47 • 𝚄𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚒𝚝𝚢 •
දින එක දෙක හරි ඉක්මනට ගෙවිලා ගියා ටේකුක් දෙන්නා තවත් ආදරෙන් ලං වුනා තැනක් නොතැනක් නැතුව ජන්කූක්ගෙන් ලැබෙන ආදරනීය හාදු වලින් එයාලා එකට ආදරෙන් එකතු වෙන මොහොතවල් වලින් නම් ටේහ්‍යුන්ට අඩුවක් තිබුණේ නැ ජන්කූක් හැමතිස්සේම ටේහ්‍යුන්ගේ පස්සෙන් හිටියා ජන්කූක්ට ටේහ්‍යුන් නොදැක ඉන්න බැරි වුනා ඒ නිසා කොයිවෙලෙත් ජන්කූක් kim mansion එකට රිංගන්න පුරුදු වෙලා හිටියා
ටේකුක් දෙන්නාගේ තත්ත්වය එහෙම වෙද්දී යුංගි ජිමින්ව එයාගේ පවුලේ අයට හදුන්වලා දුන්නා නිනී නම් මුල ඉදන් ඔක්කොම දැනගෙන හිටපු නිසා යූන්මින් දෙන්නා ආදරෙන් එකට ඉන්න එක ගැන සතුටු වුනා වගේම එයාගේ ඔප්පා මෙහෙම ජිමින්ව එක්කගෙන ඇවිත් ඔම්මාටයි අප්පාටයි හදුන්වා දුන්නු එක ගැන සතුටු වුනා
මිස්ටර් ඇන්ඩ් මිසිස් මින් ජිමින්ව හරි ආදරයෙන් එයාලගේ පවුලට එකතු කරගත්තා මිස්ටර් මින් යූන්මින් දෙන්නා ගැන දැනගෙන හිටියේ එදා යූරා අයින් කරපු දවසේ ඊට පස්සේ දවසක් යුංගි ඔෆිස් එකේ දී ජිමින්ව හුරතල් කරනවා මිස්ටර් මින් දැක්කා යුංගි කාවවත් මෙහෙම ලගට අරගෙන හුරතල් කරන කෙනෙක් නෙවෙයි කියලා මිස්ටර් මින් හොදටම දන්නවා අඩු තරමේ එයාගේ නංගි වුනු නිනීවත් හුරතල් නොකරපු කෙනෙක් යුංගි කියන්නේ
මිස්ටර් මින් ජිමින් ගැන හැමදේම හොයන්න පටන් ගත්තේ යුංගිට පුංචි හෝ ඉගියක් නොදෙමින් ජිමින් කියන්නේ දුප්පත් කොල්ලෙක් වුනත් හොද ගතිගුණ තියෙන එයාගේ පුතාට හරියටම ගැලපෙන කෙනෙක් කියලා මිස්ටර් මින්ට තේරුනා මිස්ටර් මින්ට ජිමින් මධ්‍යම පන්තියේ පවුලක ලමයෙක් කියන එක ප්‍රශ්නයක් වුනේ නැ එයාට ඕන වුනේ යුංගිට ගැලපෙන යුංගිව පොඩ්ඩක් හරි පාලනය කරන්න පුලුවන් එයාට ආදරේ කරන කෙනෙක්වයි ඉතින් මිස්ටර් මින් මුකුත් නොදන්නා ගානට යුංගි හැමදේම කියනකම් බලාගෙන හිටියා
ඊට පස්සේ මිස්ටර් ඇන්ඩ් මිසිස් මින් ගිහින් ජිමින්ගේ ඔම්මා එක්ක කතා කලා අවසානයේ දී ජිමින්ගේ ඔම්මාගේ කැමැත්තක් ඒ දෙන්නාට හිමි වුනා
ඔය හැමදේම අතරේ එක්සෑම් එකේ රිසාල්ට් ආවා වෙනදා වගේම ටේහ්‍යුන් ජිමින් උසස් ප්‍රතිඵල සමගින් විභාගය සමත් වෙලා තිබුනා යුන්කුක් දෙන්නාත් හිතුවාට වඩා හොද රිසාල්ට් එකක් දාලා තිබුනා ටේමින් දෙන්නා බෙස්ටි රිසාල්ට් නිසා සෝල් යුනිවසිටි එකට සිලෙක්ට් වුනා යුන්කුක් දෙන්නාත් සෝල් යුනිවසිටි එකටම යටිකූට්ටු කුමන්ත්‍රණයක් කරලා පැනගත්තා
ඉතින් අද තමයි එයාලගේ යුනි යන පලවෙනි දවස උදේම නැගිටලා රෙඩි වුනු ටේහ්‍යුන් නම්ජින් දෙන්නාට සමුදීලා ජියොන් mansion එකට ගියේ එයාගේ නපුරු කුමාරයා උදෑසන අවදි කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට
Jeon Mansion එකට ආපු ටේහ්‍යුන් mansion එකේ වැඩට ඉන්න ගාඩ්ස්ලාට මේඩ්ලාට පුංචි හිනාවකින් සංග්‍රහ කරමින් ගියේ එයාගේ නපුරු හා කුමාරයා සුවසේ සැතපී ඉන්න සිරි යහන් ගබඩාවට
දොර ලොක් කරලා නොතිබුනු නිසා රූම් එකට ඇතුල් වුනු ටේහ්‍යුන් දැක්කේ ඇද බදාගෙන හොදට නිදාගෙන ඉන්න ජන්කූක්ව කොල්ලාගේ ලගට කිට්ටු වුනු ටේහ්‍යුන් ඇදෙන් වාඩිවෙලා ජන්කූක්ගේ ඔලුව අතගෑවා
" මගේ නපුරා....! හරි අහිංසක විදියට නිදාගෙන ඉන්න හැටි.."
හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ජන්කූක් දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් මද සිනාවක් එක්ක මිමිනුවා
" ජන්කුකී...නැගිටිනවා හලෝ.."
ටේහ්‍යුන් වෙනදා වගේ නම් ජන්කූක් ඇහැරෙනකම් සමවැදිලා වගේ කොල්ලා දිහා බලාගෙන ඉන්නවා ඒත් අද එහෙම බලාගෙන හිටියොත් යුනි යන්න වෙන්නේ පරක්කු වෙලා නිසා ටේහ්‍යුන් කොල්ලව ඇහැරවන්න තීරණය කලා
" යාහ්හ්.... උදේ වෙලා මනුස්සයෝ යුනි යන්න පරක්කු වෙනවා පලවෙනි දවසෙම පරක්කු වෙන්න ද හදන්නේ "
ජන්කූක්ව හොලවන ගමන් කියද්දී කොල්ලා ටේහ්‍යුන්ගේ අත් දෙක අයින් කරලා කෙදිරිල්ලක් එක්ක කොට්ටෙට මූන ඔබාගෙන නිදි
" අයිෂ්..... මේ යකා...."
ටේහ්‍යුන් තමන්ටම මුමුනගෙන පොරවගෙන හිටපු බ්ලැන්කට් එක අයින් කරලා කොල්ලාගේ පිට උඩට නැග්ගා
" අශ්වයා ගෝන් ටික් ටික්... ඕයේහ්...!"
ජන්කූක්ගේ කොන්ඩෙන් අදින ගමන් කෑගහන්න ගත්තාම කොල්ලාට දෙවියෝ සිහි වුනා ටේහ්‍යුන් හොදට ජන්කූක්ගේ පිට උඩ වාඩිවෙලා උඩ පනින්න ගත්තා
" යාහ්හ් කිම් ටේහ්‍යුන් මම අස්පයෙක් නෙවෙයි යකෝ "
නින්ද ලෙප්ට් වුනු ජන්කූක් උපරිම සද්දෙන් කෑගැහුවාම ටේහ්‍යුන් කොල්ලාගේ පිට උඩින් බැස්සේ හෙන ලොකු වැඩක් කලා වගේ ගැම්මෙන් ජන්කූක් කොන්දත් අල්ලාගෙන කොල්ලාට රවාගෙන නැගිට්ටා
" ගුඩ් මෝනින් ජන්කුකී..."
" මොනින්..."
රවාගෙන ටේහ්‍යුන්ට කිව්වාම කොල්ලා හිනා වෙලා ජන්කූක්ගේ කම්බුල් දෙපැත්තෙන් අල්ලලා තොල් වලට පෙක් එකක් දුන්නේ ගිනි පිබින මකරෙක් වගේ ඉන්න කොල්ලව පොඩ්ඩක් කූල් කිරිමේ බලාපොරොත්තුවෙන්
" වොෂ් එකක් දාගෙන එන්න හරි ද..?"
ජන්කූක්ගේ මූනට එබිලා හිනා වෙලා කියපු ටේහ්‍යුන් ඇදෙන් නැගිටින්න හැදුවත් ඊට වඩා වේගෙන් ඇදිලා ගිහින් ඇදට වැටුනේ ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වෙද්දී ටේහ්‍යුන්ට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකරපු ජන්කූක් කොල්ලාගේ තොල් අල්ලගත්තා
ජන්කූක්ගේ තොල් සන්සුන් විදියට ටේහ්‍යුන්ගේ තොල් අතරේ ගමන් කරද්දී හැමදාම වගේ ජන්කූක්ගේ උනුසුමට අවනත වෙමින් ජන්කූක්ව කිස් බැක් කලා ටේහ්‍යුන් ජන්කූක්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා
තත්පර කිහිපයක් ටේහ්‍යුන්ගේ තොල් රසවිදපු ජන්කූක් කොල්ලාගේ තොල් වලින් ඈත් වුනා
" මම වොෂ් එකක් දාගෙන එන්නම් බේබි ගිහින් ඔම්මාව පොඩ්ඩක් බලන්න බේබිව දකින්න ආසයි කිව්වා "
ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන් ජන්කූක් කිව්වා
" හරි ජන්කුකී.."
කොල්ලාගේ තොල් වලට ආපහු පෙක් එකක් තියපු ජන්කූක් ඇදෙන් බැහැලා බාත් රූම් එකට යද්දී ඉක්මනට එන්න කියලා කෑගහගෙන ටේහ්‍යුන් ජන්කූක්ගේ රූම් එකෙන් එලියට ගියේ හිනා වෙන ගමන්
තනියම හිනා වෙවී හේවොන්ගේ රූම් එක පැත්තට යන ගමන් හිටපු ටේහ්‍යුන්ට හම්බුනු කෙනා නිසා කොල්ලාගේ හිනාව වාෂ්ප වුනා ඒ වෙන කවුරුවත් නෙවෙයි ටේහ්‍යුන්ගේ නමට ඔම්මා වුනු ජින් සූ
වෙනදා වගේම කොටම කොට රතු පැහැති ටයිට් ස්කර්ට් එකක් ඇදගෙන අත් දිග සුදු පැහැති බ්ලවුස් එකත් තොල් වල ආලේප කරලා තිබුණු රතු පැහැති ලිප්ස්ටික් කොන්ඩේ කඩලා දාලා හිටපු ජින් සූට දරුවෙක් ඉන්නවා කියලා හිතන්න බැ
ජින් සූව දැක්කත් නොදැක්ක ගානට ටේහ්‍යුන් යන්න හැදුවේ කතා කලොත් අනිවාර්යයෙන් එයාගේ හිත රිදෙන බව දන්න නිසා වගේම ජන්කූක් එයාගේ අප්පාගෙන් ඈත් වෙන්න ලොකුම හේතුවත් ජින් සූ නිසා
" කොහෙද මේ මාව නොදැක්ක ගානට යන්නේ..?"
යන්න ගියපු ටේහ්‍යුන් ජින් සූගේ කතාව එක්ක නැවතුනා ඇස් දෙක පියාගෙන හොද හුස්මක් ගත්ත ටේහ්‍යුන් ජින් සූ දිහාට හැරුනා
" මට ඕන තැනක මම යන්නේ මිස් ජින් සූ ඒක මිස් ප්‍රශ්නයක් කරගන්න ඕන නැ "
ටේහ්‍යුන් කිව්වාම ජින් සූ කට කොනින් හිනා වුනා
" කොල්ලගේ කටට පන ඇවිත් ඉස්සර වගේ මගේ පස්සෙන් ඔම්මා ඔම්මා ගාගෙන එන්නේ නැද්ද "
ඊලගට කට කොනින් හිනා වෙන අවස්ථාව ආවේ ටේහ්‍යුන්ට
" ඔම්මා කියලා කතා කරන්න ඕන ඒ නමට ගැලපෙන කෙනෙක්ට මිස් ජින් සූ නැතුව තමුන් වගේ අනුන්ගේ පවුල් විනාස කරන තමන්ට දරුවෙක් ඉන්නවා කියලා අමතක කරපු ගෑනියෙක්ට නෙවෙයි මම කවදාවත් මගේ ඔම්මාට මෙහෙම කතා කරන්න වෙයි හිතුවේ නැ තමුන් වගේ කෙනෙක්ගේ කුසින් ඉපදුනු එකටත් මම ලැජ්ජ වෙනවා මිස් ජින් සූ..."
එහෙම කියපු ටේහ්‍යුන් ජින් සූට තවත් මුකුත් කියන්න ඉතුරු නොකර යන්න ගියා ජින් සූ කේන්තියෙන් අඩිය පොලොව ගහලා මිස්ටර් ජියොන් හොයාගෙන යද්දී ටේහ්‍යුන් හේවොන්ගේ රූම් එකට ගියා ජින් සූ තවත් දුර්වල නොවී ශක්තිමත්ව කතා කරපු එක ගැන ටේහ්‍යුන් ආඩම්බර වුනා
" ඔම්මා ඔයා ඉන්නවා ද..?"
හේවොන්ගේ දොරට තට්ටු කරපු ටේහ්‍යුන් ඇහුවා
" ඔව් පුතා.."
හේවොන්ගේ කටහඬ ඇහෙද්දී ටේහ්‍යුන් හිනාවක් එක්ක රූම් එකට ඇතුල් වුනා
" ගුඩ් මෝනින් ඔම්මා.."
" ගුඩ් මෝනින් පැටියෝ අද යුනි යන පලවෙනි දවස නේ "
හේවොන් අහද්දී ටේහ්‍යුන් ඔලුව වැනුවා
" හොදට වැඩ ටික කරගන්න ඕන මගේ බෑනා පොඩ්ඩක් එහෙනම් ඩොක්ටර් කෙනෙක් කවුද හිතුවේ මගේ මෝඩ පුතන්ඩියා ඩොක්ටර් බෑනෙක් මට ගෙනත් දෙයි කියලා "
හේවොන් ටේහ්‍යුන් දිහා බලාගෙන හිනා වෙන ගමන් කියද්දී ටේහ්‍යුන් හිනා වුනා ටේහ්‍යුන් මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙද්දී ජන්කූක් මැනේජ්මන්ට් ෆැකල්ටි එකට සිලෙක්ට් වුනා
" ඔම්මාගේ පුතන්ඩියා හෙන නපුරෙක්..!"
ටේහ්‍යුන් තොල් පිටපෙරලගෙන කිව්වා
" ඒක නම් ඇත්ත...පුතාට කියන්න නර්සරි එකේ දී ලමයෙක් මෙයාගේ මකනය ගත්තා ඒ පොඩි එකාව මේ යකා පඩිපෙලෙන් තල්ලු කරලා උපතින්ම හෙනම නපුරා ඒ වගේම නසරානියෙක් "
හේවොන් කියද්දී ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා
" මොනාද ඔම්මා මගේ බේබිට කියන්නේ "
දොරෙන් මතු වුනු ජන්කූක් එහෙම අහගෙන ඇවිත් හේවොන්ගේ බෙල්ල වටේ අත් ඔතාගෙන උරහිසෙන් නිකමට තියාගත්තා
" ඔයාගේ හපන්කම් ගැන තමයි "
හේවොන් හිනා වෙවී කියද්දී ටේහ්‍යුන් ජන්කූක් දිහා බලාගෙන හිටියා
" මගේ හපන්කම් මොනාද ඔම්මා.."
" මම කියන්න ද ස්කූල් එකේ කොල්ලෙක්ගේ පස්සට කව කටුවෙන් ඇන්නා තව කෙල්ලගේ කොන්ඩේ චුයින්ගම් ඇලෙව්වා තව මිස් කෙනෙක්ගේ බෑග් එකට ගෙම්බෙක් දැම්මා ඇයි තව අර අහිංසක හෝසොක් පුතා සර්පයන්ට බයයි කියලා දැන දැනම ඒ අහිංසකයාට පිඹුරෙක් birthday gift එකට දුන්නා පව් අහිංසකයා තව පොඩ්ඩෙන් එදාම ඉවරයි "
හේවොන් හරි ලස්සනට ජන්කූක්ගේ වැඩ ගැන දිග හරිද්දී ටේහ්‍යුන් තොල් තද කරගෙන හිනාව කාගෙන හිටියා
" හරි හරි ඔම්මා අපිට පරක්කු වෙනවා බායි උම්මාහ් "
හේවොන්ගේ කම්බුලට කිස් එකක් දීපු ජන්කූක් ටේහ්‍යුන්ගේ අතින් ඇදගෙන යන්න ගියේ හේවොන් හිනා වෙවී බලාගෙන ඉදිද්දී ඒ දෙන්නා මොන ප්රශ්නය ආවත් හැමදාම එකට සතුටින් ඉන්න කියලා හේවොන් ප්‍රාර්ථනා කලා
ජන්කූක් ටේහ්‍යුන් එක්ක එයාගේ බයික් එකෙන් යුනි එකට ආවා ඒ වෙනකොට යූන්මින් දෙන්නා ඇවිත් හිටියා
" අඩෝ බල්ලෝ මොකද පරක්කු.."
ජන්කූක් දැකපු ගමන් යුංගි ඇහුවා
" නින්ද ගියා බන් "
ටේහ්‍යුන්ගේ රැවිලි මැද්දේ ජන්කූක් කිව්වා
" යමන් යමන් "
ඊට පස්සේ හතර දෙනාම යුනි එක ඇතුලට ගියා යුනි එක ගොඩක් ලොකුයි වගේම හරිම ලස්සනයි අද දවසේ එයාලාව පිලිගන්න 2nd year එකේ students උත්සවයක් organize කරලා තිබුනා ඉතින් යුනි එකේ chancellor කතා කරමින් යුනි එකට අලුතින් ආපු students ලා හැමෝම සාදරයෙන් පිලිගත්තා
" බේසිකයෝ අර කෙල්ලගේ figure එක පට්ට නේ "
ස්ටේජ් එකේ මැද ඩාන්ස් කරන කෙල්ලෙක් දිහා බලාගෙන යුංගි කිව්වා
" සිරා කතාව බන් ඒ වුනාට බන් boobs පුංචි වැඩියි මට සෙට් නැ "
ජන්කූක් එහෙම කියලා ඉවර වෙනවත් එක්කම ඔලුවට දැඩි ප්‍රහාරයක් හම්බුනේ ජන්කූක්ට තත්පර ගානකින් මුලු සෞරග්‍රහ මණ්ඩලයම පෙනෙද්දී
" තමුසේ නම් හැදෙන මිනිහෙක් නෙවෙයි ජන්කූක් "
කොල්ලාට රවාගෙන ටේහ්‍යුන් කියද්දී යුංගි නිකමට ජිමින් දිහා බැලුවා කොල්ලාට හිතුනේ අපරාදේ බැලුවේ කියලා ජිමින් නම් පූස් මස් රස කොයි විදියට හැදුවාම ද කියලා කල්පනා කරන ගමන් යුංගිට රවාගෙන හිටියා ඔය විදියට එදා දවස ගෙවිලා ගියා දවසෙම ටේමින් ඩබල යුන්කුක් දෙන්නාට රවන්න අමතක කලේ නැ වගේම වචන දහයකට වඩා කතා කලෙත් නැ
To be continue.................♡︎
හායි..🌝🖐️
හායි කිව්වාම හායි කියන්න පුරුදු වෙන්න ලමයෝ නොදැක්ක ගානට යන්නේ හුම්😾😒💔
Bạn đang đọc truyện trên: AzTruyen.Top