38 • 𝙻𝚘𝚟𝚎 •

කාලය ගත වුනේ ඇසිපිය ගහන වේගෙන් මේ කාලය ඇතුලත ටේකුක් දෙන්නා තවත් ලං වුනා ඒත් ටේහ්‍යුන් තාම ජන්කූක්ට වචනෙන් ආදරෙයි කිව්වේ නැ ජන්කූක් කොයිතරම් ආදරෙයි කිව්වත් ඒකට පිලිතුරු වශයෙන් ටේහ්‍යුන් හැමදාම ජන්කූක්ට සිනාවකින් සංග්‍රහ කලා කොල්ලත් ටේහ්‍යුන් කැමති දවසක ඒක කියයි කියලා බලාගෙන හිටියා

මේ ගෙවිලා යන්නේ ටේකුක් යූන්මින් හතර දෙනාගේම ස්කූල් ලයිෆ් එකේ අවසාන මාස තුන කිව්වොත් නිවැරදියි ටේහ්‍යුන් ජිමින් ෆයිනල් එක්සෑම් එකට පන දමාගෙන මහන්සි වෙලා පාඩම් කලා යුංගිත් ජිමින්ගේ බල කිරීමට ජිමින්ගේ පුංචි අතින් ගුටි කාලා කන් පිරෙන්න බැනුම් අහන්න බැරි නිසා පොතක් බැලුවා මිසක් කොල්ලාට ඒ ගැන වුවමනාවක් තිබ්බේ නැ

එතකොට අපේ කුක්සන් මහත්තයා ගැන කියලා ඊට වඩා වෙනසක් තිබ්බේ නැ ටේහ්‍යුන් කොල්ලාට කොච්චර කිව්වත් ජන්කූක් අහන්නේ නැ අන්තිමේ දී ජන්කූක් එයාලගේ ගෙදර එක්කගෙන ඇවිත් දෙන්නා එකට පාඩම් කරන්න ලෑස්ති වුනේ ඔයාලා හිතනවා ද දෙන්නා පාඩම් කරන්න ඇති කියලා පිස්සු ද් මිතුර පාඩම් කරන එක ඇරෙන්න ඔක්කොම කලා

" ටේ..."

ගානක් හදමින් හිටපු ටේහ්‍යුන්ට ජන්කූක් කතා කලා ඒත් කොල්ලා ගනන් ගන්නේ නැතුව ගාන හැදුවා ජන්කූක් කම්බුලට අතක් තියාගෙන මේසෙට බර වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා පාඩම් කරන්න ආවාට ජන්කූක් වැඩිපුරම කරේ ටේහ්‍යුන් දිහා බලාගෙන හිටපු එක

" බබා...!"

ජන්කූක් තව ටිකක් කොල්ලාට ලං වෙලා කතා කලා ඒත් ටේහ්‍යුන් ගනන් ගන්නේ නැති නිසා කේන්තියෙන් මේසෙට ගහලා මේසේ උඩින් ඔලුව තියාගත්තා ජන්කූක්ගේ කුකුල් කේන්තිය ගැන හොදටම දන්න නිසා ටේහ්‍යුන් යාන්තම් හිනා වෙලා ගාන හැදුවා

ගාන හදලා ඉවර කරපු ටේහ්‍යුන් එයාගේ කුකුල් කේන්තිකාර බෝයිෆෙන්ඩ් දිහා බැලුවා ටේහ්‍යුන් හිනාවක් එක්ක ජන්කූක්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා කොල්ලා ටේහ්‍යුන්ගේ අත අයින් කලා

" අයියූ... ජන්කුකී මම වැඩක නේ හිටියේ ඒක නේ ඔයා දිහා නොබැලුවේ.."

ටේහ්‍යුන් කොල්ලා මූනට එබිලා කිව්වාම ජන්කූක් ඔලුව උස්සලා කොල්ලාට රැව්වා

" දෙවියනේ... ජන්කූක් ඔච්චර කේන්ති ගන්න එපා "

ජන්කූක් මුකුත් නොකියා අහක බලාගෙන ඉන්න නිසා ටේහ්‍යුන් නැගිටලා ජන්කූක්ගේ ඔඩොක්කුවෙන් වාඩිවුනා ටේහ්‍යුන් කරපු වැඩේ හින්දා ජන්කූක් පොඩ්ඩක් ගැස්සුනා ටේහ්‍යුන් කේන්තියෙන් පුපුරමින් ඉන්න ජන්කූක්ගේ කම්බුල් මතින් අත් තියලා තමන්ගේ පැත්තට හරවගත්තා

" අනේ තරහ වෙන්න එපා ජන්කුකී...! එක්සෑම් නිසා මම stress වෙලා ඉන්නේ අනිත් එක ඔයා ආසාවට පොතක් බලන්නේ නැ මම ඔයාව මෙහේ ගෙන්න ගත්තේ පාඩම් කරන්න මිසක් විකාර නටන්න නෙවෙයි ගිය පාර ටර්ම් ටෙස්ට් එකේ එක සබ්ජෙක්ට් එකකටවත් ලකුණු 30 පන්නලවත් නැ ඔහොම ඉදලා කොහොමද ජන්කුකී ෆයිනල් එක ගොඩ දාගන්නේ..? හරි ඔයාට සල්ලි තියෙනවා අප්පාගේ කම්පැනි එක තියෙනවා එහෙම කියලා ඔයා ඉගෙනගන්නේ නැතුව කොහොමද ඒවා පාලනය කරන්නේ...? ඔයා ඒවා හිතුවේ නැ නේ "

ටේහ්‍යුන් ඔම්මා කෙනෙක් පොඩි දරුවෙක්ට දෙයක් තේරුම් කරනවා වගේ ජන්කූක්ට තේරුම් කලා

" මට අප්පාගේ කම්පැනිය ඕන නැ මම තනියෙන් මගේ මහන්සියෙන් කම්පැනි එකක් ඕපන් කරනවා "

කොල්ලාගේ ඉන වටේ අත් ඔතාගෙන ජන්කූක් කිව්වේ නොරිස්සුම් හඩකින්

" එහෙම කරන්න හරි ඔයා ඉගෙනගෙන තියෙන්න ඕන නේ මගේ මන්කි පැටියෝ.."

ටේහ්‍යුන් කොල්ලාගේ ඔලුවට ටොක්කක් ඇනලා කිව්වා

" මන්කි පැටියා...? මේ මම...? මෙච්චර හැන්සම් හොට් සෙක්සි මාව තමුසෙට පේන්නේ වදුරු පැටියෙක් වගේ ද..?"

ජන්කූක් ඇහිබමක් උස්සගෙන ඇහුවා

" අනියා..! කවුද ඔයාට වදුරු පැටියා කිව්වේ මම කිව්වේ මන්කි පැටියා කියලා "

ටේහ්‍යුන් හිනා වෙවී කියද්දී ජන්කූක් රවාගෙන කොල්ලාගේ ඉන කෙනිත්තුවේ ටේහ්‍යුන්ගේ හිනාව නතර වෙද්දී

",දැන් පාඩම් කරමු.."

කොල්ලා එහෙම කියලා ජන්කූක්ගේ උකුලෙන් බහින්න හැදුවේ ඒත් ජන්කූක් කොල්ලාට යන්න ඉඩ දුන්නේ නැ

" මොකද...?"

" කිස් එකක් දුන්නොත් පාඩම් කරන්නම්.."

ජන්කූක් හරි සාමකාමී විදියට කිව්වා

" අයිෂ්....ජන්කුකී.."

" මොකද තමුසේ කෑගහන්නේ...? කිස් එකක් විතරයි ඉල්ලුවේ ඊට වඩා දෙයක් ඉල්ලුවේ නැ නේ "

දගකාර හිනාවක් එක්ක ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් ඇහිබම ඇකිලුවා ජන්කූක්ට දැන් කිස් එකක් නොදුන්නොත් තමන්ට යන්න ඉඩ නොදෙන බව දන්න ටේහ්‍යුන් කොල්ලාගේ කම්බුලට කිස් එකක් දුන්නා

" හරි නේ ඔන්න කිස් එක මට යන්න දෙන්න "

" මට ඕන lips kiss එකක් "

ඇස් හීනි කරගත්ත ටේහ්‍යුන් ජන්කූක්ගේ තොල් මතින් පෙක් එකක් තියලා ඈත් වෙන්න හැදුවේ ඒත් ඊට වඩා ඉක්මන් වුනු ජන්කූක් කොල්ලාගේ ඔලුව පිටිපස්සෙන් අල්ලලා ලං කරගත්තා ජන්කූක්ගේ හැඩිදැඩි අත් වලට හිර වෙලා හිටපු ටේහ්‍යුන්ට හෙල්ලෙන්නවත් පුලුවන් වුනේ නැ

ටේහ්‍යුන් කොල්ලාගේ පපුවට එක අතක් තියාගෙන ජන්කූක්ව සිපගත්තා ඇස් පියාගෙන ඒ දෙන්නා එයාලගේ ලෝකේ තනිවෙද්දී වටේ සිද්ධ වෙන දේවල් ගැන දෙන්නාගෙන් එක් කෙනෙක්ටත් ගානක් තිබුණේ නැ අඩුම තරමේ එයාලගේ දිහාට කේන්තියෙන් පිරුණු ඇස් දෙකක් හැරිලා තියෙනවා කියන්නවත් හෙටක් නැ වගේ කිස් කරන ටේකුක්ට තේරුනේ නැ

" ටේහ්‍යුන්.....!"

කේන්තියෙන් පිරුනු තමන්ගේ පපාගේ කටහඬ ඇහුනු ගමන් ටේහ්‍යුන් ගැස්සිලා ගිහින් ජන්කූක්ගෙන් ඈත් වෙලා හිට ගත්තා ජන්කූක් නැගිටලා දොර ලග කේන්තියෙන් බලාගෙන ඉන්න ජින් දැක්කාම ජන්කූක්ට පොඩි බයක් නොදැනුනාම නෙවෙයි වෙන දේකට මුහුන දෙනවා කියලා හිතාගෙන ජන්කූක් බයෙන් වෙව්ලන ටේහ්‍යුන්ගේ අතක් අල්ලගත්තා දැනටමත් ටේහ්‍යුන්ගේ ඇස් වල කදුලු පිරිලා

" ප්..පා.."

වෙව්ලන හඩින් ටේහ්‍යුන් කතා කලා

" පාඩම් කරනවා කියලා කාමරේට ඇවිල්ලා තමුන්ලා මේව ද කරන්නේ ටේහ්‍යුන් ආ..? කතා කරනවා ටේහ්‍යුන් මම තමුන්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ බිම බලාගෙන ඉන්නේ නැතුව කතා කරනවා ටේහ්‍යුන් මෙතන වෙන්නේ මොකද්ද කියලා මට කියනවා "

" ජින් අන්කල්..."

" තමුන් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න එපා ජන්කූක් මේක මගේ පුතායි මායි අතරේ ප්‍රශ්නයක් තමුන් පැත්තකට වෙලා ඉන්නවා "

ජන්කූක් කතා කරන්න ගියත් ජින් කොල්ලව නැවැත්තුවා කවදාවත් නැතුව ජින් කේන්තියෙන් කතා කරද්දී ජන්කූක්ට තේරුනා ප්‍රශ්නේ බරපතලයි කියලා එහෙම කියලා කොල්ලාට කටවහගෙන ඉන්න පුලුවන් වුනෙත් නැ මොකද දැන් ටේහ්‍යුන් බැනුම් අහන්නේ තමන් නිසා කියලා කොල්ලා හිත ජන්කූක්ට වද දෙනවා

" ජිනී මොකද මේ සද්දේ..?"

ජින්ගේ සද්දේ ඇහිලා ආපු නම්ජූන් ටේහ්‍යුන්ගේ රූම් එකට ඇතුල් වෙන ගමන් ඇහුවා

" ඔයාගේ මහ ලොකු පුතන්ඩියාගෙන් අහන්න ජුනී මොකද්ද වෙන්නේ කියලා "

ජින් කියද්දී නම්ජූන් බැලුවේ ජන්කූක්ගේ අතක් අල්ලාගෙන බිම බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව

" බෙයා මොකද්ද මේ පපා කියන්නේ "

නම්ජූන් ටේහ්‍යුන් දිහා බලාගෙන ඇහුවා ටේහ්‍යුන් නිශ්ශබදව හිටියා

" කොහොම කියන්න ද නේද ටේහ්‍යුන්...? ජුනී පාඩම් කරනවා කියලා රූම් එක අස්සට වෙලා පාඩම් කරන එක ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා වගේ මම එනකොට දෙන්නා හොදට වෙලිලා කිස් කරනවා "

" බෙයා පපා මොකද්ද මේ කියන්නේ...? මේ කියන කතාව ඇත්ත ද..?"

නම්ජූන් අහද්දී ටේහ්‍යුන් නම්ජූන් දිහා බලලා ඔව් කියන්න ඔලුව වැනුවා කොල්ලා හොදටම අඩනවා ජන්කූක් කොල්ලාගේ අත තදින් අල්ලගත්තා

" පේනවා නේ ජුනී තරම අපිත් අපේ එකම දරුවා නේ කියලා හුරතල් කර කර ඕනවට වඩා නිදහස දුන්නු නිසා තමයි ඔක්කොම "

" ජින් අන්කල්...! ටේට මුකුත් කියන්න එපා එයා කිසි වරදක් කරලා නැ අපි දෙන්නා ආදරේ කරනවා ජින් අන්කල් බනිනවා නම් මට බනින්න ටේට මුකුත් කියන්න එපා "

ජන්කූක් කට වහගෙන ඉදලා බැරිම තැන මැදින් පැනලා කියාගෙන ගියා

" ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා මම කිව්වේ ජුනී මුන් දෙන්නා අතරේ මොකක් හරි හුටපටයක් තියෙනවා කියලා අද නම් අතේ මාට්ටු "

ජින් නම්ජූන්ගේ අතක් හොල්ලන ගමන් කියද්දී නම්ජූන් හිනා වුනා

" අයිෂ් ජිනී ඔයත් අනේ මන්දා...! බෙයා අඩනවා "

නම්ජූන් කිව්වාම ජින් ටේහ්‍යුන්ව බදාගත්තා අඩ අඩා කොල්ලා ජින්ට තුරුල් වුනා ජන්කූක් අල්ලාගෙන හිටපු ටේහ්‍යුන්ගේ අත අතහැරුනා කියලවත් කොල්ලා දන්නේ නැ

" අයියූ මගේ බේබි බෙයා පපා විහිලුවක් මැනිකේ කරේ... කෝ අඩන්න එපා අනේ මගේ රත්තරං දැන් ඇති පැටියෝ..."

ජින් ටේහ්‍යුන් බදාගෙන කොල්ලාගේ පිටට තට්ටු කරන ගමන් කිව්වා ජන්කූක් නම් සම්පූර්ණයෙන් කම්ෆියුස් වෙලා නම්ජූන් දිහාත් ටේව සනසන්න හදන ජින් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා

ටික වෙලාවක් යනකොට ටේහ්‍යුන්ගේ ඇඩිල්ල නතර වුනාම ජින් කොල්ලව ඈත් කලා ටේහ්‍යුන්ගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදපු ජින් කොල්ලාගේ නලලින් හාදුවක් තිබ්බා

" මගේ මැනික..."

තාමත් නහය උඩට අදින ගමන් බිම බලාගෙන ඉන්න ටේහ්‍යුන්ට ජින් කතා කලා

" ජිනී අපේ බෑනා පොඩ්ඩ කම්ෆියුස් වෙලා "

නම්ජූන් එහෙම කියාගෙන ඇවිත් ජින්ගේ කරට අතක් දාගෙන ජන්කූක් දිහා බලාගෙන කිව්වා ජින් හිනා වෙලා ජන්කූක් ටේහ්‍යුන් දෙන්නා ලං කලා

" මම මුලින්ම කියන්න ඕන ඔය දෙන්නා අතරේ පොඩි සිලිං බිලිං එකක් තියෙනවා කියලා මට එහෙන් මෙහෙන් තේරිලා තිබුණේ අද ඒක ඔප්පු වුනා මට බෙයා හැරෙනකොට කියන්න පුලුවන් මොකාටද එන්නේ කියලා මේ දවස් ටිකේම මම එයාගේ හැසිරීමේ පුංචි පුංචි වෙනස්කම් ගොඩක් දැක්කා විශේෂයෙන් ජන්කූක් ලගදී බෙයා හැසිරෙන විදියට නෙවෙයි ජිමින් එක්ක ඉන්නේ ඒ නිසා මගේ සැකේ වැඩි වුනා කවදාහරි බෙයා මට කියයි කියලා බලාගෙන හිටියා කොහෙද මේ කොල්ලා පපාට හොරෙන් හනිමූන් යන්නත් ප්ලෑන් කරලා ඉවරයි "

" පපා...!"

ජින් කියලා ඉවර වෙනවත් එක්කම ටේහ්‍යුන් කෑගැහුවේ කම්බුල් රතු කරගෙන

" මොකද කෑගහන්නේ බෙයා මම බොරු ද කිව්වේ මම එනකොට දෙන්නා පිඹුරෝ දෙන්නෙක් වගේ වෙලිලා කිස් කරන ගමන් නේ හිටියේ "

ජින් රැප් එකක් වගේ කියාගෙන යද්දී ටේහ්‍යුන් හිටියේ ලැජ්ජාවට පුපුරන්න ඔන්න මෙන්න කොල්ලාට කොන්ක්‍රීට් කියලා බලන්නේ නැතුව පොලොව පලාගෙන යන්න හිතුනා ජන්කූක්ට නම් මෙලෝ ගානක් නැ මොකද කොල්ලාට ලැජ්ජාවක් කියලා දෙයක් නැ

ජන්කූක් ලැජ්ජාවෙන් පුපුරන්න ඉන්න ටේහ්‍යුන්ව පපුවට තුරුල් කරගත්තා කොල්ලටත් හැංගෙන්න තැනක් ඕන වෙලා තිබුණේ ඉතින් ටේහ්‍යුන් ජන්කූක්ගේ පපුව අස්සේ මූන හංගගත්තා කොල්ලා ටේහ්‍යුන්ගේ හිස් මුදුනට දැනෙන නොදැනෙන තරමට හාදුවක් තැවරුවා

" අනේ ජුනී ඒ දෙන්නා කියුට්.."

ජින් නම්ජූන්ගේ පපුවට බර වෙන ගමන් ටේකුක් දිහා බලාගෙන මිමිනුවා

" ජන්කූක්..."

නම්ජූන් කතා කරාම ජන්කූක් නම්ජූන් දිහා බැලුවා

" මේ අපේ එකම වස්තුව ජන්කූක් එයාව පරිස්සමින් බලාගන්න අපි ඔයාට එයාව බාර කරන්නේ ලොකු විශ්වාසයක් එක්ක ඒ විශ්වාසය කඩ වෙන්න ඉඩක් දෙන්න එපා ඔයාලා එක දෙයක් හොදට මතක තියාගන්න තාම ඔය දෙන්නා ස්කූල් යන ලමයි ආදරේ කරන එක වරදක් නෙවෙයි ඒත් ස්කූල් යන ලමයි දෙනෙක් විදියට ඔය දෙන්නා පාඩම් මගහැරගන්න එපා අපි බෙයාව පුලුවන් තරම් සතුටින් තිබ්බා එයාට දුකක් දෙන්න එපා හැබැයි එයාට පුංචි හරි දුකක් ඔයා දුන්නොත් ජන්කූක් ආපහු කවදාවත් ඔයාට බෙයාව දකින්නවත් ලැබෙන එකක් නැ ඒකත් මතක තියාගන්න ජන්කූක් මම කියන දෙයක් වෙනස් කරන කෙනෙක් නෙවෙයි විශේෂයෙන් මගේ පවුල සම්බන්ධ දෙයක් නම් මම ඒ ගැන ගොඩක් හිතනවා "

නම්ජූන් ස්ථිර හඩකින් කිව්වා

" මම ටේව පරිස්සමින් බලාගන්නවා ජූන් අන්කල් ඒ ගැන සැකයක් තියාගන්න එපා ආපහු කවදාවත් ටේහ්‍යුන්ට කිසිම හේතුවක් නිසා අඩන්න මම ඉඩ තියන්නේ නැ මම එයාට දුකක් දෙන්නෙත් නැ ජූන් අන්කල් ඔයාලාගේ විශ්වාසය කඩ වෙන්න ඉඩ තියන්නේ නැ මම ටේට ආදරෙයි ගොඩක් "

ජන්කූක් එයාගේ තුරුලේ ඉන්න ටේහ්‍යුන් දිහා බලන ගමන් කිව්වා

" කියන විදියට කරොත් හොදයි "

නම්ජූන් එහෙම කිව්වාම ජන්කූක් කට කොනින් හිනා වෙලා ටේහ්‍යුන්ව තුරුල් කරගත්තා ටේහ්‍යුන් ජන්කූක්ගේ තුරුලට වෙලා ඉදිද්දී ඒ දෙන්නාට තනිවෙන්න ඉඩ හැරපු නම්ජින් දෙන්නා රූම් එකෙන් එලියට ගියා

ටේහ්‍යුන් තාමත් ජන්කූක්ගේ පපුව අස්සේ මූන හංගගෙන සුරුස් සුරුස් ගගා නහය උඩට අදිනවා ජන්කූක් තව ටිකක් කොල්ලව තුරුල් කරගත්තා

" මම බය වුනා..."

කොල්ලා ජන්කූක්ගේ පපුවේ නහය අතුල්ලන ගමන් කිව්වා

" තමුසේ හෙන බයගුල්ලෙක් නේ "

ජන්කූක් හිනාවක් එක්ක කිව්වා

" එකපාරට පපා ඇවිත් කෑගහගෙන ගියාම බය වෙන්නේ නැතුව ඉන්න ද කියන්නේ හූම් හදිස්සියේවත් පපා ඇත්තටම අපි දෙන්නාට කැමැත්ත නොදුන්නා නම් "

ටේහ්‍යුන් ජන්කූක්ගේ පපුවට අතමිට මොලවලා පාරක් ගහලා තොල් උල් කරගෙන කිව්වා

" පපා අකමැති වුනාට මට මොකද..? මම පපාට නෙවෙයි ආදරේ කරන්නේ "

ජන්කූක් කිසිගානක් නැතුව කිව්වාම ටේහ්‍යුන් රවලා කොල්ලව තල්ලු කරලා ගිහින් study table එකෙන් වාඩිවෙලා ෆෝන් එක අතට ගත්තාම ජන්කූක් පිටිපස්සෙන් ඇවිත් කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා ටේහ්‍යුන් හිනාවක් එක්ක ජන්කූක්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා

" I Love You...!"

ජන්කූක් මිමිනුවාම ටේහ්‍යුන්ගේ දෙතොලතර ආදරනීය හිනාවක් මැවුනා

" I Love You Too...!"

To be continue.................♡︎

ගුඩ් මෝනින්...❤️😽

ඊයේ අප්ඩේට් දෙන්න බැරි වුනාට සමාවෙම්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top