58 • 𝙻𝚘𝚟𝚎 𝙼𝚎 𝙰𝚐𝚊𝚒𝚗 •
එදා ජන්කූක් හම්බුනාට පස්සේ ටේහ්‍යුන් ගෙදරින් එලියට ගියේ නැ කොල්ලා ගෙදරටම වෙලා හිටියා කොල්ලා ජින්ට ජන්කූක් හම්බුනු වගක් කිව්වේ නැ ජිමින් ලියා දෙන්නා කොයිවෙලෙත් ටේහ්‍යුන් බලන්න ආවා ටේහ්‍යුන් වෙනසක් නොපෙන්වා අනිත් අය එක්ක කතා බහ කරලා හිටියා කොල්ලාට හැමවෙලේම ජන්කූක්ගේ දගකාර කෙලි පොඩිත්ත නම් මතක් වුනා ආපහු ඒ පුංචි සුරංගනාවි දකින්න හිත ඉල්ලුවත් කොල්ලා ඒ අදහස හිතින් අතහැර ගත්තා ඉතින් ඔහොම දවස් ගානක් ගෙවිලා ගියේ ටේහ්‍යුන් පුංචි කෙලි පොඩිත්තගේ මතකය එක්ක දින ගත කරද්දී
අදත් සාමාන්‍ය දවසක් ටේහ්‍යුන් දවස් ගානකට පස්සේ අද හොස්පිටල් එකට ගියා එදා දවස පුංචි දරුවෝ එක්ක ගත කරපු ටේහ්‍යුන් ජිමින් එක්ක හොස්පිටල් එකෙන් එලියට ආවා අද ලියාට ටේහ්‍යුන් ගන්න එන්නේ වෙන්නේ නැති නිසා ජිමින් ආවේ කොල්ලෝ දෙන්නා හොස්පිටල් එකෙන් එලියට යනවත් එක්කම එයාලගේ ඉස්සරහට ආවේ බලාපොරොත්තු නොවුනු කෙනෙක්
ඒ කෙනා ඇස් වල කදුලු පුරවගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදිද්දී කොල්ලා හැගීම් විරහිත ඇස් වලින් වෙනතක් බලාගෙන හිටියා ජිමින් නම් හිටියේ කේන්තියෙන් පුපුරන ගමන්
" බේබි....!"
ඔව් ඒ ජන්කූක් තමයි දව්ස් ගානක් තිස්සේ ඇවිදලා ඇවිදලා අද තමයි කොල්ලා ටේහ්‍යුන්ව හොයාගත්තේ ඒත් ජන්කූක් ටේහ්‍යුන්ව මෙහෙම wheelchair එකක ඉන්නවා දකින්න බලාපොරොත්තු වුනේ නැ ටේහ්‍යුන් දැක්කාම ජන්කූක්ගේ ඇස් වලට කදුලු පිරුනා
" බේබි... මොකද වුනේ...? ඇයි මෙහෙම ඉන්නේ..? ඔයාට මොකද වුනේ මට කියන්න "
ජන්කූක් කොල්ලා ඉස්සරහ දන ගහගෙන ටේහ්‍යුන්ගේ අතකින් අල්ලාගෙන ඇහුවා ටේහ්‍යුන් ජන්කූක් අල්ලාගෙන හිටපු අත ඇදලා අරගත්තේ ජන්කූක් දිහාට එක බැල්මක්වත් නොදමින්
" හහ්...! තමුසෙට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ජන්කූක් ඔක්කොම කරලා ඉවර වෙලා තව මොකද වුනේ කියලාත් අහනවා.. තමුසේ නිසා තමයි ටේහ්‍යුන්ට මෙහෙම වුනේ ජන්කූක් තමුන්ට ආදරේ කරපු වරදට තමයි මේ අහිංසකයා දුක් විදින්නේ... තවත් මේ කොල්ලාට කරදර නොකර තමුන්ගේ වයිෆ් එක්ක හොදින් ඉන්නවා ඒ කෙල්ලටවත් තමුසේ අවංක වෙනවා "
ජිමින් කේන්තියෙන් කියාගෙන ගිහින් ටේහ්‍යුන් එක්කගෙන යද්දී ජන්කූක් එතැනම ගල් ගැහිලා වගේ හිටියා කොල්ලාගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටුනා ජිමින්ගේ වචන ජන්කූක් ඔලුව ඇතුලේ දෝංකාර දෙද්දී කොල්ලා ඔලුවත් අල්ලාගෙන නැගිට්ටා ජන්කූක්ගේ හිස පැලෙන්න තරම් වේදනා දෙද්දී කා එකට නැගපු කොල්ලා කොහෙද යන්නේ කියලවත් නොහිතා ඔහේ ගමන් කලා
ජන්කූක්ගේ ඔලුවේ වැඩ කරේ ජිමින්ගේ වචන වගේම ටේහ්‍යුන් එයාව සතපහකටවත් ගනන් නොගෙන අහක බලාගෙන හිටපු විදිය වුනේ මොකද්ද කියලා හරියට නොදන්නවා වුනත් ටේහ්‍යුන් අද wheelchair එකට වැටෙන්න තමන් හේතුවක් වුනාම කිව්වාම කොල්ලාට දරාගන්න බැරී වුනා එදා හිතේ තිබුණු කේන්තියට දුර දිග නොබලා කරපු දේවල් නිසා එයාගේ බේබිට මෙච්චර විදවන්න වෙයි කියලා ජන්කූක් හිතුවේ නැ
කොල්ලාගේ ඇස් කදුලු වලින් බොද වෙලා යද්දී ජන්කූක්ගේ මතකයට නැගුනේ ටේහ්‍යුන් එක්ක ගෙවුණු සුන්දර දවස් එයාලා එකට හිනා වුනු හැටි ටේහ්‍යුන්ගේ රතු වුනු කම්බුල් දකින්න ආසාවට කොල්ලව කිස් කරන හැටි ටේහ්‍යුන් කේන්ති ගස්සන්න විකාර වැඩ කරන හැටි ටේහ්‍යුන් එයත් එක්ක පුංචි බබෙක් වගේ හුරතල් වුනු හැටි එයාලා ආදරෙන් එකතු වුනු හෝරාවන් හැමදෙයක්ම ෆිල්ම් එකක් වගේ කොල්ලාගේ ඇස් ඉදිරියේ මැවිලා පෙනෙද්දී ජන්කූක්ට කටි පිට වුනේ වචන තුනක් විතරයි
" මට සමාවෙන්න බේබි...!"
____________________________
අදත් වෙනදා වගේ සාමාන්‍ය දවසක් වුනා ටේහ්‍යුන් ලියා එක්ක හොස්පිටල් එක ලග තිබුණු කොෆි ශොප් එකට ආවා එක දිගට වැඩ කරලා ඇගට දැනුනු මහන්සිය මදක් හෝ අඩු කරගැනීමට මේ කොෆි ශොප් එකට එන්න ටේහ්‍යුන් ලියා දෙන්නා පුරුදු වෙලා තිබුනා ඒ දෙන්නා නිතර නිතර එන නිසා කොෆි ශොප් එකේ අය ටේහ්‍යුන් ලියා දෙන්නා හොදින් අදුරනවා
" අහිංසක සුන්දර සුකුමාල ඉටි රූපයක් වගේ කෙල්ලෙක් ඉස්සරහ තියාගෙන අහ්ක බලාගෙන පොලොවේ ඉදන් අහසට පාලමක් බදින්න වගේ මොනාද දොස්තර මහත්තයෝ කල්පනා කරන්නේ...?"
ලියා ඇහුවේ ආපු වෙලාවේ ඉදලා වැඩි කතා බහක් නැතුව කෝපි පිරුනු මග් එක දිහා බලාගෙන කල්පනාවක ඉන්න ටේහ්‍යුන්ගෙන් ලියාගේ කතාවක් එක්ක හිනා වුනු ටේහ්‍යුන් කෙල්ල දිහා බැලුවා
" කවුද බන් අහිංසක...? උබ වගේ වල් කෙල්ලෙක් මේ ලෝකෙම නැතුව ඇති..! අනික කවුද කියන්නේ උබ ඉටි රූපයක් වගේ කියලා දෙවියෝ ලොකු හදිස්සියක ඉන්න වෙලාවක තමයි උබව මවලා තියෙන්නේ... වැදිරියෙක් වගේ...!"
ටේහ්‍යුන් හිනාව කාගෙන කිව්වා ලියා අවුස්සලා ගන්න ආතල් එක මී හරක් පට්ටියක් අවුස්සලාවත් ගන්න බැ කියලා දන්න ටේහ්‍යුන් පුරුද්දට වගේ ලියාව අවුස්සනවා කෙල්ලත් ඉතින් හිරෝෂිමාවට ගහපු බෝම්බේ වගේ තමයි
" බබා...!"
ටේහ්‍යුන් හිතුවාට වඩා වෙනස්ම ප්‍රතිචාරයක් ලියාගෙන් ලැබෙද්දී කොල්ලාගේ කට ඇරුනා
" මොකා...? උබට ලෙඩක් ද ලියා...?"
ලියා දිහා බයෙන් වගේ බලාගෙන ඇහුවා
" අනේ නැ රත්තරනේ මම මේ හොදින් ඉන්නේ "
ටේහ්‍යුන්ගේ අතකිනුත් අල්ලාගෙන හරි ආදරෙන් කොල්ලා දිහා බලන ගමන් ලියා කිව්වාම ටේහ්‍යුන්ගේ ඇස් ජිල් බෝල සයිස් වෙලා කොල්ලා ලෝකේ අටවැනි පුදුමය දැක්කා වගේ ලියා දිහා බලාගෙන හිටියා ලියා අල්ලාගෙන හිටපු ටේහ්‍යුන්ගේ අත කොල්ලා ඇදලා ගන්න හදද්දී ලියා තදින් කොල්ලාගේ අත අල්ලගත්තා
" වැඩේ කන්න එපා බකුස්සෝ...! තොගේ කුකුල් කුමාරයා පිටිපස්සේ ඉන්නවා පොල් හරකා වගේ හැරෙන්න එපා මයේ අම්මා "
ලියා දත් තිස් දෙකම විරිත්තගෙන වෙනසක් නොපෙන්වා ටේහ්‍යුන්ට විතරක් ඇහෙන්න කිව්වා
" ඉතින් එයා හිටියා කියලා මොකද උබ ඔහොම හැසිරෙන්නේ "
ඒ වෙලාවේ නම් ලියාට හොද වර්ගයේ තිරුවානා ගලක් අරගෙන ටේහ්‍යුන්ගේ ඔලුව පැලෙන්න නෙලන්න හිතුනා තරහ පාලනය කරගන්න හුස්මක් පහත හෙලපු ලියා ටේහ්‍යුන්ගේ අත එයාගේ අත් වලට මැදි කරගත්තා
" ඇයි බූරු මිනිහෝ තෝ එදා මේ මසල් කුකුලාට කිව්වේ මගේ තොගේ වයිපරේ කියලා දැන් ඉතින් වයිපර් හස්බන්ඩා ඩ්‍රාමා එක continue කරගෙන යමු.."
ලියා හිනාව පෙන්නගෙන කියද්දී ටේහ්‍යුන් කෙල්ලගේ අතක් මතින් එයාගේ අතක් තිබ්බා
" එයා කොතන ද ඉන්නේ...?"
ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරන ගමන් ලියාගෙන් ඇහුවා
" බය වෙන්න එපා සුදු මහත්තයෝ ඔයාගේ කුකුල් කුමාරයාට අපි දෙන්නාව හොදට පේනවා.."
ලියා කිව්වාම ටේහ්‍යුන් කෙල්ලගේ අත කෙනිත්තුවා
" මොනාද යකෝ කරන්නේ...?"
" ඕක බීපන්...! උබේ මිනිහා මේවා දන්නවා නම් මාත් ගස්..."
ඇස් වලින් හොට් චොකලට් එක පෙන්නන ගමන් ටේහ්‍යුන් කිව්වාම කොල්ලාගේ අත අතහැරපු ලියා හොට් චොකලට් එක බොන්න පටන් ගත්තා පිටතින් බලන කෙනෙක්ට හිතෙන්නේ හනේ හරි සෝක් කපල් එකක් කියලා දෙන්නා හෙන ආදරෙන් ඉන්නවා කියලා බලන කෙනෙක්ට හිතුනේ
" සිරාවට බබා... මෙහෙම ගිහින් ඇත්තටම මම තවුසෙගේ වයිපරේ වෙයිද දන්නේ නැ "
ලියා අමුතු බැල්මක් ටේහ්‍යුන් දිහාට පා කරලා කිව්වාම කොල්ලා ලියාට් රැව්වා
" ආස නැ යකෝ...!"
ටේහ්‍යුන්ගේ අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ තියෙන මූන දැකලා ලියාට හොදටම හිනා
" පොඩ්ඩක් එහාට පලයන්...!"
" ඒ ගමන උබ මොකාට ද එන්න හදන්නේ..?"
ටේහ්‍යුන් ඇහිබමක් උස්සගෙන ඇහුවා
" ආවාම බලාගන්න පුලුවන් එහාට වෙයන්.."
ටේහ්‍යුන් පොඩ්ඩක් එහාට වුනාම ලියා ඇවිත් කොල්ලාගේ ලගින් වාඩිවෙලා ටේහ්‍යුන්ගේ එක අතක එයාගේ අත පටලවාගෙන කොල්ලාගේ කම්බුලට කිස් එකක් දුන්නා ටේහ්‍යුන් කරකවලා අතහැරියා වගේ හොදටම කම්ෆියුස් වෙලා
" තොගේ සුනඛ කෙල මගේ මූනේ ගාන්න එපා යකෝ මොන වගේ විස බීජ තියෙනවා ද දන්නේ නැ තොට් ජලභීතිකාවට බෙහෙත් විදලත් නැ "
" උබ කට වැහුවේ නැත්නම් ඊලගට කිස් කරන්නේ තොගේ ලිප්ස් පොල් වලහා..!"
ලියා එහෙම කිව්වාම ටේහ්‍යුන් කට වහගෙන අහිංසක හිනාවකින් කෙල්ලට සංග්‍රහ කලේ ලියාගේ හැටියට ඒකත් කරන්න බැරිකමක් නැ නිසා ලියා කොල්ලාගේ උරහිසෙන් හිස තියාගත්තා ටේහ්‍යුන් හිනා වුනා ටේහ්‍යුන්ට ලියා කියන්නේ එයාගෙම නංගි කෙනෙක් වගේ මේ අවුරුදු ගාන අතුලත ටේහ්‍යුන් හිනා වුනා නම් හිනා වුනේ ලියාගේ ට්‍රැක් පැනපු මුල් ලමා විය සංවර්ධනය නොවුනු වැඩ වලට තමයි ඒවා දකිද්දී ටේහ්‍යුන්ට නිනීව මතක් වුනු වාර අනන්තයි
ටේහ්‍යුන් එයාගේ උරහිස මත හිස තියාගෙන ඉන්න ලියාගේ නලල මතින් පුංචි හාදුවක් තැවරුවා ලියාට ඒක ඒ තරම් ගානක් නොවුනේ හිටපු ගමන් ටේහ්‍යුන් එයාගේ නලල සිපගන්න නිසා ලියාට වුනත් ටේහ්‍යුන් එයාගේ සහෝදරයෙක් වගේ පවුලේ එකම දරුවා වුනු ලියාට ටේහ්‍යුන් එයාට සලකන විදිය ගොඩක් දැනුනා
දඩස්....!
මෙතෙක් වෙලා සහෝදර ප්‍රේමයෙන් වෙලිලා හිටපු දෙන්නා ඈත් වුනේ ඇහුනු සද්දයක් එක්ක දෙන්නා සද්දේ ඇහුනු පැත්ත බැලුවාම දැක්කේ කේන්තියෙන් ඇස් රතු කරගෙන ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්න ජන්කූක්ගේ රුව කොල්ලාගේ ඇස් වල කදුලු දැක්ක ටේහ්‍යුන් අහක බලාගත්තා කොෆි ශොප් එකේ හිටපු හැමෝගෙම අවදානය ජන්කූක්ට යොමු වෙද්දී කොල්ලා ශොප් එකෙන් බැහැලා ගියා
" ඩයල් එකට ගහපු හයේ පාර සැරටම වැදිලා වගේ...!"
ලියා කුරිරු හිනාවක් එක්ක කියද්දී ටේහ්‍යුන් ඒ හිනාවට එකතු වුනා
______________________________
" බෙයා මොනාද ඔච්චර කල්පනා කර්න්නේ..? මේ දවස් ටිකේම මම බලාගෙන හිටියේ "
ජින් ඇහුවේ පොතක පිටු අතරේ අතැගිලි යවන ගමන් වෙනතක් බලාගෙන කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉන්න ටේහ්‍යුන්ගෙන් ජින්ගේ කටහඬ ඇහුනු ගමන් හිනාවක් මවාගත්ත ටේහ්‍යුන් ජින් දිහාට හැරුනා
" පොඩි බබෙක්ගේ ප්‍රශ්නයක් පපා.."
ටේහ්‍යුන් ජින් දිහා බලලා කිව්වාම ජින් ඇවිත් කොල්ලා ලගින් වාඩිවුනා
" මොකද්ද බලන්න ප්‍රශ්නේ පපාටත් කියන්න"
" පපා ඒ බබාට අවුරුදු තුනක් විතර ඇති පුංචි රෝස මලක් වගේ කෙලි පොඩිත්තක් දැක්කාම ලෝභ හිතෙනවා එයාට හරි ලස්සන හිනාවක් තියෙනවා පපා එයාගේ යටි තොල යටින් පුංචි බර්ත් මාර්ක් එකක් තියෙනවා ඒකෙන් තවත් කියුට්ව එයාව පේන්නේ "
ටේහ්‍යුන් හරි ආසාවෙන් හිනා වෙවී පුංචි කෙල්ල ගැන් විස්තර කරද්දී ජින් නිහඩව අහගෙන හිටියා
" දැන් ඔයාගේ රෝස මලට තියෙන ප්‍රශ්නේ මොකද්ද..?"
ජින් හරි උනන්දුවෙන් ඇහුවා
" එයා තනිවෙලා ඉන්නේ පපා මම එයාගෙන් ඇහුවාම අප්පායි ඔම්මායි කෝ කියලා එයා කිව්වා එයාට ඉන්නේ අප්පා විතරයි කියලා පපා ඒ සූටික්කි එක්ක කතා කරන්න සෙල්ලම් කරන්න එයාගේ අප්පාට වෙලාවක් නැ එයා ගොඩක් වෙලාවට ඉන්නේ නැනී එක්ක නැනී වුනත් ඒ පුංචි කෙල්ල ගැන වැඩිය හොයන්නේ නැ පපා පව් අහිංසකී.. මගේ දිහා බලාගෙන දුකින් කියද්දී මට ගොඩක් දුක හිතුනා පපා.."
ටේහ්‍යුන් ජින් දිහා දුකින් බලන ගමන් කියද්දී ජින් ටේහ්‍යුන්ගේ ඔලුව අතගෑවා
" බෙයා එයාගේ අප්පා එක්ක කතා කරලා බලන්න ඔයා කලිනුත් මෙහෙම ප්‍රශ්න විසදලා තියෙනවා නේ "
ජින් කිව්වාම කොල්ලා ඔලුව වැනුවා ඒත් එක්කම ගෙදර බෙල් එක වැදුනා
" මේ වෙලාවේ කවුද..?"
ඒ වෙනකොට රාත්‍රි දහයත් පසු වී තිබුණු නිසා ජින් බිත්ති ඔරලෝසුව දිහා බලන ගමන් මිමිනුවා ආපහු එකදිගට බෙල් එක වදිද්දී නම්ජූන් ආවා
" කවුද යකෝ මේ මහ රෑ බෙල් එක උඩ නැගගෙන කොහොඹ කංකාරිය නටන හිපාටුවා "
නම්ජූන් අහද්දී ජින් ගිහින් දොර ඇරියාම හිටපු කෙනා දැකලා ජින්ගේ ඇස් ලොකු වුනා
" කවුද ජිනී...?"
ජින් දොර ලග ගල් පිලිමයක් වගේ හිටගෙන බලාගෙන ඉදිද්දී නම්ජූන් ජින්ට ලං වෙමින් ඇහුවා ඉන්න කෙනා දැක්කාම නම්ජූන් ජින් වගේ පුදුම වුනත් ඊලග තත්පරේ ඒ ඇස් කේන්තියෙන් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" හායිම් පපා.. ගොඩක් කාලෙකින් නේ.."
ජන්කූක් මොංගල් හිනාවක් ප්‍රදර්ශනය කරන ගමන් අතක් වනමින් කිව්වා කොල්ලාට කෙලින් හිටගන්නවත් පනක් නැ
" තමුන්ට පාර වැරදිලා වගේ ජන්කූක්.."
නම්ජූන් ඇහිබමක් උස්සගෙන කියද්දී ජන්කූක් වේගෙන් ඇසිපිය ගැහුවා
" නෝ නෝ අප්පා මම හරි තැනට තමයි ආවේ මේ මගේ බේබිගේ ගෙදර කෝ මගේ බේබි....? බේබි... බේබි ඔයාගේ ජන්කුකී ආවා"
ජන්කූක් ගේ ඇතුලට එබෙන ගමන් කියද්දී නම්ජූන් කොල්ලව තල්ලු කලා බීලා බීලා පනක් නැතුව හිටපු ජන්කූක් නම්ජූන් තල්ලු කරපු පාර අඩි දෙක තුනක් පස්සට ගිහින් බිමට වැටුනා
" මෙහේ තමුසෙට අප්පාලා පපාලා නැ උබේ බේබියෙකුත් මෙහේ නැ ජන්කූක් එහෙම කියන්න තිබුණු අයිතිය උබ විහින්ම මීට අවුරුදු ගානකට කලින් නැති කරගත්තා තවත් මගේ කොල්ලාට වදයක් වෙන්නේ නැතුව මෙහෙන් පලයන් "
බිම වැටිලා ඉදපු ජන්කූක්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා අරගෙන කිව්වා ඒත් ජන්කූක් නම් හිටියේ නම්ජූන් කියන දේවල් තේරුම් ගන්න තරම් හොද සිහියකින් නෙවෙයි
" මට බේබිව බලන්න ඕන... එතකම් මම කොහෙවත් යන්නේ නැ "
ජන්කූක් කියද්දී නම්ජූන් අත දිග ඇරලා කොල්ලාගේ කම්බුලට ගැහුවා නම්ජූන් ගහපු පාර නිසා ජන්කූක්ගේ තොල පැලිලා ලේ ආවා
" අප්පා...!"
ආපහු ජන්කූක්ගේ කොලර් එකෙන් ඇදලා ගත්ත නම්ජූන් කොල්ලාට ගැහුවා නම්ජූන්ගේ තද පහරවල් නිසා ඇල්කොහොල් වලින් මත් වෙලා හිටපු කොල්ලා බිම ඇදගෙන වැටුනා
" උබට මම හොදින් කිව්වා මෙහෙන් පලයන් ජන්කූක් නැත්නම් මම උබව මරයි "
නම්ජූන් යකා වගේ කෑගහලා කිව්වා
",අප්පා එපා.."
ටේහ්‍යුන් කෑගහලා කියද්දී ජන්කූක්ට ගහන්න උස්සපු අත පහත දැම්මා
" එදත් මම උබව හොයාගෙන එන්න හදද්දී බෙයා නැවැත්තුවා එදා මම ආවා නම් උබ තවත් මේ ලෝකේ නැ අදත් එයාට ඕන උබව බේරගන්න ඇයි උබට බැරී වුනේ මගේ අහිංසක කොල්ලාගේ ආදරේට වටිනාකමක් දෙන්න ශිට්..!"
නම්ජූන් එහෙම කියලා බිම වැටිලා ඉන්න ජන්කූක්ගේ බඩට පයින් ගහගෙන කේන්තියෙන් යද්දී ඇස් වල කදුලු පුරවගෙන ඉන්න ටේහ්‍යුන් කිසිම හැගීමක් නැතුව ජන්කූක් දිහා බලාගෙන ඉන්න ජිනුත් තනිකරලා ටේහ්‍යුන්ට දැන් බිම වැටිලා ඉන්න කොල්ලාගේ ලගට යන්න ඕන වුනා
" පපා...ප්ලීස් අපි එයාව ගෙට ගමු එයාට තුවාලයි පපා අනේ "
ටේහ්‍යුන් අඩන ගමන් ජින්ගේ අතකින් අල්ලාගෙන කිව්වා
" එකම වැරැද්ද දෙපාරක් කරන්න මම මෝඩයෙක් නෙවෙයි බෙයා "
" අනේ පපා ප්ලීස් එහෙම මුකුත් වෙන්නේ නැ මම හිත හදාගෙන ඉන්නේ මෙහෙම මනුස්සයෙක් තියන්න බැ නේ පපා ප්ලීස් "
ටේහ්‍යුන් අඩ අඩ කියද්දී කොල්ලාගේ ඉල්ලීම ජින්ට අහක දාන්න පුලුවන් වුනේ නැ ඒ නිසා ජින් බිම වැටිලා ඉන්න ජන්කූක් එක්කගෙන ආවා
" මගේ රූම් එකෙන් තියන්න පපා.."
ටේහ්‍යුන් කිව්වාම ජින් කොල්ලාට රැව්වා ජින් කේන්තියෙන් වෙර මරගාතේ ඉන්න ජන්කූක් එක්කගෙන ගිහින් ඇදට දැම්මා
" පපා තරහ නැතුව වතුර බේසමක් එක්ක ටවල් එකක් ගෙනත් දෙන්න "
යන්න හදපු ජින්ව නතර කරපු ටේහ්‍යුන් කිව්වාම මුකුත් නොකියා ගියපු ජින් ටිකකින් වතුර බේසමකුත් ටවල් එකකුත් ගෙනත් දුන්නා wheelchair එකත් තල්ලු කරගෙන ඇද ලගට ආපු ටේහ්‍යුන් ඇදේ පෙරලිලා මොනාද මුමුනන ජන්කූක් බොහොම අමාරුවෙන් හවරගෙන කොල්ලාගේ ශර්ට් එකේ බොත්තම් ගැලෙව්වා ජින්ගේ උදව් ඇතිව කොල්ලාගේ ශර්ට් එක ගලපු ටේහ්‍යුන් තෙත ටවල් එකෙන් කොල්ලාගේ ඇග පිසදැම්මා
" බ්..බේබි..."
ජන්කූක් මුමුනද්දී ටේහ්‍යුන් කොල්ලාගේ මූන දිහා බැලුවා ජන්කූක්ගේ ඇස් පියවිලා තිබුණු ඇස් අගින් කදුලු බිදු ගලාගෙන ගියා
" ම්..මිය්..යානේ.."
ජන්කූක් මුමුනද්දී හුස්මක් පහත දාපු ටේහ්‍යුන් කොල්ලාගේ ඔලුව අතගෑවා කොච්චර මොනදේ කරත් ජන්කූක් මෙහෙම සිහියක් නැතුව පිස්සෙක් වගේ බීලා ඉන්නවා දකිනකොට ටේහ්‍යුන්ට දුක හිතුනා මොකද අදටත් ටේහ්‍යුන්ගේ ආදරේ ජන්කූක්ට අයිති වුනා අදටත් මේ ගෙවෙන තත්පරේත් ටේහ්‍යුන්ගේ මුලු හිතම අයිති කරගෙන හිටියේ ජන්කූක්
ජින් මුකුත් නොකියා යද්දී ටේකුක් දෙන්නා රූම් එකේ තනිවුනා වතුර බේසමත් පැත්තකින් තිබ්බ ටේහ්‍යුන් පරිස්සමින් ඇදට නැගගෙන ජන්කූක්ට ලං වුනා කොල්ලාගේ දහඩියෙන් තෙත් වුනු කොන්ඩේ අතරේ අතැගිලි යැව්ව ටේහ්‍යුන් කොල්ලාගේ මූන පුරා ඇස් අරගෙන ගියා කොල්ලාට අවුරුදු ගානකට කලින් සිද්ධ වුනු කිසිදෙයක් මේ මොහොතේ මතකයේ තිබුණේ නැ එයාගේ මුලු හිතේම තිබුණේ අවුරුදු ගානකට පස්සේ එයාගේ ආදරේ එයාගේ ලග කියන දේ විතරයි
ජන්කූක් පියවුනු ඇස් දිහා බලපු ටේහ්‍යුන්ගේ ඇස් නැවතුනේ ජන්කූක් piercing කරලා තිබුණු ඇහිබම ලග වගේම තොල ලග ටේහ්‍යුන් ඇස් හීනි කරගෙන කොල්ලාගේ piercing කරලා තිබුණු තොල ඇල්ලුවා ජන්කූක් සිහින් කෙදිරිල්ලක් එක්ක ටේහ්‍යුන්ගේ පැත්තට හැරෙද්දී කොල්ලා දැක්කේ ජන්කූක්ගේ සම්පූර්ණයෙන්ම ටැටූ වලින් පිරුනු අත ටේහ්‍යුන් ජන්කූක්ගේ ටැටූ පිරුණු අත දිගේ ඇගිලි තුඩු අරගෙන ගියා ඒ දේවල් නිසා ජන්කූක් ගොඩක් සෙක්සි විදියට පෙනුනා
" ම්ම්හ්..."
කොල්ලා සිහින් කෙදිරිල්ලක් එක්ක ටේහ්‍යුන්ගේ ඉන වටේ අතක් යවලා කොල්ලාගේ බෙල්ල අස්සේ ජන්කූක් මූන හංගගත්තා ජන්කූක් කරපු වැඩෙන් ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වුනා ජන්කූක්ගේ උනුසුම් සුසුම් බෙල්ලේ වදිද්දී කොල්ලාගේ මුලු ඇගම හිරිවැටිලා යනවා වගේ දැනුනා ජන්කූක් ටේහ්‍යුන් තුරුල් කරගෙන තද නින්දක හිටියේ
අවුරුදු ගානකට පස්සේ ටේහ්‍යුන්ගේ හිත ඉල්ලපු ආදරනීය උනුසුම ලැබෙද්දී කදුලු පිරුනු ඇස් වලින් කොල්ලාට තුරුල් වුනා ටේහ්‍යුන්ට මුලු ලෝකෙම අමතක වෙලා තිබුනා එයාගේ සිහියේ තිබුණේ ආපහු ජන්කූක් එයා එක්ක ඉන්නවා කියන දේ විතරයි ටේහ්‍යුන් ජන්කූක්ගේ කොන්ඩේ අතැගිලි යවමින් කොල්ලාගේ ඔලුව අතගෑවා ටික වෙලාවකින් ටේහ්‍යුන්ටත් ජන්කූක්ගේ අත් අතරේ නින්දට වැටුනා
පසුදින ජන්කූක් ඇහැරුනේ ඔලුවෙන් දැනෙන වේදනාවත් හුරුපුරුදු උනුසුමත් නිසාවෙන් කොල්ලා ආලෝකයට ඇස් හුරු කරගන්න ගමන් ඇස් ඇරියා නුපුරුදු පරිසරය නිසා ජන්කූක් කලබලයෙන් රූම් එක පුරා ඇස් අරගෙන ගියා කොල්ලාගේ බෙල්ලට සිහින් කිතියක් දැනෙද්දී ජන්කූක් බෙල්ල පොඩ්ඩක් හරවලා බැලුවා
තමන්ගේ නිරුවත් පපුවට තුරුල් වෙලා සුව නින්දක ඉන්න එයාගේ බේබිව දැක්කාම කොල්ලාගේ මූනේ කාලෙකට පස්සේ ආදරනීය හිනාවක් ඇදුනා ඒ හිනාව දෙතොලතර රදවගෙන ජන්කූක් කොල්ලව පපුවට තුරුල් කරගෙන ටේහ්‍යුන්ගේ කොන්ඩේ මතින් හාදුවක් තැවරුවා ටේහ්‍යුන්ගේ කොන්ඩෙන් ඉස්සර වගේම එන සොෆ්ට් බේබි කලෝන් සුවද ජන්කූක් විදගත්තා
" ඔයාගේ ජන්කුකීට ගොඩක් දේවල් වැරදුනා බේබි...! ගොඩක් දේවල්...! මට ඒ දේවල් හදාගන්න බැරි වෙයි ද..? මට සමාව ඕන නැ ඒත් ඔයාගේ ලගින් ඉන්න ඉඩ දෙන්න ඔයාව දකින්න ආපහු මට ඔය හිතේ ඉඩක් ලැබෙන එකක් නැද්ද බේබි.."
ජන්කූක් කොල්ලව බදාගෙන මිමිනුවා ජන්කූක් ටේහ්‍යුන් තදින් බදාගෙන හිටියේ කොල්ලා කොහේහරි යයි කියලා බයෙන් වගේ
" ම්ම්ම්..."
ටේහ්‍යුන් සිහින් කෙදිරිල්ලක් එක්ක ඇස් අරිද්දී ජන්කූක් ඉක්මනට ඇස් පියාගත්තා ටේහ්‍යුන් ඇස් ඇරලා බොරුවට නිදාගෙන ඉන්න ජන්කූක් දිහා බලලා හුස්මක් පහත හෙලුවා හදිස්සියේවත් ජින් ආවොත් මෙතන තුන් වැනි ලෝක යුද්ධය පටන් ගන්නවා කියලා දන්න ටේහ්‍යුන් ජන්කූක්ගේ අත් වලින් ලිහිල් කරන්න හැදුවේ ඒත් ජන්කූක් තවත් ටේහ්‍යුන්ගේ වටා එතිලා තිබුණු අත් තද කලා
" ජන්කූක්...."
" බේබි..."
" මාව අතහරින්න ජන්කූක් මට යන්න ඕන "
ටේහ්‍යුන් කොල්ලාගේ පපුවට අත් තියලා තල්ලු කරන ගමන් කිව්වා
" බේබි තව ටිකක් මෙහෙම ඉමු.."
ජන්කූක් තොල් උල් කරගෙන කිව්වාම ටේහ්‍යුන් අහක බලාගත්තා
" මෙහෙම ඉන්න තරම් අපි අතරේ තියෙන බැදීම මොකද්ද කියලා කියන්න පුලුවන් ද..?"
" ඇයි බේබි එහෙම කියන්නේ..? අපි ආදරේ කරනවා නේ "
ජන්කූක් කොල්ලාගේ දිහා බලාගෙන කියද්දී ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා
" අවුරුදු හයකට කලින් ඔය ආදරේ නැති වුනා ජන්කූක් ඔයා ලීනා එක්ක හිටපු පලවෙනි තත්පරේම ඔය ඔයා කියන ආදරේ විනාස වෙලා ගිහින් ඉවරයි ඒ නිසා විකාර නොකර යන්න ජන්කූක් මට තවත් කරදර කරන්න එපා "
ටේහ්‍යුන් ජන්කූක් දිහා බලාගෙන කියද්දී ජන්කූක්ගේ අත් ලිහිල් වුනා
" ඔයාව ගෙට ගත්ත එක වැරදියට තේරුම් ගන්න එපා ජන්කූක් අදුරන මනුස්සයෙක් බීලා බීලා ඇවිත් මහ වැස්සේ ගෙදර ඉස්සරහ වැටිලා ඉදිද්දී නොසලකා හරින්න තරම් මම තිරිසනෙක් නෙවෙයි ජන්කූක් මනුස්සකමට මම එහෙම කරේ ඒ දේවල් වැරදියට තේරුම් නොගෙන අන්න දොර ඇරලා තියෙනවා යන්න පුලුවන් "
ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් කොල්ලගෙන් ඈත් වුනා ටේහ්‍යුන් ඇදෙන් වාඩිවෙලා wheelchair එකෙන් වාඩිවෙන්න හැදුවේ ඒත් එක්කම ටේහ්‍යුන් වැටෙන්න යද්දී ඉක්මන් වුනු ජන්කූක් කොල්ලව අල්ලගත්තා ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන ජන්කූක් දිහා බලාගෙන ඉදිද්දී ජන්කූක් කොල්ලව wheelchair එකෙන් වාඩිවුනා
" පරිස්සමින් බේබි..."
ජන්කූක් කිව්වාම මුකුත් නොකියපු ටේහ්‍යුන් රූම් එකේ දොර දිහාට wheelchair එක තල්ලු කරගෙන ගිහින් නැවතුනා
" වොෂ් එකක් දාගන්න ජන්කූක් මේඩ් කෙනෙක් අතේ කොෆි එකක් එවන්නම් "
ටේහ්‍යුන් එහෙම කියාගෙන රූම් එකෙන් එලියට යන දිහා ජන්කූක් දුකින් බලාගෙන හිටියා ප්‍රතික්ෂේප වීම කොයිතරම් වේදනාවක් ද කියන්න ජන්කූක්ට දැන් හොදටම තේරෙනවා එදා ටේහ්‍යුන්ට මීට වඩා ලොකු දුකක් දැනෙන්න ඇති කියලා ජන්කූක්ට හිතුනා කොල්ලා හුස්මක් පහත හෙලලා වොෂ් රූම් එකට ගියා
ටික වෙලාවකින් රූම් එකට ආපු ටේහ්‍යුන්ට ඇහුනේ ෆෝන් එකක් රින් වෙන හඩ එතකොට කොල්ලා දැක්කේ නයිට් ස්ටෑන්ඩ් එක උඩ තියෙන ජන්කූක්ගේ ෆෝන් එක ටේහ්‍යුන් ඒක නොසලකා හැරිලා ඉන්න හැදුවත් දිගින් දිගටම ෆෝන් එක රින් වෙන නිසා කොල්ලා ෆෝන් එක ගත්තා කෝල් එක යුංගිගෙන් නිසා ටේහ්‍යුන් කෝල් එක ආන්සර් කලා
" යෙබු--"
" කොහෙද බේසිකයෝ තෝ මකබෑවුනේ..? යන දේවාලෙක තොට කියලා යන්න බැරි ද බේසික හුකන්නා තොට කොච්චර කෝල් කලාද..? උබට මේ ගඩොල් භාගයක් තියෙන්නේ අහවල් කෙසෙල් ඇවරියක් කරන්න ද පරයෝ..? තෝ නැ කියලා මෙතන මේ අහිංසකී හොදටම අඩනවා උබ අප්පා කෙනෙක් නේද හුකන්නෝ..? ඉන්න දේවාලෙකින් එන්න දැනගන්න ඕන තෝ මොකද නිහඩ වෙලා උබ මැරිලා ද..? මැරිලා නම් කෝල් එක ආන්සර් කරේ හොල්මන ද..? අඩෝ කතා කරපන් පරයෝ උබේ පොඩි එකා අඩනවා.."
ටේහ්‍යුන්ට වචනයක්වත් කතා කරන්න ඉඩක් නොදී අනිත් පැත්තෙන් යුංගි කියවගෙන යද්දී කොල්ලා ඔක්කොම අහගෙන හිටියා ටේහ්‍යුන්ට අන්තිමට හිතුනේ ජිමින්ටම ගැලපෙන කෙනා කියලා
",යුංගි මම ටේහ්‍යුන්..."
" මල හත්ති හුත්තයි...! සමාවෙන්න ටේහ්‍යුන් අපේ බේසිකයා කියලා හිතුවේ "
" ආ ඒකට කමක් නැ යුංගි "
" මේ ටේහ්‍යුන් මම මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා "
" මොකද්ද යුංගි "
" ඔයාගේ ලගට කොහොමද ජන්කූක්ගේ ෆෝන් එක ආවේ ඔය දෙන්නා එකටද ඉන්නේ "
" ම්ම්ම්...ඊයේ රෑ කනමදයා වගේ බීලා කෙලින් හිටගන්න බැරුව මෙහෙට ඇවිත් හොද පිස්සුවක් නටනවා "
" අයිෂ්....! මේ මිනිහා ආපහු පටන් අරගෙන... හරි ටේහ්‍යුන් මම එනකම් ඔය මිනිහාට කොහෙවත් යන්න දෙන්න එපා "
" හරි යුංගි මම ලොකේෂන් ශෙයා කරන්නම්.."
" ඕකේ ටේහ්‍යුන් "
ඒ විදියට දුරකතන සංවාදය නිමාවට පත් වුනාම ටේහ්‍යුන් ෆෝන් එක තියලා මුකුත් නොවුනු ගානට ආපහු රූම් එකෙන් යන්න ගියා
විනාඩි කිහිපයක් ගත වෙනකොට යුංගි හිටියේ ටේහ්‍යුන්ගේ නිවසේ ලිවින් රූම් එකට වෙලා තනියම නෙවෙයි පුංචි යූහා බබාත් එක්ක පුංචි කෙලි පොඩිත්ත යුංගිට තුරුල් වෙලා ඇගිල්ලකුත් කටේ ගහගෙන ඇස් බෝල කරගෙන වටේම බලමින් හිටියා
" හලෝ යූහා බබා..."
ටේහ්‍යුන් wheelchair එකත් තල්ලු කරගෙන ලිවින් රූම් එකට එනකොට දැක්කේ යුංගිගේ තුරුලට වෙලා ඉන්න පුංචි කෙල්ලව ටේහ්‍යුන් හිනාවක් එක්ක කතා කලාම පුංචි කෙලි පොඩිත්ත කොල්ලා දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන
" අන්තල්...!"
පුංචි කෙල්ලගේ පුදුමෙන් පිරුණු කට හඩ ඇහෙද්දී ටේහ්‍යුන්ගේ හිනාව ලොකු වුනා
" ඔය දෙන්නා අදුරනවා ද..?"
යුංගි එයාගේ උකුලේ වාඩිවෙලා ඉන්න පුංචි කෙල්ල දිහාත් ටේහ්‍යුන් දිහාත් බලන ගමන් ඇහුවා
" ලේ ලේ සම්තොන් බබාත මේ අන්තල් පාක් එකේදී හම්බුනා "
පුංචි කෙල්ල ඇස් බෝල සයිස් යුංගි දිහා බලාගෙන කියද්දී කොල්ලා ඔලුව වැනුවා
" හ්ම්ම්....ඒක නෙවෙයි ටේහ්‍යුන් කෝ අපේ බේ---- මම මේ කිව්වේ අපේ යකා කෝ..? කොහෙද ඕකා පතබෑවිලා ඉන්නේ "
යුංගි බේසිකයා කියන්න ගිහින් එයාගේ ලග යූහා ඉන්නවා කියලා මතක් වුනාම කොල්ලා බේසිකයා නොකියා හිටියා
" වොෂ් දානවා මම හිතන්නේ.."
" පෙරේතයා වගේ රෑට බීලා බීලා ඇවිත් උදේට කුමාරයා වගේ ඉන්න බාත් රූම් එකේ පැල වෙලා ඇති ඕකාගේ තනිකර තියෙන්නේ රගපෑමක් හෙනම මුසාව ඕකාගේ.."
" උයා බනින්නේ අප්පාද සම්තොන් හූම්.."
පුංචි යූහා රවාගෙන යුංගි දිහා බලාගෙන ඇහුවා
" ඔව් ඔව් මේ උත්තමාවියගේ මහ ලොකු අප්පාට තමයි "
" අප්පාත බලිල්ල එපා හලිත ගහලවා උඩින් යන්න හූම් "
පුංචි යූහා කටත් හදන ගමන් කිව්වාම ටේහ්‍යුන්ට හිනාවක් ගියා
" අප්පාත් දන්නේ ඔච්චර තමයි ආව්.."
යූහා යුංගිගේ පපුව පුංචි කිරි දත් වලින් අල්ලලා හැපුවාම කොල්ලාට දෙවියෝ සිහිවුනා
" අහ්හ්... පුංචි යක්සනී හපන්න යකෝ "
යුංගි කෑගහනකොට පුංචි කෙල්ල හිනා වුනා කෙල්ලගේ හිනාව දිහා ටේහ්‍යුන් හරි ආසාවෙන් බලාගෙන හිටියා
" මේ යක්ස කෙල්ලව මම විසි කරලා දානවා"
පුංචි කෙල්ලව වඩාගෙන යුංගි කිව්වා
" අප්පා....!"
ජන්කූක් දැක්ක ගමන් යුංගිගේ අත් වලින් දගලලා බැහැලා ජන්කූක් ලගට දුවගෙන ගියා
" මගේ රෝස බෝලේ.."
ජන්කූක් කෙල්ලව වඩාගෙන වටයක් කරකවලා පුංචි කෙල්ලගේ මූනම සිපගත්තා පුංචි කෙල්ලත් හිනා වෙවී ජන්කූක්ගේ හාදු එකතු කලා
" මගේ මැනික මොනාද මෙහේ කරන්නේ "
" යුංගි සම්තොන් එක්ත බබා ආවේ.."
පුංචි කෙල්ල තොල් උල් කරගෙන හුරතලේට කියද්දී ටේහ්‍යුන් අප්පායි දූයි දිහා බලාගෙන හිටියේ හරි ආසාවෙන්
" ආ බේබදු කුක්කා නැගිට්ටා ද..?"
ජන්කූක් යුංගිගේ දිහාට හැරෙද්දී කොල්ලා අහද්දී ජන්කූක් යුංගිට රැව්වා
" අප්පා..."
" ඕ මැනික.."
" යුංගි සම්තොන් උයාත බැන්නා හූම්.."
යුංගිගේ පැත්තට ඇගිල්ලක් දික් කරගෙන කිව්වා
" ඔක්කොම කේලම් ටික අප්පාගේ කනේ තියපන් දැන් "
යුංගි හිමින් මිමිනුවා ටේහ්‍යුන් හිනා වෙවී හරි ආසාවෙන් අප්පලා දුවලා සම්චොන්ලාගේ වැඩ දිහා බලාගෙන හිටියා මොන දේ වුනත් ජන්කූක් පුංචි කෙල්ලට නම් ගොඩක් ආදරෙයි කියලා තේරුනා ඒත් කොල්ලා පුංචි කෙල්ලට දෙන අවදානය මදි කියලත් ටේහ්‍යුන්ට දැනුනා
" අපි දෙන්නා එලියට යමූ.."
ජන්කූක් කෙල්ලවත් වඩාගෙන එලියට යද්දී යුංගියි ටේහ්‍යුනුයි ලිවින් රූම් එකේ තනිවුනා
To be continue.................♡︎
මට බඩගිනියි හූම්😒🖐️
දිග චැප්ටර් එකක් දුන්නාට මට කන්න මොනාහරි දුන්නොත් නරක ද මං අහන්නේ...?
Bạn đang đọc truyện trên: AzTruyen.Top