43 • 𝚃𝚒𝚐𝚎𝚛 𝙱𝚊𝚋𝚢 •

සුදු පැහැති කර්ටන් අතරින් ගලාගෙන ආ හිරු කිරන හේතුවෙන් මෙතෙක් වෙලා ජන්කූක්ගේ තුරුලට වෙලා සුවදයි නින්දක හිටපු ටේහ්‍යුන් ඇස් පොඩි කරමින් ආලෝකයට ඇස් හුරු කරගනිමින් ඇස් ඇරියා කොල්ලා ඇස් බෝල කරගෙන රූම් එක පුරා ඇස් අරගෙන ගියේ ඉන්නේ කොහෙද කියලා බලන්න ඒ වෙලාවේ තමයි ටේහ්‍යුන්ට ඊයේ රෑ සිද්ධ වුනු දේවල් ෆිල්ම් එකක් වගේ මතකයට ආවේ කොල්ලාගේ මූන ලැජ්ජාවෙන් රෝස පැහැයට හැරෙද්දී තාමත් තමන්ව තුරුල් කරගෙන නින්දක ඉන්න ජන්කූක් දිහා බැලුවා

ජන්කූක් දිහා බලපු ටේහ්‍යුන් යටි තොල හපාගෙන කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගත්තා ඊයේ රෑ ජන්කූක්ගේ තොල් එයාගේ ඇග පුරා ගමන් කරපු හැටි මතක් වුනාම ජන්කූක්ගේ පපුවට තොල් තද කලා ඊට පස්සේ ඔලුව උස්සලා ජන්කූක්ගේ ආඩම්බරකාර මූන දිහා බලලා හිනා වුනා ඒත් එක්කම ටේහ්‍යුන්ගේ ඉනවටේ එතිලා තිබුණු ජන්කූක්ගේ අත තද වුනා

" ජන්කුකී...."

ටේහ්‍යුන් තොල් උල් කරගෙන මිමිනුවා

" මාව ආපහු අවුස්සගන්න ද ඕන බේබි.."

ඇස් පියාගෙනම ජන්කූක් කොල්ලාගේ බට් චීක්ස් වලට slap කරලා ඇහුවාම ටේහ්‍යුන් ජන්කූක්ට තුරුල් වුනා ටේහ්‍යුන්ගේ හැසිරීමට හිනා වුනු ජන්කූක් කොල්ලාගේ ඔලුව අතගාලා ටේහ්‍යුන්ගේ හිස් මුදුනට කිස් එකක් තැවරුවා

" Good Morning baby.."

" Good Morning jungkookie.."

ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් කොල්ලාගේ තොල් වලට පෙක් එකක් තිබ්බා

" ඊයේ රෑ...."

" යාහ්හ්හ්... ජන්කුකී ඒක මතක් කරන්න එපා "

ටේහ්‍යුන් හයියෙන් කෑගහලා කිව්වාම ජන්කූක් හිනා වුනා

" ඊයේ රෑ ඔහොම ලැජ්ජාවක් තිබුණේ නැ නේ බේබි.."

ජන්කූක් කොල්ලාගේ මූනට එබිලා කිව්වාම ටේහ්‍යුන් ජන්කූක්ගේ පපුවට පාරක් ගැහුවා

" නිකන් ඉන්නකූ ජන්කුකී ම්ම්හ්.."

" අයිෂ් මේ කොල්ලාගේ ලැජ්ජාව... කම්බුල් හිට රතු වෙලා "

ටේහ්‍යුන්ගේ කම්බුල් මිරිකන ගමන් කිව්වා

" අපි වොෂ් එකක් දාගන්න යන්.."

" ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න ජන්කුකී මම පස්සේ යන්නම්.."

ටේහ්‍යුන් කිව්වාම කොල්ලා ඇහිබම අකුලගත්තා

" මගෙන් මුකුත් අහගන්නේ නැතුව වරෙන් යන්න "

දෙන්නා පොරවගෙන හිටපු බ්ලැන්කට් එකත් අයින් කරන ගමන් ජන්කූක් කිව්වා කොල්ලා ඇදෙන් බැස්සාම ටේහ්‍යුන් හැකරැල්ලෙක් වගේ ඇදේ ගුලි වුනේ එයාගේ නිරුවත් ශරීරය වහගන්න අසාර්ථක උත්සාහයක යෙදෙමින් ටේහ්‍යුන් දිහා කට කොනින් හිනාවක් එක්ක ජන්කූක් බලාගෙන හිටියා ජන්කූක් තියපු සලකුණු කොල්ලාගේ ඇගේ හොයාගන්න නැති තැනක් නැ ඒවා දකිද්දී ජන්කූක්ගේ හිතට ආඩම්බරකාරී හැගීමක් දැනුනේ දැන් ටේහ්‍යුන් අයිති කියන තමන්ට කියලා මතක් වෙද්දී

" මොකද තමුසේ හැකරැල්ලෙක් වගේ ගුලි වෙන්නේ දකින්න ඕන ඔක්කොම ඊයේ රෑ දැක්කා තමුසෙත් කිසි ලැජ්ජාවක් නැතුව හිටියේ දැන් ඔක්කොම ඉවර වුනාට පස්සේ ලැජ්ජ වෙනවා උබේ තනිකර බොරුව නේ විකාර නොකර මෙහෙ වරෙන් වොෂ් එකක් දාගෙන යන්න ඕන ගෙවල් වල මිනිස්සු බය වෙලා ඇති "

ජන්කූක් ගෙවල් වල මිනිස්සු මතක් කරද්දී තමයි ටේහ්‍යුන්ට මතක් වුනේ එයාට පපා කෙනෙකුයි අප්පා කෙනෙකුයි කියලා දෙන්නෙක් ඉන්නවා කියලා

" යාහ්හ්..ජන්කුකී එහාට වෙනවා පපා බය වෙලා දැන් හනුමන්තා වගේ සෝල් වලට ගිනි තියෙනවා ඇති "

ටේහ්‍යුන් එහෙම කියන ගමන් කලබලයෙන් ඇදෙන් බහින්න ගියත් ආපහු ඇද මත ඉන්දුනේ යටිකයෙන් දැනුනු වේදනාව නිසා

" මගේ පවර් එක තමයි බේබි.."

ජන්කූක් හෙන ගැම්මෙන් කියද්දී ටේහ්‍යුන්ට යකා අවේස වුනා

" මේ ජන්කූක් මම තමුසෙගේ ඔය දිගට එල්ලෙන සර්පයා කපලා දාන්න කලින් මාව වඩාගන්නවා මනුස්සයෝ.."

ටේහ්‍යුන් යටි බඩත් අල්ලාගෙන කෑගහද්දී ජන්කූක් හිනා වෙවී කොල්ලව වඩාගෙන වොෂ් රූම් එකට ගිහින් බාත් ටබ් එකට හොට් වෝටර් පුරවලා කොල්ලව බාත් ටබ් එක ඇතුලින් තිබ්බා ඊට පස්සේ එයත් බාත් ටබ් එකට බැහැලා ටේහ්‍යුන්ව පිටිපස්සෙන් බදාගෙන කොල්ලාගේ යටි බඩ හිමින් පිරිමැද්දා හොට් වෝටර් වලින් වගේම ජන්කූක් යටි බඩ අතගානකොට දැනෙන සනීපයට ටේහ්‍යුන් කොල්ලා උරහිසට ඔලුව බර කරගත්තා

" තමුසෙට ගොඩක් රිදෙනවා ද බේබි..?"

පුංචි පුංචි තෙත හාදු කිහිපයක් ටේහ්‍යුන්ගේ උරහිස මත තවරමින් ජන්කූක් ඇහුවා

" දැන් අඩුයි ජන්කුකී.."

තවත් ජන්කූක්ට තුරුල් වෙන ගමන් ටේහ්‍යුන් මිමිනුවාම කොල්ලාගේ කම්බුලකට ජන්කූක් තොල් තද කලා

" තමුසෙට නේ බේබි එක රවුන්ඩ් එකක් මදි වුනේ "

ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් කොල්ලාගේ අත කෙනිත්තුවා

" ආව්...! මේකා කොටි පැටියෙක් ද කොහෙද..? මගේ මුලු ඇගම සූරලා යකෝ "

ජන්කූක් කෑගහලා කියද්දී ටේහ්‍යුන් කට අතින් වහගෙන හිනා වුනා ජන්කූක්ගේ dirty talk ටේහ්‍යුන්ගේ රැවුම් හිනා හඩවල් මැද්දේ දෙන්නා එක්ක වොෂ් එකක් දාගෙන ආවා ඇද උඩින් වාඩිවෙලා හිටපු ටේහ්‍යුන් බිම වැටිලා තිබුණු එයා ඇදගෙන හිටපු සුදු පාට ශර්ට් එක අරගෙන ජන්කූක් දිහා රවලා බැලුවා

" බලනවා ජන්කුකී තමුසේ කරපු වැඩේ මම මේ ශර්ට් එක පාරයි ඇන්දේ හූම් දැන් මම ඇදගෙන යන්නේ මොකද්ද මිනිහෝ.."

ටේහ්‍යුන් අතේ තිබුණු ශර්ට් එකෙන් ඇදුම් අදින ගමන් ඉන්න ජන්කූක්ට ගහලා කිව්වා

" අයියූ බේබි කේන්ති ගන්න එපා ඔය එක ශර්ට් එකට ශර්ට් දාහක් ගෙනත් දෙන්නම්.."

" ශර්ට් දාහක් ඕන නැ එක ශර්ට් එකක් ගෙනත් දීපන් මට ගෙදර යන්න "

ටේහ්‍යුන් රවාගෙන කෑගහද්දී ජන්කූක් හිනා වෙවී එයාගේ ඇදුම් ඇදගෙන කේන්ති ගිහින් ඉන්න කොටි පැටියාගේ කම්බුලක් කිස් කලා

" මම ගිහින් එනක්ම් කොහෙවත් යන්න එපා "

ටේහ්‍යුන් කොහෙද යන්නේ කියලා අහන්නත් කලින් ජන්කූක් ගිහිල්ලා ඉවරයි තොල් උල් කරගත්ත ටේහ්‍යුන් එයාගේ ඇදුම් ඇදගන්නා ටිකකින් ජන්කූක් කොල්ලාට ටී ශර්ට් එකක් අරගෙන ඇවිත් ඇන්දුවා දෙන්නා එක්ක ක්ලබ් එකෙන් යන්න පිටත් වුනා ටේහ්‍යුන් එක්ක kim mansion එකට ඇතුලු වුනු ජන්කූක්ට දැකගන්න පුලුවන් වුනේ සෝස්පන් එකකුත් අතේ තියාගෙන දොර දිහා බලාගෙන ඉන්න එයාගේ ආදරනීය මාමන්ඩිය

රටේ ලෝකේ නැති බොරු ගොඩක් ජින්ට කිව්ව කොල්ලෝ දෙන්නා අනු නවයයි තුන් කාලෙන් ජින්ගේ දිලිසෙන සෝස්පන් රාජායාගෙන් බේරුනා කොල්ලාගේ දෙන්නා කියපු ජාත්‍යන්තර බොරුවල තරම කියනවා නම් අපායේ ගලුත් පැලුනා ලු

____________________________

මේ අතරේ යුංගි ජිමින්ව ගෙදරින් ඩ්‍රොප් කරන්න ගියා එදා සිද්ධියෙන් පස්සේ යූරාව අස් කලා ඒකට මිස්ටර් මින් පවා මුකුත් නොකිව්වේ යූරාගේ මේ වගේ හැසිරීම් ගැන කම්පේන් ගොඩක් එයාට ඇවිත් තිබුණු නිසා යුංගි ජිමින්ගේ ඔක්කොම ණය ගෙව්වා හැබැයි යුංගි ආපහු සල්ලි ගන්න කැමති වෙන්නේ නැති නිසා ජිමින් කම්පැනි එකේ නොමිලේ වැඩ කලා මහ ලොකු වැඩක් නම් නෙවෙයි යුංගිගේ ඔලුව මසාජ් කරන එක කොල්ලාට කවන පොවන එක වගේ වැඩ තමයි ජිමින්ට කරන්න සිද්ධ වුනේ ඊට වඩා වැඩක් කරනවාට යුංගි කැමති වුනේ නැ

හැමදාම උදේට යුංගි එක්ක ඔෆිස් එකට යන ජිමින් හවසට යුංගි කොල්ලව ගෙදර ලගින්ම ඩ්‍රොප් කරන්න අමතක කලේ නැ වෙනදා ඔෆිස් එක පැත්ත පලාතේ යන්න අකමැති යුංගි දැන් හෙන ආසාවෙන් උදේම නැගිටලා රෙඩි වුනා

ඉතින් අදත් ඒ වගේ දවසක් යුංගිගේ වාහනය ජිමින්ගේ පුංචි ගේ ඉස්සරහින් නැවැත්තුවාම යුංගි කොල්ලාගේ පැත්තට හැරුනා ඒ වෙනකොටත් ජිමින් යුංගි දිහා බලාගෙන හිටියා

" මම යන්නම් යූන්.. පරිස්සමින් යන්න හරි ද..?"

යුංගිගේ කම්බුලක් පිරිමදින ගමන් ආදරේ පිරුණු ඇස් වලින් කියද්දී යුංගි ජිමින්ගේ අත අල්ලාගෙන කොල්ලාගේ අත්ල මතින් කිස් එකක් තිබ්බා

" යවන්න ලෝභයි වගේ "

යුංගි කිව්වාම ජිමින් හිනා වුනා

" එහෙනම් යවන්න එපා "

ජිමින් යුංගිගේ මූනට එබිලා කිව්වා

" ඔහොම කියද්දී නම් උස්සගෙන යන්න හිතෙනවා "

යුංගි කිව්වාම ජිමින්ගේ හිනාව වැඩි වුනා

" මම යන්නම්.."

යුංගිගේ කම්බුලක් කිස් කරපු ජිමින් කා එකෙන් බැස්සාම යුංගිත් බැහැලා ඇවිත් ජිමින්ගේ ඉන වටේ අත් ඔතාගෙන කොල්ලව ලගට ඇදලා ගත්තාම ජිමින් යුංගිගේ පපුවට තුරුල් වුනා

" මොකද කරන්නේ අනේ "

ජිමින් කලබලයෙන් වටපිට බලන ගමන් ඇහුවා මොකද මේ වෙලාවට එයාගේ ඔම්මා ශොප් එක වහලා ගෙදර එන ටයිම් එක ඒ නිසා තමයි ජිමින් කලබල වුනේ

" තමුසෙව දාලා යන්න බැ කියුටී..."

ජිමින්ගේ නලලට යුංගිගේ නලල තියාගත්ත යුංගි කිව්වා

" මම ආපහු හෙට එනවා නේ පූසෝ."

ජිමින් කිව්වාම යුංගි කොල්ලාගේ තොල් වලට පෙක් එකක් තිබ්බා

" තව පැය දහයක් වගේ තියෙනවා හෙට කියුටීව හම්බවෙන්න.... මට ඉන්න බැ "

යුංගි තොල් උල් කරගෙන කියද්දී ජිමින් හිනා වුනා

" විකාර නොකර ගෙදර යන්න යූන් "

ජිමින් කොල්ලව තල්ලු කරන ගමන් කිව්වා ඒත් එක්කම ජිමින්ව ඇදල ගත්ත යුංගි ආදරනීය හාදුවකට මුල පිරුවා යුංගිගේ වැඩ වලට හිත යටින් හිනා වෙන ගමන් ජිමින් කොල්ලව කිස් බැක් කලා

තත්පර කිහිපයකින් හාදුවෙන් ඈත් වුනු යුංගි ජිමින්ගේ කම්බුල් දෙකට අත් තියලා කොල්ලාගේ නලලට ආදරනීය හාදුවක් තියන්න අමතක කලේ නැ

" මම ගිහින් එන්නම් හරි ද..? පරිස්සමින් ඉන්න "

" ඔයත් පරිස්සමින් යන්න ගිහින් අමතක නොකර මැසේජ් එකක් දාන්න.."

යුංගිගේ අතක එල්ලුනු ජිමින් කිව්වා

" හරි හරි කියුටී.."

ජිමින්ගේ කොන්ඩේ අවුස්සලා යුංගි කිව්වා

" බායි.."

ජිමින් දිහා බලාගෙන පස්සෙන් පස්සට ගියපු යුංගි කා එකට නැග්ගා ආපහු ජිමින් දිහා බලපු යුංගි කොල්ලාට අතත් වනලා යන්න ගියා යුංගිගේ කා එක නොපෙනී යනකම් හිනාවක් එක්ක බලාගෙන හිටපු ජිමින් හැරුණේ ගෙදර යන්න වුනත් එතැන ඉන්න කෙනා දැක්කාම කොල්ලාගේ හිනාව අතුරුදහන් වුනේ

" ඔම්මා.."

ජිමින් මිමිනුවා තමන් දිහා තරහින් බලාගෙන ඉන්න ඔම්මා දැක්කාම ජිමින්ට තේරුනා ඔම්මා ඔක්කොම දැකලා තමයි කියලා

" ඇතුලට යමු.."

ජිමින්ගේ ඔම්මා එහෙම කියලා ඉස්සර වෙද්දී ජිමින් හුස්මක් පහත හෙලලා ඔම්මාගේ පස්සෙන් ගියා දොරත් ඇරගෙන ඇතුලට ගියපු ජිමින්ගේ ඔම්මා අතේ තිබුණු බඩු මල්ල මේසේ මතින් තියලා කොල්ලා දිහාට හැරුනා

" මම දැක්කේ මොකද්ද කියලා පැහැදිලි කරන්න පුලුවන් ද ජිමින්.."

ජිමින්ගේ ඔම්මා අත් දෙකත් බැදගෙන කොල්ලා දිහා බලාගෙන ඇහුවා

" ඔම්මා.."

",මම දෙයක් ඇහුවා ජිමින්.."

ජිමින්ගේ ඔම්මා කේන්තියෙන් ඇහුවා

" ඒ මගේ බෝයිෆෙන්ඩ් ඔම්මා "

ජිමින් බිම බලාගෙන සිහින් හඩකින් කිව්වා

" පොහොසත් කොල්ලෙක් වගේ "

ජිමින්ගේ ඔම්මා අමුතු විදියට කිව්වා

" ම්ම්ම් එයාගේ අප්පාට තමයි Min Industries අයිති.."

ජිමින් එහෙම කියනවත් එක්ක ජිමින්ගේ ඔම්මා හයියෙන් මේසෙට ගැහුවේ මෙතෙක් වෙලා බිම බලාගෙන හිටපු කොල්ලා ගැස්සිලා යද්දී

" තමුන්ට මොලයක් නැද්ද ජිමින් ඒ වගේ ලොකු පවුලක කොල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තේ ආ ඒ කොල්ලා සමහරවිට තමුන්ව පාවිච්චි කරනවා ඇති නැත්නම් අපි වගේ මධ්‍යම පන්තියේ කෙනෙක්ට ආදරේ කරයි පොඩ්ඩක් හිතන්න බැරි ද.."

" ඔම්මා එයා එහෙම කෙනෙක් නෙවෙයි යුංගි මට ආදරෙයි ඔම්මා මට ඒක තේරෙනවා "

ජිමින් කදුලු පුරවගෙන කියද්දී ජිමින්ගේ ඔම්මා හුස්මක් පහත හෙලුවා

" එයා ඔයාට ආදරේ ඇති දරුවෝ ඒත් ඒ දරුවාගේ ඔම්මා අප්පා මේකට කැමති වෙයි කියලා හිතනවා ද ඒ මිනිස්සු එක්ක අපිට පෑහෙන්න බැ ජිමින් ඒක තේරුම් ගන්න අද මම ඔය දෙන්නා දැනගත්තා වගේ හෙට ඒ අය දැනගත්තොත් අනිවාර්යයෙන් ඔය සම්බන්ධය නවත්තන්න වෙනවා තවත් දුර දිග යන්න කලින් ඔයාලා වෙන් වෙන එක තමයි හොදම දේ නැත්නම් ඔය දෙන්නාටම ජිවිත කාලේම දුකින් ඉන්න වෙන්නේ ඔයා ආදරේ කරන්නේ කොල්ලෙක්ට නිසා මම මෙහෙම කියනවා කියලා හිතන්න එපා ජිමින් ඔයාගේ කොල්ලා ඉන්න තැන කෙල්ලෙක් හිටියාත් මම ඔයාට කියන්නේ මේ ටික තමයි අරස්සෝ....?"

ජිමින්ගේ ඔම්මා කිව්වාම කොල්ලා ඔලුව වැනුවා ඇරෙන්න මුකුත් කිව්වේ නැ ජිමින්ගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන යද්දී කොල්ලා බිම බලාගෙන රූම් එකට ගිහින් දොර වහලා දොරට හේත්තු වෙලා බිම ඉදගත්තා කකුල් දෙකත් පපුවට තුරුල් කරගත්ත ජිමින් ඇඩුවා එයා මේ දේ බලාපොරොත්තු නොවුනාම නෙවෙයි මොකද යුංගි ජිමින් කියන්නේ පවුල් පරිසරය එක්ක ගත්තාම අහසට පොලොව වගේ ඉතින් ජිමින්ගේ ඔම්මා එහෙම කතාවක් කියන එක සාධාරණයි

ඒ වෙලාවේ ජිමින්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා කොල්ලා අඩන ගමන් ෆෝන් එක ගත්තේ මැසේජ් එක එව්වේ කවුද කියලා හොදටම දන්න නිසා කදුලු පිහිදගත්ත ජිමින් ෆෝන් එක ඔන් කලා lock screen එකේ තිබුණු ඒ දෙන්නාගේ ෆොටෝ එක දැකලා කොල්ලාට හීල්ලුනා යුංගිගේ චැට් එක ඕපන් කරපු කොල්ලා යුංගි එවපු මැසේජ් එක දිහා බලාගෙන හිටියා

" මම ගෙදර ආවා කියුටී... මට ඔයාව මතක් වෙනවා😪💔"
7.23 PM

බොද වුනු ඇස් වලින් කොල්ලා එවපු මැසේජ් එක දිහා බලාගෙන හිටියා මිසක් ජිමින් රිප්ලයි කරේ නැ

" මොකද කියුටී සීන් කරලා රිප්ලයි නොකරන්නේ.."
7.25 PM

" මටත් ඔයාව ගොඩක් මතක් වෙනවා යූන්🥺"
7.26 PM
Seen

ජිමින් කදුලු පුරවගෙන වෙව්ලන අත් වලින් මැසේජ් එක ටයිප් කරලා සෙන්ඩ් කලා

" හෙට අපි හම්බවෙනවා නේ කියුටී.. කාලා නිදාගන්න හරි ද..?"
7.28 PM

" හ්ම්ම් හලි... ඔයත් කාලා දොයියගන්න ඕන 😽"
7.29 PM
Seen 

" I Love You Cutie❤️"
7.30 PM

ඒ මැසේජ් එක දැකලා ජිමින්ගේ මූනට ඉබේම හිනාවක් ආවා

" I love you too🥺❤️"
7.32 PM
Seen

" තමුසේ හිතනවාට වඩා මම තමුසෙට ආදරෙයි කියුටී😒"
7.33 PM

" හරි හරි මහත්තයෝ දැන් ගිහින් වොෂ් එකක් දාගන්න හඩ්ඩා වගේ ඉන්නේ නැතුව "
7.33 PM
Delivered

ෆෝන් එක කබඩ් එක උඩින් තියපු ජිමින් වොෂ් එකක් දාගෙන ගියේ වොෂ් එකක් දාගෙන එනකොට අනිවාර්යයෙන් යුංගිගෙන් මැසේජ් එකට රිප්ලයි තියෙනවා කියලා දන්න නිසා 

To be continue.................♡︎

🌝👉👈

Bạn đang đọc truyện trên: AzTruyen.Top