41 • 𝙲𝚕𝚞𝚋 •
දින සති ගෙවිලා ගියේ ටේකුක් දෙන්නා තවත් ආදරෙන් ලං වෙද්දී ටේකුක් දෙන්නාගේ relationship එක ගැන හේවොන් දන්නවා හේවොන් ජන්කූක්ට දහසක් උපදෙස් දීලා තමයි සම්බන්ධයට කැමැත්ත ප්‍රකාශ කලේ ටේහ්‍යුන්ගේ ගතිගුණ වලට කොහොමත් හේවොන් කැමතියි ජන්කූක් කොච්චර හේවොන් ලග හුරතල් වුනත් අනිත් අය ඉස්සරහ තද ගතිගුණ තියෙන කියලා ජන්කූක්ගේ ඔම්මා වුනු හේවොන් දන්නවා ඒ නිසා ටේහ්‍යුන්ගේ හිත රිද්දන වැඩ කරන්න එපා කියලා හේවොන් කිව්වා
මේ වෙලාවේ ජන්කූක් හිටියේ kim mansion එකේ ටේහ්‍යුන්ව එයාගේ යාලුවෙක්ගේ birthday party එකකට එක්කගෙන යන්න ජින් කොල්ලාට යන්න අවසර දුන්නේ ජන්කූක් එක්ක යන නිසා ඉතින් ටේහ්‍යුන් රෙඩි වෙලා එනකම් ජන්කූක් living room එකේ couch එකේ වාඩිවෙලා ෆෝන් එක ඔබන ගමන් හිටියා
ටික වෙලාවකින් කවුරුහරි පඩිපෙළ බැහැගෙන එන සද්දයක් ඇහුනාම ජන්කූක් ඔලුව උස්සලා බැලුවා පඩිපෙළ බැහැගෙන එන සුරදූතයා දකිද්දී ජන්කූක්ගේ කට භාගෙට ඇරුනා කොල්ලාගේ අතේ තිබුණු ෆෝන් එක තව පොඩ්ඩෙන් බිම වැටෙනවා ජන්කූක් ඉබේටම couch නැගිටලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියේ වශි වෙලා වගේ
ඔව් ඇත්තෙන්ම ටේහ්‍යුන් ලස්සනයි දිව්‍යලෝකයෙන් බැහැපු සුරදූතයෙක් වගේ කියන්න කිසිම අඩුවක් නැති දකින ඕනම කෙනෙක්ගේ නෙත් සිත් වසග කරන දිව්‍යමය සුන්දරත්වයකට හිමිකම් කිව්වා මේවාට තමයි කියන්නේ දෙවියෝ නිදහසේ නිස්කලංකව මවපු රූප කියලා
පඩිපෙළ බැහැගෙන ආපු ටේහ්‍යුන් ජන්කූක් ඉදිරියේ නතර වුනා ජන්කූක් තාමත් කොල්ලාගේ රූපේ අතරමං වෙලා හිටියේ ටේහ්‍යුන් ජන්කූක්ගේ ඇස් ඉදිරියේ අතක් එහෙ මෙහෙ කරද්දී තමයි කොල්ලා මේ ලෝකෙට ආවේ
" හේයි මිස්ටර් ජියෝන් කොහෙද අතරමං වුනේ..?"
ටේහ්‍යුන් හිනාවක් එක්ක ඇහුවා ටේහ්‍යුන්ගේ වයිට් කලර් outfit එකට මැච් වෙන්න ජන්කූක් බ්ලැක් කලර් outfit එකකින් සැරසිලා හිටියා ජන්කූක්ගේ ඇස් තාමත් ටේහ්‍යුන්ගේ ලග නතර වෙලා තිබුනා කොල්ලාට ටේහ්‍යුන්ගෙන් ඇස් අහකට ගන්න හිත දුන්නේ නැ
" පාටියට යන්නම ඕන ද බේබි.."
ජන්කූක් ඇහුවාම ටේහ්‍යුන් ඇහිබම අකුලගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා
" වේ...?"
" මට බේබිව පරිස්සම් කරනවාට වඩා දෙයක් නම් කරන්න හම්බවෙන්නේ You're soo beautiful my love.. මට ලෝභයි "
ටේහ්‍යුන් දිහා බලාගෙන කියද්දී කොල්ලාගේ කම්බුල් රත් පැහැයට හැරුනා ජන්කූක් කොල්ලව වර්නනා කරන හැම මොහොතකම ටේහ්‍යුන්ගේ කම්බුල් රත් පැහැයට හැරුනා
" නිකන් ඉන්න ජන්කුකී ම්හ්.."
කොල්ලා කිය්ද්දී ජන්කූක් හිනා වෙලා ටේහ්‍යුන්ගේ නලලට කිස් එකක් දුන්නා
" බේබි.. අපි රූම් එකට යන්.."
" ඒ මොකටද..?"
තොල් තෙත් කරපු ජන්කූක් ටේහ්‍යුන්ගේ කනට ලං වුනා ජන්කූක් ඕතර්ට ඇහෙන්නේ නැති වෙන්න රහසින් කියපු දෙයක් නිසා ටේහ්‍යුන්ගේ කම්බුල් තවත් රතු වුනා
" යාහ්හ්හ්... ජන්කුකී... තවුසේ මගෙන් ගුටි කනවා "
ජන්කූක්ගේ පපුවට අත් තියලා කොල්ලව තල්ලු කරපු ටේහ්‍යුන් කෑගැහුවා ජන්කූක් හිනා වෙවී ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා මේ දිහා ඈත ඉදන් ජින් බලාගෙන හිටියේ සතුටින් එයාගේ ටේ බෙයාට ගැලපෙනම කෙනා හම්බවෙලා කියලා ජින් අද සතුටු වුනත් අනාගතේ දී ජින් මේ ගැන දුක් වෙන්නත් පුලුවන්
",ඒ දෙන්නා perfect couple එකක් ජුනී.."
එයාගේ කරට අතක් දාගෙන ඉන්න නම්ජූන්ට ජින් කිව්වා
" අපි දෙන්නා වගේ තමයි "
ජින්ගේ කම්බුලක් සිපගත්ත නම්ජූන් කිව්වා ජින් ටේකුක් දිහා බලාගෙනම නම්ජූන්ගේ පපුවට තුරුල් වුනා අවසානෙට නම්ජින් දෙන්නාට සමුදුන්නු ටේකුක් mansion එකෙන් පිටත් වුනා පාටිය තිබුණේ සෝල් වල තිබුණු ක්ලබ් එකක ටේහ්‍යුන් ක්ලබ් එකේ පාටිය තියෙන්නේ කියලා දැනගත්තාට පස්සේ යන්න ටිකක් අදිමදි කලත් ජන්කූක් ඉන්න නිසා බය වෙන්න දෙයක් නැති කොල්ලා කැමති වුනා
ක්ලබ් එක ලගට ආපු ජන්කූක් ටේහ්‍යුන්ගේ අතින් තද් කරලා අල්ලාගෙන ක්ලබ් එක ඇතුලට ගියා පාට පාට බල්බ් කන් අඩි පැලෙන ඩිස්කෝ සංගීතයට ඩාන්ස් කරන කෙල්ලෝ කොල්ලෝ එක එක වර්ගයේ බීම වර්ග හැමදෙයක් දිහාම ටේහ්‍යුන් ඇස් බෝල කරගෙන බැලුවා ටේහ්‍යුන් ක්ලබ් එකකට ආපු පලවෙනි වතාව ඉතින් මේක කොල්ලාට අලුත් අත්දැකීමක් වුනා
" මගේ ලගින්ම ඉන්න බේබි ම්ම්.."
ජන්කූක් කොල්ලාගේ අත තදින් අල්ලාගෙන ටේහ්‍යුන් ඔලුව වැනුවා දෙන්නාත් එක්ක ක්ලබ් එක ඇතුලට ගියා
" හේයි බ්‍රෝ...."
ජන්කූක් ඒ පැත්ත බලද්දී දැක්කේ හැන්සම් කොල්ලෙක් එයාට අත වනමින් එයාගේ පැත්තට එනවා ඒ කොල්ලා දැක්ක ගමන් ජන්කූක් හිනා වුනා
" අඩෝ ජැකියා....happy birthday bro.."
සයිඩ් හග් එකක් දෙන ගමන් ජන්කූක් කිව්වා
" අම්බෝ උබව දැක්ක කල් අහ්.. කොල්ලා තවත් හැන්ඩියා වෙලා "
ජන්කූක්ගේ බඩට පාරක් ගැහුව ජැක්සන් කියද්දී කොල්ලා හිනා වුනා
" අපිව දකින්න උබ මෙහේ ඉන්න එපැයි ඔක්කොම දමලා ගහලා පවුල් පිටින් ගියා නේ ඕස්ට්‍රේලියා "
ජන්කූක් රවාගෙන කිව්වා
" අඩෝ උබ දන්නවා නේ බන් අපේ අප්පාගේ හැටි ඒක නෙවෙයි කවුද මේ කියුට් කොල්ලා අහ්.."
ජැක්සන් ඇස් නටවන ගමන් අහද්දී ජන්කූක් කොල්ලාගේ ඉන වටේ අතක් යවලා තමන්ට ලං කරගත්තා
" මේ මගේ බෝයිෆෙන්ඩ් කිම් ටේහ්‍යුන්..."
ටේහ්‍යුන් දිහා බලාගෙන ජැක්සන්ට කොල්ලව හදුන්වලා දුන්නා ජන්කූක් තමන්ව එයාගේ බෝයිෆෙන්ඩ් විදියට හදුන්වා දුන්නාම කොල්ලාගේ කම්බුල් රතු වුනා ලයිට් වල එලිය එක්ක ඒ තරම් ටේහ්‍යුන්ගේ රතු වුනු කම්බුල් ජන්කූක්ට නොපෙනුනත් ජන්කූක් අනුමාන කලා කොල්ලාගේ කම්බුල් අනිවාර්යයෙන් රතු වෙලා ඇති කියලා
" ඔහ්....! ඒකත් ජයසිරි මංගලම් වෙඩිමට ඉන්වයිට් කරපන් ස්තූති කතාව මං කරන්නේ"
ජැක්සන් ගැම්මෙන් කියද්දී ටේහ්‍යුන් කට ඇරගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා
" මාව හදුන්වලා දෙන්න බැරි වුනා නේ ඕයි කුක්කා මේ තමුසේ කියුටී බෝයිෆෙන්ඩ්ට මාව අදුන්වලා දීපන් ඇට කෙසෙල් ගිලපු උගුඩුවා වගේ ඉන්නේ නැතුව "
ජැක්සන් කිව්වාම ටේහ්‍යුන්ට හිනා යන්න ආවත් තොල් තද කරගෙන හිටියේ හිනා වෙලා එයාගේ හා කොල්ලව නෝන්ඩි කරන්න ඕන නැති නිසා
" බේබි මේ මගේ යාලුවා ජැක්සන් වැන්ග්.."
" Nice to meet you ජැක්සන්.."
" Me too.."
ජැක්සන් ටේහ්‍යුන් අතට අත දෙන ගමන් කිව්වා ජැක්සන් ටේහ්‍යුන්ගේ අත අල්ලාගෙන ඉන්නවා දකිද්දී ජන්කූක්ගේ ඇහිබම රැලි වුනා
" ඔය අත් අල්ලාගෙන හිටියා ඇති.."
ටේහ්‍යුන්ගේ අත ඇදලා අරගෙන ජන්කූක් ජැක්සන් දිහාට රවන ගමන් කිව්වා
" ඔහ්... ඔයාට ජෙලස් ද මිස්ටර් කුක්සන්.."
ජැක්සන් ජන්කූක්ගේ උරහිසේ හැප්පෙන ගමන් කිව්වාම ජන්කූක් රැව්වා
" වදයක් නොවි පලයන් යන්න "
ජැක්සන්ව තල්ලු කරලා ජන්කූක් කිව්වා
" ඕකේ බොසා... උබ මේ කියුට් කොල්ලා එක්ක කරගන්න දෙයක් කරගන්නකෝ "
ජන්කූක්ට ඇහැක් ගහපු ජැක්සන් ටේහ්‍යුන්ට යනවා කියාගෙන ගියා
" එයා හරි ශෝයි නේ "
ජැක්සන් යන දිහා බලාගෙන ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් කොල්ලටත් රැව්වා
" ඌ විතර ද ශෝයි.."
ජන්කූක් ඇහුවාම ටේහ්‍යුන් එයාගේ ජෙලි හා කුක්කා දිහා බැලුවා
" එයාට වඩා උයා ශෝයි අලේ.."
ජන්කූක්ගේ කම්බුලක් මිරිකලා තොල් උල් කරගෙන ටේහ්‍යුන් කිව්වා
" මෙහෙ වර යන්න "
ටේහ්‍යුන්ගේ කරට අතක් දාගෙන ජන්කූක් ක්ලබ් එකේ බාර් එක පැත්තට ගිහින් එතැනින් වාඩිවෙලා ටේහ්‍යුන්වත් ලගින් වාඩි කරගත්තා
" බේබි මොනාද ඕන "
" මුකුත් එපා ජන්කුකී.."
ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් ඔලුව වනලා විස්කි ග්ලාස් එකක් ගත්තා ටේහ්‍යුන් ඇස් වටේම යවන ගමන් බලද්දී ජන්කූක් විස්කි ග්ලාස් එක හිස් කරන ගමන් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා ක්ලබ් එකේ හිටපු ගොඩක් කෙල්ලෝ කොල්ලොන්ගේ ඇස් ජන්කූක්ට වගේම ටේහ්‍යුන්ටත් වැටිලා තිබුනා
ටික වෙලාවකින් හැමෝගෙම wishes මැද්දේ ජැක්සන් කේක් එක කපලා හැමෝටම කැව්වා ඊට පස්සේ කට්ටිය ඩාන්ස් කරන්න පටන් ගත්තා ටේකුක් දෙන්නා පැත්තකට වෙලා වාඩිවෙලා හිටියා ඔය වෙලාවේ කොටට ඇදගත්ත කෙල්ලෙක් ජන්කූක් ලගට ඇවිත් කොල්ලාගේ ඇගේ දැවටෙන්න ගත්තා ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන ජන්කූක් දිහා බලාගෙන හිටියේ දැන් නැතුවට දැන් ජන්කූක් කෙල්ලව එලවයි කියලා බලාපොරොත්තුවෙන්
ඒත් ජන්කූක් විස්කි ග්ලාස් එක හිස් කරන ගමන් හිටියා ටේහ්‍යුන්ගේ මූන බලාගෙන ඉදිද්දී අදුරු වුනා අර කෙල්ලත් ජන්කූක්ගේ කර වටේ අතක් දාගෙන ඉන්නවා
" Hey handsome..!"
සරාගී කටහඩකින් ඒ ගර්ල් කතා කරාම ජන්කූක් ඇස් කොනින් ටේහ්‍යුන් දිහාත් බලලා කෙල්ල දිහා බැලුවා
" Hey Baby.."
WTF..!! Baby..? හහ්.. මම විතරයි තවුසෙගේ බේබි ජන්කූක් කොහෙවත් ඉන්න කෙල්ලොන්ට බේබි ගාන්නේ..? මම තමුසෙට නියගලා අලයක් කවලා ඉගුරු දාපු තේ එකක් පොවලා ගහක බැදලා දිමි ගොට්ටක් ඇගට දාලා හන් ගගේ ගිල්ලනවා තවුසේ තාම මේ කිම් ටේහ්‍යුන් කවුද කියන්න දන්නේ නැ
ටේහ්‍යුන් ජන්කූක්ව මරන විදිය ප්ලෑන් කරන අතරේ ජන්කූක් කෙල්ල එක්ක ඩාන්ස් ෆ්ලෝ එකට ගිහින් ඉවරයි ටේහ්‍යුන් නිකන් පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගෑස් සිලින්ඩරයක් වගේ
" තමුසේ කොහොමද ජන්කූක් එහෙම කරන්නේ...?"
හිතට ආපු කේන්තියටත් එක්කම ටේහ්‍යුන් කොල්ලා භාගෙට බීලා ඉවර කරපු විස්කි ග්ලාස් එක බිව්වා ජන්කූක් කෙල්ල එක්ක ඩාන්ස් කරන විදිය බලාගෙන හිටපු ටේහ්‍යුන්ගේ ඇස් දුකින් වගේම කේන්තියෙන් පිරිලා තිබුනා ජන්කූක්ගේ බෙල්ල වටේ අත් ඔතාගත්ත කෙල්ල තවත් ජන්කූක්ට ලං වෙන විදිය ජන්කූක්ගේ අත් ඒ කෙල්ලගේ ඉනේ රැදිලා තියෙන විදිය බලාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ ඇස් අගින් කදුලක් කඩාගෙන වැටුනා
" හේයි ටේහ්‍යුන්..."
එයාගේ ලගට වයින් ග්ලාස් එකක් අතැතිව ආපු ජැක්සන් කොල්ලාට කතා කලා ටේහ්‍යුන්ගෙන් ප්‍රතිචාරයක් නැති තැන ජැක්සන් බැලුවේ කොල්ලා කොහෙද බලාගෙන ඉන්නේ කියලා ටේහ්‍යුන්ගේ ඇස් නැවතිලා තියෙන තැන දැක්කාම ජැක්සන් හුස්මක් පහත හෙලුවා
" මම හිතුවේ දැන්වත් ඌ වෙනස් වෙලා ඇති කියලා "
ජැක්සන් කතාවට මුල පුරන ගමන් ටේහ්‍යුන් ලගින් වාඩිවුනා
",ඒ කිව්වේ..."
මෙතෙක් වෙලා ඩාන්ස් ෆ්ලෝ එකේ රැදිලා තිබුණු ටේහ්‍යුන්ගේ ඇස් ජැක්සන් වෙතට එල්ල කරන ගමන් ඇහුවා
" උගේ අප්පාගේ හැටි ටේහ්‍යුන් දන්නවා ඇති නේ "
ජැක්සන් ඇහුවාම ටේහ්‍යුන් ඔලුව වැනුවා
" ඌට තේරෙන කාලේ ඉදලා දකිද්දී ඔම්මාගේ කදුලු අප්පා වෙන ගෑනියෙක් එක්ක නටන නාඩගම් තමයි ඒවා දැකලා තමයි මූ මේ විදියට හැදිලා තියෙන්නේ මම කැමති නැ ටේ මූ මුගේ අප්පා වගේ එකෙක් වෙනවා දකින්න හේවොන් ඔම්මාත් කැමති නැ හේවොන් ඔම්මාට කියලා ඉන්නේ ජන්කූක් විතරයි ටේ මම හිතනවා ඌව හරි පාරට ගන්න ටේට පුලුවන් වෙයි කියලා දැනටමත් උගේ සමහර ගතිගුණ වෙනස් වෙලා ඒකට හේතුව ටේ වෙන්න ඕන ඌව ඔයාගේ ලගින්ම තියාගන්න පොඩි සද්දයක් දාලා "
ටේහ්‍යුන්ට ඇහැක් ගැහුව ජැක්සන් ඩාන්ස් ෆ්ලෝ එක දිහා බලද්දී දැක්කේ මේ පැත්ත බලාගෙන ඉන්න ජන්කූක්ව
" ටේහ්‍යුන්...! ඔයාගේ එවිල් බෝයිෆෙන්ඩ්ට පාඩමක් උගන්නමු ද..?"
අමුතු හිනාවක් එක්ක ජැක්සන් ඇහුවා
" අහ්..?"
ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්ත ජැක්සන් ඩාන්ස් ෆ්ලෝ එකට ගියේ ඇස් කොනින් ජන්කූක් දිහාත් බලන්න අමතක නොකර ජැක්සන් ටේහ්‍යුන් එක්ක ඩාන්ස් කරනවා දකිද්දී අර කෙල්ලගේ ඉනේ රැදිලා තිබුණු ජන්කූක්ගේ අත් තද වුනා
" ටේ ඔහොම්ම ජන්කූක් දිහා බලන්න එකපාර බලන්න එපා යකෝ හිමින් බලපන් "
ඩාන්ස් කරන ගමන් ජැක්සන් ටේහ්‍යුන්ට ඇහෙන්න කිව්වාම කොල්ලා වටපිට බලනවා ජන්කූක් දිහා බැලුවාම දැක්කාම ඇස් රතු කරගෙන කුලප්පු වුනු කුලු මී හරකෙක් වගේ බලාගෙන ඉන්න ජන්කූක්ව කොල්ලාගේ බැල්ම දැක්කාම ටේහ්‍යුන්ට කෙලත් ගිලුනා
" තත්ත්වය භයානකයි වගේ ජැක්සන්.."
" ජැක්සන් කියන්න එපා බබා මට ජැකී කියන්න "
හරි සැහැල්ලුවෙන් ජැක්සන් කිව්වාම ටේහ්‍යුන් දත් තිස් දෙකම විරිත්තුවේ ජන්කූක්ගේ බැල්ම නිසා කොල්ලාට දැන්ම සුදු කොඩි පෙනෙද්දී
" අර යකා මාව කන්න වගේ බලාගෙන ඉන්නේ "
" ඉතින් හොදයි නේ ඒක තමයි වෙන්න ඕන තව පොඩ්ඩකින් ඇවිත් ඔයාව ඇදගෙන යයි "
ජැක්සන් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ට ලං වුනා
" මේ මොකද...?".
ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන ඇහුවා
" එකයි..."
" මොකා...?"
" දෙකයි..."
" මොනාද ග්නන් කරන්නේ...?"
" තව පොඩ්ඩකින් තේරෙයි ටේ..
තුනයි..."
ජැක්සන් කියලා ඉවර වෙනවත් එක්කම මෙතෙක් වෙලා ජැක්සන් එක්ක ඩාන්ස් කරමින් හිටපු ටේහ්‍යුන් ඇදිලා ගියේ හැඩිදැඩි පපුවකට
" සෝ සොරි ජැක්සන් උබට ඩාන්ස් කරන්න වෙන කෙනෙක් හොයාගන්න දැන් මගේ බේබිව මට ඕන "
ටේහ්‍යුන්ගේ ඉන වටේ අතක් යවමින් ජන්කූක් කිව්වා
" ඔහ් හරි හරි එක්කගෙන යන්න.."
ජැක්සන් කිව්වාම ජන්කූක් කොල්ලව එක්කගෙන ගියා
" ඔය යන විදියට ටේ පනපිටින් හිටියොත් ලොකු දෙයක් "
තනියම මුමුනපු ජැක්සන් ජන්කූක් එක්ක ඩාන්ස් කරමින් හිටපු ගර්ල් එක්ක ඩාන්ස් කරන්න ගත්තා
To be continue.................♡︎
ඉහික්
මට දොයිමතයි අලේ😪
Bạn đang đọc truyện trên: AzTruyen.Top