56 • 𝙹𝚎𝚘𝚗 𝚈𝚞𝚑𝚊 •
" හරි ජන්කූක්... පොඩ්ඩක් ඔලුව උස්සන්න දැට්ස් රයිට්..."
" නයිස් ශොට් ජන්කූක්... අදත් වැඩේ හොදටම කරා.."
Photographer කිව්වාම ජන්කූක් එයාගේ කොන්ඩේ අතින් පිටිපස්සට කරා
" මගේ වැඩ එහෙම තමයි "
ජන්කූක් එහෙම කියලා ගිහින් පැත්තකින් වාඩිවෙද්දී කෙල්ලෙක් වතුර බෝතලයක් ගෙනත් දුන්නා කොල්ලා වතුර බීලා ආපහු කෙල්ලගේ අතට බෝතලය දුන්නා තව ගර්ල් කෙනෙක් කොල්ලාගේ මේකප් අලුත් කලා
ජියොන් ජන්කූක් මේ වෙනකොට ෆේමස් මොඩල් කෙනෙක් ඒ වගේම කොරියාවේ නම්බර් වන් කම්පැනි එක වුනු JTH Holdings වල ඕනර් වුනෙත් ජන්කූක් තමයි මේ වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා ඉස්සර හිටපු ජන්කූක්ට වඩා දරුනු ජන්කූක් කෙනෙක් දැන් ඉන්නේ ඒත් එක් කෙනෙක් ඉස්සරහ නම් හරි අහිංසක ආදරනීය චරිතයක් වුනා ඔයාලා හිතන්නේ ඒ කවුරු කියලා ද..?
මම ඒ කවුද කියලා ඉස්සරහට කියන්නම්
" ජන්කූක් රෙඩි නම් අපි ඊලග ෂොට් එකත් ගමු.."
Photographer කිව්වාම කොල්ලා ඔලුව වනලා නැගිට්ටා ජන්කූක් photographer කියන විදියට එක එක poses වලින් ඉදගෙන ලස්සන photoshoot එකක් කලා
ෂූට් එක අවසානයේ ජන්කූක් එතැනින් පිටත් වෙලා ගියේ කොල්ලාට ලැබුනු දුරකතන ඇමතුමක් නිසා කොල්ලා එයාගේ mansion එකට පුලුවන් ඉක්මනට ආවා කා එක garden එකේ නවත්තපු ජන්කූක් ඇතුලට දුවගෙන ගියා
කොල්ලාට Living room එකට ඇතුල් වෙනකොටම ඇහුනේ පුංචි කෙල්ලෙක්ගේ ඇඩිල්ලක් වගේම කෙල්ලව නලවන්න එක එක කතා කියන මේඩ්ලාගේ හඩවල්
" තමුසෙලා මොනාද කරන්නේ එහාට වෙනවලා "
ජන්කූක් කෑගහගෙන එනකොට මෙතෙක් පුංචි කෙල්ල වට කරගෙන හිටපු මේඩ්ලා එහාට වුනා මේඩ්ලා දිහා කේන්තියෙන් බලපු ජන්කූක් අඩන කෙල්ල දිහා ආදරෙන් බලලා වඩාගත්තා
(පොඩි යකා අඩනවා කියලා හිතාගනිම්)
" අනේ මොකද මේ අප්පාගේ රෝස මල අඩන්නේ...? ම්ම්... මෙන්න චූටි කම්බුල් රතු වෙලා මගේ චූටි ප්රින්සස් කැත වෙයි ඔහොම ඇඩුවොත්.."
ජන්කූක් පුංචි කෙල්ල වඩාගෙන ආදරෙන් කියද්දී ඇඩිල්ල නවත්තපු කෙලි පොඩිත්ත එයාගේ අප්පාගේ උනුසුමට ගුලි වුනා ජන්කූක්ගේ වචන කිහිපයකට ජන්කූක්ගේ උනුසුමට පුංචි කෙල්ලව නලවන්න පුලුවන් වුනා
" මගේ චූටි මැනික හබුන් කෑවද..?"
ජන්කූක් අහනකොට පුංචි කෙලි පොඩිත්ත ඇගිල්ලකුත් කටේ ගහගෙන කොල්ලා දිහා ඇස් බෝල කරගෙන බැලුවා
",හබුන් කෑවේ නැ නේද..? මේ සූටි බන්ඩිය හිස් වෙලා "
පුංචි කෙල්ලගේ බන්ඩියට තට්ටුවක් දාන ගමන් කිව්වාම පුංචි කෙල්ල තොල් උල් කරගත්තා කෙල්ලට කවන එක තරම් අමාරු කාර්යයක් මේ ලෝකේ නැතුව ඇති
" යන් යන් මේ සූටි බන්ඩිය පුරවන්න "
ජන්කූක් කිව්වාම කෙල්ලගේ මූන ඇද වුනා ජන්කූක් පුංචි කෙල්ලගේ කම්බුලකට හාදුවක් දුන්නාම ඒ පුංචි දෙතොලතර හිනාවක් මැවුනා ජන්කූක් එයාගේ පුංචි දෝනිගේ හිනාව දිහා සතුටින් බලාගෙන ඉදපු කොල්ලා කෙල්ලගේ මූන පුරා පුංචි පුංචි හාදු තැවරුවේ පුංචි කෙල්ලගේ හිනා හඩින් mansion එක පිරෙද්දී මෙතෙක් වෙලා පුංචි බෝනික්කිගේ ඇඩුම් වලින් පිරිලා තිබුණු mansion එකේ දැන් ඇහෙන්නේ ඒ පුංචි බෝනික්කිගේ හිනා හඩ පමනයි
" අලේ....ඇති..අප්පා.."
පුංචි කෙල්ල හිනාව අතරින් කියද්දී ජන්කූක් හිනා වෙලා කෙල්ලගේ බන්ඩියේ නහය ඇතිල්ලුවේ කෙල්ල ජන්කූක්ගේ කොන්ඩෙන් අදිද්දී
" මගේ චූටි හුරතලේ..."
ජන්කූක් කෙල්ලව වඩාගෙන නැගිටිද්දී මේඩ් කෙනෙක් චූටි කෙල්ලගේ කෑම එක ගෙනත් දුන්නා ජන්කූක් එක එක විකාර කරමින් පුංචි කෙල්ලට කැව්වා ජන්කූක්ගේ විකාර වැඩ වලට හිනා වෙමින් පුංචි කෙල්ල ඔක්කොම කාලා ඉවර කලා ඊට පස්සේ පුංචි කෙල්ලව සේදුව ජන්කූක් දොයිමතේ ඉන්න පුංචි සුරංගනාවිය නිදි කලා
සිහින් හඩින් ගීත මුමුනමින් කොල්ලා පුංචි කෙල්ලව වඩාගෙන රූම් එකේ ඒ කොනට මේ කොනට ඇවිද්දා ජන්කූක්ගේ උරහිසට ඔලුව බර කරගත්ත පුංචි කෙල්ල කොල්ලාගේ උනුසුම් අත් අතරේ නින්දට වැටුනා පුංචි කෙල්ල ඇහැරෙන්නේ නැති වෙන්න පරිස්සමින් ඇදෙන් තිබ්බ ජන්කූක් ටික වෙලාවක් කෙල්ලගේ බඩට තට්ටු කරමින් හිටියා
ජන්කූක් හුරතල් කරන පුංචි කෙල්ල වෙන කවුරුවත් නෙවෙයි ජන්කූක්ගේ පුංචි ප්රින්සස් කොල්ලාගේ මුලු ලෝකෙම වුනු වයස අවුරුදු තුනක් වුනු ජියොන් යූහා...! ජන්කූක්ගේ එකම පුංචි දියනිය කෙල්ල හුරතල් ලෝකයක් දග වැඩත් එහෙමයි අප්පා වගේම මුරන්ඩු හිතුවක්කාර කෙලි පොඩිත්තක් ජන්කූක්ට විතරක් කීකරු වුනු mansion එකේ මේඩ්ලාට යක්ස කෙලි පොඩිත්තක් වුනු පුංචි යූහාට එයාගේ අප්පාගෙන් තොර ලෝකයක් තිබුණේ නැ
කෝ යූහාගේ ඔම්මා...?
ජන්කූක් කාවද මැරි කරේ...?
ඒ ලීනාගේ දරුවා ද..?
එතකොට කෝ ජන්කූක්ගේ ඔම්මා...?
වගේ ප්රශ්න ගොඩක් ඔයාලාගේ හිත් වල තියෙනවා නේ ඉන්නකෝ මම එකින් එක පැහැදිලි කරලා කියන්නම් ඒ වගේම ජන්කූක් ටේහ්යුන්ගේ ඔම්මා ජින් සූ කියලා දැනගත්තේ කොහොමද කියලා මම හරියට කිව්වේ නැ නේ ඒකත් කියන්නම්
ටේකුක් දෙන්නාගේ relationship එක ගැන හේවොන් වගේ මිස්ටර් ජියෝන් දැනගත්තාම ටේහ්යුන් නිතර නිතර Jeon Mansion එකට යන්න එන්න පුරුදු වෙලා තිබුනා ඒ ආපු වෙලාවට ජන්කූක් ලග ටේහ්යුන් රැදෙනවාට වඩා රැදුනේ හේවොන් ලග හේවොන් ටේහ්යුන්ට ජන්කූක්ට තරමටම ආදරේ කලා ඉතින් ඔය අතර මගදී ජින් සූ එක්ක දවසක් ටේහ්යුන් කතා කරනවා දැකපු ජන්කූක් හොරාට ඒ දෙන්නාගේ කතාව අහගෙන හිටියා හැබැයි කොල්ලා කතාව භාගෙට අහලා වැරදි වැටහීමක් එක්ක ටේහ්යුන්ට පන වගේම ආදරේ කරපු හිත වෛරයෙන් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ එතැනින් තමයි හැමදේම ආරම්භ වුනේ
එදා ටේහ්යුන්ව ලීනාගේ apartment එකේ දී තමයි ජන්කූක් අවසාන වතාවට දැක්කේ ජන්කූක් කවදාවත් හිතුවේ නැ ඒ ටේහ්යුන් දකින අවසාන මොහොත කියලා හිටපු ගමන් ජිමින් යුංගි එක්ක තිබුණු සම්බන්ධය නවත්තලා දාලා අතුරුදහන් වෙද්දී ජන්කූක් ඒ ගැන යුංගිගෙන් කොච්චර ප්රශ්න කරත් කොල්ලා ඒකට හරි ආකාර පිලිතුරක් දුන්නේ නැ යුංගිගේ හැමදාම කිව්වේ එක දෙයයි
' කියුටී හරි බන් මම තමයි හැමදාම වගේ වැරදි කරේ '
යුංගිගේ කටින් ඒ සම්බන්ධව ඔයිට වඩා දෙයක් ගන්න බැරි වුනා ඉතින් කාලය ගත වුනා ජන්කූක්ට ටේහ්යුන් නැති අඩුව තදින්ම දැනුනා ලීනා එක්ක කොයිතරම් හිටියත් ටේහ්යුන් එක්ක ඉදිද්දී දැනෙන විදියට කවදාවත් ලීනාව දැනුනේ නැ ටේහ්යුන් තරම් ජන්කූක්ට pleasure එකක් දෙන්න ලීනාට පුලුවන් වුනේ නැ
ටේහ්යුන්ගේ දිලිසෙන තරු වන් ඇස්...!
ජන්කූක් දකිනකොට ඒ දෙතොලතර නැගෙන අහිංසක හිනාව....!
එයා ටේහ්යුන්ගේ පීච් පැහැති දෙතොලතර සිපගත්තාම ලැජ්ජාවෙන් රත් පැහැයට හැරෙන සිනිදු කම්බුල්....!
ටේහ්යුන්ගේ දගකාර පිස්සු වැඩ...!
එයාගේ එක අතක එල්ලිලා ඇවිදින්න ගියපු හැටි..!
ටේහ්යුන්ගේ ආදරනීය වදන්....!
එයා දෙයක් කියන්න කලින් හැමදේම හරි අපූරුවට ටේහ්යුන් තේරුම් අරගෙන කරපු හැටි...!
ටේහ්යුන් එයාගේ හැමදේම ජන්කූක්ගේ නමට ලියලා දුන්නු හැටි...!
ජන්කූක්ට ගොඩක් මතක් වුනා ජන්කූක් කා එක්ක හිටියත් කොල්ලාගේ හිත තිබුණේ ටේහ්යුන් ලග ඔව් ටේහ්යුන් යන්න ගියේ ජන්කූක්ගේ හිතත් අරගෙන ජන්කූක් ටේහ්යුන්වයි ලිනාවයි සංසන්දනය කලා ඒ හැම අවස්ථාවකම ටේහ්යුන් ලීනාට වඩා උඩින් හිටියා මොන දේ කරත් ජන්කූක්ට ටේහ්යුන්ව අමතක කරන්න පුලුවන් වුනේ නැ
ටික ටික ලීනාගෙන් ඈත් වුනු ජන්කූක් ඇල්කොහොල් භාවිතයට පුරුදු වුනා ටේහ්යුන්ව තදින්ම ඕන වෙද්දී කොල්ලා ඩ්රග් පවා ගත්තා ටේහ්යුන් කියලා හිතාගෙන ජන්කූක් වෙන කොල්ලෝ එක්ක හිටපු අවස්ථාත් තිබුනා කොයිතරම් වෛර කරනවා කිව්වත් ජන්කූක්ගේ හිතේ ගැඹුරුම තැනක ටේහ්යුන් හිටියා ඉතින් ජන්කූක් හැමදාම හෙව්වේ ටේහ්යුන්ගේ පහස ඒ ආදරය
ටික ටික ජන්කූක් ලීනාව මගහරිද්දී ලීනා කොයිවෙලෙත් ජන්කූක් ආපහු තමන්ගේ ලගට ගන්න කරන්න පුලුවන් හැමදේම කලා ඔය හැමදේම අතරේ ජන්කූක් එක්ක හැමදේටම යුංගිත් හිටියා කොල්ලා කොයිවෙලෙත් කිව්වේ ලීනාගෙන් ඈත් වෙයන් කියලා ඉතින් ඔහොම කාලය ගත වෙද්දී එක දවසක් ජන්කූක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් කනපිට පෙරලන්න සමත් වුනා
එදා ලීනා එයාගේ ඔම්මායි අප්පායි එක්ක Jeon Mansion එකට ආවේ ජන්කූක් නොහිතපු විදියට ඒ වගේම ඇවිත් කිව්ව දේ එක්ක කොල්ලාගේ හුස්ම හිර වෙනවා වගේ දැනුනා එදා ලීනා ඇවිත් කිව්වේ එයා ප්රග්නට් කියලා වගේම ඒ දරුවගේ අප්පා ජන්කූක් කියලා ඒක ඇහුවාම හේවොන්ට දරාගන්න බැරි වුනා ටේහ්යුන් එකපාරට අතුරුදහන් වෙන්න මේක හේතුවක් වෙන්න ඇති කියලා හිතපු හේවොන් කොල්ලා එක්ක කතා කලේ නැ හේවොන් හිටියේ ලොකු වේදනාවකින් හේවොන් සම්පූර්ණයෙන්ම ජන්කූක්ව අතහැරලා දැම්මා මෙච්චර ආදරෙන් හදපු දරුවා මේ වගේ පහත් වැඩක් කලා කිව්වාම හේවොන්ට දරාගන්න පුලුවන් වුනේ නැ ජන්කූක් දුර දිග නොබලා වෛරයෙන් අන්ධ වෙලා ගත්ත තීරණය නිසා ගොඩක් අයට දුක් විදින්න වුනා
ඉතින් මිස්ටර් ජියෝන්ගේ මැදිහත් වීමෙන් සතියක් තුල ජන්කූක්ගේ හා ලීනාගේ වෙඩින් එක සූදානම් කලා ඒ සතිය ජන්කූක්ගේ ජීවිතේ දුඛිතව සතිය කිව්වොත් හරි හේවොන් වුනු දේවල් ගැන අගක් මුලක් දැනගෙන හිටියේ නැ හේවොන් යුංගිගෙන් බලෙන් සම්පූර්ණ කතාව අහගත්තා හේවොන් ඇඩුවා පුංචි කාලේ ඉදලා හොද පුරුදු කියලා දීලා අප්පා වගේ වෙන්න එපා කියලා කාටවත් වෛර කරන්න එපා කියලා හරි ආදරෙන් හුරතල් කරමින් හදපු තමන්ගේ එකම පුතා එහෙම වැඩක් කලා කියලා දැනගත්තාම හේවොන්ට තමන් ගැනම ඇති වුනේ කලකිරීමක් හේවොන් පලවෙනි වතාවට ජන්කූක්ට අතක් ඉස්සුවා හැබැයි ඒ ගහපු පාරවල් වලට වඩා ජන්කූක්ට රිදුනේ හේවොන් එයා නිසා ඇඩුව නිසා
සතියකින් ජන්කූක් ලීනා එක වහලක් යටට පැමිනියා ඒත් දෙන්නා අතරේ හොද සබදතාවයක් තිබුණේ නැ හේවොන් වුනත් කොල්ලා ගැන වැඩිය හෙව්වේ නැ ඒත් යුංගි ජන්කූක් එක්ක කොල්ලාගේ දුක වේදනාව අහගෙන හිටියා කවුරු ජන්කූක්ව තනි කලත් යුංගිට කොල්ලව තනි කරන්න හිතුන් නැ ජන්කූක් ගැන කොල්ලාගේ හිතේ තරහක් නොතිබුනා නෙවෙයි ඒත් පුංචි කාලේ ඉදලා දුක සැප බෙදාගත්ත යාලුවාව කොච්චර වැරදි කරත් එකපාරට අතහරින්න යුංගිට පුලුවන් වුනේ නැ ඒ වගේම කොල්ලා එක දෙයක් විශ්වාස කලා ජන්කූක් කවදාහරි දවසක පට්ට විදියට පසුතැවෙනවා කියලා ඉතින් ඒ දවස එනකම් යුංගි බලාගෙන හිටියා
ඉතින් වැඩි දවසක් නොගිහින් ඒ දවස උදා වුනා ලීනාගේ බඩු වගයක් ගේන්න කොල්ලාට ලීනාගේ පරන apartment එකට යන්න වුනා ඒ වෙලාවේ හරි අහම්බෙන් ජන්කූක්ට පරන පොත් අතරේ තිබිලා ලියුමක් හම්බවෙනවා ඒ ටේහ්යුන් එදා ලීනාගේ apartment එකෙන් එලියට යන්න කලින් ලියපු ලියුම
ලියුම කියවපු ජන්කූක් ඇඩුවා කොල්ලගෙන් සමාව ඉල්ලමින් ඇඩුවා ඒත් කොල්ලාට සමාව දෙන්නවත් ටේහ්යුන් හිටියේ නැ ජන්කූක්ට තේරුනා තමන් වෛරයෙන් අන්ධ වෙලා එයාට පන වගේ ආදරේ කරපු අහිංසක කොල්ලව නැති කරගත්තා ඒ පුංචි හිත රිදෙව්වා ටේහ්යුන්ට කරපු නපුරුකම් මතක් වෙද්දී කොල්ලාට මැරෙන්න හිතුනා ඒ හැමදේම දරාගෙන ටේහ්යුන් හරි ලස්සනට හිනා වුනු හැටි ජන්කූක්ගේ මතකයට නැගුනා
ජින් සූ කරපු දේවල් වලට මේ අහිංසකයා මොනා කරන්න ද...? ජන්කූක් පසුතැවෙනකොට ටේහ්යුන්ගේ වටිනාකම තේරෙනකොට ජන්කූක් පරක්කු වැඩියි එතකොට වෙන්න තියෙන දේවල් ගොඩක් වෙලා තිබුනා ඉන්න ජන්කූක් එදා ඉදන් ටේහ්යුන්ව හෙව්වේ නැති තැනක් නැ කොල්ලා පිස්සෙක් වගේ හැසිරුනේ ඒ නිසා ලීනා සහ ජන්කූක් අතරේ කොයිවෙලෙත් රන්ඩු ඇති වුනා
හැමදාම කෙලින් හිටගන්න බැරි වෙන්නම බොන ජන්කූක් යුංගි ලගට ඇවිත් අඩ අඩ දුක කියනවා සමහර වෙලාවට ක්ලබ් ගානේ වැටිලා ඉන්නකොට ජන්කූක්ව යුංගි ගිහින් උස්සගෙන එනවා ගෙවෙන හැම තත්පරේකම කොල්ලා හිතින් ටේහ්යුන්ගෙන් සමාව ඉල්ලුවා ජන්කූක්ගේ ජීවිතේ ගත වුනේ ඔය විදියට ජන්කූක් විනාස වෙනවා බලාගෙන ඉන්න බැරි වුනු යුංගි ටේහ්යුන් ලියුමේ ලියලා ගියපු දේවල් කොල්ලාට කිව්වා මේ වෙලාවේ ටේහ්යුන් කියන ඕන දෙයක් ජන්කූක් කරනවා කියලා යුංගි දැනගෙන හිටියා
ඉතින් ටේහ්යුන්ගේ ලියුමේ තිබුණු විදියට ජන්කූක් එයාගේ කම්පැනි එක පටන් ගන්න මුල් අඩිතාලම තිබ්බේ යුංගිගේ උදව් ඇතුව් හේවොන් වුනත් කොල්ලාට පුංචි පුංචි උදව් නොකරාම නෙවෙයි ඒ හැමදේම කරේ යුංගිගේ මර්ගයෙන් ජන්කූක් තමන්ගේ අතින් ලීනාට දරුවාට වෙන්න ඕන දේවල් ඉෂ්ට කරන්න අමතක කරේ නැ ඒත් කොල්ලාගේ හිත තිබුණේ ටේහ්යුන් ලග කියන්න ලීනාට වුනත් ටික දවසක් යද්දී තේරුනා
ජන්කූක්ගේ කම්පැනි එක ටිකෙන් ටික දියුණු වෙද්දී jeon industries ටික ටික කඩාගෙන වැටුනා එක දිගට පාඩු ලබමින් හිටපු Jeon industries වසා දැමීමට මිස්ටර් ජියොන්ට සිද්ධ වුනා හැබැයි කවුරුවත් දැනගෙන හිටියේ නැ Jeon Industries කඩාගෙන වැටීම පිටිපස්සේ නම්ජූන් හිටියා කියන්න මිස්ටර් ජියොන්ට තිබුණු වත්කම් ටික ටික නැති වෙලා යද්දී ජින් සූ ජියොන් එක්ක රන්ඩු වෙලා යද්දී අන්තිමේ දී හේවොන් ජියොන්ට ඉතුරු වුනා
ඔය විදියට දවස් ගෙවිලා යද්දී එක දවසක ලීනාට බබා ලැබෙන්න අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා ලීනා හොස්පිටල් ඇඩ්මිට් කලා කියලා ආරංචි වුනාම ජන්කූක් හොස්පිටල් එකට දුවගෙන ආවා පැය කිහිපයක් ගතවෙලා යද්දී රෝස පාට රෙදි කැබැල්ලක ඔතපු පුංචි රෝසමලක් නර්ස් කෙනෙක් ජන්කූක්ගේ අත් වලට ගෙනත් දුන්නා ඒ වෙලාවේ කොල්ලාගේ හිතට දැනුනු සතුට කියලා නිම කරන්න බැරි තරම් එයා දැන් අප්පා කෙනෙක් කියන හැගීම කොල්ලාගේ හිත පුරා ගමන් කලා ජන්කූක්ට මුලු ලෝකෙම ලැබුනා වගේ සතුටක් ඇති වුනා ඒ පුංචි රෝස මල දිහා බලාගෙන ජන්කූක් ගොඩක් හීන දැක්කා
හැබැයි ඒ වෙනකොට ලීනා මේ ලෝකෙන් සමු අරගෙන තිබුනා ජන්කූක්ගේ අත් වලට ලොකු වගකීමක් දීලා ලීනා යන්න ගිහින් තිබුනා ඩිලිවරි එක වෙනකොට ලීනා ගොඩක් වීක් වෙලා තිබුනා ලීනා නැති වෙලා කියලා ඩොක්ටර්ස්ලා කිව්වාම ජන්කූක් හැගීම් විරහිත ඇස් වලින් පුංචි කෙල්ලවත් තුරුල් කරගෙන බලාගෙන හිටියා යුංගි කතා කලාම කොල්ලාගේ අත් වලට කෙල්ලව දීපු ජන්කූක් ඇතුලට ගියා
ලීනාගේ සුදුමැලි වෙලා ගිය මූන දකිද්දී කොල්ලාගේ ඇස් වලට කදුලු ඉනුවා එයා ටේහ්යුන්ට විතරක් නෙවෙයි ලීනාටත් කරේ ලොකු වරදක් ජන්කූක් සෙල්ලම් කරේ ජීවිත දෙකක් එක්ක ඒ සෙල්ලමේ අවසානය විදියට කවුරුවත් නොහිතපු විදියට ලීනාට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුනා
' මට සමාවෙන්න ලීනා... මම නිසයි මේ හැමදේම එදා මම වෛරයෙන් අන්ධ වෙලා මෝඩ තීරණයක් නොගත්තා නම් අද ඔයාට මෙහෙම වෙන්නේ නැ ඔයාට ආදරේ කරන කෙනෙක් එක්ක ඔයා සතුටින් ඉදියි ඒ වගේම මගේ බේබි තාමත් මගේ ලග ඉදිවී මම මෝඩ වුනා ලීනා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා මම දන්නවා ලීනා ඒ ආදරේට ආදරේ කරන්න හරි වටිනාකමක් දෙන්න බැරි වුනාට සමාවෙන්න මම අපේ පුංචි රෝසමලව පරිස්සමින් බලාගන්නම් ඔයා ඒ ගැන බය වෙන්න එපා ලීනා ලබන ආත්මේ දීවත් ඔයාට ආදරේ කරන කෙනෙක්ට ඔයා ආදරේ කරන්න ඔයාගේ සතුට තියෙන තැන නවතින්න අන්තිම වතාවට මට සමාවෙන්න "
ලීනාගේ සීතල වුනු අතක් අල්ලාගෙන ජන්කූක් කදුලු සලමින් කිව්වා ජන්කූක්ට ගොඩක් දේවල් තේරෙනකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි ජන්කූක් දැන් කොයිතරම් ලීනාගෙන් සමාව ඉල්ලුවත් වැඩක් වෙන්නේ නැ ලීනා යන්න ඕන ගමන ගිහින් ඉවරයි
ලීනාගේ නලලට තොල් තද කරපු ජන්කූක් විනාඩි ගානකට පස්සේ හොස්පිටල් රූම් එකෙන් එලියට ආවා ලීනාගේ අවසන් කටයුතු ජන්කූක්ගේ අතින් සිද්ධ වෙද්දී අවසානයට ජන්කූක් දින හතරක් වයසැති පුංචි කෙලි පොඩිත්තක් එක්ක තනි වුනා තමන්ගේ ජීවිතේ ගැනවත් වගකීමෙන් කටයුතු නොකරපු නිදහසේ ජීවත් වුනු ජන්කූක්ට ලොකු වගකීමක් හම්බුනා
මුල් කාලේ පුංචි කෙල්ල කොයිවෙලෙත් අඩද්දී ජන්කූක් කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා පුංචි එකී එක්කම අඩපු අවස්ථා ඕන තරම් තිබුනා පුංචි කෙල්ල ඔම්මාගේ උනුසුම හොයද්දී බඩගිනි වෙලා අඩද්දී ජන්කූක් ජීවිතේ කවදාවත් නැතුව ගොඩක් අසරණ වුනා ඒ වගේ අවස්ථා වල හේවොන් කිරි එකක් හදලා පුංචි කෙල්ලට පොවනවා දෙමාපියන්ගේ වැරදි වලට මේ අහිංසක පුංචි කෙල්ල මොනා කරන්න ද..? යුංගි නිනී දෙන්නත් පුලුවන් විදියට පුංචි කෙල්ල බලාගන්න ජන්කූක්ට උදව් කලා හැබැයි නිනී ඉස්සර වගේ ජන්කූක් එක්ක කතා කලේ නැ කතා කලත් උපරිම වචනයකට දෙකකට සීමා වුනා
ඉතින් හැමෝගෙම ආරක්ෂා ආදරය මැද පුංචි යූහා රෝස මලක් වගේ හරි පරිස්සමට හැදුනා ඒ වගේම මීට අවුරුද්දකට කලින් මිස්ටර් ජියොන් ජීවිතයෙන් සමුගන්නවා කැන්සර් එකක් හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ දුක්විදි ජියෝන් ජීවිතේ අන්තිම කාලයේ හේවොන්ගෙන් දහස් වාරක් සමාව ඉල්ලුවා අන්තිමට ජියොන් ජීවිතයෙන් සමුගත්ත දවසේ කවුරුවත් නොහිතපු විදියට හේවොන් ඇඩුවා මොනදේ කලත් හේවොන්ගේ හිතේ ජියොන් වෙනුවෙන් තිබුණු ආදරේ වෙනස් වුනේ නැ අන්තිම මොහොතේ ජියොන් අසරණ විදියට හේවොන්ගෙන් සමාව ඉල්ලද්දී ඇත්තටම හේවොන්ට ගොඩක් දුක හිතුනා
ඔය විදියට අවුරුදු හයක් ගෙවිලා යද්දී ජන්කූක් ස්ථාවර මට්ටමකට ආවා ජන්කූක්ගේ JTH Holdings නමින් පටන් ගත්ත ආයතනය කොල්ලාගේ දක්ෂකම් හේතුවෙන් කෙටි කාලයක් තුල හැමෝගෙම අතරේ ජනප්රිය වුනා ඒ වගේම කොල්ලා නිරූපනය ක්ෂේත්රයට පිවිසුනා ඉතින් ජන්කූක්ගේ ජීවිතේ ඔය විදියට ගෙවිලා යද්දී කොල්ලාගේ ජීවිතේ එක තැනක ලොකු අඩුවක් තිබ්බා
" ඔයා කොහෙද බේබි ඉන්නේ...? මට තමුසෙව ගොඩක් මතක් වෙනවා.."
වෙනදා වගේම පුංචි යූහා නිදි කරවපු ජන්කූක් බැල්කනියට ඇවිත් අහස දිහා බලාගෙන මිමිනුවා කොල්ලාට තාම එයාගේ බේබි ඉන්න තැනක් හොයාගන්න බැරි වුනා ටේහ්යුන් කොල්ලගෙන් ඈතට ගියාම ජන්කූක්ට කොල්ලාගේ වටිනාකම තේරුනේ කතාවක් තියෙනවා නේ ලග ඉන්නකොට කෙනෙක්ගේ වටිනාකම නොතේරුනාට ඈත් වුනාම තමයි ඒ කෙනාගේ වටිනාකම තේරෙන්නේ එතකොට සමහරවිට ඒ කෙනා මේ ලොකෙන් සදහටම සමු අරගෙන තියෙන්න පුලුවන්
පසුතැවෙනවාට වඩා හොදයි තීරණයක් ගන්න කලින් දෙපාරක් හිතන එක ජන්කූක් වෛරයෙන් අන්ධ වෙලා කේන්ති අරගෙන පිස්සෙක් වගේ වැඩ කරපු නිසා ලීනාට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුනා ඒ වගේම ටේහ්යුන්ට එයාගේ මුලු ජීවිත කාලෙම විදවන්න සැලැස්සුවා ඉතින් ජන්කූක් අතීතය මතක් කරමින් දුක් විදිනවා
To be continue.................♡︎
ජන්කූක් ටේහ්යුන්ව හොයාගනියි ද..?
ටේහ්යුන් ජන්කූක්ට සමාව දෙයි ද...?
ඔයාලා මොකද හිතන්නේ..?
කට්ටිය හිතෙන දේවල් කියාගෙන යමු
දවස් ගානකට පස්සේ අද තමයි ලමයි මේ පැත්තට ආවේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුනාට අප්ඩේට් පරක්කු වුනාට සමාවෙම්න ඕන
Bạn đang đọc truyện trên: AzTruyen.Top