57 • 𝙵𝚘𝚞𝚗𝚍 𝙷𝚒𝚖 •
අදත් වෙනදා වගේ දවසක් පැරිස් අහස නිල් පැහැයෙන් දිලිසෙද්දී ටේහ්‍යුන් හොස්පිටල් එකේ තමන්ගේ කැබින් එකට වෙලා කොෆී කෝප්පයක් රස විදිමින් අහස දිහා බලාගෙන හිටියා ජන්කූක් එක්ක ගෙවපු ආදරනීය මොහොතවල් මතකයට නැගෙද්දී ඒ දෙතොලතර එදා වගේම අදත් හරි ආදරනීය සිහින් සිනාවක් රැදුනා මොන තරම් දේවල් වුනත් ටේහ්‍යුන් තවමත් ජන්කූක්ට ආදරෙයි කියන්න ඒ හිනාව සාක්ෂියක් වුනා
" ආ මිස්ටර් ඒලියන් කල්පනා ලොව මල් වනේ අතරමං වෙලා වගේ "
ටින් බෙලෙක්ක වොයිස් එකක් හේතුවෙන් කර්න පටහ පටලය දෙදරුම් කද්දී මෙතෙක් වෙලා ජන්කූක් එක්ක ගෙවුනු ආදරනීය මොහොතවල් මතක් කරමින් හිටපු ටේහ්‍යුන් ලියා දිහා බැලුවා කෙල්ල කැබින් එකේ දොර ලගට වෙලා බලාගෙන ඉන්නවා
" තමුසෙගේ ටින් බෙල්ලෙක්ක මුඛයේ ශබ්දය අඩු කරලා ඇරපන් යකෝ මගේ කන් ඇහෙනවා "
ටේහ්‍යුන් රවාගෙන කියද්දී ලීනා අමුතු ස්ටයිල් එකකට ඇවිත් ටේහ්‍යුන්ගේ ටේබල් එක මතින් වාඩිවුනා
" මොකද උබ පොර කිකිලියෙක් වගේ ඇවිදින්නේ උබ අන්ඩක් හරි කඩාගත්තාද..?"
ලියාගේ උඩ ඉදලා යටට බලපු ටේහ්‍යුන් ඇහුවා
" පිස්සු ද හලෝ අද හොස්පිටල් එකට කෙල්ලෙක් ආවා කෙටියෙන්ම කිව්වොත් ඒකි තොරොම්බල් කරත්තයක් වගේ හොස්පිටල් එකට ඇවිත් තිබුණේ ෆැෂන් ෂෝ එකකට යන්න වගේ ඒකි පස්ස දික් කරගෙන ගියා යකෝ යෑමක් මම හිතුවේ ඉනේ ජොයින්ට් පනි කියලා ඒක තමයි මාත් පොඩ්ඩක් ට්‍රයි කරේ කොන්ද මොකද්ද වුනා වගේ "
ලියා කොන්දත් අල්ලාගෙන කියද්දී ටේහ්‍යුන් හිනාව එලියට පැන්නා කොල්ලාගේ හිනාව දැක්ක ලීනාගේ මූන ඇද වුනා
" හිනා වෙන්න එපා යකෝ මම කිව්වේ ඇත්ත උබ මගේ මිතුරා නේද ඔහොම හිනා වෙන්න එපා යකෝ උබට පව් පිරෙයි මුන් ඔක්කොම තිරිසන්නු මගේ මිනිහත් එකයි මගේ මිතුරා කියන තිරිසනාත් එකයි හූම් මම මේක කුරිරු ලෝකෙන් මිදිලා යනවා බ්‍රහ්ම ලෝකෙට ඊට පස්සේ එහෙම සුරදූතයෙක් සෙට් කරගෙන උබලාට රිටන් එක දෙනවා මේ ලියා කවුද කියලා කවුරුවත් දන්නේ නැ හූම්.."
" උබ ගියොත් බ්‍රහ්ම ලෝකෙත් විනාසයි මෙන්න මෙහෙට වෙලා හිටපන් "
" යැයි යැයි තමයි වරෙන් යන්න "
කට ඇදගෙන කරගෙන කියපු ලියා ටේහ්‍යුන් එක්කගෙන හොස්පිටල් එකෙන් එලියට ආවා
____________________________
ජිමින් මේ දවස් වල ගොඩක් බිසි වෙලා හිටියේ තව දවස් දෙකකින් තියෙන competition එක නිසා කොල්ලා මහන්සි වෙලා එයාගේ ටීම් එක පුරුදු කලා ජිමින් දවල් රෑ නොබලා මේ වෙනුවෙන් මහන්සි වුනේ ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන
ඉතින් කොල්ලා වෙනදා වගේ හවස් වෙලා ගෙදර යන්න බලාගෙන පාරට ආවා කොල්ලා හූඩිය තුලට අත් දෙකත් දාගෙන වේගෙන් එහෙ මෙහෙ ඇදෙන වාහන දිහා බලාගෙන ඉදලා හුස්මක් පහත හෙලුවා බිම බලාගත්ත කොල්ලා පාර දිගේ ඇවිදගෙන ගියේ හිතට දැනුනු නොසන්සුන් බව ටිකක් හරි අඩු කරගන්න හිතාගෙන
ටික දුරක් ඇවිදගෙන යනකොට ජිමින්ගේ ඇගේ කෙනෙක් හැප්පුනා
" I'm Sorry..!"
ඒ කෙනා එහෙම කියනවත් එක්කම ජිමින් ඔලුව උස්සලා ඒ කෙනා දිහා බැලුවා ජිමින්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙන්න ගියේ තත්පර ගානයි ඒ වගේම ජිමින්ව දැක්ක අනිත් කෙනත් පුදුම වුනා එයාලගේ ඇස් එකට ගැටෙද්දී දෙන්නට දෙන්නා එයාලා දිහා බලාගෙන හිටියා
" කියුටී...!"
එයාලා අතරේ තිබුණු නිහඩතාවය බිද දමමින් යුංගි කතා කරද්දී ජිමින් යුංගිගෙන් ඇස් අහකට ගත්තා ජිමින් යුංගි නොසලකා හැරිලා යන්න හැදුවත් යුංගි කොල්ලාට යන්න ඉඩ දුන්නේ නැ යුංගි ජිමින්ගේ අතින් අල්ලලා නැවැත්තුවා
" කියුටී... ඔයා මෙහෙද මෙච්චර කාලයක් හිටියේ..? ඔයාට කොහොමද..? දැන් මොනාද කරන්නේ..? මට විශ්වාස කරන්න එපා අවුරුදු හයකට පස්සේ මගේ කියුටී මගේ ඇස් ඉස්සරහ "
යුංගි ලෝභකමින් කොල්ලා දිහා බලාගෙන කිව්වා යුංගිගේ ඇස් ජිමින්ගේ මූන පුරා වේගෙන් ගමන් කලා යුංගි එකදිගට කියවද්දී කොල්ලා ඉන්නේ ලොකු සතුටකින් කියලා ජිමින්ට තේරුනා හැබැයි ඒ ගැන තැකීමක් නොකරපු ජිමින් කට කොනින් හිනා වුනා
" ඔහ් ප්ලීස් යුංගි... ඔයාගේ රගපෑම දැන්වත් නවත්තන්න දැන් හැමදේම ඉවරයි "
ජිමින් කිව්වාම මෙතෙක් වෙලා සතුටින් පිරිලා තිබුනු යුංගිගේ මූන ටිකෙන් ඒකත් අදුරු වුනා
" කියුටී..."
" ආපහු ඇයි මගේ ඇස් ඉස්සරහට ආවේ ම්හ්.. තමුන්ගේ අර වංචාකාර රැවටිලිකාර යාලුවා එක්කම ඉන්නවා යුංගි මට තමුන්ව පේන්නත් බැ ඌව පේන්නත් බැ පින් සිද්ධ වෙයි යුංගි ආපහු මගේ ඉස්සරහට එන්න එපා තමුන් දකිනකොට මට කලින් දේවල් මතක් වෙනවා මම ඒ දේවල් වලට කැමති නැ මම මෙහේ සතුටින් ජීවිත් වෙනවා මෙහෙටත් ඇවිත් මගේ සතුට විනාස නොකර යන්න යුංගි "
ජිමින් හිතක් පපුවක් නැති විදියට කතා කරද්දී යුංගිගේ හිත ගොඩක් රිදුනා අවුරුදු හයකට පස්සේ යුංගි එයාගේ කියුටීව දැක්කාම බදාගෙන ඒ කියුට් මූන ඉබගෙන යන්න හිතුනා කොල්ලව ඒ උනුසුම් පපුවට තුරුල් කරගෙන එයාව කොච්චර මිස් වුනා ද කියලා යුංගිට කියන්න ඕන වුනා ඒ වගේම එදා කේන්ති ගිහින් කොල්ලාට අත ඉස්සුවාට සමාව ඉල්ලන්න යුංගිට ඕන වුනා එයාගේ කියුටීට තාමත් එදා වගේම ආදරෙයි කියන්න යුංගිට ඕන වුනත් ජිමින්ගෙන් ඒකට අවසර ලැබුනේ නැ
ඉස්සර යුංගි හුරතල් කරපු අහිංසක ජිමින් නෙවෙයි අද හිටියේ ජිමින් වෙනස් වෙලා ඒක යුංගිට කොල්ලා කතා කරපු වචන කිහිපයෙන් තේරුනා මෙතෙක් වෙලා ජිමින්ගේ අත අල්ලාගෙන හිටපු යුංගිගේ අත ලිහිල් වෙද්දී ජිමින් යුංගිගේ අතින් තමන්ගේ අත මුදවගත්තා
" මට සමාවෙන්න කියුටී..."
ජිමින් දිහා බලාගෙන කිව්ව යුංගි තවත් වචනයක්වත් නොකියා කොල්ලාට පිටුපාලා ගියා යුංගි යන දිහා බලාගෙන හිටපු ජිමින්ගේ පපුවෙන් සියුම් වේදනාවක් දැනෙද්දී යුංගිගේ ඉස්සරහ කදුලු පාලනය කරගෙන හිටපු ජිමින්ගේ ඇස් වලින් කදුලු පැන්නා ජිමින් යුංගි ගියපු පැත්තට විරුද්ධ පැත්තට හැරිලා ගියේ හදවත වේදනාවෙන් අඩද්දී
අවුරුදු ගානකට පස්සේ යුංගි දකිද්දී ආපහු ඒ උනුසුම් පපුවට තුරුල් වෙලා ඒ උනුසුම විදින්න හිත බල කරත් කලින් වුනු දේවල් මතක් වෙද්දී ජිමින් ඒ ආසාව හිතේම හංගගත්තා ජිමින්ට යුංගිට එතරම් නපුරු වෙන්න ඕන වුනේ නැ හැබැයි එදා වගේම ජන්කූක් එක්ක තිබුණු කේන්තිය යුංගිගේ පිටින් ගියා ඉතින් යුංගි ජිමින් කියන හැමදේම අහගෙන නිහඩ වුනේ එයාට කේන්ති ගිහින් ආපහු කොල්ලාට අත උස්සයි කියලා බය වුනු නිසා
" ඔයා තවත් ලස්සන වෙලා කියුටී.."
පුංචි හිනාවක් දෙතොලතර රදවගෙන යුංගි මිමිනුවා ජිමින්ව අහම්බෙන් හරි දැකපු එකට කොල්ලා සතුටින් හිටියේ ජිමින් සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා දකිද්දී යුංගි හුස්මක් පහත හෙලුවේ සැනසීමෙන්
" පරිස්සමින් ඉන්න කියුටී "
ජිමින් යන දිහා හැරිලා බලපු යුංගි මිමිනුවා ජිමින් මිනිස්සු අතරේ නොපෙනී යනකම් බලාගෙන හිටපු යුංගි තමන්ගේ ගමන ආරම්භ කලා
_________________________
සීතල සිහින් සුලං රැලි හමාගෙන යන තැඹිලි පැහැති හිරු කිරන මුලු පරිසරයම වෙලාගෙන තියෙන කුරුලු රෑන් සන්ධ්‍යා කාලයේ අහස අලංකාරවත් කරමින් කැදලි කරා පියබාගෙන යන පුංචි පැටවුන්ගේ හිනා හඩ කතා හඩ රැව්දෙන සුන්දර සන්ධ්‍යා කාලයේ ටේහ්‍යුන් හිටියේ පාක් එකට වෙලා
පාක් එකේ බෙන්ච් එකක් මත වාඩිවෙලා හිටපු ටේහ්‍යුන් පුංචි පැටව් පාක් පුරා එහෙ මෙහෙ දුවමින් සෙල්ලම් කරන දිහා බලාගෙන හිටියේ හරි ආසාවෙන් ඒ පුංචි හිනා හඩවල් ඇහෙද්දී ටේහ්‍යුන්ට ඇති වුනේ ලොකු සතුටක් ටේහ්‍යුන් හිනාවක් දෙතොලතර රදවගෙන පුංචි පැටව් දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන්ගේ දවසේ වැඩි හරියක් ගත කලේ පුංචි පැටව් එක්ක එයාලගේ ප්‍රශ්න විසදමින් ටේහ්‍යුන් හරි පරිස්සමින් පුංචි දරුවෝ එක්ක වැඩ කලා
ටික වෙලාවක් ගත වෙනකොට කොල්ලාට දැනුනා එයා දිහා කවුරුහරි බලාගෙන ඉන්නවා ටේහ්‍යුන් හැරුනාම දැක්කේ කොල්ලා දිහා බලාගෙන බෙන්ච් එකෙන් වාඩිවෙන්න ට්‍රයි කරන පුංචි රෝස බෝලයක් කොල්ලා හිනාවක් එක්ක කෙල්ල දිහා බලලා පුංචි කෙල්ලව බෙන්ච් එකෙන් වාඩි කෙරෙව්වා පුංචි කෙලි පොඩිත්ත බෙන්ච් එක උඩ තියලා තිබුනු රෝස පාට බෝලේ තුරුල් කරගෙන බිම බලාගත්තා පුංචි කෙල්ලගේ පෙනුමේ හැටියට එයා කොරියන් කෙනෙක් කියලා ටේහ්‍යුන් දැනගත්තා පුංචි කෙල්ලගේ හැසිරීම දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන්ට තේරුනා කෙල්ලගේ ඉන්න හිත හොදකින් නෙවෙයි කියලා
" චූටි රෝස මල සෙල්ලම් කරන්නේ නැද්ද..?"
ටේහ්‍යුන් බිම බලාගෙන ඉන්න පුංචි ඒන්ජල්ගෙන් ඇහුවාම පුංචි කෙල්ල ටේහ්‍යුන් දිහා බලලා බිම බලාගත්තා
" අනේ ඇයි පැටියෝ ඔහොම ඉන්නේ..?"
ටේහ්‍යුන් ආපහු ඇහුවාම පුංචි කෙල්ල දුකින් ටේහ්‍යුන් දිහා බැලුවා
" බබා එක්ක තෙල්ලම් කලන්න කාලුත් ලැ ලේ..."
පුංචි කෙල්ල තොල් උල් කරගෙන දුකින් කියද්දී ටේහ්‍යුන්ට ඇත්තටම දුක හිතුනා
" ඇයි රත්තරං එහෙම කියන්නේ බබාගේ අප්පායි ඔම්මායි කෝ.."
චූටි කෙල්ලගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් ඇහුවා
" බබාත ඉල්ලේ අප්පා විතලයි අන්තල්.. අප්පාත බබා එක්ක තෙල්ලම් කලන්න තයිම් එකක් ලැ "
කෙල්ල කිව්වාම ටේහ්‍යුන් හුස්මක් පහත හෙලුවා ටේහ්‍යුන්ගේ ලගට එන ගොඩක් දරුවෝ කියන දෙයක් තමයි එයාලාගේ දෙමාපියන්ට එයාලා එක්ක ගත කරන්න වෙලාවක් නැ කියලා වේගයෙන් දියුණු වෙන ලෝකයේ තම තමන්ගේ වැඩ එක්ක එයලා බිසි වෙද්දී තමන්ගේ දරුවෝ මගහැරුනු අවස්ථා ඕන තරම් තිබුනා ඉතින් ඒ දේවල් මේ පුංචි හිත් වලට ලොකුවටම බලපෑවා පුංචි දරුවෝ කියන්නේ මල් වගේ ඉතින් ඒ පුංචි හිත් රිදෙන්න මහ ලොකු දේවල් ඕන නැ වගේම ඒ පුංචි හිත් සතුටු වෙන්නත් මහ ලොකු ලොකු දේවල් ඕන නැ
පුංචි කෙල්ල එයාට ඉන්නේ අප්පා විතරයි කිව්වාම ඔම්මා කොහෙද කියන ප්රශ්නය කොල්ලාගේ හිතේ ඇති වුනත් ඒ ප්රශ්නය අහලා රිදිලා තියෙන අහිංසක හිත තවත් රිද්දන්න ටේහ්‍යුන්ට ඕන වුනේ නැ
" ඔහ්...බබා මෙහෙට ආවේ කාත් එක්ක ද..?"
" නැනී එත්ත.."
" දැන් නැනී කෝ.."
" හොයාගන්න ලැ ලේ.."
පුංචි කෙල්ල තොල් පිට පෙරලගෙන කිව්වා
" අපි හොයාගමුකෝ ම්ම්.."
ටේහ්‍යුන් පුංචි කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කොල්ලා කිව්වේ
" අන්කල් ඉතින් මේ පුංචි රෝස මලගේ නම කිව්වේ නැ නේ "
ටේහ්‍යුන් හරි ආසාවෙන් කොල්ලාගේ කම්බුල් අතගාන කිව්වා
" බබාගේ නම ලූහා.."
" ලූහා.."
" ලැ අලේ.. ලුහා.."
" ලූහා.."
" අයියූ උයා එක්ක බ්ලැ අන්තල් බබාගේ නම ලූහා.."
" යූහා.."
ටේහ්‍යුන් අන්තිමට පුංචි කෙල්ලගේ නම හරියට කිව්වාම පුංචි කෙල්ල හිනා වුනා පුංචි රෝස මලගේ හිනාව දැක්කාම ටේහ්‍යුන්ට කෙනෙක්ව මතක් වුනා ඒ කෙනාගේ හිනාව ඒ විදියටම මේ පුංචි සිගිත්තියට පිහිටලා තියෙන එක ගැන ටේහ්‍යුන් පුදුම වුනා
" අන්තල්..."
" ඔහ්...! අපේ යූහා බබාට තියෙන්නේ ලස්සන හිනාවක් නේ ම්ම් ඔයා වගේම ඔයාගේ නමත් ලස්සනයි.."
ටේහ්‍යුන් හරි ආදරෙන් පුංචි කෙල්ලගේ කම්බුලක් මිරිකන ගමන් කිව්වා
" තන්කුයි අන්තල්.."
පුංචි කෙල්ල තවත් ටේහ්‍යුන් එක්ක හුරතල් වෙන ගමන් කිව්වා
" යූහා...! මගේ මැනික...!"
",අප්පා..!"
පුංචි කෙල්ල අමාරුවෙන් බෙන්ච් එකෙන් බැහැලා දුවගෙන ගිහින් එයාගේ අප්පාගේ අත් අතරට ගුලි වුනා යූහාගේ අප්පාත් පුංචි බෝනික්කි වඩාගෙන කෙල්ලගේ මූන පුරා පුංචි හාදු ගොඩක් තිබ්බා
" කොහෙද ගියේ ම්ම්.. අප්පා බය වෙනවා කියලා දන්නේ නැද්ද...? ඔය වගේ නෝටි වැඩ කලොත් අප්පා ආපහු කොහෙවත් එක්කගෙන යන්නේ නැ "
යූහාගේ අප්පා කියද්දී පුංචි කෙල්ල තොල් පිට පෙරලගෙන එයාගේ අප්පා දිහා බලාගෙන ඉදියා
" බබා එක්ක තෙල්ලම් කලන්න කාලුත් නැති නිසා ලේ බබා මෙතනත ආවේ..."
පුංචි කෙල්ල දුකින් ඇගිලි පටලවමින් කියද්දී යූහාගේ අප්පා කෙල්ලව තුරුල් කරගත්තා
",එතකොට නැනී...."
" එයත් අප්පා වගේ බිතී ලේ බබාත කාටවත් කලදලයක් වෙල්ල ඕලේ ලැ "
පුංචි යූහා අප්පාගේ බෙල්ල අස්සේ මූන හංගගෙන මිමිනුවා
" මගේ මැනික කාටවත් කරදරයක් නෙවෙයි පැටියෝ..."
යූහා එක්ක පාක් එකට එවපු නැනී දිහාට රවන ගමන් ජන්කූක් කියද්දී නැනී බිම බලාගත්තා අන්න එතකොට තමයි ජන්කූක් දැක්කේ මෙතෙක් වෙලා එයාලා දිහා කදුලු පුරවගෙන බලාගෙන ඉන්න ජන්කූක් අවුරුදු ගානක් තිස්සේ හොයපු රුව එයාගේ ඇස් ඉදිරියේ ඉන්නවා
" බේබි..."
ජන්කූක් මිමිනුවාම බෙල්ල අස්සේ මූන හංගගෙන හිටපු පුංචි යූහා ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බලලා හිනා වුනා
" අප්පා අපි අන්තල් ලගට යමු.."
යූහා කිව්වාම ජන්කූක් හිමින් අඩි තියමින් ටේහ්‍යුන්ගේ ඇස් දිහා බලාගෙනම කොල්ලාගේ ලගට ආවේ ටේහ්‍යුන්ට ලං වෙන අඩියක් පාසාම හද ගැස්ම වැඩි වෙද්දී ටේහ්‍යුන්ට දැන් මෙතනින් නැගිටලා දුවන්න ඕන වුනත් කොල්ලාගේ කකුල් ශක්තිමත් වුනේ නැ එයාට ඇවිදගන්නවත් ටේහ්‍යුන් අසරණ විදියට කදුලු පුරවගෙන ජන්කූක් දිහා බලාගෙන හිටියා
" අන්තල් මේ මගේ අප්පා.."
පුංචි කෙල්ල ජන්කූක්ගේ බෙල්ල බදාගෙන හරි සතුටින් කියද්දී ටේහ්‍යුන් අමාරුවෙන් වුනත් පුංචි කෙල්ලගේ හිනාව දිහා බලාගෙන හිනා වුනා දැන් එයා හිනා නොවුනොත් හරි ඇඩුවොත් හරි ඒ පුංචි හිතේ ප්‍රශ්න කෝටියක් ඉපදෙන බව ටේහ්‍යුන් අත්දැකීමෙන් දැනගෙන හිටියා පුංචි කෙල්ල තමන්ව ටේහ්‍යුන්ට තමන්ගේ අප්පා විදියට හදුන්වා දෙද්දී කොල්ලා හිටියේ කියාගන්න බැරි එයාටත් නොතේරෙන හැගීමක අතරමං වෙලා
" බේබි..."
" කොහොමද ජන්කූක්...?"
ටේහ්‍යුන් වෙනසක් නොපෙන්වා අහද්දී පුංචි කෙල්ල ඇස් ලොකු කරගෙන බැලුවා
" මම හොදින් බේබි.."
ජන්කූක්ට කියන්න ඕන වුනා එයා හොදින් නෙවෙයි එයාට ගොඩක් ටේහ්‍යුන්ව මතක් වෙනවා එයාට ටේහ්‍යුන්ව ඕන කියලා එයා තනිවෙලා ඉන්නේ කියලා කරපු කියපු හැමදේටම ටේහ්‍යුන්ගේ කකුල් ලග වැද වැටිලා සමාව ඉල්ලන්න ඕන ඒත් ඒ හැමදේම හිතේ හිර කරගෙන යාන්තම් හිනාවක් එක්ක ජන්කූක් කිව්වා
" උය දෙන්නා අදුලනවාද..?"
ඇස් ලොකු කරගෙන පුංචි කෙල්ල ජන්කූක් දිහාත් ටේහ්‍යුන් දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් ඇහුවා
" ම්ම්ම්.. ඔව් පැටියෝ ඔයාගේ අප්පාව මම ගොඩක් හොදට අදුරනවා.."
ටේහ්‍යුන් ජන්කූක් දිහා බලාගෙන කිව්වා ජන්කූක් දිගටම කොල්ලා දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නැ ඉස්සරට වඩා ටේහ්‍යුන් දැන් ගොඩක් ලස්සන වෙලා අදත් එදා වගේම ටේහ්‍යුන්ගේ දිලිසෙන ඇස් ජන්කූක් වශි කරන්න සමත් වුනා එදා මොන දේ කිව්වත් ජන්කූක්ට මේ ලෝකේ ලස්සනම කෙනා වුනේ ටේහ්‍යුන් කිව්වොත් නිවැරදියි
" කිම් ටේහ්‍යුන්... මොකටද මනුස්සයෝ තමුසෙට ෆෝන් එකක් තියෙන්නේ...? ඕන වෙලාවට තමුසෙට හැමදාම කෝල් එකක් ගත්තොත් ඔහොම්මයි තමුසේ කෝල් ආන්සර් කරන්නේ නැ කියලා අන්න පපා දහ අට සන්නිය නටවලු තමුසේ මෙතනට වෙලා...උප්ස්.. සොරි.."
ලියා කඩාගෙන බිදගෙන ඇවිත් කියවගෙන යද්දී ජන්කූක් වගේම පුංචි කෙල්ලත් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා ලියා ටිකක් කියවගෙන යනකොට තමයි දැක්කේ තව දෙන්නෙක් මෙතන ඉන්නවා කියලා ඊට පස්සේ ලියා අත් දෙකෙන්ම කට වහගෙන සමාව ඉල්ලුවා
" මගේ ෆෝන් එක කා එකේ ලියා අනික පපා දන්නවා නේ මම ආවේ ඔයා එක්ක කියලා "
ටේහ්‍යුන් ලියා දිහා බලාගෙන කියද්දී කෙල්ලගේ ඇස් නම් සැරින් සැරේ නැවතුනේ පුංචි කෙල්ලව වඩාගෙන ඉන්න ජන්කූක් ලග
" අහ්ම්.... මේ කවුද...?"
ජන්කූක් ලියා දිහා බලන ගමන් ටේහ්‍යුන්ගෙන් ඇහුවා
" මේ මගේ වයිෆ් ජන්කූක්.."
ටේහ්‍යුන් ලියාගේ අතින් අල්ලාගෙන කියද්දී කෙල්ලගේ කට අක්කරයක් විතර ඇරුනා කවද්ද යකෝ මම උබේ වයිපරේ උනේ කියලා අහන්න කට නැලියුවත් ජන්කූක් කියන නම හොදට අහලා පුරුදු ස්වභාවයක් තිබුණු නිසා කෙල්ල ජන්කූක් කියන්නේ මොකාද කියලා කල්පනා කරන්න ගත්තා
අනිත් පැත්තෙන් ජන්කූක් ගැන කිව්වොත් කොල්ලාට ඇහුනු දේවල් විශ්වාස කරන්න බැරුව ටේහ්‍යුන් දිහාත් ලියා දිහාත් ඒ දෙන්නාගේ එකට පැටලිලා තිබුණු අත් දිහාත් බැලුවා ටේහ්‍යුන් ලියා එයාගේ වයිෆ් කිව්වාම ජන්කූක්ට අකුනක් වැදුනා වගේ කොල්ලාට එයාගේ මුලු ලෝකෙම ඇස් ඉදිරියේ කඩාගෙන වැටුනා වගේ දැනුනා එයා දැන් හොදටම පරක්කුයි කියලා හිතුනා එයා හැමදාම වරද්දගත්තා කියන්න කොල්ලාගේ හිත එයාටම බැන්නා ටේහ්‍යුන් එක්ක ලස්සනට ජීවත් වෙන්න තිබුණු අවස්ථාව එයාගේ කේන්තිය නිසා නැති වුනා ජන්කූක් හිතින් සිය දහස් වාරයක් පසුතැව්නා
එදා ජන්කූක් ලීනා එක්ක ඉදිද්දී ටේහ්‍යුන්ට තමන්ට දැනෙනවා වගේ දැනෙන්න ඇති කියලා කොල්ලාට හිතුනා ජන්කූක් දිගටම ලියාගේ අතක පැටලිලා තියෙන ටේහ්‍යුන්ගේ අත දිහා බලාගෙන හිටියේ හදවත වේදනාවෙන් කෑගහද්දී කොල්ලාගේ ඇස් වලට කදුලු පිරෙද්දී ඒ ඇස් වලින් කදුලු වැටෙන්න නොදී පරිස්සම් වුනා
" ම්ම්ම් එහෙම ද...? අපි යන්නම් බේ-- අහ්ම් ටේහ්‍යුන් පරිස්සමින් ඉන්න "
කියන්න දේවල් දහසක් හිතේ හිර කරගෙන ජන්කූක් එහෙම කියලා යාන්තම් හිනා නොවී බැරිකමට හිනා වුනා
" බායි අන්තල්..."
පුංචි යූහා හිනා වෙවී ටේහ්‍යුන්ට අත වැනුවා
" බායි පැටියෝ "
ටේහ්‍යුන් යූහාට අත වනමින් එයාලා නොපෙනී යනකම් බලාගෙන හිටියා
" ඒ එයා නේද ටේ..."
ලියා අහනකොට ටේහ්‍යුන් ඔව් කියන්න ඔලුව වැනුවා
" එයාට රෝස මලක් වගේ පුංචි දුවෙක් ඉන්නවා ලියා... අනේ පුංචි පැටියා හිනා වෙනකොට එයා වගේමයි එයාගේ ඇස් ලීනා වගේ ඒ පුංචි පැටියා හරි කියුට් ලියා "
ටේහ්‍යුන් හරි ආසාවෙන් ජන්කූක්ගේ පුංචි සුරංගනාවි ගැන විස්තර කිව්වා ලියා කොහොමත් දන්නවා ටේහ්‍යුන් පුංචි දරුවොන්ට ගොඩක් ආදරෙයි කියන්න ඒ නිසා ලියා කට වහගෙන ටේහ්‍යුන් කියන දේවල් අහගෙන හිටියා
" මම උබේ වයිෆ් කිව්වේ මොකටද..?"
ලියා ඇහුවේ ඇස් හීනි කරගෙන ටේහ්‍යුන් හුස්මක් පහත හෙලලා අහස දිහා බැලුවා
" මම එයාව අමතක කරලා සතුටින් ඉන්නවා කියලා මට පෙන්නන්න ඕන වුනා "
" මම දැක්කා උබ මම උබේ වයිෆ් කියනකොට ඒ ඇස් කලබල වෙනවා ජන්කූක් ගියේ ලොකු දුකකින් බන් ජන්කූක් එයා කරපු දේවල් ගැන පසුතැවෙනවා නම් උබ මොකද කරන්නේ..."
ජන්කූක්ව හොදින් නිරික්ෂණය කරපු ලීනා ඇහුවේ කලින් කරපු දේවල් හැමදේම අමතක කරලා ජන්කූක්ට ටේහ්‍යුන් සමාව දෙයිදෝ කියලා හිතුනු නිසා
" එයා පසුතැවුනා කියලා හැමදේම හරි යන්නේ නැ නේ එයාට වඩා මම මේ අවුරුදු හයේ දුක් වින්දා එයාගේ මතක එක්ක මැරි මැරි මම ජීවත් වුනේ එයා මගේ ඉස්සරහ ලීනා එක්ක ඉදිද්දී මම පනපිටින් පිච්චුනා එයා මට ආදරෙයි කියපු කටින්ම මාව අන්තිම පහත් තත්ත්වයට දාලා කතා කරද්දී මේ හදවත ගොඩක් රිදුනා ලියා තවත් මට මේ දේවල් දරාගන්න හරි අමාරුයි ලියා එයා නිසා තමයි මම අද ඇවිදගන්න බැරුව මගේ පපාට අප්පාට බරක් වෙලා ඉන්නේ එහෙම එකේ උබ කියන්නේ කලින් හැමදේම අමතක කරලා මට එයාට සමාවදෙන්න කියලා ද..? මම මැරිලා ඉපදුනේ නැ නේ ලියා මට මෙමරි ලොස්ට් එකක් වුනේ නැ නේ ලියා එයා කරපු කියපු හැමදෙයක්ම මගේ මතකයේ තියෙනවා ලියා ඒ නිසා තවත් මාත් එක්ක ජන්කූක් ගැන කතා කරන්න එපා "
ටේහ්‍යුන් කියද්දී ලියා නිහඩව හිටියා එක අතකින් ටේහ්‍යුන් සාධාරණයි එච්චර දුකක් දීලා රවට්ටපු මිනිහාට එකපාරට සමාව දෙන්නේ කොහොමද..? අවුරුදු ගානක් ඒ දේවල් නිසා ටේහ්‍යුන් දුක් විදිනවා තාමත් එයා දුක් විදිනවා ජන්කූක් එකපාරට එයාගේ ඉස්සරහට ආවාම කොල්ලා පුදුම වුනා ජන්කූක් අවුරුදු ගානකට පස්සේ දැකපු එකට ටේහ්‍යුන්ගේ හිතේ කොනක සතුටක් නොතිබුනාම නෙවෙයි
" අපි යමු.."
ටේහ්‍යුන් කිව්වාම wheelchair එක අරගෙන ලියා ටේහ්‍යුන්ව wheelchair එකේ වාඩි කරගෙන එක්කගෙන ගියා ඊට පස්සේ ලියා ඒ සම්බන්ධව වචනයක්වත් ටේහ්‍යුන් එක්ක කතා කරන්න ගියේ නැ ඒත් කෙල්ලට ජන්කූක් ගැන හොයලා බලන්න ඕන වුනා ඒ නිසා ලියා තීරණය කලා හැමෝටම හොරා ජන්කූක් ගැන හොයන්න
To be continue................♡︎
බොරපාට ඇස් කදුලින් පිරෙයි
පිං පාට නුබ සිහි වෙලා
සුදු රෝස මල් පරවී වැටෙයි
මගේ ආදරේ විස වෙලා....!
අප්ඩේට් ලේට් වෙනවාට සමාවෙන්න ඕතර්ට මේ සතියේ ක්ලාස් වල එක්සෑම් ඒ වැඩ නිසා මම මේ පැත්තට එනවා අඩුයි
කතාව මතක් කරලා අප්ඩේට් ඉල්ලුව අයට තම්කුයි එයාලා නිසා තමයි අද අප්ඩේට් එක දුන්නේ
වෙනදා වගේ කතාව ගැන හිතෙන දේ කොටාගෙන යන්න
ජන්කූක්ට ටේහ්‍යුන් ලේසියෙන් සමාව දෙන්නේ නැ ඉස්සරහට තමයි ජන්කූක් හරියටම විදවන්න පටන් ගන්නේ
එහෙනම් ඕතර් ගිහින් ආපහු ඉක්මනට එන්නම්
බායිම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top