59 • 𝙳𝚛.𝙺𝚒𝚖 •
ටේහ්‍යුන් සුපුරුදු පරිදි එයාගේ රාජකාරි සදහා හොස්පිටල් එකට ආවා ජන්කූක් එදා කොල්ලාගේ නිවසට ඇවිත් ගිහින් දවස් දෙකක් එදා ජන්කූක් යූහා බබා එක්ක එලියට ගියාම යුංගි කියපු දේවල් කොල්ලාගේ ඔලුවේ තිබුණේ ඒ කතාව කියලා දින දෙකක් ගත වුනු තැනත් ජන්කූක් ටේහ්‍යුන්ගේ ඇස් ඉදිරියට ආවේ නැති නිසා කොල්ලා හිතුවේ ජන්කූක් පැරිස් වලින් ගිහින් කියලා ටේහ්‍යුන් නලල පිරිමදින ගමන් ඇස් දෙක පියාගෙන හිටියා යුංගිගේ වචන කොල්ලාට නැවත නැවතත් ඇහෙනවා වගේ
Flashback
ජන්කූක් යූනා බබා එක්කගෙන එලියට ගියාට පස්සේ ලිවින් රූම් එකේ ඉතුරු වුනේ ටේහ්‍යුන් සහ යුංගි විතරයි යුංගි ටේහ්‍යුන් දිහා බලලා හුස්මක් පහත හෙලුවා
" ටේහ්‍යුන් එක්ක ටිකක් කතා කරන්න පුලුවන් ද..?"
යුංගි එහෙම කතාව පටන් ගන්න හදද්දී ටේහ්‍යුන් ඔව් කියන්න ඔලුව වනලා කොල්ලාට අවසර දුන්නා
" ජන්කූක් කරපු දේ සම්පූර්ණයෙන්ම වැරදියි කියන්න මම දන්නවා මම කොයිම වෙලාවකවත් කියන්නේ නැ ජන්කූක් හරි කියලා ඒත් ටේහ්‍යුන්ව හොයාගන්න බැරි වෙද්දී උගේ ඇස් වලට ටේහ්‍යුන් පේන්න නොහිටිද්දී ඌ පිස්සෙක් වගේ හැසිරුනේ මම කවදාවත් ඌ එහෙම හැසිරෙනවා දැකලා නැ ටේහ්‍යුන්ව හොයාගෙන ඌ නොගියපු තැනක් නැ ඒ දවස් වල ලීනා මූ නිසා ප්‍රග්නට් වුනා ලීනා ඒ දේවල් එයාගේ ඔම්මා අප්පා එක්ක ඇවිත් ජියොන් අන්කල්ට කිව්වා ඊට පස්සේ හේවොන් ඔම්මා මුගේ මූනවත් බැලුවේ නැ ඒ නිසා මූ තවත් කඩාගෙන වැටුනා "
ජන්කූක්ට ලීනාව මැරි කරන්න වුනු බවත් ඊට පස්සේ සිද්ධ වුනු දේවලුත් යුංගි ටේහ්‍යුන්ට පැහැදිලි කරලා කිව්වා ටේහ්‍යුන් මුකුත් නොකියා යුංගි කියන හැමදෙයක්ම සාවදානව අහගෙන හිටියා
" දවසක් ටේහ්‍යුන් ලියපු ලියුමක් හම්බවෙලා මූ ඒක බදාගෙන හොදටම ඇඩුවා මම ඒ හැමදේම දැක්කා බන් ඌට ගොඩක් දේවල් තේරෙනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි හැමෝම ඌව අතහරිද්දී මටත් ඌව අතහැරලා පැත්තකට වෙන්න බැ බන් මොන වැරැද්ද කරත් ඌ මගේ පුංචි කාලේ ඉදලා යාලුවා මම දැනගෙන හිටියා ඌ කවදාහරි උගේ වරද තේරුම් ගන්නවා කියලා ඒ නිසා මම උගේ ලගින් හිටියා සමහර දවස් තිබුනා බීලා බීලා උබේ ෆොටෝ දිහා බලාගෙන ඔහේ කියවනවා ඌ අන්තිමේ දී ඩ්‍රග්ස් ගත්තා ඒක දැනගත්තාම මම ඌව මැරුවේ නැති ටික විතරයි
'මගේ බේබිට කරපු දේවල් වලට මම විදවන්න ඕන බන්'
ඌ එච්චරයි බන් කිව්වේ සමහර දවස් වලට ඌ උබ ගැන කිය කියා පොඩි දරුවෙක් වගේ අඩනවා උගේ දුක අහන්න හිටියේ මම විතරයි ඌ ගැන හොයන්න හිටියේ මම විතරයි මමත් ඌව අතහැරලා දැම්මා නම් ඌ විනාස වෙනවා බන්
" මගේ බේබි මම අලුතින් කම්පැනියක් ඕපන් කරනවා දකින්න ආසයි බන් මට උදව් කරපන් "
දවසක් ජන්කූක් ඇවිත් මට එහෙම කිව්වා මම පුලුවන් විදියට ඌට උදව් කරා ඒ වගේම ඌ දරුවා හින්දා ලීනා ගැනත් හොයලා බැලුවා දරුවා ලැබෙන්න ගිහින් ලීනා නැති වුනාම මූ ලීනා බදාගෙන කෑගහලා ඇඩුවා ඌ සමාව ඉල්ලුවා හැමදේටම එදා ඉදන් ඌ ජීවත් වුනේ අර පුංචි කෙල්ල නිසා වගේම කවදාහරි එයාගේ බේබිව දකින්න බලාපොරොත්තුවෙන් පුංචි එකී නිසා ඌ බීම ටික ටික නැවැත්තුවා මොනා වුනත් හේවොන් ඔම්මා බබාව බලාගන්න උදව් කලා නැත්නම් ඌයි මායි පුදුම විදියට අසරණ වෙන්නේ "
යුංගි හිනාවක් එක්ක එයාගේ කතාව අවසන් කලා ටේහ්‍යුන් අත් මිටමොලවගෙන හිටියා කොල්ලාගේ ඇස් වල කදුලු පිරිලා තිබුනා
" මම දැන් මොකද්ද කරන්න ඕන යුංගි..? ජන්කූක්ට සමාව දෙන්න කියලා ද..? එයා වගේම මමත් විදවනවා යුංගි මට ඇවිදගන්න බැරුව මම කොච්චර විදවනවා ද දන්නවා ද මගේ අප්පා පපා මගේ දිහා බලාගෙන කොච්චර දුක් වෙනවා ද දන්නවා ද..? අවුරුදු හයක් තිස්සේ බෙහෙත් කරත් තාම මට සනීප නැ ඒ ගැන හිතලා මගේ පපා හැමෝමට හොරා අඩනවා යුංගි "
ටේහ්‍යුන් කදුලු පුරවගෙන කියද්දී යුංගි බිම බලාගත්තා ටේහ්‍යුන් කියන කතාව ඇත්ත කොල්ලා දිහා බලාගෙන එයාගේ අප්පායි පපයි කොච්චර දුක් වෙනවා ඇද්ද..? ඒ හැමදේටම ජන්කූක් නේද හේතුව වුනේ ඉතින් ජන්කූක්ට කොහොමද එකපාරට සමාව දෙන්නේ..?
" මට ටේහ්‍යුන් ඉන්න තත්ත්වය තේරෙනවා ඒත් ඌට හැදෙන්න අවස්ථාවක් දෙන්න බැරි ද..? ඌ උගේ වැරදි තේරුම් අරගෙන ඉන්නේ ජන්කූක් උබට ආදරෙයි බන් මම කියන නිසාවත් ඌට එක චාන්ස් එකක් දීපන් ටේහ්‍යුන් මම උබෙන් ඉල්ලන්නේ එච්චරයි පොඩ්ඩක් මේ ගැන හිතපන් ඌට ආදරේ ඕන ටේහ්‍යුන් ඌ හොයන ආදරේ ලෝභ නැතුව දෙන්න පුලුවන් උබට විතරයි ප්ලීස් බන් මම මෙච්චර කිය්න නිසාවත් ඌට චාන්ස් එකක් දීපන් "
යුංගි කිව්වාම ටේහ්‍යුන් මුකුත් නොකියා හිටියා කොල්ලාගේ හිත ජන්කූක්ට සමාවදෙන්න ඕන කිව්වත් මොලේ නම් කිව්වේ ආපහු මෝඩ තීරණයක් ගන්න හදන්නේ ජන්කූක්ට සමාවදෙන්න එපා කියලා
Flashback Over
යුංගිගේ වචන අතරේ අතරමං වෙලා හිටපු ටේහ්‍යුන් මේ ලෝකෙට ආවේ ටේබල් එක මත තිබුණු ලෑන් ෆෝන් එක රින් වුනු නිසාවෙන්
" Good Evening Dr.Kim ඩොක්ටර්ව හම්බවෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා appointment එකක් දාලා නැ ඩොක්ටර්ටව ඉක්මනට මීට් වෙන්න ඕන ලු urgent දෙයක් කියලා මොකද කරන්නේ ඩොක්ටර් එයාව එවන්න ද..?"
" ම්ම්හ් එවන්න.."
ටේහ්‍යුන් එහෙම කියලා ෆෝන් එක තිබ්බා මේ හදිස්සියේ ආවේ කවුද කියලා හිතන ගමන් කොල්ලා පේෂන් කෙනෙක්ගේ ෆයිල් එකක් දිගහැරියා ඒත් එක්කම දොරට තට්ටු කරනවා ඇහුනු නිසා කොල්ලා එයාට ඇතුලට එන්න කිව්වේ ෆයිල් එක දිහා බලාගෙනම
" Take a sit.."
ටේහ්‍යුන් තවමත් ෆයිල් එක දිහා බලාගෙන පිලිතුරු දුන්නා නමුත් ආපු කෙනා නම් වාඩිවුනේ නැ ඒ නිසා ටේහ්‍යුන් ඔලුව උස්සලා තමන්ගේ ඉස්සරහ ඉන්න කෙනා දිහා බැලුවා ටේහ්‍යුන්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනේ එයා කොහොමටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක් එයාගේ ඇස් ඉදිරියේ දත් තිස් දෙකත් විරිත්තගෙන ඉන්න නිසාවෙන් ටේහ්‍යුන්ට එක තත්පරේකට හිතුනා එයාට මේ දේවල් මැවිලා පේනවා කියලා කොල්ලා ඒ නිසා වේගෙන් ඇසිපිය ගැහුවා
" හායි බේබි...!"
ජන්කූක් එයාගේ බනී ස්මයිල් එකකින් ටේහ්‍යුන්ට සංග්‍රහ කරන ගමන් ඇහුවා
" තමුන් මොනාද මෙහේ කරන්නේ ජන්කූක් "
ටේහ්‍යුන් රවාගෙන කොල්ලගෙන් ඇහුවා
" මම ආවේ මගේ කියුට් බෝයිෆෙන්ඩ් බලන්න "
ජන්කූක් කොල්ලාගේ ඉස්සරහින් වාඩිවෙන ගමන් කිව්වා
" ඉතින් බෝයිෆෙන්ඩ් බලන්න ආවා නම් බලාගෙන යන්න මෙතන මට වදයක් නොවී "
ටේහ්‍යුන් ආපහු තමන්ගේ ඇස් ෆයිල් එක පැත්තට හරවගෙන කිව්වා
" ඒක තමයි මම කරන්නේ "
" මොකද්ද "
" බෝයිෆෙන්ඩ් දිහා බලාගෙන ඉන්නවා "
ජන්කූක් නිකටට අතකුත් තියාගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන කිව්වාම ටේහ්‍යුන් ෆයිල් එක සද්දෙට වහලා කොල්ලා දිහා බැලුවා
" මිස්ටර් ජියොන් ජන්කූක් මම තමුන්ගේ බෝයිෆෙන්ඩ් නෙවෙයි දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නේද හරියට හැසිරෙනවා "
ටේහ්‍යුන් කේන්තියෙන් කිව්වාම ජන්කූක් නැගිටලා වටෙන් ඇවිත් කොල්ලා ඉස්සරහ දන ගහගෙන ටේහ්‍යුන්ගේ අත් දෙක අල්ලගත්තා
" බේබි....මට ආපහු චාන්ස් එකක් දෙන්න බැරී ද..? මම මගේ වැරැද්ද පිලිගන්නවා ආපහු එහෙම දෙයක් මගේ අතින් වෙන්නේ නැ අයි ප්‍රොමිස් යූ බේබි මට ඔයාව ඕන බේබි ඔයාගේ ජන්කුකීට එයාගේ බේබිව ගොඩක් මිස් වෙනවා ප්ලීස් බේබි මට අවසාන වතාවට චාන්ස් එකක් දෙන්න මම ඔයාට පුංචි හරි වේදනාවක් නොදී පරිස්සමින් බලාගන්නම්.."
ජන්කූක් ටේහ්‍යුන්ගේ ඇස් දිහා බලාගෙන කිව්වා
" මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ ජන්කූක්...?"
" බේබි.."
" විශ්වාසය කියන්නේ වීදුරුවක් වගේ ජන්කූක් ඒක බිදිලා ගියොත් ආපහු තිබුණු තත්ත්වයට පත් කරන්න අමාරුයි පුංචි හරි ඉරි තැලීමක් හිටිනවා ඒ වගේ තමයි ජන්කූක් විශ්වාසය එක පාරක් විශ්වාසය කඩ වුනොත් ආපහු මුල තිබුනු තත්ත්වයට පත් කරන්න අමාරුයි "
ටේහ්‍යුන් කියද්දී ජන්කූක් අහගෙන හිටියා කොල්ලා කරපු දේවල් වල බරපතලකම දැන් තමයි එයාට තේරෙන්නේ
" මට සමාවෙන්න බේබි...! ප්ලීස් එක පාරක් මාව විශ්වාස කරන්න බැරි ද..? එකම එක පාරක් මම මෙච්චර කියන නිසාවත් "
ජන්කූක් ආයාචනාත්මකව ඉල්ලද්දී ටේහ්‍යුන්ට දුක නොහිතුනාම නෙවෙයි ජන්කූක් කියන්නේ ආඩම්බරකාර කොල්ලෙක් ඉතින් එහෙම කොල්ලා මෙහෙම තම්න් ඉස්සරහ දනගහගෙන එයාව විශ්වාස කරන්න කියලා ඉල්ලද්දී ටේහ්‍යුන්ට පුංචි දුකක් ඇති වුනා මොනා වුනත් ටේහ්‍යුන් කැමති නැ ජන්කූක් කවුරුවත් ඉස්සරහ ඔලුව නවාගෙන ඉන්නවාට ටේහ්‍යුන් කැමති වුනේ ජන්කූක් හැමෝම ඉස්සරහ ඔලුව කෙලින් තියාගෙන ආඩම්බරයෙන් ඉන්නවා දකින්න
" හරි ජන්කූක් මම ඔයාට සමාව දීලා ඔයා එක්ක එකට ජීවත් වෙන්න ආවා මට ඇවිදගන්න බැ තව පොඩි දරුවෙක් ඉන්නවා ඔයා කොහොමද මේවා බැලන්ස් කරගන්නේ ඔයාට මගේ ගැනයි දරුව ගැනයි දෙන්නා ගැනම බලන්න වෙනවා මට කියලා දරුවා තනියෙන් බලාගන්න බැ නේ ඔයාට අපි දෙන්නාවම බලාගන්න බැ ජන්කූක් ඔයා මම ගැන බලන්න ගියොත් අර පුංචි දරුවා ගැන බලන්න වෙන්නේ නැ ඒ නිසා තේරුම් ගන්න ජන්කූක් අපිට එකට ඉන්න බැ මට අතීතයේ ඔයා කරපු කියපු කිසිදෙයක් අමතකත් නැ ජන්කූක් මම කොහොමද ආපහු ඔයාව විශ්වාස කරන්නේ..? ඔයාට ඕන වෙලාවට ලගට ගන්නයි එපා වෙලාවට අයින් කරන්නයි මම සෙල්ලම් බඩුවක් නෙවෙයි ජන්කූක් මං ගැන බලන්න කලින් අර අහිංසක පුංචි දරුවා වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න දැන් යන්න ජන්කූක් මට වැඩ තියෙනවා "
ටේහ්‍යුන් එහෙම කියලා ජන්කූක් අල්ලාගෙන හිටපු එයාගේ අත් නිදහස් කරගෙන ආපහු ෆයිල් එක දිගහැරියා ටේහ්‍යුන් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජන්කූක් නැගිට්ටා
" මම යන්නම් බේබි පරිස්සමින් ඉන්න "
ජන්කූක් කොල්ලාගේ ඔලුව අතගාලා කියලා ටේහ්‍යුන්ගේ කැබින් එකෙන් එලියට ගියාම කොල්ලා කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා
___________________________
" බෙයා මොනාද කල්පනා කරන්නේ..?"
ජන්කූක් හොස්පිටල් එකට ඇවිත් ගියාට පස්සේ කොල්ලාට තවත් එතැන රැදිලා වැඩක් කරන්න පුලුවන් මානසිකත්වයක් තිබුණේ නැ ගෙදර ඇවිත් ජින්ගේ උදව්වෙන් වොෂ් එකක් දාගත්ත ටේහ්‍යුන් ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා කල්පනා කර කර ඉන්නකොට කොල්ලාට කෑම අරගෙන ජින් ආවා
" මුකුත් නැ පපා "
කොල්ලා හිනාවක් එක්ක කිව්වත් ටේහ්‍යුන් ඉන්නේ ජන්කූක් ගැන හිතමින් කියලා ජින් දන්නවා
" මුකුත් නැති වෙන්න බැ.. ජන්කූක් ගැන ද හිතුවේ ම්ම්.."
ජින් ඇහුවාම ටේහ්‍යුන් ජින් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ඔව් කියන්න ඔලුව වැනුවා
" එයා මගෙන් තව අවස්ථාවක් ඉල්ලුවා පපා"
ටේහ්‍යුන් හුස්මක් පහත හෙලලා කිව්වා
" බෙයා මොකද හිතන්නේ එයාට අවස්ථාවක් දෙන්න ඕන ද..?"
" යුංගි කියන දේවල් එක්ක ජන්කූක් ඉන්නේ තනිවෙලා පපා ඒ නිසා එයා ආදරේ ගොඩක් බලාපොරොත්තු වෙනවා මට ඒක ජන්කූක් මගේ ලග හැසිරෙන විදියෙන් තේරුනා ඒත් පපා එයාට පොඩි දරුවෙක් ඉන්නවා ඒ දරුවවත් තනියෙන් බලාගන්න අමාරු ජන්කූක් කොහොමද පපා ඇවිදින්න කකුල් පන නැති මාව බලාගන්නේ..?"
ටේහ්‍යුන් ජින් දිහා බලාගෙන කිව්වා කොල්ලා එයාට ඇවිදින්න බැරි නිසා මානසිකව වැටිලා ඉන්නේ කියන්න ජින් දන්නවා පුංචි දරුවොන්ගේ මෙන්ටලි ප්‍රශ්න විසදුවාට අනිත් අයට කොච්චර දාර්ශනික විසදුම් දුන්නත් තමන්ගේ ප්‍රශ්නයකදී එහෙම නැ
" බෙයා ඔයාට ඉක්මනට සනීප වෙයි ම්ම් ඒ ගැන හිතන්න එපා දැන් ට්‍රීට්මන්ට්ස් වලින් ටිකක් හරි හොද ප්‍රතිඵලයක් තියෙනවා නේ හරි බෙයා අපි මෙහෙම හිතමුකෝ ඔයා හොදින් ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැ එහෙම වුනා නම් ඔයා ජන්කූක්ට තව අවස්ථාවක් දෙනවාද..?"
ජින් කොල්ලාගේ ඇස් දිහා බලාගෙන ඇහුවා
" සමහරවිට...!"
මදක් නිහඩව හිටපු ටේහ්‍යුන් උත්තර දුන්නා
" ඒක මගේ ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි බෙයා ඔයා ඔයාගේ හදවතින් අහලා බලන්න එයාට තව චාන්ස් එකක් දෙන්න ඕන ද් කියලා දැන් මේක කන්න බෙහෙත් බීලා නිදාගන්න "
ජින් එහෙම කියලා කොල්ලාට කවන්න පටන් ගත්තා ටේහ්‍යුන් මුකුත් නොකියා කෑවා කොල්ලා එයාගේ හදවතින් අහලා බැලුවා ජන්කූක්ට චාන්ස් එකක් දෙන්න ඕන ද කියලා ඒත් කොල්ලාට හරි ආකාර පිලිතුරක් ලැබුනේ නැ එයා බයයි ආපහු සැරයක් රැවටෙන්න ආපහු ඒ විදපු වේදනාවන් විදින්න ආපහු ජන්කූක් කේන්ති අරගෙන ඒ දේම කලොත් වෙන්නේ ටේහ්‍යුන්ට තනිවෙන්න ඉතින් ටේහ්‍යුන් එතැනිනදී අසරණ වුනා
__________________________
පැරිස් වල තිබුණු ප්‍රසිද්ධ එලිමහන් restaurant එකකට යුංගි ආවේ ඔහුගේ දහවල් ආහාර වේල ලබා ගැනීමේ අරමුනින් හැබැයි කොල්ලාට දවල්ට කනවාට වඩා අරමුනක් තිබුනා යුංගි රෙස්ටූරන්ට් එකේ ටේබල් එකක වාඩිවෙලා තමන්ගේ ඕඩර් එක දීලා වටපිට බලමින් ඉන්නකොට දැක්කේ එයා හිටපු ටේබල් එකට ටිකක් එහායින් ටේබල් එකක වාඩිවෙලා ඉන්න දැකලා පුරුදු කෙනෙක්ව ඒ කෙනාව දැක්ක ගමන් යුංගිගේ මූනේ හිනාවක් ඇදුනා
කොල්ලා දිගටම ඒ කෙනා දිහා බලාගෙන ඉදිද්දී ඒ කෙනා යුංගි දිහා බලනකොට කොල්ලා සට ගාලා ෆෝන් එක අරගත්තා ඒත් කොල්ලා ඇස් කොනින් ඒ කෙනා දිහා බලාගෙන හිටියා ටික වෙලාවකින් යුංගිගේ ඕඩර් එක ආවා කොල්ලාට ඇස් කොනින් පේනවා ඒ කෙනා එයා දිහා සැරින් සැරේ බලනවා කියලා කට කොනින් හිනා වුනු යුංගි කෑම එකත් භාගෙට කාලා ඒ කෙනාගේ ටේබල් එක ලගට ඇවිදගෙන ගිහින් එතැනින් වාඩිවුනා
" දැන් ඇති තරම් මගේ දිහා බලාගෙන ඉන්න කියුටී.."
යුංගි කිව්වාම ජිමින් කොල්ලාට රැව්වා මේ රෙස්ටූරන්ට් එකට යුංගි එන්න හේතුව වුනේ ජිමින් නිතර නිතර මෙහෙට එනවා කියලා ටේහ්‍යුන්ගෙන් දැනගත්ත නිසා ඉතින් කොල්ලා හිතුවා වගේම එයාගේ කියුටී ඇවිත් හිටියා
" මම නම් කවුරුවත් දිහා බැලුවේ නැ "
ජිමින් රවාගෙන කොල්ලාට කිව්වා හැබැයි ජිමින් කියපු දේ නම් ඇත්ත නෙවෙයි කොල්ලා යුංගි දිහා සැරින් සැරේ බැලුවා ජිමින් කොරියාවෙන් එනකොට හිටපු යුංගිට වඩා දැන් ඉන්න යුංගි ගොඩක් වෙනස් වෙලා හැන්සම් වෙලා කොල්ලාට තියෙන්නේ clod පෙනුමක් ඒ වගේම ඉස්සර තිබුණු ආඩම්බරකම පොඩ්ඩක්වත් අඩු වෙලා නැ
වටේ පිටේ ඉන්න කෙල්ලෝ යුංගි දිහා සැරින් සැරේ බලනකොට ජිමින්ට ඔක්කොටම වඩා කේන්තියි ඒ නිසායි ජිමින් යුංගිට රැව්වේ
" ඒ වුනාට මම දැක්කා නේ කියුට් කොල්ලෙක් මගේ දිහා සැරින් සැරේ බලනවා"
යුංගි අමුතු හිනාවක් එක්ක කිව්වා ජිමින් ඇහිබම හීනි කරගෙන කන්න පටන් ගත්තා
" කියුටී... දැන් ඇති නේද..?"
ජිමින්ගේ අතක් අල්ලගත්ත යුංගි ඇහුවා
" මොකද්ද ඇති.."
යුංගි අල්ලාගෙන ඉන්න තමන්ගේ අත දිහා බලාගෙන කිව්වා
" අපි ඈත් වෙලා හිටියා.."
යුංගි කිව්වාම ජිමින් හිනා වුනා
" ඔයාට ඔය දේවල් එදා හිතන්න තිබුනා යුංගි "
ජිමින් තමන්ගේ අත යුංගිගේ අතින් නිදහස් කරගන්න ගමන් කිව්වා
" කියුටී... මොන වැරැද්ද කරත් ඌ මගේ යාලුවා මට ඌව අතහරින්න බැ බන් තේරුම් ගනින් උගේ ඔම්මා පවා ඌව අතහැරලා දාලා තියෙද්දී මටත් කියන්නේ අහක බලාගන්න කියලා ද..? උබව මට හම්බවෙන්න කලින් මට ඌව හම්බවුනේ මොන මගුල වුනත් මම ඌ එක්ක ඉන්නවා "
යුංගි කියද්දී ජිමින් කට කොනින් හිනා වුනා
" එතකොට ඔයාගේ මහ ලොකු යාලුවා ටේට කරපු දේවල් හරි ද..?"
" මම ඌ කරපු දේ කොයිම වෙලාවකදීවත් හරි කියන්නේ නැ කියුටී ඒත් දැන් ඌ උගේ වැරැද්ද තේරුම් අරන් ඉන්නේ ඌට දැන් ඒක හදාගන්න අවස්ථාවක් ඕක කියුටී අපි ඒ දෙන්නාට එකතු වෙන්න උදව් කරන්න ඕන ඒ දෙන්නා දෙපැත්තට වෙලා දුක් විදිනවා "
යුංගි සන්සුන් හඩකින් කිව්වා
",ආපහු ටේහ්‍යුන්ව රවට්ටලා දාලා යන්න ද ඒ දෙන්නව එකතු කරන්න ඕන විකාර කතා නොකියා ඉන්න යුංගි ජන්කූක් වගේ කෙනෙක්ට ටේව ගැලපෙන්නේ නැ ආපහු අප්පා නම් කොහොමටවත් මේකට් කැමති වෙන්නේ නැ ඒ නිසා යාලුවත් එක්කගෙන මෙහෙන් ගියා නම් තමයි හොද මට තමුන්ව පෙන්නන්න බැ "
ජිමින් කොයිවෙලෙත් හරහට කතා කරද්දී මෙච්චර වෙලා කේන්තිය පාලනය කරගෙන හිටපු යුංගිගේ ඉවසීම පැන්නා යුංගි අත මිට මොලවලා ටේබල් එකට ගැහුවාම ජිමින් ගැස්සිලා ගියා කොච්චර කට කියෙව්වත් යුංගිට කේන්ති ගියාම කොල්ලා යුංගිට බයයි
" මොකද තමුසේ කොයිවෙලෙත් හරහට කතා කරන්නේ මිනිස්සු අතින් වැරදි වෙනවා ඒවා හදාගන්න අවස්ථාවක් දෙන්න ඕන මගේ එකා වැරදියි ඔව් මම ඒක ඕන තැනක පිලිගන්නවා ඌත් ඒක පිලිගන්නවා දැන් ඌට වැරැද්ද හදාගන්න චාන්ස් එකක් ඕන තමුසෙගේ ටේත් ඉන්නේ ජන්කූක් නැතුව දුකින් තමන් ආදරේ කරන කෙනා තමන් ලග නැති වෙනකොට දැනෙන පාලුව දුක මම හොදට දන්නවා මගේ එකා තවත් විදවනවා දකින්න ඕන් නැති නිසා තමුසේ එක්ක කතා කරලා උන් දෙන්නා එකතු කරන්න හැදුවේ ඒත් තමුසේ කොයිවෙලෙත් හරහට කතා කරන්නේ අපරාදේ මම තමුසෙව හම්බවෙන්න ආවේ "
යුංගි කේන්තියෙන් කියවගෙන යද්දී වටේ ඉන්න අයත් ඒ දිහා බලාගෙන හිටියා ඒ අයට යුංගි කියපු දේවල් හරියට නොතේරුනත් කොල්ලා බනිනවා කියන එක තේරුනා හැමෝම ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්න නිසා ජිමින්ට අපහසුවක් දැනුනා
" එදා කේන්ති ගිහින් තමුසෙට අත උස්සපු එකට සමාවෙන්න තමුසෙට ඕන නම් මම වැද වැටිලා දනගහගෙන සමාව ඉල්ලන්නම් තමුසේ හරි ආසයි ඒ වැඩේට හහ්..! තමුසෙට මාව පෙන්නන්න බැ කිව්වා නේ හරි තමුසෙට අදින් පස්සේ මගේ හෙවනැල්ලවත් දකින්න ලැබෙන්නේ නැ තමුසෙට සතුටුයි නේ දැන් ඒක නේ කරගන්න ඕන වුනේ මම යන්නම්"
යුංගි කියවගෙන ගිහින් පුටුවටත් පයින් ගහගෙන කේන්තියෙන් යන දිහා ජිමින් බලාගෙන හිටියා කොල්ලටත් නොදැනීම ඒ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටුනා යුංගි අන්තිමට කියපු ටික ජිමින්ගේ ඔලුව ඇතුලේ දෝංකාර දුන්නා ආපහු කවදාවත් යුංගි දකින්න නොලැබෙයි ද කියලා කොල්ලාගේ හිත කොල්ලගෙන් ප්‍රශ්න කලා ඒකට හරි උත්තරයක් දෙන්න ජිමින්ගේ හිත දැනගෙන හිටියේ නැ
යුංගිගේ රුව කොල්ලාගේ ඇස් මානෙන් මැකිලා යද්දී ජිමින්ට ඉකි ගැසුනා ජිමින් කටට ආවාට කිව්වාට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැ ජිමින්ට ඇඩුනා කොල්ලා ඉකි ගසමින් අඩන්න ගනිද්දී එතැන වටේ හිටපු අය කොල්ලා දිහා දුකින් බලාගෙන ඉදිද්දී දෙතුන් දෙනෙක් කොල්ලා එක්ක කතා කරලා අඩන්න එපා හැමදේම හරියයි කියලා කිව්වා
ඉතින් හැමදේම හරි යයිද..?
To be continue................♡︎
මම කිසිවක් නොකියමි
තව චැප්ටර් 06
Bạn đang đọc truyện trên: AzTruyen.Top