46 • 𝙴𝚟𝚊𝚜𝚒𝚘𝚗 •

බෙල්ලට දැනුනු කිතියක් නිසා තද නින්දක හිටපු ජන්කූක් ඇහැරුනා ආලෝකයට ඇස් හුරු කරගන්න ගමන් කොල්ලා අමාරුවෙන් ඇස් ඇරලා බැලුවාම ඉස්සිලාම දැක්කේ සුදු පැහැති සිවිලිම එතකොට කොල්ලාට තේරුනා එයා ඉන්නේ එයාගේ රූම් එකේ නෙවෙයි කියලා

ජන්කූක් ඔලුව හැරෙව්වාම දැක්කේ එයාව බදාගෙන සුවදයි නින්දක ඉන්න එයාගේ පුංචි සුරදූතයාව ඒ දෙතොලතර සිහින් සිනාවක් රැදිලා තිබුනා ජන්කූක් හිනාවක් එක්ක කොල්ලාගේ අවුල් වුනු කොන්ඩේ අතරේ අතැගිලි යැව්වේ ලොකු ආදරේකින් ජන්කූක් ඔලුව අතගාන සනීපයට සිහින් කෙදිරිල්ලක් පිට කරපු ටේහ්‍යුන් තව ටිකක් කොල්ලාට තුරුල් වුනා ජන්කූක් කොල්ලාගේ ඉන වටේ එතිලා තිබුණු අත තද කලා

ටේහ්‍යුන්ගේ නලලට හාදුවක් තවරපු ජන්කූක් කොල්ලා නැගිටිනකම් බලාගෙන හිටියා ජන්කූක්ට කොයිතරම් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැ ඊයේ ගෙවුණු රෑ ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නකොට ජන්කූක්ගේ සිහියට නැගුනා කොල්ලාට නොදැනීම ඒ දෙතොලතර හිනාවක් ඇදුනේ ටේහ්‍යුන්ගේ නොදැකපු පැත්තක් ඊයේ දැක්ක හින්දා

" ම්ම්හ්.."

කම්මැලිකමේ ඇස් ඇරපු ටේහ්‍යුන් තමන් දිහා ආදරේ පිරුනු ඇස් වලින් බලාගෙන ඉන්න ජන්කූක් දිහා බලලා ආපහු ඇස් පියාගත්තා ටේහ්‍යුන්ගේ හුරතල් වැඩ වලට හිනා වෙන ගමන් ජන්කූක් කොල්ලාගේ නලලට තොල් තද කලා

" මගේ චූටි මැනික දැන් නිදාගත්තා ඇති.."

ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන් කියද්දී කොල්ලා අකමැත්තෙන් කෙදිරිල්ලක් පිට කලා ටේහ්‍යුන්ට තව ටිකක් ජන්කූක්ගේ උනුසුමට ගුලි වෙලා ඉන්න ඕන වුනා ජන්කූක්ගේ ආදරේට නොහිතන වෙලාවට ජන්කූක්ගෙන් ලැබෙන හාදු වලට ජන්කූක් එයා ගැන හොයලා බලන විදියට කෙටියෙන්ම කිව්වොත් ටේහ්‍යුන් ජන්කූක්ට ලෝභයි ඒ ආදරේට ඒ හාදු වලට ඒ ස්පර්ශයට ඒ එක බැල්මකට පවා ලෝභයි ඒ වගේම මහ මෙරක් තරම් ආදරෙයි වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් ටේහ්‍යුන් ජන්කූක්ට ආදරෙයි

ජන්කූක්ට දැන් ටේහ්‍යුන්ගෙන් තොර ලෝකයක් නැති වෙලා ජන්කූක්ට ටේහ්‍යුන් කියන්නේ ඩ්‍රග් එකක් ජන්කූක් ඒ ඩ්‍රග් එකට addict වෙලා ඉන්නේ ජන්කූක් සමහර වෙලාවට කියන dirty කතා නිසා ටේහ්‍යුන්ගේ රතු වෙන කම්බුල් වෙලාවකට තොල් උල් කරගෙන එයාගේ අත් අතරේ හුරතල් වෙන විදිය ජන්කූක් දිහා ආදරේ පිරුනු දිලිසෙන ඇස් වලින් බලන විදිය ටේහ්‍යුන්ගේ පුංචි හැසිරීමකට පවා ජන්කූක් ආදරේ කලා

" අනේ දොයියගන්න දෙන්නකෝ හූම්.."

ඇස් පියාගෙනම ස්ලීපි වොයිස් එකකින් මිමිනුව ටේහ්‍යුන් ජන්කූක්ගේ ඇගට කකුලක් දාගත්තා

" දැන් එකොලහත් පහුවෙලා බේබි හොද දරුවා වගේ නැගිටින්න.."

ජන්කූක් එයාගේ ඇගේ එල්ලිලා ඉන්න කොල්ලාට කිව්වා

" ආ කමක් නැ "

තත්පර කිහිපයක් නිශ්ශබදව ගත වුනා

" මොකක්....? එකොලහ පහුවෙලා අප්පායි පපායි ආවද...? එයාලා අපි මෙහෙම දැකලා ද දන්නේ නැ මම කොහොමද දැන් ඒ දෙන්නාට මුහුන දෙන්නේ..? මොකද තවුසේ හිනා වෙන්නේ ආ හිනා වෙන්න තරම් දෙයක් වෙලා නැ මම මෙතන ඔලුව ගිනි අරගෙන ඉන්නවා මේ මසල් හාවා හිනා වෙනවා ඔය හා දත් දෙක ආමාශගත වෙන්න ගහන්නේ ඉතියෝපියන් මැඩගස්කර හිපාටු හා පෝතකයා "

ටේහ්‍යුන් එකපාරට අකුනක් ගැහුවා වගේ නැගිටලා කියවගෙන යද්දී ජන්කූක් හිනා වෙවී බලාගෙන හිටියා ටේහ්‍යුන් කලබල වුනාම ගොඩක් කියුට් ඉතින් ඒ නිසායි ජන්කූක් හිනා වෙවී හාන්සි වෙලා බලාගෙන ඉන්නේ අන්තිමේ දී ජන්කූක්ගේ හා දත් දෙකට තර්ජනයක් ඇති වුනු නිසා කොල්ලා කෙලින් වුනා

" මොකද බේබි කෑගහන්නේ කවදාහරි අපි මෙහෙම ඉන්නවා නේ "

ජන්කූක් ටේහ්‍යුන්ගේ උරහිසට හාදුවක් තවරමින් කිව්වා

" ජියොන් ෆකින් ජන්කූක්...!"

" උප්ස්....මගේ බේබි ගොඩක් නෝට් වෙලා "

" තමුසෙගේ ආශ්‍රය තමයි "

ජන්කූක්ට රැව්ව ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් හිනා වෙලා ටේහ්‍යුන්ගේ කම්බුලට තොල් තද කලා

" අපි වොෂ් එකක් දාගමු.."

ඇදෙන් බැස්ස ජන්කූක් ටේහ්‍යුන් ඔතාගෙන ඉදපු බ්ලැන්කට් එක අයින් කරලා කොල්ලා දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන්ගේ මී පැනි පැහැති සම මත හරි අපූරුවට ජන්කූක් විසින් ඇති කරපු සලකුනු රැදිලා තියෙන දිහා බලාගෙන හිටියේ ආඩම්බරකාරී කට කොනේ හිනාවක් දෙතොලතර රදවගෙන

ජන්කූක්ගේ බැල්ම දැකපු ටේහ්‍යුන් හැකරැල්ලෙක් වගේ ඇද මත ගුලි වුනේ එයාගේ නිරුවත් සිරුර වසාගන්න අසාර්ථක උත්සාහයක යෙදෙමින්

" මම ඕවා ඔක්කොම දැකලා තියෙන්නේ බේබි.."

ජන්කූක් කිව්වාම ටේහ්‍යුන්ගේ කම්බුල් රතු පැහැයට හැරුනා ඊයේ රෑ නොතිබුනු කොහෙදෝ තිබුනු ලැජ්ජාවක් ටේහ්‍යුන්ට ආරූඪ වෙලා ටේහ්‍යුන් එක්ක හිනා වුනු ජන්කූක් කොල්ලව වඩාගෙන බාත් රූම් එකට ගියා දෙන්නා එක්ක වොෂ් එකක් දාගෙන ආවා ටවල් එකක් විතරක් ඇදගෙන හිටපු ජන්කූක් ටේහ්‍යුන්ට ඇදුම් අන්දලා කම්බුලට කිස් එකකුත් දුන්නා ඊට පස්සේ තමන්ගේ ඇදුම් ඇදගෙන අවුල් වෙලා තිබුණු ඇදත් පිලිවෙලට හැදුවා

ඊට පස්සේ ටේකුක් අලුත බැදපු ජෝඩුව වගේ පහලට යනකොට ජින් ලිවින් රූම් එකේ ඉදගෙන magazine එකක් බලන ගමන් හිටියා

" ආ මහත්වරු දෙන්නා නැගිටලා වගේ මම හිතුවේ අද නැගිටින එකක් නෑ කියලා "

කොල්ලෝ දෙන්නා දිහා බලාගෙන ජින් හිනාවක් එක්ක කිව්වා ටේහ්‍යුන් බිම බලාගෙන යටි තොලත් හපාගෙන ටයිල් එක හාරන්න අසාර්ථක උත්සාහයක යෙදෙමින් හිටියා

" බෙයා කොච්චර හෑරුවත් ටයිල් එක හෑරෙන්නේ නැ "

ජින් හිනාව කාගෙන කිව්වා

" මම උදේ යනකොට දෙන්නා පිඹුරෝ දෙන්නෙක් වගේ වෙලිලා නිදාගෙන හිටපු නිසා ඇහැරුවේ නැ "

" පපා....!"

" දෙන්නාට කෑම මේසේ උඩ ඇති ගිහින් කන්න "

" හරි පපා.."

ටේහ්‍යුන් ජන්කූක්ගේ අතේ එල්ලිලා කිචන් එක පැත්තට යන දිහා ජින් බලාගෙන හිටියේ සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන

_________________________

" තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ කියුටී ඇයි මාව මගහරින්නේ "

" මට මුකුත් වෙලා නැ යුංගි මට යන්න දෙන්න "

තමන් දිහා කේන්තියෙන් බලාගෙන ඉන්න යුංගිගේ ඇස් මගහැරපු ජිමින් කිව්වා

" මම තමුසෙට යන්න දෙන්නම් මම අහන දේවල් වලට උත්තර දීලා ඉන්නවා "

ජිමින් දිහා කේන්තියෙන් බලාගෙන හිටපු යුංගි කිව්වා කොල්ලා මුකුත් නොකියා නිශ්ශබදව හිටියා හැබැයි ජිමින් යුංගිගේ ඇස් දිහා කෙලින් බැලුවේ නැ

" තමුසේ ඇයි මාව මගහරින්නේ...? මොකද වුනේ ආ මගේ කෝල්ස් ආන්සර් කරන්නේ නැත්තේ ඇයි මැසේජ් වලට රිප්ලයි කරන්නේ නැ මොකද්ද තමුසෙට වෙලා තියෙන්නේ ජිමින් මට උත්තර දෙනවා ඔෆිස් එකට ආවත් තමුසේ මාව මගහරිනවා උබ ඉන්නේ මගේ වැඩ කරන්න මිසක් අනිත් උන්ගේ වැඩ කරන්න නෙවෙයි ජිමින් "

යුංගි කොල්ලාගේ නම කියලා කතා කරද්දී ජිමින් ගැස්සිලා ගියා යුංගි නම කියලා කතා කරන්නේ ගොඩක් කේන්ති ගියපු වෙලාවට කියන්න ජිමින් හොදටම දන්නවා නැත්නම් යුංගි කොයිවෙලෙත් කියුටී කියමින් කොල්ලව හුරතල් කරන යුංගිට කේන්තිය පාලනය කරගන්න බැරි වුනාම නම කියලා කතා කරනවා

" අපි breakup වෙමු යුංගි අපි දෙන්නා ගැලපෙන්නේ නැ "

ජිමින් යුංගි දිහා බලලා අත් මිට මොලවාගෙන කිව්වා කොල්ලා බොහොම අමාරුවෙන් කදුලු පාලනය කරගෙන හිටියේ ජිමින් කියපු දේ එක්ක යුංගිගේ ඇස් ගැස්සුනා යුංගි කොහොමටවත් ජිමින් මෙහෙම දෙයක් කියයි කියලා බලාපොරොත්තු වුනේ නැ

ජිමින් කියපු දේ එක්ක තවත් කේන්ති ගියපු යුංගි මේසය මත තිබුණු වතුර වීදුරුව පොලොව ගැහුවා ඔෆිස් රූම් එක පුරා වීදුරු කෑලි විසිරිලා යද්දී ජිමින් කදුලු පුරවගෙන  බිත්තියට ගුලි වුනා මේසය මත තිබුණු ෆයිල් ඔක්කොම වගේ බිම දාපු යුංගි යකෙක් වගේ හැසිරුනේ යුංගිගේ හැසිරීම දැකපු ජිමින් ගොඩක් බය වුනා

" breakup වෙන්න...? Breakup වෙන්න නේද උබට ඕන.. උබ මම මොකෙක් කියලා ද හිතාගෙන ඉන්නේ ජිමින් උබට ඕන වෙලාවට මගේ ලගට එන්නයි උබට හිතුනාම මාව දාලා යන්නයි මම මොකෙක් ද යකෝ උබ ගැලපීම් ගැන බලලා ද මට ආදරේ කරේ නැත්නම් ඒකත් බොරුවක් ද..? උබ කැමති වුනත් අකමැති වුනත් උබ මගේ විතරයි උබට මගෙන් ඈත් වෙලා යන්න ඉඩ දෙන්නේ නැ ජිමින් උබ මගේ "

යුංගි යකා වගේ කෑගහද්දී ජිමින් ඉකි ගසමින් බිත්තියට ගුලි වෙලා අඩන්න පටන් ගත්තා යුංගිගේ මේ හැසිරීම කොල්ලව තවත් බය කලා

" යුංගි පොඩ්ඩක් තේරුම් ගන්නකෝ අපි දෙන්නා අහසට පොලොව වගේ අපිට එකට ගමනක් යන්න බැ මම කියන දේ අහන්න යුංගි මගේ ආදරේ බොරුවක් නෙවෙයි ඒත්.. ඒත්... සමහර වෙලාවට සමහර දේවල් නිසා කොච්චර ආදරේ කරත් වෙන් වෙන්න වෙනවා.."

ජිමින් ඉකි ගැසීම් පාලනය කරගෙන කියද්දී පුටුවකට පයින් ගහගෙන ජිමින් ලගට ආපු යුංගි කොල්ලාගේ අතින් ඇදලා අරගෙන බිත්තියට තද කරගත්තා ජිමින් හිටියේ කේන්තියෙන් ගිනි පිබින පූස් වෙස් ගත්ත මකරෙක්ටයි බිත්තියටයි මැදි වෙලා ජිමින් එකසිය ගානට බය වෙලා හිටියේ

" මට ඔය විකාර කතා වලින් වැඩක් නැ ජිමින් උබ මගේ විතරයි මම උබට ආදරෙයි මගෙන් ඈත් වෙන්න උබ උත්සාහ කරන්න එපා උබේ උත්සාහය අපරාදේ උබට මම ඈත් වෙන්න දෙන්නේ නැ ජිමින් මගෙන් උබට වරදක් වුනා නම් මට කියන්න මම මගේ වැරදි හදාගන්නම් කියුටී "

ජිමින්ගේ කම්බුලක් තදින් පිරිමදින ගමන් යුංගි කිව්වා ජිමින් යුංගි දිහා හරි අසරණ විදියට බලාගෙන හිටියා

" යුංගි මං කියන දේ පොඩ්ඩක් අහලා ඉන්න ඔයාට සල්ලි ධනය බලය හැමදේම තියෙනවා කිසිම දේකින් අඩුපාඩුවක් නැ යුංගි හැමදේම තියෙනවා ඒ වුනාට මට එහෙම නැ ඔයා වගේ පොහොසත් පවුලක ඉපදුනු කෙනෙක් නෙවෙයි මම මට ඉන්නේ ඔම්මා විතරයි අපිට කියලා තියෙන්නේ පුංචි කොෆි ශොප් එක විතරයි යුංගි ඔයාට වගේ නෙවෙයි ඒ නිසායි මම කියන්නේ අපි ගැලපෙන්නේ නැ "

ජිමින් කදුලු අතරින් කියද්දී යුංගි කොල්ලා නලලට නලල තියාගත්තා ජිමින්ගේ කම්බුල් පුරා ගිය කදුලු බිදු පිසදැම්මා

" කියුටී අහනවා මම තමුසෙගෙන් සල්ලි ඉල්ලලා තියෙනවා ද..? නැ නේද..? තමුසෙට මට වගේ සල්ලි ධනය බලය තියෙන්න ඕන කියලා තියෙනවා ද..? මම එහෙම කියලා නැ නේද..? එහෙම කවුරුහරි කියනවා ඌ කවදාවත් ඒ කෙනාට ආදරේ කරලා නැ කියුටී මට හැමදේම තියෙනවා ඉතින් ඒ දේවල් මම තමුසෙගෙන් බලාපොරොත්තු වෙන්නේ නැ මට ඕන තමුසෙගේ ආදරේ විතරයි කියුටී තමුසේ මගේ ලගින් ඉන්න මට ආදරේ කරන්න ම්ම්ම් මම තමුසෙගෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි කියුටී.."

යුංගි කිව්වාම ජිමින් අඩාගෙන කොල්ලාට තුරුල් වුනා යුංගි තදින් ජිමින්ව බදාගෙන සිනිදු කොන්ඩේ මතින් දැනෙන නොදැනෙන තරමට හාදුවක් තැවරුවා කොල්ලාගේ පිට පිරිමදින ගමන් හිනා වුනා සතියකට පස්සේ යුංගිගේ කියුටී එයාගේ අත් අතරේ ඉන්නවා කොල්ලාට ඊට වඩා සතුටක් නැ

" දැන් ඇති කියුටී ඇඩුවා ම්ම්ම් ඔය ලස්සන මූන කැත වෙයි "

යුංගි කිව්වාම ජිමින් කොල්ලාගේ ශර්ට් එකේ කදුලු පිහිදගෙන යුංගි දිහා බැලුවා

" මගේ කියුටී...!"

යුංගි ජිමින්ගේ නලල සිපගත්තා ජිමින් හරි අහිංසක විදියට යුංගි එක්ක හිනා වුනා ඔය හිනාවට තමයි යුංගිත් වසී වුනේ හූම් ජිමින්ගේ අතකින් අල්ලාගෙන ගිහින් ඔෆිස් රූම් එකේ කොනක තිබුණු couch එකේ වාඩිවෙලා ජිමින්ව උකුලට ගත්තා

" එකපාරට මොකද දේපල සල්ලි ප්‍රශ්නයක් ආවේ ම්ම්ම් කියන්න කියුටී මට නොකියන මොනාහරි දෙයක් මෙතන තියෙනවා "

ජිමින් කොල්ලාට තුරුල් වෙලා හිටියා

" යුංගියා..."

" ම්ම්ම්.."

" අපේ ඔම්මා අපි දෙන්නා ගැන දන්නවා "

ජිමින් ඇගිලි පටලවන ගමන් කිව්වා

" ඉතින් "

" ඔම්මා කැමති නැ යුංගි.."

ජිමින් බිම බලාගෙන දුකින් මිමිනුවා

" හේතුව..."

" ඔයා පොහොසත් නේ යුංගි ඒ නිසා ඔම්මා හිතන්නේ අපි ගැලපෙන්නේ නැ කියලා ඔයාගේ පවුලේ අය දැන ගත්තොත් මීට වඩා ලොකු ප්‍රශ්නයක් වෙයි කිව්වා ඔම්මා කිව්වා දැන්ම ඔයාගෙන් ඈත් වෙන්න කියලා නැත්නම් ඔම්මා කෙනෙක් නැ කියලා හිතාගන්න කිව්වා මට මගේ පවුලේ ඉන්නේ ඔම්මා විතරයි යුංගියා මට එයාව නැති කරගන්න බැ "

ජිමින් ආපහු අඩන්න පටන්න ගත්තාම යුංගි කොල්ලව තුරුල් කරගත්තා ජිමින්ගේ ඔම්මා එදා ජිමින්ට බැන්නාට පස්සෙත් ජිමින් යුංගි එක්ක වෙනසක් නැතුව එකට හිටියා ඒත් තවත් දවසක් යුංගි ජිමින්ව කිස් කරනවා ජිමින්ගේ ඔම්මා දැක්කා එදා නම් ලොකු රන්ඩුවක් වුනා ජිමින්ගේ ඔම්මා අන්තිමට කිව්වේ යුංගිගෙන් ඈත් වෙන්න නැත්නම් ජිමින්ට ඔම්මා කෙනෙක් ඉන්නවා කියලා අමතක කරන්න කියලා කොල්ලා කොහොමද එයාගේ ඔම්මා අමතක කරලා ඉන්නේ ජිමින් යුංගිට තරම්ම එයාගේ ඔම්මාටත් ගොඩක් ආදරෙයි

ඉතින් මේ ප්‍රශ්නයේ දී ජිමින් ගොඩක් අසරණ වුනා එක පැත්තකින් එයාගේ ආදරේ අනිත් පැත්තෙන් එයාගේ ඔම්මා අන්තිමේ දී කොල්ලා තීරණය කලේ යුංගිගෙන් ඈත් වෙන්න ඒත් ඒක ජිමින් හිතුව තරම් ලේසි වුනේ නැ ජිමින් ගොඩක් වෙලාවට යුංගිව මගහැරලා ගිහින් කාටත් හොරා කෑගහලා ඇඩුවා මේ දේවල් නිසා ජිමින්ගේ පුංචි හිත ගොඩක් වේදනාවට පත් වුනා

අදත් ජිමින් හැදුවේ යුංගි මගහැරලා යන්න හරියට සතියක් පුරා කලා වගේ ඒත් අද ජිමින්ට යුංගි මගහැරලා යන්න ඉඩක් හම්බුනේ නැ අද ජිමින් යුංගිට අහුවුනා ජිමින්ගේ හදිස්සි වෙනස් වීම යුංගිට එක් කලේ ලොකු දුකක් කොල්ලා ඒ දුක වේදනාව පිට කරේ කේන්තියක් විදියක්

" ඇයි මට නොකිව්වේ ම්ම්ම්...? මම ඔයාගේ කවුරුවත් නෙවෙයි ද..?"

යුංගි අහද්දී ජිමින් වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවේ නැ කියන්න අඩලාම ජිමින්ගේ මූන චෙරි ගෙඩියක් වගේ රතු වෙලා තිබුනා

" මම ඔය ප්‍රශ්නය ගැන බලාගන්නම් හැබැයි කියුටී තමුසේ මට ඔය දේවල් නොකියපු එක වැරදියි "

" සොලි.."

වරදක් කරපු පුංචි බබෙක් අප්පාගෙන් සමාව ඉල්ලනවා වගේ තොල් උල් කරගෙන ජිමින් කිව්වා

" ආපහු කිසිදෙයක් තමුසේ මට හංගන්න එපා අරස්සෝ...?"

ජිමින් වයින් කරපු බෝනික්කෙක් වගේ ඔලුව වනද්දී යුංගි හිනා වෙලා ජිමින්ගේ රතු වුනු නහය මතින් හාදුවක් තැවරුවා

" මගේ කියුට් බොලේ.."

ජිමින්ගේ කම්බුලටත් කිස් එකක් දීපු යුංගි කිව්වා ජිමින් හිනා වෙවී යුංගිගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා සතියකට පස්සේ ලැබුනු යුංගිගේ උනුසුමට ජිමින් හරි ලෝභකමින් තුරුල් වුනා

To be continue.................♡︎

කමෙන්ට් කරන්න
වෝට් කරන්න

බායිම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top