55 • 𝙲𝚒𝚝𝚢 𝙾𝚏 𝙻𝚘𝚟𝚎 •
" මම කවුරු කියලා හිතාගෙන දන්නේ නැ අර ඇටි කෙසෙල් හිපාටුවා කියවගෙන ආවේ ඌ හරි ලස්සන එකා කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ අපායට ගහපු කැලැන්ඩරේ වගේ දෙන්න හිතයි මූන නියගලා අලයක් වෙන්න ඌ මේ ලෝකේ අන්තිම පිරිමි පරානේ උනත් මම ඌට කැමති වෙන්නේ නෑ නෑමයි.."
" දැන් ඇති බන් උබ කීයේ ඉදලා ද ඕකාට බනින්නේ.."
" මට ඌට කොච්චර බැන්නත් ඇති වෙන්නේ නැ හලෝ... මට ඌට දෙක තුනක් නෙලාගන්න බැරි වුනු එක ගැන දුක "
" උබ මැරි කරන්න ඉන්න අර අහිංසකයා ගැන ඇත්තටම මට දුකයි ලියා.."
" උබ ඌ ගැන දුක් වෙන්න ඕන නැ "
ලියා රවාගෙන කිව්වාම මෙතෙක් වෙලා ඇයත් සමග කතා කරමින් හිටපු අනිත් කඩවසම් තරුනයා හිනා වුනා
" ඒක නෙවෙයි ඉස්සරහට මොකද කරන්නේ"
ලියා ඇහුවාම තරුනයා හිනා වුනා
" මොනා කරන්න ද මේ විදියට ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්නවා "
තරුනයා කිව්වා
" අනේ මන්දා බන් උබ ඔහොම ඉදිද්දී මට දුකයි "
" මං ගැන දුක් වෙන්න එපා ලියා වෙන්න තියෙන දේවල් සිද්ධ වෙනවා ඒක අපිට නතර කරන්න බැ "
තරුනයා හුස්මක් පහත හෙලලා කිව්වා
" දැන් ඒවා ගැන හිතන්න එපා අපි යමු පිටසක්වලයෝ "
ලියා කිව්වාම තරුනයා ලියා එක්කම හොස්පිටල් එකෙන් එලියට ආවා ලියා එක්ක මෙතරම් වෙලාවක් කතා කරමින් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ටේහ්‍යුන් තමයි
පැය කිහිපයකින් පස්සේ ටේහ්‍යුන් නිවසට පැමිනියා ගෙට ඇතුල් වෙනකොටතම ජින් දුවගෙන ඇවිත් කොල්ලව පිලිගත්තා
" මගේ කොල්ලා ආවද..?"
" යේ පපා...මම ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම් පපා "
ටේහ්‍යුන් එහෙම කියලා එතැනින් යද්දී ජින් හැරුනේ කොල්ලා යන දිහා දුකින් බලාගෙන ඉන්න ලියා දිහාට
" මට මේ කොල්ලා හරි දුකයි ලියා දැන් අවුරුදු හයක් තිස්සේ මම අහිංසකයා දුක් විදිනවා එයාව හොද කරන්න බැරි ද "
ජින් දුකින් අහද්දී ලියා ජින් දිහා බැලුවා
" අපි පුලුවන් හැමදේම කරනවා පපා තව ටික කාලයක් ඉවසගෙන බලාගමු ටේ ඉක්මනට හොද වෙයි "
ලියා හිනාවකින් ජින්ට සංග්‍රහ කරන ගමන් කිව්වා
" බෙයා ජොබ් එක කරනවාට මම කැමති නැ ලියා එයා මේ දේවල් වලින් තවත් මහන්සි වෙනවා මටයි ජූන්ටයි තාම එයාව බලාගන්න පුලුවන් එයාට වියදම් කරන්න පුලුවන් "
" එයා ඒක දන්නවා පපා ටේ ජොබ් එක කරන්නේ ආසාවෙන් එතකොට එයාගේ හිතට නිදහසක් දැනෙනවා එයාට එයාගේ අතීතයේ ටික වෙලාවකට හරි අමතක වෙයි අනික පපා අමතක කරන්න එපා ඔයාගේ පුතන්ඩියා child psychiatrist කියලා "
ලියා හිනාවක් එක්ක කිව්වාම ජින් හිනා වුනා
" ලියා මොනාහරි බීලා යන්න "
" එපා පපා මම ටේව drop කරලා යන්න ආවේ මට ආපහු හොස්පිටල් එකට යන්න වෙනවා "
" හරි ලියා පරිස්සමින් යන්න "
ජින්ට හිනාවකින් සංග්‍රහ කරපු ලියා ගියාම ජින් හුස්මක් පහත හෙලුවා
මේ අතරේ රූම් එකට ආපු ටේහ්‍යුන් හිටියේ ග්ලාස් වෝල් එකෙන් හරි ලස්සනට පේන පැරිස් නගරය දිහා බලාගෙන වොෂ් එකක් දාගන්න කියලා රූම් එකට ආවත් කොල්ලාගේ ඇස් නතර වුනේ එයාගේ රූම් එකට හරි ලස්සනට පේන පැරිස් නගරය ලග
පැරිස් නගරය දිහා බලාගෙන හිටපු කොල්ලාගේ ඇස් වලට කදුලු පිරුනේ එයාගේ අතීතය මතක් වෙලා අවුරුදු හයක් ගෙවිලා ගියත් තාමත් ටේහ්‍යුන්ගේ මතකයේ ජන්කූක් එක්ක ගෙවපු දවස් වගේම අන්තිමට ජන්කූක් එයාට කරපු දේවල් ඒ හිතේ තදින්ම සටහන් වෙලා තිබුනා ජන්කූක් මොන තරම් නපුරුකම් කරත් කොයිතරම් ඒ හිත රිද්දුවත් ටේහ්‍යුන් මේ ගෙවෙන තත්පරේත් ජන්කූක්ට ආදරෙයි
ගෙවුණු අවුරුදු හයක කාලය තුල ගොඩක් දේවල් වෙනස් වුනා ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති
ටේහ්‍යුන් කොහොමද පැරිස් ආවේ..?
එතකොට කොල්ලා ඉක්මනට හොද වෙයි කියන්න මොකද්ද තියෙන අසනීපය..?
කවුද මේ ලියා..?
කෝ එතකොට ජන්කූක්..?
එයා මොනාද කරන්නේ..?
ජන්කූක් ලීනාව මැරි කරා ද..? නැද්ද..?
ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඔයාලාගේ හිත් වල ඇති ඉතින් මම ඒ ප්‍රශ්නයකටම උත්තර දෙන්නම්
ඔයාලට මතක නේද ටේහ්‍යුන් ලීනාව හම්බවෙන්න එයාගේ apartment එකට ගියා ඊට පස්සේ සිද්ධ වුනු දේවලුත් ඉතින් එදා ටේහ්‍යුන් ලීනාගේ apartment එකෙන් එලියට ආවේ ලොකු කලකිරිමකින් වගේම ලොකු දුකක් හිතේ හිර කරගෙන ටේහ්‍යුන්ට කොහේ යන්න ද කියලවත් අදහසක් තිබුණේ නැ කොල්ලාගේ හිත තිබුණේ ජන්කූක් ලග ජන්කූක් එක්ක ගෙවුනු සුන්දර ආදරනීය දවස් වගේම එයාලා ටික ටික ඈත් වුනු හැටි එයාලා අතරට ලීනා ආපු හැටි කොල්ලාගේ මතකයට නැගුනා
ඇත්ත කිව්වොත් ටේකුක් අතරට ලීනා ආවා මිසක් ලීනාකුක් අතරට ටේහ්‍යුන් ආවේ නැ ජන්කූක්ගේ හිත් රිද්දන හිතක් පපුවක් නැති වචන ලීනාව ආදරෙන් සිප වැලදගන්න හැටි ටේහ්‍යුන්ගේ හිත ගොඩක් රිදෙව්වා ජන්කූක් කිව්වා වගේම අහිංසක ටේහ්‍යුන්ගේ හිත රිදෙව්වා ඔම්මාගේ වැරදි වලට ටේහ්‍යුන් විදවනවා ජන්කූක්ගේ කේන්තියට ගොඩක් දේවල් අමතක වෙලා තිබුනා
එදා මහ වැස්සක් කඩාගෙන හැලුනේ ටේහ්‍යුන්ගේ දුක අහසටත් දැනිලා වගේ කොල්ලා වැස්සේ ඇවිදගෙන යද්දී කවුරුවත් කොල්ලාගේ ඇස් වල කදුලු දැක්කේ නැ වැස්සෙත් බේරෙන්න මිනිස්සු එහෙ මෙහෙ දුවද්දී සමහරු කුඩ ඉහලගෙන යද්දී ටේහ්‍යුන් පනපිටින් ඉන්න මල මිනියක් වගේ ඇවිදගෙන ගියා
ඒත් එක්කම කොල්ලාගේ ඇස් වලට තද ආලෝකයක් වැටුනා ඇස් අතින් ආවරණය කරගත්ත ටේහ්‍යුන් එතැන එහෙනම් හිටියා සුලු මොහොතකින් කොල්ලාට දැනුනේ පාවෙනවා වගේ එතැනින් පස්සේ කොල්ලාගේ කදුලින් පිරුණු ඇස් පියවිලා ගියා අහසින් වැටෙන වැහි බිදු කොල්ලාගේ මූනට වැටුනා වැස්ස හේතුවෙන් පාරේ පිරිලා තිබුනු වැහි ජලය මද වෙලාවකින් රත් පැහැයට හැරුනේ වටේ සිටින මිනිස්සු හනි හනික එතැනින් එක් රැස් වෙද්දී
" මගේ මැනික මොනාද කල්පනා කරන්නේ "
මෙතෙක් වෙලා අතීත සිදුවීම් අතරේ ගිලිලා හිටපු ටේහ්‍යුන් ජින්ගේ කටහඩින් මේ ලෝකෙට ආවා කොල්ලා කදුලු පිහිදගෙන ජින්ගේ දිහාට හැරුනා
" පපා..."
" යන් යන් මගේ මැනික් කැටේ වොෂ් කරන්න හොස්පිටල් එකේ ඉදලා ඉදලා මගේ කොල්ලා ලග බෙහෙත් ගදයි "
ජින් කිව්වා
" බොරු කියන්න එපා පපා "
" මම මොකටද බොරු කියන්නේ බොරු කියලා තෑගි ගන්න ද..?"
ජින් එහෙම අහන ගමන් කොල්ලව බාත් රූම් එකට එක්කගෙන ගිහින් පරිස්සමින් වොෂ් කලා එක එක කතා කියමින් පුංචි දරුවෙක් වොෂ් කරන්න වගේ ජින් ටේහ්‍යුන්ව වොෂ් දම්මවලා රූම් එකට එක්කගෙන ඇවිත් ඇදුමකුත් ඇන්දුවා
" පපාට මාව කරදරයක් නේද "
ටේහ්‍යුන්ගේ තෙත කොන්ඩය පිසදමමින් ඉන්න ජින්ගෙන් කොල්ලා ඇහුවා ජින් ඔලුව පිසදාන එක නවත්තලා ටේහ්‍යුන් දිහා බැලුවා
" ඇයි බෙයා එහෙම අහන්නේ ම්ම්... මගේ පැටියාව කවදාවත් අප්පටවත් පපාටවත් කරදරයක් නෙවෙයි රත්තරං පපා මේ හැමදේම කරන්නේ ආදරෙන් නේ කවදාවත් අපිට ඔයාව කරදරයක් කියලා හිතන්න එපා මගේ වස්තුවගේ කකුල් දෙක ඉක්මනට සනීප වෙයි "
ජින් හරි ආදරෙන් කියද්දී කොල්ලා ජින්ගේ බඩට ඔලුව හේත්තු කරගත්තා ජින් කොල්ලාගේ ඔලුව අතගෑවා නොකිව්වාට ටේහ්‍යුන් හිතින් විදවනවා කියලා ජින් දන්නවා
" තව කොච්චර කාලයක් මෙහෙම ඉන්න ද පපා..."
" තව ටික කාලයක් ඉවසගෙන ඉන්න රත්තරං අප්පායි පපායි කොහොමහරි ඔයාව හොද කරගන්නවා ඒ හිතන්න එපා "
ජින් කොල්ලාගේ ඔලුව පිසදලා නලලට කිස් එකක් දුන්නා ටේහ්‍යුන්ගේ කම්බුල් ලෝභකමින් පිරිමැද්ද ජින් ටේහ්‍යුන්ව තුරුල් කරගත්තා
" අපි කන්න යමූ... අද මම බෙයා ආසම කෑමක් හැදුවේ "
ජින් කොල්ලව wheelchair එකේ පරිස්සමට ඉන්දගෙන dinning room එකට එක්කගෙන යන ගමන් කිව්වා
එදා සිද්ධ වුනු ඇක්සිඩන්ට් එකේ ප්‍රතිඵලයක් වශයෙන් ටේහ්‍යුන්ගේ කකුල් දනහිසෙන් පහල අප්‍රාණික වෙනවා කොල්ලාට ඇවිදින්න බැරි වීම ගැන මුලදී ටේහ්‍යුන් මානසිකව වැටෙනවා ඒත් ජින් නම්ජූන් වගේම ජිමිනුත් කොල්ලා ලගින්ම හිටියා ටේහ්‍යුන්ගේ හිත හැදුවා ටේහ්‍යුන්ට ලොකු ශක්තියක් වුනා ජන්කූක් නිසා දුර්වල වුනු එයාගේ හදවත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න එයාලා උදව් කලා
තවත් කොරියාවේ රැදෙන එක ටේහ්‍යුන්ගේ මානසිකත්වයට එතරම් හොද නොවුනු නිසා නම්ජූන් ජින් පැරිස් වලට එන්න තීරණය කරනවා මොකද නම්ජූන්ට අයිති විශාල mansion එකක් පැරිස් වල තිබුනා නම්ජූන්ට අයිති business වගේම නම්ජූන් දන්න ගොඩක් දෙනෙක් පැරිස් වල හිටපු නිසා එයාලා කොරියාවට සදහටම සමුදීලා පැරිස් වලට පදිංචියට ආවා
ඒ ඇවිත් ටේහ්‍යුන් හොද කරගන්න නොකරපු දෙයක් නැ ලෝකේ ඉන්න හොදම ඩොක්ටර්ස්ලා ගෙනත් කොල්ලාට ට්‍රීට්මන්ට්ස් කරත් තාම හරි ප්‍රතිඵලයක් ලැබුනේ නැ ඒ අතරේ ටේහ්‍යුන් එයාගේ studies කරගෙන ගියා කොල්ලා ඒ දේවල් අතහැරියේ නැ ඒ නිසා ටේහ්‍යුන් දැන් පැරිස් වල ඉන්න හොදම ලමා මනෝ වෛද්‍යවරයෙක්
ඉතින් හොස්පිටල් එකේ දී තමයි ටේහ්‍යුන්ට ලියාව හම්බවෙන්නේ ඇත්ත කිව්වොත් ලියා කියන්නෙත් ටේහ්‍යුන් ට්‍රීට්මන්ට්ස් කරන්න ආපු ඩොක්ටර් කෙනෙක් තමයි ලියාගේ ට්‍රීට්මන්ට්ස් වලින් පුංචි වෙනසක් ඇති වුනු නිසා කොල්ලාට ඇවිදින්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව හැමෝගෙම හිත් වල තිබුනා
හැමෝම එයාට ලියා කියලා කතා කලාට ඇත්තටම කෙල්ලගේ නම ඇමේලියා ස්මිත් කෙල්ලගේ ඔම්මා කොරියන් වෙද්දී අප්පා ඕස්ට්‍රේලියන් ජාතිකයෙක් වුනා ඒ නිසා ඇමේලියාට තිබුණේ අමුතු ලස්සනක් ඉතින් ඇමේලියා කියන නම කෙටි කරලා ලියා කියලා කතා කරන්න පටන් ගත්තේ ටේහ්‍යුන් තමයි ඊට පස්සේ හැමෝම කෙල්ලට ලියා කියලා කතා කලා
ටික කාලයක් ගත වෙනකොට ටේහ්‍යුන් ලියා හොදම යාලුවෝ වුනා ලියාගේ ට්‍රැක පැනපු වැඩ එක්ක කොල්ලාට ලොකු සැකයක් තිබුනා මේකි කොහොමද ඩොකෙක් වුනේ කියලා ඕක අහන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් ටේහ්‍යුන් මල් පෝච්චි පාරක් කාලා තමයි නවතින්නේ කොච්චර පිස්සු කෙලියත් කෙල්ලගේ වැඩ නම් පට්ට නීට් ඒ වගේම හිත හොදයි පොඩ්ඩක්වත් අහිංසක නම් නැ ගැහුවොත් මරන සීන් එකේ ඉන්න යක්ස කෙල්ලෙක් කිව්වොත් නිවැරදියි
" ඕයි පිටසක්වල ඩොකා උබට මම කියලා ජීවියෙක් ඉන්නවා කියලා මතක ද..?"
උච්ච ස්වරයෙන් කෑගහන ගමන් mansion එකට ඇතුල් වුනේ වෙන කවුරුවත් නෙවෙයි පාර්ක් ජිමින් කොල්ලාගේ මිනි කින්කිනි වොයිස් එක නිසා mansion එකේ වීදුරු බිදිලා යයි කියන සාධාරණ බයක් ටේහ්‍යුන්ට ඇති වුනා
" හිමින් කතා කරපන් යකෝ අපේ කන් තාම ඇහෙනවා.."
ටේහ්‍යුන් dinning room එකේ ඉදගෙන කෑගහද්දී ජිමින් ඒ පැත්තට ආවා කොල්ලා ගිහින් කෙලින්ම dinning table එක උඩ වාඩිවුනා
" අද හොස්පිටල් ගියේ නැද්ද..?"
"ගියා බන් උබ මොනාහරි බොනවද..?"
" එපා බන් මහන්සියි.."
ජිමින් අත පය දිගහරින ගමන් කිව්වා
" කොහොමද ඇකඩමියේ වැඩ "
" කරගෙන යනවා බන් අවුලක් නැ "
" ඒක නෙවෙයි උබ ආපහු යුංගිට කතා කරන්නේ නැද්ද..? ඔහොම ඉන්න ද හදන්නේ"
ටේහ්‍යුන් ඇහුවාම ජිමින් එකපාරට කොල්ලා දිහා බැලුවා
" මට ආපහු එයා එක්ක කතාවක් නැ ටේ මම උබට කලිනුත් කිව්වා ඔය මාතෘකාව මාත් එක්ක කතා කරන්න එපා "
ජිමින් එහෙම කියලා dinning table එක උඩින් බැස්සා
" ජන්කූක් කරපු දේවල් වලට යුංගි පලි නැ යකෝ තේරුම් ගනින්.."
" එහෙනම් එයාට මාව තේරුම් ගන්න තිබුනා එයා එදා කතා කරේ ජන්කූක්ගේ පැත්තට අන්තිමට මට අතත් උස්සලා නැවතුනේ "
ජිමින් කට කොනින් හිනා වෙන ගමන් ටේහ්‍යුන් දිහා බලාගෙන කිව්වා
" යුංගිගේ යාලුවා ජන්කූක් නේ ජිමින් එයා එයාගේ යාලුවගේ පැත්තට කතා කලා එච්චරයි ජිමිනා දැන් ඇති නේද උබ්ලා දෙපැත්තට වෙලා විදවනවා "
" කවුද විදවන්නේ...? මම සතුටින් ඉන්නවා එයා නැ කියලා මම මොකටද දුක් වෙන්නේ කවදාහරි උබ හොයාගෙන ජන්කූක් ඇවිත් උබෙන් සමාව ඉල්ලුව දවසට මම යුංගි ගැන හිතලා බලන්නම් එතකම් මට යුංගිගේ නමවත් ඇහෙන්න කියන්න එපා "
ජිමින් එහෙම කියලා යන්න යද්දී ටේහ්‍යුන් හුස්මක් පහත හෙලුවා
" ඒක නම් කවදාවත් වෙන දෙයක් නෙවෙයි ජිමිනා.."
ටේහ්‍යුන් මිමිනුවා එදා ටේහ්‍යුන් නම්ජින් එක්ක ජිමින් වගේම එයාගේ ඔම්මත් පැරිස් වලට ආවා ජිමින්ට තවත් ටේහ්‍යුන් නැතුව එහේ ඉන්න බැරි වගේම හිටියොත් එයාව හොයාගෙන යුංගි එනවා කියලත් කොල්ලා දන්නවා ජිමින් හිටියේ යුංගිගේ මූනවත් දකින්න කැමැත්තකින් නෙවෙයි ජිමින් පැරිස් ඇවිත් එයාගේ ඩිග්‍රි එක කම්පීල්ට් කලා ඊට පස්සේ කොල්ලා ඩාන්සින් ඇකඩමි එකකට ජොයින් වුනා ජිමින් ඩාන්සින් වලට ගොඩක් දක්ෂ කොල්ලෙක් ඉතින් කොල්ලා ඩාන්සින් ඇකඩමි එකේ ලමයි practice කරනවා ඒ වැඩ කරගෙන ජිමින් එයාගේ ඔම්මවත් බලාගෙන පැරිස් වලට වෙලා ඉන්නවා
Kim Taehyung
Park Jimin
Amelia Smith
To be continue.............♡︎
ඕතර් ඒ තරම් සෑඩ් එන්ඩින් වලට කැමති කෙනෙක් නෙවෙයි හූම්
කලින් චැප්ටර් එකට කමෙන්ට් ගොඩාලියක් හම්බුනා මට සතුටුයි අලේ ඔහොම ඉන්නකෝ හැමදාම එතකොට අප්ඩේට් දෙන්න මේ අහිංසක ඕතර්ට වුනත් හිතෙනවා නේ
ඊලග චැප්ටර් එකෙන් මේ අවුරුදු ගාන ඇතුලත ජන්කූක්ගේ ජීවිතේ සිද්ධ වුනු දේවල් කියන්නම්
බායිම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top