54 • 𝙷𝚞𝚛𝚝 •

ටේහ්‍යුන් අදත් ලෙක්චර්ස් වලට ඉන්නේ නැතුව ගෙදර ආවා ගෙට ගොඩ වෙනකොට ජින් හම්බුනාම ජින්ට දුක්බර හිනාවකින් සංග්‍රහ කරලා රූම් එකට ගිහින් දොර වහගත්තා

" බෙයා.. මගේ මැනික මොකද වුනේ රත්තරං දොර අරින්න පැටියෝ "

ජින් දොරට ගහන ගමන් කතා කලා කොල්ලාගේ මූන හොද නැති නිසා ජින් බය වුනා

" පපා මට ටිකක් තනියෙන් ඉන්න දෙන්න ප්ලීස්..."

ටේහ්‍යුන්ගේ සිහින් හඩ ඇතුලින් ඇහෙද්දී ජින් හුස්මක් පහත හෙලලා එතැනින් ගියේ ටේහ්‍යුන්ට කොහොමත් තනියෙන් ඉන්න දෙන එක හොදයි කියලා හිතුනු නිසා

ජින් ගියාට පස්සේ ඔක්කොම ඇදුම් ගලවලා බාත් රූම් එකට ගියා කොල්ලා බාත් රූම් එකේ තිබුණු mirror එකෙන් තමන්ගේ නිරුවත් සිරුර දිහා බලාගෙන ඉදියා කොල්ලාගේ සිරුරේ තැනින් තැන ජන්කූක් තියපු සලකුනු තාමත් යාන්තම් පේන්න තිබුනා ටේහ්‍යුන්ගේ ඇස් වලට පිරුණු කදුලු බිදු කම්බුල් දිගේ එක දිගට ගලාගෙන ගියා පපුවේ තිබුණු සලකුණු දිගේ ඇගිලි තුඩු අරගෙන ගියපු ටේහ්‍යුන් නියපොතු තද කලා

අද දැකපු දේවල් කොල්ලාගේ ඇස් ඉදිරියේ මැවිලා පෙනෙද්දී ටේහ්‍යුන්ගේ නියපොතු තවත් තද වුනා ජන්කූක්ගේ වචන කොල්ලාගේ ඔලුවේ දෝංකාර දුන්නා

" මම උබට වෛර කරනවා ටේහ්‍යුන්.."

ඒ වචන ටික ඇහෙන වාරයක් ගානේ ටේහ්‍යුන් පනපිටින් පිච්චෙනවා වගේ දැනුනා කවුද කැමති තමන් ආදරේ කරන කෙනාගෙන් එහෙම වචන ටිකක් අහන්න ඉතින් ටේහ්‍යුන්ට ඒ වචන ටික අද අහන්න සිද්ධ වුනා

ජන්කූක් එක තත්පරේකටවත් ආදරේ කරේ නැ කිව්වාට ටේහ්‍යුන්ට ජන්කූක්ගේ ආදරේ දැනුනු අවස්ථා ඕන තරම් තිබුනා ඒ හැමදේම බොරුවක් කියලා කොල්ලාට හිත හදාගන්න පුලුවන් වුනේ නැ ටේහ්‍යුන්ට ජන්කූක්ව අතහරින්න ඒ හිත ඉඩ දුන්නේ නැ ඒ නපුරාගේ ආදරේ තවමත් ටේහ්‍යුන්ගේ හිත බලාපොරොත්තු වුනා ඉද හිට නලලට ලැබෙන ආරක්ෂාකාරි උනුසුම් හාදුව කොල්ලා බලාපොරොත්තු වුනා තැනක් නොතැනක් නැතුව ආදරෙන් අනුරාගි හෝරාක් කිහිපයක් ජන්කූක්ගේ උනුසුමේ ගෙවා හරින්න ඒ පුංචි හිත බලාපොරොත්තු වෙනවා හිනා හඩවල් දගකාර කතා මුරන්ඩු වැඩ වලින් ගෙවුනු දවස් ආපහු එනකම් ටේහ්‍යුන් මග බලාගෙන ඉන්නවා ආපහු ජන්කූක්ගේ තුරුලේ සැනසෙන්න ටේහ්‍යුන් මග බලාගෙන ඉන්නවා හැබැයි එහෙම දවසක් සමහර විට කවදාවත්ම නොඑන්න පුලුවන්

ඒත් අන්තිමට ජන්කූක් ලීනා ගැන කියපු දේවල් මතක් වෙනකොට ටේහ්‍යුන්ට මැරෙන්න නොහිතුනාම නෙවෙයි එයාව සිපගත්ත තොල් වලින් ජන්කූක් ලීනාව සිපගනිද්දී එයාව අල්ලපු අත් වලින් ලීනාව අල්ලද්දී එයාව තුරුල් කරගත්ත ජන්කූක්ගේ ශක්තිමත් පපුවට ලීනාව තුරුල් කරගන්නවා දකිද්දී ටේහ්‍යුන් මුලු ලෝකෙම එයාගේ ඇස් ඉදිරියේ කඩාගෙන වැටුනා දැකපු දේවල් වලින් වේදනාවට පත් වෙලා තිබුනු කොල්ලාගේ හිත ජන්කූක්ගේ වචනවලින් තවත් පෑරුනා දෙමාපියන්ගේ වැරැදි වලට ඇයි මේ අහිංසකයාගෙන් පලිගන්නේ...?

ටේහ්‍යුන් අත මිට මොලවලා mirror එකට ගැහුවා mirror එක ඉරි තලා යද්දී කොල්ලාගේ අත තුවාල වෙලා කන්නාඩිය දිගේ ලේ බිදු ගලාගෙන ගියා තුවාල වුනු අත දිහා බලලා හිනා වුනු ටේහ්‍යුන් ශවර් එක යටට ගියා ශවර් එක ඇරපු කොල්ලා ගල් පිලිමයක් වගේ හිටගෙන හිටියා ලේ මිශ්‍ර වුනු වතුර ගලාගෙන යද්දී කොල්ලා ඔහේ බලාගෙන හිටියා අතේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩි වෙද්දී ටේහ්‍යුන් බිත්තියට අතමිට මොලවා ගහන ගමන් අඩන්න පටන් ගත්තා

" ඇයි ජන්කූක් ඇයි...? මට ඔච්චර නපුරු වෙන්න ජන්කූක්... මට සමාවෙන්න දෙවියනේ මගේ ඔම්මා වෙනුවෙන් මට සමාවෙන්න මාව දාලා ලීනා ලගට යන්න එපා ජන්කුකී...ඔයාගේ බේබි ඔයාට ගොඩක් ආදරෙයි ඔයා හිතනවාට වඩා ආදරෙයි "

කොල්ලා මිමිනුවා කන්නාඩියේ වීදුරු වලට කැපුනු අත තවත් පෑරිලා බිත්තිය දිගේ ලේ බිදු ගලාගෙන ගියා කොල්ලා ඇඩුවා කෑගහලා ඇඩුවා ඒ හිතේ තියෙන ගින්දර වේදනාව අඩු වෙනකම් කොල්ලා ඇඩුවා ඒත් පොඩ්ඩක්වත් ඒ හිතේ ඇවිලෙන ගින්දර අඩු වුනේ නැ

" බෙයා.."

ඒත් එක්කම ඇහුනු කටහඬ නිසා කොල්ලා ගැස්සිලා ගියා

" පැටියෝ... මගේ මැනික අනේ මොකද රත්තරනේ මේ අතට කරගත්තේ "

ජින් ඇස් වල කදුලු පුරවගෙන කොල්ලාගේ අත අල්ලාගෙන ඇහුවා ශවර් එක ඕෆ් කරලා වෙව්ලන අත් වලින් ටේහ්‍යුන්ගේ තුවාල වුනු අත අල්ලගත්තා

" ජූන්...යාහ්හ්හ් නම්ජූන්..."

ජින් කෑගැහුවා ජින් ඉක්මනට කොල්ලාට ටවල් එකකුත් අල්ලාගෙන රූම් එකට එනකොට නම්ජූන් ජින්ගේ කෑගැහිල්ල ඇහිලා දුවගෙන ආවා

" ජිනී..."

" ජූන්... ඉක්මනට first aid box එක අරගෙන එන්න.."

නම්ජූන් ආපු වේගෙන්ම අනිත් පැත්තට දුවගෙන ගියා ජින් කොල්ලාගේ අත පරිස්සමින් තියලා තවත් ටවල් එකක් අරගෙන ටේහ්‍යුන්ගේ ඔලුව පිසදැම්මා නම්ජූන් first aid box එක අරගෙන ආවාම ජින් ඒක අරගෙන හරි පරිස්සමින් බෙහෙත් දාද්දී නම්ජූන් කොල්ලාගේ කොන්ඩේ පිසදැම්මා කොල්ලාගේ කොන්ඩේ පරිස්සමින් පිසදාලා නම්ජූන් ටේහ්‍යුන්ගේ හිස සිපගත්තා

ටේහ්‍යුන්ගේ ඇගත් පිසදැම්ම නම්ජූන් ක්ලෝසෙට් එකෙන් ඇදුම් අරගෙන එන්න ගියා ඒ අතරේ ජින් කොල්ලාගේ අතට බෙහෙත් දාලා අවසන් කලා ජින් ටේහ්‍යුන්ගේ අත මතින් හාදුවක් තැවරුවා

" ඇයි මැනික මෙහෙම කරගත්තේ...? ඔයාටම රිද්දගන්නේ ඇයි රත්තරං ඔයා මෙහෙම දකිනකොට පපාටත් ගොඩක් රිදෙනවා මගේ වස්තුවේ පපාට ඉන්නේ ඔයා විතරයි නේ පැටියෝ "

ජින් කදුලු පුරවගෙන කියද්දී ටේහ්‍යුන්ගේ ඇස් වලිනුත් කදුලු බිදු කඩාගෙන වැටුනා

" ශ්ශ්ශ්... මගේ වස්තුව අඩන්න එපා පපා අඩන්නේ නැ කෝ මගේ මැනික බලන්න පපා මගේ රත්තරංට ආදරෙයි නේ ම්ම් මගේ පැටියාට කවුරුවත් ඕන නැ පපා හිටියාම ඇති.."

" යකෝ මම බෙයාට ඇදුමක් ගේන්න ගියපු ටිකට පපා පුතාව සම්පූර්ණයෙන්ම අයිති කරගෙන මේක යකාගේ වැඩක් වුනා නේ "

නම්ජූන් කියද්දී ජින් කොල්ලව තුරුල් කරගත්තේ කාටවත් දෙන්නේ නැ කියන්න වගේ නම්ජූන් කොල්ලාගේ ලගින් වාඩිවුනා නම්ජූන් ජින්ගේ තුරුලේ ඉන්න කොල්ලාගේ ඔලුව අතගෑවා

" පපා විතරක් නෙවෙයි බෙයා එක්ක ඕන දේකට අප්පාත් ඉන්නවා "

නම්ජූන් කිව්වාම ටේහ්‍යුන් නම්ජූන් දිහා බැලුවා අඩලාම රතු වුනු වෙහෙසකාරි ඇස් දැක්කාම නම්ජූන්ට ලොකු දුකක් දැනුනා ඒ මදිවට අතත් තුවාල කරගෙන ඉන්නවා දකිද්දී ඒ හිතට දැනුනු දුක කියලා නිම කරන්න බැ හැමදේම දීලා පරිස්සම් කරලා පුංචි හෝ දුකක් නොදී බලාගන්න ඕන කියලා හිතාගෙන බාරගත්‍ත කොල්ලා මෙහෙම වේදනාවෙන් ඉදිද්දී නම්ජූන්ට දුකයි

" බෙයා... අප්පාට කියන්න මොකද වුනේ කියලා ම්ම් තවත් අපෙන් දේවල් හංගන්න එපා මොන දේ වුනත් අපි ඔයාගේ පැත්තේ ඉන්නවා ඒ නිසා බය නැතුව කියන්න "

නම්ජූන් ආදරෙන් කියද්දී ටේහ්‍යුන් ජින් දිහාත් බැලුවා ජින් කොල්ලාට හැමදේම කියන්න කියලා ඇස් වලින් කියද්දී කොල්ලා තීරණය කලා හැමදේම කියන්න මෙච්චර එයාට ආදරේ කරන පපාගෙනුයි අප්පාගෙනුයි කොල්ලාට මේ දේවල් හංගන්න ඕන වුනේ නැ

ඉතින් ටේහ්‍යුන් හැමදේම කිව්වා ටේහ්‍යුන්ගේ කදුලු ආපහු අලුත් වෙද්දී වෙව්ලන හඩකින් ටේහ්‍යුන් කිව්වා ඒ කතාව අහගෙන හිටපු නම්ජූන් කේන්තියෙන් ජින් දිහා බැලුවේ තමන් කියපු ඇත්ත නේ කියලා කියන්න වගේ ජින් අඩන කොල්ලව තුරුල් කරගෙන නම්ජූන්ගේ ඇස් මගහැරියා

" මම ජන්කූක්ට කලින්ම වෝන් කලා මගේ කොල්ලාට දුකක් දුන්නොත් මොකද වෙන්නේ කියලා මම ඌ ගැන බලාගන්නම් "

නම්ජූන් එහෙම කියලා නැගිටලා යන්න හදද්දී ටේහ්‍යුන් නම්ජූන්ගේ අතින් අල්ලගත්තා

" එපා අප්පා එයාට මුකුත් කියන්න එපා එක අතකින් එයත් සාධාරණයි නේ අප්පා මගේ ඔම්මා වැරැදි වලට එයා මගෙන් පලිගත්තේ එයාට ඕන හේවොන් ඔම්මාට දැනෙන දුක මටත් දැනෙන්න දෙන්න "

ටේහ්‍යුන් කදුලු අතරින් කියද්දී නම්ජූන් කොල්ලාගේ කම්බුල් මතින් තියලා කොල්ලාගේ මූනට එබුනා

" ඔයාට ඔම්මා කෙනෙක් නැ බෙයා ම්ම් ඒක අමතක කරන්න එපා ඔයා ඉන්නේ පපා කෙනෙක්... ඒ පපා ඔයාට පන වගේ ආදරෙයි ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පපා ලෑස්තියි අපි දෙන්නා තමයි ඔයාගේ අප්පායි පපායි වෙන කවුරුවත් නෙවෙයි බෙයා මේ කිසිදේකට වැරදි නැ ම්ම්"

නම්ජූන් කියද්දී කොල්ලා ඔලුව වැනුවා

" ඒත් අප්පා එයාට මුකුත් කියන්න යන්න එපා ප්ලීස් "

ටේහ්‍යුන් නම්ජූන්ගේ අත අල්ලාගෙන කිව්වා නම්ජූන් මුකුත් නොකියා ඉදිද්දී ජින් නම්ජූන්ගේ අතින් ඇල්ලුවා ජින් ඇස් වලින් කියපු දේ තේරුම් ගත්ත නම්ජූන් කොල්ලා ලගින් ආපහු වාඩිවුනා

" බෙයා කියන නිසා මම මුකුත් නොකියා ඉන්නම්.."

නම්ජූන් අමුතු විදියට ඒක කියලා ටේහ්‍යුන්ට නොපෙන්න කට කොනින් හිනා වුනා ඒ හිනාව දැක්ක ජින්ට නම් තේරුනා නම්ජූන්ගේ ඔලුවේ ලොකු ප්ලෑන් එකක් වැඩ කරනවා කියලා ඒ වගේම ඒක ජියොන්ලාට පොඩ්ඩක්වත් හොද වෙන්නේ නැ කියලා ජින් දන්නවා ඒ වගේම ජින් දන්නවා නම්ජූන් මේක ලේසියෙන් අතහරින්නේ නැ කියලත්

" ඔයාට ජන්කූක් වගේ මිනිහෙක් ගැලපෙන්නේ නැ බෙයා දැන් ඌව අමතක කරන්න ආදරේ කරපු කෙනෙක් එහෙම ලේසියෙන් අමතක කරන්න අමාරුයි විශේෂයෙන් පලවෙනි ආදරේ ඒත් බෙයා ඔයා ජන්කූක් ගැන හිතමින් කඩාගෙන වැටුනොත් ජන්කූක් සාර්ථක වෙයි එහෙම වෙන්න දෙන්න එපා ඔයා ශක්තිමත්ව ඉන්න ඔයා එයාට පෙන්නන්න ඔයාට එයාව ඕන නැ කියලා ඔයා සතුටින් කියලා එයාට ඕන බෙයාට රිද්දන්න මගේ බෙයා ශක්තිමත් වෙන්න ඕන අප්පායි පපායි බෙයා එක්ක ඉන්නවා බෙයාට ශක්තියක් වෙලා ඉන්නවා ම්ම්ම් "

නම්ජූන් කොල්ලව තුරුල් කරගෙන ආදරෙන් කිව්වා ටේහ්‍යුන්ගේ ඉදිරියේ ආදරේ පිරුනු ඇස් කේන්තියෙන් රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ජින් දිහාත් රවලා බලපු නම්ජූන් ආපහු හිනා වෙලා අතකින් ලගට එන්න කිව්වාම ජින් ආවා ජින්වත් පපුවට තුරුල් කරගත්ත නම්ජූන් ඇස් පියාගත්තා ටේහ්‍යුන්ගේ ඔලුව මතින් ජින් අතක් තියාගෙන හිටියා මේ විදියට ඉදිද්දී දකින කෙනෙක්ට ආදරේ හිතෙන ලස්සන පුංචි පවුලක්

____________________________

දින කිහිපයක් කදුලු එක්ක ගත කරපු ටේහ්‍යුන් අද mansion එකෙන් එලියට යන්න තීරණය කලේ එයාට ආපු කෝල් එකක් නිසා කොල්ලාගේ හිත හදන්න නම්ජින් දෙන්නා නොකරපු දෙයක් නැ ඒ දේවල් නිසා ටේහ්‍යුන්ගේ හිතේ ඒ දෙන්නා වෙනුවෙන් තිබුණු ආදරය ගෞරවය තවත් වැඩි වුනා

ටේහ්‍යුන් එයාට ලැබුනු address එක හොයාගෙන ඇවිත් නැවතුනේ විශාල තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිරියේ හුස්මක් ගත්ත ටේහ්‍යුන් ඇතුලට ගියා elevator එකට නැගලා 19 එබුවා කොල්ලා මේ යන ගමනින් එයාගේ හිත තවත් රිදෙනවා කියලා දැනගෙන හිටියා

Elevator එකේ සද්දයක් එක්ක ඇරෙද්දී ටේහ්‍යුන් එලියට ගිහින් කොනේම තිබුණු apartment එකේ බෙල් එක ගැහුවා මද වෙලාවක් ගත වෙද්දී දොර ඇරුනා ටේහ්‍යුන් ඉදිරියේ හීනි පටි තියෙන ගවුමක් ඇදගෙන හිටපු කෙල්ල දිහා බලලා ටේහ්‍යුන් හිනා වුනා

" එන්න ඇතුලට "

ටේහ්‍යුන් ඇතුලට යද්දී කෙල්ල දොර වහලා කොල්ලා එක්ක ආවා

" අහ්හ්...තමුසේ නම් පුදුම කරුමයක් වුනා නේ නිදහසේ කිසිදෙයක් කරගන්න නැ "

ජන්කූක් එහෙම කියාගෙන ආවාම කොල්ලා බිම බලාගත්තා

" කුක්.."

" මොකද්ද ලව් මම ඇත්ත නේ කිව්වේ මූ අදත් අපේ making love session එකට disturb කලේ "

ලීනාගේ ඉන වටේ අතක් යවපු ජන්කූක් ලීනාගේ තොල් වලට පෙක් එකක් දෙද්දී ටේහ්‍යුන් අහක බලාගත්තා

" කුක්.. එපා අනේ මමයි ටේහ්‍යුන්ට එන්න කිව්වේ "

ඊට පස්සේ ජන්කූක් මුකුත් නොකියා යද්දී ලීනා ටේහ්‍යුන් දිහා බැලුවා

" වාඩිවෙන්න ටේහ්‍යුන්.."

ලීනා කිව්වාම ටේහ්‍යුන් වාඩිවුනා ලීනා ටේහ්‍යුන්ගේ ඉස්සරහින් වාඩිවුනා

" මම මුලින්ම ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන ටේහ්‍යුන් මේ දේවල් හැංගුවාට මට ඔයාට මේ දේවල් කියන්න ඕන වුනත් කුක් කැමති වුනේ නැ "

ලීනා කියද්දී ටේහ්‍යුන් අපහසුවෙන් හිනා වුනා

" ඇත්තම කිව්වොත් ටේහ්‍යුන් මම කුක්ට ගොඩක් ආදරෙයි එයා දැක්ක දවසේ ඉදලා එයත් මට ආදරෙයි මට කියන්න ඕන වුනේ ඔයා මෙහෙන් යන්න ටේහ්‍යුන් ඔයා මෙහේ හිටියොත් කුක් පලිගන්න කියලා කියාගෙන පස්සෙන් යයි මම කැමති නැ එහෙම වෙනවාට ඒ නිසා යන්න ටේහ්‍යුන් ඒක ඔයාට වගේම අපිටත් හොදයි"

ලීනා කිව්වාම ටේහ්‍යුන් හුස්මක් පහත හෙලුවා කොල්ලාගේ ඇස් වලට මෝදු වුනු කදුලු ඇස් වලින් වැටෙන්න නොදී ඉන්න වග බලාගත්තා

" ඔයා කියන දේ මට තේරෙනවා ලීනා ඔයාලා අතරට තුන්වැනියෙක් වෙන්න මට ඕන නැ ජන්කූක් එක්ක සතුටින් ඉන්න එයාට ඉක්මනට කේන්ති යනවා තමයි ඒත් එයාගේ හිත හරි හොදයි ලීනා පරිස්සමින් ඉන්න මම යන්නම් "

ටේහ්‍යුන් එහෙම කියලා නැගිට්ටා එයා ඒ දේවල් හිතකින් නෙවෙයි කිව්වේ ඒත් ජන්කූක්ගේ කේන්තිය වෛරය හමුවේ කොල්ලාට තවත් රැදෙන්න ඕන වුනේ නැ යන්න හදන කෙනෙක් බලෙන් තමන් ලග තියාගන්න ඕන නැ ඉතින් ජන්කූක්ට ලීනා ලගට යන්න ඉඩ හැරපු ටේහ්‍යුන් එයාගේ බිදුනු හිතත් එක්ක ජන්කූක්ගේ පේනමානෙන් යන්න තීරණය කලා

" තැන්ක්ස් ටේහ්‍යුන් ඔයා මාව තේරුම් ගත්තාට මම බොන්න මොනාහරි ගේන්න ද..?"

ලීනා කියද්දී දුකින් හිනා වුනු ටේහ්‍යුන් ලොකු දෙපැත්තට වැනුවා

" ලව්...! මොනාද තාම ඔය slut එක්ක කතා කරන්නේ "

ජන්කූක් එහෙම අහගෙන ඇවිත් ලීනාගේ කර වටේ අතක් දැම්මා ජන්කූක් පුංචි දේකින් පවා හරි ලස්සනට ටේහ්‍යුන්ගේ බිදුනු හිත තවත් රිදුනා ටේහ්‍යුන්ට තව තත්පරයක්වත් එතැන රැදෙන්න ඕන වුනේ නැ එයාට හැමෝගෙන්ම හැංගිලා තනිවෙන්න ඕන වුනා

" ඔහොම කතා කරන්න එපා කුක්.."

" slut ට slut කියන්නේ නැතුව මොකද්ද කියන්නේ ම්ම්.."

ජන්කූක් කිව්වාම අසරණ විදියට ටේහ්‍යුන් ලීනා දිහාත් බලලා යන්න හැරුනා ටේහ්‍යුන් හැරෙනවත් එක්කම ජන්කූක් ලීනාගේ තොල් වලට බර වුනා එයාලා kiss කරන sound එක ඇහෙද්දී ටේහ්‍යුන්ගේ ඇස් වල මෙතෙක් හිර වෙලා තිබුණු කදුලු බිදු එක දිගට ගලාගෙන ගියා කදුලු පිරුනු ඇස් වලින් ආපහු හැරිලා බලද්දී ජන්කූක් ලීනාව වඩාගෙන රූම් එකකට යනවා හුස්මක් ගත්ත ටේහ්‍යුන් එතැන තිබුණු පොතකුත් පෑනකුත් ගත්තා

ජන්කුකී,

දැන් මට ඔයාට ජන්කුකී කියලා කතා කරන්න අවසරයක් නැතුව ඇති ඔයා මට ගොඩක් වෛර කරනවා කියලා මම දන්නවා ඔයා මේක කියවනකොට සමහරවිට ඔයාට මාව හොයාගන්න බැරි තැනකට ගිහින් ඇති මම මේක ලියන්න හේතුව මම කියන කිසිදෙයක් ඔයා අහන්න සූදානම් නැති නිසා

ඔම්මාගේ වැරැදි වලට මම ආපහු ඔයාගෙන් සමාව ඉල්ලනවා එයාට ඔම්මා කියන්නවත් සුදුසු නැ මගේ අප්පා කවුද කියන්නවත් මම දන්නේ නැ ඔම්මා මාව මහ පාරේ අතරමං කරලා යනකොට මට අවුරුදු 02 ක් හෝ 03 ක් වෙන්න ඇති ඔම්මා මාව දැක්කේ එයාගේ ජීවිතේ විනාස කරන්න ආපු සාපයක් වගේ ඊට කවුදෝ මාව orphanage එකට බාර දුන්නා

එදා ඉදන් orphanage එකේ හැදුනා ඔයාට වගේ ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න අරගන්න සල්ලි තිබුණේ නැ ඔයාට ඔම්මා හරි හිටියා ජන්කූක් මට මගේ කියලා කවුරුවත් හිටියේ නැ අවුරුදු ගානකට පස්සේ එදා dinner එකේදී තමයි මම ඔම්මාව දැක්කේ එදත් එයා මගේ හිත රිද්දුවා එයාට මාව එපා කිව්වා

කාලයත් එක්ක මටත් නොදැනීම මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා කොච්චර නපුරුකම් කරත් මම ඔයාට ආදරේ කරන්න ගත්තා දන්නවා ද ජන්කූක් ඔයාත් මට ආදරෙයි කියපු දවසේ මට කොච්චර සතුටු හිතුනා ද කියලා මගේ ජීවිතේ සතුටින් හිටපු දවස් ඇත්තේ පොඩි ප්‍රමාණයක් ඒ දවස් වලින් වැඩි හරියක් තියෙන්නේ ඔයත් එක්ක ගෙවුනු දවස් මට කවදාවත් ඒ දවස් අමතක වෙන එකක් නැ සමහරවිට ඔයා නම් ඒ දවස් අමතක කරලා ඇති

ඔයත් එක්ක දිගු ගමනක් යන්න හීන මවපු මට මෙතනින් නතර වෙන්න වෙයි කියලා හිතුවේ නැ තතාමත් ඉස්සර වගේ ඔයත් එක්ක හිනා වෙන්න ඔය තුරුලේ සැනසෙන්න මගේ මෝඩ හිත බලාපොරොත්තු වෙනවා ජන්කූක් ඔයාව දැන් මට අයිති නැ කියලා මම කොහොමද මගේ හිතට තේරුම් කරන්නේ..? ඒත් ඔයා ඒ ගැන හිතන්න එපා මගේ හිත මම කොහොමහරි හදාගන්නම්

මතක ද ජන්කුකී ඔයා දවසක් කිව්වා ඔයාට අප්පාගේ කම්පැනිය එපා ඔයාගෙම කියලා කම්පැනියක් පටන් ගන්නවා ඔයා ඒක කරන්න ජන්කුකී මුලු ලෝකයම දන්න කම්පැනි එකක් බවට පත් කරන්න මට විශ්වාසයි ඒක ඔයාට කරන්න පුලුවන් එතකොට මට පුලුවන් කොහේහරි ඉදගෙන ඔයා දිහා බලාගෙන සතුටු වෙන්න ඔයා මට දවසක් නෙවෙයි තත්පරයක්වත් ආදරේ කරේ නැ කිව්වා නේ ජන්කුකී ඒත් මගේ ආදරේට පුංචි හරි වටිනාකමක් දෙන්න පුලුවන් ඒක කරන්න ජන්කුකී

ඉතින් ජන්කුකී මම මෙතනින් නවතින්නම් මට හරි මහන්සි ජන්කුකී මගේ හදවතට ගොඩක් මහන්සියි ඔයා ලීනා එක්ක පුංචි පැටියෙක් හදාගෙන සතුටින් පරිස්සමින් ඉන්න එයාට ආදරේ කරන්න එයාව අතහරින්න එපා ජන්කුකී එයා ඔයාට ගොඩක් ආදරෙයි මට දුන්නු දුක ලීනාට දෙන්න එපා මම දරාගත්තාට ලීනා ඒ දුක දරාගන්න එකක් නැ ආපහු කවදාවත් මගේ ඉස්සරහට එන්න එපා ජන්කුකී දැන් ගියාට ආපහු ඔයාව දැක්කොත් ඔයා ලගට එන්න හිත කියයි ඒ නිසා මාව දැක්කත් නොදැක්ක ගානට යන්න

අවසානෙට මට කියන්න තියෙන්නේ මගේ ඇස් පියවෙන තුරා ආදරෙයි ලබන ආත්මෙක අපි මීට වඩා වෙනස් විදියකට හම්බවෙමු ජන්කුකී..
පරිස්සමින් ඉන්න
I love you..!

ඔයාගේ බේබි
ටේහ්‍යුන්..

වෙව්ලන අත් වලින් ලියලා ඉවර කරපු ටේහ්‍යුන් පොත යටින් කොලය තියලා පෑනත් තියලා කදුලු පුරවගෙන එලියට ගියේ ජන්කූක්ගේ වගේම ලීනාගේත් moans කොල්ලාට ඇහෙද්දී

එතකොට මේක එයාලගේ කතාවේ අවසානය..?

To be continue.................♡︎

මගේ නම ඔබට මතකත් නැද්ද
කොහොමද ඔබ මාව අමතක කරේ
කියලා දෙන්න එහෙම කරන්න
ආසයි මට ඉන්න ඉස්සර වගේ..!

Bạn đang đọc truyện trên: AzTruyen.Top