජන්කූක්ගේ ආදරේ ඒ උනුසුම ඒ අත් අතරේ දැනෙන ආරක්ෂාව ජන්කූක්ගේ ලගට යන්න ටේහ්යුන්ගේ හිත බල කලා
" පපා.."
" කියන්න බෙයා.."
" මාව airport එකට එක්කගෙන ප්ලීස්.."
ටේහ්යුන් කදුලු පුරවගෙන ජින් දිහා කියනකොට ජින්ගේ මූනේ හිනාවක් ඇදුනේ එයා මේ දේ බලාපොරොත්තු වුනු නිසාවෙන්
___________________________
" ප්ලීස් ජන්කුකී මම එනකම් ඉන්න.."
ටේහ්යුන් එයාගේ ෆෝන් එකේ තිබුණු ජන්කූක්ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන මිමිනුවා ඇස් දෙකේ කදුලු පුරවගෙන ජන්කූක්ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන කියවන කොල්ලා දිහා ජින් සැරින් සැරේ බැලුවා
" පපා ඉක්මනට යන්.."
" traffic එකට අහුවෙලා ඉන්නේ බෙයා පුලුවන් ඉක්මනට යන්න ට්රයි කරමු.."
ජින් කිව්වාම ටේහ්යුන් ෆෝන් එක පපුවට තුරුල් කරගෙන ශටර් එකෙන් එලිය බලාගත්තා කොල්ලාට දැන් ඇවිදින්න පුලුවන් වුනා නම් කා එකෙන් බැහැලා දුවලා ගිහින් එයාට තාම ඇවිදින්න බැරි වුනු එක ගැන කොල්ලා හිටියේ ලොකු වේදනාවකින්
වාහන අතරින් එහෙන් මෙහෙන් දාලා විනාඩි 45 ක වගේ කාලයකට පස්සේ airport එකට ආවා ජින්ගේ උදව්වෙන් wheelchair එකේ වාඩිවුනු ටේහ්යුන් wheelchair එක තල්ලු කරගෙන මිනිස්සු අතරින් යන්න ගියා ජින් පස්සෙන් දුවගෙන ඇවිත් wheelchair එක අල්ලගත්තා ටේහ්යුන්ගේ කලබලකාරී ඇස් airport එක පුරාම ගමන් කරනවා ජන්කූක් දකිනකම් කොල්ලාගේ හිතට නිදහසක් තිබුණේ නැ
" බෙයා ඔහොම ඉන්න කොහෙවත් යන්න එපා.."
ජින් එහෙම කියලා යද්දී ටේහ්යුන් දෙවියන්ගෙන් ඉල්ලුවේ ජන්කූක් ගිහින් තියෙන්නේ එපා කියලා කොල්ලාගේ ඇස් වල පිරිලා තිබුණු කදුලු බිදු එක දෙක කඩාගෙන හැලෙද්දී airport එකේ එහෙ මෙහෙ ය්න මිනිස්සු කොල්ලා දිහා බල බලා ගියා
" පපා...!"
තමන්ගේ දිහාට එන ජින් දකිද්දී කොල්ලා මිමිනුවා ජින් ප්රශ්නෙකින් වගේ කොල්ලා දිහා බලාගෙන ඇවිත් ටේහ්යුන් ඉස්සරහ දන ගහගෙන කොල්ලාගේ අත් දෙක තදින් අල්ලගත්තා ටේහ්යුන් ජින්ගේ දිහා බලාගෙන හිටියා
" බෙයා... එයා ගිහින් පැටියෝ...! අපි පරක්කුයි..!"
ජින් කොල්ලා දිහා බලාගෙන දුකින් කියද්දී ජින් අල්ලාගෙන හිටපු ටේහ්යුන්ගේ අත් දෙක කොල්ලා නිදහස් කරගත්තා ටේහ්යුන් ජින් කියපු දේ විශ්වාස කරන්න කැමති වුනේ නැ
" එයාට යන්න බැ පපා..!"
ටේහ්යුන් ඔලුව දෙපැත්තට වනමින් කිව්වා ජින් ආපහු කොල්ලාගේ අත් දෙක අල්ලගත්තා
" ජන්කූක් ගිහිල්ලා පැටියෝ..."
ජින් කිව්වාම ටේහ්යුන්ගේ මුවින් සිහින් ඉකියක් පිට වුනා පුංචි ඉකියකින් පටන් ගත්ත හැඩුම් ටික ටික වැඩි වෙද්දී ජින් කොල්ලව තුරුල් කරගෙන පිටට තට්ටු කලා
" අඩන්න එපා රත්තරං.."
" එ..ය්..යාට.. එ..න්..න ක්..කිය්..න්..න.. ප්..පා.."
අඩන ගමන් ටේහ්යුන් කියද්දී ජින් කොල්ලව තදින් තුරුල් කරගෙන ටේහ්යුන් සනසන්න උත්සාහ කලා ටේහ්යුන් හොදටම අඩනවා කොල්ලාට දැනුනේ එයාගේ වටිනම වස්තුවක් එයාට අහිමි වුනා වගේ
" බේබි..!"
To be continue.................♡︎
අප්ඩේට් පරක්කු වෙනවාට සමාවෙන්න ලමයි කවුරුහරි මැසේජ් එකක් දාලා අප්ඩේට් දෙන්නේ නැද්ද කියලා අහනකොට තමයි මතක් වෙන්නේ කතාවක් ලියනවා කියලා
ඉහිම් ඉහිම්
මේක එක fan fiction එකක් විතරයි ඒක මතක තියාගෙන ඔයාලා කිය්වනවා නම් ඔයත් සතුටින් මමත් සතුටින්🙂🖐️
Bạn đang đọc truyện trên: AzTruyen.Top